මේ අවුරුද්ද
ඔබට කොහොමද?
➖➖➖➖➖➖▪️➖
ලෝකප්‍රසිද්ධ අනාවැකි කාරයෝ මෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධ අනාවැකි කාරයෝ කියනවා වගේම, පවතින භූ දේශපාලනය, වසංගත නැවත මතුවීම් වගේ දේ එක්ක බැලුවාම, 2023 සුන්දර අවුරුද්දක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අල්පයි...
රුසියන් යූක්‍රේන යුද්ධය යුරෝපයටත් පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි, ඊයෙත් පුටීන් අවුරුදු සැලබ්‍රේට් කළේ කියේව් වලට මල් වෙඩි කෙලලා. කොහොමත් ඇමරිකන් කාරයගෙ වෙපන් බිස්නස් එකට යුද්ධයක් තියෙන්නම එපාය. හැබයි පරිප්පුව කන්නේ යුරෝපය. වයිඩන් කාරයා සෙලන්ස්කිට දීපූ ලණුව ඌ නියමෙටම කෑවා.
ඒක ඉදිරියට මාස 7 ක් පවතින 3 වන ලෝක යුද්ධය වෙන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් කියනවා. මේක මුලු ලෝකයේම ආර්ථිකයට බලපානවා. IMF එකට සෑහෙන වැඩ තියෙයි. ඒ අස්සෙ අපි වගේ හාල්මැස්සෝ පයිසෙකට ගනන් ගන්නෙකක් නෑ. ඒ නිසා ඉන්දියාව එක්ක සෙට් වුනොත් හොඳයි.
ඒ නිසා ඔය IMF එළුවගෙ පස්සෙ නොයා, රටේ ආර්ථිකය ගොඩ ගන්න වෙන ක්‍රමයක් හොයා ගත්තා නම් හොඳයි. විශේෂයෙන් යුරෝපේ යුද්ධයක් ඇති වුනොත් එහේ උන්ට එපාර්ට්මන්ට් විකුණලා හොඳ ගානක් හොයා ගත්තෑකි. එහෙම දේවල් අපේ උන් හිතලවත් නෑ. උන් වතුර රත්වෙලා නෙමෙයි, වතුර ටික වාශ්ප වෙලා හිඳිලා ඉවරවෙලත් තාම ඩාන්ස් කරනවා.
චීනේ කොරෝනා ආයෙත්, ආයෙත් රටවල් ලොක්ඩවුන් වෙලා ඉකොනොමියට කෙල වෙන්න පුලුවන්.
ඒ වගේම රැකියා විරහිතභාවය, ආහාර හිඟය, බලශක්ති අර්බුධයට මුලු ලෝකෙටම මුහුණ දෙන්න වෙනවා.
සූර්‍යයාගේ වෙනස්වීම් නිසා ගෝලිය උණුසුම ඉහළ ගිහින් ස්වභාවික විපත් ගංවතුර, නියඟ එන්න පුලුවන් කියලත් කියනවා.
බබා වැන්ගා වගේම නොත්‍රඩාමුස් කියන විදියට, ප්‍රංශයට අනිවාර්‍යයෙන් යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. ඒ යුද්ධයේදි භයානක අවි, ඒ කියන්නේ බයොලොජිකල් වෙපන් හෝ න්‍යෂ්ටික අවි භාවිතා වෙන්නත් ඉඩ තියෙනවා. යුද්ධය ඉවර වෙන්නේ එහෙම වෙන්නත් පුලුවන්.
ආහාර හිඟය කොච්චර දරුණු වෙනවද කියනවා නම්, මිනීමස් කන තත්වයක් එන්නත් පුලුවන් කියලයි කියන්නේ. මේ අදහස යුද්ධය නිසා එකිනෙකා මරාගැනීම වෙන්නත් පුලුවන්. චාල්ස් ඇන්ඩ් කැමිලා ජෝඩුවටත් එච්චර හොඳ අවුරුද්දක් නෙමෙයි කියලා කියන්නේ.
අපේ රටේ උන් ගැන බලනවා නම්, ජනවාරි 17 පස්සෙ ගොඩක් ලග්න වලට පොදුවේ හොඳයි. ඒ කියලා එකිනෙකාගේ ග්‍රහචාර අනුව තමයි හඳහන් බලාගන්න වෙන්නේ. ලංකාවේ හඳහන අනුවත් විශාල දේශපාලන වෙනස් වීම් හා පෙරලි වෙන්නත්, අළුත් නායකයෝ බිහිවෙන්නත් පුළුවන්.
මේවා ප්‍රෙඩික්ෂන්ස් විතරයි. වෙයිද නොවෙයිද කියලා බලාන ඉන්න තමයි තියෙන්නේ.
ඔය මහ බැංකුවේ අධිපතිත් එහෙමයි. එයත් හොඳ ප්‍රෙඩික්ෂන් කාරයෙක්.
එයා කියන්නෙත් අදට වඩා හෙට හොඳයි කියලා විතරයි... වෙන මක්කත් දන්නෙම නෑ.
දැනටමත් කබ්බට වඩා සල්ලි ප්‍රින්ට් කරලා ඉවරයි.
ජයවේවා...!!!
.
.jpeg)






