සබීතා පෙරේරා ජනප්‍රිය කාළේ, අපේ මෝල් කලන්තේ පටන් ගත්ත කාළේ, සෝ එකක් එනවා "දෙවනි ගමන" කියලා.
ඇත්තටම මේකේ තේමාව ඇවිල්ලා සුදු රෙද්දේ කතාව හෙවත් පෙට්ටිය කැඩිච්ච කෑල්ලක් උස්සගෙන එන කේස් එකක්.
ඒත් ඉතින් අදටත් ඕක හොයන කැළල් නොවූ පතිවෘත්තාව රකින රැඩිකල් බෝයිස්ලා ඕන තරම්. මක්කා නැතත් ඒක ආරක්ෂා වෙලා තියෙන්න ඕනා.
ඔය සෝ එකේ මට බොක්කටම වැදුන චරිතේ තමයි දෙනවක හාමිනේගේ කැරක්ටර් එක. උන්දැත් ඉන්න සෝ එකේ පොටෝ එකක් එල්ලුවේ ඒකයි. එයාව එපා වෙන්නම පාට්ටෙක නියමෙටම දුන්නා.
එයැයි මතක් උනේ... මොකෝ, ඒ වගේ මැරෙණකම් කසාදයක්කත් නොබැඳ, පෙට්ටිය ආරක්ෂා කර ගත්ත හාමු කෙනෙක් ඉස්සර කැළණියෙත් උන්නා.
නම කියන්න හොඳ නෑ නේ. ටිකක් ප්‍රසිද්ධ පවුලක්...
ඒ කාළේ නම් එයා පට්ට කෑල්ල, පට්ට ලස්සනයි. හැබයි මාන්නේ.. එයාගේ උගත් කමට.. ලස්සනට... වංශයට.. කුලයට... පවුල් පසුබිමට ගැලපෙන කෙනෙක් නැතෙයිය කියලා එන මංඟල යෝජනා ඔක්කෝම පයිසෙකට මායිම් කළේ නෑ. මොකෝ මෙයත් පේරා උපාධිය ගත්ත කෙනෙක්. ආන්ඩුවේ ලොකු ජොබ්බෙකක් කලේ....
ඒත් පස්සේ කාළෙක මහ ජෝඩුව මැරිලා, පවුලේ අනික් උන් ඔක්කොම පවුල් පන්සල් වෙලා වලව්වෙන් පිට උනාට පස්සේ, පැන්සන් ගියපු හාමුයි, එයැයිගේ ලාන්සර් බොක්ස් එකයි, වලව්වේ නාකි මුරකාරයයි, මෙහෙකාරියයි දිර දිරා ගියා.
නාකී උනත් කෑල්ල ලස්සන නිසා අහල පහල උන්න ඒස කොල්ලෝ වලව්වේ වැට පැන්නා කියලා කඩේ පිලේ කතා ගියාට .... එකෙක්කත් ඒවා දැකලා තිබුනෙත් නෑ. විස්සාස කරෙත් නෑ.
මෑතක ආරංචි උනා එයත් දිවිය ලෝකේ ගියාය කියලා.
එහේ ගියත් වැඩක් තියෙයිය. තත්තෙට වංශෙට ගැලපෙන දෙයියෙක්ම සෙට් වෙන්න එපාය..
හැබයි ආරංචි එන විදියට නම් දිවිය ලෝකේ උපදිනවා ඇතෙතේ පෙට්ටිය නැතුවම වෙන්න ඇති. මොකෝ එහේ ඔක්කෝම අවුට් ඔප් ද බොක්ස් හිතන, ප්ලේපුල්, ලයිප් එකක් එන්ජෝයි කරනවා කියලානේ කියන්නේ.
අනේ ඉතින් අපේ හාමුගේ කොංගෝ වනයෙන් වසාගෙන තිබුන අති උතුම් කන්‍යාභාවය වගේ ට්‍රින්කෝවලත් තියෙනවා කැලෑවෙන් වැහිච්ච තෙල් ටැංකි 99 ක්.
මේක ඔහේ දිර දිරා ගියත්..., එකෙක්ට අත තියන්න නොදී ආරක්ෂා කරන ගොබ්බයෝ පිරිසක් හැමදාම ලංකාවේ උන්නා. උනුත් අර හාමුගේ මානසිකත්වයේ ඉන්න උන්.
බව්බෝ පිඳුරු කන්නෙත් නෑ කන චක්කෙකුට කන්න දෙන්නෙත් නෑ කියන්නේ මේවට. මේ වගේ ගොබ්බයෝ ඉන්න රටක් මේ තරමින් හරි තියෙන එක ළොකු දෙයක්.
ඔය දෙවනි ගමන සෝ එකේ හරි අපූරු දෙබසක් තියෙනවා.. සනත් හා තව එකෙක් අතරේ ඉස්ටාප් රූම් එකේ. ඒකේ සනත් රඟපාන්නේ කාළකන්නියෙක් විදියට. ඒ කියන්නේ ගුරුවරයෙක් විදියට.
ඉට්ටප් එකේ කාළකන්නියා - 'ප්‍රශ්නයක්ලු නේද?'
(දැන් ඉට්ටාප් එකේ අනික් උනුත් කින්ඩියට හිනාවෙනවා බලනවා)
සනත් හයියෙන් කේන්තියෙන් මෙහෙම කියනවා -
'ඔව්. මම කසාද බැඳපු සුජාතගෙ කන්‍යභාවය නැති වෙලාලු. එයාටත් හොයාගන්න බැහැලු ඒක නැති වුණේ කොහොමද කියලා. පුළුවන් නම් ඕගොල්ලො කට්ටිය හොයල දෙනවද ඒක නැති වුණේ කොහොමද කියලා'
ඉතින් තෙල් ටැංකි ටික දුන්නා කියලා පුප පොලොවේ ගහන් හොටු පෙරාගෙන පල් හෑලි ලියන බයියන්ට හා බයියාවියන්ටත්..
මට කියන්න තියෙන්නේ ඔච්චරයි..
ඉස්ධූතී...නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස්.. හොඳේ !!!!
.
