.

.

Mar 31, 2012

මෝඩයාගේ විහිළුව ගිය දුර - Fools Day Contrivacy


මාරම අප්ෂෙට් එකක් වෙලාය. මෝඩයාගේ දවසේ ඔහේලා ගොනාට අන්දන්න පෝස්ට් එකක් ලියාගෙන සිටියේය. ඒක තිබුනේ ඩ්‍රාෆ්ට් ගොඩේය. වෙබ් සයිට් ගැන සෝදිසි කොරන ආන්ඩුවේ මහත්තුරුන්ට බඩු මාට්ටු වෙලාය.. මේ තියෙන්නේ එම පෝස්ට් එකය.

ආන්ඩුවට බුද්ධිමත් ජනතාව සමග මළ පනී -  
The Government's flower, jump over the intelligent civilians

Mar 29, 2012

ටෑන් පාට කාමුකද......? - Tan coloured sexy girls


ලාස්ට් පෝස්ට් එක නාකි සුද්දියන්ට වෙන් කරපු නිසා ඊයේ සෑ කෙල්ලෝ සුද්දියන්ගෙන් බේරිල්ලක් නැතිය. මොකෝ මාතලන් සෑට සෑට එයාලා හම්බ වෙන්න යන නිසාය. (මම විතරක් නෙමෙයි ඔක්කෝම යනවාය.) ඉතින් එයාලාට සම්බන්ධ කතාවක් දැන් කියනවාය. අපේ කෙල්ලො ෆෙයානස් ක්‍රීම් අරන් මූනේයි, ඇඟෙයි, පිටෙයි, පුකෙයි හැම තැනම ගාගෙන සුදු වෙන්න ට්‍රයි කොරනවා වාගේම, සුද්දියෝ කැමති ටෑන් කළර් (Tan) වෙන්නය. ඒකට ඉතින් ෆෙයානස් ක්‍රීම් වගේම, එක එක ලෝෂන් ජාති තියෙනවාය. ඔය සුද්දියෝ ලංකාවේ උන්ගේ හමේ පාටට කැමතිය. ඒ නිසා උන් බීච් බෝයිස්ලාගෙන් මේ පාට ගන්නේ කොහොමද කියා අසනවාය.

Mar 28, 2012

කෙල්ලෝ නාකි සුද්දොත් එක්ක යන්නේ ඇයි - Why young women fallen in love with older men


පිරිමි අයගේ මීයා කචල් වෙන එක ගැන පොඩි කුමාරීහාමී හාමු නෝනා, මරු ලිපියක් ලියා තිබුනේය. නම "පිබිදීම"ය. මේවාට ලින්ක් දැම්මොත් මම ගොනා වෙනවාය. මොකෝ කතාට, දුකාට, මාරයාට, සඳරුට, වෙදනට, ඔබාමට මෙන්ම පොකූටත් ලින්ක් දානවා කියන්නේ ගොන් පාට්ය. එයාලා ගැන නොදන්න එකෙක් බොග දානවානම් ඒ බොගේ ආතල් එකක් නැතිය. ඒකෙන් කියලා තිබුනේ බැංකොක් නුවර නාකී සුද්දෝත් එක්ක යන ලා බාල තායි කෙල්ලෝ ගැනය. මටත් ලියන්න කියලා තිබුන නිසා ඔන්නේ ඔහේ ඕන පුකක් (කුණුහබ්බයක් නොවේ - කශූ.) වෙන්නෙයි කියලා මම මේ ගැන දන්න ටිකක් ලියලා දානවාය.මොකෝ මට පස් තාච්චිය තියෙන්නේ මේකට නිසාය.

