.

.

Feb 28, 2021

පාස්කු ප්‍රහාරයෙන් ආන්ඩුවට ගැලවීමක් නැත.

 


මේ ආන්ඩුව බලයට පත්වන්නේ පසුගිය පස් වසරේ පැවති මෙලෝ රහක් නැති ආන්ඩුව නිසාය. එම ආන්ඩුවේ අසාර්ථකත්වය වඩ වඩාත් ඉස්මතු වූයේ, වෝනින් 96 ක් පැමිනිලාත් වලක්වා ගැනීමට තිබූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමට ක්‍රියා නොකිරීම නිසාය. මෙවන් ප්‍රහාරයක් එල්ල වන බව, පක්ෂ විපක්ෂ සියල්ලෝම දැන් සිටියහ. එහෙත් ඇත්ත කිව්වේ ආරක්ෂක ලේකම් ලෙස උන් හේමසිරි ප්‍රනාන්දූ පමණි.

ඒ යකා කිව්වේ… අපි මෙහම ප්‍රහාරයක් වෙන බව දැනගෙන උන්නා. ඒත් මේ වගේ ගහයි කියලා හිතුවේ නෑ කියලාය. යහපාලනේ හත් පොලේ ගාගත්තේ මේ මී හරකාගේ මේ ප්‍රකාෂයත් එක්කය.

අගමැති කෙසේ වෙතත් සිරිසේනත් මේ බව දැනගෙන උන් බව පාස්කු කොමිසමේ අසන ලද හරස් ප්‍රශ්ණ වලදි එලි උනේය. පොර රටින් මාරූ වූයේ ඒ නිසාය. එයිටාමතරව දහම් සිරිසේනගේ මඟුලට පවුල් පිටින් ෂොපින් යාම ප්‍රධානම අරමුණ විය. මේක කොමිසමේදි කියන්නට එකෙකුට හෝ කොන්දක් තිබ්බත් නැතිය.

කෙසේ හෝ එවන් කාළකන්නි ආන්ඩුවක් පරාජය කිරීමට බොරු පොරොන්දු දෙන්නට ඕනා උනේ නැතිය. ඒ අවස්ථාවේ තිබුන තත්වය අනුව ඝෝඨාභය උන්නැහේ නොව ටට්යානා නෝනා චන්දයට දැම්මත් රාජපක්ෂලා මේ ලද 69 ලක්ෂේ කොහොමත් ලැබෙනවාමය. එහෙත් දැන් මේ ආන්ඩුවට ගැලවීමක් නැත්තේ.., ඒ චන්දය වෙලාවේ ජාතීවාදින් විසින් දඩයම කරේ නොව ඔළුවේම තබාගෙන ගිය නිසාය.

අද සිද්ධවෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්තය. දැන් දඬයම කරපු උන්ම කිසිම බයක් නැතිව දඩයම ඔළුවේ තබාගෙන යන්නේ පෙරහරේය. කොමසම එකම විගඩමක් වී අවසානය. කොමිසම දාපු සිරිසේනවත් ඌගේ පිලේ උන්වත්, ආන්ඩුවේ උන්වත්, විපක්ෂේ උන්වත්, ප්‍රහාරයේ වින්දිතයන්වත්, වින්දිතයන්ගේ ආගමික නායකත්වයත්, ඒ ප්‍රජාවවත්, කොමිසම් ගහන බයිලා පිලිගන්නේ නැතිය.

ඇත්තය.., පඩත්තල සිරිසේනට මෙයින් කිසිදා ගැලවිය නොහැකිය. පොර රටේ එවකට උන් නායකයාය. රාජ්‍ය ආරක්ෂාව බාර එකාය. එහෙත් උන් කරේ රට පාලනය කරනා එක නෙමේය. බලය ආරක්ෂා කර ගැනීම හා පන පිටින් දිවිය ලෝකේ ගිය ආතල් එක ගන්නා එක පමණය. පැජට් පාරේ මාලිගාව ඊට හොඳම උදාහරණයයි. අවසානයේ පොර නැවතත් රාජපක්ෂලාට කෙලින්න, එතනටම රිංගා ගැනීමටත් සමත්, මහින්දටත් එහා ගල් ආඳෙක් උනේය.

මේ ආන්ඩුවට මේ මොහොතේ නිරාකරණය කර ගත යුතු කරුණු 3 ක් ඇත.

1. පාස්කු ප්‍රහාරය සිඳුකල කණ්ඩායම හෙලි කර ගැනීම

2. වැක්සීන්කරණය නිසි ක්‍රියාදාමයක් යටතේ ක්‍රියාත්මක කිරීම.

3. ජනතාවට සාධාරණ මිළට ලබා දෙනවා කියූ සහල් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල ලබා දීම.

එයින් ප්‍රධානම කරුණ වන පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් එලි කිරීම ආන්ඩුවේ ප්‍රමුඛතම කරුණ වන්නේය.

කාදිනල් හිමිපානන් විසින් ලබන ඉරිදා කළු ඉරිදාවක් බවට පත් කර අවසානය. සිරිසේනගේ පිල වක්‍රාකාරයෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ මෙම ප්‍රහාරය පසු පස සිටිනා බවය. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ නාමල් කුමාර නම් වට පඩත්තලයා ලබා දුන් කට උත්තරයය. එනම් සිරිසේන හා ඝෝඨාභය යන දෙදෙනාම මරා දැමීමට සැලසුම් කර තිබූ බවයි.

මෙය බැසිල්ට පමණක් නොව මුලු රාජපක්ෂ පවුලටම එල්ල වන කළු පැල්ලමකි. මේවාට කට පුක වසාගෙන සිටීම ආන්ඩුවේ පරිහානියටම හේතු වන්නේ, දැන් ආන්ඩුව ඇතුලෙන්ම බැසිල් රාජපක්ෂ එල්ල කරගනිමින් යන කුමන්ත්‍රණය හේතුවෙන්මය.

කොමිසම කළේ, ඒ කාළේ කෝපී කඩේ, ගමේ බෝක්කුවේ, ළිඳ ළඟ සංගමයේ කරනා වැඩක්ය. එක එකා ගෙනත් එක එකාගේ කේලම් අහනා එකය. ආපු හැම එකාම කිව්වේ අනේ මඤ්ඤෑ අරූගෙන් අහන්න එයා ඤමයි ඤන්නේ කියලාය. මුන් ඔක්කෝම ආන්ඩුවේ පින් පඩි කෑ කාළකන්නින්ය.

ප්‍රහාරයට වග කිව යුත්තෙක් හොයන්න කොමිසම කිසිම ඉන්වෙස්ටිගේසොන් එකක් කළේ නැතිය. ඒ වෙනුවට මේ රටේ කිසි කාළයක කළ නොහැකි නිර්දේශ වගයක් පත හෑලී සේ ලියලා තියෙනවාය. ඕවාට කෝටි ගනන් වියදම් කරලා කොමිසම් තියන්න ඕනා නැතිය. ඉස්කෝලේ යන පොඩි උනුත් ඔය කතන්දර විවාද්වලදි කියනවාය.

මද්‍රාසා පාසල් ටික වහගන්න බැරි, කළු ගෝනී පඩංගු ටික ගලවා විසි කරන්න බැරි මේ ආන්ඩුව, ඕවා කරයි කියලා හිතනවා නම්, ඒවා පට්ට විහිළුය. මහින්ද මහත්තයා ඊයේත් පන්සල් ආතල් එකක් ගන්න ගමන් පන්සලේ ඉඳන් කිව්වේ, දහම් පාසල් අජ්ජාපනයේ මහා කුසල කර්මය. දැන් උන්දෑ සාමනේර හිමිවරුන්ගේ දෙමව්පියන්ට ගේකුත් හදලා දෙනවාය. ඒක මහා පුන්නකරුමයක් කියලා නායක හාන්දුරුවරු අනුසාසනා දෙසනවාය.

කොමිසම් වාර්තාවේ තවත් වෙළුම් තිබුනාට ඒ ඔක්කොම අර ළිඳ සංගමේ බයිලා බව ඉතා පැහැදිලිය. මන්ද, එලිදැක්වූ කොටසේ නිර්දේශ තුල ප්‍රහාරයට සම්බන්ධ උන් ගැන කිසිම හෝඩුවාවක් හෝ නැති නිසාය. උන් ගේම දෙන්න හදන්නේ බෞද්ධයන්ට පමණය. රනිල් වික්‍රමසිංහද මේ බව සඳහන් කොට තිබිනි. උන්නැහේ කීවේත් කොමිසම හදන්නේ බෞද්ධාගම රටෙන් නැති කරන්නටය කියලාය.

කොමිසමත් තෙල් සල්ලි වලට යටත් උනාද කියා අපට සැකයක් එන්න, චෝදනා එල්ල වූ උන්ගේ නමක් ගමක් වත් මේකේ නැති නිසාය. සියල්ල ශුද්ධවන්තයන් කර අවසානය.

දැන් විමල් වීරවංශටත් පැරදුන ආන්ඩුවේ වාචාලයින් දාලා බොරුවට විපක්ෂයේ උන් දඩයම කරේ තියාගෙන යන බයිලා ගහලා ආන්ඩුවට බේරෙන්න බැරිය. මෙය රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය පිළිබඳ අභියෝගයකි. කතෝලික ආගමේ චන්ද සියල්ලම අහෝසී වී යමකි.

මෙහිදි සජිත් ප්‍රේමදාස ළකුණු දමාගෙන අවසානය. ප්‍රහාරයේ චෝදනා එල්ල වූ සියල්ලන්ම ළඟ තබාගෙන ඔහු ඔහු කියන්නේ. තමා බලයට පැමිණි විගස පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියල්ලන්ම තරාතිරම නොබලා මරා දමනා බවය. වැඩේ ලේසී වෙන්නේ නැතිය. රාජපක්ෂලා හිරේ දමාපු උන්, අකුදිලා ශානිලා වගේ සෙට්ටෙකක් දමා ඒ වැඩේ නොකරාවි යැයි කියලාත් කියන්නට බැරිය.

ඔහු එසේ ඇඟිල්ල දිඟු කරන්නේද ආන්ඩුවටය. සජිත්ගේ කසිප්පු කාරයාද කෙලින්ම චෝදනා කරන්නේ ආන්ඩුවටය. දයාසිරි වටෙන් ගොඩින් කියන්නේ බැසිල් ගැනය. දැන් සිරි ලංකා නිදහස් පක්ෂයම ඊට එකතු වී ඇත. උන් කියන්නේ උන්ගේ පක්ෂය නැති කරන්න කොමිසම උපයෝගි කර ගන්න යනවා කියලාය.

අපි දන්නා තරමින් මේ ආන්ඩුව පත් වීමෙන් පසුව හෝ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සෙවීමට ආරක්ෂක අංශ විසින් කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නැත. ඒ බව කොමිසමේදීද ඔප්පු විය. නමුත් විය යුත්තේ එයයි. වහාම ආර්ක්ෂක අංශ හා බුද්ධි අංශ මේ පිළිබඳව වගකියව යුත්තන් ලෝකයාට හෙලි කල යුතුය. උන් ආන්ඩුවේද විපක්ෂයේද් කියනා එක රටේ සාමය අපේක්ෂා කරනා උන්ට අදාල නැතිය.


