.

.
Showing posts with label Presidential Election. Show all posts
Showing posts with label Presidential Election. Show all posts

May 15, 2024

ජනපතිවරණයේ ජයග්‍රාහකයා කව්ද?


 

ජනපතිවරණයේ
ජයග්‍රාහකයා කව්ද?
➖➖➖➖➖➖➖⭕


මාතලන් තවමත් සිටින්නේ ජනාධිපතිවරණයක් නොපවැත්වේය යන මතයේය. රැල්ලේ පිහිණු සාමාන්‍ය ජනයා පවා දැන් කියන්නේ... රනිල් ලොක්කාට තව වසර 5 ක් බලය ලබා දිය යුතු බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී.... නියත ජයග්‍රහණයක් ලබන බව සජිත් ජලනි බලවේගයේ මතයය. ඒ අනුව ඔවුන් ඉදිරියෙන්ම සිටින්නේය.

කෙසේ හෝ ජනපතිවරණය පැවැත්වුවහොත්... රනිල් ලොක්කා පරදින්න නම් ඉදිරිපත් වන්නේ නැතිය. ඔහු 2005 මහින්දට පරදින්නේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකින්‍ය.

ඒ කියන්නේ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්... රනිල් එන්නේ නැතිය. එහිදි ඔහුගේ ආශීර්වාදය අනුර කුමාරට හිමි වනු ඇති මුත්, ජලනි මැතිනිය ජනාධිපති ආර්‍යාව වනු ඇති අතර. නැවතත් හේමා ප්‍රේමදාස හා ශිරන්ති රාජපක්ෂ පන්නයේ විගඩම් රැසක්.... ජනතාවට දැකගැනීමේ වාසනාව හිමිවනු ඇත්තේය.

එමෙන්ම සජිත්ගේ සහාය රනිල්ට ලැබුනහොත් අන් පක්ෂ සියල්ලේම සහාය රනිල්ට හිමි වනු ඇති අතර.... පොහොට්ටුවෙන් මොකෙක් හෝ ඉදිරිපත් කරණු ඇත්තේය. එහිදි පෝට්ටුවේ බුලට් සියල්ල රනිල් හා එකතු වනු ඇති අතර... එය පොහොට්ටුවේ අවසානය වනු ඇත්තේය, එජාපයට අත් වූ ඉරණමම එයටද උරුම වනු ඇත.

සජබ හැර පොහොට්ටුවේ හා අනෙකුත් පක්ෂ සියල්ලේම සහාය ඇතිව.... රනිල් සජිත් හා අනුර චන්දයට ඉදිරිපත් වුවහොත් සුළු ජාතිකයින්ගේ පක්ෂ වල සහාය ලබා ගන්නා සජිත් හෝ රනිල් ජයගනු ඇත්තේය.

කෙසේ හෝ කිසිඳු පක්ෂයකට තනිව තරඟ කොට ජයගැනීමේ ශක්තියක් නැති අතර.... වැඩිම පක්ෂ ප්‍රමාණයක සහාය ලබා ගන්නා අපේක්ෂකයා අනිවාර්‍යයෙන් ජය ගනු ඇත්තේය.

ඒ අනුව ජාතික ජන බලවේගය නමින් ජනතාව අනාට ගොන්දාගෙන බයිලා ගසමින් රට වනසන වැඩ වර්ජන කරමින් සංවර්ධනයට අකුල් හෙලමින් ගෝත්‍රික දේශපාලනයක යන ජනතා විමුක්ති පෙරමුණට.... කිසිඳු අයුරකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමේ කිසිඳු අවස්ථාවක් ඇත්තේ නැති අතර... එය ලබා ගන්න උපරිම ප්‍රතිශතය 18% වනු ඇත්තේය.

ඒ වගත් මෙසේය....

Jul 22, 2022

ඩිප්ලොමසි හා ඉකොනමි නොදන්නා මෝඩයකුට වඩා, පරිනත අවස්ථාවාදී කපටි නරියකු බලයට පත් වීම් වඩාත් යහපත් වේ.

