.

.

Nov 30, 2021

වසංගතය කොරෝනා නොව පුංචි බන්ඩාය


 ජනාධිපතිවරණය වෙලේ පුංචි බන්ඩා උන්නැහේ ඝෝඨා එක්ක එහෙ මෙහෙ යනවා අපි නම් දැක්කේ නැතිය. හැබයි දිලිත් ජයවීර නම් අර සුපිරි ඩිස්කවරියේ එහෙ මෙහෙ යනවා අප කිප වරක්ම දැක්කේය. පුංචි බන්ඩා මහතා උසාවියෙන් බ්ලැක් ලිස්ට් කල පොරක් ය. ඝෝඨා එවන් කෙනෙක් තබාගෙන ඉන්නේ සමාර විට එයා අසාදුගත පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙන නිසෑදැයි කියන්නට අප දන්නේ නැතිය.

එහෙත් දිලිත් ජයවීර යනු එවන් පුද්ගලයකු නොවේය.  ඔහු ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ලංකාවේ ඉහළම තලයේ වැජබෙන ව්‍යාපාරිකයෙක්‍ය. අනික ඔහු උපාධිදාරියකුය. රාජ්‍ය සේවයට සම්බන්ධයක් ඇත්තේ නැතිය. ඔහුට එක එක චෝදනා කරනා හැම එකාම පෞද්ගලික අංශය ගැන අබමල් රේණුවක දෙයක් නොදන්නා මීමින්නන්‍ය. පෞද්ගලික අංශය යනු ලාබයම පරමාර්ථය කර ගත් අංශයක් පමණි. ඔවුන්ගේ සේවක පිරිසගේ පමණක් නොව, පින් පඩි ගන්නා ආන්ඩුවේ උන්ගේ පඩිය ගෙවන්නේද ඔවුන්ගේ මුදල්වලින්‍ය.

කිරීමට කිසිවක් නැති ආයතන කිහිපයක නාමමාත්‍රික තනතුරු කීපයක්ම ලබා දුන්නද, අද ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ "නිදි වගේ ඉන්න ඕනෑ..." කියන්නේත්, පී බී ට එලව එලවා පහර දෙන්නේත්, රටේ ප්‍රශ්ණ සියල්ලටම හෙතුව පුංචි බන්ඩාගේ මරි මෝඩ තීන්දූ තීරණ හා අධිකාරිවාදී පාලනය නිසාමය.

ඝෝඨාට මරි මෝඩ උපදෙස් දෙන මේ හාදයා දැන් කියන්නේ, රටේ ආර්ථිකය රට අති භයානය ආර්ථික අඩියකට වැටී ඇති බවත්, ලබන වසරේ තත්වය මීටත් වඩා දරුණු විය හැකි බවත්‍ය. අනෙක මේ මෝඩ වාහේ ඒවා කියන්නේ ජර්මන් සන්නාම පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදි ඉන්ගිරිසියෙන්‍ය. මේවායෙන් වෙන්නෙ ඉන්න ආයෝජකයෝ ටිකත් එපාර්ට්මන්ට් එකත් විකුණා දමා මේ ගල් වැද්දන්ගේ රටෙන් චුත වෙලා යන එකය.

මෙයාලා කෙලෙවෙන හැම එකටම උත්තරේ ලෙස පෙන්නන්නේ වසංගතයය. ඇත්තටම ලංකාවට කෙලවුනේ කොරෝනා වසංගතයෙන් නොව, පුංචි බන්ඩා වසංගතයෙන්‍ය.

අපනයන ආනයන සීමා දමාගෙන සිරිමාගේ යුගයකට රට ගෙනියන්න ගියේ වෙන කවුරුන්වත් නොව පුංචි බන්ඩාය. රටම ගිනි තැබූ කාබනික වගාව තම අධිකාරිමය බලයෙන් පටන් ගත් ගමන් 100% කරන්නට ගියේ කාබනික ගොවිපලක් තිබෙනා පුංචි බන්ඩාය. ඩොලරයේ මිළ ස්ථාවරව පවත්වාගෙන යා යුතුයැයි නීතී දාන්නේ පුංචි බන්ඩාය. සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් පාලනය කරන්නේ පුංචි බන්ඩාය. මැති ඇමතිවරුන්ට ජනපති හමුවීමට ඇපොයිමන්ට් දෙන්නේ පුංචි බන්ඩාය. කොටින්ම රාජපක්ෂ පවුලේ අවුල් නිර්මාණය කර ඇත්තේත් පුංචි බන්ඩාමය. රටේ ජනාධිපති, ඝෝඨාභය රාජපක්ෂ නොව පුංචි බන්ඩාය. 

එකෙකුටවත් මේක කෙලින්ම ජනාධිතුමාට කියන්න කොන්දක් නැති උනාට. එතුමාට තවත් වසර තුනක් ඉදිරියට ඇති නිසා. එතුමාගෙන් විශාල වෙනසක් බලාපොරොත්තු වූ කෙනෙකු වශයෙන් කට කැපුවත් මේවා කියන්නම වෙනවාය. දිලිත්ලාත් වටින් ගොඩින් කියන්නේ එයය.

වසංගත මැදත් බංගලාදේශය ඉන්දියාව ඉතරක් නොව ටුවරිසම් වලින්ම දුවනා මාල දිවයිනත් කිසි අවුලක් නැතිව දුවනවාය. කොරෝනා කියා ඒ රටවල් වසා දමන්නේ නැතිය. සංචරණ සීමා දාලා නැතිය. මිනිසුන්ගේ නිදහස නැති කරලා නැතිය.

ඒ රටවල් එසේ දුවන්නේ බෙල්ල කපා දමනවා වාගේ මරි මෝඩ ආර්ථික තීන්දූ ගෙන ඕපන් ඉකොනොමිය සංවෘත ආර්ථිකයකට පරිවර්තනය නොකල නිසාය. පවතින ආර්ථික ක්‍රමය ඔහේ තිබෙන්නට ඉඩ නොහැර, ඊට ආනයන සිමා පැනවීමෙන් ආර්ථිකයට කෙලවෙලාම යන බව අප කියද්දී, එදා අපට .... තෝ දන්නා ඉකොනමි කියා කින්ඩිය දැමූ උන්, අද කියන්නේ මාතලන් කියපුවා ඇත්තෙයි කියලාය. 

පොඩි කඩයක්කත් කරලා නැති ආර්ථික උස්තාද්ලා වාහන ආනයනය සීමා කිරීමෙන් කී දෙනෙකුට කෙලවුනාද කියා අදටත් දන්නේ නැතිය. එයින් සිද්ද උනේ කෘතිම මිළක් ඇති වීමය. ඒ ගණුදෙනු වලින් ආන්ඩුවට ලැබුන ලබ්බක් නැති අතර, කාර් සේල් කාරයෝ පමණක් ගොඩ ගියේය. එහෙත් කෘතිම මිළ සැමදා රඳා පවතින දෙයක් නොවේය. එයට සීමාවක් ඇත. එළවළු මාෆියාවට කෙලවෙලා ගියේ ඒ අනුවය.