ඒ වගත් මෙසේය..


Feb 24, 2021

අනේ තොපේ සදාචාරේ... රෝල් කරලා ගහගනින් තොපේ අරකේ..

ෆොක්ස් නිව්ස් වල සුදු නෝනා කෙනෙක් තමන්ගේ පොඩි එකක් එක්ක ඉන්න පොටෝ එකකට අපේ හු. පු. ලා දාන්න පුලුවන් උපරිම පඩත්තල කොමෙන්ට්ස් දාලා දැන් ලංකාවේ ගෝත්‍රික හැත්තට ඒ එකවුන්ට් එකට යන්න බැරි වෙන්න සෙටින්ග්ස් හදලලු.

ඒ පාර අපේ අපේ වේ. පු. ලා VPN වලින් යනවලු. ඒ සුදු නෝනගේ ට්විටරේ රෙනවලු. අපේ උන් ඒ තරම් තිරිසන්නු..

මට තියෙන අවුල ඕක නෙමේ... 

මම දැක්කා කලින් ආසියාවේ ළොකුම මොළේ කරතියාන ගිහින් සෙන්න බරවෙලා.. දැන් බූරුවෙක් කර තියාන යන...  උගත් බුද්ජිමත් වෙන්න ටොයි රැඩිකල් සිහිණ ටොයි ප්‍රජාවයි.. තමන්ගේ පක්ෂයේම නිරූපා සේරසිංහ සහෝදරියට පඩත්තල කතා කියපු.. ගෝත්‍රික සැට්ටෙකයි එකතුවෙලා බයියන්ගේ පලු අරිනවා ඒ කොමෙන්ට්ස් ඔක්කොම දාලා තියෙන්නේ බයියොය... බලන්න ඒ කරන වැඩෙන් රටම නෝන්ඩි වෙනවානේ කියලා....

බයියොත් ඕවට චැම්පියන් කියන කතාව පැත්තකින් තියමුකෝ... ඔය රැඩිකල් සැට්ටෙක ඉල්ලන්නේ අදහස් ප්‍රකාෂ කිරීමේ මාර නිදහසක්... ලිබරල් නායකයෝ මේ ළඟදිත් කියලා තිබ්බා, කුණුහබ්බ කියන්න අපහාස කරන්නත් පූර්ණ නිදහස් තියෙන්න ඕනය කියලා.. ඒ මදිවට අනික් මත ඉවසන්න පුලුවන් වෙන්න ඕනෙයි කියලත් තිබුනා... ඒකට නම් පස්ස පැත්තෙන් යන්න පටන් ගත්ත හිනාව නවත්ත ගත්තේ ඉමෝඩියම් එකක් ගහලා...

ඕකුන්ගේ පුච හීනීයට කෙනිත්තුවත් අන්මත ඉවසීම කෙසේ වෙතත් එක්කෝ අන්ෆ්‍රෙන්ඩ් කරයි. එක්කෝ බ්ලොක් කරයි. නැත්නම් දායක සභාව දාලා කුණුහබ්බ වපුරයි. ඕකුන් ඔක්කොම දායක සභා හදාගෙන ඉන්නේ චැට් ගෲප්, වට්ස්සැප් ගෲප් දාගෙන. ගූ බෙට්ටට වහන නිළ මැස්සෝ වගේ ඒ නිළ මැස්සො ටික පෝස්ටෙකට හරි කොමෙන්ට් එකට හරි රියැක්ට් කරන්නේ විනාඩියක් යන්න කලින්. නැත්නම් අරුන්ගේ මැම්බර්ෂිප්පෙකෙට කෙලවෙනවා. 

ඕකුන්ට සදාචාරෙයි රටේ ගවුරවෙයි ඔක්කොම මතක් වෙන්නේ සුද්දෙක්ට හරි වෙන ජාතිකය එකෙක්ට හරි කෙල උනාම ඉතරයි.. ඕකුන් පට්ට ආතල් ගන්නේ මේ දවස්වල ජීනීවා වල ඉන්න සුද්දි මෙහේට ලෙඩේ අදින නිසා... 

3% ගෝත්‍රික හැත්ත ගැන කියන්න දෙයක් නෑ නේ... ඕකුන්ගේ සබ්බත්තෙයි සදාචාරෙයි රෙද්ද පල්ලෙන් බේරෙනවා... බොරුනම් හීනියට ගහලා පෝස්ටෙටකක් දාලා බලහන්කෝ මම කියනවට... අම්මගෙන් ජාතක උන තැන ඉඳලා බල්දි කක්කුසියට යනකන් කතා ටිකක් අහගන්න පුලුවන්...

අනික ඔය පක්ෂ දෙකේම නායකයෝ පවා අර යූක්‍රේනයෙන් ආපු සුද්දියන්ට කිව්වේ පට්ට පඳුරු ඩේසියෝ කියලා... නිකන් නෙමේ උත්තරීතර පාර්ලිමේන්තුවෙත් කිව්වා... ඒවා හැන්සාඩ් ගත වෙලත් අවසන්...

දැන් ඒ සුදියොන්ට ආපු නැති අනුකම්පාවක් මේ සුද්දි කෙරේ පහළ වෙලා...

අනේ තොපේ සදාචාරේ...

රෝල් කරලා ගහගනින් තොපේ අරකේ..

අම්මගෙ රෙද්ද තාම වැලේ...

Feb 20, 2021

අවුරුද්දට ලාබෙට බත් වෙනුවට පාන් පුඩින් කාපල්ලා

බන්ධුල ගුණවර්ධන හා මහින්දානන්ද අළුත්ගමගේ කියන්නේ ඇමතිකම් ගත්තාට මෙලෝ දෙයක් නොකරපු කයිවාරූ කාරයෝ දෙන්නෙක්ය. දෙන්නාටම මේ වතාවේ දුන්නේ ඇදගෙන නානා ඇමතික්ම් දෙකක්ය. බන්ධුල නම් කොහොමත් විහිළු කාරයෙක් වී අවසානය. දැන් අපිට තවත් ජෝකර් කෙනෙක් ලැබී ඇත. ඒ මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාය

මහින්දානන්ද නියම පරිප්පුවක් කන බව මාතලන් කිව්වේ ඔය පත්වීම ලැබුන දා ඉදලාය. ලංකාවේ තියෙන්නේ හාල් මාෆියාවක් බවත් මහින්දානන්දට තබා ගෝඨාභයටවත් ඒ මාෆියාවට එහා යාමට නොහැකි බවත්, එසේ ගියහොත් එය මහා විප්ලවයක් බවත් මාතලන් ලියූවේය. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යනු පට්ට සුදු අලියෙකි. උන්ට භවභෝග ගැන හෝ අස්වැන්න ගැන හෝ පසු අස්වැන්න ගැන හෝ වගා සීසන් ගැන හෝ අතිරෙක භෝග ගැන හෝ යටි වගාවන් ගැන හෝ මිශ්‍ර භෝග ගැන හෝ පශු සම්පත් ගැන හෝ මෙලෝ දෙයක් ගැන  කිසිඳු අවබෝධයක් නැති..., නවීන වගාක්‍රම පිලිබඳ පර්යේෂණ පිළිබඳ කිසිඳු දැනීමක් නැති.., කිසිඳු දත්තයන් නැති..., අමු කාළකන්නි නිළධාරීන් පිරිසක් හා සේවකයින් පිරිසක් ඉන්නා කාළකන්නිම ආයතනය බව මනාව ඔප්පු වෙන්නේ.., පෞද්ගලික කෘෂි ආයතන සියල්ල අධික ලාබ ලබන ඔවුන්ගේ ගොවීන් සුපිරි ජීවිත ගතකරන පිරිසක් බවට පත්කර අවසන් වීමෙන්මය. 

ඕකුන් සමඟ කරන්න පුළුවන් මෙලෝ දෙයක් නොමැති බව මාතලන් කීප වරක්ම ලියලා තියෙනවාය. කිව්වා වාගෙම උන් ටික එකතු වී මේ වතාවේත් මහින්දානන්ද නාවමින් සිටින්නේය. එයත් ඇදගෙනම  නාමින් සිටී. 

හාල් මාෆියාවට රැකවරණය ඇත්තේ දේශපාලනය තුලමය. මාෆියාවේ නායකයින් දෙදෙනාම වත්මන් ආන්ඩුවට සම්බන්ධය. ඒ ඩඩ්ලි සිරිසේන හා සිරිපාල ගම්ලත්ය. සිරිපාල ගම්ලත් වත්මන් ආන්ඩුවේ ඇමතිවරයෙකි. ඩඩ්ලි සිරිසේන මෛත්‍රීපාල සිරිසේන උන්නැහේගේ එක කුස උපන් සහෝදරයාය. ඒ මාෆියාවේ නායකයාය. 

වී අලෙවි මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරුන්. කෘෂි උපදේශකවරුන්, අධ්‍යක්ෂකවරුන් සියල්ලම ඉන්නේ උන්නැහේගේ සාක්කුවේය. මහින්දානන්දත් ඉන්නේ එයාගේ සාක්කුවේද කියා කියන්න අපි දන්නේ නැතිය. කෙසේ හෝ ඝෝඨාභය මහත්තයා විසින් කෘෂිකර්ම අමාත්‍යශයේ ලේකම් ලෙස පත් කරන ලද විශ්‍රාමික හමුදා නිළධාරි මහතා නම් ඉල්ලා අස්වෙලා තිබෙනවාය. උන්නැහේට තනතුරට වඩා උන්නැහේගේ ආත්ම ගෞරවය ඊට වඩා වටිනවා විය හැකිය.   

ජනාධිපතිතුමාට සහල් මිළ අඩු කිරීමේ අවංක චේතනාවක් තිබුන බව අප පැහැදිලිවම දුටුවේය. මැනිං වෙළඳ පොලේ අහිංසක වෙළෙන්දෙක්ගේ කන පලන්න ගිය මේජර් උන්නැහේ ඩඩ්ලි වෙත යැව්වේ ඒ නිසාය. එහෙත් මැනිං මාර්කට් එකේ මේජර් කෝඩ් ප්ලේ කල මේජර් උන්නැහේ, ඩඩ්ලි ගාවදි ප්ලේ කලේ මයිනර් කෝඩ් එකෙන්ය. "අනේ පුළුවන් නම් මක්කා හරි කරන්නෙයි...." කියා නැට්ට පුකේ ගසාගෙන උන්නැහේ කොළොන් තොටට ගොඩ බැස්සේය. දැන්නම් උන්නද මළාද කියා හොයා ගන්නත් නැතිය. 

