.

.

Feb 28, 2022

ආක්‍රමණයන් හා සිප වැළඳ ගැනීම්..

 


 මෑත ඉතිහාසයේ සෙට් වී රටවල් ආක්‍රමණය කොට සුනු විසුනු කර දැමූ පාර්ෂවයට (ඇමරිකාව, නේටෝව හා මිත්‍ර රටවල්) එරෙහිව, මුල් වරට එල්ල වූ ප්‍රහාරයෙන් එම පාර්ෂවයන්ට මෙන්ම ඒවා උත්කර්ෂවයට නගා ප්‍රීතී වූ පිරිසට බොහො සේ ඌයියා වී තිබේ.


මේ පිරිස්වලට යූක්‍රේනයට කඩා වැදීම ආක්‍රමණයක් වන අතර,


වියට්නාමය, ඉරාකය, ලිබියාව, සිරියාව තුල කළ ආක්‍රමණයන් ප්‍රේමයෙන් වෙලී කළ සිප වැළඳ ගැනීම් වේ.


පාඩුවේ උන් පුටීන් මොවුන් මුලින්න්ම අවුස්සා ගන්නේ බෙලරුස්වල ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝට හම්මනවන්නට ගොස්‍ය.


ඇමරිකාව, යුරෝපා සංවිධානය හා නේටෝව බෙලරුස් කෑල්ලකුත් අල්ලාගෙන දාන්න ගිය සෙල්ලම නවත්වා ගත්තේ පුටින් පොඩි වෝනින් එකක් දුන් ගමන්‍ය.


ඊට පස්සේ මුන් අල්ලා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් එලවා බලෙන් පාලනය ලබා ගත් ෆේස්බුක් ජෝකර් කෙනෙක්‍ය.


මූ චක්කාට අන්දවන එක සිම්පල් වැඩක් බව අර ආක්‍රමනයන් නොව සිප වැළඳගැනීම් කරන කන්ඩායම තේරුම් ගත්තේය.


ඊට පස්සෙ කළේ ඌව දමා පුටින් කොනිත්තන එකය.


කෙනිත්තීම් වල කෙලවර වන්නේ රුසියානූ යූක්‍රේන දේශසීමාවේම මිසයිල වැටක් සවිකිරීමෙන් හා යූක්‍රේනයේ ඇමරිකන් බේස් පිහිටුවීමෙන් බව තේරුම් ගත් පුටින් කළේ ඒ වැඩේට කෙලින එකය.


ඇත්ත කතාව මෙය වුවත්, දැන් බටහිර මාධ්‍ය පෙන්වන්නේ බලන්නකො අර අහිංසක සෙලෙන්ස්කිට අර පුටින් කියන නසරානි මදාවියා කෙලිනවා නේ අනේ කියලාය...


දැන් උන්ගේ ප්ලෑන් එක ඉතා පැහැදිලිය.


⭕ යුද්ධය අස්සේ සෙලෙන්ස්කි යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලා ඇත. සාමාජිකත්වය ඉල්ලු උන් තව කීප දෙනෙක් උන්නද බොහෝවිට මේ ඉල්ලීමට සාධාරනයක් ඉටුවනු  ඇත.


⭕ එක්සත් ජාතින්ගේ සංවිධානයේ අති විශේෂ සමුළුවක් කැඳවා ඇත. ඉරාකය, ලිබියාව, ඊජිප්තුව, සිරියාව ආක්‍රමනය කරනා කොට මෙහෙම සමුළු තිබුනේ නැතිය.


⭕ ඊශ්‍රායලයේ වෛද්‍ය කණ්ඩායමක් යූක්‍රේනය බලා පිටත්ව ඇත. සමහර විට මේවා බිලි දීම් විය හැක.


⭕ නේටෝ රටවලින් යුධ ආධාර යූක්‍රේනයට ගලා ඒ.


⭕ නේටෝ රටවල උන්ට යූක්‍රේන හමුදාව හා එක්වීමට අවසර දී ඇත. මිත්‍ර හමුදා යූක්‍රේනයට ඇතුලු කරන්නේ මේ බොරුව හරහාය.


තාමත් උන්ගේ ටාගට් එක බෙලරුස් බව ඉතා පැහැදිලිය.


මෙවන් ආක්‍රමනයකට විරුද්ධව සටන් කරනා පුටින්..., සිප ගැනීමේ කණ්ඩායමේ ජඩමාජ්ජකාරයෝ විසින් ද්‍රෝහියකු කර ඇති අතර, සෙලෙන්ස්කි වීරයෙක් කර  අවසානය.


යුද්ධයේ සැඟවුන පරමාර්තයන් හා නේටෝවේ හෙළුව ඉදිරියේදී තව තවත් එලියට එනු ඇත.


.

Feb 20, 2022

කපුටාස් ඇන්ඩ් ක්‍රෝව්ස්

 


කපුටාස් ඇන්ඩ් ක්‍රෝව්ස්

➖➖➖➖➖➖➖➖➖


කපුටාස් කියන්නේ කාක්කන්ටය..


ඒක, ඒක වචනයක් නොව බහු වචනයක් වන්නේය. ඒක වචනය කාක්කාය.. 


