.

.
Showing posts with label Easter Attack. Show all posts
Showing posts with label Easter Attack. Show all posts

Apr 5, 2026

සුරේස් සලේට මොකද වෙන්නේ.

 


සුරේස් සලේට මොකද වෙන්නේ.

මේවා ලියලා තියා ගන්න. 

➖➖➖➖➖➖➖⭕➖➖


⭕ හෙට අනින්දා සුරෙෂ් සලේ එලියට එනවා විතරක් නොවේ.... මැලේසියාවෙ ඉදන් අල්ලාගෙන ආපු බැකෝ සමන්ගේ හාමිනේට වෙච්ච දේ වෙන්නේ......  නිදොස් කොට නිදහස් වෙනවා.. 


🤔 ඒ කොහොමද. .....?


⭕ අපරාධ නඩුවක විමර්ෂණ කරලා සැකකරු බවට පත් කරලා තමා අත් අඩංගුවට අරගෙන අධිකරණට ඉදිරිපත් කරන්න ඕනෑ..... 


🤔 ඒත් සලේට මොකද කලේ ....? 


⭕ අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කලා. මේ ගැන කොටුව මහේස්ත්‍රාත් ප්‍රශ්ණ කලායින් පස්සෙ අමු පච චෝදනාවක් දැම්මා.... සලේ කටුවාපිටියේ පල්ලිය පෙන්නුවා කියලා... 

ඒත් තුන්වන සැකකරු 😁


සාරාන් බබා... සානි එන්න කැළණි පන්සල් ගිහින් වළං මුට්ටි අරගෙන සෙල්ලම් බත් උයන්න...


දැන් JR ගෙනාපු පනතක් නිසා රැදවුම් නියෝග DO ගහලා තියාගෙන ඉන්නවා. එවා අයින් කරනවා කියලා ආපු අය.... දැන් රෙද්දේ රෙවිලා පච වෙලා ඉන්නේ.....


😁 මහ මොළකරු නම් කෝමද ඕයි තුන්වන සැකකරුවෙක් වෙන්නේ.... සභාවේ තදින් සිනා 😁


😁 ඒකවත් නොතේරෙන ගොඩේ ලෝයර්ලා ලියන පල් හෑලී දැක්කාම මට පුචෙන් සිනා 😁 ? 


🔶 සලේට විරුද්ධව B වාර්තාවකින් කන්ට්‍රැක්ට් බේසිස් විශ්‍රාමික පොලිස් නිළධාරී වළංශානි මහතා ඉදිරිපත් කල චෝදනා..


🔸 01. කටුවාපිටිය පල්ලිය පෙන්නුවාලු සලේ.... 

දවල්ද රෑද දන්නේ නෑ 😁


▪️මේජර්වරුන් දෙදෙනකු ගේ උපදෙස් මත කොප්‍රල්වරුන් තුන්දෙනෙකුට මිගමුවේ පල්ලි පන්සල් පෙන්නුවාලු ජායාරෑප ගත්තාලු Grid maping කලාලු... 😁


▪️අවුරුද්දෙන් අවුරුද්ද හමුදා බුද් ධි අංශ තමන්ගෙ එරීයා එක මැප් කරන්න ඕනෑ.... 


▪️අලුතින් හදපු බිල්ඩින් පාරවල් වගේ.. ඔය හන්දි හන්දි ගානේ තියෙන බුදුපිලිම පවා.. 


▪️දැන් ඉන්න උන් ඒවා කරනවාද දන්නේ නැහැ.. මොකෝ කයිනනායක කීවානේ හමුදාව අඩු කරන්නේ දැන් තර්ජන නැති නිසා කියලා...

අනික දැන් රණවිරුවොත් නෑ නේ... ඉන්නේ සොල්දාදු උන්නැහේලා 😁


▪️2016 සැප්තැම්බර් මාසේ ආරක්ෂක කවුසන්සලේට වාර්තාවක් ඉදිරිපත් කලා ශ්‍රි ලාංකීකයන් සිරියාවට ගිහින් IS එකට බැදිල ඉන්න අය ගැන... 


▪️ඒ වාර්තාව ඉදිරිපත් කලේ සුරේස් සලේ.... 

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ... එක එකා දෙන ළණු තණකොලත් එක්ක නොකා 300 301 පිටු කියවපල්ලා.... 


▪️එදා මෛත්‍රීපාල ඒවා කනට ගත්තේ නැහෑ .. ඉතින් රට ජාතිය ගැන කැක්කුමක් තියෙන විජේදාස මේ කතාව පාර්ලිමේන්තුවේ කිව්වා.. 


▪️AI සජිත් ගේ ප්‍රධාන උපදේශක  මුජිබර්ලා භූමිතෙල් ගගපු ගැරඬි වගේ පාර්ලිමේන්තුවේදී විජේදාසව මරාගෙන කන්න හැදුවා.. අදත් පුකේ පැටෝල් ගහපු බව්වා වගේ මයික් පලනවා හොටු පෙරාගෙන


😁 අපි බලමු ඔය චෝදනාවට මොකද වෙන්නේ කියලා... අනික ඔය කතාව කියන සාක්ෂිකරු ගෙදර නැහැලු හැංගිලාලු.. මරු කතා... තව පල්ලි හොයනෝ ඇති සලේට පෙන්නන්න...


🔸 02. රෑමී කියලා මනෝ උපදේශකයකු සලේව ගලධාරි එකේදී හමුවුනාලු...

ඒකත් දවල්ද රෑද දන්නේ නෑ 😁 


▪️007 කියන කර්නල් එක්කලු හමු වුනේ.. දැන් කෝ එතකොට 007 කර්නල්.. ? එයාගෙන් ප්‍රකාශයක් අරගෙනද.... ඉස්සරහට ගනිවී.. කියලා කියනවා...ඔව් තව අවුරුද්දක් විතර තියෙනවානේ.. අපි දන්න 007 කියන්නේ නම් ජේමිස් බන්ඩා හෙවත් ජේම්ස් බොන්ඩ්....


▪️කොටුව මහේස්ත්‍රාත් කියලා CID එකට අර චැනල් 4 කතාව කියපු අසාද් මෞලානාගෙන් ප්‍රකාශයක් ගන්න කියලා.. ඌ ලංකාවට එන්න එන්නේ නෑ නේ.. CID එක හදන්නේ ගිහින් ගන්න.. ඌට ඇයි එන්න බැරී.. ඇයි එන්න බැරි ? ඌ දන්නවා සිරිල් ගාමිනිගේ වීඩියෝවල රඟපෑවට... උසාවියේ පච කෙලින්න බෑ කියලා..


🔸03. තුන්වන එක DNA ගන්න සලේ ඝෝඨා හරහා බලපෑම් කලාලු...


▪️නලින්ද දනහිස්ස කියනවා ජිවත් වෙලා ඉන්නවාය.... ඈසින් දුටු සාක්ෂි තියෙනවාය කියලා.....😁


▪️අවුරුදු ගනනාවක් ඒ දැක්කය කියන එකාව ඇතුලේ දාගෙන හිටියා.... ඒ බොරුව තව දුරටත් ගෙනියන්න බැරිව ඌ එලියට දැම්මා... 😁


▪️පොලීසිය, STF හා හමුදාව එකතු වෙලා කරපු සයින්දමරුදු ඔපරේෂන් එකේදි.... පොලිස් කාරයෙක් එක්ක සාරා ජස්මින් පැනලා යනකන්... ඔපරේෂන් එකට ගිය අනික් උන්.... ජයමංගල ගාථා කියලා... පැන් වඩලා හනිමූන් කාරේකේ නග්ගලා... ජය මංගලම් වේවා කියලා ඩාන්ස් කලාද දන්නේ නෑ.... 😁😁😁😁

රමණීයයි මේ මධුර ජවනිකා 😁


▪️ජිවත් වෙලා ඉන්නවා කියලා දන්න උන් පෙන්නන්නෙත් නැත්නම්.... මැරුනා කියලා හිතලා පරික්ෂණ කරන්න ඕනෑ නේ..ඒක තමා වෙලා තියෙන්නේ.. 


▪️සලේ බලපෑම් කලාද නැද්ද දන්නේ නැහෑ .. හැබයි සලේ බලපෑම් කල නම් තමා හරි.. බුද්ධි අංශේ ලොක්කා ඒක නොකර රොහාන් සිල්වා හරි සිරිල් ගාමිනි හරි කරන්න කියලැයි 😁


😁 පසුගියදා ස්වර්ණවාහිනියේ රතු ඉරට ඇවිත් සිරිල් ගාමිණි කීවේ සාරා ජිවත් වෙලා ඉන්නවා කියලා... හොර ගෙඩියා බලන්නකො ඉතින්.... එයා දන්නවා නම් එයත් එක්ක ෆ්ලර්ට් චැට් දදා ඉන්නේ නැතිව සානිටත් දෙන්න එපාය චැට් දාන්න... 😁😁😁😁


😁 එක්කෝ සානිව අයින් කරලා එයාව CID ලොක්කකා කලා නම්... පල්ලියට අවශ්‍ය කෙනා මහ මොළකරු කරලා  කටු ඔටුන්නක් දාලා කුරුසෙට තියලා ඇණ ගහලා මේ අඬෝවැඩියාව ඉවරක් කරලා දානෙකනේ....


🔶 අවසානේ කියන්න තියෙන්නේ..... සලේ කියන්නේ ලොගු  ත්‍රස්තවාදීන්ගේ වසරක් පාසා පෙන්වන පාස්කු නාටකේ 2026 වසරේ ප්‍රධාන නලුවා බව විතරයි..


🔶 2025 වසරේ ප්‍රධාන නලුවා වෙච්චි පිල්ලෙයාන් දැන් කිසිඳු පාස්කු චෝදනාවක් නැතිව වධකාගාර නඩුවක් දාලා අවුරුද්දකට පස්සේ උසාවි දානවා....


🔶 ඕකට වෙන්නෙත් අර විමලනාත් වීරරත්නගෙ බටලන්ද කොමිසන් නාඩගමට වෙච්චි දේම තමයි....


"ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි,

ඔබ වහන්සේගේ නාමය විශුද්ධ වේවා.

ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා.

ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද ඔබ වහන්සේගේ කැමැත්ත ඉටුවේවා.

අද දින අපට වුවමනා දානය අපට දුන මැනව.

අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්,

අපගේ වැරදිත් අපට කමා කළ මැනව.

අප පාප අවස්ථාවන්ට අසුවීමට ඉඩ නොදී,

අයහපතින් අප මුදාගත මැනව.

මක්නිසාද රාජ්‍යයත්, බලයත්, මහිමයත් සදාකාලේටම ඔබ වහන්සේගේය.


ආමෙන්.....!!!!

Apr 2, 2026

කරූගේ ගෝතකරුම බෑනා නවීන් දිසානායක...

 



කරූගේ ගෝතකරුම බෑනා

නවීන් දිසානායක...

➖➖➖➖➖😁➖


ජවිපේ බලයට ඒමට කලින් පොදු සතුරා වී උන්නේ රාජපක්ෂලාය... 


හැම එකාම රාජපක්ෂලාට කිව්වේ හොරු කියලාය... පට්ට වැඩේ කියන්නේ... මහ බැංකුවේ මහ දවල් මංකොල්ලයේ සල්ලි සිරිකොත හරහා තමන්ගේ චන්දයට ගත්ත එවකට යූ ඇන් පී හා දැන් සජබ උනුත් කිව්වේ මහින්ද හොරා කියලාය....


අනෙක් චෝදනාව වූයේ පාස්කු ප්‍රහාරය කළේ රාජපක්ෂලාට බලේ ගන්නෙයි කියනෙකය... හැබයි රාජපක්ෂලා ඒක කළේ එවකට එජාප දැන් සජබ හා ජවිපේ ආන්ඩුවක් තිබ්බ කාළයේය...


මේවා පට්ට පල් බොරු චෝදනා බව දැන් ඔප්පු වී හමාරය....


දැන් ලංකාවේ නිදහසින් පසු එතෙක් මෙතෙක් සිඳුවූ දැවන්තම වංචාවන් දෙකක්ම සිඳුව අවසානය....  ඒ කන්ටේනර් වංචාව හා මහා ගල් අඟුරු මංකොල්ලයය. 


මෙයින් රටට සිඳු වූ පාඩුව... කෝටි ගනනක් වනාතර හොරා කෑවේ සියල්ලන්ම සමඟින් නිසා.... පුන්නක් සී එලවා ගන්න බැරිව ඇවිදින පුස්තකාල මහමඟ රෙමින් හත්පොලේ ගාගෙන නාගෙන සිටිනාකාරය දැක්කාම අපේ තනි ඇහැට ඇඬෙන්නේය....


උන්.... බෙහෙත් ගන්න ආ රෝගින්ට බෙහෙත් කරනු වෙනුවට... අපි දැන් වෙනසක් කරමු යැයි කී ජොස්තරලාට පවා අරින්නේ වැස්ලීන් තබා කෙල පොඩ්ඩක් හෝ නැතිවය.... 


ඒවා දකින කොට මට බුදු හාමුදුරුවෝ දෙසූ සත්‍යය අවබෝධ වෙමින් නිවනට කිට්ටු වෙන බවක් දැනෙන්නේ දිඨ්ඨධම්මවේදනීය කර්මේ ඇස් පනාපිට පලදෙන නිසාය..... තවත් සහන ඉදිරියේදී ලැබීමටත් නියමිතය....


දැන් සියල්ලන්ගේම පොදු සතුරා වී ඇත්තේ ජෙප්පන්‍ය.... 


දැන් දිනපතාම ජනතාව උන්ගේ ජාතිය අමතමින් සිටින්නේය... 


මීළඟ චන්දයකදී ඕකුන්ට ඇපත් නොලැබ තමන් වෙත බලය ඉබේ පාත්වේ යැයි යන දවල් සිහිණයේ ජීවත් වන සජිත් සමඟින් එකතු වීමට නවීන් දිසානායක හා එජාප හාල්පාරුවෝ පිරිසක් දඟලන්නේ ඒ අනුවය....


විපක්ෂයේ සියල්ලන් හා එක්ව බලය හවුලේ ලබාගෙන රට ඉදිරියට ගෙනයාම පසෙක තබා... සජබට හෙත්තු වී... සජිත්ගේ සජබ ආන්ඩුවක් බිහිකරගෙන... ඇමතිකමක් ලබාගෙන ජනතාවට මැදගිල්ල පෙන්වමින් අලි ඔලුවෙන් සිටීමට එකම බාධාව වී ඇත්තේ නාමල් රාජපක්ෂ හා පොහොට්ටු බයියන් බව දැන් සජබේ උන්ට මෙන්ම නවීන් වැනි එජාප දේශපාලන බූරුවන්ටද අවබෝධ වී ඇත්තේය.....


මොවුන් සියල්ල අන්ද මන්ද වුයේ සජිත් පවා පැමිණි ගම්මන්පිලගේ පොත් එලිදැක්වීමත් එක්කය... 


ගම්මා සියල්ලන් එකතු කර ගැන්මට සමත්ව උන් අතර... ගම්මා හා දේශකයින් පැහැදිලි සාක්කි මත කරුණු හෙලිකරද්දි සජිත් ඇතුලු එවකට එජාපයේ උන් එකිනෙකා හෙමින් නැගිට ගියේ ජනමතය කුමක්ද යන්න අවබෝධ වූ නිසාවෙන්මය....


මේ එකතු වීම දරාගත නොහැකි නවීන් දිසානායක වැනි බූරුවන් හා කොටි සල්ලි වලින් යැපෙනා ජඩමාජ්ජවේදීන් මහ මොළකරු සහරාන් බවට හෙලිකල පොත බොරුවක් බව පවසන්නේ විශේෂ හේතුවක් සහිතවය.....


ඒ රිෂාඩ් හකීම් මුජිබර් හා මුස්ලිම් චන්දත්... ක්‍රිස්තියානි හා දෙමළ චන්දත් තමන්ට අහිමි වේ යැයි බියෙනි.... මුන්ට... සත්‍යයට, රට ජාතියට වඩා වටින්නේ, දේශපාලන බලය ලබා ගැනීමම පමණක්ම බව බොහෝ පැහැදිලිය....


මේ එජාපය සිය කැමැත්තෙන් වලලාගෙන සිටිනා කොඩිවිනය.... මොවුන් ජනතාවාදී දේශපාලකයෝ නොව බිස්නස්කාරයෝය... උන්ට අවශ්‍ය බලයම පමනි....


නමුත් මේ දේශපාලන හාල්පාරුවෝ හොමතගයු  වන්නේ ගෝටා බලය ගත්තේ තනි සිංහළ බෞද්ධ චන්ද වලින් පමණක්ම බවය....


අපරාදේ කියන්නේ ප්‍රභාට ගේම දෙන්න යනකොට.... බජට්ටෙක පරදා මහින්දගේ ආන්ඩුව වට්ටන්නට විජේවීරගේ ත්‍රස්තවදී නඩය ආන්ඩුවෙන් ඉවත්ව යද්දි.... එදා එජාපයෙන් ඉවත්ව මහින්දගේ දැත් ශක්තිමත් කිරීමට පැමිණියේ.... එජාපයේ සිහළ බෞද්ධ නියෝජිතයා වන කරු ජයසූරියය...


එවන් කෙනෙකුගේ කීර්තිනාමය රැකගැනීමට හෝ නොහැකි දේශපාලන බූරුවෙකු..... තමන්ගේ බැණා කෙනෙකුන් වීම කුමනාකාරයේ කරුමයක්දැයි යන්න උන්නැහේ කල්පනා කරනු නොඅනුමානය...


ඒ වගත් මෙසේය.....

.

Mar 6, 2025

රනිල් කාගේ හෝ දිරච්ච ළණුවක් කෑවේය ඒත් වැඩේ කොර වෙන්නම දුන්නේය


 රනිල් කාගේ හෝ

දිරච්ච ළණුවක්  කෑවේය

ඒත් වැඩේ කොර වෙන්නම දුන්නේය
➖➖➖➖➖➖➖➖➖➖➖💖➖➖

ආණ්ඩුව නාගෙන ඉන්නා මේ අවස්ථාවේ උන් හොයන්නේ එයින් බේරී සිටීමට මාතෘකාවන්ය.... එක එක ලැයිස්තු  එළියට එන්නේ ඒ නිසාය.... දැන් ඒ සදහා කදිම අවස්ථාවක් ලැබී තිබෙනවාය.... ඒ අල් ජසීරාහී මාධ්‍යවේදී ත්‍රස්තවාදියෙක් සමග කළ සාකච්ඡාවය....

