.

.
Showing posts with label Ratnapura. Show all posts
Showing posts with label Ratnapura. Show all posts

Nov 22, 2024

කොළඹ සන්නිය නිදන් හෑරීම හා ලෝකේ ළොකුම මැණික් ගල

 


කොළඹ සන්නිය නිදන් හෑරීම හා ලෝකේ ළොකුම මැණික් ගල

➖➖➖➖➖➖➖➖➖➖ 💎💎


කොළඹ සන්නිය කියන්නෙ මගේ ප්‍රියතම සෝ එකක්‍ය....


ඒකේ කතාව වන්නේ හද්දා ගොඩේ ගං කබරෙක් වන ජෝ අබේවික්‍රම එලිබහින්න කැලේට ගිය විට කක්කා ගිඩෙන් මතු වූ ඉතා වටිනා මැණිකක් නිසා කොළඹ 7 පදිංචියට එන එකය.


පුතා ලෙස රඟනා ෆ්‍රෙඩී මැණික් ගල ගැන සුද්දන්ට කියන්නේ.... "අප්පච්චීස් කක්කා ස්ටෝන්" කියලාය.... දුව කියන්නේ... "කමින් සුවිට් කොළඹ සන්නිය කියලාය....


දැන් වෙලා තියෙන්නේත් ඊට හපන් කෙලියක්‍ය... හද්දා පිටිසර ගම්මාන වල උන්නු... ගෝත්‍රික ගං කබර හැත්ත බුරුත්තටම පාලන බලය ලැබිලාය... උන් අතරේ උපධිකාර විසේසග්නයෝත්  ඉන්නවාය....


දැන් මේ හැත්ත බුරුත්ත හා රාජ්‍ය නිළධාරින් ඔක්කෝම එකතු වී වේයන්ගොඩ අධිවේගී මාර්ගයේ නිධානයක් ගොඩ දානවාය...


ඔතන නිධානයක් තියෙනවාද කියා සජිත්ගෙන් හෝ නාමල් බේබිගෙන් ඇහුවා නම් කියනවාය... දෙන්නාම ඒ පිළිබඳ එක්ස්පර්ට්ලා කියා අපට කියා දුන්නේත් මේ ගං කබරයෝමය...


මේ කුමාරවරු දෙදෙනාම පිය රජවරුන් රාජ්‍ය කරනා සමයන්හි නිධන් වදුලෙන් උගත් පාඩම් ගැන රටවෙෂියෝ බෝ සේ කතා වන්නෝය...  එකෙක් නිධන් හෑරුවේ විශේෂ කෙලුකොප්පර් ඩිටෙක්ටරයකින් රටම ඉස්කෑන් කොරමින්‍ය...


දැන් අනුර කුමාරයාත් කාගේ හෝ දිරච්ච ළණුවක් කා නිධන් හාරනවාය...   උන්නැහේට මෙසේ නිධන් හොයන්නට සිඳුවී ඇත්තේ... හඳුනාට එවනවා කියූ ඩොලර් මිලියනටත්, චතුරංග හිච්චි සඕදරයාට එවනවා කියූ ඩොලර් බිලියනයත්, විදෙස් රටවල ඉන්නා ගං කබරුන් එවනවා කියූ මන්ත්ලී ඇක්ස්ට්‍රා ඩොලර් 500 ත් එන්නේ නැති නිසාය... දයිවේ සරමක් වෙමින් උන් දෙන්නාම දැන් එකම අමාත්‍යාංශයට දමා ඇත්තේ... ගේනවා කියපු ඒවා http ලා දෙන්නා දැන් ගෙනත් පෙන්නපිය කියාය.


අපට නම් අනුර කුමාරයා හෙවත් ණයවන චේතිය රජතුමාට කීමට ඇත්තේ... ඔය එක එකා දෙන දිරච්ච ළණු කන්නේ නැතිව... පුලුවන්නම් රත්නපුරේ රජයේ ඉඩම් වල නිධන් හාරන වැඩේ පටන් ගන්නෙයි කියලාය. මේ පිළිබඳ විසේසග්නයෙක් වන නාමල් කුමාරයාගෙන් ඒ පිළිබඳ උපදෙස් ගත හැකිය.