 


රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ලබාගත් ජයග්‍රහණය සියළුම විදෙස් මාධ්‍ය ආයතන වාර්ථා කරණුයේ ඉතා පක්ෂග්‍රාහීව බව, මේ දිනවල ඒවා නැරඹු, කියවූ, ඕනෑම මධ්‍යස්ථ පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය.

ඊට ප්‍රධාන හේතූන් දෙකක් මාතලන් දකින්නේය. 

පළමු කාරණය මේ මාධ්‍ය ආයතන සියල්ලේම පාහේ දේශීය වාර්ථාකරුවන් කොටි හිතවාදීන් වීමය. 

දෙක ඔවුන් සියල්ලෝම අරගලයෙන් ගිනි කන වැටුන දේශීය ජඩමාජ්ජවේදීන් මෙන්ම රාජපක්ෂ විරෝධීන් වීමය.

සියල්ලෝම වාර්ථා කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ජනතාව පිලි ගන්නේ නැති බවය. ඔවුන් මේ ජනතාව කියා කියන්නේ අරගලයේ ඉන්නා ඔවුන්ගේ නියෝජිතයින් හා හිඟන්නන්‍ය.

එම නිසා ඔවුන්ට රට පුරා කිරිබත් කන, රබන් ගසන, කොඩි බැනර් එල්ලන, රතිඤ්ඤා දල්වන, ජයග්‍රහණය නිසා නැවත පිබිදී ඇති එක්සත් ජාතික පාක්ෂිකයින් පේන්නෙම නැත. ඇත්තටම නොපෙනෙනවා නොදන්නවා නොව, ඒ සත්‍යයය ලොවට කියන්නට බැරිය.

ඊයේ ගංගාරාමයට පැමිණි විදෙස් මාධ්‍යවේදියා රනිල්ගෙන් කන රත්වෙන්න මාධ්‍යකරණය ගැන අසාගන්නේ, ඔබ රාජපක්ෂලාගේ හිතවතෙක් නේද යන්න විමසීමේ හේතුව නිසාය. ඇත්ත වශයෙන්ම මොහු විදේශීය මාධ්‍යවේදියකුද යන ප්‍රශ්ණය මට ඒ මොහොතේම පැන නැගිනි.

මොහු සඳහන් කරනාකාරයට දේශපාලනය කල යුත්තේ ජෙප්පන් මෙන් නයි වෛරක්කාරයයින් ලෙසද? දේශපාලනය තුල සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැත යන ප්‍රසිද්ධ කියමන හෝ මොහු නොදන්නේද?

අනෙක් කරුණ නම්, පසුගිය යහපාලන සමය තුල රාජපක්ෂ පවුලේ බොහෝ පිරිසක් මෙන්ම හිතවතුන් හා නිළධාරීන් සිරබත් කෑ බවවත් මොහු නොදන්නේද? මෙවන් ගොබ්බයන් විදෙස් මාධ්‍ය ආයතන තුලත් සිටින්නේද? එසේ නොවන්නේ නම් මේ යන්නේ වෙනත් ඇජෙන්ඩාවක්ද?

කෙසේ හෝ ජාත්‍යයන්තරයේ රනිල් වික්‍රමසිංහ පිළිබඳ යන ප්‍රචාරයන් ගැන සැලකිලිමත් වීම වහාම ආරම්බ කළ යුතු අතර, දේශීය නියෝජිතයන්ගේ පැටිකිරිය පිළිබඳවද සොයා බැලීම ඔහුගේ අනාගතය සඳහා සුභ දායකය.

කොටි ඩයස්පෝරාව රාජපක්ෂ විරෝධි කඳවුරේ නියෝජිතයා වූ ඩලස් අලහප්පෙරුම දිනවීමට කළ හැකි සියළුම උපක්‍රම යෙදූ බව අද වන විට රහසක් නොවේ. සජිත් තරඟයෙන් ඉවත් වූ පසු ඔවුන් සියල්ලන්ගේම අවසන් රැස්වීම පැවැත්වෙන්නේ, රටෙන් තුනෙන් දෙකක් ඉල්ලන, කැමෆ්ලාජ් වෙනුවට ටයි කෝට් අඳින, කොටි මහත්වරුන් සමඟ වීමත් අද රහසක් නොවේ.