රනිල් කියනා විදියට පැය දෙකක වැඩසටහනක්.... උන්ට අවශ්‍ය විදියට සංස්කරණය කොට ඉදිරිපත් කර තිබෙනවාය.....

රනිල් කෑවේ කාගේ හෝ ගුලියක් බව දැන් හෝ ඔහුට තේරෙන්නේ නම්.... එය ලොකු දෙයක්මය... එක එකාගෙන් කෝල් ආවාම ඒ හැම එකටම යන්න ඕනේ නැතිය. එතකොට චන්ද්‍රා ෂාෆ්ටර්ට වෙච්චි වැඩේ වෙන්නත් ඉඩ තිබෙනවාය....

මේ වැඩසටහන ඕගනයිස් කරපු සෙට් එක කවුද කියලා අලුතෙන් කියන්න ඕනා නැතිය....

රනිල් දැන් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී අවසානය.... ඒ බුද්ධිමතෙක් ප්‍රාඥයෙක් සහ ලිබරල් ඉකොනොමිස්ට් කෙනෙක් ලෙසය.....

සාමාන්‍යයෙන් බංකොලොත් රටක් ගොඩ ගන්නට වසර දහයක් ගතවන බව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මරසි කොටාත් පිළිගත්තේය.... ඇත්තම තත්ත්වය නම්.... ඉන්දියාව ඊටත් වඩා කාලයක් ගත විය.... මේ වැඩසටහන ඉදිරිපත් කළ ත්‍රස්තවාදී පූරකයා පවා ඒ බව පිළිගත්තේය....

රනිල් ඉතා ජනප්‍රිය චරිතයක් වී තිබීම ආණ්ඩුවට හොඳ දෙයක් නෙවේය... එමෙන්ම මේ හිඟන ආණ්ඩුවට සහයෝගය පළකරන කණ්ඩායමේද හිත සුව පිණිස නොවන්නේමය.... උන්ට ඒක දිරවන්නේම නැති දෙයක් වෙලා තිබෙනවාය....

මේ ආණ්ඩුව ආණ්ඩුවට සහය දෙන්නේ... ජූලි චං නෝනා හා කොටි හිතවාදි ව්දෙස් රාජ්‍යයන් හා සංවිධාන .... කතෝලික පල්ලිය.... දෙමළ ඩයස්පෝරාව සහ අන්තවාදී මුස්ලිම් සංවිධානය. ගොබ්බ ආණ්ඩුව කරන්නේ.... සංහිඳියාව යන නම ඉදිරියට දමා... ඊට ඉදිරිව කතා කරන එවුන් ඇතුලට දාන එකය.

හැබැයි දැන් කැබිනට් මීටින් එකේම නැගෙනහිර එවන් සංවිධාන තිබෙන බව උන්ටම පිළිගන්න වෙලා තිබෙනවාය. ඒවා දනිස්සෙන් උඩට ගත්තෝතින් බොහොම හොඳය. නැත්නම් වෙන්නේ ඇතුළත්මුදලි මහත්තයාට වෙච්ච දෙයය. ඒ මැදපු කමිස තුන නැති වීමය....

ඒවාට මල්වතු අස්ගිරි මා නායක හිමිවරුත් අහුවෙලා ඉවරය.... දළදා ප්‍රදර්ශනයක් තබා මොරිමාඩ සිංහල බෞද්ධ ජනතාව අනාට ගොන්දන්නේ ඒ නිසාය..... නයෙක් පෙන්නා අන්දපු ගොබ්බ බෞද්ධ ප්‍රජාවට... දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවා කියන්නේ.... ආයෙ ඉතින් ලොවෙත් නැති ඇඬෙන්නම දෙන ගේමක්ය....

වළං සානිගේ පිටපතක් අනුව රවී සෙනවිරත්න, කාදිනල් හා අසාද් මවුලානා එකතු වී කල වැඩසටහන මෙන්.....මේ වැඩේ  කරන්නට හදන්නට ඇත්තේත් චැනල් 4 හරහා වෙන්නට ඇතිය... ඒත් චැනල් ෆෝ එක වැඩේ බාරගන්නේ නැතුව වෙන්නැතිය.... ඊළඟට අල්ල ගත්තේ ත්‍රස්තවාදීන්ගෙන් ජීවත්වෙන අල් ජසීරා චැනල් එකය.

වැඩසටහන මෙන්ම පූරකයාද තනිකර ඒකපාර්ශවීය බව.... මේ වැඩසටහන බලන ඕන බූරුවෙකුට තේරෙනවාය.... අනික රනිල් කියනා පරිදි.... පැය දෙකක වැඩසටහනක් උන්ට අවශ්‍ය විදිහට සංස්කරණය කරලා තිබෙනවාය... ඕඩියන්ස් එක තනිකර කොටිය.

ඇත්තටම මේ වැඩසටහන කරන්න තිබුණේ රනිල් සමග නොව.... ඕඩියන්ස් එකේ උන්න ටැමිල් ඩයස්‌පෝරාවත් එක්කය. එකෙක් හැර එහි උන් සියල්ලෝම ලන්ඩන් කොටි හෝ කොටි හිතවාදීන්ය.. අර හිටපු පර සුද්දිගේ මිනිහාත් කොටින්ගේ උපදේශකයෙක්ය... ඒ සියල්ලම මැදද... රනිල් එම ත්‍රස්තවාදී මාධ්‍යවේදියාට සාර්ථකව මුහුණ දුන්නේය.

සිරසේ ගොබ්බ මාධ්‍යවේදීන් වාගේ.... ඌ බලාපොරොත්තු වුණෙත්.... ඌට අවශ්‍ය පිළිතුරු රනිල්ගෙන් ගන්නය.. ඌ එහෙම හිතුවා නම් හරිි පව්ය. කොහොමත් රනිල් කියන්නේ මාධ්‍යවේදීන් දිරවන එකෙක් නෙමේය. මෙහේ එකෙක් රනිගෙන් කන හරහාත් කාලා තියෙනවාය. අරූට ඒක මිස් උනේ කොහොමද කියා මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවාය.

රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගියා කීවාට.... නැවතත් පාලනයට ඒදෝ යන බියක් හීන්නෝන්මාදයෙන් පෙළෙන හිඟන ජෙප්පන්ට සහ කතෝලික පල්ලියටත්.... දෙමළ ඩයස්පෝරාවටත්.... ඉස්ලාම් අන්තවාදීන්ටත් තිබෙනවාය.

උන් ඔවුන්ට එදිරි සියලුම බලවේග වලට පහර දෙමින්... විනාශ කරමින්.. උන්ට අවශ්‍ය රාජ්‍යයක් ගොඩ නගන්නේ.... මුදලට ඕනෑම දෙයක් කර ගත හැකි මොරි මාඩ ජවිපේ නායකයන්ගේ ආශීර්වාදයන්ය.

දකුණේ පාතාලයට දෙන ෂොට් එකද ඊට අයත්ය. මෙය නැවතත් කොළඹ පාතාලයේ බලය උන් අතට ගැනීමට ගහනා ගේමක්ය. පාතාලය ගැන අවබෝධයක් ඇති වුන්ට එය තේරෙනවාය.

රනිල් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී තිබීම මුන්ට දිරවන්නේ නැතිය... රනිල්ට හැමදාම ලෝකයේ තිබෙන ෆෝරම් වලට..
සැමිනාස් වලට... ලැචර් වලට ආරාධනා ලැබෙනවාය.....

ඒ කෘතහස්ත බුද්ධිමත් ලිබරල් දේශපාලඥයෙක් ලෙසය... විශේෂයෙන් වසර දෙකක් තුළ බංකොලොත් රාජ්‍යයක් ගොඩගත් ඉකොනොමිස් කෙනෙක් ලෙසය. එවන් චරිතයක් මින් පෙර ලොවට ලොවේ තිබුණේ නැතිය. ජෙප්පන්ට හා උන්ට කඩේ යන තැරි දාර පුන්නක්කු බයියන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඒකට ගහන්නටය. ඔහු අමු තක්කඩි මිනීමරුවකු ලෙස හංවඩු ගසා නෝන්ඩි කිරීමය.

ඒ සඳහා සිංහල හා කතෝලික නම් ගම් වලින් පෙනී සිටින දෙමළ ශුක්‍රාණු වලින් සංශේචණය වූ ජීවීන්ගේ සහය නොඅඩුවම ලැබෙනවාය... ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය සමාජ මාධ්‍ය තුල දෝරේ ගලනවාය... කොටින්ගේ ශුක්‍රාණු වලින් සංශේෂණය වූවාම එහෙමය. ඒ ගැන අපි කලබල විය යුතු නැතිය. ලොව ඕනෑම ජාතියක එසේ වෙනත් ජාතීන්ගේ මෙන්ම විශේෂයෙන් සතුරාගේ ශුක්‍රාණු මඟින් සංසේචනය වූ කුර හා අං සහිත ජීවින් සිටිනවාය.

කෙසේ හෝ රනිල් කියන්නේ.... පොලිට්‍රික්ස් දන්නා පොලිටීශියන් කෙනෙක් නෙමේ කියා මං කියන්නේ අද ඊයේ සිට නෙමේය.... එසේ පොලිට්‍රික්ස් දන්නා දේශපාලනඥයෙක් වූවා නම්... කිසි දිනක ජවිපේ බලයට එන්නේ නැතිය. දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැතිය...

රනිල් යනු මුරුංගා අතේ තැබූ විට හොඳින්ම ඇඳගන්නා දේශපාලනඥයෙක්ය... රනිල් මේ මොහොතේද කාගේ හෝ ලණුවක් කෑ බව ඔහුගේ පාපොච්චාරණයෙන්ම පෙනෙන්නේය....

වැඩසටහනට එනවා කියපු එවුන් ඇවිල්ලා නැතිය..... උන්නේ තනිකර ත්‍රස්තවාදීන් පමණය.... ඒ අතර වෙල්ලමුල්ලි වෛක්කාල්වලදී සමූල ඝාතනයට ලක්වූ දැරියක්ද සිටියාය... ඇයද කවුරුන් හෝ ලියා දුන් කොළයක් බලාගෙන ප්‍රශ්නයක් ඇසුවේය... සමූල ඝාතනය වූ හොල්මනක්... ලන්ඩන් වලට ගියේ කෙසේදැයිි කියා දේව ආරූඪයෙන් ශාස්තර කියන තැනකට ගොස් අසාගන්නට අද හවස මට යන්නට වෙනවාය...

එමෙන්ම පූරක ත්‍රස්තවාදියාට ප්‍රශ්න ටික ලියා දීි තිබෙන්නේ මරිසි කොටාට කතා ලියා දෙන එකාමද යන සැකයක් මාතලන්ට තිබෙන්නේය....

එක්කෝ අපේ චං නෝනා ලියා දුන්නා වෙන්නත් පුළුවන්ය.... කෙසේ හෝ ලද මුදලට උපරිම සේවයක් ඒ ටෙරරිස්ට් පූරකයා ඉටු කළ බව ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුමය. රනිල්ගේ නිවස සම්පූර්ණයෙන් ගිනිබත් වූ බව ඌ දන්නේම නැතිය.

රනිල් කොහොමත් මහින්ද රාජපක්ෂටත් වඩා පරිස්සම් විය යුතු චරිතයක් වන්නේය..... ඒ නිසා මේ කාලයෙහි..... විශේෂයෙන් ගෝලීය දේශපාලනයේ සහ ගෝලීය ආර්ථිකයේ අඤ්ඤකොරොස් වී ඇති කාලයක.... මෙරට ජීවත් නොවී.... නොරටක ජීවත් වෙනවා නම් බොහොම හොඳය.

මොකෝ අරගලයේ ප්ලෑන් එකට එහා ගොසින්.... රනිල් ජනාධිපති වීමේ වෛරය..... ජූලි චංග්ලාටත්... මරසි කොටාලාටත් තාමත් පහව ගොස් ඇත්තේ නැතිය.....  ඒ නිසා උන්ගේ ප්ලෑන් එක අන්ජ බජල් කල හිටපු කතානායකටත් ගහන්නේය... මුන්ට වැඩ බැරිය.... ඒ නිසා ජීවත් වෙන්නේ බොරුවෙන් හා මඩෙන් පමණය.....

රනිල් දේශපාලනයෙන් පෙන්ෂන් ගියා කීවාට.... ඒ පක්ෂය දැන් මෙලෝ රහක් නැති සංස්ථාවක්ය... සිරිකොත මහලු මඩමකට පරිත්‍යාග කළා නම්.... රනිල්ට බොහෝ පින් අත්වන්නේය...

මින් මත්තටවත් ඔය වගේ වැඩ වලට යනකොට කොච්චර වැඩ්ඩා උනත්.... කාගේ හෝ උපදෙසක් ගන්නවා නම් බොහොම අගනේය.... හැබැයි ඒ උපදෙස් ගන්නේ.... වජිර හා සාගල වගේ බූරුවන්ගෙන් නම් ඇති වැඩක් නැත්තේය.

රනිල් කොච්චර වැඩ්ඩා කිව්වත් රනිල්ට අරින උනුත් ඉන්නවාය.... එක්කෙනෙක් රවී කරුනානායකය... අනිකා ෆයිසර් මුස්තාපාය... ලගින් ඉන්න එවුනුත් අමු ගවයින්‍ය... කොහොමත් රනිල්ට එජාපය සමඟ දේශපාලනයක් ඇත්තේ නැතිය.

සජිත් ගේ ළඟ සිට පැමිණි හරයෙන් මනුෂ හා තලතා මැඩම් ගැන මට ඇත්තේ පුදුම දුකක්ය.

හිටපු පෝට්ටු වැඩ්ඩෝ ටිකත් ඔහු අත් හැර ගොසින්ය. ඒ රනිල්ගේ PR එක නිල් නිසාය.

නමුත් අනාගතයේදී හෝ.... මේ රට කොමියුනිස් රාජ්‍යයක්ක් නොවී.... යළිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලැබුණහොත්.... රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්වීමේ සැලැස්ම ඇත්තේ රනිල් ළඟ පමණය.... එය අල් ජසීරා වැඩසටහන මෙහෙය වූ ත්‍රස්තවාදී මාධ්‍යවේදියාද පිළිගත්තේය.

🔸ත්‍රස්තවාදී ගැටලු සඳහා පිළිතුරු තිබෙන්නේ ත්‍රස්තවාදය තුළමය.....

🔸ප්‍රජාතන්ත්‍රවාදය තුල මතුවන ගැටලුවලට පිළිතුරු තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය.....

🔸ධනවාදී ආර්ථික ගැටළුවලට පිළිතුරු තිබෙන්නේ මුසාවාදය හෝ සමාජවාදය තුල නොව ධනවාදය තුළම පමණය

💀 ප්‍රහාරය අශිෂ්ට නම්... ‍ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය සොයන්න එපාය....

ඒ වගත් මෙසේය....

Oct 16, 2024

පාස්කු ආතල්

 


පාස්කු ආතල්

➖➖➖😁➖


⭕ පාස්කුව ඛේදවාචකයක් වුනේ සාරාන්ලා බ්ලාස්ට් කරගත් දිනයේ පමණය...


⭕ එය එදිනට පෙර මෙන්ම... ඊට පසුව අද දක්වාම ආතල් එකක් හා සල්ලි ගරන මැෂිමක් වී අවසානය....


⭕ බ්ලාස්ට් එක ගැන සින් ගොරා, හරීන් පමණක් නොව... කාදිනල්ද දැනගෙන උන්නේය... හැම පාස්කුවේම ලයිව් දිව්‍ය පූජා පවත්වන උන්නැහේ (මේ වගේ සාතන්ලාට උන් වහන්සේ යනුවෙන් ඇමතීම අපායේ යෑමට හේතු වන්නේය) එදා උදෑසන පූජාවට නොගියේ එනිසාය...


⭕ අභිනවයෙන් පත් වූ... අපේ ණයවන ජනාත්.... කතෝලික චන්ද ලබාගැන්ම සඳහා... ගෝටා මෙන්ම පාස්කුව විකුණාගෙන කෑවත්.... ඊබ්‍රයීම් නානා එයාලාගේ ජාතික ලැයිස්තුවේ උන්නත්... එයා දඩයම කරේ තියාගෙන ගියා කියා එකෙක්වත් කිව්වේ නැතිය....


⭕ මේ සඳහා වාර්ෂිකව දින ගනනක් පුරා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඉවෙන්ට් එකක් වූ පාස්කු විවාදයේදී.... වත්මන් අමාත්‍ය යටත් විජිත මැතිතුමා පැවසුවේ.... සුවිසයිඩ් බ්ලාස්ටර්ලා තුන් දෙනෙක් සමඟ එකම නිවසේ ජීවත් වූ... ඊබ්‍රහිම් සහෝදරයා මේ කිසිත් නොදත් අහිංසකයෙක් කියලාය...


⭕ කෙසේ හෝ කාදිනල් කාරයාගේ දිරච්ච ළණුව කා.... චන්දය දුන් උන්ට කෘතුගුණ සලකන්න කටුවාපිටි ගිහින් පුටුවේ වාඩි වී උන් සඕදර ජනාධිපති තුමාගේ කලිසම ගලවා දැම්මේ වින්දිතයෙක්ගේ අප්පා කෙනෙක්මය....


⭕ ඉන් විලි ලැජ්ජාවට පත් උන්නැහේ කළේ.... කොමසම් ඉදිරිපත් කළ කොමිසම් වාර්තාවල නැති වූ පිටු සොයන්නට.... තවත් කොමිසමක් පත් කරනා බවට පොරොන්දු වී..... හිල් ජොකා පිටින් ලෝගු කාරයන් සමඟ එතනින් පිටවීමය....