අති දරුණු යුද්ධයක් සමඟ පට්ටම ෆේල් පාලනයක් ගෙන ගිය චන්ද්‍රිකාගේ කාළයේවත්, කිසිම වසංගතයක් නොමැතිව සිවිල් ත්‍රස්තවාදින් හා සමඟ පාස්කු බෝම්බද සමගින් රටේ ණයබර දෙගුණයකින් වැඩි කල, අද, රජය මිළ පාලනය කරන්න ඕනා කියනා, ඕපන් ඉකොනමි  උස්තාද්ලා සමගින් පිස්සන් දෙදෙනෙක් රට පාලනය කළ යහපාලන කාලයේවත් රටේ ආර්ථිකය මෙවන් තත්වයකට පත් නොවූයේ, එයාලා පැවති ආර්ථික ක්‍රමයත් සමඟ පිස්සු කෙලින්න ගියේ නැති නිසාය.  

සතොස සභාපති එලවීමට, මහ බැංකු අධිපති එලවීමට ගත් තීරණය මේ මොහොතේ හෝ නොගතහොත්, ඝෝඨාභය රාජපක්ෂද අයත් වනුයේ එතුමා විසින්ම මෑතකදී නැවත පත්කර එවන්නට එපා යැයි කියූ පිලටමය. පත් කර ගත යුත්තේ රාජ්‍ය සේවයේ කිසි දිනෙක සේවය කර නොමැති පුද්ගලයකු පමණි.. රාජ්‍ය සේවයේ පිරිස හා මේ රට ගොඩ දැමිය හැකියයි කිසිවකු සිතන්නේ නම්, ඔහු කළ යුත්තේ මළක් ගසා ආතල් එකේ සිටීම මිස දේශපාලනයේ නොවේමය.


ඒ වගත් මෙසේය.....


Nov 25, 2021

වම්බටු ගහලා පලා ගන්න...


 වීඩියෝව මෙතනින්...


අඩන්න බලාගෙන ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙලාවක ඌ මේ කතාව කියන්නේ...

විපක්ෂෙට මාරෙට ඌයියා වෙලා.. කතානායකත් ඒක හෙලා දැකලා,, ඌයියා උන කට්ටිය සභාව මැද්දේ ඒකට ගේම ඉල්ලලා... තිස්සකුට්ටියා එයින් එකෙක්ගෙ කන පලන්න ගිහිල්ලා.... උගේ වාසනාවට සජිත් මැද්දට පැනලා ඌව බේරගෙන වැඩේ එතනින් ඉවර උනාට.... වැඩේ තාම ඉවර නෑ...

දැන් අර කවිරත්න නෝනගෙ කාන්තා අයිතිවාසිකම් ගෞරවේ ගැන කතා කරපු උන් කුට්ටියගෙ හාමිනේගෙයි අම්ම්ගෙයි බටු ගහල පලා දානවා... ඒ තමා අපේ හැදියාව ශිෂ්ණත්වය සදාචාරය...

ඌයියා උන සමහර සිවිල් පොරවල් මේක මාර කැතයි කියලා විශ්ලේෂණ ළිපි ලියනවා එයාලට ඔය විපක්ෂයේ මාර ශිෂ්ඨ පොරවල්.... ඩයනා ගමගේගේ කෝකිලාගේ රෙදි ගලවපු වෙලාවේ ඇහිලා පෙනිලා නෑ... පොලිස් ඇමති හරහා හංසමාලිගේ ජංගිය ගැන කෑ ගහන කොට ඇහිලා නෑ...

පෙනිලා නෑ නෙමේ උන් ඒ වෙලාවට පට්ට ආතල් එකක් ගන්නවා... පෝස්ට් දානවා... දැන් උන්ට ඒවා මතක නෑ... මාර මහත්තුරු වෙලා... උන්ගේ දේශපාලන වහල්භාවය නියමෙට පේනවා... දැන් චීත්ත නෙමේ... ජංගි ඇඳගෙන ටෝක් දෙන්නේ....

අපි නම් ඔය හැමදේම කැතයි කියනවා.. ඒ වගේම සද්දෙ වහගෙන උන්න උන්ගෙත් රෙදි ගලවනවා... ගෑණුද පිරිමිද අදාලම නෑ...

මේක මාර ශිෂ්ණසම්පන්න රට නේ..
උත්තරීතර සභාවේ ගෞවරවය රකින්නලු

මරු උත්තරීතර සභාව ඕකේ ඉන්න උන් ගැන ලෝකෙම දන්නවා

ඕකේ එකෙක්ගේ ගෙදර වැඩ කරපු දරුවා ගිනිතියලා මරලා දැම්මා ඌ තාමත් පාර්ලිමේන්තු එනවා

මිනීමරලා ඇප පිට ඉන්න උනුත් තාම එනවා

තා එකෙක්ගේ ගේ ඉස්සරහා අනියම් බිරිද වහ බීලා මලා ඌත් තාම එනවා

වෙල්ගම කියන එකා හැමදාම බඩු ගැහිල්ල මාර වැඩක් කියනවා...  ඌයි.... ඌට චියර් කරන උනුයි අදාල නිලියගේ ගෞරවටයි කෙලින්නේ කියලා ඕකේ ඉන්න ගෑණුන්ට තේරෙන්නෙත් නෑ....

ඒකෙම දැණුත් ඉන්න කාන්තාවන් දෙදෙනෙකුට ඔය ඌයියා උන උන් ගනිකාවෝ කිව්වා.. එතකොට කවිරත්නලා මුල් පුටුවෙ ඉඳගෙන හිනා උනා...

ඔස්ට්‍රේලියාවේ කාමර මාරු වෙන්න ගිහින් ඇදගෙන් වැටිච්චි එකත් ඇතුලේ...

තා එකෙක්ගේ ගෙදර කොල්ලෙක් ව්‍යාඝ්‍රා බීලා මලා...

තා එකෙක් ඇමති කාමරේම බඩු ගහලා ගෑණිගෙන් ගුටි කෑවා

රන්ජන් කියන එකයි හිරුණිකයි බැක් සයිඩ් ඕකේ කිව්වා

රන්ජන් ගහන ගහන බඩු ගැන ලොකු විශ්ලේශනයක් ඉදිරිපත් කලා

පකයා කියපු එකත් තාම ඉන්නවා

තා එකෙක් මිරිස් කුඩු ගැහුවා ඌත් ඉන්නවා

පාර්ලිමේන්තුවටම බෝම්බ ගහපු උන්ගේ නෑයෝ ඇතුලේ

පාස්කු බෝම්බ තියපු උන් ඇතුලේ

දැන දැන මාරු වෙලා ගිය උන් ඇතුලේ

රට බෙදන්න කියන උන් ඇතුලේ

සිවිල් ත්‍රස්තවාදීන් ඇතුලේ

88/89 භීෂණ පතුරපු උන් රට ගිනිතියපු උන් මිනීමරපු උන් වදකාගාර පවත්වාගෙන ගියපු උන්, නීතී විරෝධි හමුදා රන් කරපු උන් තාමත් ඇතුලේ...

තා සෙට්ටෙකක් කන පැලෙන්න බීලා නයිටක් ගැහුවා..

කුඩු කාරයෝ ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කොකේන් ගහන උන් ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කසිප්පු ගෙදර හදපු එකෙක් අතේ මාට්ටු

බාර් එකක් නැති එකෙක් නෑ

කරෝකේ කාරයෝ ඇතුලේ

බහුතරේ ජීනා මැඩම්ගේ මෙම්බර්ස්ලා..