ඉන්ගිරිසියෙන් කියන්නේ ක්‍රෝ කියලාය, කාක්කෝ ගොඩක් රෝස් වල ඉන්නකොට කියන්නේ... දෝස් ක්‍රෝස් ඉන් ඒ රෝස් කියලාය. සින්ග්ලීස් වලින් කියන්නේ කපුටාස් කියලාය.


අපේ අක්කා දවසක් ඉන්ගිරිසි පන්ති ගිහින් ඇවිත් එහා ගෙදර ආන්ටිට කිව්වේ.


ආන්ටි අපේ ඉන්ග්ලිස් ක්ලාස් එක හලි සෝක්. ඒකේ ඉස්පෝකන් ඉන්ග්ලිස් වලට ප්‍රයෝ රොටි දෙනවා කියලාය. ඒක අහපු ආන්ටි... ඉන්න පුතේ අපිත් හැන්දෑවට හැදුවේ පොල් රොටි කියා මටත් එක්ක පොල් රොටි දෙකක්ම දුන්නේය.


කෝමත් එයා කතා කරන්නේ සින්ග්ලිස් වලින්‍ය.ඒක තමයි ඕයි ට්‍රෙන්ඩ් එක කියා පොඩි අක්කාත් කිව්වේය. එයා පැටිකිව් මැනිකිව් කරන කම්පැණි එකක දැන් වර්ක් කරනවාය.


ක්‍රෝස්ලා කුණු කන්න රුසියෝය, කුණු වලට කියන්නේ ගාබේජ් කියලාය. 


සෝ සම් කපුටාස් ආෆ්ටර් ඊටින් ගාබේජ්.. දෝස් පකින් කපුටාස් ආර් ප්ලයින් ඕවර් ද ජම්බෝ ජෙට් ඇන්ඩ් හිට් ද රෝල්ස් රොයිස් ඇන්ජින්.... කියා සුද්දෙක් පාටියකදි කියලා තිබුනාය.


කාක්කා කළු උනාට කාක්කාගේ කක්කා සුදු පාටය.. 


කාක්කාගේ සුද පේන්නේ ඉඟිලෙන විටය කියා විසිවන සියවසේ මහා විජ්ජාග්නයකු වූ සේක්ස්පියර් කියලා තියෙනවාය. එතුමා එසේ කියා ඇත්තේ උන්දැගේ කළු කෝට් එකට කාක්කෙක් රිව්ව නිසාය...මේ කතාව එතුමා විසින් අයින්ස්ටයිනට කිව්වාම එයා කියලා තියෙන්නේ ඊට හේතුව ගුරුත්වාකර්සනේ කියලාය. 


මම ඕක  ලොක්කා වගේ අපේ ආච්චි අම්මාට කිව්වාම, උන්දෑ මට කිව්වේ ඇල්බට් උද්දික පුතාගේ අම්මගෙ රෙද්ද,.... කාක්කෝ එහෙම රෙන්නේ සෙනසුරු අපලෙ ලෙසටම ආවාමයි කියලාය. 


එහෙව් කාළෙට උන් ඔලුවට රීලා ඉතරක් නොව ඔලු ගෙඩියටත් කොටලා යනවාය කියා අපේ ආච්චි අම්මා කීවේය. 


ඒකට, පාන්තිරේට එළඟිතෙල් දමා කාක්කන්ට දුන්නාම .... උන් ඒක ගිල්ලාම.. සෙනසුරු අපලේ නැති වෙනවා ඕයි කියා සීයා කීවේය.


සේක්ස්පියර් මාමා, ඇල්බට් අයින්ස්ටයින් මාමා, අපේ ආච්චි අම්මා, සීයා වගේ මෙවන් දේ සොයාගත් අය තවත් බොහෝ අය මේ පින් බිමේ ඉන්නවා කියා දොරමඩලාවේ හසන්ත මමා දවසක් කීවේය. 


කාක්කා හා සෙනසුරු අතර ඇති මේ අපූරූ සංවේදී සන්නිවේදන තාක්ෂණය ගැන නාසා ආයතනයේ පර්‍යේෂණ පවත්වන විද්වත් මණ්ඩලයක් හා දොරමඩලාවේ පැවති ඉන්ටර්වල් එකකදි.... එක විජ්ජග්නයෙක් කීවේ සෙනසුරු දැන් යන්නේ කළු පාට ටෙස්ලා එකක කියලාය.  එයා වාහනේ මාරු කරලා තියෙන්නේ එහෙත් ඉන්ධන අර්බුධයක් තියෙන නිසාය කියලාද කීවෝය.


ඒක ඇහුවාම මට මතක් උනේ ආකිමිඩිස් කියලා මාමා කෙනෙක් හෙලුවෙන් බේසමේ නාද්දි තව මොකක්දෝ හොයා ගෙන සුලේඛා සුලේඛා කියා කියා මහ පාරේ නිර්වස්තරෙන් දිව්වාය කියා ගනං සර් ටියුෂන් පන්තියේ කීව වෙලේ කෙල්ලන්ගේ සුදු මූණූ ඔක්කෝම රතු වෙච්චි එකය. 


කෙල්ලන්ටත් කටුස්සන්ට වාගේ පාට වෙනස් කරන්න පුලුවන් බව මා සොයා ගත්තේ එදාය. ඒ උනාට ඒවා කවුරුවත් අගය කරන්නේ නැතිය. ඕන දෙයක් හොයා ගත්තාම අටපට්ටමට කියන්න ඕන හොඳේ කියන නිසා ඒකට කෝල් කලත් අද වෙනකන් කිව්වේ නැත්තේ ඇයි කියා මා තවම කල්පනා කරනවාය.