⭕ දැන් ඒ සඳහා දාලා තිබෙන්නේ වළං ශානිය... වළං ශානිට සලේ සමඟ ගේමක් තියෙනවාය... ඒ වගේම.... බුදු පිළිම කැඩූ පසු අල්ලාගත් සැකකරුවන්.... දේශපාලන හිතවත් කම් මත නිදහස් කළ බව වළං ශානි පළමුවෙනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පිලිගත්තේය....


⭕ මේ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් වියදම් කළේ ඊබ්‍රාහිම් සඕදරයා බව... රවී සෙනෙවිරත්න "ජනහඬ" වැඩ සටහනකදි පිලිගත්තේය....


⭕ මේ අතරේ... පිටු නැති වුනා යැයි කියූ කොමිසන් වාර්තාව, ඇමුණුම් එක්කම තමන් ළඟ තිබෙන බවත් එය නෙක්ස්‍ට් මන්ඩේ ප්‍රසිද්ධ කරනා බවත් කී ගොම්මන්පිල තවත් 💣 ක් පත්තු කිරිමෙන්.... යටත් විජිතගේ කලිසම ගැලවී ගියේය....


⭕ මේ දිනවල අප නරඹමින් සිටින්නේ.... පාස්කු විගඩම සීරීස් එකේ නවතම එපිසෝඩ් එකය....


⭕ දන්නා තරමින් කාදිනල් ඉල්ලන මහමොළකාරයා ගැන සඳහනක් මේ වාර්තාවෙත් ඇත්‍තේ නැතිය... 


⭕ වැඩේ අංජබජල් වුනහොත් අනාගතයේදී මෙහි මහමොළකාරයා අනුර කුමාරයාලා කියා කාදිනල් කීවත් මාතලන් නම් පුදුම වෙන්නේ නැතිය.....


කෙසේ හෝ


⭕ මෙහි මහමොළකාරයා සෙවීම යනු.... පන්තියේ පඩයක් ඇරිය එකා සොයනවා වගේ වැඩක්මය... එක එක කාළෙට එන ගොබ්බ පාලකයෝ කරන්නේ... කාදිනල් කාරයාගේ පදයට නටමින් පඩේ ඇරියේ කව්දැයි සොයන්නට පන්තියේ ඉන්නා හැම එකාගේම පුපට නහය තබා පුප බඳාගෙන ඉඹිනා එකය....


⭕ හැබයි ඒ හැම එකාටම.... ලංකාවේ සියළුම පල්ලි වලට කඩු බෙදා හැර තිබූ බව අදටත් අමතකය....


⭕ පඩේ ඇරිය එකා මේවාට හිනා වෙනවා ඇත්තේත් පුපෙන්මය......


⭕ මෙවන් මරිමෝඩ තකතීරූ මූසල ගොබ්බ ජාතියක් විශ්වයේම නැතුව ඇතිය.......


ඒ වගත් මෙසේය.....


.

May 23, 2024

අපේ බුද්ධි අංශ හා නීතිපති දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතුය


අපේ බුද්ධි අංශ හා

නීතිපති දෙපාර්තමේන්තුව 

ලැජ්ජා විය යුතුය

➖➖➖➖➖💀➖💀➖💀➖


🔴 ගුජරාටයේ බෝම්බ පිපිරවීමකට හෝ වෙඩි තැබීමකට හෝ විශේෂයෙන් ක්‍රිස්තියානී බැතිමතුන් ඝාතනයකට... අත් අඩංගුවට පත් වූ ත්‍රස්තවාදීන් හතර දෙනාම... කොළඹ නඟරයේ හා මීගමුවේ පදිංචි කරුවන් බවත්,


🔴 ඔවුන් ISKP (Islamic State Khoras lana Province) නම් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රභල සාමාජිකයින් බවත්,


🔴 ඔවුන්ගේ පදිංචි ලිපිනයන්, රැකියාවන් හා ඔවුන්ගේ විදෙස් ගමන් මෙන්ම, ඔවුන් හතර දෙනාම කටුනායක සිට චෙන්නායි හරහා ගුජරාටයට පැමිණෙන දිනය, වේලාව හා  ගුවන් යානා පිළිබඳ සියළු තොරතුරුත්,


🔴 ගුජරාටයේදී ඔවුන්ට ලබා දීමට තිබූ අවි ආයුධ, එම ස්ථානය හා ඒ පිළිබඳ ඔවුනතරේ හුවමාරු වූ අන්තර්ජාල ලියකියවිලි පිළිබඳ සියළු තොරතුරුද, ගුජරාට ප්‍රාන්තයේ බුද්ධි අංශ දැනගෙන සිටී මුත්...


🔴 ලංකාවේ බුද්ධි අංශ, පොලිස් බුද්ධි අංශ, ත්‍රස්තවාදය මැඩලීමේ අංශ තබා ප්‍රජා පොලිස් සේවයේ උන්වත් දැන නොසිටියා පමණක් නොව....


🔴 ගුජරාට ප්‍රාන්තයේ බුද්ධි අංශ විසින් ඒ කිසිඳු තොරතුරක්... අපේ උන්ට ලබා දී නැත්තේ... පාස්කු ප්‍රහාරය පිළිබඳ චෙන්නායි බුද්ධි අංශ විසින් 19 වතාවක් සියළු තොරතුරු ලබා දී තිබුනද 


🔴 ශානී අබේසේකර, රවී සෙනෙවිරත්න වැනි, පොලීසියේ වගකිව යුතු නිළධාරීන්... දේශපාලුවන්ගේ බලපෑම් මත... අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් පවා නිදොස් කොට නිදහස් කිරීම හා පාස්කු ප්‍රහාරය සිඳුවීමට ඉඩ තැබූ නිසාය.


🔴 ISKP ත්‍රස්තවාදී සංවිධානය ඇෆගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර... දැනටමත් ඇෆ්ගනිස්තානය, පකිස්තානය, තුර්කිය, ඉරානය හා රුසියාවේ මොස්කව්හි දරුණු ඝණයේ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සිඳුකොට අවසානය.


🔴 පාස්කු ප්‍රහාරයෙන් පසු විදෙස් සංවිධාන මූලිකත්වයෙන් ලංකාවේ ආරම්බ කර තිබූ ඉස්ලම් මූලධර්මවාදී සංවිධාන 11 ක් පමණ සම්පූර්ණයෙන්ම තහනම් කළ නමුදු, කාදිනල්, ක්‍රිස්තියානී පල්ලිය හා නීතීඥ සංගමයේ දැඩි බලපෑම් මත සංවිධාන 5 ක් එම තහනමෙන් ඉවත් කරන ලදි.


🔴 එපමණක් නොව... දැනට අධිකරණයේ විභාග වන නඩුවලට අදාල සැකකරුවන්ද ඔවුන්ගේ බලපෑම් මත ඇප ලබා දී එලියට දැම්මේය.


🔴 ගෝටාභයද මොවුන්ට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීමට බිය වූ අතර, අවසානයේ ඔහු එලවා දැම්මේද මේ බලවේගයන් විසිනි. (සැලසුම් කොට තිබුනේ රාජපක්ෂලා සියල්ලන්ම ඝාතනය කිරීමය.. ඊට සහාය පලකළ සිංහළ බෞද්ධයින් ලැජ්ජාවට පත්විය යුතු අතර... දැන් එම වගකීම තමුන් වෙත පවරාගෙන... එය ඔසවාගෙන යන්නේ මොරි මාඩ ජෙප්පන්ය)


🔴 එපමණක් නොව, මිරිහානේදී ඝෝඨා මරා දැමීමට රැස් වූයේද මේ පිරිස බවත්... මැයි 9 වනදා කොළඹට පැමිණි පෝට්ටුවේ මැරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේත් මොවුන්ගේ මෙහෙයවීමෙන් බවත්... බුද්ධි අංශ මේ වන විට තහවුරු කරගෙන අවසානය. (මේ නායකයින් සියල්ලෝම.. දැන් සිටින්නේ සජිත් ජලනි බලවේගය සමඟය...)


🔴 තත්වය මෙසේ තිබියදී.... බයියන් පිට පොට පටලවා ගත් මව්වරුන් වඳ කිරීමේ දොස්තර සාෆී සිද්දියට ප්‍රසිද්ධියක් ලබා දෙමින්... දොස්තර සාෆිට එදිරිව ආ මූලික චෝදනා අමතක කරමින්... දේශන පවත්වන වළං ශානිලා හා පැරීසියේ සිට පාස්කු ප්‍රහාරය ගැන නැවුම් ප්‍රොපගැන්ඩාවක් ගෙන ඒමට දත කන කාදිනල්ලා මෙන්ම


🔴 උන්ට උඩගෙඩි දෙමින් මේවා සංවිධානය කරනා උන් නටන්නට සැරසෙන විගඩම පසු පස සිටින්නේ මක්කුන්ද යන්න සොයා බැලීම...


🔴 රට කරවන උන් හා රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම... සාමයට හා සහජීවනයට ලැදි සාමකාමී ඉස්ලාම් බැතිමතුන්ද මේ ත්‍රස්තවාදීන් හා ත්‍රස්තවාදය පිළිබඳව මීට වඩා බොහෝ සෙයින් අවධානය යොමු කළ යුතුවාක් මෙන්ම.... ප්‍රජා පොලිස් සේවය හා සිවිල් බුද්ධි අංශ මීට වඩා ශක්තිමත් කළ යුතුමය. 


.

 

Apr 24, 2024

වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය....

 


වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා 

රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය....

➖➖➖➖➖➖➖➖➖💀💀▪️


ඒ කාළේ ගමේ නාට්ටි පෙන්නන කොට ඉස්සෙල්ලම එන්නේ ජෝකර් කෙනෙක්‍ය. උගේ නම බම්මන්නාද මොකක්ද එකක් කියා යාන්තමට මතකය. සර්කස් පටන් ගන්නට පෙරත් එසේය. ඒත් ක්ලවුන්ස්ලා කිහිප දෙනෙක් විත් පට්ට ආතල් එකක් දීලා යන්නේය.


දැන් අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කරන්නෙත් ඒ වැඩේය. පොඩි වේලාවක් නොව පැයක් පමණ... හැමදාම එයා පාර්ලිමේන්තුවම හිනස්සන්නේය. පොරගේ දකුණු අත පැත්තේ ඉන්න එකා අනෙකාය. ඌ ඊට එහා ජෝකරයෙකි.


පාර්ලිමේන්තුව තියෙන්නේ නීතී සම්පාදනයට හා රටේ දියුණුවට යෝජනා ගෙන ඒමට බව.. පක්ෂ විපක්ෂ දේශපාලුවන් සියල්ලන්ටම අද අමතක වෙලාය.... එය එකම කෝලම් මඩුවකි... මහා ප්‍රාඥයා යැයි කියන නීතී උස්තාද් අධිකරණ ඇමති... දේශපාලනයේ සරළ නීතිය හෝ දන්නේ නැතිය. 


ඊයේ උන්නැහේත් සජිත් හා එක්වී පාර්ලිමේන්තුවේ ජහුටා නටමින් ආතල් එකක් ගත්තේය... මේ පාස්කු විවාදේ දැන් ඇනුවල් ඉවෙන්ට් එකක් වෙලාය. කාදිනල් අදහන්නේ දෙවියන් වහන්සේ නොව.. සාතන් බවත් ඉතා පැහැදිලිය. මුන්ගේ ජෝක් අස්සේ... වහාබ්වාදය නැවතත් දිවයින පුරාන ව්‍යාප්ත වෙමින් යන බව බුද්ධි අංශවත් දන්නේ නැතිය.


මේ බව අතන මෙතන වඩින රතන ඊයේ පාර්මේන්තුවේ දෙසුවේය. උන්නාන්සේ කිව්වේ ඝෝඨාගේ වැරදි කොතරම් තිබුනත් කාදිනල් හා විපක්ෂයේ උන් කරන්නේ මෙය ගෝටාගේ ඇඟේ ගසා ත්‍රස්තවාදීන් බේරා ගන්නා වැඩේය කියලාය.


මුන්ගේ තලේබාන්කරණය ගැන මාතලන් ලිව්වේ 2012 තරම් ඈත කාළයේය. ඒවා ඇත්ත වූයේ 2018 පාස්කු ඉරිදාය. එතෙක් ඒවා ජාතිවාදේ අවුස්සන පල්හැළී පමණක්ම වූයේය.


එදා බෝම්බ පිපිරීම් වලක්වා නොගත්තේත්... අද තමන් වෙත එන චෝදනා වලින් බේරිමට මේ අපරාධය රාජපක්ෂලාගේ ඇඟේ ගසා බේරෙන්නට වලි කන්නේත්... ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු නිළධාරීන් දෙදෙනාය.


ආන්ඩුව, නීතිපති හා නීතිය කළ යුත්තේ උන් දෙදෙනා අල්ලා ජිවිතාන්තය තෙක් හිරේ දැමීමය. ඒ වෙන කවුරුවත් නොව වළං ශානී හා රවී සෙනෙවිරත්නය. අද අලුත් තිර රචනා ලියා දෙමින් මේ රටම නොමඟ යවන්නේ මුන් දෙදෙනාය. උන් කියනා පරිදි මහ මොළකරු සලේ නම්, පරීක්ෂණයක් හා නඩුවක් අසා මෙය ඉවරයක් කළ යුතුව ඇත්තේ.... ඔවුන් සියල්ලෝම මීට වගකිව යුතු අය නිසාමය. 


එවන් පරීක්ෂණයකදි මහමොළකාරයා පමණක් නොව කුඩා මොලකාරයෝද රාශියක් එලියට එනු ඇත්තේය. සියල්ල අනිවාර්යයෙන් හෙළිවන බව නොඅනුමානය... එහෙත් සිඳු නොවන්නේත් එයමය. සියල්ලෝ මෙය ඇනුවල් කානිවල් එකක් කර ගනිමින් ආතල් හා මුදල් ගරමින් සිරුන්නේය. මෙහිදි මිය ගියේ කතෝලිකයින් පමණක් නොවෙය. හෝටල්වල විදේශිකයින් රාශියක්ද ඝාතනයට ලක්විය. ඒ බව සියල්ලන්ට දැන් අමතකය.


 සියල්ලටම පෙර මෙවන් හාල්පාරු නිළධාරීන් පිරි, CID ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන යමක් කිව යුතුය. මෙය අන්ත දූෂිත ආයතනයක් බව අද ඔප්පු වී හමාරය. අවංක STF නිලධාරියා නොසිටින්නට අද හරක් කටා ඉන්නේ ඩුබායි රාජ්‍යයේය. 


උගේ එක කෝල් එකකට  වළං හෝදන හාල්පාරුවන්ට රුපියල් 150,000/= ක් ගෙවා ඇත. හරක්කටා හා කුඩු සළිඳු දැන් උන්ගේ බිස්නස් එක කරන්නේ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ සිටය. 8 වතාවක් ඒ බව මාට්ටු වුවද මේ වන තෙක් ඒ පිළිබඳ කිසිඳු පරීක්ෂණයක් නිළධාරීන් විසින් සිඳුකර ඇත්තේ නැතිය. 


මේ පාතාල නායකයින් දෙදෙනා වළං හෝදන ආයතනයේ මූලස්ථානය වෙත ගෙනා අවස්ථාවේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වන රංගජීව ඔහුගේ බුකියේ අපූරූ සටහනක් දැම්මේය. ඒ මෙසේය...


//------මෙන්න තවත් විටමින් ෆයිල් දෙකක්------


නිළධාරින් මහතුන්ට ,NGO  මහටුන්‍ට,ලෝයර් අන්කල් ලා හා ඒ අය ගේ දරුවන්ට සිතු පැතු සම්පත් ලබා දෙන......මුලු ජිවත කාළයම පුරා සැප බල ,විර්යය වඩවන ...විටමින් ෆයිල් දෙක Vitamins file  ඔන්න ලංකාවට ආවා ....

එක්කෝ ඔන්නෑ ඔවා කියලා ...

අපේ රට අපිට නැති වෙලා තියෙන්නේ ...//


වළං කඩේ ගැන මෙන්ම අනෙකුත් සියලු ආයතනයන් ගැන පොලීසියෙම උන් දෙන කැරැක්ටරේ මේක නම්..... අප තව මක්කා කියන්නද?


එවන් අන්ත දූෂීත ආයතනයක හිටපු ලොක්කෙක් වෙන රවී සෙනෙවිරත්නත් දැන් කියන්නේ අමු බයිලා බව TNL ජනහඬේදී පැහැදිලිව ඔප්පු විය. ඔහු ජනහඬේ තවුසන්ඩ් ටෝක් දීමට පැමිණියද, පාස්කු ප්‍රහාරය පමණක් නොව, සහරාන් මෙන්ම එම සංවිධානය පිලිබඳවත්, අයිසිස් ගැනවත්, ජිහාඩිසම් හා වහාබ්වාදය ගැනවත් මෙලෝ අලබෝලයක් නොදන්නෙක් බව එහිදි ඉතා පැහැදිලි විය. 


අනෙක් ප්‍රධානම කරුණ නම්, පොරගේ ප්‍රකාෂයන් එකිනෙකට පරස්පර වීම හා පට්ටපල් බොරු විදීමය. ඒවා කීපයක් මෙසේය.


🔴▪️පොර කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ විගසම පත්කල මලල්ගොඩ කොමිසම හා එහි නිර්දේශ පිලිගත හැකි ඒවා බවය. 


--- එහෙත් දැන් පොර පිලිගන්නේ චැනල් ෆෝ වීඩියෝවය. මලල්ගොඩ කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද පත් කෙරෙනුයේ පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් මෙන්ම FBI, ඉන්ටර්පෝල්, ස්කොට්ලන්ඩ් යාඩ්, ඔස්ට්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය මෙන්ම මාලදිවයින් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වමින් සිටියදීය.


🔴▪️මේ පරීක්ෂණ කොමිසම් තුනෙන්ම තම ආයතනයට හෝ නිළාධාරීන්ට කිසිම චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියා සිටි.


--- එහෙත් හමුදා බුද්ධි අංශ වලට මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයටද එහි නිළධාරීන්ටද කිසිඳු චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියන්නේ නැතිය.