හොරා නොකාපු එකෙක් හොයාගන්න හෙන කට්ටක් කන්න ඕන...

හැමදාම

පොඩි උන් ගැලරියේ කියලා වෝනින් දෙනවා ඉස්පීකර්...

මොන්ටිසෝරි හොඳයි ඊට වඩා
මාළු කඩේ මීට ඩීසන්ට්....

ගොඩක් වෙලාවට සභාව මැද්දේ සරොන් ගලවගෙන රෙණවා..

අනේ තොපේ ගෞරවනීය සභාව...

ඒ වගේ නල්ලමලේ උන් එක්ක ඉන්න බැරි නම්
බබාලා වගේ මල් වගේ හැදිච්ච අය නම්
ගෞරවේ තියාගෙන ගෙදර ඉන්න ඕන....

අනේ සුදූලා... ඔයාලා...

ඌරූ කොටුවක කස්තුරි හොයන්න එපා...
පණ...

Nov 23, 2021

කින්නියා පාළම හා වඳුරු කුනුහබ්බ


 

2009 ඔක්තෝබර් 20 වනදා එවකට ලංකාවේ දිගම පාළම ලෙස මීටර් 400 දිග කින්නියා පාළම විවෘත කරන්නේ මහින්ද රාජපක්ෂ. ඒ 30 අවුරුදු යුද්ධයෙන් දරුණුම ලෙස බැට කෑ උතුරු නැගෙනහිර මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය  ලෙස. ඊට ආධාර කළේ සව්දි අරාබි රජය.


දැන් ඔය පාළම් පාරුව පෙරලුන තැන තවත් පාළමක් හදන්න පටන් ගන්නේ 2015 යහපාලන කැඳ හැලියෙන්. උන් හදපු පාළම් ගැන දන්නවා නේ ඉතින්. 


ඒත් වත්මන් රජය යටතේ නිමල් ලංසා ඔය පාළම හදන්න ගිය වෙලේ, ඒකට විරුද්ධ උනේ අද ඔය තමන්ගෙම උන්ට කියලා ගේ කුඩු කර  ගත්ත එකා. ඌට සප් එක දුන්නේ අද ඌටම ගහන උන්.  ඔය ප්‍රමිතියක් නැති පාළම් පාරුව දාලා අර සුප්‍රසිද්ද කින්නියා පාළමෙන් යන උන් පාළම් පාරුවකින් සුර ලෝකේ ඇරියෙත් ඌ.


දැන් මේ ජෙප්පොයි හීන ටොයියොයි ට්‍රිගර් වෙලා තියෙන්නේ... දැන් ඌ ආන්ඩුවට චන්දේ දෙන නිසා. මොකා උනත් ජනතාව ඌට දෙන්න ඕන ටොපිය දීලා තියෙනවා.


කතාව මේකයි...


ජීවිතේ ගමන් මග සුවපහසුව සැහැල්ලුවෙන් යන්න පුලුවන් කම තියෙද්දී, ෂෝට් කට් හොයන්න ගියාම... ලයිෆ් එකත් ෂෝට් වෙනවා. 


ඒකයි කැළණි ගඟේ ෆේරි වල ගිහින් ඉල්ලගෙන කන්නේ නැතිව.., 

පිලපිටියෙ, පට්ටිය හන්දියෙ, මල්වානේ, බොල්ලෑගල ඉන්න උන්, කිලෝ මීටර් ගානක් ගෙවාගෙන හදලා තියෙන පාළම් උඩින් එන්නේ.


දැන්වත් ඔය මෝඩයන්ට කියන්න තියෙන්නේ...., 

අහිංසක දරුවෝ නොමරා...,

අර හදලා තියෙන පාළමෙන් වරෙන්. 

නැත්නම් අළුත් පාළමක් හදන්න දියව්


තොපි පාළම් පාරුවේ ගිහින් ඉල්ලගෙන කෑවට...

තොපේ මෝඩකම් වලට රට කරවන උන් පලි නෑ.


පාරුවේ පුවක්....


.


Nov 22, 2021

කාබනික වගාව නැවැත්විය යුතු නැත.


 සියල්ලන්ගේ රෙදි ගැලෙව්ව
ජනපතිගේ කාබනික රැස්සීම.
කාබනික වගාව නැවැත්විය යුතු නැත.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
.
.
අප ඉල්ලූ ඝෝඨා අපට ඊයේ දැක ගැන්මට ලැබුනේය. කාබනික වගාව 100% තබා 10% කරගන්න බැරි වූ ඇමතියගේ සිට විජ්ජාගනයින් හා නිළධාරින්ගේ රෙදි ගලවා දැම්මේය. 

දත්ත වාර්තා නැතිව ජනපති ලේකම් කාර්‍යාලයේ පැටිස් රෝල්ස් කා කෝපී බී යාමට පැමිනි ප්‍රයිවට් කොම්පැනිවල චෙයාර්මන්ලා දෙන්නෙක් රැස්වීමෙන් එලවා දැම්මේය.

ඒ එලෙව්වේ උන් දෙන්නා විතරයි කියා අනෙක් උන් හිතන්නේ නම් උන්ටත් වෙරි සොරිය. 

ඇත්තටම ඔතනට ආපු ඇමතියාගේ සිට ලේකම් හා නිළධාරීන් දක්වා කිසිම එකෙක් ළඟ දත්ත හා තොරතුරු කිසිවක්ම නැති බව 100% විස්වාශය.

කනගාටුවට කරුණ නම් එතුමා තාමත් මේ වැඩේ කරන්න හදන්නේ උන් සමඟ වීමය.

එපමනක් නොව සජියා හා ජෙප්පන් පස්සේ ගිය පන් ගොයියන්ගේ අමුඩයත් ගලවා දැම්මේය. මින් පසු රසායනික ගොවිතැනට සහනාධාර දෙන්නේ නැතිය. 

සුද්දා කියන ඕනම බයිලාවක් ගෙඩි පිටින් ගිලිනා කෘෂි රසායන කොම්පැනිවලින් ජරාව කා බයිලා කෙලින උන් මක්කා කිව්වත්, කාබනික විප්ලවය ඉතා හොඳ වැඩක්මය.

100% එක වසරකින් දෙකකින් කළ නොහැකි වුවත් මුලු ලෝකයේම සිඳුවිය යුත්තේ එයය.

ධම්මික පැණියාට හා පැණි බිව් උන්ට කින්ඩි දැමු උන්, මොඩර්නා ඇස්ට්‍රා සෙනිකා ෆයිසර් හොයාගත්ත උන්ටවත්, ඒවා වැඳලා පිලිගත් උන්ටවත් කින්ඩි දමන්නේ නැතිය. ඒ ඒවා පට්ට ෆේල් උනත් සුද්දා සොයා ගත් දේ නිසාය.

ඒවා ගසාගත් උන් දැන් පස් වෙනි රැල්ලකට සැරසෙති. ලංකාවේ මියගිය ප්‍රභූවරුන් බොහෝමයක් මියගොස් තිබෙන්නේ, පැකනිල් ඩොන්කිගේ, ටොසී එක විද්දායින් පස්සේය. ඒකෙන්  ලෙඩේ නිට්ටාවටම සුව වෙනවා කිව්වේ ආයේ කිසිම ලෙඩක් නොහැදි දිවිය ලෝකයේම යන නිසා වෙන්නැතිය.