ඉඳින් ඔවුන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් උන්මතකයින් වීම පුදුමයක්ද?

අනෙක් අතට තරඟයට ඉඳිරිපත් වූ තරඟ කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් බඩ රස්සාවට දේශපාලනය කරනා විකටයකු වනාතර තරඟය පැවතුනේ දෙදෙනෙකු අතරය.

එය රාජපක්ෂ හා පොහොට්ටු විරෝධී කඳවුරේ මෙලෝ අලබෝලයක් නොකල අකුරු වලින් හා වචන වලින් කැටයම් දමනා ඩලස් සහ අවුරුදු 45 ක් දේශපාලනය තුල පරිනත, නියෝජ්‍ය ඇමති, ඇමති මෙන්ම අගමැති දූරයේත් අත්දැකීම් ඇති, විරුද්ධ පාක්ෂිකයින් අතර පවා ඇවිදින මොළයක්, දැණුම් ගබඩාවක්, විදේශයන් පවා පිලිගන්නා ලිබරල්වාදියකු ලෙස හඳුන්වන පක්ෂ නායකයකු අතර පැවති සටනකි.

අනෙක ඔහු ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය බාරගත් නිර්භීත නායකයෙකි. දේශපාලනමය වශයෙන් දෙදෙනා සම කළහොත්, ඇරිස්ටෝටල් හා මර්වින් සිල්වා සමකිරීමක් වැනිය.

රටේ ඇති අර්බුධය රාජපක්ෂ පවුල නොවේ, ලංකාවේ සියල්ලෝම රාජපක්ෂ පවුල වගේ වෙන්නට ගොස් ඇතිකරගත් ආර්ථික අර්බුධයකි. ඒවාට පිලියම් යෙදීමට රදම්පල සිට පැමිණ තාත්තා බුලත් විඩ කෑවා යයි කියමින් හඬනා ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා ගැමියකුට කිසි දිනෙක කල නොහැකි දෙයකි.

ඊට සුදුසු වන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන්හී නිපුන රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයකුමය. IMF ප්‍රධානීන් ආධාර වැඩසටහන වහාම ආරම්බ කළ යුතුයැයි කියන්නේ ඒ නිසාය.

මේ රනිල් ලද අවසාන අවස්ථාවය. ඔහුගේ රිගේනින් ශ්‍රී ලංකා ආර්ථික වැඩ සටහන හා එජාපයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් තම මාමා මෙන් මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්ම ඔහුට ඇති එකම අභියෝගය වන්නේය.

Jul 19, 2022

විමල්ගේ අරමුණ ඩලස් තුලින් ඉටුකරගැන්ම හෙවත් සජබය ඩැහැගැනීමේ කුමණ්ත්‍රණය.


විමල් ඩලස් එකතුවේ දේශීය අනුග්‍රාහකයා දිලිත් ජයවීර වනාතර, විදේශීය සාදර අනුග්‍රහය චීන සමුහාන්ඩුව බව අප කී දෑ අද මහපොලොවේ සත්‍යයන් වී හමාරය.


මෙහිදි අප වඩාත් විමසිලිමත් විය යුත්තේ ඩලස්ගේ ඉදිරිපත් වීම නොව, මේ තුල ක්‍රියාත්මක වන විමල්ගේ භූමිකාවයි. විමල්ට රටේ නායකත්වයට පත්විමේ තද බල ආශාවක් තිබෙනා බව කාටත් පැහැදිලිය.


ජවිපේ තුලින් විමල් එලවා දැමීමට තීරණය කරන්නේත් මේ හේතුවෙනි. එහිදි ඔහුගේ කුමන්ත්‍රණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධාන ගතව එහි බලය ඩැහැගැනීමයි. ඊට ජවිපේ සෝමවංශ මෙන්ම අනෙක් අයද එකහෙලා විරුද්ධ වන්නේ, ඔවුන්ගේ දේශපාලන අරමුණ වෙනත් එකක් වන හේතුවෙනි.


