.

.
Showing posts with label Music. Show all posts
Showing posts with label Music. Show all posts

Dec 26, 2024

Voice Sri Lanka Copy Star, Nostalgia & Generation Gap


Voice Sri Lanka

Copy Star, Nostalgia &

Generation Gap

➖➖➖➖➖➖⭕➖


මේ දවස්වල මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ සීන් එකකට අපේ කස්ටිය කෝච්ලා දෙන්නෙක්ගේ පලු අරිනවාය... ඒ හැරුනේ නැතෙයි කියලාය හැරුන දෙන්නත් හැරුනේ අන්තිම මොහොතේය.... (හැබයි සම-හරක් උන් දෙන්නාගෙත් පලු ඇර තිබුනේය.


Voice කියන්නේ ජාත්‍යන්තරයම සහභාගී වන ෆ්‍රැන්චයිස් ෂෝ එකක්‍ය. කලින් තරඟ වටවලදි අපේ අය ජාත්‍යන්තර තරඟ වලටත් ගියේය. මේකෙන් හොයන්නේ අළුත් වොයිස් හා පර්ෆෝමන්ස්ය. ඒ කියන්නේ නැවුම් කටහඬවල් හා ඉදිරිපත් කිරීම්‍ය.


කරුමය තිබෙන්නේ ඔතනය.. බනිනා උන් ඔය කාරනේ දන්නේ නැතිය. අනික් කාරනේ ජෙනරේෂන් ගැප් එකය. මුන් සින්දු දන්නේ නැතිය... ටේස්‍ට් එකක් නැතිය කියා අපේ ජැනරේෂන් එකේ උන් දාර හෑලී ලියලා තිබ්බේ මේ සිද්ධිය හා ප්‍රියා සූරියසේනගේ වෙන්ව යාමත් ඈදලාය.


හැබයි ඇත්ත කතාව නම්.... ඔය කියනා ගායක ගායිකාවන්ට වඩා... විවිධ වූ ශානරයන් හා ඉස්ටැයිල් ගැන මෙන්ම වොයිස් ගැනත් මොවුන්ට ජාත්‍යන්තර තත්වයේ දැණීමක් තිබෙනවාය යන්නය.

ඉස්සරට වඩා පට්ට රස නිර්මාණ දැන් තිබෙනවාය. ඒකට මොළය අප්ග්‍රේඩ් කර ගැන්ම සෑහෙන අමාරු වැඩක්‍ය.


ඒක හරියට දිව්‍ය භෝජන කෑවත්. පොල් සම්බෝලයි බතුයි කරවල කෑල්ලයි දැක්කාම අරවා මක්කැයි කියා හිතෙනවා වාගේය. 


ඒ දොස්තර මහත්තයා ටැලන්ටඩ් බව ඇත්තය.... තනිකරම චන්දන ලියනාරච්චිය.... හැබයි උන්නැහේ මෙතෙන යන වැඩේ හැඩේ අනුව ගේමට ගැලපෙන්නේ නැති එකය. එනයින් නොහැරුන කෝච්ලා දෙන්නා නිවැරදිය. හැරුන උන් හැරුනේ මනුස්සකමටය.


කලින් නම් මොකක් හෝ චැනල් එකක Copy Star කියා වැඩ සටහනක් ගියේය. ඒකට ජිප්සීස් සුනිල් අයියා වගේම එකෙක් ආවේය. තවත් බොහෝ ඩුප්ලිකේට් උන් ආවේය. ඒත් දින්නේ බීන්ට ඇන්ද එකාය.


මෙවන් ආර්ටිස්ට්ලා ජාත්‍යන්තරයේ මෙන්ම ලංකාවේත් ඉන්නවාය. සාමාන්නියෙන් අපේ වහරේ මොවුන් හඳුන්වනේ ඩුප්ලිකේට් කියලාය.


ඩුප්ලිකේට් සාජන්ට් නල්ලතම්බිලා හෝ ගාලා බිහිවුනේය. නිහාල් නෙල්සන් කෙනෙකුත් ඉන්නවාය. බන්දු සමරසිංහත් ඉන්නවාය. ක්ලැරන්ස් අයියත් ඉන්නවාය. ඩුප්ලිකේට් ජෝතිලාත් ඉන්නවාය. දැන් ජිප්සීස් ගෲප් එකේම සුනිල් අයියාගේ පට්ට වොයිස් එකම තියෙන එළම එළ කොල්ලෙක් ඉන්නවාය.


එහෙම අයටත් මාකට් එකක් තියෙනවාය. සමහර විට උන් ඔරිජිනල් ආර්ටිස්ලාටත් වඩා හොයනවාය. ටැලන්ට් එකත් තියෙනවාය.


හැබයි ඉතින් ඕන භාන්ඩයක නම යන්නේ ඔරිජිනල් නේම් එකෙන් පමණමය.


චන්දන ලියනාරච්චි කියන්නේ බ්‍රෑන්ඩඩ් එකය. ජොස්තර මහත්තයා ඩුප්ලිකේට් එකය.


#මාතලන් 

.

 

Dec 23, 2024

අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ

 


අද දවසේ මවෙත ගෙනා 

මිහිර හෙටත් ගෙන ආ යුතුවේ

➖➖➖➖➖➖➖➖➖⭕➖


ඒක පට්ටම පට්ට යුනීක් වොයිස් එකක්...


වාසනාවකට ප්‍රියාගේ කටහඬ ඒ විදියටම ගේන්න ප්‍රියා අපිට පුතෙක් දීලා තියෙනවා... ඒකට ප්‍රියාට පින්.... දියනියකුත් ප්‍රියාගේ සින්දු කියනවා... ඇයත් ඉතාම පියකරු දක්ෂ ගායිකාවක්.... ඒ වගේම ප්‍රියාගේ බිරිඳ වගේම දරුවොත් ඉතාම උගත්, බුද්ධිමත්, වැදගත් රැකියාවල නියුතු මහත්මා ගුණයෙන් පිරිපුන් පිරිසක්... 


ඔවුන් ඒ තත්වයට ගේන්න ප්‍රියා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා වගේම... ප්‍රියාගේ ආදරණීය බිරිඳ... ප්‍රියා හා දරුවන් වෙනුවෙන් තම හැකියාවන් සියල්ල කැපකළ උදාර බිරිඳක් වගේම මවක්....


ප්‍රියාගේ පුතා අපි වෙනුවෙන් සින්දු කියන්න එන්නේ ඇමරිකාවේ ඉතා සුවපහසු ජීවතයක් සම්පූර්ණයෙන්ම අත් හැරලා....


ප්‍රියා සින්දු කියන්න පටන් ගන්නේ හැත්තෑව දශකයේ.... එතකොට තිබුනේ තැටි (රෙකෝඩ්ස්) සහ ගුවන් විදුලි සංස්ථාව විතරයි. 1972 ප්‍රියාගේ සින්දු රේඩියෝවේ ඇහෙන්න පටන් ගන්නේ ගීත හතරක් එක්ක...