ඝෝඨා එක්ක සෙල්ලම් බැරි බව දුටු මාෆියාව අල්ලා ගත්තේ.., හිත හොඳ මහින්ද මහත්තයා හා බිස්නස් කාරයන්ට ආදරේ කරනා බැසිල් රාජපක්ෂ උන්නැහේය. අන්තිමේ පාලන මිල බල්ලාට ගියේය. හාල් මිළ අභ්‍යාවකාෂයට ගියේය. පාරිභෝගිකයාට තරු පෙනුනේය.

එයාලාට 69 ලක්ෂයට වඩා එයාලා බලයට එන්න මුදල් විසිකල මාෆියා කාරයෝ ලොකුවිය. දහසක් පොරොන්දු දී චන්දය වෙනුවෙන් කඩේ යැවූ කුඩා හාල් මෝල් හිමියෝද අමතක කරන ලදි. සහල් මාෆියාවට හා පොලොන්නරු උකුස්සාට එරෙහිව පෝට්ටුවේ රොෂාන් රණසිංහට ශක්තියක් උනේ මේ පිරිසය. අද රොෂාන් රණසිංහ මාළු බාන්නේ උකුස්සෝ එක්කය. කන්නෙ බොන්නේ ඩඩ්ලි එක්කය. කුඩා සහල් මෝල් හිමියන්ට මෝල් කලන්තේය. උන්ට කන්න වෙන්නේ දෙයියන්ගේ හාල්ය.  

ගිය කන්නයේ වී අස්වැන්න එන කොටම මහින්දානන්ද හා බන්ධුල පොර ටෝක් දුන්නේය. ඒ සැරේ බන්ධුල පොලොන්නරුවේ ගොස් අයියා  පාට්දමා ආවේය. වැඩි මිළට හාල් විකුණන උන්ට බඩු බනිස් යැයි කිව්වේය. බන්ධුලට නැට්ට පුකේ ගහගනින් කියා ඩඩ්ලි කරේ තවත් හාල් මිළ වැඩි කරනා එකය. හාල් මිළ වැඩි නම් විකුණන එකා අල්ලා හිරේ දාලා හරියන්නේ නැතිය. හිරේ දාන්න ඕනා මිළ වැඩියෙන් තොග නිකුත් කරනා එකාය. හැබයි ඔක්කොම අයියලා ඉන්නේ පොරගේ හිර කූඩුවේය. 

මේ සැරේ අස්වන්න එන කොටම මාෆියාව හා එක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උන් එක ගුලියක් නොව ගුලි දෙකක්ම මහින්දානන්දට දුන්නේය. පැලවෙනි එක මිළ වැඩි කරනා එකය. දෙවනි එක ආන්ඩුවට කිලෝ 1000 විකුණන්නේ නැත්නම් තොපිට පෝර දෙන්නේ නැතෙයිය කියලාය. දැන් සිරිසේනලා සිරිපාල ගම්ලත්ලා ගිනා වෙන්නේ පුකෙන්ය. ගොයියෝ කිව්වේ තොගේ පෝර මල්ල රෝල් කරලා තොගේ පුකේ ගහහනින් කියලාය. කඩේට පෝර දාපන් අපි සල්ලි දීලා කඩෙන් ගන්නම් කියලාය. ඒකෙන් පෝර සහන මිළට දෙන එක හෝ නොමිළේ දෙන එකටත් ලබුනේ මරු පහරකි. 

ආන්ඩුවට කිලෝ දාහක් ආන්ඩුවේ මිළට දෙන්න පුකේ අමාරුවක් ගොයියාට ඇත්තේ නැතිය. කෝල් එකක් දුන්න ගමන් මාෆියාව කමතටම ගෝනිත් අරගෙන ඇවිත් කිලෝ එකට ආන්ඩුවෙන් ගෙවන ගානට වඩා රුපියල් 5 - 10 ක් වැඩිපුර සල්ලිවලින් අතටම දී අරගෙන යනවාය. වාහන කුලියට ගෙන වී අලෙවි මණ්ඩලේ උන්ගේ ගෝ ප්‍රාදේශීය ලේකමාගේ පාට් බලන්න යන්න ඕනා නැතිය. 

මේ සැරේ හැම එකාම වවලා තියෙන්නේ නාඩුය. ඒකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උන්ගේ මරිමෝඩ තීන්දු නිසා අත්වූ ඉරණමකි. ඕනෑම වර්ගයේ වී කිලෝ එකක් මිළදී ගන්නේ එකම මිළකටය. නාඩු වැව්වත් සම්මා වැව්වත් කීරී සම්බා වැව්වත් ලැබෙනා මිළ එකමය. එහෙත් ඕවායෙන් අස්වැන්න වැඩියෙන් ලැබෙන්නේ නාඩු වලින්ය. ඉතින් නාඩු වවනා එක ගොයියන්ට ලාබය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ගේ මොළ අප ආරක්ෂා කළ යුත්තේ මේ නිසාය. 

දැන් මාෆියාව නාඩු මිළදී ගන්නා වැඩේ පටන් ගෙන අවසානය. කොහොමත් මේ සැරේ වෙළඳ පොලට නාඩු එන්නේ කොට කිළෝව රුපිට්යල් 125 - 130 ක් වූවත් අප කලබල වෙන්න ඕනා නැතිය. බන්ධුල වැඩි මිළට හාල් විකුණන උන් ඇල්ලුවොත් උන් හාල් විකුණන එක නවත්තලා දානවාය. දැනටත් වෙළඳපොලේ සම්බා ඇත්තේ නැතිය. ඇනික් හාල් වර්ග වලත් හිඟයක් තියෙනවාය. 

ඒ හන්දා අළුත් අවුරුද්දට මහින්දානන්දගේ අඩු ඉළට හාල් වලින් කිරිබත් කන්න උන්ට අපට කියන්නට වෙන්නේ පොල් කිරි හොද්දක් හදාගෙන පාන් කාපන් කියලාය. 

කොහොමත් අපි එදා ඉඳන් කියන්නේ වී වගාව ලංකාවට ගැලපෙන්නේම නැති වගාවක් කියලාය. ජනතාවගේ ප්‍රධානම ආහාරය නිසා ඩඩ්ලිලාත් සත පහකට බයක් ඇත්තේත් නැතිය. උන් ආන්ඩුව පිටරටින් හාල් ගෙනෙනා එකත් නවත්තලාය. පිටරටින් හෝ ගෙනත් අඩුවට දෙන්නට ආන්ඩුවේ ප්‍රතිපත්තිය අනුවත් බැරිය. වී වගාව නතර කරන්නත් ආන්ඩුව බයය. 

ඔය වගාවට විනාශ කරනා මහා ජළ කඳ අති විශාලය. ජළය අඩුවෙන් හෝ නොමැතිව වගා කළ හැකි වී වර්ගයක් හොයාගන්න අවුරුදු 73 ක් ගිහිල්ලත් බතලේගොඩ වී පර්යේෂණාගාරයේ ඉන්නා හරකුන්ට බැරිය. ඒ නිසා කුඹුරුවල තනකොළ වවා කිරි වලින් රට ස්වයංපෝශිත කිරීමේ වැඩ කටයුත්ත කලොත් මහින්දානන්දගේ ඒ සිහිණය හෝ සැබෑ වනවා ඇතිය. 

එමෙන්ම අතිරික්ත තණකොල අස්වැන්නක් ලැබොනොත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ටත් දෙන්නට පුළුවන්ය. එහෙම නැත්නම් මෙඩිකල් කැනබීස් වගා කොට පිරට පටවා ගොවියාත් රටත් ආන්ඩුවත් ඔක්කෝම ගොඩ ගන්නට පුලුවන්ය. එහෙත් එවන් තීරණ වලට යන්න ආන්ඩුව බයය. 

අභ්‍යන්තර කැරළිත් එක්ක ආන්ඩුව ඉන්නේ ජනතාවගේ අප්‍රසාදයට පත් වෙලාය. ආන්ඩුව විමල්ටත් බයය. ඩඩ්ලිටත් බයය. හැබයි ඔය ඔක්කෝටම වඩා බලවත් මහජනතාවට නම් රාජපක්ෂලා බය නැතිය. එයාලාගේ රිටර්න් එක ඔය ඩඩ්ලිලාගේ පාරවල් වලට වඩා සැරය. 

අපිට ආන්ඩුව ගැන මාරම දුකය...
විශාල බලාපොරොත්තු තබා ගෙනා.. ඝෝඨාභය ගැනත් දුකය..
චන්ඩි කියා හිතාගෙන උන් රාජපක්ෂලා ගැනත් මාරම දුකය..
කයිවාරූ කාරයෝ වන බන්ධුලලා මහින්දානන්දලා ගැනත් දුකය


ඒ වගත් මෙසේය...



Feb 19, 2021

ජය විමල් සතු විය…!!!

 

කාළයකට පෙර අහුන්ගල්ලේත් සත්තු වත්තක් තිබුනා කියා අද පරපුරේ බොහෝමයක් දන්නේ නැතිය. දන්නා උන්ට මතකේ ඇත්තේ නැතිය. වත්මන් දේශපාලන වාතවරණයට යමෙක් පාඩමක් ඉගෙන ගන්නේ නම්, අහුන්ගල්ලේ සත්තු වත්ත ඊට හොඳම උදාහරණයක්ය.

අහුන්ගල්ල සත්තු වත්ත තිබුනේ අද “හෙරිටන්ස් අහුන්ගල්ල” ලෙස හඳුන්වන තරු පහේ හෝටලය ඉදිරිපිට පෞද්ගලික නිවසකය. ඒ කාළයේ ඒ හෝටලයේ නම් “ට්‍රයිටන් අහුන්ගල්ල” නම් උනේය.

මේ සත්තු වත්ත පෞද්ගලික එකක් උනේය. ඕනර් කුරුල්ලන්ට ආදරේ කරන්නෙක් උනේය. පොරගේ කුරුළු එකතුව හෝටලයට එන සුද්දන්ගේ ජනප්‍රිය ස්ථානය උනේය. මුලින්ම නොමිළේ පෙන්නු බර්ඩ් කොලෙක්සොන් එක පස්සේ පෙන්නුවේ මුදලටය.

අහල පහළ හෝටල්වලටන එන සුද්දන් අතරේත් කුරුළු උයන ජනප්‍රිය උනේය. පොර කලේ වෙනත් සත්තුත් මේ “මිනි සූ” එකට එකතු කරන එකය. වැඩේ නැගලාම ගියේය. අපේ රටේ උන්ද වැල නොකැඩි එන්න පටන් ගත්තේය. අන්තිමේදි මේ යකා හැරෙන්නවත් බැරි හිච්චික්කිතර කූඩුවලට සිංහයෝ හා කොටිත් ගෙනත් දැම්මේය. අවසානයේ පාස්ල් චාරිකාවල නවාතැන් පොලක්ද උනේය.