2005 දී මහින්ද බලයට ගෙන ඒමට ක්‍රියාකල ජවිපේ, මහින්දගේ යුධ බජට් එක පරාජයට පත් කිරීමට යන්නේත්, විමල් ඊට එරෙහිව පක්ෂයේ 50% පමණ කුට්ටියකුත් කඩාගෙන ගොස් ජනිපේ නායකයා වී, මහින්දගේ අගසව් හෙවත් ලොකු පුතා වන්නේත් මේ හේතුවෙනි.


ඉන්පසු 2012 මහින්ද විනාශ කිරීම ආරම්බ කර, මහින්ද මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලීමේ නිර්මාතෘ වන්නේද විමල්මය. ඒ බැසිල් හා පී බී සමඟ ගේමක් ඇදගෙන ආර්ථික ඝාතකයා නාටකය රඟදක්වමිනි.


එහිදි අතන මෙතන පනින රතන හා පාඨලි පමණක් ඊට එක්ව, පසුව යහපාලන ජෝගියේ සාමාජිකයින් වූවද, විමල් ඊට සහභාගී නොවන්නේ, මහින්දට කෙල වූ පසු මහින්දගේ බයියන් සියල්ලෝම තමන්ගේ ග්‍රහණයට පහසුවෙන් ගත හැකි බව ඔහු දැනගෙන සිටී බැවිනි.


එය කෙතරම් සාර්ථකව සිඳු කලේද යත්, මැදමුලනේ පැත්තකට වී සිටී මහින්ද මහත්තයා චක්කාට අන්දාගෙන, නුගේගොඩට උස්සාගෙන විත්, බයියන් නැවත බලයට ගෙනාවේ විමල් වීරවංශ බව අදටත් පනිට්ටු බයියන්ගේ විශ්වාසය වනාතර, උන් කියන්නේ පුලුවන්නම් විමල් නැතුව මහින්දලාට දිනලා පෙන්නනෙයි කියලාය.


එහෙත් විමල්ගේ මේ සැලසුම දුටු ජොනී හා ප්‍රසන්න, ඇමරිකාවේ උන් බැසිල් මෙරටට ගෙන්වා, අළුත් පක්ෂයක් බිහි කර, විමල්ගේ ජාතික නිදහස් පෙරමුණෙන් චන්දයට ඉදිරිපත් වීම වලක්වමින්, බයියන්ටම වෙන්වූ පොහොට්ටු පක්ෂය නිර්මාණය වන්නේ ඒ අනුවය.


එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත් අතර, බැසිල්ලා සමඟ තම සිහිණිය සැබෑකර ගත නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු, නැවත වරක් රාජපක්ෂ පවුල බේද බින්න කොට, අවලස්සන ඇමරිකානූ නාට්ටිය රඟ දක්වමින් ඝෝඨාත් ඩැහැගෙන දාන්නට ගිය සෙල්ලම බැසිල් විසින් කුඩුකර දමන්නේ, ඇමතිකම්ද නැතිකර පුචට පයින් ගසා දොට්ට දැමීමෙන්‍ය.


ඇත්තටම ඝෝඨා විනාශ කළේ වෙන කවුරුවත් නොව මුලින්ම "2025 ඝෝඨා ජනපති විමල් අගමැති" සිහිණය ඝෝඨාගේ ඔලුවට දැමූ විමල් වීරවංශය. මහින්ද හා ඝෝඨා විරසක කළේද ඔහු වනාතර, මෙවන් ගේම් වලට ප්‍රසිද්ධ ඩලස් ඒවාට උපරිම සහයෝගය දුන්නේය.