සරතැස නිවා දිවි කතරේ....

මට වාසනා ඔබ මට වාසනා....

හෙට දවසේ අප දෙදෙනා...

අඳුර අඳුර මගේ...


මේ ගීත එදා වගේම අදත් ජනප්‍රියයි.. ඒවා වඩාත් ජනප්‍රිය වෙන්න ගත්තේ ස්ටේජ් ෂෝ නිසා... මොකෝ ප්‍රියා සින්දු ගොඩාක් හදලා තියෙන්නේ රාගධාරී සංගිතයේ රාග වලට අනුව.... එතකොට ඔරිජිනලස් වල තියෙන්නේ තබ්ලා මියුසික්... 


හැබයි ප්‍රසංග වේදිකාවේ දෙන්නේ ඩ්‍රම් එකයි බොන්ගෝ එකයි... පස්සෙ කාළෙක තම ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස්  ඔක්ටා පෑඩ් එහෙම ප්‍රියාගේ වොයිස් එකත් එක්ක එන්නේ....


ඔය සින්දු හතරෙන් හෙට දවසේ අප දෙදෙනා ගීතය ලියැවුන හැටි ගැනත් ඉතා රසවත් කතාවක් තියෙනවා... ගීතය ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්...


ඒ වගේම ප්‍රියාගේ ගීයක් ගුවන් විදුලියෙන් තහනම් වෙනවා ඒ.... සුදු පරවි රෑණ සේ පියා සලා.... ගීතය.... හැබයි මේක අතිශයින් ජනප්‍රිය වුනා... ඉතින් පාසල් ගුරුවරයෙක් වෙච්චි ප්‍රියා ඒ ගැන කළකිරිලා ඒ වෙනුවට..... ජීවිතේ ඔයා මගේ කියාලා... සිඟාවී ඔබේ ආදරේ....බාල කාළේ ආයේ එන්නේ නෑ... වැරදුන තැන යලි හදන්න බෑ කියලා කිව්වා....


ඒ වගේම ජනප්‍රිය වෙච්චි ගීතයක් තමයි නෙරංජලා සරෝජිනී එක්ක ගයපු ගෙල වට බැන්දාවූ මුතු පොටේ.....


හැමෝම සන්ෆ්ලවර්ස් මියුසික් එක්ක සින්දු කැසට් ගහන්න පටන් ගත්තයින් පස්සේ.... ප්‍රියා ස්ටේජ් ෂෝ වල නැතිවම බැරි ගායකයෙක් වුනා.... නවතම සංගීත ආරකින් (රෙගේ වර්ෂන්) නන්දන වින්දන තුලින් ජනප්‍රිය වෙච්චි.... ආදරනීය නේරංජනා අළුත් පරපුරත් ආදරයෙන් වැළඳ ගත්තා....


ඒ නිසාම ප්‍රියා පරම්පරා ගානක් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් වුනා... රියැලිටි වේදිකාවේ ඩුප්ලිකේට් ප්‍රියාලා කිරුළු පැලැන්දා.... 


ප්‍රියාගේ ඔක්කෝම ගීත ජනප්‍රිය වුනාට මම ප්‍රියාගේ කැමතිම ගීයක් තමයි....මී කැකුණ කැලේ සුදුහාමිනේට කියන සිංදුව... මම හිතන්නේ ප්‍රියා ඒ ගීතය ගයන්නේ ප්‍රියාගේ සුදුහාමිනේට....


ඉපදුනාම මැරෙන්න ඕන වුනාට අපි ජීවත් වෙනකන් වගේම ඉන්පසුත් අමරණීය වෙන ආදරණීය මිනිස්සු හරි අල්පයි....

අපිත් හෙට අනිද්දා වලපල්ලට යන්න ඉන්න කාළේ ප්‍රියාලා සුරලෝකේ යන එක අහඹු දෙයක් නොවෙයි විය යුතුම දෙයක්...


හැබයි ප්‍රියාලා හිටපු ලෝකේ අමරණියයි වගේම යන ලෝකයත් හරිම සුන්දරයි....


එකම කාළයක ජනප්‍රිය වෙච්චි මිල්ටන් මල්ලවආරච්චි වගේම ප්‍රියාත් මියුසික් ලෙජන්ඩ්ස්ලා හෙවත් පුරාවෘත්තයන් බව දැනගන්නම ඕන නම්....


ප්‍රියාගේ සින්දු ලිස්ට් එක කොහෙන් හරි හොයාගෙන බලන්න....


අපිට නම්.. එදත් අදත් හෙටත් දෙකක් දාගත්තම ගයන්න උත්සාහ කරන ප්‍රියාගේ සින්දු....


ඔක්කොම සුපර් හිට්......


සුභ ගමන් ප්‍රියා


මතු යලි උපදින බවයේ

ඔබ හමු වේවා

ඔබෙ ගීයක සිහිල රැඳී

අප මත් වේවා........


අසමාන වූ ඒ අප ආදරේ

කිසිදා මියෙන්නෑ....

සැකයක් නැතේ...

.

Dec 6, 2023

උඹේ ගමන උඹ පලයන් පුතේ (අමුක දුමක අමල් දුමල්)

 



උඹේ ගමන උඹ පලයන් පුතේ

➖➖➖➖➖➖➖➖➖❤️▪️


අලුත් දෙයක් දරා ගන්න බැරි අමු බන් ගොයියො ඉන්න මේ රටේ...

ඉරිසියාකාර කුහක හැත්ත.... දාහක් ඒවා උඹට කියයි...

ඒවයෙන් සැලෙන්න එපා... 

යොහානිට සින්දු කියන්න බෑ කිව්වා වගේ උඹට නටන්න බෑලූ...


ටී වී චැනල් හැම එකෙන්ම... ඩාන්සින් රියැලටි තියලා.... ඩාන්සින් ස්ටාර්ලා කප්පරක් බිහි කලාට... ඒ එකෙකුටවත් ගන්න බැරි වුන ජනප්‍රියතාවයක්... උඹ එක රැයෙන් ගත්තා...


ඒ උඹේ ඩාන්ස් එක ඔරිජිනල් එකක් නිසා...


එන්ටර්ටේන්මන්ට් කියන්නේ... අද කෝටී ගනන් හොයන්න පුලුවන් බිස්නස් එකක්...

ඩාන්සින් කියන්නෙත් ඒ වගේමයි...


ලෝකේ වටේ යන්න... ෆේමස් පොරක් වෙන්න තියෙන අවස්ථාව... දැන් උඹට ඇවිත් තියෙන්නේ...


ඔය සින්දුවලටම ආපු ඩාන්ස් නිසා... ලම්බාඩා.. මකරිනා... අම් අ බබි ගර්ල්... ගන්ගම් ස්ටයිල්... YMCA... වගේ සින්දු ලෝකෙම ජනප්‍රිය වුනා...