පොර ඒකෙන් සැනසුනේත් නැතිය. කොටි හා සිංහයෝ එක්ක හුරතල් වෙන්නත් අවස්තාව ලබා දුන්නේය. පොර කිව්වේ සත්තු ඒ තරමටම තමන්ට හීලෑය කියලාය. හැබයි ඇත්ත කතාව උනේ ඕක නෙමේය. සත්තු වත්ත ජනතාවට විවෘත කිරීමට පෙර පොර සත්තුන්ට මත් වෙන බෙහෙත් දුන්නේය. සිංහයෝ හා කොටියෝ උන්නේ ගංජා ගහපු උන් වගේය. අයිතිකාරයා උන්නේ මාරම ත්‍රිල් එකේය.

“සිංහයා කැළැයෙන් එලියට ගෙන ආ හැකි මුත්. කෑළේ සිංහයාගෙන එලියට ගෙන ඒම බොරු” කියා චිර ප්‍රසිද්ධ ඉන්ගිරිස් කියමනක් ඇත්තේය. ඒ වගේම, “කැලේ වෙනස් උනත් කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑ” කියාත් කියමනක් ඇත්තේය.

දිනක් සත්තු වත්තට ආ කුඩා දරුවන් පිරිසක් සත්තු වත්ත නරඹමින් යන අතරේ සිංහයා එක්කත් හුරතල් වෙන්න ගියේය. ඌ අත පත ගාන්න ගියේය. සිංහයාත් ගේම දෙන්නේ හොඳම අවස්ථාව හා දුර්වලම ගොඳුර හොයලාය. ඔක්කෝම බලාගෙන සිටිද්දී සිංහයා දරුවාගේ ඔළුවම කෑවේය. අවසානයේ ආ විරෝධත මධ්‍යයේ සත්තු වහලාම දාන්න උනේය.

කලින් උන්න කුරුල්ලෝ ටිකට අමතරව “සුරතල් සතුන්” ටිකක් එක්ක වැඩේ කරගෙන ගියානම් “අහුන්ගල්ලේ මිනි සූ” එක තාමත් තියෙනවාය. පොරට උනේ අහක යන නයි රෙද්දේ අස්සේ දාගත්තාට අමතරව සත පහකට විශ්වාසයක් නැති “නපුරු සත්තුත්” රෙද්ද අස්සේ දාගත්ත එකය.

මහින්ද මහතයාගේ සත්තු වත්ත

මහින්ද මහත්තයා දේශපාලනයට එන්නේ අප දන්නා තරමින් උන්නැහේගේ තාත්තාගේ මරණයෙන් පසුවය. ඒ බෙලිඅත්ත ආසන සංවිධායක ලෙසය. උන්නැහේ 1970 පාර්ලීමේන්තුවට එන්නේ වයස 24 ක විසේකාර තරුණ වියේ ලාබාලම මන්ත්‍රිවරයා ලෙසය. අහලා තියෙන විදියට උන්නැහේ පොඩි කාළයේ සර් ජෝන් කොතලාවල චොප්පේටත් පාට් දැමු පොරකි.

ඇත්තටම මහින්ද අයියා චන්ඩියෙකි. යකෙක්ටවත් බය උනේ නැතිය. හැමදාම උන්නේ මිනිස්සුත් එක්කය. ලොක්කා මිනිස්සුන්ට ආදරේ කලේය. මිනිස්සුත් ලොක්කාට ආදරේ කලේය. මීඩියා කාරයෝ ලොක්කාගේ ගජ මිතුරෝය. සිරිමාවෝ මැතිණිය මේ චන්ඩියාට ආදරය කලත්, චන්ද්‍රිකා මහින්දට බය උනේය. ඒ මහින්දට පාර්ලිමේන්තුවේ මෙන්ම විපක්ෂයෙත් බජාර් එකක් උන්නු නිසාය.

මහින්ද විපක්ශ නායක වෙන්නේ දාන්න පුලුවන් ඔක්කොම චන්ඩි පාට් දමලාය. නැත්නම් චන්ද්‍රිකාගේ ෆේවරිට් වෙලා තිබුනේ කදිරගාමර්ය. ජනාධිපතිවරණයට නොමිනේෂන් ලබා ගත්තේත් අයියා පාට් එකෙන්මය. ඇත්තටම එදා මහින්දත් එක්ක උන්න අයගෙන් අද ඉන්නේ ඉතා සුළු පිරිසකි. රේස් එකට දැම්මත්ඊ, ට පස්සේ බන්ඩාරනායකලා උපරිම ට්‍රයි එක දුන්නේ මහින්ද පරද්දන්නය. එහෙත් ලොක්කා ජනාධිපති උනේය.

චන්දිකාගේ සෙට් එක හෙමීට ලිස්ස ගියේ මහින්දට නා ගන්න කියලාය. එහෙත් මහින්ද මහත්තයා යුද්ධය දිනන්න යන බව දැනගත් විපක්ෂය බැලුවේ මහින්දට ගේම දෙන්නටය. ඒ මහින්ද එල්ලිලා උන්නේ නූලෙන් නිසාය. ඕන් ඔය වෙලේ මහින්ද මහත්තයාගේ දැත් ශක්තිමත් කරන්න විපක්ෂයේ උන් සෙට් එකක්ම මහින්ද මහත්තයාගේ සැළුන් දොරෙ රිංගා ගත්තේය.

ඒ අතර නාගෙන ඕඩිකොලොන් බෘංගා විමල් වීරවංශ උන්නැහේත් උන්නේය. සීගිරියවත් දැකලා තිබ්බේ නැති විමල්ට දිවිය ලෝකයත් පෙන්නුවේ මහින්ද උන්නැහේය. ඒ තියා ඇමරිකාවේ උන් ඝෝඨාට හා බැසිල්ටත් දිවිය ලෝකේ පෙන්නුවේත් මහින්ද මහත්තයාය.

මහින්ද මහත්තයා තනියෙන් කෑවේ බිව්වේ නැතිය. ඒ උන්නැහේගේ හැටිය. උන්නැහේ කවදත් හොඳට කන බොන දන් දෙන මිනිහාය. කන වෙලාවට ගියෝත් කොල්ලද බල්ලද නොබලා මේසේ ඉන්දගන්න පොරය. ඒ වෙලාවට ජානාධිපතිකම් උන්නැහේ ළඟ ඇත්තේ නැතිය. මේ ගුණය රාජපක්ෂලාගේ කාටවත් නැතිය. නාමල් පුතාට තියෙනවාද කියා අප දන්නේ නැතිය.

කෙසේ හෝ 2010 මහින්ද මහත්තයාට තිබ්බේ වන් හෝස් රේස් එකක්ය. එතකොට මහින්ද මහත්තයා යුද්ධය දිණූ වීරයාය. එහෙත් අප බැලිය යුත්තේ ඒ වීරයාට කෙලියේ මොකාද කියලාය. ආන්ඩුව ඇතුලේ තිබුන ප්‍රශ්ණ ඔක්කෝම එදාත් එලියට ගෙනාවේ විමල් වීරවංශය. ඒ ආර්ථික ඝාතක කතාවක් උස්සාගෙනය. අවසානයේ ඉල්ලිම් 12 ක් අඩංගු ලිපියක් ජනාධිපතිට දෙමින් පොර හොඳ මිනිහා උනේය. ඒ වන විට මහින්දගේ දකුණු අත වෙලා උන්න විමල්ගේ මේ ක්‍රියාවෙන් මහින්ද සැලුනේය. රාජපක්ෂලාත් බිඳුනේය. 2015 පරාජයට මූලික හේතුව මේ අසමගියයි..

දැනුත් විමල් කෙලිනම ගේම ඉල්ලන්නෙ ඒ ආර්ථික ඝාතකයා වන බැසිල්ට එරෙහිවය. එදා විමල් ආර්ථික ඝාතකයා ලෙස නම් කළේ පී බී ජයසුන්දර නොව බැසිල් බව කිව්වේ මාතලන් විතරය. අද එය මනාව ඔප්පු වෙමින් තිබේ.

ඊයේ ජනාධිපතිතුමා හමුවීමට ගියේ ඊට පෙර මාධ්‍යවේදීන් ඉදිරියේ බැසිල්ගෙන් කෙලින්ම ගේම ඉල්ලලාය. ජනාධිපතිතුමාගේ වැඩපිලිවල ඉදිරියට ගෙනයාමට නොහැකි ප්‍රධානම බාධකය බැසිල් බව ඔහු කෙලින්ම කීවේය. ඒවා විමල්ගේ ටැක් ටික්ස්ය. විමල් ඒවාට දක්ෂ, විමල් පට්ට ටැලන්ටඩ් මාධ්‍යවේදියෙක් නිසාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉඳගන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිභාවෙන් හා ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යශයේ ලේකම් ලෙස ලබාගත් ප්‍රතිබාවෙන් මිස ඔය එක හාල්පාරුවෙකුගේවත් දක්ෂ පක්ෂ කමකින් නෙමේය. එහෙනම් ඕකුන්ට මහින්ද නැතිව චම්පික, විමල්, ගොම්මන්පිල, වාසූ හෝ දිනේෂ් ගේන්නට තිබුනාය. එහෙත් කෙලෙහිගුණය ඇති එකෙකුට අද ඉන්නේ දිනේෂ් ගුණවර්ධනයන් විතරය. එතුමාට ගෞරවයක් ලෙස එය සඳහන් කළ යුතුමය.

ඇත්ත කතාව ඒක උනත් ජයගත් ප්‍රොපගැන්ඩාව නම් ආන්ඩුව ගෙන ඒමේ ක්‍රෙඩිට් එක විමල් සන්තක කරගෙන අවසානය. එහෙත්, නුගේගොඩ රැළියේ ඇත්ත කතාව කියන්නට එකෙක් ඇත්තේ නැතිය. කිව්වත් වැඩක් ඇත්තේද නැතිය. ඒ රැලියේ පොටෝ බලපු ගමන් වීරයා විමල් බව ඕන ගොනෙක්ට තේරෙනවාය. විමල්ගෙන් ගේම ඉල්ලන උන් ඉන්නේ ඉස්ටේජ් එකෙන් බිමය. මැක්කෝ ඔක්කෝම ඉස්ටේජ් එකේය. ඊයේ ජනාධිපති තුමා හමුවීමෙන් පස්සේ එලියට ආවේ සුපිරි වීරයෙකි.

ඔහු දැන් ජෙප්පන්ගෙන් ගෙනා දායක සභාවට අමතරව පොහොට්ටු බයි දායක සභාවේ අති බහුතරයකගේද නායකයාය. හීරෝය, වන් ෂොට්ය, රම්බෝය, ආර්නෝල්ඩ් සුභසිංහය, සුපර් මෑන්ය. බැට් මෑන්ය බෙන් ටෙන්ය. දුටුගැමුණුය.

තාමත් රාජපක්ෂලාගේ සත්තු වත්තේ කූඩුවක ඉන්නා කොටියා නිර්වින්දනය කර ජනතාව ප්‍රදර්ශණයට පමණක් තබනවාද.., එසේ නැතිනම් ජනතාව එක්ක හුරතල් වෙන්නට දී.., පුක නැතිවෙන්නම කෑවායින් පස්සේ, සත්තු වත්ත වසා දමනවාද යන්න සත්තු වත්ත අයිති උන්ට බාරය. කෙසේ හෝ සත්තු වත්තේ අනාගතය තියෙන්නේ කොටියා මතය.