ඊයේ ජනාධිපති තුමා කිව්වේ රසායනික පෝර ගෙන්වීම් ප්‍රයිවට් කොම්පැනිවලට දෙන්න කියලාය. 

අපි කියන්නේ ඔය කාබනික වැඩෙත් ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන්නෙයි කියලාය. දෙන සහනාධාරයක් ඔවුන් හා එක්වන ගොවීන්ට දෙන්නෙයි කියලාය.

මේ වැඩේ සම්පූර්ණයෙන්ම කෘෂි කරුමක්කාර දෙපාර්තමේන්තුවේ කාළකන්නින්ගෙන් ඉවත් කල යුතුය. ජනපති කිව්වා වාගේ උන්ගේ වාහන බයික් සියල්ල ලබා දී තිබේන්නේ කෘෂි රසායන සමාගම්‍ ය. 

උන්ට පසේ පෝෂක ගුනයවත් පන් ගොයියන්වවත් පාරොභෝගියාත් අදාල වන්නේ නැතිය. උන් අපටත් වස කවා උන්ගේ දරුවන්ටත් කවන්නේ, උන්ට ලබෙනා ගත්මනාව ලොකු නිසාය.

දැනටත් කුසි කරුම දෙපාර්තමේන්තුව සතු බොහෝ ගොවිපොලවල් පෞද්ගලික අශයට දී අවසානය. පුරන් වී පාලු වී තිබු ඒගොවිපලවල් අද ධන උල්පත් වී අවසානය.

ඉතුරු ඒවාත් විකුණා දැමිය යුතුය. කොටින්ම කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුය. එවිට ඔය කරුමක්කාරයෝ කෙලින්ම ඒ කොම්පැනිවල සේවයට යනු ඇත්තේය.

දැන් සිඳුවන්නේ පෞද්ගලික අංශයට සේවය සපයනා මාෆියාවක්, රජය විසින්ද පඩි නඩි හා පැන්ෂන්ද සමඟ නඩත්තු කරනා එකය.

කාබනික වගාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම අපනයනය ඉලක්ක කරගෙන කළයුතු අතර, කාබනික පොහොරද මහා පරිමානයෙන් නිශ්පාදනය කොට එක්ස්පෝර්ට් කිරීමෙන් රටට ඩොලර්ද ගෙන ආ හැකිය.

කාබනික වගාව තවදුරටත් ආන්ඩුව හා කුසි කරුම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යාම ඇදගෙන නෑමක්ම පමණමය.

දන් හෝ ඇදගෙන නෑම් නවතා දමා... ආයෝජකයෝ ගෙන ඒමේ ප්‍රමුඛතා වැඩපිලිවලකට හැරිය යුතුය. 

එය කාබනික ගොවිතැන් සඳහා ආයෝජකයන්ගෙන්ම ආරම්බ කළ හැක්කේ. ඉදිරියේදි පැමිනෙතැයි අපේක්ෂා කරන ආහාර හිඟයටද ගොවිතැන තුල පිළිතුරු ඇති නිසාමය.

ඒ වගත් මෙසේය....

.



කාබනික නැවැත්විය යුතු නැත

 



මෙතනින් කියවන්න

Nov 21, 2021

මලානික කාබනික


ආන්ඩුව මේ වැඩේ පටන් ගත්තේ සද්චේතනාවෙන් උනත්, ඒකට කිසිම වැඩපිලිවලක් තිබ්බේ නෑ..

ටික දවසක් යද්දිම තේරුනා මේක කිසිම හැදෑරීමක් සැලැස්මක් නැතුව පී බී ජයසුන්දර කියන කේවට්ටයා ලොක්කට දුන්න ලණුවක් කියලා...

මේ වගේ දේවල් මිනිස්සුන්ට බලෙන් දෙන්න බෑ. මිනිස්සු ඒකට කැමතිත් නෑ. ඒක මිනිස් ස්වභාවය.

මේ වගේ ගුලි කොච්චර ගුණ උනත් දෙන්න ඕන මී පැණි එක්ක. නැත්නම් තිත්තයි. ආන්ඩුවට උනේ ඒක. 

මේක කීයටවත් නවත්තන්න ඕන නෑ. ඉදිරියට කලයුතු විදිය. අද හෝ හෙට Youtube එකේ දානවා කැමති කෙනෙක්ට බලාගන්න පුලුවන් එතනින්.

ඔය වැඩේ යද්දි, දවසක් ශෂේන්ද්‍ර රාජපකෂයා කෘෂිකරුමේ ලොක්කෙකුට, කාබනික පෝර වැඩේ හරියන්නේ නෑ කිව්වම, ටී වී වලට පේන්නම ඌ කිච කරලා දැම්මා. අපරාදේ කියන්න මහින්දානන්ද එච්චර මෝඩයෙක් උනේ නෑ.

2015 පැරදුනාට පස්සෙ රාජපක්ෂලාට මිනිස්සු බය නෑ. කොටින්ම මහින්දට ඝෝඨටවත් බය නෑ. යහපාලනේ හරියට පාලනය කරා නම්, රාජපක්ෂලා එතනින්ම ඉවරයි. ඒ නිසා ශෂේන්ද්‍ර වගේ උන් පයිසෙකට මායිම් කරන්නේ නෑ. උන් කරන්නේ රාජපක්ෂලා හොරු කියන එක සනාත කරනෙක.

ඔය බැන්න දවසෙම මම දැනගත්තා කුසි කරුමේ උන් ඕකට හම්මනවා කියලා. 

ඇත්තටම ගොවියෝ ෆෝම් කරෙත් වැඩේ කඩාකප්පල් කලෙත් පොලිටික්කෝ නෙමේ. පස්සෙ උන් ඒකේ ක්‍රෙඩිට් එක උන්ට දාගත්තට, වැඩේ පටන් ගත්තේ, කුසි කරුමේ වගා මහත්තයගෙ ඉඳලා සෙට්ටෙක. උන්ගේ ජරාවට කෙලවුන හේතුවෙන්. බැංකොක් ගිහින් බඩුවක් ගහන්න බැරි හේතුවෙන්.

අන්තීමට කාබනිකම ඉල්ලලා පුච පොලොවෙ ගහගත්තු රතනයත් හෙමීට මාරු උනා. දැන් කාබනික උන් ඒ තරම් අකාරුණික වෙලා. ඒ වෙනුවෙන් කටක් අරින්න බයයි හැම එකාම.

කාබනික කෙසේ වෙතත් ඇමතිවරු දෙන්නා ගජමිතුරෝ එක්ක එකතුවෙලා ගූ නැවකුයි දියර පෝර වගේකුයි ගෙනත් ගොඩ ගියා...

වැඩ බැරි කාළකන්නි හොරුන්ට මේ වගේ විප්ලව කරන්න බෑ. උන් දන්නේ කුකුල් ගූ වලින් හරි හොරා කන්න විතරයි.

අනික වී වලටයි එලවළුවලටයි ගහන ඒවා ගේන්න දෙන්නේ නෑ වගේ බයිලා ගහන්න එපා.. ඔක්කොම ගෙනල්ලා දෙන්න.. තව දුරටත් පිස්සු කෙලලා නා ගන්න එපා..