ඉන්පසු පුලන්නන් කිහිප දෙනෙක් හා ස්වාධීන කණ්ඩායම් විගඩමක් සාදාගෙන, ඩලස් හා එක්ව දැන් කරන්නට යන්නේ, 


පොලිට්‍රික්ස් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා, ජනප්‍රිය තීන්දූ තීරණ ගෙන අවසානයේ නාගන්නා, සජිත්ගේ ලක්ෂ 55 ක් පමණ වන පන් ටොයියන්ගේ ඡන්ද ප්‍රමාණය ඩැහැගැනීමක් බව සජිත්ට තේරුම් කර දීමට,


ඒ පක්ෂයේ ඉන්නා ෆොනී, රාජිත, කිරිඇල්ල තබා තිස්ස අත්තනායකටවත්, මහින්දගේ ගෝලයන් වූ ජොනීට, ප්‍රසන්නට තිබූ දේශපාල ඉව නැතිවීම කනගාටුවට කරුණකි.


සජිත් අද දින ගත් මේ අමන තීන්දුව ගැන අනාගතයේ කනගාටු වනු ඇත්තේ, ඒ යන පිරිසද, හරීන් හා මනූෂ මෙන්ම, "ආසයි බයයි" ලේබලය ගසා පක්ෂය හැර යන දිනයේය.


ඒ වගත් මෙසේය.....

.


Jan 13, 2015

Social Media තියෙන්නේ Fun ගන්න.(ද).?

 
ලංකාවේ Social Media වල සිඳුවන්නේ කුමක්ද කියන දේ, සාමාන්‍ය මහජනතාවට හඳුන්වා දීමේ මූලිකත්වය ගත්තේ, චානුක වත්තේගමයන්. ඊට පස්සේ, නාලක ගුණවර්ධණ. "රාවයේ", "සිව් මංසල කොලුගැටයා" නමින් ලියන්නේ, නාලක ගුණවර්ධන. ඔහු දිගින් දිගටම Social Media ලංකාව තුල හැසිරෙන ආකාරයත්, ළෝකයේ එහි ඇති බලවත් කම ගැනත්, එමගින් කළ විප්ලව ගැනත්, දිගින් දිගටම ළිපි ලිව්වා. ඒ වගේම බ්ලොග් රචකයින්ට විශාළ ලෙස සහයෝගයක් දෙන, http://sinhala.lankanewsweb.net වෙබ් අඩවියේ "නෙළුම් යාය" සඟරාවත්, කිසි සේත්ම අමතක කරන්න බෑ. මේක ලංකාවේ අපි තාමත් බලන්නේ ප්‍රොක්සි වලින්.

Jan 8, 2015

මහින්ද අපි ඔබට ආදරෙයි.... - Mahinda We Love You...



මාතලන්ලා දිණුවේය. ඒ කියන්නේ ජනතාව දිණුවේය. මාතලන්ලා මහින්දට කඩේ ගියා යයි සම හරක් කීවේය. ඔව් අපි මහින්දගේ හොඳ කතා කළේය. නරකත් කතා කළේය. මහින්ද කියන්නේ සුන්දර මිනිසෙක්ය. මහින්ද විනාශ කළේ බලයය. මහින්ද බලයෙන් මුලා උනේය. ජනතාව පයිසෙකට මායිම් කළේ නැතිය. නැතිනම් දුප්පතාගේ බත් පතට කෙලින්නේ නැතිය. පී බී ලා වගේ කම්බ හොරු රෙද්ද අස්සේ දාගන්නේ නැතිය. කබ්‍රාල් වගේ හොරු කරේ එල්ලා ගන්නේ නැතිය. උන් ඔබ තුමා ඇන්දුවේය. අපි ඒ බව කීවේය. ඔබ තුමාට, අපට වඩා උන් ලොකු උනේය. ඒ අපි පොඩි උන් නිසාය. නමුත් පොඩි එකා අද ජය ගත්තේය.

Jan 7, 2015

මැකෝට අපේ ආචාරය... රූපවාහිණිය පච වෙයි..


මාස දෙකක් තිස්සේ මේ රටේ ගොන් බූරූ ජනතාවට ආතල් දුන් පචවාහිණිය, අද ගූ හත්පොලේ ගාගෙන, නාගෙන, චොරවී ඇත. ඒ සජිත් ප්‍රේමදාස මහතා ආන්ඩුවට ආවා යැයි කියා, කම්බ බොරුවක් ඇද බාමිනි. සජිත් ප්‍රේමදාස මැකෝට පැමිණිලි කිරීමෙන් පසු, රූපවාහිණියට ගිය මැකෝ, වැරද්ද නිවැරදි කර විකාශය කරන මෙන් නියෝග කර ඇත. පචවාහිනිය නැව් බොරු කෙලීම පිළිබඳ සමාව ගත්තේය.