ඇත්තටම සත්තු වත්ත දැන් කොටියාගේය…

රාජපක්ෂලාට උනේ බන්ඩාරනායකලාට වූ දේමය..


ඒ වගත් මෙසේය..


Feb 17, 2021

විමල්ගේ මොළේ හා අපි වැටුන වලේ

 


විමල්ගේ මොළේ...

------------------

ඊයේ ඇස්ට්‍රා සෙනිකා ගහගත්තේ රතන හිමි කන පතේ රෙණ අයගේ රැස්සීමෙන් පස්සේ එලියට වැඩලා කිව්වේ ඊළඟ සජ්ජුරුවෝ මැට්ටෙන් හදන එක කරන්නේ උන්නාන්සෙලාලූ..

ඒ කියන්නේ මේ සජ්ජුරුවෝ වැඩක් නෑතෙයිය කියන එක නේ... 

මම හිතන්නේ ඔය මහත්තුරු ඔක්කෝම සජසැප හැරදා හෙට අනිද්දම එලියට යයි..

ඇයි දෙය්යනේ සජෙක් හදනවා කියන්නේ ලේසී පාසු වැඩක්ය..

මිහිඳු සජ්ජුරුවෝ හදන්නත් 1972 ඉඳලා 2005 වෙනකන් අවුරුදු 33 ක්ම ගිහින් තියෙනවා නේ...

මහින්ද ප්‍රධාන දායකයා වෙච්චි අභයාරාමේ නේස් මහා ඉස්තිවරත් මේ ගැන අනාවැකියක් කිව්වා.. තාම ප්‍රකාෂයක් හා ආශීර්වාදය ආවේ නැත්තේ ඇල්ලට වට පාර්ෂවයේ ගුණවන්ස මහා ඉස්තීවරගෙන් ඉතරයි..

ඒකත් ආවම වැඩෙ තීන්දුටි තීරණයි...

මල්වත්තෙනුයි අස්ගිරියෙනුයි සී සී ඇපෘවල් එක ගන්න ඉතරයි තියෙන්නේ...

ඒ උන්නාන්සෙලා දෙන්නා ඉතින් ඕන එකකට ඇපෲවල් දෙනවා නේ අප්පා...

මේ සියල්ලෙම මහා මොළකරු වන විමල්ගේ බල මාළු කාපු මොළේ දළඳා වහන්සේටත් වඩා ආරස්ස කොරන ඒ ආරක්ෂක අංශයේ ආරක්ෂක උතමයොත් සියළු දෙවි දේවතාවුන් ආරස්සා කොරන්න ඕන...

අඩු ගානේ කාරෙකේ දොරේ ගැට්ටෙවත් වදින්න දෙන්නේ නෑ ආයිබන්ඩ..

ඇයි යකෝ දැන් ඉන්න සජ්ජුරො සෙට්ටෙකත් අල්ලෙ නටවන මොළයක් නේ ආයිබන්ඩ...

අපිටත් රජෙක් ලැබෙන්න යන්නේ සුදු නෝනේ..


අනේ හුකේ නන්නානේ...

උඹයි මායි හඳපානේ....

**************************************************************************




මදැයි පුක ඉරගෙන..

මඩ නාගෙන..

😥😥😥😥😥😥😥😥


ජනාධිපති කෙනෙක් ගෙනාවා...

අගමැති කෙනෙක් ගෙනාවා...

ආන්ඩුවක් ගෙනාවා..

කැබිනට් හදන බාස් කෙනෙක් ගෙනාවා..

කැබිනට් එකක් ගෙනාවා..

ඇමතිවරු ගෙනාවා...

මන්තිවරු 148 ක් ගෙනාවා...

අග්‍රාන්ඩුකාරවරු ගෙනාවා..

2/3 කුත් දුන්නා..

20 ත් ගෙනාවා...


හැබයි වෙන එකෙක්..

එකම එකෙක්...


උන් ඔක්කොම බ්ලැක් මේල් කරන්...

බල්ලා මාක් දාලා...


සැට්ටෙකම අරූට බයේ ...

කසාය බීපූ ගොළුවෝ වගේ ඉන්නවා...


අයියෝ සාන්ත අපේ සල්ලි...

තනි ඇහැට ඇඬෙන්නෝ ඕයි...


ඩෝප් වෙන්නෙත් නෑ...

ඇනිවේ ගුඩ් නයිට් ඈ...


😥😥😥😥😥😥😥😥😥


Feb 14, 2021

ඉච්ඡාභංගත්වයට පත් 69 ලක්ෂය වෙනුවෙන් ලියමි


මාතලන් බයියෙක් නොවුනද, 69 ලක්ෂයේ සාමාජිකයෙක් වන්නේය.. මේ 69 ලක්ෂයේ සිටිනා සියල්ලන්ම බයියන් යැයි කෙනෙකු සිතන්නේ නම්, ඔහු ලාංකීය දේශපාලනය පිළිබඳ මෙලෝ මලහත්තිලව්වක් නොදන්නා අඳබාලයකු විය යුතුය. මේ රටේ ආන්ඩු පෙරලන්නේ ඒ ඒ පක්ෂවලට කඹුරනා වහලුන් නොව මාතලන් වැනි මධ්‍යස්ත මතධාරීන්ය. 

කෙනෙකු අප කිසිම ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන් ලෙස හැඳින්වූවද, අපට නම් කීමට ඇත්තේ, දිනෙන් දින වෙනස් වන ලෝකය සමඟ වෙනස් විය නොහැකි සත්වයින් දේශපාලනික වශයෙන් පරාජයට පත් වී වියරු වටුන උන්මත්තකයින් පිරිසක් බවට පත්වනා බවය. මධ්‍යස්ථ මතධරීන් සැමදා ජයග්‍රාහකින්ය.

මාතලන් විශ්වාස කරන්නේ ලිබරල්වාදය, නිදහස් වෙළඳපොල ආර්ථිකය හා ලෝකයම එකම ගමක් යන සංකල්පයන්ය. එය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි එකම කණ්ඩායම රාජපක්ෂ කඳවුර වන බව අද වාමාංශික දේශපාලන උස්තාද්ලා පවා පිලිගෙන අහවරය. 

රාජපක්ෂලාගේ අනාගතය පවතින්නේ මෙන්න මේ කියනා මධ්‍යස්ත මතධාරීන්ගේ ලැදියාව මතය. මන්ද පොහොට්ටුවාදීන්ගේ චන්දය ඔවුනට සැමදා ලැබෙන නිසාය. මෙම මධ්‍යස්ත මතධාරීන් රාජපක්ෂලාට චන්දය ප්‍රකාෂ කරනුයේ අසාර්ථක පස් වසරක කාළකන්නි පාලනයක් එලවා දැමීම මූලික පරමාර්තය කරගෙනය. ඊට අමතරව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් හා සංවර්ධන ක්‍රියාදාමයක් බලාපොරොත්තුවෙන්ය. 

එහිදි ඔවුන් බලාපොරොත්තු වූ ආකර්ෂණීය නායකත්වය රාජපක්ෂ කඳවුර වෙතින් ඔවුනට ලැබෙන්නේය. ඒ වසර 30 ක් ඇදි ඇදී ගිය යුද්ධයට විප්ලවීය තීරණ ගෙන සංග්‍රාමීය නායකත්වය සැලසූ නිර්භීත නායකයාය. ඒ ගෝඨාභය රාජපක්ෂ නම් අති සාර්ථක ආරක්ෂක ලේකම්වරයාය. කොළඹ ලෝකයේ ලස්සනම නගරය බවට පත් කල වැඩ කරුවාය. කිසිවකුටත් යටත් නොවී තීන්දූ තීරණ ගන්නා නිර්භීත නායකයාය.

මෙහිදි අප බලාපොරොත්තු වූ අපේක්ෂාවන් මෙන්ම, ජනප්‍රිය දේශපාලන පොරොන්දු මත බලාපොරොත්තු තබා සිටිනා පොහොට්ටු පාක්ෂිකයින්ගේ අපේක්ෂාවන් ගැනද අවධානය යොමු විය යුතුය. ඔවුන්ගේ අපේක්ෂා අතර බඩු මිළ අඩු කිරීම, පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු අයට දඬුවම් දීම, මහ බැංකු හොරුන්ට දඬුවම් ලබාදීම යන ඒවා මූලික කරුණු වන්නේය.

එහෙත් ආන්ඩුව ඒ 69 ලක්ෂයක් වූ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගෙන තිබේද? කනගාටුවෙන් වුවත් කිව යුතුව ඇත්තේ මේ කිසිවක්ම අද දක්වා ඉටු වී නැති බවය. යුද්ධයේදී හා නාගරික සංවර්ධනයේදී වැඩ පෙන්වූ ඝෝඨාභය අද ඇත්තේ නැති බවය. ඒ නිර්භීත තීන්දූ තීරණ අද කිසිවක්ම අද නොගන්නා බවය.  සුළු ප්‍රශ්ණ පවා ඔඩු දුවමින් ඇදෙන්නට තබා අවුල් ජාලයක් හා විහිළුවක් බවට පත්වනා බවක්ය..  

දුන් ජනප්‍රිය දෙශ්පාලන පොරොන්දු ඉටුකොට නොමැති ආන්ඩුව දැන් තවත් ටොපියක් බයියන්ට හපන්නට දී ඇත. ඒ යහපාලන සමනලයින්ගේ ප්‍රජා අයිතියට කෙලින්නට යාමය. මේවා කතාවට පමණක් සීමා වුවහොත් නෝන්ඩි වන්නේ වෙනින් කවුරුත් නොව රාජපක්ෂලාමය. 

20 වන ව්‍යවස්ථා සංශෝධනය, නැගෙනහිර ජැටිය යන කරුණු දෙකේදීම ආන්ඩුව අභ්‍යන්තර ගැටලුවලට මුහුණ පෑ අතර අද දිනය වන විට එය වඩාත් උග්‍ර තත්වයකට පත් වී ඇති බව බොරුවක් නොවේ. මෙය රාජපක්ෂලාගේ අභිමානයට කිසිසේත්ම හිතකර වාතාවරණයක් නම් නොවේ. ඔවුන් මතක තබා ගත යුතු දෙය නම් 2015 දී ඔවුන්ට බලය අහිමි වන්නේ විමල් වීරවංශ විසින් ගෙන ආ ආර්ථික ඝාතන අභ්‍යන්තරය කුමන්ත්‍රණය මගින්ම බවය. 