ගොබ්බ ගෝටා රජ කරන සමයේත් පතල් කාර්යන්සේ හා මැණික් සංස්ථාවේ උන් ගෝටා අනාට ගොන්දවා ලෝකේ ලොකුම මැණික් ගල සොයාගත්තා යැයි ප්‍රීතී ප්‍රමෝදයට පත් වී රජයේ වියදමින් ලෝකේ පුරා යමින් බඩු ගසා කා බී ප්‍රීතී වී බඩුත් ගසා ආ බව මුන්ට අමතක වීම ගැන ඇත්තටම අපිට දුක හිතෙනවාය..


මෙවන් ඉල්ලම් ගල් රත්නපුරේ ඕනෑ තරම් තියෙනවාය.....


රාජ්‍ය නිළධාරින් කියෙන්නේ ඒ තරම් ශුක්‍ර සුනඛයෝ බව හො ම ත ග යු.


ඒ වගත් මෙසේය.....


.

Jan 17, 2021

නැගෙනහිර ජැටිය හා මැණික් කුළුණ

 



නැගෙනහිර ජැටිය දෙනවාද, නානවාද?


මෙය ඉන්දියාව හා විසඳාගත යුතු ප්‍රශ්ණයකි…

ප්‍රශ්ණය ඇති කළේ යහපාලන ආන්ඩුවයි..

ඒ ඉන්දියාව ජපානය හා රාජතාන්ත්‍රික ගිවිසුමක් මඟිනි…

යහපාලන ආන්ඩුව දිගටම පැවතියේ නම් මේ වන විට හම්බන්තොටට සිඳු වූ දේ නැගෙනහිර ජැටියටද අත් වී අවසානය..

හූනියන් යුනියන් කාරයෝ ඒ කාළේ උන්නේ කාගේ පොකට් වලද කියා මා දන්නේ නැතිය…

මේ ආන්ඩුව ඇදගෙන නාන්නේ චන්ද පොරොන්දුවක් හා ආන්ඩුව පත්වීමෙන් පසු ගත් ගොන් තකතීරූ තීන්දු හේතුවෙනි..

ලෝකය එකම ගම්මානයකි.. කොමියුනිස්ට් චීනය පවා දියුණු වූයේ ජාත්‍යන්තරය හා එළඹි වෙළඳ ගිවිසුම් සමඟ ජාත්‍යන්තරයට යාමෙනි..

අප අමනාප කර නොගත යුත්තේ හූනියන් කාරයෝ ගොන් බයියෝ හා සංඝයා නොව ඉන්දියාව හා චීනයයි…

බිස්නස් එක තියෙන්නේ ඔවුන් සමඟයි…

ආන්ඩුවට විකල්ප දෙකක් ඇත…

පළමුවන විසඳුම ඉන්දියාවට මරිසියක් දමා වෙනත් ආයෝජනයකට ඉඩ සලසා දී ඉන්දියාව සමඟ මේ වන විටත් කෙරෙමින් පවතින 66% ක වෙළඳාම තව දුරටත් ආරක්ෂා කර ගනිමින් විදේශ ණයක් හෝ දේශීය ආයෝජකයකු සමඟ ඉදිරියට යාමයි…

දෙක හූනියන් කාරයන්ට බිය වී අනාගතයම කාළකන්නි කර ගන්නා මරි මෝඩ තීරණයකට යනවාද යන්නයි…

අප මහා කාළකන්නි රටකි…

සිංගප්පූරුව දියුණු වන්නේ මේ වැනිම වර්ජන හා හූනියන් කාරයෝ නිසා නැව් ටික සිංගප්පූරුව බලා යාමට පටන් ගත් හෙහිනි…

83 දෙමළුන් මරා යුද්ධයකට ගොස් රට කාබාසීනියා කරන ලදි…

2009 ලද යුධ ජයග්‍රහණයෙන් පිස්සු වැටුන පාලකයින් පිරිසක් හේතුවෙන් කළකිරීමට පත් ජනතාව පත් කරගත් කාළකන්නින් පිරිසක් ආර්ථික වර්ධන වේගය කා දමා එතෙක් ණය වී උන් මුදල දෙගුණයකින් වැඩි කර නන්න පෝල් කරන ලදි..