🔴▪️ඉන්ටර්පෝල් ආයතනයේ ලොක්කා දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ මෙරටට පැමිණ ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණ ගැසී, පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් ගැන ප්‍රශංසා කොට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණ, එහි නිලධාරීන් වෙන වෙනම මුණගැසී ඔවුන්ටද ප්‍රසංසා කොට, විමර්ශන ගැන ඔහු ඉතා සතුටු වන බවත්, ඉතාමත් දක්ෂ අයුරින් විමර්ෂනයන් සිඳුකොට ඇති බවත් ලිඛිතවම ලබා දුන් බවත් කියා සිටී.


--- එහෙත් දැන් ඔහුට ඉන්ටපෝල් ලොක්කා හාල්පාරුවකු වී ඇති අතර දැන් පොරගේ වීරයා වී ඇත්තේ චැනල් ෆෝ වීඩියෝවේ අසාද් මවුලානාය. 


🔴▪️එමෙන්ම ජනාධිපති කොමිසමේ සාක්කි දෙමින් මේ සියල්ලට මුදල් වියදම් කළේ ඊබ්‍රාහීම් නානා බවත් මෙම කණ්ඩායමේ නායකයා සහරාන් බවත් කී බුවාට,


--- අද ඒ සියල්ල අමතකව ගොස් ඇතිවා පමණක් නොව, කිසිම පරීක්ෂණයකදි මරාගෙන මැරෙණ බෝම්බ කරුවන් තිදෙනෙක්ම අයිසිස් වෙත පූජාකළ, ඉබ්‍රහිම් නානා හා ඔවුන්ගේ භූමිකාව ගැන ප්‍රශ්ණ නොකරන්නේ, එහි කෙලවර නවතින්නේ රිෂාඩ් බදූර්දීන්ගෙන් නිසාය. එනිසාම. මෙවර ජාතික ජනබලවේගයේ අපේක්ෂක ලැයිස්තුවට එන්න සිටින නිසා එහෙම කරන්නට බැරිය.


🔴▪️දෙහිවල බෝම්බ කරුගේ බිර්‍රිඳගේ නිවසට හමුදා බුද්ධි අංශ යෑම මේ ෂර්ලක් හෝම්ස්ට මාර ගැටලුවක් වනතර,


--- අනෙකුත් මරාගෙන මැරෙන බොම්බ කරුවන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පවා හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම, සියල්ලෝම සජීවීව නැරඹූ, ඊබ්‍රාහිම් නානාගේ නිවසට සියළුම ආරක්ෂක අංශ වහ වහාම ගිය එක, බුවාට ප්‍රශ්ණයක් වන්නේ නැතිවාක් මෙන්ම. මේ කිසිඳු අංශයක්, එහි තවත් මරාගෙන මැරෙන බෝම්බකාරියක සිටිනා බව නොදැනීමට විලි ලැජ්ජා සහගත කරුණකිය.


🔴▪️වළං සෝදන ලොක්කන් වන තමන් හා වළං ශානී ඉවත් වීමෙන් පසු අත් අඩංගුවට පත් වූ අය අහිංසකයින් බවට සහතිකයක් ලබා දෙයි.


--- එහෙත් මේ ටෑන්ක් ක්ලීනර් නොදන්නා දෙය නම්, එසේ අත් අඩංගුවට ගෙන නිදහස් කළ නීතීඥයකුගේ ඉස්ලාම් සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුලු තුන් දෙනෙක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවෝ බවය.


🔴▪️මේ තරම් වැදගත් සිද්දියක තොරතුරු ඔහුට මතක නැත. ඔහු කියන්නේ වව්නතිව් ප්‍රහාරයට පසු දිනම ඔහු පොලිපති ජයසුන්දර හා මඩකලපුවට යන මොහොතේත් ltte සැකකරු අජන්තන් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. එ ඊට දින කිහිපයකට පෙර මහවිරු සැමරුමක් වෙනුවෙන් පොලීසිය හා ගේම ඉල්ලා තිබූ නිසාය.


- එහෙත් එකවරම ශානී විසින් නිර්මාණය කරන ලද ජැකට් කතාව මතක් වී..පසුව ඒ ගැන කියන්නට ගොස් පිට පොට පටලවාගෙන නවත්වන්නේ, පූරකයා මේ පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා කමේ පිහිටෙනි.


🔴▪️ මුලින් කියන්නේ ලැක්ටෝ වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 ක් හා ඩෙටනේටර් 500 ක් සොයාගත් බවට අමු කෙප්පයකි.


--- එහෙත් මේ පිළිබඳව දැණුම්වත්ව වුන් පූරකයා කරන්නේ, බ්‍රේක් එකකට යාමය. ඒ එයාලත් වළං ශානිට කඩේ ගියාට වැදගත් විදියට යන්න ඕනා නිසාය. එබැවින් බ්‍රේක් එකෙන් පසු මුලින්ම කරන්නේ වරද නිවැරදි කිරීමය.


🔴▪️තවත් කෙප්පයක් ඇද බාමින් කියන්නේ, විදෙස් බුද්ධි අංශ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නොපැවැත්වූ බවත්, කළේ තාක්ෂණ සහාය ලබා දීම බවත්‍ය.


--- මෙයද අමූලික බොරුවකි. මෙරටට පැමිණි විදෙස් බුද්ධි අංශ මේ හාල්පාරුවෝ මෙන් සල්ලි වලට ෆයිල් වසා දමා වැල් බයිලා ගහනා උන් නොවේ. ඔවුන් මේ පිළිබඳව දිගටම පරීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නෝය.


▪️වසර දෙකක් තිස්සේ කරන ලඳ පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානූ පුරවැසියන් 5 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මෙරට අත් අඩංගුවේ පසුවන පහත සඳහන් ත්‍රස්තවාදී සැකකරුවන්ට එදිරිව, අපරාධ චෝදනා 9 ක් යටතේ නීතී කෘත්‍යයන් ආරම්බ කර ඇත.


1. මොහොමඩ් ඉබ්‍රහිම් මොහොමඩ් නවුෆර්

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කා

3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්


▪️ඔස්ට්‍ර්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය (AFP) මගින් ලාංකික සම්බවයක් සහිත තුන් දෙනෙක් සම්බන්ධයෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කරන පරීක්ෂණ තවමත් කෙරෙමින් පවතිනාතර, එම තිදෙනාගේ මෙරට දේපල හා වත්කම් සියල්ල රාජසන්තක කොට අවසානය.


▪️මාලදිවයිනද ප්‍රහාරය හා සම්බන්ධ මාලදිවයින් වැසියන් පිරිසකට විරුද්ධව එරට නීතිනය ක්‍රියාමාර්ග ආරම්බ කොට ඇති අතර, පරීක්ෂණයන්ද තවමත් සිදු වෙමින් පවති.


🔴▪️එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ලොක්කා ලෙස උන්  නිලන්ත ජයවර්ධන පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබා දුන් බව ඔහු කියයි.


--- එහෙත් ඒ අතරේ සොනික් සොනික් ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදුන් බව පවසයි. සොනික් සොනික් නොහොත් IP බණ්ඩාර මෙන්ම  නිලන්තද රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරින් වන අතර, හමුදා නිලධාරීන් නොවේ. 


🔴 සහරාන්ලා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වීඩියෝව පටිගත කළ ස්පෑන් ටවර් එකේ DVR එකේ සියලු දත්ත මකා දැමුවේ කව්ද? ඒ පිළිබඳ වචනයක් හෝ කතා කිරීමට පූරකයාට මෙන්ම වළං සෝදන්නාට අමතක වීම අපට නම් ඉතා ලොල් සහගතය.


🔴 මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මාතලන්ට වැටහෙන දෙය නම් සිරිසේන ඇතුලු උසාවියෙන් දඩ කෑ ආරක්ෂක ලේකමා ඇතුලු පොලිස් නිලධාරීන්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ එකා මෙන්ම පරීක්ෂණ බාර ව උන් වළං සෝදන්නාද, රාජ්‍ය හා හමුදා බුද්ධි අංශවල ලොක්කන්ද මීට එක ලෙසම වරද කරුවන් බවය.


🔴 සුරේෂ් සලේ මෙන්ම රාජපක්ෂලාද, රනිල් මෙන්ම අනුර කුමාරලාද ඊට සම්බන්ධ නම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දිය යුතුය.


🔴 සිඳු වී ඇත්තේ එකිනෙකාගේ දේශපාලන ගැතිකම්, ඊගෝ හා මාන්නය හෙතුවෙන් ඉතා පහසුවෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ලබා දිය හැකිව තිබූ ත්‍රස්තවාදීන් පිරිසකට රඟන්නට දී වරද එක එකා පිට් පටවා ආතල් ගැනීමටය.


🔴 ශානි විසින් ලැක්ටෝ වත්තට පැමිණ සිටි හමුදා බුද්ධි  අංශ එලවා දමා පැත්ත පලාතේ එන්න එපා කියා සියල්ල තම අතට ගන්නේ ඒ අනුවය.


🔴 සහරාන්ගේ බිරිඳ පසුපස පැන්නුවා නම්, සහරාන් පහසුවෙන්ම අත් අඩංගුවට ගත හැකිව තිබූ බව දැන් බොව්හෝ පැහැදිලිය.


🔴 එහෙත් බෝම්බ පුපුරණ තෙක් වළං සෝදන කණ්ඩායාම වෙන කිසිම දෙයක් සොට්යා නොගත් බව වළං සෝදන එකාගේ අමුඩය සෝදන්න ආ එකා පිලිගත්තේය.


🔴 එහෙත් හමුදා බුද්ධි අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද වළං කඩේට ඉන් අනතුරුවද තොරතුරු ලබා දී ඇති බව දැන් වාර්ථා වේ.


🔴 ඇත්ත කතාව... ගහනවා කිව්වාට මෙහෙම ගහයි කියා මේ එකෙක්වත්  හිතුවේ නැතිය. හැබයි ගහනා බව දේශ්පාලුවන් පාදිලියන් මෙන්ම VVIP 1500 ක් දැන උන් බව පසුව හෙලිවුනේය. ඒ නිසා දේශපාලුවෝ නිළධාරියෝ මෙන්ම පාදිලියෝද එකෙක්වත් මිය ගියේ නැතිය.


😭 ඒ වෙනුවට දෙස් විදෙස් අහිංසකයින් 250 ක් සහරාන්ලා හා ස්වර්ගයට ගියේය. තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයෝ විය. 


මෙය ඛේදවාචකයක් වන්නේ එසේ මිය ගිය හා තුවාල ලැබූ අයගේ ඥාතී හිතමිත්‍රාන්දීන්ට පමණි අනෙක් උන්ට මෙය එදා මෙන්ම අදටත් වාර්ශිකව ඩොලර් උපයන කානිවල් ආතල් එකක් පමණි.


ඒ වගත් මෙසේය..


💀 රවී සෙනෙවිරත්නද ශානිගේ තිරපිටපත අනුව රඟන රූකඩයක් බව මෙහි ඇති එකිනෙකට පරස්පර ප්‍රකාෂ දෙක (ඡායාරූප) අවබෝධ කර ගන්න.


.

Apr 20, 2024

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නවතම තත්වය.....

 



පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ
නවතම තත්වය.......
➖➖➖➖➖➖➖💀💀💀💀💀➖

පාස්කු ප්‍රහාරට පිළිබඳ අනුර කුමර දිසානායක, සජිත් ප්‍රේමදාස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම ඔක්කෝම පරීක්ෂණ කරන නිසා... මාතලන් වන මා විසිනුත් පරීක්ෂණයක් පවත්වන්න තීරණය කළා...

මේ එම පරීක්ෂණයේ සාක්ෂි දුන් අයගේ අදහස් හා සිඳුවූ විවිධ සිඳුවීම්...

මහින්ද රාජපක්ෂ - ඕක අපේ කාළේ සිද්ද වෙච්චි දෙයක් නෙමේ නේ මාතේ...

මාතලන් - ඒ උනාට ඒ පිළිබඳ චෝදනා එන්නේ ඔහේලට නේ ආයිබන්ඩ... ඇත්ත කියන්ඩ ආයිබන්ඩ... මහමොළකාරයා මොළ හතේ මලයා නේ....

මහින්ද රාජපක්ෂ - පෙර පිනක් තීලා... ජෙප්පන්ගෙයි... ෆොනීගෙයි... අට පාස් කොල්ලන්ගෙයි පිහිටෙන්.... යුද්ධෙ දිනලා සුද්දේ දැම්මට.... අපිට ඕවා කරනවා තියා.... අම්මගෙ තාත්තගෙ සොහොනවත් ආරක්ෂා කර ගන්න බැරි පවුලක් බව ඔහේලා දැක්කනේ හාන්දුරුවනේ...

විමල් වීරවංශ - මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්... මම මේ ගැන ලියපු පොත එලිබහින දාට... ඔහෙත් එන්නෝන හොඳේ...

පාඨලී චම්පික රණවක - මම දන්න එකා සිරිසේනට කිව්වා....

චන්ද්‍රිකා බන්ඩාරනායක - අනේ මේ... ඔය මඟුල ගැන මට විතරයි චෝදනාවක් එල්ල වුනේ නැත්තේ... තමුසේ ආවා මෙතන මාත් ඒකට පටලන්න...

රනිල් වික්‍රමසිංහ - රට ගොඩදාලා ඉවර වුනාම බලමු මාතේ....

සජිත් ප්‍රේමදාස - පාස්කු ප්‍රහාරයේ වගකීම මම බාරගන්නවා... 

මාතලන් - ඒ කියන්නේ ඔහේය මේක කළේ...

සජිත් ප්‍රේමදාස - නෑ නෑ ... ඒකට සම්බන්ධ ගොඩක් අය ඉන්නේ මාත් එක්ක නේ... එයාලා බේරගන්න වගකීම මම බාර ගන්නවා....

හේමසිරි ලියනගේ - අම්මපා මාතේ... ගහනවා කියලා හැම එකාම දැණුම්වත් කළා... ඒත් මෙහෙම ගහයි කියලා කව්ද බං හිතුවේ...

සිරිසේන - ඇත්තටම මාතේ... මම මේ ගැන මොකුත් දන්නේ නෑ හිටන්... දන්නවා නම් මට මෙහෙම හත් පොලේ ගාගෙන නාන්න වෙයිද මාතේ....

ඝෝඨාභය - ආ මාතේ... දැන් කාටෙයි කඩේ යන්නේ... මම මේ ගැන පොතක් ලියන්න ඉන්නෙ..  කලින් එකත් මහා පිරුවානා පොත් වහන්සෙටත් වැඩියෙන් විකුණ ගත්තා... වැඩේට අල්ලගන්නේ තඩි ප්‍රියන්තද... දීප්තිද...එරන්ද ගිනිගේද කියලා මේ දවස්වල කල්පනා කරන්නේ...

වළං ශානී - මේක කළේ කාදිනල් කියලා ඕන නම් එවිඩන්ස් හඳලා දෙන්නම්... ඕවා සිම්පල් වැඩ මාතේ... එදා ඉඳන් පාලකයෝ අන්දන එක තමා මම කළේ....

දප්පුල ලිවේරා - මේක පිටිපස්සේ මහ මොළකාරයෙක් ඉන්නවා....

අනුර කුමාර දිසානායක - අපි බලේට ආවාම... ඊබ්‍රහිම් නානාගෙන් අහගෙන... මහමොළකාරයා අල්ලලා දෙනවා කියලා කාදිනල් කාරයා අන්දන්න ගියේ... කොහෙද අර යසපාලිත නානායක්කාරගෙ පුතා ඒක යසපාලිත නිර්මාණයක්... එකම රස සාගරයක් කලා නේ...

හර්ෂණ නානායක්කාර - ඊබ්‍රහිම් නානා තියා දෙයියන්වහන්සෙවත් මේක දන්නෙ නෑ ඕයි... තමුසෙට කාදිනල් තරම් මොළයක් තියෙනවා නම් ඔය ප්‍රෂ්ණය මගෙන් අහන්නේ නෑ....

මාතලන් - සමාවෙන්න ඇහුවට... එයාට මොළයක් තියෙනවද?

කාදිනල් - දැනට රාජපක්ෂලා කළේ... දැන් රනිල්ට පවරන්න ට්‍රයි එකක් දෙනවා... අනාගතේ...  නාමල් ගාන වැඩියෙන් දුන්නොත්... අනුර කුමාර හරි සජිත් හරි මහමොළකාරයා කරනවා...

මෙහෙම එක එකාගෙන් කටෞත්තර අරගෙන බොරැල්ල හංදියේ බස්සිස්ටෑන් එකේ ඉද්දි... මොකෙක් හරි එකෙක් පිටට තට්ට කරන බවක් දැනිලා.... හැරිලා පස්ස බැලුවාම... මෝර්ගන් ෆ්‍රීමන්....

මාතලන් - මොකක් ... මෝර්ගන් ෆ්‍රීමන්... ඔහෙත් මෙහේ ටුවර් එකක් ආවයි... ඇමරිකන් ටුවරිස්ට්ලා නම් එන්නෙ අඩුවෙන්....

මෝර්ගන් - මම මෝර්ගන් නෙමෙයි මාතේ... මම තමයි දෙවියන්වහන්සේ ...

මාතලන් - අනේ යන්න අනේ යන්න විහිළු නොකර...

මෝර්ගන් - විහිළු නෙමෙයි මාතේ... මම මාර කළකිරීමෙන් ඉන්නේ....

මාතලන් - ඒ බව නම් මූනෙන්ම පේනවා ඔබ වහන්සෙට සාරාන්ලා හම්බ උනේ නැතෙයි....

මෝර්ගන් - මොකෝ නැත්තේ එයාලාගෙ ඩිවිෂන් එකේ කන්‍යාවියොත් එක්ක ෆුල් ආතල්ලෙකේ ඉන්නවා....

මාතලන් - ඒත් ඔබ වහන්සේ අවුලෙන් වගේ මොකෝ මේ...

මෝර්ගන් - නෑ ඉතින් සියල්ල මගේ කැමැත්තට වෙනවා කිව්වට... මටත් වැඩ වැඩියි... පට්ට බිසි නිසා ඒවා බලන්න දාපු උන් පිස්සුම නේ කෙලින්නේ...