මෙම කල්ලිය විසින් රාජපක්ෂ කඳවුරු කිහිපයකට කැඩී ඇති බවට මතයක් ගොඩ නගා අවසානය. ඒ අනුව, වියත්මග හා ඝෝඨාභය එක පිලකි. බැසිල් හා නවක පොහොට්ටු මන්ත්‍රීවරුන් තවත් කල්ලියකි. මහින්ද නාමල් හා ඒ දෙදෙනාගේ බැතිබර දායකයින් තවත් පිලකි. ඊට අමතරව ආන්ඩුව තුල විපක්ෂ බලවේගයකි. කලින් පක්ෂ 10 ක් වූ එම කඳවුර දැන් පක්ෂ 12 ක් බවටත් තව තව පිරිස් ඔවුන් හා එකතු වන බවටත් බත් කන හරකෙක් වන මංගොනාපිල පවසති.  

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට ආන්ඩු පක්ෂයක් වුවමනා නැත. යහපාලන ආන්ඩුවටද සිඳු වූයේ මේ කරුමයය. පඹයාගේ හාල්පාරුවෝ රනිල්ගේ විප්ලවීය තීරණ සියල්ලටම හරස් කැපුවේය. අවසානයේ රනිල් වෙනුවට මහින්ද ගෙනවිත්, තමාගේ නොව මහින්දගෙත් හත් පොලේ ගා නෝන්ඩි කර එලවා දැමුවේය. එවන් කාළකන්නි, මහින්දලා ලැජ්ජා නැතිව ආයෙත් රෙද්ද අස්සේ දාගත්තේය. අද ඒ පඹ උකුස්සා හා පඹ රැලද ගෙමට බැස ඇත. 

මේ කල්ලිවාදී ගෝත්‍රවාදී ගැටුම් විපක්ෂයේ අමානන්දයට හේතු වූවද පාක්ෂිකයන්ගේ මෙන්ම ආන්ඩු හිතවාදින්ගේ පිලිකුලට බඳුන් වී අවසානය. ජනතාව කළකිරී අවසානය. වහාම මේ ගැටුම් නිරාකරනය කර නොගන්නේ නම්, ආන්ඩුවේ ජනප්‍රියතාවය වේගයෙන් ගිලිහී යන බව කනගාටුවෙන් උවත් ලියා තැබිය යුතුමය. නිරාකරණය කර ගත්තද මේ පඩත්තලයින් පිරිස සිඳුකල හානිය සුළුපටු නොවන බවද සඳහන් කල යුතුය.

රාජපක්ෂලා බලයට ගෙන එන්නේ හා ඔවුනගේ බලය රඳා පවතින්නේ සිංහල බෞද්ධ ජනපදනම මතය යන්න රහසක් නොවේ. දැන් දැන් එම පිරිසද ආන්ඩු විරෝධීන් බවට පත් වී අවසානය. ඔවුනගේ පඬු පැහැ ප්‍රජාව දැන් වෙනත් නායකත්වයක් වටා රොඳ බඳිමින් සිටි. ඒ අනුව බලන කල එම බලවේගයේ සහාය ඔවුනට ලැබෙන අවසාන අවස්ථාව මෙය බවට පත් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවක්ද පෙනේ.

මේ සියල්ලන්ම රඟන්නේ මහින්ද රාජපක්ෂ නම් මහා චරිතයේ ප්‍රතිභාව වටාය. කිසිවකු හෝ මහින්ද රාජපක්ෂ බලයේ ඉන්නේ තමන් නිසා යැයි කියන්නේද, ඌ එක්කෝ පිස්සකු විය යුතුය, එසේ නොමැති අමු කුහක ගුණමකුවකු විය යුතුය. ඒ අනුව මාතලන්ගේ නිගමනය නම්, මහින්ද දේශපාලන නායකත්වයද, බැසිල් පරිපාලනයද කරනාතරේ, ජනාධිපති තුමා තීන්දූ තීරණ ගත යුතු බවය. 

ආන්ඩුව කරන දෙයක් හෝ කැපි නොපෙනීමට ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ මහින්ද නම් ඒ ප්‍රතිභාවය ජනතාවගෙන් දුරස් වීමයි. අනිවාර්යයෙන් මහින්ද මහත්තයා නැවතත් සක්‍රීය දේශපාලනයට පැමිණිය යුතුය. විශේෂයෙන් වත්මන් ජනපති ගෝඨාභය දේශපාලනයේ ඉදිරි ගමනක් නොයන බවට ඉඟි කොට ඇති නිසාත්, දේශපාලන චරිතයක් වීමට ඇති අකමැත්ත මතත්, මහින්ද මහතා නිහඬව සිටීමත්,  රාජපක්ෂලාගේ ප්‍රතිභාවට කරන්නේ විශාල හානියකි. එක එක හාල්පාරුවන් වීරයාගේ මේන් රෝල් එක මෙන්ම එකවිට දුෂ්ඨයාටත් රඟපාමින් හීරෝලා වන්න යන්නේ මේ හේතුවෙනි. 

එමෙන්ම ආර්ථිකය මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වෙනුවෙන් මෙතක් ගනු ලැබූ තීන්දු තීරණයන්ද ආන්ඩුවේ ප්‍රතිරූපය නැංවීමට කිසිසේත්ම ඉවහල් උනේ නැතිය. පැමිනි විගසම ලබා දුන් බදු සහන කිසිවක් ජනතාවට ලබුනේ නැති අතර, එහි වාසිය ගියේ ව්‍යාපාරික ප්‍රජාවටය. හාල් වලට හමුදාවේ ඩේටා බේස් චන්ඩි දමා ගැසට් ගැහුවත්, ජයගත්තේ හාල් මුදලාලිලාය. 

ඩොලරය පාලනය කරමින් තිබෙන්නේ බලහත්කාරයෙන්ය. මුදල් අච්චු ගැසීම නිශ්පාදන ආර්ථිකයක් ඇති රටකට ඔරොත්තු දිය හැකි වුවද අවන් ආර්ථිකයක් නොමැති අප වැනි රටක් ඒ තිරණය මඟින් තව දුරටත් ආර්ථික වශයෙන් හිර කර දමනු ඇත. මේ යෝජනා ගෙන ආ උන්ටම දැන් දැන් ඒවා වැටහෙමින් පැවතියද විලි ලැජ්ජාව නිසා අකුලා ගන්නේ නැතිය. එහිදි අප බලාපොරොත්තු වූ නිදහස් වෙළඳ පොල ආර්ථිකයට වදින්නේ මරු පහරකි. මේ සෙල්ලමෙන් ආර්ථිකයට වෙන්නේ කොටස් වෙළඳ පොළට සිඳු වූ දේ මිස වෙන කිසිවක් නොවේ. බොරුව කිසිදා ජය ගන්නේ නැත. බලෙන් ගිල්වා තබා ඇති රබර් බෝලය ළඟදීම වතුර මත පාවෙනු ඇත. 

බැසිල් හෝ කාගේ හෝ තීන්දුවකට අනුව ඩඩ්ලි හා මුදලාලිලා 4 දෙනෙක්ගේ මනදොල සපුරනවාද එසේ නොමැති නම් 69 ලක්ෂයට සාධාරන මිළකට හාල් ටිකක් ලබා දෙනවාද යන්න බාස්මති කන රාජපක්ෂලාට බාරය. මන්ද රටට වඩා බඩ ළොකු නිසාය. සමාන්‍ය ජනතාවට ජීවත් වීමට අපහසු තරමට බඩු මිළ ඉහළ බව ආන්ඩුවත් පිලිග්නිමින් සිටි. එහෙත් දෙනවා යැයි කියූ සහන කිසිවක් මේ වන විට ජනතාවට ලැබී නැත්තේය. ජාත්‍යාලයට වඩා බඩගින්න ලොකු බව 2015 ජනෙල් පොල්ලේ එල්ලුන අයට අමතකව ඇත්නම් අපිට කියන්න වෙන්නේ සොරි ඩොට් කොම් කියලාය. 

ආනයන නීතී රීතී නිසා ඒ මත පදනම් වූ වෙළඳාම් සියල්ලම නන්නපෝල්ය. උන්ගෙන් ඇහුවාම අම්මමෝ නැතිව බනින්නේ රාජපක්ෂලාට නෙමේය. රාජපක්ෂලා බලයට ගේනා අපටත් නෙමේය. අපේ අම්මලාටය. සම හරක් දන්දිනා හාමිනේටත් බනිනවාය. ඇත්තට ඒ අම්මලා ගැන අපිට හරි කනගාටුය.

ජැටිය නිසා ඉන්දියාව තරහා කර ගත්තේය. ආන්ඩුව බිස්නස් කරන්නට සැරසෙන්නේය. මේවා 1970-77 ත් අතර ක්‍රියාත්මක කොට සිරි ලංකා නිදහස් පක්ෂය ආසන 8 ට බස්සා ජේ ආර්ට 5/6 ක බලය ලබා දුන් අමු ගොන් තකතීරූ තින්දුය. ලෝකය එකම ගම්මානයකි. දියුණු වූ රාජ්‍යයන් සියල්ල දියුණු වී ඇත්තේ තනිවම නොවේ. ජාත්‍යන්තරය හා එක් වීමෙනි. 

එක රටක් මත යැපෙන්නට යාමත් මෝඩ ක්‍රියාවකි. ජිනීවා වලින් කොකු පිට කොකු එන්නේ හේතුවක් නැතිව නොවේ. එවායින් කල හැකි ලබ්බක් නැති වුවද, ජාත්‍යන්තරයෙන් කොන්වීම නම් අනිවාර්යයෙන් සිඳු වේ. ආර්ථිකයේ අති බහුතර කොටස විදෙස් රටවල් හා පවතින භාන්ඩ හා සේවා මත ‍යැපෙන රටක්, මේ තීන්දූ තීරණ ගත යුත්තේ ඉතා පරිස්සමටය. 

ඒ අනුව අපට කීමට ඇත්තේ, ආන්ඩුවට සහ සම්බන්ධ පිරිස්ද, 69 ලක්ෂයක් වූ ජනතාවද ඉතා කළකිරීමෙන් ඉන්නා බවය. මන්ද මේ බොහෝ දෙනෙකුට නොතේරෙන කරුණ නම්, වසරකින් දෙකකින් ගොඩ ගිය රටවල් ලෝකයේ තිබුනේ නැති බවය. අඩු ගානේ මේ සරළ සත්‍යය හෝ තේරුම් කර දෙන්නට එකෙක් ආන්ඩුවේ ඇත්තේ නැතිය. 

අප නම් ආන්ඩුව කෙරේ තවමත් බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන සිටින්නේය. එහෙත් සියල්ලෝ එසේ නැතිය. කළකිරුන පිරිස් නැවත් ගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ..


ඒ වගත් මෙසේය...

Feb 13, 2021

හැපි වැලන්ටයින් විත් කොරන්ටයින්

 


විරිඳු තාලයට කියා සැනසෙන්න..


ඒ කාළේ හිටියෙ කොහෙද.  කියපන් උඹ වැලන්ටයින්.. 

ලව් කෙරුවේ බේරිලා අපි.. අයියලාගේ අතින් පයින්...

දැක ගත්තෙත් අමාරුවෙන්..//


ලියුමක් ලියලා දෙන්නෙත්... මිල්ටන්ලට පිහිට වෙන්න...