ඒ වගේම ඩාන්සින්ග් නිසා... මයිකල් ජැක්සන්, බොනි ඇම්, ඇබා, බ්‍රිට්නි ස්පියර්ස්, ජෙන්ෆර් ලෝපෙස්, ජෝන් ට්‍රැවෝල්ටා, ස්පයිස් ගර්ල්ස්, එමිනෙම් වගේ රැපර්ස්ලා මෙන්ම... වෙන්ගාබෝයිස් වගේ කැරක්ටර්ස් සහ ගෲප් මුලු ලෝකෙම ජනප්‍රිය වුනා...


අනික ඩාන්සින් වලින් මුලු ලෝකෙම හොල්ලපු එකෙක් තමා අල්ලපු රටේ ප්‍රභූ දේවා...


ඉතින් කොල්ලො ගේම තියෙන්නේ උඹේ අතේ..


එකම දේ ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලෝකෝත්තරයන්ට අහු නොවී...

තව අලුත් ඩාන්ස් කෑලී දෙක තුනක් ඇඩ්  කරගෙන...

ලෝකෙම හොල්ලපන්...


ටික්ටොක් කියන්නේ.... ප්‍රකෝටිපතියෝ බිහිකරපු තැනක් කියලා... අපේ ගං කබර ගෝත්‍රික හැත්ත දන්නේ නෑ...

උන්ව පයිසෙකට මායිම් කරන්නත් එපා...


උඹ මේ රටට සම්පතක්...


ජයම වේවා...!!!

.

Jan 10, 2022

ගුඩ් බායි ඩෙස්මන්ඩ් අයියා

 


මෑතකදී මා අදරය කළ ඩෙස්මන්ලා දෙදෙනෙක්ම දිවිය ලෝකේ ගියේය. එක්කෙනෙක් ඩෙස්මන් ටුටූය. අනෙකා අද දිවිය ලෝකේ ගිය ඩෙස්මන් ද සිල්වාය.


මෑත කාළයේ අතිශයින් ජනප්‍රිය වූ "හෙක්ටර් ඩයස්" ගායනා කළ "නිල්වන් මුහුදු තීරේ..." අපේ කාළයේ ගායනා කළේ ඩෙස්මන් ඩි සිල්වාය.


එමෙන්ම නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට අමරදේව ගායනා කරනා "නිම්හිම් සෙව්වා මා සසරේ...." ගීතයේ ඉන්ගිරිස් ගීතය වන "When will I see you again my Love  ." ගීතය ගායනා කළේද ඩෙස්මන් අයියාය. මෑතක එම ගී දෙකම උමාරියා නම් ලංකාවේ බිහි වූ දක්ෂතම මල්ටි ටැලන්ටඩ් ගායිකාව අපූරුවට ගායනා කරනවාය.


අපි පොඩි කාළේ අහපු බයිලා වල අමුතු රසයක් තිබුනේය. ඇම් ඇස්, පෝල් ප්‍රනාන්දු හා ඩෙස්මන් අයියාගේ සින්දු බයිලා කියා අපට දැනුනේ නැතිය. ඒ ගී සියල්ලම පාහේ වරක් ඇසු පනණින් මතකයේ රැඳෙන සරළ එහෙත් අලංකාර පද රචනා උනේය.


කැසට් එන්නට පෙර කාළයේ තරු පහේ හෝටල් වල ප්ලේ කළ ඉන්ගිරිසි සංගීත කණ්ඩායම් බයිලා වලට ගැහුවේ ඩෙස්මන්ඩ් අයියාගේ ගීතය.  එසේ ඒ ගී ජනප්‍රිය වූයේ ඒ සිංහල සින්දුවල ඉන්ගිරිසි කෑලිද තිබුන නිසාය.


අදටත් ඕනෑම උත්සවයකදී ගායනා කරන "සුමිහිරි පානයේ එන ...

Drink on Sunday - Eat on Monday 

Dance on Saturday - Die on any day  ...

ඊට උදාහරණයක්‍ය...


තවත් ජනප්‍රිය ගීතයක් වන පොල් කටු හැන්දෙ මිට වගේ.... ගීතයේ..

Galle Road Tar is putting bus is also going...

මෙන්ම 

Oh she never come right again...

යන ඉන්ගිරිස් කෑලි අදටත් අතිශයින් ජනප්‍රියය.


අද ජනප්‍රිය නැතත් අපි කුඩා කාළයේ අතිශයින් ජනප්‍රිය...


🎸යමං බංඩො වෙසක් බලන්න...

🎸සුරාංගනී...

🎸චූඩා මානිකේ බලාලා යනවා මේ අපී..

🎸යන්න රට වටේ එන්න මා ප්‍රියේ...

🎸අර බලපන්කෝ... මේ බලපන්කෝ..

🎸ආයි හූයි බබි ආච්චිගෙ බයිසිකැල් එක...

🎸කුරුඳුවත්තේ මනෝරී...

🎸කිරිල්ලී රන් කිරිල්ලී...

🎸බෝතලිගරෙ සීතූ මනක්කා...

🎸දෙව්ලොව දෙවියනේ.. මගෙ දෙව් සාමිනේ..

🎸දොර ඇරපන් ආයා සුදා...

🎸කෝඩුකාර නංගිලාට...

🎸කොල්ලුපිටිය ජන්ක්ෂන්...

🎸රෑ දොලහට ලයිට් ගියා...

🎸බෑ බෑ මට එන්න බෑ...

🎸දැන් කාළේ කෙල්ලෝ වසයි..

🎸දොදොන් දොන්ත සමයමේ..

🎸කෙල්ල මාතලේ යු ආ මයි මල්ල කේතලේ...

🎸පාරේ නටපු බිග් මැච් එක දා...

🎸දොම්පෙ ආයා...

🎸චිකේ ඩොලි ලැජ්ජා නැද්ද...

🎸කොමලි පනේ එන්නකො මගෙ...

🎸මම්මා නෝ පප්පා නෝ...

🎸නොන්ඩි සිමයියා...


වැනි ගී ඒ ගී රස විඳි පරම්පරාව අතරේ අදටත් අතිශයින්ම ජනප්‍රියය...


ඩෙස්මන් අයියා වොලි බැස්ටියන්ගේ ගී මෙන්ම පැරණි නාඩගම් ගී ගනනාවක් සුපර් හිට් බවට ඒ කාළයේ පත් කළේය. එමෙන්ම ඉංග්‍රිසී ගීතද ඒ අතර තිබෙන්නේය.


1944 දී මාතරදි උපන් ඩෙස්මන්ඩ් ඩි සිල්වා ගී ලොව ජය ගත්තේ "King Of Baila" යන ආදරණීය ජනතා සම්මාණයෙන්‍ය. 


මුලින්ම ඉංගිරිස් සංගිත කන්ඩායම් ගනනාවක ප්‍රධාන ගායකයා වූ ඩෙස්මන් අයියා පසුව සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් වුනේය.


 එක්තරා යුගයක එක්තරා පන්තියක කෙල්ලන් අතරේ ඩෙස්මන් අයියා සිහිණ කුමරා උන බව අප අසා ඇති මුත් ඒ බව තහවුරු වූයේ ඔහුගේ ප්‍රසංග වලට පැමිණි අති සුන්දර ඇන්ටිලා දැකීමෙන්‍ ය.