Mar 26, 2012

අද රෑ නිකුත්වන, ඔබ මවිතවන ගැසට් නිවේදනය - The Best Gazette Ever


මේ ටිකේම අහන්න උනේ ආතල් නිව්ස්ය. ඉස්සෙල්ලාම බූමීතෙල්, පැස්ටෝල්, ඩීසල් 50% න් 30% න් අඩු කෙරුවාය. ඒ හේතුවෙන් පාන් මුදලාලි පාන් කියා ගන්න බැරිව හිටපු උන්ට රුපියල් පහක ආධාරයක් දුන්නාය. ලයිට් කපන ඇමති සීයට විස්සකින් බිල අඩු කෙරුවාය. බස් ගැමුණුත් අඩුම ගාන 10 දක්වා අඩු කරලා එයා පාඩූ පිට දුවන්න තිරණය කෙරුවාය. ඒ අස්සේ ජිනීවා වලදි අපි ඇමරිකාවට කෙළියේය. ඔය වැනි පුල් සොමි කාරනා මැද්දේ අද රෑ පිටවන ගැසට් නිවේදනයකින් ඔබගේ ගත සිතා පිනා යනු ඇතිය.

Mar 25, 2012

අපවත් කිරීම - Sending to Nirvana


පින්වතුනි.....
නින්දගම් කුඹුරු
දේවාලේ පඬුරු
කැටේ සම්මාදම්

තුබුනත් කොයිතරම්
බැරිය දකිනට නිවන්
ඉන්වෙස්ට්
කරමි මං
වැඩි ප්‍රොෆිට් එන ලෙසින්

පින්වතුනි......
ජීවිතය දුකක්මය
ඒ පින්වතුන්ටය

අපට නම් එහෙම නොව
වගකීම් හෙම නැතිය
ඒ නිසා හරි සැපය
ගිහි සැපය පරා

Mar 24, 2012

ජිනීවා, කොල්ලා, දුෂ්ඨයා සහ සපෝටර් හෙවත් ජෝකර් - Geneva Stars



 ජිනීවා වල හුට පට ගැන ලියන්නෙයි කියලා මළ වදේය. මේ ටිකේ සුට්ටක් වැඩද වැඩිය. මට ඔය මලදාන ගැන ලියන්න, මොකෝ මම අන්තර්ජාතික සම්බන්ධතා ගැන පස් තාච්චි ඇදලා නැතිය. මම පාස් තාච්චි ඇද්දේ ගමේ කඳු කඩාගෙන වැටුනාම විතරය. ඒ නිසා එහේ උනේ මොකක්ද කියන්න මං දන්නේ නැතිය. ඒවා පිළිබඳ විසාරද මහාචාර්ය පීරීස්ගෙන අසා ගන්නට හැකිය. නැතිනම් බඩු ගහන්න ජිනීවා ගිය උන්ගෙන් අසාගන්නය. එහෙම නැතිනම් ඕවාට පෙලපාලි ගිය එකෙක්ගෙන් අහගන්නය. මට ඕවා වැඩක් නැතිය ඒ නිසා මම අපේ සෝ ගැන ලියනවාය. ඔහෙලා කැමති නම් බලන්නය. අකමැතිනම් ඒත් බලන්නය. මොකෝ මේවා අරවාට වඩා ආතල්ය.

Mar 19, 2012

පටි ගලවා අමු හෙළුවෙන් උඩු ගං බලා යන පටිසෝතගාමී වන්දනාව - Ravaya Silver Jubilee



පටිසෝතගාමී = ගලන අතට නොව, උඩු ගං බලා පිහිනීම
.
වික්ටර් අයිවන්ගේ පටිසෝතගාමී කයිය.

අඩෝ තොපිලා දැනගනියව්...!
ලෝකේ ඉන්න හොඳම කර්තෘ,
ඒ විතරක් නොවෙයි යකෝ..
මාක්ස්, ලෙනින්, ගාන්ධි මොන බලු කුක්කොද
වික්ටර් අයිවන් කිව්වම
ෆිලෝසිපර් වන් ඇන්ඩ් ඔන්ලි...
පාන්ඩු වැනි ආන්ඩු දෙන
හිතුනම ඒවා පෙරලන

ජේ. ආර්. නම් මූසලයගේ,
මළ මූසල ව්‍යවස්ථා..
රටට කොඩිවිනේ මේකයි.
ක්‍රමේ වෙනස් කළ යුතුමයි...!
18 එක් කරලා හරි

Mar 18, 2012

කඩු ගිලීම - Magic Swords


කටුගේ තියෙන රන් කඩු නමයක් නැති             යා
මහ රෑ ආපු හොරු ඒවට කෙලියෝ                      යා
තිර පිටපත හරියට ලියවී නැති                            යා
කැමරා පද්දතිය ගැන මුන් අමු පච කෙලි            යා

