.

.
Showing posts with label no confidence. Show all posts
Showing posts with label no confidence. Show all posts

Jul 18, 2021

ගම්මා බේරා ගත යුතුය. ඒත්...

 



ආන්ඩුවට  විලි ලැජ්ජාවක් කියා දෙයක් ඇත්නම් කොන්දේසි විරහිතව ආන්ඩුව ගොම්මන්පිලට ගෙන ආ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුය.

මෙහිදි බැසිල් ආපු ගමන් තෙල් මිළ අඩුකරනවා කියපු උන් අත් දෙකම ඉස්සුවත් අවුලක් නැත්තේ අනිත් අතින් වහගන්නට හෝ යමක් නැතිව නිරුවතින්ම සිටිනා නිසාය.

මුලින්ම උන්ගේ කන හරහා දුන්නේ ගොම්මාමය, දෙවනුව ඝෝඨාභය ජනාධිපතිවරයාය, සුපිරිම පොලිටිකල් ගල් ආඳා වන  මහින්ද අයියා සුපුරුදු පරිදි බබා වගේම උන්නේ වෙනදා මෙන්ම දෙපැත්තම බැලන්ස් කරගන්න ඕනා නිසාය.

මෙන්න මේ තියරිය පෝට්ටුවේ එකෙක්වත් දන්නේ නැති බව පෙනේ. විෂඝෝර සර්පයින් රෙද්ද අස්සේ දාගත්තා නම්, උන් දෂ්ඨ කරත්, බුදු අම්මෝ කෑවෝ කෑවෝ නොකියා, නයි ගලක් අල්ලා හෝ ඇන්ටිවෙනම් ඉන්ජෙස්සොන් එකක් ගසාගෙන උන්ට හරහට දමා නැලවිය යුතුය.

ලංකාවේ මහ පක්ෂ නායකයෝ හා පාක්ෂික වහලුන් මේ මිත්‍යාවෙන් අනාගතයේ හෝ ගැලවෙයි කියා මාතලන් සිතන්නේ නැතිය.

උන් හිතන්නේ මේ ආන්ඩුව හැදුවේ සුළු පක්ෂවල උන් කියලාය. මම නම් කියන්නේ තනි තනිව තරඟ කලහොත් පෙරටුගාමී පක්ෂය අභිබවා යා හැක්කේ විමල්ට හා පාඨලීට පමණක්ම බවය. එහෙත් ඔවුන් දෙදෙනාද ජෙප්පන් අභිබවමින් යන්නේ නැතිය.

එහෙත් අද ඔවුන් රනිල් සජිත් මහින්ද ඝෝඨා හා සම මට්ටමේ ජාතික නායකයින් වී සිටින්නේ ඔවුන්ගේ දක්ෂතාවයෙන් මෙන්ම මෙරට පසුගාමී ජනමාධ්‍යකරණය හා මහා පක්ෂවල බ්ලඩි ෆූල් වහලුන් නිසාය. 

උන් උන්ගේ පක්ෂයේ උන් අමතක කර දමා උඩින් පාත්වූ පැරෂුට් බටයින් කරේ තියාගෙන දෝලාවෙන් වඩම්මන්නේ නිළමෙලාගේත් බැකියට පයින් ගසමිනි.

අද මේ නායකයින් ඒ ප්‍රජාව ගිලගෙන අහවර අතර, උන් දැන් ප්‍රශස්ති ගයන්නේ මහින්දගේ රෙද්ද අස්සේ ඉන්නා සර්පයන්ටය. 

මෙහිදි පෙනී යන කාරණය නම් ගම්මා බේරාගත්තද ළඟදීම ඔහුගෙන් එම අමාත්‍යාංශය ගිලිහෙනු ඇති බවය. 

ගම්මා ආන්ඩුව පත් වූ විගස පත්වූ කැබිනට් මණ්ඩලයේ උන්නේ නැත. එහෙත් පසුව දැනගැනීමට ලැබුනේ එය රටට හෝ පොහොට්ටුවට ආදරයෙන් කළ දෙයක් නොව, වරාය හෝ ඛනිජ තෙල් ඉල්ලා නොලැබුනු කේස් එකක් බවය.

කෙසේ වෙතත් දෙවන තරඟයෙන් පහසු ජයක් ලබන ගම්මා තෙල් සංස්ථාව පුරවන්නේ පාඨලීගේ ගෝලබාලයින්ගෙන් වනාතර උන්ට චන්දය දුන් පෝට්ටුවේ උන්ට සිඳුවන්නේ රාජපක්ෂලාට අම්මාමෝ නැතිව බැන වදිමින් බැකිය කස කසා බුකියේ අතුල්ලන්නටය.

පාඨලි හා ගම්මා කරන්නේත් රණතුංග පොලිට්‍රික්ස්‍ය. ඒ දෙදෙනාගේ හා ඕමල්පේ සෝභිතගේ ඇත්තේ වෙනම ඇජෙන්ඩාවකි. මේවා මහ උන් නොදන්නවා යැයි කියා මාතලන් කිසි දින නොසිතන්නේ උන් අපට වඩා ගල් ආඳෝ නිසාය.

කෙසේ හෝ පාඨලීට බලය ලැබුන දිනෙක ගම්මාගේ දහ පහලොස් දෙනා ඔහු විසින් බලාගන්නවා ඇත.

දැන් බැසිල් පාර්ෂවය කළ යුත්තේ හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද කියා ගම්මා බේරාගැනීමය. එවිට සජිත් සාර්ථක ලෙස නැවතත් පජාත වනු ඇතිය.

එහෙත් ගැටළුවක් පවතී. ඒ නිර්වස්තරයෙන් ඉන්නා සාගර කාරියවසම් හා බැසිල්වාදීන්‍ය. ඔවුන්ට නැවත ඇඳුමක් ඇඳගෙන පාරේ යන්න නම්, තෙල් ඇමතිකම බැසිල්වාදියකුට ලබා දීමෙන් නොනැවති, 

තෙල් මිළද රුපියල් පහකින් හෝ අඩු කළ යුතුමය. මන්ද යත්, බලය ලබා ගැන්මට දෙන පොරොන්දු අමු කෙප්ප බව පොඩි එකා පවා දන්නාතර, ආන්ඩු කරමින් ලබා දෙන පොරොන්දු ඉටු නොකිරීම පරාජයට පාර කියනා නිසාය.


ඒ වගත් මෙසේය.....


.