ඔවුන් සැමදා  ඩෙස්මන් අයියාට පෙම් කළේය.


බොහෝ කාළයක් එංගලන්තයේ ඇමරිකාවේ හා අවසන් කාළයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි විසූ ඩෙස්මන් අයියාගේ ප්‍රසංගවල ටිකට් විකිණුනේ උණු කැවුම් මෙන්‍ ය.


ප්‍රසාංගික කලාව සිංහල ගී වේදිකාවට ගෙන ආවේ ඩෙස්මන් අයියලාය. "කොලොම්පුරේ ශ්‍රියා ගීතය ගයමින් රඟමින් රූපවාහිනියටද ප්‍රසාංගික කලාව ගෙන ආවේ ඩෙස්මන් අයියලාය .


ඔහු වේදිකාවේ බැබලුනේ අපූරු කටහඬ නිසාම පමණක් නොවේ.. ඩෙස්මන් අයියා මියයන තෙක්ම පාංශු දේහදාරී බුදු හැන්ඩියෙක් උනේය. එම වාසනා ගුණය පිහිටන්නේ බොහෝ කළාතුරකින්මය.


ඩෙස්මන් අයියාගේ වැඩිමල් පුත්‍ර රත්නය වූ ස්ටීව් ඩි සිල්වාද අති දක්ෂ ගායකයෙන් මෙන්ම මයිකල් ජැක්සන්ගේ හැඩ රුවට සමාන බ්‍රේක් ඩාන්සර් කෙනෙක්ද වූ අතර පිලිකා රෝගයෙන් අකාලයේ සමුගත්තේය.


සුනිල් අයියාට කලින් අපි ආදරේ කලේ ඩෙස්මන් අයියාටය, සුනිල් අයියා කලින්ම යන්න ගියේය. ඩෙස්මන් අයියා අද සුනිල් අයියා බලන්නට ගොසින්‍ ය.


මක්කා නැතත්, දෙන්නත් එක්ක එකතුවෙලා සුමිහිරි පානේ පදමට ගහලා බයිලා වැලකින් දිවිය ලෝකේ ඒන්ජල්ස්ලා හෙවත් සුරංගනාවියන් කොර කරනා බව නම් ඉරහඳ මෙන් විස්වාසය....


සුමිහිරි පානේ පදමට ගහලා

හෙට මැරුණත් හිතට සැපයි

අද ජොලි කරලා....


Drink on Sunday - Eat on Monday 

Dance on Saturday - Die on any day  ...


Take Care Desmond Aiya...!!!


R(eturn) I(f) P(ossible)


.

Sep 5, 2021

සුනිල් අයියා... ප්‍රබුද්ධ අයට අහිතකර විය හැක.

 


මම සුනිල් අයියගෙ මුල්ම ෂෝ එක බැලුවේ සරත් අයියයි නිර්මලා අක්කයි එක්ක. ඒක ජිප්සීස්ලගෙ මුල්ම ෂෝ එක. මට වයස හතයි.

ගෲප් එකම තනි සුදු බෙල්බොටම් එක්ක ස්ලිම් ෆිට් ෂර්ට් ගහලා උන්නේ. කොන්ඩ සායිබබාගේ වගේ. 

තිබුනේ සුගතදාස ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ. එදා තමයි "ළිඳ ළඟ සංගමය" යි "අම්මා අම්මා මේ මට" සින්දු දෙක ඇහුවේ. ඒ එයාලගෙ මුල්ම ඔරිජිනල්ස් දෙක. ඒවා අදටත් කට පාඩම්.

ජිප්සීස්ලා ලංකාවම දැනගන්නේ සිංහළ ඔරිජිනල්ස් ගහපු හින්දා, ක්ලැරන්ස්ගේ ගීත වින්දේ එක්තරා පන්තියක් උනාට, සුනිල් අයියා සමාජයේ ඉහළ ඉඳන්, පාදඩ පන්තියටම යනකන් ජනප්‍රියයි.

මේකට හැත්තෑව දශකයේ සංගීතයේ මොනෝපොලිය වෙච්චි හුළං විදුලි සංස්ථාවේ කුහකයෝ සෙට් එක ගේම ඇද්දා. ජිප්සීස්ලා සින්දු ගුවන් විදුලියේ තහනම්.

ඒ උනාට සුනිල් අයියට ෂෝ තිබුනා. රෙකෝඩ් උණු කැවුම් වගේ ගියා. කොළඹ ඉස්ටාර් හෝටල්වල තිබුන වෙඩින්ග්ස් ඔක්කොම කවර් කලේ සුනිල් අයියා.

ඒ ට්‍රෙන්ඩ් එක අවුරුදු පනහක් අද වෙනකන් එහෙම්මම තිබුනා. මෑතකත් දෙසැම්බර් 31, තර්ටි ෆර්ස්ට් නයිට් වැඩිම චාජ් කරේ සුනිල් අයියා. ඒවා කාටවත් කඩන්න බැරි රැකෝඩ්.

වෙඩින්, කොම්පැනි ගෙට්ටු ගෙදර්, ක්‍රිස්මස් පාටී, ඇනුවල් පාටි, එවෝඩ් සෙරමනි, ගෲප් නයිට්, වගේ කොළඹ තරු පහේ හෝටල්වල තිබුන නයිට් ෂෝ සුනිල් අයියා නැත්නම් නැගලා ගියේ නෑ. ඔය දැන් සින්දු කියන්න කලින් ගෲප් වල ඉන්න උන් කයියක් ගහන එක පටන් ගත්තේ සුනිල් අයියා.

රෝයල් ස්ටැග් නයිට් එකට ඒ කාළේ පලු ඇරපු උන්, අද ගිරාදුරුකෝට්ට ප්‍රාතමිකේ ස්ටැග් නයිට් දාන්නේ රෝයල් උන් කොර කරලා.

ඕනම ජාතියේ වෙස්ටර්න් සින්දු වගේම සිංහළ සින්දු කියන්නත් සුනිල් අයියට ගහන්න වෙන එකෙක් නෑ. 

පොප්, රොක්, චා චා, හිපොප්, රැප්, බයිලා, රෙගේ, ක්ලැසිකල්, සෝලෝ, රිදම් ඇන්ඩ් බ්ලූස් නෙමේ, ආතල් වැඩිම උනාම ජෑස් පාරවලුත් දැම්මා.

ඉස්ටේජ් එකට කුරුමිට්ටෝ, අංකල් ජොන්සන්, ලුණු දෙහි ගෙනත් ඒ වැඩේ පටන් ගත්තෙත් සුනිල් අයියා, ඊට කලින් මැක්ස්වල් මෙන්ඩිස් කරපු වැඩේ ක්ලාස් එකට කළේ සුනිල් අයියා.