ඕවා දෙන්න ඕන අර ප්‍රසන්න රණවීර, ඩී වී චානක, කාංචන වගේ වැඩක් කරන්න ඇම්මක් තියෙන උන්ට.

කොහොම හරි දිනේෂ් එක්ක සෙට්වෙලා වෙල්ගමයා ස' ට පිස්සෙක් කියද්දි, වෙනදා බව්වෙක් වගේ බුරන බොරළුගොඩ සුනඛයත් කට පුක වහගෙන උන්නේ ඇත්තටම මිනිස්සු එහෙම කියන නිසා.

හැබයි ඉතින් ඕක මිනිස්සු කිව්වට, මේ වගේ පිස්සන්ට කියන්න කිසිම අයිතියක් නෑ. මොකෝ උන් ඊට වඩා පිස්සෝ.

තවදුරටත් ගැසට් ගහන වැඩේ නවත්තන්න, දැන් ඒක විහිළුවකුක් නෙමේ, විකාරයක්, පිස්සුවක්. කොටින්ම පී බී කියන කේවට්ටයා දැන්වත් ඉවත් කරන්න. මේ රටේ තියෙන නීතී රීතී ඇති හොඳටම රට හදන්න.

අර චරිත හේරත් වගේ, ෂබ්‍රි වගේ මීට කලින් ජෙනරේෂන් එකේ එකෙක් හරි ළඟට ගන්න. එහෙම නැතුව මේ ගල් යුගේ බන්ඩෙක් එක්ක,  ස'ට දකින්න වෙන්නේ සව් භාගේ නෙමේ, රනිල් දැක්කා වගේ ඇපත් නැති හද්දින්නත් තරු....


ඒ වගත් එසේය.....

කංසා ඩයනා පොදු අපේක්ෂක කරමු

 


අනුරගේ සුරංගනා කතා 

වෙල්ගමගේ වල් ටෝක්

ගංජා ජොස්තරලා සමඟ..

මේ අකුරු උඩ ඩබල් ක්ලික් කරන්න





Nov 19, 2021

ලංකාවේ දාගැබ් හා එහි හැඩයන්

 



අර සුද්දන්ට ගනිකාවන් සප්ලයි කරපු රියැදුරු රැකියාවක් කරපු කාළේ...

ලංකාවේ දාගැබ් හෙවත් ස්ථූප ගැන සුද්දන්ට බයිලා ගහන්න අපිව පුරුදු කරන කොට...

ලංකාවේ දාගැබ් ගැනත් විශාල හැඳින්වීමක් කරනවා... මම ඉතින් ඕවට ආරළු බූරලූ තුන පහ එහෙම වැඩියෙනුත් දාලා දෙන්නේ...

ඒ ජොබ් එකේ රසමුසු තැන් අලලා කවදා හෝ පොතක්ම ලියන්න හිතේ තියෙනවා..

ඒ රැකියාව ඒ තරම් රසවත්....


දාගබ්වල ඉතිහාසය එහි එක එක කොටස් වලින් සංකේතවත් වන දේ දාගබ අවට පරිසරය හා වෙනත් දේ ලියන්න ගියොත් මේක ලොකු වෙන නිසා දාගැබ් වල හැඩය ගැන විතරයි මේ..

ලංකාවේ තියෙන දාගැබ් වර්ග කීපයක් තියෙනවා...

ඕවට දාගැබ් කියනවට වඩා වෙහෙර කියන වචනෙ අපට හුරු වචනය..

මෙයින් සමහර හැඩයන් වල වෙහෙර ලංකාවේ නැති උනත්, ධාතු කරඬු නම් හැම වර්ගයෙන්ම හමුවෙලා තියෙනවා... මොකෝ ඒවත් හදන්නේ වෙහෙරෙ හැඩේට...

අපි මුලින්ම ගමු ඊයේ පෙරේදා සසුනට පූජා කළ සඳ හිරු සෑය... ඒක 


බුබුලාකාර - Bubble Shaped

--------------------------------------------

ඒ කියන්නේ දිය බුබුලක හැඩය එහෙම නැත්නම් වෘත්තයකින් හරි අඩක හැඩය...

උදා -  රුවන්වැලිසෑය, පොලොන්නරුව කිරි වෙහෙර, තිස්සමහාරාම වෙහෙර..


ඝංඨාකාර - Bell Shaped

-------------------------------------

ඒ කියන්නේ සීණුවක හැඩයට... සයිකල් සීණූ නෙමේ යකෝ.. ඔය ඉස්කෝලේ කෝවිලේ ටාං ටාං කියලා ගහන්නේ... ආන් ඒ හැඩේ.. 

ලංකාවේ පළමුවන චෛත්‍ය වෙන අනුරාධපුරයේ ථූපාරාමය හා ලංකාවේ ජනප්‍රියම හැඩය ඒක..

උදා - මයියංගන වෙහෙර


ඝඨාකාර - Pot Shaped 

-----------------------------------

කළයක හැඩය.. මේ හැඩේ ඒවයි බබල් ෂේප් එකෙයි තියෙන්නේ පොඩි වෙනසක් බුබුලාකාර එකේ උඩ කොටසේ රවුම් හැඩය අඩුයි...

උදා - සිතුල්පව්ව වෙහෙර, සෝමාවතී වෙහෙර,  මඟුල් මහා වෙහෙර


ධාන්‍යාකාර - Paddy Heap Shaped -

---------- ----------------

ඕකේ හරි තේරුම ඉන්ගිරිස් වලින් ගත්තම ලේසියි... ඒ කියන්නේ ගොයම් කපලා ගොඩ ගහන හැඩය..

උදා - කැළණිය වෙහෙර, අභයගිරි වෙහෙර, ඡේතවනාරාම වෙහෙර


පද්මාකාර - Lotus Shaped

 ----------------------------------- ----

මේක මට  උගන්වද්දි මෙන්ම උදාහරණ පෙන්වද්දිත් මට නම් ගැටළු තිබුනා.. මේකට උදාහරණයකට උගන්වන වෙහෙර දැන් දකින්න නෑ. හැබයි පින්තුරෙට උගන්වන එකත් මට නම් පිලිගන්න බෑ.. නමුත් නෙළුම් මලේ හැඩේට හදපු වෙහෙර ලෝකයේ වගේම ලංකාවෙත් එක තැනක තියෙනවා... 

ඔය මහින්ද මහත්තයට ඇඹුල් තියාල් ගේන්න හදපු පාරේ මහින්ද මහත්තයගෙ ගෙවල් පැත්තට යනකොට කළුතර එක්සිට් එක ළඟම  වම් පැත්තේ වෙලේ තියෙනවා..


උදා ලෙස උගන්වන්නේ - පොලොන්නරුවේ දෙමළ මහා සෑය... ඒක ගඩොල් ගොඩක් විතරයි... තිවංක පිලිම ගෙට යන පාරේ තියෙන්නේ...


ආම්ලාකාර - Nelli Fruit Shaped

-------------------------------------------------

මේවත් ලංකාවේ දකින්න නෑ... තිබ්බා කියලා උගන්වනවා...


අළුතෙන්ම ඔය පොෂ් පංසල්වල හදන එක තමා...