Mar 15, 2012

ජිනීවා, පිස්සෝ සහ බලු රේස් - Geneva, foolish delegates and dog races



අපේ රට ඉන්දියන් සාගරේ අමුතු ඇටේය. මෙකේ ඉන්නේ අමුතුම ජාතියක්ය. ඉස්සර මේකේ හිටියේ යක්කු හා නයිය, ඊට පස්සේ ඉන්දියාවේ ඉදන් ආපු මිනිස්සු වගයක් සිටියේය, ඊට පස්සේ සුද්දෝ වගයක් හිටියෝය. උන්ට මේකේ ඉන්න උන් එක්ක ඉන්න බැරුව යන්න ගියේය. දැන් ඉන්නේ ආයෙත් අර ඉස්සර හිටපු උන්මය. ඒ කියන්නේ යක්කු ඉන්නවාය. උන් පාලනේ කොරනවාය, නයිත් ඉන්නවාය උන් ණයට හා ක්‍රෙඩිට් කාඩ් වලට අරන් නයි අරිනවාය. ඒ ඔක්කෝටම හපන් අලුත්ම සෙට් එකක් ඉන්නවාය ඒ පිස්සෝය. උනට බෙහෙත් දෙන්න වෙනම ඉස්පිටිතාලෙකුත් තියෙනවාය. ඒ උනාට එළියේ බෙහෙත් ගන්න ඕන අය පිරිලාය. බෙහෙත් ගන්නේ නැතිය. පිස්සුම කෙලිනවාය. උන්ගේ අලුත්ම සෙල්ලම රේස් යන එකය.

Mar 13, 2012

කණගාටුයි.... මේ මාගේ අවසාන ළිපියයි - Sorry.... This is my last Post


මේ මාගේ අවසාන බොග් ළිපිය බව ඉතාම කණගාටුවෙන් දැණුම් දීමට සිඳුව ඇත්තේය. අකුරු ටයිප් ගසන්නේද බොඳවූ දෑසින්ය. එම නිසා වැරදි ඇත්නම් සමා විය යුතුය. හොටුද බේරෙන්නේය. ඒවා සූරා කොම්පියුටරයේම අතුල්ලන්නේය. මන්ද මින් පසු ඒ ලබ්බෙන් වැඩක් නැත්තේය. ඇඟිලිද වෙව්ලන්නේය. ඒ වෙන හේතුවක් කියා ඔහේලා හිතනවා ඇතිය. එහෙම එකක් නෙමේය. දුකටමය. ඉතින් ආයෙත් කවදාක හමුවේදයි කිව නොහැකිය. නමුත් කනගාටුවෙන් වූවද මෙය වහාම නැවැත්විය යුතුමය. කුමණ හෝ ක්‍රමයකින් මෙය ඉදිරියට ගෙනයාමට හැකිදැයි සොයා බැලූ මුත් එහෙම සරණක් නැත්තේමය. නමුත් මට බොගට වඩා රට ලොකුය.

පර මල් - Dead Flowers

පිපෙන්නත් පෙර
නෙලා ගෙන ගොස්
පිපේ..වී රජ
සිටු මැදුරු තුල.....
මුදුව සැරසෙති
රේණූ මල් පෙති
සැවොම රොන් බොති
උරා සැනසෙති.....