මාතලන් - ඉතින් ඔබ වහන්සෙට මේ අපරාදේ කලින් පෙනුනේ නැතෙයි... වළං ශානිට නම් පෙනිලා තියෙනවා.... ඒත් ඇල්ලුවට හපා ගන්න බැරිවෙලා... අසාද් සාලීයි..  රිෂාඩුයි ගේම ඇදලය කියන්නේ....

මෝර්ගන් - ඒක තමා මාතේ මේ ඔක්කොම දන්න අය ඉන්දැද්දි මම මේ පෝස්ට් එකේ පරිප්පු කාළා හර්ෂණ නානායක්කාරල වගේ හාර්පාරුවන්ගෙනුත් නෝන්ඩි වෙන්නෝන නෑනේ... මම බැලුවේ ඒක දීලා දාන්න...

මාතලන් - ඉතින් දැන් ඔබ වහන්සෙ ඒක අර වළං ශානියට දෙන්නෙයි යන්නේ...

මෝර්ගන් - ඕන්න ඕකයි සීන් එක මාතේ.... දැන් ඕක... බුවාට දෙනවද... එහෙම නැත්නම් සිරිල් ගාමිනීට දෙන්වද කියලා අහන්නයි ඔහේ නැවැත්තුවේ.....

                                    - නිමී -

.

Oct 7, 2023

ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

 



ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), 

හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

➖➖➖➖➖➖➖➖➖💀➖➖


පලස්තීන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට එල්ල කරපු අනපේක්ෂිත ප්‍රහාරයෙන් මුළු ලෝකයම හොල්මන් වෙලා ඉන්නේ..


ලංකාවේ උන් වගේම ලෝකේ සියළුම මාධ්‍යයත් අහන්නේ මොකෑ මොසාඩ් එකට මේක මීටර් වුනේ නැත්තේ කියලා...


ඉතින් ගොඩක් උන් අර හේමසිරි ප්‍රනාන්දු කියන අමු ගොබ්බයා කියපු කතාව ආයේ දාලා තිබ්බා... ගහයි කියලා කිව්වට... මෙහෙම ගහයි කියලා හිතුවේ නැතෙයි කියලා..


ඊශ්‍රායලට තියෙන එකම ගැම්ම... දැන් පක්ෂ විපක්ෂ මීඩියා හැම එකාම ඊශ්‍රායලය පැත්ත අරගෙන නෙතන්‍යාහූට සප් එක දෙන එක විතරයි....එයාලා කියන්නේ යුද්ධය දිනලා ඉවරවෙලා ඒ වෙච්ච වැරදි පස්සෙ කතා කරමු කියලා...


දැන් අපේ උන් හිතන්නේ මේක මොසාඩ් එකත් එක්ක එකතුවෙලා නෙතන්‍යාහුම දුන්න ගේමක් කියලා 😜


ඔය ලංකාවේ මොළ හදලා තියෙන හැටි....

9/11 එකත් එහෙම කියලා නේ අපේ උන් කියන්නේ...

පාස්කු ප්‍රහාරයත් එහෙමයි...

එහෙම වෙන්නේ ..... ඔහොම කියන අය හිතාගෙන ඉන්නවා FBI එකට මොසාඩ් එකට රෝ එකට ඔක්කොම අහු වෙනවා... එයාලා මාරයි කියලා....

එහෙම එකක් නෑ....


ප්‍රජාතන්ත්‍රවාදය හෝල් සේල් දෙන්න ගියාම ඔහොම පරිප්පු කන්න වෙනවා...


ලෝකය ... මේ ත්‍රස්තවාදීන් අලුතෙන් නිර්වචනය කර ගන්න ඕන...


මානව හිමිකම්, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස කියන දේට මුවාවෙලා ටෙරාලා ගේම් දෙන්නේ...


ඉතින් ඕවා මහා ඉහලින්ම තියෙනවයි කියන රටවලට ගිහින් උන්ගේ මූලස්ථාන ඒ රටවල දාලා... උන්ට එරෙහිව ක්‍රියා කරන රටවල හමුදාවලට, දේශපාලන නායකයන්ට ජිනීවා ඇවිත් ගේමත් ඉල්ලනවා. හමාස් එකට උදව් කරන්නෙත් උන්මයි...


ජිනීවා සහ දියුණුයි කියන රටවල කියවීම අනුව ... ඇටෑක් එකක් කරන... මරාගෙන මැරෙන එකා විතරයි ටෙරා වෙන්නේ...


ඔක්කෝම එකතු වෙලා... ත්‍රස්තවාදීයා කියන්නේ මොකාද කියලා අලුතෙන් නිර්වචනය කරලා.... අලුතෙන් නීතී රීතී ගේන්න ඕන...


නැත්නම් ඉතින් ත්‍රස්තවාදීන්ම සෙට් එකක් එනවා ටයි කෝට් දාගෙන ජීනීවා වලට උන්ගේ රටවල හමුදාවන්ටයි පාලකයන්ටයි කෙලින්න. 


මෑතකදී පෝලන්ත නායකයා යුරෝපා සංගමෙදී මේ බව ප්‍රසිද්ධියේ කිව්වා.


මෙහෙත් ඉන්නවා... රටට අම්මට හැමිනිලාම ගියත්.. ඕවා මහා ඉහලින්ම වන්දනා කරන... ත්‍රස්තවාදීන්ගෙන් කන බොන ... මූසල හැත්තක්...


උන් තමා ICCPR එකට විරුද්ධව...

ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව...

සමාජ මාධ්‍ය නියාමනයට විරුද්ධව ...

පෙලපාලී යන්නේ, උද්ඝෝෂණ කරන්නේ, සමුළු තියන්නේ... ෆෝරම් තියන්නේ....


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතුලට ගත්ත උනුත්... නීතියේ තියෙන ඔය හිල් වලින් රිංගලා එලියට එන්නේ උන්ගේ පිහිට ආධාරයෙන්....


හොඳම උදාහරණය ඊබ්‍රහිම් ගම්මිරිස් නානා...

මරාගෙන මැරෙන උන් තුන් දෙනෙක් එක්ක එක ගෙදර උන්න ඌ... 

බබා...

දැන් එලියේ...


ගෞරවයෙන් බුදු සරණයි..!


හදවතින්ම ශ්‍රී ලාංකිකයි ❤️

.

Sep 23, 2023

රාජ්‍ය බුද්ධි අංශ, ඉන්දියානූ දේශානුරාගය හා අපේ ගොබ්බ දේශපාලුවෝ...

 


රාජ්‍ය බුද්ධි අංශ 

ඉන්දියානූ දේශානුරාගය හා 

අපේ ගොබ්බ දේශපාලුවෝ...

➖➖➖➖➖➖➖➖⭕➖

.

ඉන්දියාවේ ඉන්න සික් ජාතීන් පංජාබ් ප්‍රාන්තයේ වෙනම රාජ්‍යයක් ඉල්ලනවා...මේ ගේමේ වැඩියෙන් ඉන්නෙ සික් ජාතික ඩයස්පෝරාව... මෙයාලගෙ බලවත්ම කණ්ඩායම  හෙවත් නායකත්වය දෙන කන්ඩායම ඉන්නේ කැනඩාවේ... 


කැනඩාව කියන්නේ ලෝකේ ඉන්න සුපිරිම ත්‍රස්තවාදීන්, රෙඩ් කාපට් දාලා, එහේට වඩම්මලා, කිරි පොවලා, කක්කි අරන් දාලා, කන්න බොන්න දීලා, ආදරෙන් බලාගන්න රාජ්‍යයක්... 


උන්ට මේවයේ ආදිනව විඳින්න වෙන්නේ... අද හෙට නෙමේ... ජස්ටින් ටෲඩෝ අප්පච්චිගෙ දරුවෝ, ළොකු වෙච්චි කාළෙක... සමහර විට සුද්දන්ට අප්‍රිකාවේ සරණාගතයෝ ලෙස එන්න වෙන්නත් ඉඩ තියෙනවා එදාට...


කෙසේ හෝ මේ තරම් ආදරෙන් රැක බලා ගත්ත මහා ටෙරෙකුට කැනඩාව ඇතුලෙදිම ෂොට් එක දීලා වැලිගම්පිටි යවන්න ඉන්දියානූ බුද්ධි අංශ සමත් වෙනවා... (ඉතින් උන්ට අපේ රටේ ගේමක් දෙන එක නිකං පඩයක් යනවා වගේ ටොයිස් වැඩක් 😜)..  


ඒ විතරක් නෙමේ.... ඊට පස්සේ ඉන්දියාව කැනඩාවෙන් ගේමත් ඉල්ලනවා... තනාපති කාර්‍යාලයේ ඉන්න මහ එකෙක් එලවනවා... කැනේඩියන්ලට වීසා දෙන එක නවත්තනවා... ඒත් කැනඩාව නෙමේ හාම් හූම් කියන්නේ..


කැනඩාව මෙහෙම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න හේතුව... සමහර විට අර මම කලින් කිව්වා වගේ .... කැනඩාවේ උන්ටත් වනයක් වෙන නිසා... උන්ගේ බුද්ධි අංශයි... ඉන්දියානූ බුද්ධි අංශවලයි ජොයින් ඔපරේෂන් එකක් වෙන්නත් ඉඩ තියෙනවා..


එහෙම හිතන්න චෑන්ස් එක වැඩි හේතුව තමා... මේ අංජබජල් අස්සේ කැනඩාවේ ඇතුලෙම... තවත් ලීඩර් කෙනෙකුට ෂොට් එක දීලා ස්වර්ගයට යැවීම..


මේකේ ලස්සනම දේ ඒක නෙමේ... මුලු ඉන්දියාවම මේ මොහොතේ ඉන්නේ රෝ සංවිධානය එක්ක... ඉන්දීය බුද්ධි අංශ එක්ක... රජය එක්ක... ජනමාධ්‍ය වගේම විපක්ෂයේ සියලුම පක්ෂ පවා ඉන්නේ ඉන්දියානු රජය එක්ක...


ඒත් අපේ රටේ.... මොකක්ද වෙන්නේ..  බුද්ධි අංශවල ඉන්න වළං හෝදන ඔඩොක්කු කුක්කෝම චැනල් ෆෝ කියන කලෑ පත්තරයක් එක්ක එකතු වෙලා... සොලිඩ් ගේම් දීපූ නිලධාරීන්ට, බුද්ධි අංශ වලට මෙන්ම ලෝකයේ උන්න දරුණුම ත්‍රස්තවාදියත් වැලිගම්පිටි යවපු නායකයන්ට ගේම දෙන්න ඕසෙට වැඩ...


මේ පඩත්තල නාලිකාවකින් ගෙනාපූ ගොසිප් වලට පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලපු එකාත්, ඒකට ඉඩ දුන් කතානායකත්, තවත් කොමිසමක් දාපූ ජනාධිපතිවරයාත් දැන් හෝ රටෙන් සමාව ගත යුතුයි. ඉන්දියාව දෙස බලා විලි ලැජ්ජවට පත් විය යුතුයි.


කළ යුත්තේ චැනල් ෆෝ වීඩියෝව පිටුපස සිටී සියලන්ට නඩු පවරා සිරගත කිරීමයි. ඉන්දියාවේ මේ දේ වුනා නම් වෙන්නේ ඒක.


මේ ගොසිප් වීඩියෝවට මුවා වෙලා අයිසිස් ත්‍රස්තවාදීන්ගේ, පල්ලියේ හා ටැමිල් ඩයස්පෝරාවේ බලාපොරොත්තුව ඉටු කරමින් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ගම් හා ක්‍රියාදාමයන් සියල්ල පාර්ලිමේන්තුවේ හෙලිකල, විපක්ෂ නායකයා, හමුදා නායකයා හා බුද්ධි අංශවලට චෝදන කරපු සියල්ලන් දැක්කාම... මුජිබර්ලා, හකීම්ලා, රිෂාඩ්ලා, අසාද් සාලිලා, කබීස් හෂිම්ලා නිදි මරාගෙන හිනා වෙනවා ඇත්තේ පුපෙන්...

ඇත්තටම උන් සිංහළ බෞද්ධයින් ලෙස ලැජ්ජාවට පත් විය යුතුයි...


අයිසිස් ත්‍රස්තවාදීන් මෙන්ම 🐅 ත්‍රස්තවාදීන්  සමරණ සිවිල් බුවාලයි... ජඩමාජ්ජවේදියොයි... උන්ගේ දායක සභාවලටයි අපි අනුකම්පා කරන්නම ඕන... ඒ මොකෝ උන් ඇවිල්ලා අර සුනාමිය වෙලාවේ ගාල්ලේ බස් හෝල්ට් එකේ මාලේ කඩාගෙන ගියපු ජාතියේ උන් වගේ මේ වෙලාවේ ඒ ඛේදවාචකය විකුණාගෙන කාලා කීයක් හරි හොයාගන්න දඟළන වසල හිඟන්නෝ නිසා.


දැන් එයි රාජපක්ෂලා නේ ඕයි සුනාමියෙන් හොරා කෑවේ කියාගෙන.... හැබයි ඒවට නඩු බලවලා උන් නිදහස් කරලා ඉවරයි... හිටපු ජස්ටිස් පස්සෙ කියනවා නම්... එයා හිතවත් කමටයි නිදහස් කළේ කියලා... ආන්න ඒක නම් සාකච්ඡාවට බඳුන් විය යුතු ළොකු මාතෘකාවක්. එහෙනම් ඌව අල්ලලා ඇතුලට දාන්න ඕන....


කොහොම හරි ෆොන්සේකයි සජිතුයි සොනික් සොනික් කෙසේ වෙතත්, අබු හින්ද්ගෙන් ගේම ඉල්ලනවට මම නම් එකෙන්ම කැමතියි... මොකෝ මම දන්න තරමින් අබු හින්ද්කියනේ ඉන්දියානූ රෝ සංවිධානයේ කෝඩ් නේම් එකක් නිසා... අඩු ගානේ ඒකවත් තේරුම් ගත්තොත් මේ අමන දේශපාලුවෝ දැන්වත් කට වහගනියි... 😜


සිව් මහා නදී ගලා බැසලා...

රත්තරං ගොයම් කරල් පැසිලා...

ජතිකානුරාගයෙන් නැගිලා... සදා ...

ජිවිතෙත් පුදා රකිව් ලංකා... ❤️


හදවතින්ම ශ්‍රී ලාංකිකයි...


මාතලන් යකා 

.

Sep 20, 2023

වළං හෝදන ශානීගේ රෙදි හෝදන රවී සෙනෙවිරත්න.


 

වළං හෝදන ශානීගේ 

රෙදි හෝදන රවී සෙනෙවිරත්න.

➖➖➖➖➖➖➖➖➖💀💀▪️


සියල්ලටම පෙර මෙවන් හාල්පාරුවන් පිරි, CID ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන යමක් කිව යුතුය. මෙය අන්ත දූෂිත ආයතනයක් බව අද ඔප්පු වී හමාරය. අවංක STF නිලධාරියා නොසිටින්නට අද හරක් කටා ඉන්නේ ඩුබායි රාජ්‍යයේය. උගේ එක කෝල් එකකට  වළං හෝදන හාල්පාරුවන්ට රුපියල් 150,000/= ක් ගෙවා ඇත. හරක්කටා හා කුඩු සළිඳු දැන් උන්ගේ බිස්නස් එක කරන්නේ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ සිටය. 8 වතාවක් ඒ බව මාට්ටු වුවද මේ වන තෙක් ඒ පිළිබඳ කිසිඳු පරීක්ෂණයක් නැත. 


මේ පාතාල නායකයින් දෙදෙනා වළං හෝදන ආයතනයේ මූලස්ථානය වෙත ගෙනා අවස්ථාවේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වන රංගජීව ඔහුගේ බුකියේ අපූරූ සටහනක් දැම්මේය. ඒ මෙසේය...


//------මෙන්න තවත් විටමින් ෆයිල් දෙකක්------

නිළධාරින් මහතුන්ට ,NGO  මහටුන්‍ට,ලෝයර් අන්කල් ලා හා ඒ අය ගේ දරුවන්ට සිතු පැතු සම්පත් ලබා දෙන......මුලු ජිවත කාළයම පුරා සැප බල ,විර්යය වඩවන ...විටමින් ෆයිල් දෙක

Vitamins file  ඔන්න ලංකාවට ආවා ....

එක්කෝ ඔන්නෑ ඔවා කියලා ...

අපේ රට අපිට නැති වෙලා තියෙන්නේ ...//


වළං කඩේ ගැන මෙන්ම අනෙකුත් සියලු ආයතනයන් ගැන පොලීසියෙම උන් දෙන කැරැක්ටරේ මේක නම් අප තව මක්කා කියන්නද?


එවන් අන්ත දූෂීත ආයතනයක හිටපු ලොක්කෙක් වෙන රවී සෙනෙවිරත්නත් දැන් කියන්නේ අමු බයිලා බව TNL ජනහඬේදී පැහැදිලිව ඔප්පු විය. ඔහු ජනහඬේ තවුසන්ඩ් ටෝක් දීමට පැමිණියද, පාස්කු ප්‍රහාරය පමණක් නොව, සහරාන් මෙන්ම එම සංවිධානය පිලිබඳවත්, අයිසිස් ගැනවත්, ජිහාඩිසම් හා වහාබ්වාදය ගැනවත් මෙලෝ අලබෝලයක් නොදන්නෙක් බව එහිදි ඉතා පැහැදිලි විය. 


අනෙක් ප්‍රධානම කරුණ නම්, පොරගේ ප්‍රකාෂයන් එකිනෙකට පරස්පර වීම හා පට්ටපල් බොරු විදීමය. ඒවා කීපයක් මෙසේය.


🔴▪️පොර කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ විගසම පත්කල මලල්ගොඩ කොමිසම හා එහි නිර්දේශ පිලිගත හැකි ඒවා බවය. 


--- එහෙත් දැන් පොර පිලිගන්නේ චැනල් ෆෝ වීඩියෝවය. මලල්ගොඩ කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද පත් කෙරෙනුයේ පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් මෙන්ම FBI, ඉන්ටර්පෝල්, ස්කොට්ලන්ඩ් යාඩ්, ඔස්ට්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය මෙන්ම මාලදිවයින් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වමින් සිටියදීය.