දැනට පවතින 66% ක ආදායමක් අහිමිව යාම සුළුපටු පාඩුවක් නොවේ..

ඒ ආදායමින් 49% වෙනකෙකුට ලබා දීමද අනුවන ක්‍රියාවකි….

මේ රටට දැන් ආයෝජකයෝ එන්නේ නැත…

එන එකාටත් අංචිය ඇද ආර්ථිකය කුඩු පට්ටම් කර දමනවාද… එසේ නැතිනම් ගිවිසුම ක්‍රියාත්මක කර රට සංවර්ධනය කරා ගෙන යනවාද යන තීරණය මත ආන්ඩුවේ ඉදිරි ගමන තීන්දු වනු ඇත…

ආයෝජකයෝ, විදෙස් නායකයෝ, බිස්නස් කාරයෝ මෙන්ම ජනතාවද කැමති හාල්පාරු නායකයන්ට නොවේ…

කොන්ද පණ ඇති බුලට් බඩුවලටය…

දැලි පිහියෙන් කිරි කන උන්ට මිස..

කුක්කු බොන චූටී බබාලාට නොවේ…


ඒ වගත් මෙසේය….



මැණික් කුළුණ.. කුළුණක් නොවේ


මම කාළයක් රත්නපුරේ ජීවත් උනා..

ඒ මිතුරකුගේ හෝටලයක..

(සප්තපාදිය)


ඒ වගේම කාළයක් සංචාරක මගපෙන්වන්නෙක් ලෙසත් වැඩකලා

(ඔව් නොකරපු රස්සාවක් නෑ)


ඒ කාළයේ රත්නපුරේ මැණික් පතල් පෙන්නන්න ගියේ දෙපාරයි…

ලංකාවේ සංචාරකයින්ට මැණික් පතල් පෙන්නන්නේ නුවර…

නුවර කොහෙද මැණික්…?

ඒවා ආටිෆිෂල් පතල්…

එහෙම නැත්නම් වීඩියෝ…

කොටින්ම මැණික් බිස්නස් එක තියෙන්නේ නුවර සහ කොළඹ…


ඒත් ජේ ආර් පප්පගෙ කාළේ…,

තායි බයර්ස්ලා රත්නපුරේ වැහි වැහලා උන්නා..

රත්නපුර ටවුමෙන් පස්සෙ බලංගොඩ පාරේ දිගටම උන්නේ එයාලා…

ඒත් මැඩගස්කර්වල මැණික් මතු වෙන්න පටන් ගත්ත ගමන් තායි බයර්ස්ලයි අපේ උනුයි ඔක්කොම එහේ ගියා…

ඉතිරි උන සෙට්ටෙක අඹ ගහ මුලට ආයේ සෙට් උනා…


දැන් පැල්මඩුල්ල, කහවත්ත හා අවට ටවුන්වලත් බයර්ස්ලා ඉන්නවා..