අපේ ලොකු අක්කාටත් සෙනසුරු අපලේ තිබූ කාළයේ හැම සෙනසුරාදා උදේම කිරි බත් ගුලි සහ ගිතෙල් පාන්තිර කාක්කන්ට කැව්වේය.


 ගමේ කාක්කෝ අඩු නිසා ඒවා කන්නේ වෙනින් කුරුල්ලෝය. ඒ නිසා අක්කා උන් එලවා දමා කාක් කාක් කාක් කියා කෑ හැහුවාම... මොකාද ඕයි මේ කපුටී කියා රැවටුන කාක්කෝ ඇවිත්.... කාක්කි නැති නිසා මල පැනලා ආයෙත් යනවාය. ඒත් අක්කා උන්ව අල්ලන්න... කපුටු කාක්.. කාක් කාක්... ගොරක දේන්... දේන් දේන්.. කිව්වම උන්ට අනුකම්පා හිතිලා මැගී පිටිකල කිරි බත් මැගී උම්බලකඩ සම්බල් එක්ක ගිලලා ඩෙසර්ට් එකට පාන්තිරෙත් ගිලලා යනවාය.


සෙනසුරු අපලේ අවුරුදු දහ අටක්ම තියෙනවා කිව්වාට අපේ අක්කා කැම්පස් ගිය ගමන් කොළඹ කාක්කෙක් අල්ල ගත්තේය ඒත් බඳින්න හොයන කොට මූත් කොළඹගේ ආර කියන පැත්තේ එකෙක්‍ය. මූ අක්කට ගම කොහේද ඇහුවාම කියලා තියෙන්නේ අන්තිම හරිය ගිලගෙනය.


කොහොම හරි ගං කබරයෙක්ම සෙට් වෙච්චි එක ගැන සෙත් පතා අම්මා කපුටු බෝධියට පඬුරක් ගැට ගැහුවේය. ඒකේ බැසිල් මහතාගේ සියළු අපල දුරු වේවා කියා කොඩි හතක් එල්ලලා තිබුනේය.


හතක් මොකටද අම්මේ කියා ඇසුවාම උන්දෑ කිව්වේ එයාට මොළ හතක් තියෙන නිසා කියා අම්මා කිව්වේය.


තාත්තා නම් කිව්වේ ඔය කොඩි මහන්න බාර දුන්න එකා ඕකෙන් 10% අමතර ගානකුත් කඩා ගන්න ඇතෙයි කියාය.


ඒ නොතේරුන අම්මයි මායි මූණට මූණ බලාන ඉන්න අතරේ තාත්තා මහ හයියෙන් බෝධිය යටම හිනා උනේය.


ඊට පහුවෙනිදා උදේ පාන්දරම කාක්කෙක් ඉස්සරහා ගහේ ඉඳන් කාක් කාක් කීවේය.

ආච්චි අම්මා කීවේ අද නම් නෑයෝ එනවාමයි බත් ටිකක් වැඩියෙන් තියහන් කියලාය.


දවල් පොලීසියෙන් ඇවිත් වරෙන්තු පිට උන් තාත්තා පොලීසියේ වාහනේම අරගෙන ගියේය. 


ආච්චි කිව්වේ කපුටු සාත්තරේ හරියටම හරි දැන් ඉතින් වැල නොකැඩි හත් මුතු පරම්පරාවම මේක අස්සේ රිංගාවී කියලාය.


මෛන්ද මහත්තයාට පණ උනත් දෙන අම්මා කිව්වේ.   ඔය මිනිහට ඔය පලදුන්නේ එදා පන්සලේ හිනා උන එකෙයි කියාය.


පොඩි අක්කා ප්‍රාදේශීයේ සභාපති හම්බ වෙන්න ස්කූටියේ ගියේය.


දේශපාලන පලිගැනීම් හා පැහැර ගැනීම් වහාම නවතනු කියා වමේ ක්‍රියාකාරි පාක්ෂිකයකු වන තාත්තාගේ පොටෝ එකක් එක්ක මම පේස්බුක් එකේ දමපු පෝස්ට් එකට ලැයික් 5000 ටත් වඩා ලැබී තිබුනේය.


චමුදිත මාමා හෙට මාව ඉන්ටවීව් කරන්න එනවා කියා කෝල් එකක් දුන්නේය..


.

Feb 17, 2022

බැසිල් වැඩ්ඩෙක් වෙන්නේ ඇයි.?

 


බැසිල් වැඩ්ඩෙක් වෙන්නේ ඇයි.?

➖➖➖➖➖➖➖➖➖➖➖➖


බැසිල් වැඩ්ඩෙක් කියලා එක වටයකදි කොහොමත් ඔප්පු කරලා අවසන්...


ඒ 2008 - 09 ලෝක ආර්ථික අර්බුධයක් තිබුන වෙලාවේ ආර්ථිකයත් කළමණාකරණය කරගෙන යුද්ධය දිණපු එක...


මේ පිළිබඳව බැසිල් ප්‍රේමින් මෑතකදි කතා කරලා තිබ්බා.. ඔව් ඇත්ත.. ඉන්දියාව.. චීනය.. එක්ක කතා කරලා වෙපන්ස් ගන්න බැරි උනා නම් යුද්ධය අවසන් කරන්න වෙන්නේ නෑ..