🔴▪️මේ පරීක්ෂණ කොමිසම් තුනෙන්ම තම ආයතනයට හෝ නිළාධාරීන්ට කිසිම චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියා සිටි.


--- එහෙත් හමුදා බුද්ධි අංශ වලට මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයටද එහි නිළධාරීන්ටද කිසිඳු චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියන්නේ නැතිය.


🔴▪️ඉන්ටර්පෝල් ආයතනයේ ලොක්කා දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ මෙරටට පැමිණ ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණ ගැසී, පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් ගැන ප්‍රශංසා කොට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණ, එහි නිලධාරීන් වෙන වෙනම මුණගැසී ඔවුන්ටද ප්‍රසංසා කොට, විමර්ශන ගැන ඔහු ඉතා සතුටු වන බවත්, ඉතාමත් දක්ෂ අයුරින් විමර්ෂනයන් සිඳුකොට ඇති බවත් ලිඛිතවම ලබා දුන් බවත් කියා සිටී.


--- එහෙත් දැන් ඔහුට ඉන්ටපෝල් ලොක්කා හාල්පාරුවකු වී ඇති අතර දැන් පොරගේ වීරයා වී ඇත්තේ චැනල් ෆෝ වීඩියෝවේ අසාද් මවුලානාය. 


🔴▪️එමෙන්ම ජනාධිපති කොමිසමේ සාක්කි දෙමින් මේ සියල්ලට මුදල් වියදම් කළේ ඊබ්‍රාහීම් නානා බවත් මෙම කණ්ඩායමේ නායකයා සහරාන් බවත් කී බුවාට,


--- අද ඒ සියල්ල අමතකව ගොස් ඇතිවා පමණක් නොව, කිසිම පරීක්ෂණයකදි මරාගෙන මැරෙණ බෝම්බ කරුවන් තිදෙනෙක්ම අයිසිස් වෙත පූජාකළ, ඉබ්‍රහිම් නානා හා ඔවුන්ගේ භූමිකාව ගැන ප්‍රශ්ණ නොකරන්නේ, එහි කෙලවර නවතින්නේ රිෂාඩ් බදූර්දීන්ගෙන් නිසාය. එනිසාම, ජනහඬ පූරකයාටද ඔවුන් අමතකව යයි.


🔴▪️දෙහිවල බෝම්බ කරුගේ බිර්‍රිඳගේ නිවසට හමුදා බුද්ධි අංශ යෑම මේ ෂර්ලක් හෝම්ස්ට මාර ගැටලුවක් වනතර,


--- අනෙකුත් මරාගෙන මැරෙන බොම්බ කරුවන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පවා හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම, සියල්ලෝම සජීවීව නැරඹූ, ඊබ්‍රාහිම් නානාගේ නිවසට සියළුම ආරක්ෂක අංශ වහ වහාම ගිය එක, බුවාට ප්‍රශ්ණයක් වන්නේ නැතිවාක් මෙන්ම. මේ කිසිඳු අංශයක්, එහි තවත් මරාගෙන මැරෙන බෝම්බකාරියක සිටිනා බව නොදැනීමට විලි ලැජ්ජා සහගත කරුණකිය.


🔴▪️වළං සෝදන ලොක්කන් වන තමන් හා වළං ශානී ඉවත් වීමෙන් පසු අත් අඩංගුවට පත් වූ අය අහිංසකයින් බවට සහතිකයක් ලබා දෙයි.


--- එහෙත් මේ ටෑන්ක් ක්ලීනර් නොදන්නා දෙය නම්, එසේ අත් අඩංගුවට ගෙන නිදහස් කළ නීතීඥයකුගේ ඉස්ලාම් සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුලු තුන් දෙනෙක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවෝ බවය.


🔴▪️මේ තරම් වැදගත් සිද්දියක තොරතුරු ඔහුට මතක නැත. ඔහු කියන්නේ වව්නතිව් ප්‍රහාරයට පසු දිනම ඔහු පොලිපති ජයසුන්දර හා මඩකලපුවට යන මොහොතේත් ltte සැකකරු අජන්තන් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. එ ඊට දින කිහිපයකට පෙර මහවිරු සැමරුමක් වෙනුවෙන් පොලීසිය හා ගේම ඉල්ලා තිබූ නිසාය.


- එහෙත් එකවරම ශානී විසින් නිර්මාණය කරන ලද ජැකට් කතාව මතක් වී..පසුව ඒ ගැන කියන්නට ගොස් පිට පොට පටලවාගෙන නවත්වන්නේ, පූරකයා මේ පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා කමේ පිහිටෙනි.


🔴▪️ මුලින් කියන්නේ ලැක්ටෝ වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 ක් හා ඩෙටනේටර් 500 ක් සොයාගත් බවට අමු කෙප්පයකි.


--- එහෙත් මේ පිළිබඳව දැණුම්වත්ව වුන් පූරකයා කරන්නේ, බ්‍රේක් එකකට යාමය. ඒ එයාලත් වළං ශානිට කඩේ ගියාට වැදගත් විදියට යන්න ඕනා නිසාය. එබැවින් බ්‍රේක් එකෙන් පසු මුලින්ම කරන්නේ වරද නිවැරදි කිරීමය.


🔴▪️තවත් කෙප්පයක් ඇද බාමින් කියන්නේ, විදෙස් බුද්ධි අංශ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නොපැවැත්වූ බවත්, කළේ තාක්ෂණ සහාය ලබා දීම බවත්‍ය.


--- මෙයද අමූලික බොරුවකි. මෙරටට පැමිණි විදෙස් බුද්ධි අංශ මේ හාල්පාරුවෝ මෙන් සල්ලි වලට ෆයිල් වසා දමා වැල් බයිලා ගහනා උන් නොවේ. ඔවුන් මේ පිළිබඳව දිගටම පරීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නෝය.


▪️වසර දෙකක් තිස්සේ කරන ලඳ පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානූ පුරවැසියන් 5 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මෙරට අත් අඩංගුවේ පසුවන පහත සඳහන් ත්‍රස්තවාදී සැකකරුවන්ට එදිරිව, අපරාධ චෝදනා 9 ක් යටතේ නීතී කෘත්‍යයන් ආරම්බ කර ඇත.


1. මොහොමඩ් ඉබ්‍රහිම් මොහොමඩ් නවුෆර්

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කා

3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්


▪️ඔස්ට්‍ර්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය (AFP) මගින් ලාංකික සම්බවයක් සහිත තුන් දෙනෙක් සම්බන්ධයෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කරන පරීක්ෂණ තවමත් කෙරෙමින් පවතිනාතර, එම තිදෙනාගේ මෙරට දේපල හා වත්කම් සියල්ල රාජසන්තක කොට අවසානය.


▪️මාලදිවයිනද ප්‍රහාරය හා සම්බන්ධ මාලදිවයින් වැසියන් පිරිසකට විරුද්ධව එරට නීතිනය ක්‍රියාමාර්ග ආරම්බ කොට ඇති අතර, පරීක්ෂණයන්ද තවමත් සිදු වෙමින් පවති.


🔴▪️එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ලොක්කා ලෙස උන්  නිලන්ත ජයවර්ධන පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබා දුන් බව ඔහු කියයි.


--- එහෙත් ඒ අතරේ සොනික් සොනික් ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදුන් බව පවසයි. සොනික් සොනික් නොහොත් IP බණ්ඩාර මෙන්ම  නිලන්තද රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරින් වන අතර, හමුදා නිලධාරීන් නොවේ. 


🔴 සහරාන්ලා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වීඩියෝව පටිගත කළ ස්පෑන් ටවර් එකේ DVR එකේ සියලු දත්ත මකා දැමුවේ කව්ද? ඒ පිළිබඳ වචනයක් හෝ කතා කිරීමට පූරකයාට මෙන්ම වළං සෝදන්නාට අමතක වීම අපට නම් ඉතා ලොල් සහගතය.


🔴 මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මාතලන්ට වැටහෙන දෙය නම් සිරිසේන ඇතුලු උසාවියෙන් දඩ කෑ ආරක්ෂක ලේකමා ඇතුලු පොලිස් නිලධාරීන්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ එකා මෙන්ම පරීක්ෂණ බාර ව උන් වළං සෝදන්නාද, රාජ්‍ය හා හමුදා බුද්ධි අංශවල ලොක්කන්ද මීට එක ලෙසම වරද කරුවන් බවය.


🔴 සුරේෂ් සලේ මෙන්ම රාජපක්ෂලාද, රනිල් මෙන්ම අනුර කුමාරලාද ඊට සම්බන්ධ නම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දිය යුතුය.


🔴 සිඳු වී ඇත්තේ එකිනෙකාගේ දේශපාලන ගැතිකම්, ඊගෝ හා මාන්නය හෙතුවෙන් ඉතා පහසුවෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ලබා දිය හැකිව තිබූ ත්‍රස්තවාදීන් පිරිසකට රඟන්නට දී වරද එක එකා පිට් පටවා ආතල් ගැනීමටය.


🔴 ශානි විසින් ලැක්ටෝ වත්තට පැමිණ සිටි හමුදා බුද්ධි  අංශ එලවා දමා පැත්ත පලාතේ එන්න එපා කියා සියල්ල තම අතට ගන්නේ ඒ අනුවය.


🔴 සහරාන්ගේ බිරිඳ පසුපස පැන්නුවා නම්, සහරාන් පහසුවෙන්ම අත් අඩංගුවට ගත හැකිව තිබූ බව දැන් බොහෝ පැහැදිලිය.


🔴 එහෙත් බෝම්බ පුපුරණ තෙක් වළං සෝදන කණ්ඩායාම වෙන කිසිම දෙයක් සොයා නොගත් බව වළං සෝදන එකාගේ අමුඩය සෝදන්න ආ එකා පිලිගත්තේය.


🔴 එහෙත් හමුදා බුද්ධි අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද වළං කඩේට ඉන් අනතුරුවද තොරතුරු ලබා දී ඇති බව දැන් වාර්ථා වේ.


🔴 ඇත්ත කතාව... ගහනවා කිව්වාට මෙහෙම ගහයි කියා මේ එකෙක්වත්  හිතුවේ නැතිය. හැබයි ගහනා බව දේශ්පාලුවන් පාදිලියන් මෙන්ම VVIP 1500 ක් දැන උන් බව පසුව හෙලිවුනේය. ඒ නිසා දේශපාලුවෝ නිළධාරියෝ මෙන්ම පාදිලියෝද එකෙක්වත් මිය ගියේ නැතිය.


😭 ඒ වෙනුවට දෙස් විදෙස් අහිංසකයින් 250 ක් සහරාන්ලා හා ස්වර්ගයට ගියේය. තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයෝ විය. 

මෙය ඛේදවාචකයක් වන්නේ එසේ මිය ගිය හා තුවාල ලැබූ අයගේ ඥාතී හිතමිත්‍රාන්දීන්ට පමණි අනෙක් උන්ට මෙය එදා මෙන්ම අදටත් ඩොලර් උපයන ආතල් එකක් පමණි.


ඒ වගත් මෙසේය..

.

Sep 13, 2023

මහමොළකරු සුරේෂ් සලේ නොව, සිරිල් ගාමිනි විය නොහැකිද?

 


මහමොළකරු සුරේෂ් සලේ නොව,

සිරිල් ගාමිනි විය නොහැකිද?

➖➖➖➖➖➖➖➖🛑➖


සමාන්‍ය මිනිස් ස්වාභාවය වන්නේ වරද පිලිගැනීම නොවේය.. ඊටත් ඉදිරියට යමින්... කට්ට කයිරාටික වෙට්ට පිත්තල වුන් කරන වැඩේ නම්... "අනේ ඕක කලේ මම නෙමේ චීචර්... කියා නතර නොවී.. අන්න අරයා... මේන් මෙයා... කියා වෙන අහිංසක එකෙක් මාට්ටු කර දීමය.


ලෝගු අඳින පල්ලි කාක්කෝ හා විශේෂයෙන්, සිරිල් ගාමිනී හා කාදිනල් කරමින් සිටින්නේ එයම නොවේදෝ කියා අපට සැකයක් ඇති වන්නේ... උන්නැහේලාද කලින් කලට එක එකාට මහමොළකරු චෝදනාව බැර කරනා නිසාවෙන්මය.


 ටැමිල් ඩයස්පෝරාව, රටින් පැන්න ජඩමාජ්ජවේදියෝ හා කතෝලික පල්ලිය එක්ව කළ චැනල් ෆෝ වීඩියෝව හේතුවෙන් ඒ සම්බන්ධ පාදිලියෝ ටික දැන් ඉන්නේ ගලේ පැහැරු පූසන්ගේ තත්වයේ වීම, ඒවා හෙලිකල අපගේ ප්‍රීතියටම හේතු වන්නේය.


පසුව ඊට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමද සම්බන්ධ බව හෙළිවන්නේ කැලෑ පත්තරකාරයකුගේ (චැනල් පෝ) ප්‍රොපගැන්ඩාවලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමෙන්ය. 


(දැනට ජාත්‍යන්තර පරීක්ෂණ තුනක් පවත්වා, ත්‍රස්තවාදීන්ද අත් අඩංගුවට ගෙන, ඔවුන්ගේ දේපලද රාජ්‍ය සන්තක කර ඇති අතර, පාදිලියෝ මෙන්ම සියල්ලෝම එම වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට තරම් පරෙස්සම් වී සිටිනවාය)


මුන්, අනාගතයේදි ලංකාවේ ගොසිප් සයිට්වල තිබෙනා කරුණුවලට ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වා, ජාත්‍යන්තර අධිකරණයට ගියත්, අප පුදුම විය යුතු නැත්තේමය.


දැන් චැනල් පෝ කැලෑ පත්තරයේ සම අධ්‍යක්ෂකවරයකුද සිටී බව හෙළිවන්නේ... ඊයේ සරත් කෝන්ගහගේගේ මාධ්‍ය හමුවෙන්‍ය.  ඒ මෙහි දේශීය අධ්‍යක්ෂවරයා මෙන්ම තිර රචකයා හා සම නිශ්පාදකවරයා වූ, 🐅 සිරසේ රෙද්ද, කෝන්ගහගේ විසින් කඩා දැමූ නිසාවෙනිය..


සිරස මහාරාජලාට, රනිල් එක්ක මෙන්ම රාජපක්ෂලා සමඟද ඇත්තේ නයි වෛරයක් බව ඕනෑම එකෙක් දන්නා කරුනක්ය. රනිල්ගේ ගේ අළු ගොඩක් බවට පත් කලේ සිරසය. ඉදින් ඔවුන් මේ කරනුයේ ඒ දෙදෙනාටම එකම ගලෙන් ගසා දැමීමක්ය. නමුත්, දැන් බඩු පත්තු වී අවසානය...


පාඨලීගේ හා කලක් පාඨලීගේ අනුගාමිකයකු වූ ෂෙහාන් මාලකගේ ලණු කෑ පල්ලිය, කැලෑ පත්තර වීඩියෝව එලියට දැමූ විගස පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවෙදි කාදිනල් උන්නාන්සේ මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්ණ හමුවේ නෝන්ඩි වූ නිසාවෙන්... ඊයේ මාධ්‍ය සාකච්ඡාවට එව්වේ සිරිල් ගාමිනී පමණය.


පොරට උසාවියේ නඩුවක් තියෙනවාය. ඒ වන්දි ඉල්ලා දැමූ අපහාස නඩුවක් ය. මේ වීඩියෝවට සුරේෂ් සලේ ඇතුලු කරන්නේ සිරිල් ගාමිනී වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළය. ඒ අනිවාර්‍යයෙන් සුරේෂ් සලේට ගෙවන්න වෙන වන්දියද ඉතා ඉහළ නිසාවෙන් ය. 


එවන් චූදිතයෙක් සුරේෂ් සලේ ගෙදර යවන්නෙයි කිව්වාම  ඒක කොතරම් යුක්ති සහගතදැයි අධිකරණය තීරණය නොකලත් දෙවියන්වහන්සේ තීරණය කරණු ඇත්තේය.


මේ කැලෑ පත්තර වීඩියෝවේ එක් අරමුණක් එය වනාතර, ප්‍රධාන පරමාර්ථය කුමක්ද යන්න, සිරිල් ගාමිනීලාට ලණු දුන් ෂෙහාන් මාලකගේ ෆේස්බුක් පෝස්ටුවක් ලෙස පලවුනේය.


එහිදි ඔහු... දනට ලංකාවේ අත් අඩංගුවේ පසුවන්නේ අහිංසකයින් බවත්... ඔවුන් නිදහස් කර ගැන්ම, ඔවුන්ගේ එකම පරමාර්තය බවත් නිර්භීතව කියා සිටින්නේය.

(මෙවන් හාල් කෑලී වලට රඟන්නට දෙන ආරක්ෂක අංශ හා නීතිය කුමකටදැයි වෙනම ලිවිය යුතුය.) පාදිලියෝ දැන හෝ නොදැන සහාය දෙන්නේ මෙයටය. 


පාඨලීගේ මතයත් එයමද යන්න ඔහු ප්‍රසිද්ධියේ කියනවා නම් බොහෝ හොඳය. මොකෝ මූ විනාශ කරන්නේ පාඨලීගේ කැරක්ටර් එක නිසාය.


සිරිල් ගාමිනීලා මහ මොළකරුවන් විය නොහැකිදැයි යන සැකය අපට එන තවත් විශේෂිත කරුණක් වන්නේ.. සිරිල් ගාමිනිලා හා කාදිනල්ලා පාස්කු උදෑසන දේව මෙහෙයන්ට සහභාගී නොවීමත්, කිසිම පූජකවරයකු මිය නොයෑමත් හේතුවෙන්‍ය.


සමහර විට ආරක්ෂක ලේකමා මෙන්ම... බෝම්බයක් පුපුරණ බව දැන උන්නත්... මෙහෙම බෝම්බ පිපිරිල්ලක් වෙන්නේ නැතයි දැන උන් VVIP පිරිස අතරේ... මුන්නැහේලත් උන්නාදැයි යන්න... පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හා ඥාතී හිතමිත්‍රාදීන් වෙනම ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සොයා බැලිය යුතුමය.