ඒකට උත්තර එනකන්... ඉවසිල්ලක් නෑනේ ඔන්න...

ලිව්වා බං ලව්ලි ලෙටර්...//


රූම් කොහෙද ඒ කාළේ.. රිංගන්නෙ ළඳු කැලේට...

සියොතුන් ඉගිලිලා ගියා... කැළේ තිබ්බ කලබලේට...

නයි මුගටියි මොන සටන්ද..//


ඔත්තු බලන්නට උන්නේ.. පට්ට ෂුවර් හොදම බොක්ක..

වැඩි වැඩියෙන් ලැබෙන්නෝන... දෙයියෝ වගේ අපිව රැක්ක..

බානවා ගල් ලෝඩ් පිටින්...//


ඇතුල් කෝට්ටේ නොගොහින්.. ගල්කිස්සෙන් එදා බැස්ස...

නිසයි මචෝ බෙරුනේ අපි... අද උන් නම් ගනියි කොස්ස...

කොන්ඩොම් නෑ ඒ කාළේ..//


කැළෑ පත්තරේ වදිනවා... එකෙක්ට අහු උනොත් පුතේ...

ළිඳ ළඟ සංඟම වගේම... චීත්ත ඇත හතර අතේ...

රොයිටර් නම් එදත් උන්නා..//


රෙඩ් රෝසස් දැකලත් නෑ... සැන් පව්ඩර් තමයි දුන්නේ...

ඒකී මැහුවා කියලා දුන්න... ලේන්සුවත් කඩෙන් ගන්නේ...

අමුඩ ලේන්සුවක් නෙමේ...//


වැඩේ සීරියස් ගියොතින්... ගොඩ වෙද්දුත් ඕන තරම්...

මාරිගෙ ඉස්ටොප් නැතිවට... අන්නසි ගැට නම් වෙල්කම්...

බේබි කමින් ෆුල් හොල්මන්..//


ඉඳ හිට බැලුවත් දෙන්නා... එක්ක ගිහින් බයිස්කෝප්...

ගීතද මාලනිද උන්නේ.. දන් නෑ ජෝඩුවම ඩෝප්..

බැල්කනියේ චෙකින් ඔයිල්..//


මාමා කිව්වේ දෙන්නෙම නෑ... කෑලී කපලා දමමි මූදේ...

බල්ලා මාක් මුලු පව්ලම... නැවතුනාය සිංහ නාදේ...

ඉස්සුවා මහ රෑක හොරෙන්...//


කොවිඩ් ඇවිත් කෑවා වැඩේ... අල්ලනවා පොලීසියෙන්...

වැලන්ටයින් උඹ පලයන්... මුලු රට දැන් කොරන්ටයින්...

ෆයිසර් ගහ ගනින් පුකේ...//


හොරෙන් වරෙන් කොහාට හරි... මයි ඩාලින් ස්වීට් හනී...

රෙඩ් රෝසස් නැතේ පනේ... දෙන්නම් ධම්මිකගෙ පැණි...

අයි ලව් යූ මයි ඩාලීන්...//


ෆයිසර් ෆුට්නික් චයිනිස් ... ගහගෙන ඇස්ට්‍රා සෙනිකා...

මාස්ක් දමන් ලව් කරපන්.. සැනටයිසර් දාගෙන මිරිකා...

නැතිනම් ලොක් ඩවුන් පුතේ...//



- කාව්ය සිරෝමනී මාතලන් -


Feb 10, 2021

විමල් වීරවංශ නම් මිත්‍යාව…



තමන් නැත්නම් මහින්ද රාජපක්ෂලා බලයට එන්නේ නැතයි කියන්නට බොහෝ පිරිසක් ඉන්නවාය. එහෙත් සියල්ලන්ටම අමතක කාරනය නම් මේ සියල්ලන් සමඟම මහින්දත් 2015 දී ගෙදර ගිය බවය. ඊට ප්‍රධානම හේතුව වූයේ විමල් වීරවංශ බව අද සියල්ලන්ටම අමතක වෙලා තිබෙනවාය.

2010 – 2015 ආන්ඩුවට විරුද්ධව මුල්ම වෙඩි මුරය පත්තු කරන්නේ, සෝභීතවත්, විපක්ෂයවත් නොවේ.., විමල් වීරවංශය. ඒ ආර්ථික ඝාතකයෙක් ගැන ආන්ඩුවට විරුද්ධව ගෙනෙනා අභ්‍යන්තර කැරල්ලක් සමඟය. ඔහු ආර්ථික ඝාතකයා ලෙස හැඳින්වූයේ වෙනින් කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය.

විමල් වීරවංශ ඒ ආන්ඩුවේ නිවාස ඇමති ලෙස සිට කරපු මෙලෝ ලබ්බක් ඇත්තේ නැතිය. කලේ, තම සහචරයන් සමඟ එකතුව සිය පවුල හා සහචරයන් ගොඩ දමනා එකය. ඔහු පාස්පෝට් දෙකක් තමන් සතුව තබාගත් පට්ට හොරෙකි. වංචාකාරයෙකි. මේ බව දැනගත් බැසිල් රාජපක්ෂ තව දුරටත් පිස්සු කෙලීම සඳහා විමල්ට මුදල් දීම නතර කරන ලදි. ආර්ථික ඝාතන කුමන්ත්‍රණය පටන් ගන්නේ ඒ සමඟය.

ඉන් පසු පාඨලී චම්පික රණවකද ඊට එකතුවනුයේ විමල් මෙන්ම චම්පිකද රටේ නායකයින් බවට පත්වීමට පෙරුම් පුරනා දේශපාලන සත්වයින් නිසාමය. යහපාලන කැඳ හැලියට චම්පික එකතු කර ගත්තද, ඊට කිසිසේත්ම නොගැලපෙන ඉන්ග්‍රීඩියන්ස් එකක් වූ, විමල් එකතු කර ගත්තේ නැතිය. නැවතත් මහින්දගේ සැළුන් දොරෙන් ඇතුලු වූ විමල් මහින්දගේ සාටකේම එල්ලුනේය.

එහෙත් විමල් සැළුන් දොරෙන් ඇතුලට එන්නේ තමන්ගේ කොන්ඩය කැපීමට නොව සැළුන් එකේ ඉන්නා සියල්ලන්ගේම කොන්ඩා කැපීමටය. ඒ විමල්ගේ හැටිය

එහෙත් ප්‍රතිඵලය ඉතා වේදනාකාරි එකක්ම වූයේය. ඇත්තටම මහින්ද මැදමුලන ජනේලේ එල්ලුවේ විමල් වීරවංශය. මන්ද විපක්ෂයකින් එන විරෝධයට වඩා ආන්ඩුව තුලින්ම එන විරෝධය වඩාත් බලවත් නිසාය. ඇත්තටම විමල් වීරවංශ එලවා දැමීමට තිබුනේ ආර්ථික කතා කුමන්ත්‍රණය ආපූ කාළයේදීමය. එහෙත් එවන් කෙලින් තීරණයක් ගැනීමට නොහැකි වූයේ රාජපක්ෂලා නොම්මර එකේ මිත්‍යා විශ්වාස කාරයෝ නිසාය.

විමල් යනු තනි මිත්‍යාවකි. විමල් නැත්නම් රාජපක්ෂලා නෑ කියන මතය විමල් මේ මහ පොලොවේ පැලකර අවසානය. එහෙත් මේ එකෙක්වත් නොදන්න කරුන නම් මහ පක්ෂ නොමැති නම් සුළු පක්ෂ සියල්ලම නන්න පෝල් බවය. උදාහරණ එමට ඇත

ඒ අතින් බැලූ වීට විමල් රාජපක්ෂලාටත් වඩා දේශපාලන ඇට්ටරයෙකි. බලවත් රාජපක්ෂලා තමන්ගේ පදයට නටනා රූකඩ බවට පත්කිරීමට ඔහු සමත්ව ඇති බව ඊයේද ඔහු ඔප්පු කලේය. රාජපක්ෂවරුන් පමණක් නොව බයි ප්‍රජාවද සිතන්නේ විමල් නැත්නම් රාජපක්ෂලා නැතෙයි කියලාය. පොහොට්ටු පක්ෂයේ ලේඛම්, බල්ලා මාක් කර උස්සා පොලොවේ ගැසීමට තරම් ඔහු තවමත් නිර්භීතය. උන් දේශපාලන බබාලා කීමෙන් ඔහු කරන්නේද පෝට්ටුවේ දේශපාලනයද බබා මාක් කිරීමය..

ඇත්තටම විමල් වැඩ්ඩෙකි… ජනතා විමුක්ති පෙරමුණේ උන් විමල්ගේ සැලසුම වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආක්‍රමණය කොට ඒ චන්ද සියල්ල තම පක්ෂයට ඩැහැගැන්මය.. ඒ වන විට චන්ද්‍රිකා කුමාරණතුංග පක්ෂය විනාශ කොට තිබිනි.

ඇත්තටම එය අතිසාර්ථක මෙහෙයුමක් විය. 2004 දී මන්ත්‍රීවරුන් 39 ක් හා ඇමතිවරුන් තිදෙනෙක්ද සමඟ ශ්‍රී ලංකා පාක්ෂිකයින් අන්ද මන්ද කරමින් ලබාගන්නා ජයග්‍රහණයේ නියම හිමිකරු විමල්ය.

කරුමයක මහත නම් එදා විමල්ලාගේ මේ ක්‍රියාදාමය තේරුම් ගෙන ජනතා විමුක්ති පෙරමුණ අරහං වී උන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ කල්ලිය මෙය තනිකරම විමල්ගේ මෙහෙයුමක් බව නොදැන, පක්ෂය කඩාගෙන ආ විමල් වීරවංශ ඉඹලා පිලිගැනීමයි.

ඒ කාළේ මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට පැමිනියේ විමල් පමණක් නොවේ, කරූ ජයසූරියද අලි රෑනක් සමඟ ආවේය. එහෙත් පක්ෂයේ උන් සියල්ලන්ම කපා දමමින් මහින්දගේ දකුණු අත වීමට තරම් ශක්තියක් ඉතා කෙටි කළකින් ලබා ගැනීම විමල්ගේ ටැලන්ට් එකය.

එහෙත් සජ්ජුරුවෝ ළඟ තබාගෙන උන්නේ මැස්සාට කඩුවෙන් කොටනා වඳුරෙක් නොව හේවායෙක් බව අද වන තෙක් අවබෝධ කොට ගෙන නැත්තේය. පොහොට්ටුව බලවත් වන බව දුටු විමල් පොහොට්ටු සංධානයට එන්නේ තනියම නොවේ. ගම්මන්පිලත් සමඟය.

හරිනම් බැසිල්ලාට තිබුනේ ඒ මොහොතේදීම ඔවුන්ට නොමිනේෂන් නොදි, පිහිටුවාගත් සංධානයෙන් තරඟ කොට ජයගත් පසු තමන් සමඟ එකති වන ලෙස කියා සිටීමය. එසේ වූවා නම් අද ඒ දෙදෙනාම පාර්ලිමේන්තිවේ ඇත්තේ නැතිය. මොවුන් හැමදාම කරන්න මහ පක්ෂවල චන්ද ටික පොකට් ගැසීමය.