එහෙම ආයුධ අඩු පාඩු තිබුන අවස්ථාවන් තිබූ බවත්, එහෙත් ඒවා ක්‍රියාන්විතයේ උන් නායකයින්ට පවා දැනෙන්ට නොදී කඩිනමින් විසඳු බවත් අද හැමෝම පිලිගන්නවා..


අවුරුදු 30 ක් යුද්ධයෙන් බැට කාලා අන්තීමට කොළඹට ගුවනින් ඇවිත් ප්‍රහාර එල්ල කළා කියලා නොදන්න අප්පුච්චගෙ ඇටේ වත් නොහිටපු උනුයි.. 2K පරම්පරාවයි මේවා දන්නෙ නෑ.


යුද්ධයෙන් පස්සෙ මග නැඟුම යටතේ හදපු එක්ස්ප්‍රස් වේශා කාපට් පාරවල් වල යන උන්ට ඊට කලින් පාරවල් වල තත්වය මතක නෑ..


ඒ කාළේ කරපු ප්‍රොජෙක්ට්ස් වලින් නෙළුම් කුළුණට කෙල වුනේ.. 2015 පත් වුන මළ මූසල ආන්ඩුව ඒවා ඔක්කොම නවත්තපු නිසා..


දැන් බැසිල් වැඩ්ඩෙක් වෙන්නේ ඇයි..?


ජනාධිපති වෙන්න සූට් ඇඳගෙන ඉන්න, සජිත් පාඨලී අනුර රනිල් ඉතරක් නෙමේ, 


ආර්ථික උස්තාද්ලා කියලා හිතාගෙන ඉන්න හර්ෂ, එරාන්, දයාසාන්ත වගේම සිරසේයි උන්ගේ ඉන්ගිරිස් චැනල් එකෙයි ඉන්න ආර්ථික උස්තාද්ලයි,


මහා ආර්ථික උස්තාද්ලා වෙන සන්නස්ගල හා රසික ජයකොඩිලයි


රට වැටෙන ඩේට් දීලා පච වෙලා, කෙලවෙලා, හක්ක දොට්ට පැනලා, මුඛේ බිම ඇනිලා, චප්ප චොරවෙලා හත්පොලේ ගාගෙන නාගෙන ඉද්දී...


බැසිල් තාමත් ඇදගෙන යන නිසා...


ඒ කියන්නේ අරුන් ඔක්කොන්ගෙම එකෙක්ටවත් මේ කැපෑසිටිය නෑ කියලා, උන් හිටියා නම් වෙන්නේ ඒකයි කියලා උන්ම ඔප්පු කරලා ඉවරයි....


උනුත් දන්නවා බැසිල් වැඩ්ඩ කියලා..

ඒ නිසා අපිට බැසිල්ට වඩා ඉන්ගිරිස් පුලුවන් කියලා

ස්වයං වින්දනයේ යෙදෙනවා ..


.

Feb 10, 2022

සල්ගාදු, අනවශ්‍ය කළබලයකි...



කාබනික රසායනික යුද්ධය මැද්දේ වැපිරූ මහ කන්නයේ අස්වැන්න නෙලමින් පවතින්නේය. කියනා තරම් අහේනියක් අස්වැන්නේ ඇත්තේත් නැතිය. 50% අස්වැන්නේ අඩුවක් තිබුනේ යැයි උපකල්පනය කලද, වී කිලෝවකට ගෙවනා මුදල 100% පමණම වැඩි වී තිබෙන්නේය. ඒ නිසා කාබනික පිස්සුවෙන් ආන්ඩුවට ආ අපවාදයන්ගෙන්ද ඔවුන් නිදහස්‍ය.

විපක්ෂයේ දැත්තෝ ආන්ඩුවේ උන්ට පුලුවන්නම් ගමට වරෙන් කියා අභියෝග කලාට, ආන්ඩුවේ උන්ට දැන් කිසි අවුලක් නැතිව ගමටත් යන්නට පුලුවන්‍ය. අනෙක් අපනයන බෝගවලද අස්වැන්න අඩු වී ඇතත්, ලැබෙන ආදායම ඉහළ යාම නිසා අවුලක් ඇත්තේ නැතිය. 

සමහර විට මේ නිසා අපේ ශිෂ්ඨාචාරයේ ආරම්බය ලෙස ඉතිහාසයේ සඳහන් වන වැව් බැඳි රටට ගොස් අපි රැල්ලට බයේ වැල්ලට එන්නේ නැති බයගුල්ලෝ නෙමේ ඩෝ කියා විපක්ෂයේ උන්ට පෙන්නුවා වෙන්න පුලුවන්‍ය.

පන් ගොයියන් හා වහලුන් එසේ ඇන්දිය හැකි වුවද, සමාන්‍ය ජනතාව එසේ ඇන්දිය නොහැකිය. 

කොළඹ සමාන්‍ය ජනතාවට දැන් නැවතත් පාරේ යන්නට බැරිය. මේල් නේස්ගේ, කක්කා චෙකර්ගේ හා කුණු ඉනිස්පැට්ටර්ගේ සේනා කොළඹ පාරවල් පුරා රෙනවාය. ඉස්පිරිතාලවල බෙහෙත් නැතිය. නේස්ලා නැතිය. ඉස්පිරිතාල සියල්ල හදිසි අනතුරු වාට්ටුවේය. 