ඒ.... පාස්කු ප්‍රහාරය ඔවුන්ට බිස්නස් එකක්ම වී තිබෙනා නිසාවෙන්මය...


රට වනසන මේ ජුදාස් ඉස්කාරියොට්ලාගේ රෙදි ගැලවෙන දින වැඩි ඈතක නොවේය.


එන්න... අපි යාඥා කරමු...


ස්වාමිනී, 

පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! 

අපට කරුණාකර වඳාළ මැනව!

මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, 


ආ... මෙන් !!!

.

Sep 11, 2023

රාජපක්ෂලා වැරදි කරුවන් වන තෙක් පරීක්ෂණ නොනවත්වා පැවැත්විය යුතුය.

 


රාජපක්ෂලා වැරදි කරුවන් වන තෙක්

පරීක්ෂණ නොනවත්වා පැවැත්විය යුතුය.

➖➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව, වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් හා පසු විපරමෙන්, 

ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් අරඹන ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට නැවත වරක් නිර්දේශ කර තිබේනවාය.


එහෙත් එකම එක දෙයක් ඔවුන්ට අමතකව ඇත. ඒ චැනල් ෆෝ වීඩියෝවේ තිර රචනය හා අධ්‍යක්ෂක වූ වළං ශානී ඒ කොමිසමට දාන්නෙයි කියලා කියනා එකය. සමහර විට මෙහේ සමහරක්ට එය කරගන්නට වුවමනා වුවද, පොර එවන් කොමිසමකට දැම්මොත් ගානියා බැරිස්ටර් සීන් එක වගේ වැඩේ Bull in a China Shop වෙන්න පුලුවන් නිසා හිතා මතාම අමතක කලා වෙන්නත් පුලුවනිය.


 ඊටත් වඩා ඔවුන්ගේ නිවේදනයේ, එම විමර්ශන, ස්වාධීන හා විනිවිද භාවයෙන් යුතු විය බව සඳහන් වන නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ එකක් කියා දැන් එකක් කියනා දේශපාලුවන්ගේ කුස්සිවල වළං හෝදන පීචමෙක් එවැනි දේකට නොගැලපෙන නිසාත් වෙන්නැතිය.


මෙහේ වළං ශානිට කඩේ යන ත්‍රස්තවාදීන් හා එක්සත් ජාතීන්ගේ හඬද එකම එකක් වනාතර නැත්තේ ශානීගේ නම විතරමය. ඒ අනුව මේ මානව හිමිකම් කොමිසමද සම්බන්ධ ඉන්ටර්නැෂනල් ගේම් බව බොහෝ පැහැදිලිය.


මෙයාලාට ඉරාකයේ, සිරියාවේ, ඇෆගනිස්තානයේ, ලිබියාවේ අහිංසක වින්දිත ජනතාවට එයාලාගේම අය අහිමි කළ මානව හිමිකම්වලට වඩා වැදගත් වී තිබෙන්නේ, මේ හූණූ බෙට්ටේ ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්ය. 


ඇත්තටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියන්නේ අහිංසක වින්දිතයින්ගේ මානව අයිතිවාසිකම් ගැන වොරි වෙනවාට වඩා...ක් පීඩකයාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා ආයතනයක් බව එයාලාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන්ද පැහැදිලිව පෙනෙනවාය.


මාතලන් කිසි දිනෙක රාජපක්ෂලා වෙනුවෙන් පෙනී නොසිටියද, රාජපක්ෂලාට කෙලවීමෙන්, ඔවුන් මේ මොහොතේ නායකත්වය දෙන, මේ රටේ බහුතරය වන සිංහළ බෞද්ධ බලවේගයටද කෙලවා දැමීම, මේ ජාත්‍යන්තර සංවිධානවල, කොටි ඩයස්පෝරාවේ හා කතෝලික පල්ලියේ එකම පරමාර්තයය.


නියෝජ්‍ය කාදිනල් ඕමල්පේ අහිමි, සිහළ බෞද්ධ බලවේගය නිමී කියා ගෝල්ෆේස් බයිබලයේ ලියා තබන්නේ ඒ නිසාය. 


එමෙන්ම සජිත් ප්‍රේමදාස, පාඨලි මෙන්ම රාජපක්ෂ විරෝධී දේශපාලුවන් එහි නායකත්වය ඩැහැගැන්මට පෙල ගැසී සිටිනවාය. ශානීගේ ළණු කන සජිත්ට බෞද්ධයින් සිහිවෙලා තියෙන්නේ ඒ නිසාය.


අප මෙහිදි මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ හැසිරීම ඉතා ඉහලින් අගය කළ යුතුය. ඇමරිකාවෙන් ටෙරෙක් ලෙස රිජෙක්ට් වූ මුජිබර් හැර වෙන කිසිඳු දේශපාලුවෙක් හෝ මෙය සලේගේ හා රාජපක්ෂලාගේ ක්‍රියාවක් බව කියන්නේ නැතිය.


ඒ ඔවුන් ඉස්ලාම් භක්තිකයින් ලෙස  ජිහාඩ්වාදය ගැන හොඳින්ම දන්නා නිසාමය. මෙරට ඉස්ලාම් බහුතරය ශරියා නීතී රීතී වලට අකමැතිය. එබැවින් ඔවුන් අන්තවාදී නැතිය. පසුගිය කාළයේ සුළු පිරිසක් තලෙයිබානරණය වැළඳගෙන එය අදහමින් සිටියද, එය කෙතරම් භයානකද යන්න පාස්කු ප්‍රහාරයෙන්ම අවබෝධ කර ගෙන අවසානය.


මේ යෝජනා ගෙන එන උන් මේ පිළිබඳ පැවති FBI පරීක්ෂණ හා එහි වාර්ථාවන් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා බව බොහෝ පැහැදිලිය. එසේ දැන උන්නා නම් එංගලන්තයේ පවා පඩත්තල දෙකයි පනහේ ගොසිප් නාලිකාවක් ලෙස ප්‍රකට ආයතනයකින් නිකුත් කළ වීඩීයෝවක එල්ලෙන්නේ නැතිය.


හැබයී ඉතින් ඔවුන්ද එහි සම නිශ්පාදකයින් වූ කළ ඒ චිත්තරපටිය ගැන ප්‍රචාරණයේ නොයෙදීත් බැරිය.


කෙසේ හෝ චැනල් ෆෝ චිත්තරපටියේ ජිනීවා ප්‍රදර්ශනයද සාර්ථක වූ අතර මෙරටද ඉතා සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙනවාය.


එය ඔවුන්ගේ කලින් නිශ්පානදයක් වූ Killing Fields මෙන්ම අම්බ කෙප්පයක් බව ඔප්පු වන තෙක්ම, මේ සෙප්පඩවිජ්ජා ඇත්තයි කියා සිතනා උන් ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතිය.


මේ සියලු සෙල්ලම් දමන්නේ උසාවියේ පවතින පාස්කු නඩු 48 ට..

සිරිල් ගාමීනිට එදිරිව සුරේෂ් සලේ නඩුවට බලපෑම් කිරීමටත්...

අත් අඩංගුවේ සිටිනා අධි චෝදනා ලැබූ ත්‍රස්තවාදීන් නිදහස් කරගැන්මටත් බව බොහෝ පැහැදිලිය....


අසාද් මවුලානාගේ ගිණුම මෙන්ම උන්ට කඩේ යන උන්ගේ හත්මුතු පරම්පරාවේම බැංකු ගිණුම් ගැන සොයා බැලීම ආරක්ෂක අංශවල වගකීමය.


එන්න අපි රාජපක්ෂලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියමු...


කුරුසයේ තබා ඇණ ගසමු...


අප අපට ප්‍රේම කරන ආකාරයටම .....

සෑම කෙනෙකුටම ප්‍රේම කරන්නැයි බයිබලය අපට පවසයි 


(ගලාති 5:14)

.

Sep 6, 2023

කාදිනල්ගේ ආතල් සඳහා , කෝඳුරු තෙල් හත්පට්ටයක් හා ශානි අබේසේකරද ඕනෑ කර තිබේ. (කාදිනල්ගේ මාධ්‍ය ප්‍රකාෂය ගැන මාතලන්ගේ විග්‍රහය)


කාදිනල්ගේ ආතල් සඳහා , කෝඳුරු තෙල් හත්පට්ටයක් හා ශානි අබේසේකරද ඕනෑ කර තිබේ.

(කාදිනල්ගේ මාධ්‍ය ප්‍රකාෂය ගැන

 මාතලන්ගේ විග්‍රහය)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


චැනල් ෆෝ නාලිකාව, රාජපක්ෂලා සමඟ ජන්මාන්තර වෛරයකින් පසුවීම සර්ව සාධාරණය. ඔවුන් යුධ සමයේ පෙනී සිටියේ, ltte ත්‍රස්තවාදීන් වෙනුවෙනි. එමෙන්ම පල්ලිය පෙනී සිටියේද ත්‍රස්තවාදීන් වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔවුන්ට ඩොලර් විශාල වශයෙන් ලබා දෙන ලදි.


එබැවින් රාජපක්ෂලා විසින් ත්‍රස්තවාදින් සමූල ඝාතනය කර දැමීම ඔවුන් උස්සා පොලොවේ ගසා දැමීමකි. දැණුත් ලෝගූ කාරයෝ ලෝකල් ටෙරාලා සමඟ බොරැල්ල කනත්තේ පහන් පත්තු කරන්න එන්නේ ඒ නිසාවෙනි. අපටද ඒ ගැන බොහෝ දුකය. ඒ,. අවසානයේදී ලංකාවෙන් තුනෙන් එකක් තියා තුනම නැති වූ නිසාමය.


මෙම වීඩියෝව නිශ්පාදනයේ පූර්ණ අනුග්‍රගය ltte ත්‍රස්තවාදීන්ගේ හා ක්‍රිස්තියානී පල්ලියේ නිර්මාණයක් බව බොහෝ පැහැදිලිය. අසාද් මවුලානාද හිටපු ltte ත්‍රස්තවාදියෙකි. හත් පොලේ ගාගත් ගානියා බැරිස්ටර් නාටකයේ නිර්මාණ ශිල්පි කන්දප්පාද ද්‍රවිඩ ජාතිකයෙකි. වීඩියෝවේ අදහස් දක්වන සියල්ලෝම ද්‍රවිඩ ජාතිකයින් හෝ කතෝලිකයින් වේ. 


ඒ හෙතුවෙන් මෙය ඔවුන්ගේ හා බංකොලොත් නාලිකාවක සුද්දන්ගේ, සම නිශ්පාදනයක් බව තහවුරුය. 


මුන්ගේ කලින් වීඩියෝ බොරු බව කියන්නේත් කාදිනල්මය. ඒ මෙසේය //අපට වැදගත් වන්නේ රූපවාහිනී චැනලයේ පැරණි හැසිරීම නොව, එය අප මුහුණ දුන් ප්‍රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණු ය.// 😜


ඉන් පසු ගේම ගසන්නේ අත් අඩංගුවේ සිටිනා අයිසිස් ත්‍රස්තවාදීන් සියලු දෙනා... පල්ලිය, මානව හිමිකම් කොමිසම හා නීතීඥ සංගමය එක්ව බේරාගත් ලෝයර් මෙන්ම නිදොස් කොට නිදහස් කර ගැන්මටය. අධිකරණය ඔහු එසේ නිදහස් කළද, ඔහුට එල්ල වූ චෝදනා කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ නැතිය. 


මේ මානව හිමිකම් කොමිසමේ එක්කෙනෙක්ද වීඩියෝවේ සිටී. කරුමය වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන්, මේ මානව හිමිකම් කොමසම කළේ මක්කාද යන්නය. මේවා සියල්ල සිඳුවන්නේ අති විශාල මුදල් ගණුදෙණු මතය.


එමෙන්ම සිරිල් ගාමිනීගේ ප්‍රකාෂය හේතුවෙන් සුරේෂ් සලේට ගෙවීමට සිඳුවීමට නියමිත පල්ලියේ සල්ලි වලට කෙලවීම හා එම නඩුව අංජබජල් කිරීම අනෙක් පරමාර්ථයයි.


උන්නැහේද දී කිරට බලල්ලුත් සාක්කි සේ... අද දින මාධ්‍ය හමුවට වැඩම කර සිටියේය.


දැන් අපි කාදිනල්ගේ යෝජනා එකිනෙක වෙන වෙනම ගෙන සලකා බලමු...


පළමු යෝජනාව

➖➖➖➖➖➖

1. චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩ සටහනින් හෙළිදරව් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුණු සියළු වැදගත් කරුණු මෙන්ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තා වලින් හෙළිදරව් වූ නමුත් මේ දක්වා නිසි විමර්ශනයකට ලක් නොවූ කරුණු පිළිබඳව ද අපක්ෂපාතී , සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතුය.


මාතලන් නම් කියන්නේ, මෙහෙම එක එකා ගහනා බයිලා අනුව පරීක්ෂණ පවත්වන්නට ගිය හොත්, හෙට අනිද්දා රාජපක්ෂ විරෝධීන් හා පච මවනා ප්‍රොපගැන්ඩා චැම්පියන්ලා වෙන, පාඨලී, රාජිත හා රටින් පැන ගොස් සිටිනා උවිඳු කුරුකුලසූරිය හා සුනන්ද දේශප්‍රිය වැනි එකෙක්, චැනල් 4 සමඟ එක්ව තවත් බයිලාවක් ගැසුවොත්, දැනට සිඳුවෙමින් පවතින පරීක්ෂණ හා අධිකරණ කටයුතු සියල්ල නවත්වා දමා... ඒ පිළිබඳව අලුත් පරීක්ෂණ පවත්වනවාද කියලාය.


අනෙක් කරුණ නම්, මොන පරීක්ෂණ, අධිකරණ ක්‍රියාමාර්ග හා දඬුවම් දුන්නත් කාදිනල් උන්නාන්සේ ඒ එකක්වත් පිලිගන්නේ නැති වීමය. 


ඒ නිසා අන්‍රයියා ජනාධිපති වුනායින් පස්සේ, එයාට කැමති මොන ලබ්බක් හෝ දමාගෙන, එයා කැමති කෙනෙක් එල්ලා මරන්නට හෝ කුරුසයේ තබා ඇණ ගසන්නට පුලුවනිය. ඒ සඳහා එයාට බලය ලබා දිය යුතුය. උන්නාන්සේ කැමති නම් පමණක් ඊබ්‍රාහිම් නානා ඒ ලබ්බේ සභාපති ලෙසද පත් කර ගත හැකිය.


මේ ආන්ඩුව, එසේ පුලුල් විමර්ශනයක් ආරම්බ කරනවා නම්, මේ වීඩියෝවේ සිටිනා සියල්ලෝම මුලින් ප්‍රශ්ණ කිරීම සඳහා ලංකාවට පැමිණිය යුතුමය. (කාදිනල්ට මෙන්ම අපටද යෝජනා ගෙන ඒමේ අයිතිය ශුද්ධ වූ දෙවියන්වහන්සේ අපටද ලබා දී තිබෙනවාය.)


ආන්ඩුවේ කුර හා අං සහිත ඇමතියෙක් zoon ඔස්සේ කට උත්තර ගන්නට යෝජනා කිරීම, පට්ටම ජෝක් එකක් වෙන අතර, ඔහුද පැත්ත මාරු වෙන විට කතාව වෙනස් කරනා කටුස්සෙකි.


දෙවන යෝජනාව

➖➖➖➖➖➖

2. එම විමර්ශනය විය යුත්තේ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.


කාදිනල් උන්නාන්සේ නොදන්නා දේ නම්, ඇමරිකාව මේ පිළිබඳ පුලුල් පර්‍යේෂණයක් පවත්වාගෙන යන බවත්, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්, ඔවුන් අපේ ආරක්ෂක අංශ හා තොරතුරු හුවමාරු කර ගන්නා බවත්, ඔවුන් කාදිනල්ගේ හෝ පල්ලියේ පදයට නටන්නේ නැති බවත්‍ය.


මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින්  නඩු පවරන ලදී.  එසේ නඩු පවරන ලද තිදෙනෙක් මේ වන විට අත් අඩංගුවේ පසුවේ.


1. මොහමඩ් නවුෆර්

2.මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කාන්

3.අහමඩ් මිල්හාන් හයාතු මොහමඩ්


තෙවන යෝජනාව

➖➖➖➖➖➖➖

3. එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහාය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනා ඇතුලත් විය යුතුය.


මේවාට හිනා වෙන්නේ කොහෙන්දැයි කිය ආරක්ෂාව යන වචනයේ තේරුම දන්නා ඕනා එකෙක්ට තේරෙනවා ඇතිය. ප්‍රහාරය සිඳුවූ මොහොතේ සිටී සමහරක් නිළධාරීන් මෙසේය.


▪️CID DIG රවී සෙනවිරත්න.

▪️CID Director SSP ශානී අබේසේකර.

▪️TID Director  DIG නාලක සිල්වා.


මේ අලුතෙන් නිර්මාණය වූ සුරේෂ් සලේ කතාව එලියට එන්නේ ජනාධිපති කොමිසමේදී රවී සෙනෙවිරත්න හෙලිකල "අබු හින්ද්" සාක්ෂිය හරහාය. කාදිනල් සිතන්නේ, අබු හින්ද් කියන්නේ සුරේෂ් සලේ කියලාය. එහෙත් අබු හින්ද් යනු, RAW සංවිධානය ලංකාවේ අයිසිස් මෙහෙයුමට ලබා දුන් රහස් කේතයයි.


ශානී අබේසේකර යනු රන්ජන් රාමනායකගේ නිවසේ වළං සෝදපූ අමු පක්ෂග්‍රාහී නිලධාරියෙක් නිසා, ඔහු ගැන භාවිතා වන යුනිකෝඩ්ද ජාතික අපරාධයකි.


නාලක සිල්වා යනු, තම වෘත්තීය සඟයකු, ජනාධිපති සිරිසේන හා බය ඝෝඨා ඝාතනය කිරීමේ චෝදනාවලට ලක්ව, ඒ පිළිබඳ නීතිමය කෘත්‍යයන් ගරු අධිකරණයේ පවතින නිළධාරියෙකි.