හොද ප්‍රදර්ශණාගාරයක් ඇත්තෙම නැති තරම්…

මැණික් කැපීම තියෙන්නේ බේරුවල…


ඔය නඟරය දියුණු නොවෙන්නේ එකාට එකා නැති නිසා… දේශපාලුවෝ උනත් එහෙමයි…

ඒ නිසා ලෝකෙම ප්‍රසිද්ධ රුවන්පුරේ අපායක්…


නව නඟරයක් හැදුවට සියල්ල තියෙන්නේ පරණ ටවුමේ…

පොඩ්ඩ වැස්සත් යට වෙනවා…

පාරවල් ගන්න දෙයක් නෑ…

ට්‍රැෆික් පැලෙන්න…


ඒත් ඉතින් දැන් රත්නපුරේට එක්ස්ප්‍රස් වේ එකක් එන්න යන්නේ…

මත්තලටත් කිට්ටුයි…

මේ එන්නේ රත්නපුරේ ලංකාවේ ජෙම් සිටි එක කරන්න හොඳම කාළේ…

එතකොට සුද්දන්ට ඔරිජිනල් පතලක්ම පෙන්නන්න පුලුවන්…

ඕන නම් පතල් ටුවර් එකක් දෙන්නත් පුලුවන්…

උන් ඒ වගේ ඇඩ්වෙන්චර් වලට කැමතියි…


ඒ අතින් මේ මැණික් ටවර් එක හොඳ ආයෝජනයක් වගේම..

රත්නපුරයට නව ජීවයක්…


ජෙම් ටවර් කියන්නේ ප්‍රේමෙගෙ ඔරලෝසු කණු වගේ කණුවක් නෙමේ…


මේකට ටවර් කියලා කිව්වාම ලංකාවේ මී හරක් හිතුවේ කුළුණක් කියලා..

ඒත් මහල් ගොඩනැගිලිවලටත් ටවර් කියනවා කියලා මේ මී හරක් දන්නේ නෑ..

දන්න උනුත් මනසිකව දරුණු විදියට වැටිලා ඉන්න නිසා මේ වගේ දේකින් හෝ ආතල් එකක් ගන්නවා…


සම හරක් කියන්නේ කෝවිඩ් නිසා රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම නවත්වලා දාන්න ඕන කියලා…


මෙතන හැදෙන්නේ මැණික් කර්මාන්තයට අවශ්‍ය සියළුම පහසුකම් හා සේවා අඩංගු පස් මහල් ගොඩනැගිල්ලක්…


මේ වගේ ජෙම් ටවර් ලෝකයේ රටවල් කීපයකම තියෙනවා….

ඔය පින්තූරේ තියෙන්නේ බැංකොක්වල තියෙන තට්ටු 40 ක ජෙම් ටවර් එක..

අපෙත් දෙවන පියවර ලෙස තට්ටු 20 ගනනක ටවර් එකක් ඉඳිවෙන්න නියමිතයි…


හැබයි බිස්නස් එකේ ඉන්න උන් ටික ආයෙත් පුරුදු තැන්වලම උන්නොත්…

සත පහක වැඩක් වෙන එකක් නෑ…

(උන් ඒ වගේ මහන්තත්ත සෙට් එකක්.. මැණික් නිසාම ඔළු ඉදිමුන. )

ඒ නිසා ට්‍රේඩ් එකේ ඔක්කොම මෙතනට ආකර්ෂණය කර ගැනීමත් මීට එකතු වෙන්න ඕන…


ඒවා ඉතින් ආන්ඩුවේ වගේම කිසිම එකමුතුකමක් නැති.. දේශපාලුවන්ගේ හා

රත්නපුර වෙළඳ ප්‍රජාවගෙත් වගකීමක්….




May 28, 2015

පුරවර අතර - From Anuradhapura to Ratnapura


මුලින්ම අපේ පත්තරේගේ මාමන්ඩිට, උන්නැහේ ප්‍රාර්ථනා කොරාපු ළෝකෙක ඉන්න වාසනාවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරන අතරෙම, පත්තරේටයි, හාමිනාටයි, මගේ හදපිරි ශෝකය ප්‍රකාශ කොරලා ඉන්නවා.

සම හරක් හිතාගෙන ඉන්නේ මාතලන් රනිල්ගේ මීඩියා යුනිට් එකේ වැඩය කියලා. ඒ වගේම, ඒ යක්කුම කලින් කිව්වේ මාතලන් රෙදි නැතුවම මහින්ද මහත්තයට කඩේ යනවැයි කියලා. ඒත් ඉතින් මාතලන්ට වෙලා තියෙන දේ දන්නේ බොහොම ටික දෙනයි.