ඊට පහුවදා රටේ ඩෙංගු මරණ වැඩි උනත්, ඩෙංගු මදුරුවාගෙන් බඩ රස්සාව කර ගන්නා උන් වගයක් ඩාර්ලි පාර වසා ගත්තේය. සමාන්‍ය ජනතාව පැය ගනන් වාහන ඇතුලේ මහ පාරේය.

ඉතිරි අවුරුදු තුනේ එරියස් එක්කම රට හදනවාය කිව්වාට, එහෙම ඇඟට දැනෙන කිසිම දෙයක් වෙලා ඇත්තේත් නැතිය. උද්ධමනය අහස උසට ගොස් ඇති බව කියන්නේත් මහ බැංකුවේ බක පන්ඩිතයෝමය. ඒක අඩු කරගන්නා ක්‍රමයක් උන් දන්නේත් නැතිය.

ආයෝජකයෝ එන්නේත් නැතිය. දේශීය ආයෝජකයෝ කිසිම බිසිනස් එකක් අළුතෙන් පටන් ගන්නේත් නැතිය. ආයෝජකයෝ ආයෝජනය කරන්නට බයය. පිටරට ඉන්නා උන් සල්ලි එවන්නේත් නැතිය.

ආන්ඩුවේ අසමත්භාවයට හේතුව කොරෝනා වසංගතය නොව ආන්ඩුවේ කළමණාකරනයේ දුර්වලතාවය බව කියන්නේ ආන්ඩුවේම පැස්ටෝල් ඇමතිය. සුසිල් ප්‍රේමජයන්ත එලෙව්වාට මුන් එලවන්නට ආන්ඩුව බයය. උන් දෙන්නා තුන් දෙනා ආන්ඩුවට රෙවෙන්නම ගහනවාය.

ඒ අස්සේ පාස්කු ප්‍රහාරයේ නඩුව හතර අතේ වනනවාය. ආන්ඩුව අධිකරණයට ඇඟිලි ගහන්නේ නැති එක හොඳය. හැබයි ගැහුවත් නොගැහුවත් අපේ උන් හිතන්නේ ගහනවාමයි කියලාය. උසාවියෙන් නිදොස් කොට නිදහස් කරනා කිරිල්ලට මිනිස්සු එහෙම හිතනෙකත් සාධාරණය.

හැබයි වෙන්න ඕනා පොලොන්නරුවේ උකුස්සා බැඳුම්කර කේස් එකට විශේෂ උසාවියකින් කඩිමුඩියේ දිනපතා නඩු අසා හොරා කෑ උන්ගේ මුදල්ද රාජසන්තක කලා වාගේ, මේ වෙනුවෙන් විශේෂ අධිකරණයක් පත්කොට ඉක්මනින් නඩුව බලවනා එකය.

එසේ නැත්නම් වෙන්නේ මේ චෝදනාව දිගටම ආන්ඩුවට එල්ලවෙන එකය. සිරිල් ගාමිනි නැවතත් ආන්ඩුවටම එය බැරකරලා අවසානය.

ඊට අමතරව සජිත්, අකුදි හා පාඨලීලා ආන්ඩුවට ගහමින් රට වටේ යනවාය.

මේ සියල්ලටම පිලිතුරු ලෙස අපි ඕවට බය නෑ ඩෝ 69 ලස්සේ තාමත් ඉන්නේ අපි එක්කයි කිය ගිරිය පුප්පා කෑ ගැසුවාට ඇති වැඩක් නැතිය. ප්‍රශ්ණ සියල්ල එතනමය. 

මේවා තමන් විසින් තමන්ම රවටා ගන්නා ස්වයං වින්දන වැඩ මිස, රටේ ඇති ගැටළු වලට පිලිතුරු නොවේය. 

රටේ ඉන්නේ පන් ගොයියෝ විතරක් නෙමේය. පන් ගොයියන්ගේ ආදායම 100% වැඩි කරාම, පාරිභෝගිකයාගේ වියදමද 100% වැඩි වෙන බව ගාමිනි සෙනරත් හෝ ජනාධිපති තුමාට කියා දෙනවා නම් හොඳය.

ආන්ඩුවක් ඉන්නේ පන් ගොයියෝ විතරක් රකින්නවත්, 69 ලක්ෂයක් රකින්නවත් නොව, සමස්ත රටවැසියා රකින්නටය.

සියල්ලෝ සතුටු කළ නොහැකි බව ඇත්තය. එහෙත් සුළු පිරිසක් සතුටු කරලාත් වැඩක් නැතිය. කල යුත්තේ බහුතරය සතුටු කිරීමය. විශේෂයෙන් මැදිහත් නිවහල් බුද්ධිමත් පාවෙන චන්ද සතුටු කිරීමය.

මෑතකදී චන්දයක් තබන්නට අදහසක් තිබේ නම් මෙහෙම ආතල් එකක් ගත්තාට අවුලක් ඇත්තේ නැතිය. මොකෝ වහල්ලු ටිකත් නැති උනොත් මේ සැරේ එල්ලෙන්න වෙන්නේ ජනෙල් වල නොව මැදමුලනේ ගස්වලය. 

එසේ නොමැති නම් මේ කරන්නේ 2015 වාගේම තමන් විසින්ම තමන් රවටා ගැනීමේ නාඩගමක්මය.