ඒ විතරක් නෙමේ, ඔය අද ඉස්ටේජ් උඩ කුක්කු ඔක්කොම එලියේ දාගෙන පුච කරක කරක නටන නංගිලා  එතෙන්ට ගෙනාවෙත් සුනිල් අයියා. සුනිල් අයියා "පිටි කොටපන් නෝනේ..." කියනකොට, ඒ තුන් දෙනා අඹරපු ඇඹරිල්ලට ප්‍රබුද්ධ උන්ගෙ ජුන්ඩා පවා ඇඹරිලම ගියා. 

හැබයි පස්සෙ කාළේ එයාලත් කෑලි නැතුව සින්දු කිව්වේ නෑ.  ඒ ගෙනාපු කෑලි වලට ගහන්න පුලුවන් කෑලී ටිකක් ආයේ ගෙනාවෙත් සුනිල් අයියාමයි. ඒ කොත්තමල්ලි එක්ක.

ඊට කලින් රූපවාහිනියේ ජනප්‍රිය වෙච්චි මැණිකේ අත්තනායක එක්ක රඟපාපූ නොනෙ මගෙ සුදු නෝනේ හරහා සුනිල් අයියා නළුවෙක් වගේම ප්‍රසන්ටර් කෙනෙක් උනා. ඇඩ්ස් වලට සුනිල් අයියා නැතිව බැරි උනා.

හිනා හිනා හිනා වෙන්න හිනා කියලා ඔක්කෝටම හිනා උනා. අනේ මට මොකද මේ උනේ කියලා සිංඤෝරේලගෙ රෙදි ගලවලාම දැම්මා. ඒ සෝපාහාස ප්‍රේමසිරි කේමදසගේ මැති ඇමතිවරුන්ට වඩා ප්‍රබලයි. ඒත් ඒ ගැන ලියන්න කියන්න කට්ටිය බයයි.

ලංකාවේ බේබද්දො වර්ග කරලා ගහපු සින්දු වෙන "නොනෙ මගෙ සුදු නෝනේ...", "ලතා නෝ කතා...", "සයිමා කට් වෙලා..." වගෙ ගීතවල තියෙන අපූරූ සමාජ විශමාතවන්, කල්ට් ගැන මාතලන් ඇර කවුරුත් කතා කරලා නෑ , කරන්නෙත් නෑ.

ලංකාවට රැප් ගෙනාවෙත් සුනිල් අයියා. ඒ අන්කල් ජොන්සන් එක්ක. සුනිල් අයියා එයා එක්ක උන්න කළාකාරයන් ඔක්කොටම රැකවරණය දුන්නා, පඩි ගෙව්වා, මැරුණයින් පස්සෙත් ඒ පවුල්වල අය බලාගත්තා. ඉස්සරහත් ඒ දේ වෙනවා නම් ඒක තමයි සුනිල් අයියට කරන්න පුලුවන් ලොකුම උපහාරය.

සුනිල් අයියා එයාගෙ නිර්මාණවල ලෝබයෙක්වත් පෙරේතයෙක්වත් නෙමෙයි. මට වැඩිය හොඳට කරපන් කියලා ඕන පොඩි එකෙකුට නොමිළේම දුන්නා.

අළුත් පරපුරට ආදරේ කළා, අලුත් සංගීත කාරයෝ, පද රචකයෝ, ගායක ගායිකාවෝ සෑහෙන පිරිසක් සුනිල් අයියා ෆීල්ඩ් එකට දැම්මා.

පොර කාටත් බයත් නෑ ණයත් නෑ. ඒ නිසා කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා. හිතෙන දේ කරා. ඒ නිසා ගුටිත් කෑවා. හැබයි ලබන්න ඕන ගෞරවයත් සජීවීව විඳගත්තා.

ඔය බයිලා ගහන උන්ට වඩා සුනිල් අයියා හෙන රැඩිකල් පොරක්. පොර ජීවිතේ වින්දා. ඒ මදිවට අපිටත් ජීවිතේ විඳින්න ඉගැන්නුවා. ආතල් එකේ උන්නා. 

එයාගේ දේශපාලනය අපිට අදාල නෑ. මේ රටේ ආයේ උපදින්න ඕන නෑ කිව්වේ සුනිල් අයියා විතරක් නෙමේ. ඔය අදටත් පිටරටවල යන්න හදන සුනිල් අයියට බනින උන් කරන්නෙත් ඒකම තමයි.

අනික සුනිල් අයියා අන්තීමට හේත්තු උන සෙට්ටෙක පට්ට බොරුකාරයෝ කියලා දැනගත්ත ගමන් පොර එතනින් කැපුනා.

කොහිමත් සුනිල් අයියා මේ ගෝත්‍රික රටට ගැලපෙන චරිත නෙමේ. ඒත් අපි ඒ ගෝත්‍රිකත්වයෙන් මොහොතකට හරි මිදෙන්නේ මේ වගේ සංස්කෘතික විප්ලවකාරයෝ නිසා.

සුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගේ කිව්වට, වයසෙන් තරුණ උනත් අමු මැං ගොඩි ගෝත්‍රිකයින් ඉන්නා මේ රටේ සුනිල් අයියා අජරාමර තරුණයෙක්.

සුනිල් අයියා දෙවියන් වහන්සේ එකසිය ගානට ඇදහුවා. තොප්පිය ඔළුවෙ කුරුසේ කරේ. ඉතින්  ආයේ ගේමක් නැතිවම කෙලුන්ම සුනිල් අයියා දෙවියන් වහන්සේ ළඟට යනවාමයි.

දෙවියන් වහන්සේ කොර වෙන්නේ.... අඩෝ ලංකාවෙන් ආපු එකෙක් ඉල්ලන ඕන නම්බර් එකක් දෙනවා නේ... මූ යකෙක් නේ කියලා...

ෂුවර් එකට එහේ පාටි එක හෙට පාන්දර වෙනකන්ම යනවට මෙන්න කැට. 

නිවේදක  හේමසිරි හල්පිට....


ආයේ හමුවෙමු සුනිල් අයියා...!

Aug 22, 2021

ජාත්‍යන්තරය ජයගත්තේ යොහානී විතරමද?

 


මනෝරම වීරසිංහ මහත්මයා කපන්න බැරි අත සිඹිනවා වගේ පෝස්ට් එකක් දානවා "යොහානි" හා "මැණිකේ මගේ හිතේ.... " ගීතය  ගැන...

අමිතාබ් බච්චනුත් අගය කරපු ඒ තනුව සංගිතය හා ගායනය එයාට දිරවන්නේ නැති උනත් එයා යොහානී ජාත්‍යන්තරය ජයගත්ත එක අගය කරනවාලූ...

ගීතයක් එක පාරින් බොක්කට වදින්නේ, ඒක අහන පලවෙනි වතාවෙම කලින් අහලා තියෙනවා වගේ ගතියක් ආවම...

තොටලඟ කුසුමපාල, ඒ සිරි, සැන්ටි ඉඳන්, ලුසියානෝ පැවරෝට් හරහා, චීනයේ හා ජපානයේ ගායිකාවන් පූසගෙ බෙල්ල මිරිකන කොට කෑ ගහනවා වගේ කියන සින්දුත් රසවිදින මාතලන්ට නම්, මේක පට්ට...

පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මේල් වොයිස් එකේ පන්ච් එක මදි... එහෙම පට්ටෙටම ඔක්කොම තියෙන සින්දුවක් තමා රයිනි හා චින්ති ගායනා කරන "තරුමිණි ඔච්චම් පාවී දැන්..." සින්දුව....

ඒ උනාට යොහානිගෙ වීඩියෝව දැන් මිලියන 48 ක් බලලා තියෙනවා. අමිතාබ්ගේ කොමෙන්ට් එකෙන් පස්සේ මුලු ලෝකෙම දැන් යොහානි හා මැණිකේ දන්නවා.

අනික ඉතින් සමාජ මාජ්ජ ජාල කාරයෝ හැටියට අපිටත් පොඩි ආඩම්බරයක් තියෙනවා.. මොකෝ යොහානිගෙ පටන් ගැන්ම එතන....

මට ඕන උනේ මේ ගැන කතාකරන්න නෙමේ.

 මනෝගේ පෝට්ටුවේ සමහර කොමෙන්ට් අතර සමහර කුහකයෝ අයියෝ ඔය මොකක්ද මෙන්න ජාත්‍යාන්තරයට ගිය උන් කියලා නම් ලැයිස්තු එල්ලලා තියෙනවා දැක්කම මට පුපෙන්ම හිනා ගියේක ගැන කතා කරන්න...

ඒ නම් සඳහන් කරපු සමහර උන්, ජාත්‍යන්තරය තියා ලංකාවවත් දන්නේ නැති උන්... ඉතින් මුන්ගෙයි අර හරනල් කටු කාරයෝ අතරෙයි කිසි වෙනසක් නෑ... උන් ලෝකය කියලා හිතන්නේ උන් දන්න දේ විතරමයි...

අපේ රටේ ජනප්‍රිය මිත්‍යාවන් අතර තවත් ජනප්‍රියම මිත්‍යාවක් තමා, අපේ ක්‍රිකටර්ස්ලා ලෝකෙම දන්නවා කියනෙක. 

ක්‍රිකට් අපේ එකම ක්‍රීඩාව උනාට ක්‍රිකට් ලෝකයට හඳුන්වලා දුන්න එංගලන්තයෙත්, ඔස්ට්‍රේලියාවේ තරම්වත් ජනප්‍රිය නෑ. එහේ ජනප්‍රිය පාපන්දු... 

යුරෝපයේ, උතුරු ඇමරිකා දකුණු ඇමරිකා දෙකේ වගේම, ජපානයේ, චීනයේ, රුසියාවේවත් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ..  අප්‍රිකා මහද්වීපයෙත් රටවල් කීපයක විතරයි ක්‍රිකට් ගහන්නේ... 

ඒත් මුලු ලෝකෙම ඔලිම්පික් බලනවා වගේම හින්දි සිනමාවත් අතිශය ජනප්‍රියයි... 

ඉතින් ඔය දෙකෙන්ම ජාත්‍යන්තරයට ගිය අපේ කෙල්ලෝ දෙන්නෙක් ගැන අර කොමෙන්ට් වල සඳහනක් තිබුනෙම නෑ....

ඒ තමයි සුසන්තිකා ජයසිංහ සහ ජැකලීන් ෆර්ඩිනැන්ඩස්.

මේ දෙන්නා ගැන කතා කරන හැම තැනකම ශ්‍රී ලංකාව ගැන අනිවාර්‍යයෙන් කියවෙනවා...

සුසන්තිකාගෙ නම් මෙවර ඔලුම්පික් වලදි වගේම ජාත්‍යාන්තර කනිෂ්ඨ මළල ක්‍රීඩා උලෙලිදිත් කියවුනා....

ජැකලීන් කියන්නේ මුලු ලෝකෙම ජනප්‍රිය නිලියක්... මොකෝ මුලු ලෝකෙම කොරියන් සෝප් ඔපෙරා වගේම හින්දි සෝත් බලන නිසා...

ඒ වගේම සෙනසුරාදා ජාතික රූපවාහිනියේ පෙරවරු 11 ට යන "Coke Red"  වැඩසටහනේ බාචි සුසාන් එක්ක සින්දු කියපු...පට්ට ටැලන්ටඩ්...  "කාන්චනා අනුරාධිත්" දැන් ඉන්දියාවේ ගොඩක් ජනප්‍රියයි...

ඒ අතර ජාත්‍යන්තරයට ගිය ගොඩක් උන්ට අමතක වෙච්චි දෙන්නෙකුත් ඉන්නවා ඒ අර  නයි ටී ඇන් එකේ ටැලන්ට් සෝ එකක, බෙල්ල කඩා ගත්තු කරාටේ කාරයයි... ඒකේ ජජෙක් වෙච්චි ජැකසන් ඇන්තනියි....


.

Jun 8, 2018

මිනිසුන් ඇන්දීමද සහගහන අපරාදයකි.. (කුමාර තිරිමාදුර සමඟ මා නොවන මම)





ඇන්දීම යනු කලාවක් නම්, එහි පිකාසෝලා සිටින්නේ පැරිසීයේවත්, ලන්ඩන්වලවත්, නිව් යෝක් වලවත් නොවේ, අම්මට සිරි ලංකාවේමය. අපි වාගේ අමු ගොබ්බයන්ට අනේ ඔයා හරි හැන්සොන් අනේ කියනා ඉස්තිරි පරානයන්ද, බුකියෝ පොටෝ දානා පට්ට කැත කාන්තා පරානයන්ට, අනේ ඔයා මාර ලස්සනයි අනේ.. සුන්දරයි.. අනේ කියා අන්දනා කොල්ලන්ද, මක්කා හෝ කලාම... ෂා ඔයා ඒක නියමෙට කලා අනේ කියා ඇන්දීමටද, අපේ රටේ උන් තරම් පොරවල් අප දන්න තුන් ලෝකේයේම මෙන්ම, කළු කුහරයෙන් එපිටවත් ඉන්නට නම් බැරිය. 

Sep 27, 2017

ඉරාජ්, විකී, රොහින්යා හා ලිබරල් වමක අවශ්‍යතාවය - Iraj, Vicky, Rohingya & place for left wing liberal




විකි අළුත් කසාදයක් බැන්දම, විකීව මරාගෙන කන්න ගියපු උන් දැන් ඉරාජ් මරාගෙන කන්න යනවා. ඉරාජ් කරලා තියෙන්නේ, අර කලින් විකීව මරාගෙන කන්න ගියපු උන් කියපු කතාව ටිකක් පරක්කු වෙලා කියන එක. කොහොමත් පරණ ඒවා අමුවෙන් ගැහුවාම ටිකක් තදින් වදිනවා. ඒ වගේම සෙමත් ඇවිස්සෙනවා. ගල් හැහුවට එහෙම අවුලක් නෑ. මම කිව්වේ අරක්කු ගැන. ඉතින් පරක්කු වෙලා අරක්කු වගේ වදින දෙයක් ගැහුවාම සමහර උන් හරක්කු වගේ කුලප්පු වෙනවා. අරක්කු ගඳයි කියලා සමහර උන් කියනවා නේ. ඒ බීපූ නැති උන්. බොන එකාට අරක්කු රහයි. ආයේත් කියනවා. මම මේ කිව්වේ අරක්කු ගැන.