චතුරශ්‍රාකාර - Box Shaped ---

-------------------------------- ------

දඹදිව පිහිටි ස්තූපයේ හැඩය...

ඒක ගොඩාක් පොෂ්


මේ දහම් කරුණු ඔබ වෙත ගෙන ආවේ

පින්වත් මාතලන් උපාසක මහතාගේ පින්බර අනුග්‍රහයෙනි..


.

Nov 15, 2021

දවස් තුනක් එක දිගට... පිස්සුද ඕයි.....

 


සතියක් තිස්සේ පාරේ තොටේ ඔෆීසියේ කෑලී දැක සිකුරාදා හවස මිතුරන් හා අඩියක් ගසා පැමිණි ස්වාමියා කසාද බිරිදගෙන් නිදියහනේදී...

සුදූ අද කරමු නේද..?

බිව්වම තමුසෙට මදන විසේ.. ගන්දස්සාරේ බෑ... මට බෑ.... මළ වදේ...

සෙනසුරාදා  බිරිදට කිසිවක්ම කිරීමට නොදී ගෙදර වැඩ පල සියල්ල සතුටින් ඉටුකොට දෙදෙනා සමඟ රෑ කෑමට රෙස්ටුරන්ට්ද ගොස් නිදියහනට පැමිණි ස්වාමියා... 

සුදූ .... අද .....?

බෑ අනේ.. අද මට හරි මහන්සියි....

ඉරිදාද සුපුරුදු පරිදි ගෙවල් දොරවල් අස්පස් කොට පිරිසිඳු කොට රාත්‍රියේ නින්දට පැමිණි ස්වාමියා...බිරිඳගේ හිස ආදරයෙන් පිරිමදිමින්...

සුදූ අද වැස්සත් එක්ක.. වැඩේට නියමම දවස...

තමුසෙට පිස්සුද ඕයී...

දවස් තුනක් එක දිගට...

ගිහින් ඩොකෙක් හම්බ වෙනවා... 

සෙක්ස් මේනියැක් එකෙක්ද කොහෙද...


* සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ

හුදී ජන පහන් සංවේගය උදෙසා

අනුවර්තනය කොට ලියා පලකලේ

මහාචාර්‍ය මාතලන් වන මා විසිනි....


.

Nov 10, 2021

ජනාධිපතිතුමාගේ කළකිරීම හා අවංකත්වය


ඊයෙ ජනාධිපති තුමා කළ කතාවේ පිරිලා තියෙන්නේ කළකිරීම, ඉච්ඡාභංගත්වය..


ස' කියනවා අපි හොඳ නැත්නම්, ඔක්කෝම පැත්තකට කරලා අලුත් විකල්පයක් බලවේගයක් හොයාගෙන මේ පිරිසම ප්‍රතික්ෂේප කරන්න කියලා..


(ඒත් ඒ දේ මේ කාළකන්නි මනාප චන්ද ක්‍රමය යටතෙ වෙන්නේ නෑ)


මේ කතාව ස'ට කෙලින්ම කියන්න පුලුවන්, එයා දේශපාලකයෙක් නොවන නිසා සහ අනෙක් වැදගත්ම කාරනය ඔහුගේ අවංකභාවය නිසා.


නැත්නම් එයාට තිබුනා... මහින්දගෙ කම්බා හොරු සෙට්ටෙකත් එක්ක එකතුවෙලා හොරා කාලා හෙමීට මාරුවෙන්න..


හැබයි ඒවා කරන්න ඔහුගෙන් ඉඩක් නෑ...


වියත් මග කියලා හදාගෙන ආපු උන්ගෙනුත් මෙලෝ වැඩක් නැ. සතොසට දාපු එකා හොරා කෑවා. හැබයි ඌ එතනින් එලෙව්වා. තා එක්කෙනෙක් ටෝච් එකයි කුඩෙයි අරගෙන පැත්තකට උනා. ගොඩහේවා, චන්න ජයසුමන හා ෂබ්‍රී දෙයක් කරන බව පේනවා.


විප්ලවයක් කරන්න ආවයි කිව්වට ඇමතිවරුන් පත්කරේ සාම්ප්‍රදායික ගෝත්‍රික ක්‍රමයටමයි. 


චිරාත් කාළයක් ඇමතිකම් කරලා,, මෙලෝ මළහත්තිලව්වක් නොකරපු සුළු පක්ෂවල කාළකන්නින්ටයි, සීනියෝ රොටි කන නාකින්ටයි ඇමතිකම් දුන්නා.


උන්ගෙන් වැඩ ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒකට විජ්ජාත්මක පත්කිරීම් ලෙස නම් කිරීම ඊට එහා විහිළුවක්. 


මිනිස්සු හහා දාන්නේ ඕවා නිසා..


ඒ වෙනුවට තරුණ පිරිසට ටාගට් එකක් එක්ක රාජ්‍ය ඇමතිකම් නෙමේ ඇමතිකම්ම දෙන්න තිබ්බා. උන්ව අධීක්ෂණය කිරීමක් කරන්න තිබ්බා.


මේ රටේ වැඩක් කරන එකාට තැනක් නෑ. කෝ අර ප්‍රසන්න රණවීර, ඌව මාධ්‍යයන්ගෙන් කපලා දැම්මා. දේශපාලනිකවත් කැපිලා වගේ. ඒ රණසිංහ ප්‍රේමදස වගේ මිනිස්සු..


 අයියයි, අයියගෙ යාලුවෝ 20 - 30 ක් එන්ටර්ටේන් කරනවද? එහෙම නැත්නම් විප්ලවීය තීරණ අරගෙන 22,000,000 ක ජනතාව එන්ටර්ටේන් කරනවද කියන එක මුලින්ම තීරණය කරන්න තිබුනා.


වියත් මගේ උන්න තරුණ වෘත්තියවේදින්ගෙන් උපදෙස් ගන්න තිබ්බා. ඒ වෙනුවට ඒවට ගත්තෙත් පී බී වගේ කම්බා කේවට්ටයෙකුයි, වීරතුංග වගේ ඩේට් එජ්ස්පයර්ඩ් භාන්ඩයකුයි...


රට ගොඩදැමීමේ අවංක චේතනාවක් ඔහුට තියෙනවා. ඒත් ඒ දේවල් කරන්න කිසිවෙක් ඔහුට නෑ. 


ආන්ඩුවේ ඇතුලේ ගැටුම් තියෙනවා කියලා මුල ඉඳන්ම පෙනුනා. හමුදාව එක්ක ගමනක් යන්න ගියාට සාර්ථකව කළේ කොරන්ටීන් වැඩෙයි එන්නත්කරණය විතරයි.


ඒකට හේතුවක් උනේ අර ගෝත්‍රික මැති ඇමතිවරු ඒ නිළධාරින්ට කිසිම සහායක් නොදීම විතරක් නෙමෙයි.. කරන දේවල්වකටත් කොක්ක ඇදීම...


හොඳම උදාහරණය සහල් මාෆියාව එක්ක කරපු යුද්ධය. බන්ධුල විතරක් නෙමේ මහින්දානන්දත් ඉන්නේ ඩඩ්ලි සිරිසේන එක්ක. දැන් ඊළඟ කන්නෙන් පස්සෙ මිනිස්සුන්ට බත් කන්න වෙන්නේ නාඩු හාල් 300 ට අරගෙන. 