Jan 6, 2015

ඡන්ද අයිතිය, වටිනාකම හා අනාවැකිය - Voting Power & Predictions


මාතලන් මේ දිනවල ඉන්නේ බොහෝම සුන්දර පවුලක් හා පිරිසක් පිරිවරාගත් ගම්මානයකය. ඒක අර දේදුණු කැළුම් වගේ දිග කතාවක් නිසා මෙතන ලියන්න යන්නේ නැතිය. දන්න උන් දන්නවාය. නොදන්නෝ කවදත් නොදන්නේය. ඊයෙත් මධු පානයෙන්, සංගීතයෙන් හා දේශපාළණ කචල් බචල් වලින් පිරී ගිය රාත්‍රිය, නිමා වූයේ බොහෝ රෑ වීමෙන් පසුය. අද උදේ ජොබ් එකේ පොඩි වැඩ ටිකකට ගිහිල්ලා ඇවිත්, හවස් වරුවේ නින්දක් දාගෙන ඉන්නා කොට, "ඉවාන් පවුලූෂා" කෝල් කලේය. දැන් ඉතින් ආයේ නිදා ගන්න කලින් කුඩු පොඩ්ඩක් ගහන්න ඕනාය. මාතලන්ගේ කුඩු ගැහිල්ල බොග දාන එකය.

Dec 31, 2014

ඉස්ථාවර, අස්ථාවර හා බඩගෝස්තර - Stable, Unstable & Greedy Politicians



මේ රටේ ජනතාව ජනපතිවරණයක් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ ජීවන බර අඩු කරලා දෙන්න කියලාය. කාටුන් කාරයන්ගේ බඩ පිටේ ඇලුනේය. සරම්, කඩමාලු උනේය. මල්ල හිස් උනේය. ඒ කියන්නේ සමාන්‍ය ජනතාව අම්බ හිඟන්නෝ උනේය. 2016 වනතෙක්, රට පාළණයට යුද්ධය දිණූ වීරයාට වැඩි ඡන්දයෙන් වරමක් දීලා තියෙනවාය. එසේ තිබියදී, ඡන්දයකට යන්නේ ජොතිෂ්‍යකාරයෝ නිසාය. ජෝතිෂකාරයෝ මෙන්ම අන්ඩුවේ පොලිටික්කෝද, හොල්මන්ද බේරේ උනේ, ඌවේ හරින්ගේ, "දැන් ඔක්කොම හරි" සෙල්ලම නිසාය. තව අවුරුදු දෙකක් උන්නොත්, නන්න පෝල් කියලා තේරුන ජනාධිපති තුමා, වේලපත්කඩේ පිහිට පතන්නේ මේ නිසාය.

Dec 29, 2014

සල්මාන්, සමනලී හා බලු පූට්ටු... - Salman, Samanalee & Dog Mating


ලියන්නට දෙයක් නැත. ගොසිප් සයිට්, පොලිටිකල් වෙබ් සයිට් වේලෙනවාය. මේ කලටි පොල් කඩන කාලයක් නිසා, වෙන මළදාන ලියලා ඇති වැඩකුත් නැතිය. අඩු ගානේ ලෝකල් ගොබෙල්ස්ගේ, "සී නිව්ස්" එකේ වත් මෙළෝ දෙයක් නැතිය. දෙපැත්තම, රටට වින කල ගං වතුරේ ගසාගෙන ගියාදෝ කියා හිතෙනවාය. මාතලන් මේ දිනවල ඉන්නා හද්ද පිටිසර ගම්මානයේවත්.. බද්දේගමවත් සිරිසේන උන්නැහේගේ කැම්පේන් එකක්වත්, පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් පේන්නවත් නැතිය.