Mar 11, 2012

කොමු පිළි # 3 ( තනපට - දෙවන කොටස ( කාන්තාවන්ට පමණයි)) - Lingerie # 3


තනපට ගැන ලියපු පෝස්ට් එකේ ( ලින්ක්ස් සඳහා ළිපියේ පහලටම යන්න.) හඳුන්වලා දුන්න වර්ග ගොඩක් අය දන්න ඒවාය. ඒක කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවාය. ගොඩක් අයට මලත් පැනලාය. ඒ දන්න ඒවා දාලා කියලායා. බලාගෙන ගියාම මුන් ජොක්කු ගැන දන්නේ නැති උනාට තනපට විශේෂඥ්ඥයෝය. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති ජාතියක් නිසා පුදුම වෙන්න දේකුත් නැත්තේය.බොග් වල වටිනාකම මේ ලිපි වලින් ලැබෙන්නේය. බැසියර්වලට බොඩි කියලා කියන එක එහෙම පිටින්ම අමතක උනේය. ඒ වගේම ඕනයා කිව් ලෙස "පුෂ් අප් බ්‍රා" වලට "වොන්ඩ බ්‍රා" කියාද කියන්නේය. බොහෝ අය දන්නේ ඒ නමින්ය. වොන්ඩ බ්‍රා ය. වොන්ඩර් බාර් නෙමේය ඒවා තියෙන්නේ හිම කිරම කඩේය.

Mar 10, 2012

ජැක් ගැහිල්ල - Jacking Up


සමහරු ඇඹරෙති
වට පිට නරඹති
ඊටපස්සෙ ගසති
සමහර උන් ඇති
ගානක් වත් නැති
උඩ දාගෙන ගසති

Mar 9, 2012

රුපියලද...? පතිවතද...? - One Rupee Fools


සිරි ලංකාව කියන්නේ අමුතු රටක්ය. ඉන්නේත් අමුතුම ජාතියේ සැට් එකක්ය. දේශපාලකයෝ, කළාකාරයෝ පමණක් නොව බුද්ධිමත් ජනතාවත් (පට්ට ගොන්නූ.) හිතන්නේත් කියන්නේත් මේක ළෝකෙන්ම හොඳම එක කියලාය. දේසපාලුවෝ හා කළාකාරයෝ නම් කෙලින්නේ කෙප්පය. මොකෝ හැම එකාම සිංගප්පූරුවට නැතිනම් අඩු ගානේ තායිලන්තය වගේ ජරා රටකට හෝ ගොහින් තියෙනවාය. නමුත් දූපතේම ඉන්න එකා හිතාන ඉන්නේ දිවිය ළෝකේ මේක කියලාය. අපි තරම් චන්ඩි ජාතියක්, වීර ජාතියක්, ශ්‍රේෂ්ඨ ජාතියක් තුන් ළෝකේම නෑ කියලාය. ඉතින් ඉන්නේ කොයි වෙලාවේත් උනෙන්මය. හැම එකාම චන්ඩිය. ඒ උනාට ඒ පාට් පෙන්නන්නේ. පහත් එකෙකුටය. මෙහෙම පාට් දාන්න අල්ලන් හිටිය සෙට් එකෙන් එකෙක් කොන්දාය. දැන් ඒ කෙලි හරියන්නේ නැතිය. දැන් කොන්දා කෑල්ලට පාට් දානවාය

Mar 7, 2012

කහවත්තට යුක්තිය, ජඩමාධ්‍යවේදීන්ට පරාජය - Justice to Kahawatte, Shame to Doggy Journalists


අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. අවසානයේ ඒ අහිංසක කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය. ඇත්ත වශයෙන්ම කහවත්තේ ජනතාව යුක්තිය ලබාගත්තේය. අනුමත කල නොහැකි මුත් පාදඩ දේශපාලකයනට මිනී මැරීමට හොඳ නම්, උන්ගේ ගෙවල් ගිනි තැබීමේ වරදක් නැත්තේය. හැමෝම බනින්නේ මර්වින් සිල්වාට පමණය. නමුත් සංධානේ ලේඛම්ම කියන්නේ ඔක්කෝම එහෙමයි කියාය. සහතික ඇත්තය. රත්නපුරේ මත් කුඩු හා මත් ද්‍රව්‍ය මාෆියාව ගෙනියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුබලයෙකි. එය කවුරුත් දන්නවාය. ගොබ්බ පොලීසියත් ඌට බයය. මේය මේ තරමින් හෝ එළිවූවේ විශේෂ කාර්ය බලකායට පින් සිඳු වන්නටය. අර මූසලයා බැලුවේ ගම්මුන් බියකර, මේ කාන්තාවන්  දෙදෙනාගේ චරිත ඝාතනය කොට, පොලීසියේ හා ජඩමාධ්‍යවේදීන්ගේ සහායද ඇතිව සියල්ල අමතක කර දැමීමටය. නමුත් මුන්ට හැමදාම ජෝගී නටන්න බැරි බව ඔප්පු කරමින් සියල්ල එලිවී ඇත.