ඔහු එතනින් නවතින්නේ නැත. බලයට පත් වීමෙන් පසු පොහොට්ටුව හැර එම සංධානයේ සියළුම පක්ෂ තමන්ගේ පදයට නටනා රූකඩ ලෙස පත්කරගැනීමට අද වන විට විමල් සමත් වී ඇත්තේය.

සංධානයක් තුල සිටිමින් ආන්ඩු පක්ෂයේ ඇමති ධූරයක්ද දරමින් එම කන්ඩායමේ සාමුහික තීන්දුවලට එරෙහිව යාම නිහීන ක්‍රියාවකි. මේ පළමු අවස්ථාව නොවේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේද ඔහු උන්නේ සංධානය සමඟ නොවේ. ඔහු ක්‍රියා කරමින් සිටින්නේ රාජපක්ෂ පවුල කෙටවීමටය. එහි වාසිය එන්නේ තමන්ට බව ඔහු හොඳින් දනී.

නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්ණයේදි ඔහු සිට ගත්තේ ඝෝඨාගේ මතයට එරෙහිවය. එහිදි ආන්ඩු විරෝධී සියළුම බලවේග එකව ලද ජයග්‍රහණයට අවසාන මොහොතේ එකතු වූ විමල් ෆුල් මාක්ස් ලබා ගත්තේය. ත් විය.

දැන් රාජපක්ෂලා තීරණයක් ගත යුතු මොහොත පැමිණ ඇත. විමල්ට රාජපක්ෂලාගෙන් තොර පැවැත්මක් ඇත්තේ නැතිය. හොඳම උදාහරණය පාඨලී චම්පික රණවකය.

පාඨලි මොන සෙල්ලම් දැම්මත් උන්නැහේට තනියෙන් කල හැකි මලදානයක් ඇත්තේ නැතිය. ආන්ඩුව මේ වෙලාවේ කළ යුත්තේ ආන්ඩු පක්ෂය තුල තව දුරටත් සිටින්නට උවමනා නම් කට පුක වසාගෙන දෙන දේ කා වෙන දෙයක් බලාගෙන සිටිනා ලෙසට අනතුරු ඇඟවීමය.

තව දුරටත් රිලවා තනියම නටන්නට පටන් ගතහොත් සිඳු වන්නේ අවසානයේ රාජපක්ෂ පවුලටම කඩුවෙන් කොටනා එකය…

සැළුන් දොර හැර රෙද්ද අස්සේ දාගත් නයි දැන් පෙනේ පුප්පනට පටන් ගෙන ඇත. තව දුරටත් විෂ දල සහිත නයින් රෙද්ද අස්සේ දාගෙන බුඩු අම්මෝ මාව කෑවෝ කෑවෝ කියා මර හඬ නඟනවාද, එසේ නැත්නම් විෂ දල කඩා ටැංකියක දමා ප්‍රදර්ශණයට පමණක් තබනවාද යන්න දැන් රාජපක්ෂලා තීරණය කළ යුතුය.

මන්ද ඔය මොන පාට් දැම්මත් විමල්ට රාජපක්ෂලාගෙන් තොර ගමනක් නැති බව අන් සියල්ලන්ටම වඩා විමල් දන්නා නිසාය.


ඒ වගත් මෙසේය…

 




Feb 7, 2021

කොමිසම් මගින් කලිසම් ගලවා ප්‍රජා අයිතියට කෙලීම



2015 යහපාලනයක් අටවාගෙන නීතී විරෝධීව රාජපක්ෂලාට කෙලින්න ගිය උන් දැන් ඉන්නේ මුක පූට්ටු වෙලාය. වැඩියෙන්ම බය වෙලා ඉන්නේ, හැම කඩේම බඩු හොඳ නැතයි කියා ජනතාවට කෙප්ප ඇද බා, යහපාලන ආන්ඩුවේ ක්‍රියාකාරි සමාජිකයින් වූ ජවිපේ බලමණඩලයය. මේ බව නොදන්නා 3% පාක්ෂික වහලුන් දැන් ඉන්නේ නන්නපෝල් වෙලාය. උන් බලන්නේ අනුර කුමාර දිසානායකට කෙලින්න යන්නේ මොන වැරද්දක් කලාටද කියලාය.

එයාලා දැන් 3% ක් වූ මොළය ශෝදනය කරන ලද පාක්ෂිකයින්ට පෙන්වමින් සිටින්නේ, බලන්නකො අනේ මක්කත් නොකල අපිට මුන් කෙලින්න යනවානේ යන නාට්ටියය. ඒක හරියට රන්ජන් හිරේ දැම්මේ රාජපක්ෂලාය කියනවා වගේ පට්ට ක්‍රියේටිව් ප්‍රොපගැන්ඩා එකක්ය. අර මී හරක් රැල හිතන්නේ අනේ අපේ අහිංසක නායකතුමාට රාජපක්ෂලා කෙලින්නයි යන්නේ කියලාය.

බොරු විදින අකුදි මැතිතුමා කියන්නේ, ප්‍රජා අයිතිය රෝල් කරලා රාජපක්ෂලගේ #කේ ගහගන්න කියලාය. ලාල් කාන්ත මැතිතුමා කියන්නේ, ඒ සෙල්ලම් දාන්න ආවොත් 88/89 කරපු දේම අපිට කියලා කර ගන්න එපා කියලාය. ටිල්වින් මැතිතුමා කියන්නේ පුලුවන් නම් හැප්පිලා බලන්නෙයි කියලාය. සියල්ලෝම රෙද්දේ පහවි බය බිරාන්තවී කියන්නේ මොනවාද කරන්නේ මක්කාද කියා නොදැන පිස්සු වැටි අවසානය. අපි බය නෑ ඩෝ කියා කෑ ගසන්නේ බය ගුල්ලෝය. රියල් චන්ඩි නාගෙන් අඬන්නේ නැතිය.

නමුත් ඇත්ත කතාව මෙය නොවේ. මේ සිඳු වෙමින් පවතින්නේ කළ කළ දේ.. පළ පළ දේ යන ලෝක සත්‍යය ඇස් පනා පිට පටිසන් දීමය. කෙලවෙන්නට යන්නේ (මේ ආන්ඩුව, මේකවත් හරියට කරාවිදැයි කියා අපට නම් සත පහක විශ්වාසයක් ඇත්තේ නැතිය.) අනුර කුමාරයාට පමණක් නොවේ. පාඨලී, රාජි,ත ෆොන්සේකා, හකීම්, සුමන්තිරන්, සම්පන්තන්, මංගල මෙන්ම යහපාලන කාලයේ විසිල් ගසමින් බල්ටි ගැසූ සිවිල් බුවාලා කිහිප දෙනෙක්ද ඒ අතර වෙති.

එසේනම් යහපාලනයට කඩේ නොගිය අකුදි මීට පැටලෙන්නේ කෙසේද යන ප්‍රශ්ණයක් ඕනෑම ගොනෙකුට මතුවිය හැක. මන්ද ඔවුන් ආන්ඩුවට සම්බන්ධ උනේ නැති නිසාය.

ඔවුන් ආන්ඩුවට සම්බන්ධ වූවාද නොවූවාද යන්න පැහැදිලිව පෙනෙන්නේ එයාලා එකපාරටම බූදල් හිමි මහා ධනවතුන් බවට පත් වූයේ කෙසේද යන්න විමසා බැලීමේදීය. 2015 ට පෙර පීඩිත පන්තියේ නායකයින් වූ මුන්නැහෙලා පරම්පරා බූදල් කාරයෝ වූයේ 2015 න් පසුය. සමහර විට මුන්නැහේලාගේ මාමන්ඩිලා සියල්ලෝම ඒ කාල වකවානුවේ මියගියාදැයි අප දන්නේ නැතිය. ඒවා කොමිසමෙන් හොයා ගනු ඇතිය.

මොවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ කොමිසම පත් වන්නේ, පසුගිය පාලන සමයේ සිඳුවූ නීතී විරෝධි දෙශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසම විසොන් කරන ලද නිර්දේශයන් අනුවය…

වැඩේ ලේසි වන්නේ නැත… දැනට හෙලිවී ඇති කරුණු මෙසේය…

@ යහපාලනය ආපු ගමන් රාජපක්ෂලාට කෙලීම සඳහා අරලිය ගහ මන්දිරයේ ජාතික විධායක සභාව නමින් නීතී විරෝධී ආයතනයක් පිහිටුවන ලදි…

@ ඒමගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොඨ්ඨාශය හෙවත් කුප්‍රකට FCID යද, දූෂණ මර්ධන ලේඛම් කාර්යාලය නමින් තවත් ආයතනයක්ද පිහිටුවන ලදි…

@ මෙම දූෂණ මර්ධන ලේඛම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත්තේ අනුර කුමාරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ලද ආනන්ද විජේපාල උන්නැහේය.. (මාරයි නේ… බලන්න ඒකෙත් හැටි අම්මපා…)

@ මේ FCID යට සාමාන්‍ය සිවිල් පුරවැසියන්ගේ පැමිණිලි කිසිවක් බාර ගත්තේ නැත….

@ බාරගනු ලැබුවේ ශානී අබේසේකර, සුමන්තිරන්, අකුදි හා පිරිස විසින් රචිත තිරපිටපත් පමණි…

@ අධිකරණයට තග දැමීම වන් ෂොට් වෙත පවරා දෙන ලදී..

@ මේ සියල්ල මේ වන විට සුහද ගම්ලත් හා දිලෘක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් පාපොච්චාරනය කොට අවසන්ය…

@ මේ කැපකිර්‍රිම් වෙනුවෙන් රනිල් වික්‍රමසිංග මහතා විසින් අර නිර්ධන පන්ති නායක තුමාගේ ලේඛම් මහතාට ගෙවන ලද ජනතා මුදල මිලියන 12කි…

@ අකුදි මහතාටත් මිලියන 300 පමණ ගෙවන ලද බවට කනින් කොනින් ලැබෙනා ආරංචි මාර්ග සනාත කරයි… එය කොමිසමේදී හෙලිවනු ඇත…

@ පට්ටම සීන් එක නම්, ආනන්ද විජේපාල සහෝදරයා විසින් ලක්ෂ 65 ක ජරාවක් ගෙන පෞද්ගලික ආයතනයක් අමාරුවෙ වැටෙන්නට නොදී බේරා ගැනීමය. මෙයින් කීයක්කත් අකුදිලාට හම්බ උනාද නැද්ද කියන්න අප දන්නේ නැතිය.. උන්නැහේ තනියම කෑවා නම් ඒවා මහ කැත වැඩය….

අනුන්ගේ කිල්ලෝටවල හුණු හොයන්නේ මෙවන් මහත්හොරුන්ය..


ඒ වගත් මෙසේය…