Dec 24, 2014

මෛත්‍රී හා රනිල් අත් අඩංගුවට ගණු...!!! - Who let the dogs out...?


 

මේ සීතල දුරුතු සමයයි. මේ දවස්වල පිස්සන්ට පිස්සු තදවෙයි.. රිලවුන්ට හීට් එක නගියි.. ජනාධිපති ගේම නැගලාම යයි.. සාධාරණ මැතිවරණයක් බැලූ බැලූ සැමතැනය.. ආන්ඩුවේ විනය දෝරේ ගලයි.. පොලිස්පති හා පොලීසිය නීතීය අකුරටම ක්‍රියාත්මක කරයි.. ඕනෑම එකෙකුට ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ, රැලි, පෙලපාලී යාමට හැකිය.. ඒවාට, පොලෝසිය දිවි හිමියෙන් ආරක්ෂාව සපයයි..

Dec 23, 2014

සොහොන් ළකුණු - End of the Road

 
පිස්සො හදපු පච ගිවිසු               ම්
දැක්කේ වත් නැති ගිවිසු             ම්

පිස්සෙක් ගෙන පාති රැඟු            ම්
හොරු සමඟින් රිලා නැටු           ම්



Dec 21, 2014

ලෙඩට බෙහෙත් නැති, බෙහෙත් වට්ටෝරූ - Prescriptions without proper medicine


මෛත්‍රිපාල මහත්තයාගේ මැනිෆැස්ටෝ එක එලි දක්වලාය. ඕක, කී දෙනෙක් කියවයිද කියා කියන්න දන්නේ නැතිය. මාතලන්ගේ ජීවිත කාලය තුරා, මේ වාගේ ලස්සන පොත් කන්දරාවක් දැකලා තියෙනවාය. සමහර ඒවා කියවලා තියෙනවාය, සමහර ඒවා විසිකරලා තියෙනවාය. මාතලන් ඒ කාළේ පටන් මේවාට කියන්නේ බබල් ගම් කියලාය. 

Dec 13, 2014

මහතීර් මොහොමඩ්, මහින්ද චින්තනය හා සිරානොමික්ස් - Dr. Mahthir Mohomed, Mahinda Philosophy & Siraanomics

 

- මාතලන් -

අබේනොමික්ස් කියන්නේ, ජපානයේ ෂින්සෝ අබේ මහත්තයාගේ රට ගොඩ නගන ආර්ථික ක්‍රමය හඳුන්වන නාමයයි. එය මුළු ළොවෙහිම ඉතා ජනප්‍රිය යෙදුමකි. ඇත්තටම ජපානය දියුණුවේ හිනිපෙත්තටම ගමන් කොට ඇති රාජ්‍යයක් බැවින්, ඔවුනට අද ඇති ප්‍රශ්ණය නම්, රට දියුණු කිරීම නොව, එම තත්වයෙන් පහතට නොවැටි දිගටම පවත්වාගෙන යාම, එහෙම නැතිනම්, මේන්ටේන් කොර ගෙන යාමය. ජපානය විතරක් නොව, යුරෝපයේ දියුණු රාජ්‍යයන්ද අද මුහුණ දෙන විශාලම ගැටළුව මෙයයි. ඒක හරියට නිවන් ලබා ගත්තායින් පස්සේ, කොරන්නේ මොකක්ද යකෝ වගේ මහා උභතෝකෝටික ප්‍රශ්ණයකි.

Dec 11, 2014

ජනපති සිහිණය බිඳ වැටීම... - Shattered Dreams

 

මාතලන් 2010 දී අනාවැකියක් කිව්වේය. ඒ බොග දාන්න පටන් ගත් මුල කාළයේය. ඒත් මෑතකදි බය වෙලා උන්නේ, ඒ කියපු අනාවැකියට කෙලවේදෝ කියලාය. ඒ රනිල් විකුම්සිහ උතුමානෝ ජනාධිපතිවරණයට එන සයිස් එකක් තිබුන නිසාය. එහෙම ඇවිල්ලා පැරදුනා නම් අවුලක් නැතිය. එහෙත් දින්නා නම් වෙන්නේ, මාතලන්ගේ අනාවැකියට කෙලවෙන එකය.

