.

.
Showing posts with label Karuna Ammaan. Show all posts
Showing posts with label Karuna Ammaan. Show all posts

Jun 23, 2020

කරුණා මූදේ නාති ගිලීලා...




ලංකාවේ තිස් වසරකට අධික කාලයක් තිස්සේ දරුණු ගරිල්ලා ත්‍රස්තවාදයක් සමඟ අති භයානක යුද්ධයක් තිබූ බවත් එය ජයග්‍රහණය කිරීමට පෙර, උතුරේ මෙන්ම දකුණේද ලේ ඟංගා ගැලූ බවත් අද ඉන්න පරපුර දන්නේ නැතිය. අනික් උන්ට මතක නැතිය.

උතුරේ වෙනම පාලනයක් තිබූ අතර, එම ප්‍රදේශවල පවත්වාගෙන ගිය හමුදා කඳවුරු රාශියක් කොටින්ට යටත් වූ බවත්, එහිදි හමුදාවේ පිරිස් විශාල වශයෙන් මියගිය බවත් රහස් නම් නොවේමය. මින් වඩාත් කතා බහට ලක් වූයේ චන්ද්‍රිකා පාලන සමයේ එලිෆන්ට් පාස් කඳවුරට එල්ලවූ ප්‍රහාරයයි. එහිදි මිය ගිය හමුදා සෙබලුන්ගේ ගනන අදටත් අභිරහසකි. සමහර විට කරුණා පාරම්බානවා ඇත්තේද මේ ප්‍රහාරය ගැන වෙන්න ඕනාය.