ඩඩ්ලි සිරිසේන තව ෆයිව් ඉස්ටාර් හෝටල් 10 කට විතර එක කන්නෙන් හොයා ගන්නවා.


මොකෝ ස' ගෙදර යන්න හිතාගෙන උන්නට, අරුන් ආයේ එහාට මෙහාට පැනලා ආයෙත් ඇමතිවරු වෙනවා. ඒ නිසා උන්ට වටින්නේ ඝෝඨාවත්, ගොවියොවත්, පාරිභෝගිකයාවත් නෙමෙයි, එයාලත් එක්ක එකට කන බොන කල්‍යාණ මිත්‍රයෝ වෙන නිපුනයි, ඩඩ්ලියි.


කාබනික වැඩේටත් නිළධාරින්ට බැනලා වැඩක් නෑ, ඇමතියෙක් දාන්නේ උන් එක්ක හැමිනෙන්න නෙමේ නේ.


නිළධාරියි, යුනියන් කාරයොයි නම් රට පාලනය කරන්නේ, දේශපාලුවෝ ඕන නෑ නේ, මැතිවරණ කොමිසම් ඕනත් නෑ. චන්ද ඕනත් නෑ.


ඉතින් මේ දේවල් කරන්න තව අවුරුදු 3 ක්ම තියෙනවා. 


එහෙම නැත්නම් වෙන්නේ අලුත් බලවේග එන එක නෙමේ, මුන් ඔක්කොම ස' ට ඇරලා, සිරා එක්ක හරි සජිත් එක්ක හරි, විමල් එක්ක හරි ආයෙත් රට කන එක.


ඒ නිසා ස'ට කරන්න තියෙන්නේ, බෙල්ල ගාවටම ගිලිලා ඉන්න වෙලේ, ඉහටත් උඩින් ගලලා ගිලිලා මැරෙණකන් ඉන්නේ නැතිව, ඇමරිකන් කාරයෝ ටිකක් හරි ගෙනත් දමාගෙන, කරන්න හිතාගෙන ආපු වැඩ ටික කරලා ගෙදර යන එක.


එතකොට ගෙදර ගියත් මිනිස්සු ස' ගේ හොඳ කියයි. නැත්නම් ෆේල් නායකයෙක් ලෙස ඉතිහාසයෙ නම ලියවෙයි.


පමාදෝ මච්ඡුනෝ පදං...


ස්වස්ථි සිද්ධම්  ....!!!!


.

Nov 4, 2021

මෙල්බර්න් වලින් පටන් ගමු

 



මාතලන්ගෙ පල් හෑලී 4 - වීඩියෝව මෙතනින්

ඒකේ තියෙනේවා මේකේ නෑ

මේකේ තියෙනේවා ඒකේ නෑ


----------------------------

ගමෙන් පටන් ගමු...

ජෙප්පන්ගේ අලුත්ම වැඩේ

බොහොම හොඳ වැඩක්...

පටන්ත් ගත්තෙත් ගමකින්... කොහෙන්ද මහරගමින්.....

හුටා... පුදන කොටම කාපී යකා කියැන්නැහේ ගේමට ඉන්න උන් අහන්නේ...

මහරගම ගමක්ද බං.. කියලා

එක පැත්තකින් හරි .... ගුගල් දෙයියගෙන් ඇහුවත් කියන්නේ ඒක ගමක් නෙමේ සිටි එකක්‍යෙයි කියලා...

හැබයි ඉස්සර  අපේ ගමෙත් තිබ්බා නිව් සිටි බේකරිය කියලා එකක් නම නිව් සිටි හැබයි හද්ද ඩොටේ....

එතකොට මොකක්ද ගම කියලා අපි කියන්නේ....

අපි සාහිත්තෙන් ගමු බලන්න...

වැවයි දාගැබයි ගමයි පන්සලයි.... 

ඉස්සර ඩෙස්මන් අයියගෙ ගම මොක් තිබ්බා වැවයි දාගැබයි ගමයි පන්සලයි සිංහල පොලොව මගෙ මේ... ලස්සන සිරි ලංකාවේ මේ රන් දිවයිනේ... හැබයි පොර ඉන්නෙත් ඔස්ට්‍රේලියාවෙද කොහෙද මං හිතන්නේ......

ඊට පස්සෙ සාගර පලන්සූරිය මහත්තයගෙ  එහෙම නැත්නම් කේයස් කයි පන්තියක තියෙනවා..

ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය.... කටු රොද ගම්මාන තරමක පිටිසරය... එගම මැදින් ගලනා ගඟ මනහරය... කඩ මන්ඩිය පිහිටියේ ගම කෙල්වරය.....

ඒ කවියෙන් වගේම අර ඩෙස්මන් ද සිල්වා අයියගෙ කවියෙනුත් කියන විදියට....

 මේ ගම හරිම සුන්දරයි ....සශ්‍රීකයි .... කෘෂිකර්මාන්තය තමයි ජීවනෝපාය...  සෙයිලමේ.. ඒ කියන්නේ කොළඹ ..... ආන්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන එකෙක් දෙන්නෙක්..... කොළඹ බිස්නස් කරන එකෙක් දෙන්නෙකුත් හිටියා...   කඩ මන්ඩිය කියන තැන තිබ්බා කඩයක් දෙකක්  එතන තමයි ෆෙස්බුක් එක තිබුනේ... අපි වගේ මෙලෝ වැඩක් නැති උන් කයිවාරුබ්ගහන්න සෙට්ටුනේ එතෙන්ට...

ඔය කයිය කොච්ච්‍ර නැගලා ගිහින් කෙල්වුනාද කියනවා නම් ..... ඔය මාර පට්ට යුගයක් කියන  මේ වගේම හතේ හත වැදිලා පොලිම් තිබ්බ බණ්ඩාරනායක මැතිනිගෙ හත් අවුරුදු සාපේ කාලේ      අපේ... මේ... සනත් නන්දසිරි මහත්තයා කිව්වා...

ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දං අදින්නේ...ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ... ගමේ රටේ අහේනියයි ලමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ.. 

අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙන්වා අර ඉපනැලි යාය බලව්... වයස ගියත් මගෙ අතපය බලාපල්ලා යකඩ වගේ... අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ... කියලා... 

ඔය සින්දුව නැගලම ගියා ......  මොකෝ ඕකේ වචනයක් වචනයක් ගානේ සැටිපිකේට් ඇත්ත... මිනිස්සු කන්න නැතිව කුණු බක්කිත් අවුස්සගෙන කෑවා... මේ අපේ චමල් මහත්තයා නම් මුං ඇට කන්න කියලා තියෙන්වා... එයා දන්නෙ නැතිව ඇති කන්න පුලුවන් නම් එයාගේ ඇටේ කන සයිස්සෙකට මල පැනලා ඉන්නේ ...... පෝට්ටුවට චන්දෙ දීපූ උන්ගේ හිටන්.... මෙයාලට බලේ හම්බුනාම මොලේ ටොයිලට්ටෙකේ දාලා ෆ්ලෂ් කරලද කොහෙද සාටකෙත් දාන් එලිබහින්නේ...... ඔයිට හොදයි වරිගෙ නහගන්නේ නැතිව කට පුක වහන් ඉන්නෙක.... මිනිස්සු ඒ තරම් මලෙන් ඉන්නේ......