ඒ වගත් මෙසේය .....

Feb 3, 2022

නිදහසේ ඉතිහාසය, වර්ථමානය හා අනාගතය



🇱🇰 නිදහසේ ඉතිහාසය හැදෑරීමේදී 1848 කැරැල්ලෙන් පසු, 1948 සුද්දා අප දමා යන තෙක්, සුද්දන්ගේ පාලනයට විරුද්ධව කැරළි ඇති වී නැති බව තහවුරුය.

🇱🇰 ඇති වූ කැරළි සියල්ලම, මංකොල්ලකාර මදාවියන් හෝ උඩරට රදලයින්ගේ ගෝලයන් හා පිරිස් සමඟ සිඳුකළ කැරළි මිස, සමාන්‍ය ජනතාවගේ සහාය ලැබූ සටන් හෝ කැරළි නොවේ.

🇱🇰 එය එසේ වූයේ, වැඩවසම් පාලනයක කුල බේදය අනුව බැට කමින් රජු හා රදලයින්ගේ දාසයන් වූ ජනතාවකට, සුද්දාගෙන් ලැබුන උපරිම නිදහසයි.

🇱🇰 ඔවුන්ගේ පාලනය යටතේ නව ප්‍රභූ පැලැන්තියක් ඇතිවනවාක් මෙන්ම කුලීන ජනතාවද උගතුන් වියතුන් රෙසින් රාජ්‍ය සේවයට එක් වේ. උවුන්ගේ සමාජ තත්වයන් හා ජීවන තත්වයන් වෙනස් වේ.

🇱🇰 සුද්දාගෙන් නිදහස ඉල්ලා සිටින්නේ මෙසේ අලුතින් බිහි වූ ප්‍රභූ වෙළඳ පැලැන්තියයි. එහෙත් ඔවුන් මුලින්ම සර්ව ජන චන්ද බලය සාමාන්‍ය ජනතාවට ලබා දීමට විරුද්ධ වන්නේ, නැවතත් වැඩවසම් යුගය සිහිගන්වමිනි.

🇱🇰 විවිධ කොමිසම් යටතේ මෙරට පාලන ක්‍රමය තුල ඇති වූ වෙනස්කම් සියල්ලම, මේ නව ප්‍රභූ පන්තිය ලබා ගත් ජයග්‍රහණයන් බව පෙන්වූවද, ඒ සියල්ල එම කාළයන් තුල සියළුම යටත් විජිතයන්ද ලද අයිතිවාසිකම් හා අයිතීන් බව ඒ රටවල ඉතිහාසය හැදෑරීමෙන් පැහැදිලිව අවබෝධ වේ.

🇱🇰 ඊට ඇති හොඳම උදාහරණය නම් ඉන්දීය ජනතාව ලේ මතින් ලබා ගත් නිදහස, අපට ඉල්ලන්නේත් නැතිව බන්දේසියක තබා නොමිළේම  ලබා දී සුද්දා මාරු වීමයි.

🇱🇰 ඒ ලද නිදහසෙන් ලෝකයා සමඟ එක් වූ පිරිසක් මෙන්ම, එක් නොවූ ගෝත්‍රිකයින් පිරිසක්ද අද මෙන්ම එදාත් ජීවත් විය. 1956 දී ඔවුන්ට රාජ්‍ය බලය අත්වීම මේ රටේ කරුමයම විය.

🇱🇰 ඒ පරපුරේ පුරුකක් වන මහින්ද රාජපක්ෂ 30 අවුරුදු ත්‍රස්තවාදයකින් රට බේරාගෙන, ජේ ආර් මෙන් මහා පරිමාණ  යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින්, රට සංවර්ධනය කරා ගෙන ගියද, ඔහු වටා උන්, ඔහුගේ ආශීර්වාදය ලත්, ඔහු විසින් ආරක්ෂා කළ ගෝත්‍රික මදාවියන් විසින් එය නවතා දමන ලදි.

🇱🇰 ඉන් පසු පැමිණි පාලනය ගැන අකුරක් හෝ ලිවීමද පාපයකි.

🇱🇰 මේ රටේ විප්ලව කිරීමට නොහැකි බව මේ වන විට ඔප්පු වී අවසානය. ත්‍රස්තවාදීන් සියල්ලෝම ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණ අවසානය.

🇱🇰 ඝෝඨා පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන්ම ලැබී තිබේ. එය ඉදිරියටත් ගෙන යන බව ඔහුගේ කතාව තුල තව දුරටත් සහතික කරන ලදි.

🇱🇰 වැඩ ලක්ෂයක් ලෙස ආරම්බ කර ඇති බොනිකර තරු සිල්ලර දේශපාලන වැඩ සටහන් වෙනුවට, මහා පරිමාණ  ව්‍යාපෘති කඩිනමින් ආරම්බ කළ යුතුය. 

🇱🇰 ලෝකය වේගයෙන් දියුණු වෙමින් පවතින මොඩර්නයිස් යුගයක, 2015 න් පසු මේ රටේ එකම මහා පරිමාණ ව්‍යාපෘතියක් හෝ ආරම්භ කර නොමැත.

🇱🇰 ඉන්ධන ඇමතියා ලයිට් කපනවාමයි කියනා රටකට, ආයෝජකයෝ එන්නේ නැත. කැබිනට් අමාත්‍යවරු ආන්ඩුවට විරුද්ධව උසාවි යන රටකට, ආයෝජකයෝ එන්නේ නැත.