Dec 9, 2014

නිර්මාල් ඔබ නිවැරදියි - Nirmal, you are not wrong...


මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන තර්කයන් තුල අපට දැක ගැනීමට පුළුවන.

Dec 8, 2014

තිස්ස, මුවාට විද්දේය - Honorable Secretary


ජනාධිපති තුමාට ඊයේ රෑ නින්ද නොයන්න, හේතු දෙකක් තිබුනේය. ඒකත් හරියට අර, ගුඩ් නිව්ස් බෑඩ් නිව්ස් ගේම් එක වගේය. ගුඩ් නිව්ස් එක, තුන් වෙනි පාරටත් රාජ්ජේ පාලනේ කොරන්න නොමිනේසින් දෙන්න යන එකය. එලියට ගිහින් සෙනග අස්සේ රිංගනවා තරම් ආතල් එකක් හොහේද බන් තියෙන්නේ කියලා හිතපු ජනාධිපති තුමා කල්පනා කළේ අදත් මුන් පොඩි උන් උස්සන්න ලෑස්ති කරලා තිබ්බොත් නම් පොඩ්ඩක් අවුල් වේවී නේද කියලාය. මොකෝ වඩා ගන්න උන්ට ඡන්දේ දාන්න මැකෝ ඉඩ නොදෙන නිසාය. අම්මපා එහෙම දුන්නා නම් මම ගොඩේ ගොඩනේ යකෝ කියලා හිතපු ජනාධිපති තුමාට ආයෙත් තනි ආතල් එකක් ගියේය.

Dec 7, 2014

අපායේ ක්‍රිස්මස් - Christmas in Hell


කවදා හරි යන්න වෙන තැන හින්දා, අපාය පැත්තේ විසිට් එකක් දාලා එන එක මාතලන්ගේ පුරුද්දක්, ටික කලකින් ඒ පැත්තේ ගොහින් ආවේ නැති නිසාත්, නිතරම ඇවිල්ලා පලයන් මාතේ කියලා, අතිගරු යම රජුගෙන් නිතර නිතර කෝල් එන නිසාත්, පෝය දවසේ ඒ පැත්තේ ගිහින් එන්න කියලා, උදේම පිටත් උනා. කොහොමත් නිවාඩු දවසක, එතුමා අල්ල ගන්න එක ලේසියි.

Dec 4, 2014

මෛත්‍රී පැරදුනොත්....? - Plan B



සමහර විට, ඔහේලට මතක ඇති අපේ පොදු අපේක්ෂක සිරිසේන මැතිතුමා, සවුක්ක ඇමති කාළේ විරිඳු කිව්වා කියලා හිටං. එහෙම විරිඳු කියපු කාළේ, ඩෙංගු මරන්න තොවිල් බෙරයක් උස්සගෙන නටපු කාළේ, අපේ පුකට විඳින, ඩෙංගු මදුරුවා තුරන් කොරන්න දුම් ගහපු කාලේ, එතුමට ආතතියක් තියෙනවය කියලා අපිට නම් පෙනුනේ නෑ. අගමැතිකම් දෙන්න කිසිම දෙයක් නොකරපු එක නම් සුදුසුකම, උන්නැහේ අගමැති කම් බලාපොරොත්තු වෙන එකේ වරදකුත් නෑ.

Dec 3, 2014

වාද පිටියෙන් පැනයාම - Walking Out Debate


පසුබැසීම හා පලායාම යනු දෙකකි. එකම සිද්ධි දාමය වුව, වෙනස් වූ අර්ථයන් ඇත. පසුබැසීම උපක්‍රමශීලීව ඉවත්වීමකි. පලායාම යනු පරාජය හමුවේ පැන යාමකි. පසුබැසීම යුධ උපක්‍රමයක් බව කොහේ හෝ මාතලන් කියවා ඇත. එය සංග්‍රාම උපක්‍රමයකි. එහෙත් පලායාම අවමානයකි. එහෙත් පරාජයට වඩා ඇඟ බේරා ගැනීමකි.