මල පැන්න පාර ටොපික් එකෙනුත් එහාට ගියා... 

දැන් ඇත්තට ඔහොම ගම් තියෙනවද ... ඇත්තෙම නැති තරම් කියලා මම නම් හිතන්නේ..... ඉස්සර වෙලේ ඇලෙන් දොලෙන් ළිං වලින් නාපු උන් දැන් නාන්නේ ඇටෑච්ඩ් බතෲම් එකේ ..... මලෙන් නාන්නේ.... ඉනි වැට තියා කම්බි වැටත් නෑ.... බ්ලොග් ගල් තාප්පයි යකඩ දැලුයි තියෙන්නේ... කඩුල්ලෙ සරම පටෝලෙගන කාඩ් කුඩු කර ගන්නෝන නෑ.... රෝලර් ඩෝ තියෙන්නේ... කඩ මන්ඩි නෑ ටවුන් තියෙන්නේ.... ඉස්සර ඉඳලා හිටලා තැනක තමා රා බොමු කියලා රා පොට් තිබුනේ.... දැන් සමහර ටවුන් වල බාර් දෙක තුන තියෙනවා.... රෙස්ටුරන්ට් තියෙන්වා.... පාමසි තියෙන්වා... ලෙඩ්ඩූ වැහි වැහලා... චැනලින් සෙන්ටරුත් තියෙනවා..... 

බැලුවාම ඔක්කොම නගරද කියලා හිතෙන සයිස්සෙකට පෙරලිලා තියෙන්නේ...  ගම මොකක්ද නගරේ මොකක්ද කියලා හිතාගන්න බෑ... ගම්පෙරලියෙන් කියන්නෙත් මේ කතන්දරේමනේ....

ඒත් ඇත්තටම මේ නඟර කියන ඒවා නඟරද.. මොන පිස්සුද.... ගම නගරෙට ඇවිල්ලා එච්චරයි.... අවුට්ලුක් එකේ චේන්ජ් එකක් තිබ්බට ඔළුගෙඩිය  චින්තනය අමු ඩොටේ... ඔය මහරගම කියන්නේ අමු ගං කබරු ඉන්න ගමක්... පමුණුවේ රෙදි ගන්න ඉන්න සෙට්ටෙක බලන්න... අමු ගං කබර... අර ගමේ පොල ගෙනැල්ලා දෙල්කඳට... එතන ගං කබරු වැහි වැහ්ලා....    එතකොට ඔය මහරගම තියෙන කීල්ස් සුපර් මාර්කට්... ටිකක් පොෂ් ෂොපින් සෙන්ටර් වල ඉන්නෙත් ගං කබරුද .... ආයෙ අහලා.... එහේ නෙමේ වන් ගෝල්පේස් එකෙත් ඉන්නේ ගමේ බුවාලා..... ඔය පොෂ් කියන අයගෙ ගං කබර බව හොඳට පෙනුන වෙලාවක් තමා අර විවාහක රූප රැජිණිගේ ක්‍රවුන් එක ගලවපු වෙලාව.. එයාගේ ක්‍රවුන් එක ගලවපු වෙලේ ගොඩාක් අය තමන්ගේ රෙදි ගලෝගෙන හෙලිවැල්ලෙන් ඩාන්ස් කලා.. ඒ සෙට්ටෙකම ආයෙත් කැබරෙ එකක් දැම්මා අර ලොහාන් ප්‍රිස්න් එක පෙන්නන්න ගිය වෙලාවෙත්..

මේක හොඳටම ඔප්පු වෙන වෙලාව තමා සිංහළ දෙමල අලුත් අවුරුද්ද... කොළඹ ගම හා ඒ අවට ගම් සියල්ල පාලුවට යනවා.... ඔක්කොම යනවා ඔරිජිනල් ගමේ.... ඒ ගියා කියලා වෙනසක් නෑ... මෙහේ ජීවිතේම තමා... හැබයි ඉතින්  ඔරිජිනල් ගමේ උන්ට ෂෝඑක පෙන්නන්න හොඳ වෙලාව... දරොවෝ ඉන්නේ ලන්ඩන් නිව් යෝක් මෙල්බර්න් කියලා මාර ටෝක්ස් ටිකක් දෙනවා...

එතකොට එහේ ගියාම නාගරික ජීවීන් වෙනවද.... මොන පිස්සුද.... ඉගෙනගෙන ඉවරවෙන කොටම කේන්දර දෑවැදි එක්ක කසාදයක් හොයනවා... නැකත්  බලලා බඳිනවා... පිරිත් කියනවා... බණ අහනවා... සිල් ගන්නවා... දයම් පාසල් යනවා... බෝධී පූජාත් තියනවා... වෙද මහත්තුරුත් ඉන්නවා... මාතර බත් කඩේ තියෙන්වා... කිරි හොදි ඇඹුල් තියාක් කරෝල නැතිව බත් ටික ගිලෙන්නේ නෑ....

ඒ නිසා මම නම් කියන්නේ ඕක මහරගම නෙමේ... මෙල්බන් හන්දියේ තිබ්බත් කිසිම අවුලක් නෑ.... මොකෝ මෙල්බන් හංදියේ උන්නත් ඉන්නේ අර මෙහේ හිටපු අමු ගං කබරු සෙට්ටෙකම තමා... උන් ගතින් එහේ... සිතින් මෙහේ....

ජෙප්පන්ට නම් කියන්න තියෙන්නෙ... මිනිස්සු කලකිරිලා ඉන්න වෙලාවේ ඔය කලකිරිලා ඉන සෙට්ටෙක අල්ලන්න ඔහොම නම් බෑ ගොයියෝ කියලා තමයි... ඔන්න සජියා බැහැලා ඉන්නේ ගේමට... ඒ වගේ ක්‍රම නැතුව මේ තුන්ඩු බෙදලා කඩ වැහුවට තුන්ඩු බෙදලා චන්ද ගන්න නම් හම්බෙන්නේ නෑ.....

ඒ ගැන ඉස්සරහට කතා කරමු...

ඔක්කෝටම කලින් ෆේස්බුක් බලකාය හදාගෙන ඉන්න ඕන... උන්ගේ කක්කා කන කතා... අශූචී කන කතා... ටොයිලට් වල කඩාගෙන කාපන් කතා වලින් පෙන්නන්නෙ උන්ගේ අශිෂ්ඨත්වය... කොටින්ම සක්කිලි ගම් කබර ගතිය... මේ කාඩර් එක හදා නොගත්තොත් නම් අලුතෙන් චන්ද ලැබෙන්නේ නෑ....





Nov 2, 2021

එක රටක් එක නීතියක් හා තුන් බියක්

 


වීඩියෝවට මේ අකුරු උඩ ඩබල් ක්ලික් කරන්න


මාතලනුත් හීනියට පොඩි යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා නේ.

අපිත් ඉතින් හමන සුළඟේ ගහගෙන නොගියොත් නිකංම නිකං මයිනෝ වෙනවා.

දැනට තුනක් කළා, මේ හතරවෙනි එක.

ඔය මගේ රෙදි ගලවන උන්ට එතනත් රෙදි ගලවන්න පුලුවන්.