🇱🇰 රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ අවංක චේතනාවක් ඇත්නම්, විපක්ෂ මානසිකත්වයෙන් ජීවත්වන මානසික රෝගින් ඒවායෙන් ඉවත් කර, රාජපක්ෂ හිතවාදීන්ට එම තනතුරු ලබා දිය යුතුය.

🇱🇰 එමෙන්ම මහා පරිමාණ යෝජනා ක්‍රම ලෙස පුනර්ජනනීය විදුලි යෝජනා ක්‍රම දිවයින පුරාමත්, විශේෂයෙන් උතුරු නැගෙනහිර පලාත්වලත් කඩිනමින් ආරම්බ කළ යුතුය. (Wind energy and Solar energy)

🇱🇰 මන්ද, ලයිට් කැපීම මෙන්ම ඉන්ධන නැති කම ගැන ලොකුවට කතාකරනා ඇමතිවරු ඉන්නා රටක් තුල, විදෙස් ආයොජකයෝ තියා දේශීය ආයෝජකයෙක් හෝ ආයෝජනය නොකරන නිසාය.

🇱🇰 සුසිල් ප්‍රේමජයන්තට එරෙහිව ගත් තීරණය, අරුන්දිකට ලොහාන්ට එදිරිව ගත් තීරණය, විමල්ලාට ගොම්මන්පිලලාට විරුද්ධව ගැනීමට බැරි, රාජපක්ෂලා ඔවුන්ට බය නිසාදැයි දැන් සැක මතු වේ.

🇱🇰 ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට වඩා ජනතාවට වැදගත් වන්නේ ආර්ථික නිදහසය. අද රටේ ආර්ථික නිදහසක් නැත. පිටරට සිට හම්බ කරන එකාගේ ගෙදරට, සල්ලි එවන්නේ කෙසේදැයි සොයන්නට පොලීසිය යවන්නේ නම් එය පිස්සු විකාරයක්මය.

🇱🇰 ජනතාවට නිදහස දීමට පෙර ඩොලරයට නිදහස දෙන්න. නිදහස අභිමානයෙන් සැමරුවද, අප ලෝකය නම් රටේ ග්‍රාමසේවා වසමක් පමණි.


.

Feb 2, 2022

බැසිල් ගෝස් ටු මොන්ටිකාලෝ - Basil goes to Monticarlo


අප ඝෝඨාට චන්දය දීමට හේතුව වූයේ යුද්ධය සාර්ථකව නිමා කිරීමත්, කොළඹ නඟරයේ සිඳුවූ දැවැත්න සංවර්ධනය හා අලංකරණයත්, කොළඹ දකුණූ ආසියාවේ පිරිසිඳුම හා අලංකාරම නඟරය වීමත්, ඔහු තද තීන්දූ තීරණ ගන්නා මොඩර්න් නායකයෙක් වීමත්‍ය.

එහෙත් සිඳු වූයේ ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාදාමයකි. ලෝකය AI (Artificial Intelligence) වෙත ගමන් කරනා යුගයක, අප යන්නට ගියේ සිරිමාගේ දේශීය සංවෘත ගල් යුගයකටය. තද නායකයෙක් වෙනුවට ලැබුනේ එක එකාගේ දිරච්ච ලණු ගිලිනා, ගහන ගහන ගැසට්ටුව රිවර්ස් කරනා, නඟරය නොව ගම හදන්න දුවනා, කැබිනට් ඇමතිවරුන්ද ආන්ඩුවට විරුද්ධව උසාවි යද්දි උන් වීරයන් කරනා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්‍ය. 

වාහන හා සුඛෝපභෝගීයැයි ලංකාවේදී හඳුන්වන එහෙත් මිනිසුන්ගේ වැඩ පහසු කරන භාන්ඩයන් රාශියක් ආනයනය නවතා දමා. එක්කෝ ඒවාට ඔරොත්තු නොදෙන බදු කප්පරක් ගසා කෘතිම අභ්‍යන්තර වෙළඳ පොලක් හා භාන්ඩ හිඟ වීමෙන් කළු කඩ ආර්ථිකයක් බිහි කළේය.

එය පවත්වාගෙන යාමට සීමාවක් නැතිව මුදල් අච්චු ගැසුවේය. එය හරියට බැලුම් බෝල වලට ඔරොත්තු නොදෙනා තරම් හුළං ගැහුවා වගේය. එහෙම ගැහුවාම මාර ලස්සනට පෙනුනාට පොඩි ටච් එකටත් බෝලේ පුපුරා යෑමේ ඉඩකඩ වැඩිය.

Modern Monetary Theory (MMT) හෙවත් නව්‍ය මූල්‍ය න්‍යායට අනුව සල්ලි අච්චු ගැසීමේ අවුලක් ඇත්තේ නැතත්. මෙහේ සිද්ද වුනේ පොඩි කාළේ සෙල්ලම් කඩේට ගොස් කොස් කොළ දීලා බඩු ගත්තා වාගේ වැඩක්‍ය. සෙල්ලම් කඩෙන් කොස් කොලවලට බඩු ගත හැකි වූවත්, සයිබු නානාගේ කඩේ කොස් කොලවලට බඩු දුන්නේ නෑ වාගේ, ලංකාවේ රුපියල් කියන්නේ පිටරට බව්වෙක්වත් ගනන් ගන්නා මුදලක් නොවීම මෙය විකාරයක්ම වූයේය.