Jul 22, 2017

චෙස්ටර් බෙනින්ග්ටන්, ලින්කින් පාක් හරහා එන ලාංකීය සමාජයේ කුහකත්වය.. - Chester Bennington, Linkin Park & Sri Lankan Music Fans




චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගෙන මිය යනවා. ඒ කියන්නේ එල්ලිලා මැරෙනවා. කෙනෙක් එල්ලී මැරීම හෝ සිය දිවි නසා ගැනීම ස්ව කැමත්ත මත ගන්නා තීරණයක්. මේක විශාදියේ උපරිම අවස්ථාව කියලා තවත් විෂයකින් විග්ගරහා කරන්න පුළුවන්. තා කෙනෙකුට ගරහන්නත් පුළුවන්. ජීවිතයෙන් පලා යාම කියලා දාර්ශණික ටෝකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෙය වීර ක්රිීයාවක් වෙන්නත් පුළුවන්. මක්කා උනත් ඒක චෙස්ටර්ගේ තේරීම. අපි මරා ගත්තා කියලා ආයෙ ඌට පණ එන්නේ නෑ.

මේ ආකරයටම ෆ්රැරන්සිස් මොලමුරේගේ දියණිය ගෙල වැලලාගෙන මිය ගිය පුවත ගැන ඉන්ගිරිසි භාෂාවෙන් හා හින්ගල බසින් ලියවූ අපූරූ ගීතයකුත් තියෙනවා.  ඒ තමයි "ඔච්ච්ර බලගතු ඔපිසරගේ දුව එල්ලිලා මැරුණලු පොඩි නෝනෝ" කියන ගීතය එම ගීතය තුලම එහි ඉන්ගිරිසි පාරිවත්තනයත් අඩංගුයි.. එහිදී මෙහෙම කියනවා, "සෝ මච් පවර්ෆුල් ඔෆිසර්ස් ඩෝටර් හැන්ගඩ් ඇන්ඩ් ඩයි ම්ය් ස්මෝල් ලේඩී" (So much powerful officer's daughter, hanged and died my small lady)


Jan 14, 2017

මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නේ පිස්සූ මචං - Tribute to Deepal Silva



අම්මට සිරි ලංකාව ගැන කියන්න තියෙන හොඳම සින්දුව කිව්වේ උඹ මචං. ඔය ජාතිකාභීමානී ගී කියන්නේ අමූලික කෙප්ප. මේක තමයිලු ලෝකෙන්ම උතුම්ම රට. අම්මගේ රෙද්ද තාමත් වැනේ වැලේ මචං. සුඩානේ උනුත් සම හරක් විට උන්ගේ රට ගැන එහෙම හිතනවා ඇති. මේක මාර රටක් කියන්නේ බං, මේ රටේ උන්ට පොඩි පිකප් එකක් දෙන්න මෙහේ කවි ලියන්න උන් නැති නිසා, ටිබෙට් රටින් ඉම්පෝට් කොරලා ජාතිය ඔප් නංවන්න, කොඳු කෙලින් කරන්න, ජාතිකාභීමානී කවි ලියපු, එස් මහින්ද හාන්දුරුවන්ගේ කවියක් අද පාර පුරාම ගහලා, අමු හොරෙක්ගේ පොටෝ එකක් දාලා. මහින්ද හාමුදුරුවෝ උන්නා නම් ආයේ ටිබෙට් යයිද, එක්කෝ රවිරාජ් වගේ වෙඩි තියාගෙන මරෙයිද කියන්න නම් දන්නේ නෑ. 

Nov 4, 2016

අමරදේව, රසිකත්වය හා සින්ඩ්‍රොමය - Amaradeva, Fans and Syndrome


පට්ට රහ චරිත තුනක්.. - අමරදේව, අජන්තා සහ ජෝතී
මාතලන් අමරදේවගේ නොම්මර එකේ රසිකයෙකි. ඔහුගේ කට හඬට සමකල කට හඬක් මා කිසි දිනෙක් අසා නැත. සුනිල් පෙරේරා හා අමරදේවගේ ගීත අනුකරණය කරනා එකම එක වීඩියෝවක, අමරදේවයන්ට බොහෝ සෙයින් සමාන හඬක් අසා ඇත. අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ගෙනා W D ආරියසිංහයන්ගේ කට හඬෙහිත් ඒ ගැඹුරු බව හා සංවේදීතාවය ඇත්තේ නැත. අමරදේවලා සිටිය හැක්කේ එකෙකු පමණි. ඔහු අද නික්ම ගොසින්ය.

Apr 21, 2016

නිහාල්සිංහයන්ගේ හා දම් පැහැ වර්ෂාවේ නිමාව - Tribute to Nihalsinghe & Prince


 
සියල්ල අනිත්‍යයයි සිද්ධාර්ථ ගෞතම මුනි දේශණා කළ සේක. පැමිනියේ නම් පිටත්ව යා යුතුය. සදා කල් රැඳි සිටිමට නොහැකිය. පිටව යෑමෙන් පසුවත් නැවත ඒමට දඟලන්නෝද සිටිති. අපේ උන්, උන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලාය. මිය ගිය මල පෙරේතයන් මෙන්ම, ජීවත්වන මළ පෙරේතයන්ද ඒ අතර වේ. සම හරක්ට මෙයින් පිටත්ව යාමට හිතක් නැති අතර, සමහරු ස්ව කැමැත්තෙන්ම නික්ම යයි. ඒ ඇති වූ විටය. එපා වූ විටය. කළකිරුන විටය. එහෙත් සම හරක්ට කොතෙක් තිබුනත් එපා වන්නේ නැතිය.

Feb 22, 2016

මරු ආ කළ මිතුරේ, බේරෙන්න බෑ සසරේ - Tribute to Anton Jones

 
 
මාතලන්ට මතක ළමා කාලයේ ආරම්බය ගෙවෙන්නේ බයියන් රජකල යුගයකය. එකල රට පාලනය කලේ බයියන් පමණක් නොව මෙළෝ රහක් නැති සමාජවාදි කාරයෝය. මහින්ද යුගයේ වගේම සට්ටැඹි කලාකාරයෝ පිරිසක් අම්මට සිරි ලංකාවේ තිබුනු එකම හුලං විදුලි සේවය උන්ගේ බූදලයක් කරගෙන සිටියේය. උන් ප්‍රචාරය කලේ ජාතිකාභිමානී ගීත පමණි. උන් කැමති දේ අපිට බලෙන් දුන් අතර, අපට කැමති දෙයක් කිරීමේ නිදහස සම්පූර්ණයෙන් අහුරා තිබිනි. කොටින්ම බත් කෑම පවා තහනම් කර තිබිනි.
 