අනේ මගේ අලේ - Ah ! My Potato


වැලි අල සෙවෙල් අල දෙහි අල නෙළුම් අ                   ල
හබරල ගහල කිරි අල මඤ්ඤොක්ක අ                         ල
හොද්දට රස ඉන්නල තම්බමු බතල අ                           ල
අර්තාපල් අලේ පරදයි ඔය සියළු අ                               ල 

කිරි හොද්දට රසයි චුට්ටක් මිරිසුත් දම                         ති 
මාළු සමග තම්බා පොඩි උන්ට දෙ                                ති
ච්ප්ස් මෙන් කපා තෙල් දැම්මම කෙල උන                   ති
රෝල්ස් පැටිස් කටලස්වල මැද වෙසෙ                         ති

Mar 5, 2012

කොමු පිළි - # 2 ( තනපට - ( කාන්තාවන්ට පමණයි )) - Lingerie # 2


කොමු පිළි එහෙම නැත්නම් ලෑන්ෂ්‍රී කියන්නේ කාන්තාවන්ගේ යට ඇඳුම්ය. මේ පිළිබඳ කාන්තාවෝ වගේම පිරිමිත් බොහෝම උනන්දුයිය. කොච්චර උනන්දුද කියනවනම් වැලක වනල තියෙනවා දැක්කත් බලාගෙන ඉන්නවාය. නැත්නම් උස්සන් යනවාය. පළමු ළිපියට ලින්ක් දාන්න ඕන නැත්තේ තවමත් ඒකට හිට් තියෙන නිසාය මේ පෝස්ට් එක දෙපැත්තෙම ඒ පෝස්ට් එක තියෙනවාය. කැමති කෙනෙකුට බලන්න හැකිය. ඒකේ තියෙන්නේ පහලට අඳින ඒවා වගයක් ගැනය. අද ලියන්නේ උඩට අඳින ඒවා ගැනය. ඒ කියන්නේ බ්‍රැසියර් ගැනය. එහෙම කිව්වේ ඉස්සරය. දැන් ඉට්ටයිල් එකට කියන්නේ බ්‍රා කියලාය. සුද්ද හිංගලෙන් නම් තනපටය. ඉස්සර "සළුපට අහසට" කියලා සෝ එකක් ආවේය. මේ සෝ එකේ තනපට පහලට වැටෙනවාය. ඒ නිසා ඒක වැඩිහිටියන්ට විතරක්ය.

Mar 4, 2012

අනේ ප්‍රින්සිපල් මැඩම්...!!! - Dear Madam Principle



අනේ ලැජ්ජයි මැඩම්
හරිම  ලැජ්ජයි අපට
කොහෙමෙයි කියන්නේ
මැඩම්ගේ ගේ කියා
කියන්නේ අප පියා
ගුබ්බෑයමකැයි කියා

Mar 1, 2012

කෙල්ලෝ කොල්ලන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ මොනවද ? - What women want in men ?


පොකුගේ අන්තිම පෝස්ට් එකේ තිබුනා එයා හොයන කොල්ලගේ ගතිගුන මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා. එහෙම දෙයක් දාපු එක බොහොම හොඳයි. මොකෝ පස්සෙ කාළේක ඌට කියන්න බෑ, ආ ඇත්තද, එහෙමද, මට අමතක උනා වගේ ඇක්ස්කියුස්. ඇත්තටම මොනවද  කෙල්ලෝ  කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගැහැණුන්මොනවද මිනිහගෙන් බලාපොරොත්තු වෙන්නේ..මේ විෂය පිළිබඳව විශේෂඥයකු වන Dr. මාතලන් වගේ කෙනෙක් මේ ගැන දක්වන, මනෝ විද්‍යාවේ නවීනතම සොයාගැනීම්, ජීවන රටාවේ වෙනස්වීම, ලිංගිකත්වය පිළිබඳ නවතම පර්යේෂණ අලලා ලියන අදහස් දැක්වීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක්. මේ ඒ බලාපොරොත්තුව ඉටු කිරීමක්....