ඊට අමතරව මෙහේ සිඳුවූයේ එය දෙපැත්තටම හෙවත්, පාරිභෝකයාට මෙන්ම නිශ්පාදකයාටද වන්දි දීමනා හෝ ලෝන් ලෙස ලබාදීමය. මෙයින් නිශ්පාදන වියදම මෙන්ම භාන්ඩවල මිළද ඉහළ ගියා මිස ආර්ථිකයේ ඇති වූ ලබ්බක් නැත්තේය. සියල්ලෙහි ඇත්තේ ෆේක් මිළකි. ලෝක වෙළඳ පොළේ මේ සියල්ල මීට වඩා ලාබය.

("The whole idea of MMT is that since a sovereign entity can borrow in its own currency, it can print more money when it needs to pay off all its debt. ... MMT is essentially a paradigm shift when it comes to economic theory and a new way of thinking about governments with fiat currencies.)

සියල්ලටම වඩා කෙලවූයේ ජාත්‍යන්තර මුදල් ඒකකය වන ඩොලරය පාවෙන්නට නොදී බලෙන් පාලනය කරගෙන සිටීමය. මෙය හරියට අර නවසීලන්තේ ජැසින්ඩා නෝනා කොරෝනාවට රට වහගෙන උන්නා වගේ ගේමක්‍ය. 

මේවා හැමදාම කරන්න පුළුවන් බොරු නෙමේ කියා අප ඒ කාළේ ලියූවේය. අද ඒවා ඇත්ත කරමින් රට වහගෙන උන් ජඩින්ඩා අන්තීමට රට ඕපන් කළේය. චීනාද එය කළේය. මොළේ තියෙන ඇමරිකන් කාරයා මේ විකාර කළේ නැතිය.

රටේ ජනතාවගේ වාසනාවට මෙන්ම, ඝෝඨාගේ, නාමල්ලාගේ, නිර්වාන්ලාගේ වාසනාවට, ආන්ඩුවේ හා මහ බැංකුවේ බක පන්ඩිතයන්ට, තමන් මෙතෙක් ගමන් කළේ වැරදි මාර්ගයක බවත්, ගන්නා ලද බොහෝ තීන්දූ තීරණ අමු ගොබ්බ තකතීරූ තීරණ බවත් අවබෝධ වීමෙන් අනතුරව, සියල්ල වෙනස් වෙමින් තිබෙන්නේය.

මොළ හතක් තියෙනවා කියූ බැසිල්ගේ මොළ හතෙන්ම සත පහක වැඩක් නැති බව මේ වන විට ඔප්පු වී අවසානය. අහල පහළ ඉන්නා උන්ගෙන් හිඟාකෑමෙන් ගොඩ එන්න බැරි බවද ඔප්පු වී අවසානය. චීනා රාජපක්ෂලා පයිසෙකට මායිම් කරන්නේ නැතිය.

දැන් රාජපක්ෂ චන්ඩියෝ IMF ඉදිරියේ දන නැමීමට සූදානම් වී ඇත. විශ්ව ගම්මානයක තනියෙන් ගමන් යාමට නොහැකි බව අවබෝධ කර ගෙන ඇත. සවෘත ආර්ථික න්‍යායයන් අමු ගොම තකතීරූ තීරණ බව අවබෝධ කරගෙන තිබෙනවාය.

IMF එක ඒ කාළේ ඉඳන් කියූවේ...

⭕ මිනිසුන් යැපුම් මානසිකත්වයෙන් ඉවත් කරන ලෙසය. 

⭕ සමෘධිය මුද්දර කාඩ් පින් පඩි වැනි සහනාධාර නවතා දමන ලෙසය. 

⭕ නොමිළේ අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය නවතා දමන ලෙසය.

⭕ රජයේ රැකියා දීම නවතා දමා, පාඩු ලබන ආයතන සියල්ල පෞද්ගලීකරණය කරණ ලෙසය. 

⭕ පොහොර සහනාධාර නවතා, මහා පරිමාණ ගොවිතැනට යොමුවන ලෙසය.

මේවාට එකඟ නොවන්නේ නම්, IMF ලාද අකුලාගෙන යනු ඇත්තේය. මේවාට එකඟ වුවහොත් මේ රටට අනාගතයක් ඇත්තේය. නැත්නම් මොකා ආවත් සදා සොත්තී භවංතුතේමය.

රාජපක්ෂලාට මාතලන් චන්දය දුන්නේ ජේ අර්ගේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති රනිල්ලාටත් වඩා හොඳට 2010 - 2015 ත් අතරේ කරගෙන ගිය නිසාය.

අප හිතුවේ ඝෝඨා එය ඊටත් වඩා සුපිරියට කරයි කියලාය. ඒත් සිඳු වුනේ සිහිණෙන් වත් නොසිතු පිස්සු විකාරයක්‍ය. ඉදිරියට වසර තුනක් තියෙනවාය. ඒ වසර තුනේවත් වැරදි නිවැරදි කරගෙන නිසි මාර්ගයේ ගමන් නොකළොත් රාජපක්ෂලාගේ අවසානය එය බවත් කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය.


ඒ වගත් මෙසේය....