Feb 7, 2016

දන්නෝ බුදුන්ගේ දේශයේ වෛරය හා කුහකත්වය - Danno Budunge New Version, Class Theory & Sexual Trauma

Kishani Jayasinghe
ලාංකීය සමාජය යනු අමු ගොබ්බ ගෝත්‍රිකවාදය කර පින්නාගත් පසුගාමි ළිං මැඩි සමාජයක්ය යන්න මෑත කාළයේ සිඳු වූ සිඳුවීම් කීපයකින්ම මනාවට ඔප්පු වී හමාරය. ඕනෑම සමාජයක මෙවන් පිරිස් සිටිය හැකි වුවද, අති බහුතරය එවන් සමාජයක් වීම, මේ රටේ දියුණුවට ඇති ප්‍රධානම බාධාව බව නොකියා සිටිය නොහැකිය.

Dec 29, 2015

මඩු වල්ගෙන් තැලිය යුත්තේ කාටද...? - Who should be whipped with toxic stingray tails



ජනාධිපති තුමා අපේ ආච්චි අම්මාට වඩා ඉදිරියෙන්ය. මොකෝ..., උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා, මඩු වල්ගයෙන්...." කියා නෙමේය. උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා..., ගූ ගාපු ඉලපතෙන්.." කියාය. අපේ පවුලේ නොසන්ඩාල වැඩ කරන උන්, මා(තලන්)ද ඇතුලුව බොහෝ පිරිසක් උන්නේය. වැඩියෙන්ම පැමිණිලි ලැබුනේ, "බලන්නකෝ..., ඔහේලයි කොල්ලා අපේ කෙල්ලත් එක්ක පැටලිලා නේ..." කියනා පැමිනිල්ලය. එතකොට ආච්චි අම්මා උන්නේ අපේ පැත්තේය. උන්දෑ පැමිනිලිකරුට කිව්වේ, "ඔහේලයි කෙල්ලෝ හරි විදියට හදාගන්නෙයි...." කියලාය.

Dec 25, 2015

එන්රිකේ සහ බ්‍රා එකේ කතාව - Enrique Iglesias featuring with Gon Baiyaa



එන්රිකේ ඇවිල්ලා ගියේය. පාර්ලිමේන්තුවේ ඉන්න කාළකන්නි, පැමිණීමේ දීමනාව සුපියල් 500 සිට 20000 දක්වා වැඩි කොර ගන්න යන එක පැත්තක තියලා, අපේ උන් කතා කොරන්නේ එන්රිකේගේ බෙල්ලේ එල්ලුන ගෑල්ලමයා ගැනයි, එයාට විසිකරපු බැසියරේ ගැනයිය. ඔක්කෝම ඒ ගැන කතා කොරන නිසා මාතලනුත් ඒ ගැන කතා කොරන්න ඕනා කියා සිතුවේය.

Apr 20, 2015

මාස්ටර් සර්, පුළුවන්නම් ආයෙත් එන්න. - Master Sir, (R)eturn (I)f (P)ossible


මාස්ටර් සර් යන්නම ගියේය. සම්ප්‍රදාය කඩාගෙන ගිය තවත් ශ්‍රී ලංකීය පුත්‍රයෙක්, අම්මට සිරි ලංකාවට අහිමිවිය. රාජ්‍ය ගෞරව නැතිය. ඇගයීම් නැතිය, නළාකාරයෝද නැතිය, කළාකාරයෝද නැතිය. පත්තරකාරයෝද නැතිය. පිටු පුරවා ගුන ගායනා නැතිය. රනිල්  වික්‍රමසිංහ නම් මක්කදෝ ලියා තිබෙනු දැක්කේය. එයටද හේතුවක් ඇතිය. ඔහු නිර්මානකරුවකු පමණය. පොලිට්‍රික්ස් කොරන්න ගියේ නැතිය. රටට යමක් කරනවා විනා, රටෙන් කෑවේ නැතිය. එහෙව් වූ රත්තරන් මිනිසුන්, නිවී සැනසිල්ලේ අවසන් ගමන යෑමත් එක අතකින් වාසනාවක්ය.

Feb 18, 2015

නාමල් උඩුගම සැත්කම සඳහා... - Namal Udugama's Operation...

 
මාතලන් මේ දින ටිකේ උන්නේ අනුරාජපුරේ නිසා, කොළඹ ආවේ ඉඳලා හිටලාය. ඒ විශේෂ අවශ්‍යතාවයක් සඳහාම පමණි. ඒ ඇර අනුරාජපුරෙන් පිට වූයේ, මුලින් "චෙෆාකි" නම් සොඳුරු බ්ලොග් කරුවා හමුවීම වෙනුවෙනි. ඊට පස්සේ ආවේ, අප කාගෙත් හිතවත්, "පත්තර මල්ලිගේ" කුප්‍රසිද්ධ පාටිය වෙනුවෙනි. ඒ සොඳුරු දින දෙකම ජීවීතයේ කිසිදා අමතක නොවන සොඳුරු මතක සටහන්මය. මේ දින ටිකේ පෞද්ගලික වෘත්තිය අරගලයක නිරත වෙමින් සිටින නිසා, ඉන්නේද කොළඹය.

Nov 19, 2014

Three Idiots & Runaway Brides


කාළෙකට කලින් මාතලන් පට්ට ඉන්ගිරිසි සෝ එකක් බැලුවා මතකය. සෝ එකේ නම "රනවේ බ්‍රයිඩ්ය" (Runaway Bride). මේකේ කෙල්ලයි කොල්ලයි දෙන්නම, මාතලන්ගේ පට්ට ෆේවරිට් නළු නිලියෝය. කොල්ලාට ඉන්නේ රිචඩ් ගියර්ය (Richard Gere). මාතලන්ට රිචඩ් ගියර් සෙට් උනේ An Officer and The Gentleman හම්බ වෙන්න ගිය වෙලාවේය.

Nov 1, 2014

නන්දසිරි මහත්තයගේ කමලාසිනි - Kamalasini by P V Nandasiri


මේ ළඟදි රෑ බෝ වෙලා ගෙදර ආපු වෙලාවක, ටැලිවිසොන් එකේ චැනල් කරකවගෙන යන අතරේ, කැලැසිකල් මියුසික් පාරක් යනවා "අයි" චැනල් එකේ. වැඩ සටහන දෙමළ. පට්ට රාගධාරී සංගීතයක්. මාතලන් බොහෝම ආසයි ඔය රාගධාරි සංගීතයට. දැන් ඉතින් සම හරක් කළබල වෙන්න ඕන නෑ, මේ මොළේ අවුල් පොරට මොන රාගධාරීද කියලා. මියුසික් වල මාතලන්ට බේදයක් නෑ. එකම දේකට ඇලිලත් නෑ. හැම එකේම කැමති ඒවත් තියෙනවා, අප්‍රිය ඒවත් තියෙනවා.