සේවයේ සිටියදී ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකළ නිලන්ත හා දේශබන්දු පමණක් ඉවත් කොට, එයාලාට පක්ෂ මේ නිලධාරීන් හොඳ වෙන්නේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීමක් කිරීමට, උන් වහන්සේට අමතකව ඇත්තේය. සමහර විට එය සර්ව බලධාරී දෙවියන්වහන්සේගේ කැමත්ත වෙන්නට ඇතිය.


ඉදින් මොවුන් නැවත ගෙන්වා කරණු ලබන පරීක්ෂණ පල්ලියේ හා උන්නාන්සේගේ ආතල්ලෙකට හා සතුටට හේතු වූවද, ලෝකයට නම් අමුම අමු කොමඩියක්ම පමණි. හොරාගේ අම්මාගෙන් පේන ඇසීම මීට වඩා ආතල් වේ.


සිව්වන යෝජනාව

➖➖➖➖➖➖➖

4. එම විමර්නය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශ වල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන සියළු නිලධාරීන්ගේ සේවය විමර්ශනය නිමාවන තුරු අත්හිටැවිය යුතුය.


අවසාන යෝජනාව ලෙස ඉල්ලීම කළද, මේ ගෙන එනු ලබන්නේ, පල්ලියේ හා කාදිනල්ගේ මූලික ඉල්ලීමය. ඒ මාතලන් මුලින්ම සඳහන් කළ පරිදි... පවතින පරීක්ෂණ හා නඩු සියල්ල නවතා දමා ත්‍රස්තවාදීන් සියල්ල නිදහස් කර ගැනීමය. මන්ද, දැනට උසාවියේ පවතින නීතී කෘත්‍යයන් මගින් මෙහි සත්‍යය සොයා ගනු ලැබුවහොත්....


පාස්කු ප්‍රහාරය හා එහි වින්දිතයින් හිඟන්නාගේ තුවාලය මෙන් ලෝකයට පෙන්වමින් කරගෙන යන ඩොලර් ඉපයිමේ ක්‍රියාදාමය මුලුමනින්ම නවතින බැවිනි. 


ඒ පිළිබඳ සාක්කියක්ද මාධ්‍ය ප්‍රකාෂණයේ අවසානයේ වෙයි... ඒ මෙසේය. .

//අපගේ දේවස්ථාන බාර සියළුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 08 වෙනිදා සිකුරාදා දින සියළුම දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙසයි.


මේ සඳහා ‌කොළඹ සහායක රදගුරු අති උතුම් ජේ.ඩී.ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි ‌සිද්ධස්ථානයේ දී ත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.


එම දේව මෙහෙය තුල දිව්‍ය පූජාව හෝ ශුද්ධ ජපමාලය උච්ඡාරණය කිරීම සහ දිව්‍ය  සත්ප්‍රසාද ආශිර්වාදය ලබා ‌දෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.


මේ සඳහා සහභාගී වන ලෙස ඉතා ඔ්නෑකමින් සියළුම කතෝලික සැදැහැවතුන්ගේ ඉල්ලා සිටිමි.


අත්සන් කෙළේ 


මැල්කම් කාදිනල් රංජිත් 

කොළඹ අගරදගුරු හිමි


2023 සැප්. 06 දා කොළඹ අගරදගුරු මැදුරේ දී.//


ඉදින් නඩු වලින් සත්‍යය හෙලි වුවහොත් මේ ආතල් තව දුරටත් ගන්නේ කෙසේද?


ආ.... මේන්...

.

 

Sep 5, 2023

Chanel 4 විසිල් බ්ලෝවර් හරහා එන කාදිනල් හා 🐅🐅🐅 ගේ ප්‍රොපගැන්ඩාව

 


Chanel 4 විසිල් බ්ලෝවර් හරහා එන

කාදිනල් හා 🐅🐅🐅 ගේ ප්‍රොපගැන්ඩාව

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


⭕ වීඩියෝවේ අලුත් දෙයකට ඇත්තේ අබු හින්ද් සුරේෂ් සලේ යැයි කියා නිර්මාණය කළ ප්‍රොපගැන්ඩාව පමණි.


⭕ නිර්නාමිකව හඬ වෙනස් කර බයිලා ගසන එකා කෙලින්නේ අමු කෙප්පය. උගේ අයිඩෙන්ටිය පෙන්වීමට ඌට මෙන්ම චැනල් එකටද කොන්දක් නැත. ( ආන් ඒ බය තියා ගනින් )


⭕ මෙය රාජපක්ෂලාගේ ගේමක් යැයි කියන්නේ 2019 ජනපතිවරණ සටනේ සිටය. එය නිර්මාණය කළේ  පාට ලී හා ගල් පල්ලියය.


⭕ එය කැම්පේන් එකට ආලවට්ටම් දමා යොදාගත්තේ මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස හා ජෙප්පෝය.


⭕ එහෙත් ගොබ්බසේන රාජපක්ෂ ලක්ෂ 69 ක් ලබා ගනිමින් ජටගත් අතර පාස්කු ප්‍රහාරය කළ උන්‍ට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තනි සිංහල බෞද්ධ ජනතාව ලබා දුන්නේය.


⭕ මංගල කොවිඩ් වැළදි වැලිගම්පිටි ගියේය. පාට ලීය ලබා ගත්තේ මනාප 60,000 කි. ජෙප්පන්ට සුපුරුදු 3% ය. සජිත්ට නුහුගුණේය.


⭕ මේ පිළිබඳ කළ කිසිම පරීක්ෂණයකදි හෝ සාක්ෂි විමසීමකදි රාජපක්ෂලාගේ හෝ සුරේෂ් සලේගේ නමක අකුරක් හෝ එලියට ආවේ නැත. මෙහිදි රාජපක්ෂ විරෝධී නිලධාරියෙක් වන ශානිගෙන් හෝ එවැනි දෙයක් ආවේ නැත.


⭕ සුදු කොඩි ෆෙඩ්‍රිකා ජෑන්ස් වීඩියෝවට සෙක්සි ගතියක් එක් කරයි.


⭕ ප්‍රධාන චෝදනාව ලෙස එල්ල කරන සලේ සාරාන් හමු වූවා යැයි කියන දිනයේ සුරේෂ් සලේ උන්නේ මැලේසියාවේය.


⭕ සිරිල් ගාමිනීට හා අනෙක් පාදිලියාට මෙන්ම සුරේෂ් සලේ මේ බයිලා වීඩියෝවට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇත.


⭕ එහිදි මේ වීඩියෝවත් කලින් ඉදිරිපත් කළ වීඩියෝ තුන මෙන්ම බයිලා වනු ඇත.


💀ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට දේශිය අත් අඩංගුවේ සිටිනා ප්‍රමාණය 89 කි.


💀මේ සම්බන්ධයෙන් විදේශ රටවලදි අත් අඩංගුවට පත්ව මෙරට ලබා දුන් ත්‍රස්තවාදීන්  ප්‍රාමාණය  52 කි.


💀මීට අමතර ඉන් පසු මේ සම්බධයෙන්ම තවත් පිරිස් අත් අඩගුවට ගෙන ඇත.


       ▪️මුජහිදීන් අල්ලාහ් කණ්ඩායමේ 47 ක්

       ▪️සුපර් මුස්ලිම්ස් කණ්ඩායමේ 10 ක්

       ▪️සහරාන්ගේ ජාලයේ කාන්තාවන් 10 ක්.


💀එමෙන්ම ඇමරිකාවේ FBI වෙනම පරීක්ෂණයක් පවත්වන අතර ඔවුන් අත් අඩංගුවට ගත් පස් දෙනාගෙන් මෙම මෙහෙයුමේ කණ්ඩායම් නායකයා (නව්ෆර් මවුලවී) ලංකාවට බාර දී ඇති අතර. එම නඩුව විභාග වෙමින් පවති.


💀මේ කණ්ඩායමේ නීතීඥයා නීතීඥ සංගමය විසින් ඇප ලබා ගනිමින් එලියට ගන්නා ලදි.


🛑 රජය මෙය ප්‍රමුඛ නඩු කටයුත්තක් ලෙස කටයුතු කොට දිනපතා නඩු අසා මුන්ට මරණ දඩුවම් පමුණුවන තෙක් මේ බයිලා තරඟ  දිගටම පවත්වනු ඇත.


🛑 පාස්කු වින්දිතයින්ට යුක්‍තිය ඉටු කිරීම පසෙක තබා කාදිනල් ඇතුලු පිරිස මෙයින් ආතල් ගනිමින් එක එකාට අලෙවි කරමින් ඩොලර් කුට්ටි ගොඩ ගසමින් සිටිනා බව දැන් බොහෝ පැහැදිලිය.


ඒ වගත් මෙසේය..


.

Apr 21, 2023

මහමොළකරු දෙවියන්වහන්සේ විසින් හෝ සොයා ගන්නේ නැත....

 



මහමොළකරු

දෙවියන්වහන්සේ විසින් හෝ

සොයා ගන්නේ නැත....

➖➖➖➖➖➖➖⛪➖


කතොලික පල්ලිය කවදාවත් රටෙ ආරක්ෂාව  වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් නොවේ. එහි ඉතිහාසයද ඊට සාක්ෂි දරයි.


නිදහසේ සිට ඔවුන් ක්‍රියාකලේ රටේ ජාතික ආරක්ෂාව දියාරු කර, රටේ ජාතිකත්වයේ බලය හීන කිරීමටයි...


උතුරේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් කෙලින්ම පෙනී සිටී  කතෝලික පල්ලිය, 2015 සිට රටේ ආරක්ෂන යාන්ත්‍රණය දියාරු කිරීමේ යහපාලන ක්‍රියාවලියට ඔවුන් ක්‍රියාකර්‍රිවත් මතවාදිවත් සහය දුනි... 


සරදමකට මෙන් එහි අතුරු පලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් ඔවුන්ට ලොකු පීඩාවකට පත් වුවත්, එයත් ඔවුන් යොදාගත්තෙ තම දෙශපාලන අභිමතාර්තයන් වෙනුවෙන් එම මළමිනී යොදාගෙන රටෙ දෙශපාලන අදිකාරියට බලපැම් කිරීමට මිසක්....


ප්‍රමුඛ හෙතුව වු, රටෙ ජාතික ආරක්ෂාව  නැවත ශක්තිමත් කිරීමට නොවේ..


අදටත් ඔවුන් නව ත්‍රස්ත පනතට සෘජුවම විරුද්ධ වන අතර.. ඔවුන්ම බලයට රැගෙන ආ ඝෝඨභය ධුරයෙන් පහකල පසු.. කතෝලික පල්ලියේ චීවරධාරියා ලවා ප්‍රකාෂ කලේ.. දැන් සිහල බෞද්ධ බලවේගය අවසන් බවයි..


මේ ඔවුන්ගේ ශුද්ධ වූ පරමාර්ථයයි.


ඔවුන් සැබැවට මියගිය වුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, ඔවුන්ගෙ ප්‍රමුඛ කාර්යය විය යුතුව තිබුනේ නැවැත එවැනි දෙයක් සිදු නොවන ලෙස රටෙ ජාතික ආරක්ෂාව සක්තිමත් කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමය.


කවුරුන් හෝ පාස්කු ප්‍රහාරයෙ වින්දිතයින් පටු දෙශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත්තේ නම්, ඒ කතෝලික පල්ලිය මිස වෙනකෙකු නොවේ.


දැන් එය ඔවුන් ලාංකිය දේශපාලනයේ බලපෙරලි වෙනුවෙන් නිර්ලැජ්ජිත ලෙස යොදාගෙන ඇති අතර. ඒ බව තේරුම් ගත නොහැකිව එහි ගොඳුරු බවට පත්ව ඇති සජිත් හා අනුර වැනි බලලෝභී දේශපාලුවන් ගැන අප අනුකම්පා කල යුතුය.


වතුකරයේ චන්ද විකුණාගෙන ජීවත්වන තොන්ඩමන්ලා මෙන්, කතෝලික පල්ලියද මෙය හිඟන්නාගේ තුවාලය කරගෙන අවසානය.


සජිත් හෝ අනුර විසින් පරීක්ෂණ පවත්වා මහමොළකරු මොහු යැයි තවත් කෙනෙකුන් නම් කලත්, කතෝලික පල්ලිය එය ප්‍රතික්ෂේප කරමින් තව දුරටත් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කෑම දිගටම කරනු ඇත.


සිරිසේන හා වගකිව යුතු නිළධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවද ප්‍රතික්ෂේප කරනා පල්ලිය තවමත් මහමොළකරුවකු සොයමින් සිටී.


මන්ද මෙය ඒ දඩ මුදල් ප්‍රමාංනයට වඩා මුදල් ආධාර ගලනා උල්පතක් වී අවසාන බැවිනි..


ආ... මේන්.....


▪️ කමල් සමරවීර  ගේ මූලික අදහස දීර්ගව ලියූවේ මාතලන් වන මා විසිනි...


.

Jan 12, 2023

හොඳම තීන්දුව දීමට වසර 75 ක් ගතවිය.

 


හොඳම තීන්දුව දීමට 

වසර 75 ක් ගතවිය.

➖➖➖➖➖➖🔴➖


සුද්දා අපෙන් නිදහස් වී, ලබන පෙබරවාරියට වසර 75 ක් ලබන්නේය. එහෙත් අපි තවමත් සුද්දන් වීමට ට්‍රයි කරමින් සිටින්නේය. මෙහෙම වැද්දන් පිරිසකගෙන් ගැලවීම සමරන්න ඕන සුද්දන් වුවත්, රෙන්න පුපේ ගූත් නැතිව ඉන්නා කළු සුද්දෝ කෝටී ගානක් වියදම් කරමින් මේ වසරේත් ගෝල්පේස් එකේ ආතල් එකක් ගන්නවාය. හූණූ බිජුවක් සයිස් මේ ලබ්බේ තොවිලෙට ජාතික ගීත් දෙකක්ම තියෙනවාය. අරාබී භාෂාවෙන් තවත් එකක් හදා ගත්තා නම් සංහිදියාව පුප දිගේම බේරෙනවාය.


සුද්දෝ අපට දායද කර ගිය මසුරන් වටිනා දේ අතර, සර්ව ජන චන්ද බලය, අධිකරණ ක්‍රමය හා රාජ්‍ය සේවයද තියෙනවාය. එහෙත් මේ සියල්ලම දැන් තියෙන්නේ අඤ්ඤකොරොස් වෙලාය. ඇත්තටම අඤ්ඤකොරොස් වෙලා නෙමේ කරලාය. 


ඒ වැඩේ කරන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලාය. කරන්න බැරි සයිස් එකක් පේනවා නම් කරන්නේ, සල්ලි සමඟ ස්ත්‍රී නිමිති විසි කරන එකය. එහෙම පැච් දම දමා ඇදගෙන යන ව්‍යවස්තාවේ පැච් දාන්නට ඉඩ නැති සයිස් එකටම පැච් 22 ක් දමා අවසාන නිසා, දැන් අලුත්ම එකක් ගේන්න යනවාය. රට හොම්බෙන්‍ යනවාය. 


මෙතනදී සර්ව ජන චන්ද බලයට කෙලවුනේ කෙසේද කියා කෙනෙක් අහන්න ඉඩ තියෙනවාය. අපි චන්දෙ දෙන එකා අපේ චන්ද ටික සල්ලි වලට විකුණලා එහ පැත්තට ගියාම, ඒක සර්ව ජන චන්ද බලේ අඤ්ඤකොරොස් කිරීම නොව, අමු අමුවේ උගේ සරම උස්සා අපට පුප පෙන්නීම නොවේදෝ කියා දැන් ඔහේලාට වැටහෙනවා ඇතිය.


ඒ ආකරයට අඤ්ඤකොරොස් වී ජනතා විශ්වාසය බිඳ වැටී තිබූ අධිකරණයෙන් ඊයේ දිනයේදී හිටපු ජනපතිවරයාට, දේශපාලන පත්වීම්වලට හා රාජ්‍ය නිලධාරින්ට දුන් තීන්දුව ඉතිහාසගතවන තීන්දුවක්ම වන්නේය.


පාස්කූ ප්‍රහාරය යනු ලේසියෙන්ම වලක්වා ගත හැකිව තිබූ මිලේච්ඡ ප්‍රහාරයකි. බුකියේ නම් ලිව්වොත් බ්ලොක් වන සාධු මේ ගැන කීප විටක්ම වෝනින් දුන්නේය. එහෙත් හැම එකාම කලේ වට කරගෙන උන්නාන්සේට කෙලිනා එකය. අවසානයේ උන්න්නාන්සේගේ අනාවැකි ටක්කෙටම සපල වෙමින්, බෝම්බ වැලැක්ම පුපුරා ගියේය.


සහරාන්ගේ සියලු ක්‍රියා පිලිබඳ නිවැරදිම තොරතුරු සියල්ල ලැබී තිබියදී උන් අත් අඩංගුවට නොගත්තේ, ඒ ජාතියේම දේශපාලුවන්  විසින් සිරිසේනයාට හා පොලීසියේ උන් වෙත කරන ලද බලපෑම් නිසා බව කොමිසමේදී හෙලි වූවාට, අධිකරණයට ඒ බව අමතක වූ බවක්ද පෙනෙන්නේය.


පට්ට ජෝක් එක කියන්නේ..., පරගලයේදී එහෙම උන්ගෙන් බුරියානී කාපු උන් තවමත් බෝම්බ තියන්නෙයි කියපු එකා කව්දැයි කියා හොයනා එකය. හැම මල ඉලව්වම රාජපක්ෂලාගේ ඇඟේ ගහන්නට ගිය උන්ට මේ දිනවල කෙලවෙන්නේ පෝලිමේය.


රාජපක්ෂලා කිරෙන් නාවා සුද්ද පවිත්‍ර කොට නිර්මල දේශපාලුවන් ලෙස බෞතීස්ම කර සුපිරිසිඳු දේශපාලුවන් කිරිමේ රුදාවක් අපට නැතත්, උපදින හැම දරුවාම රාජපක්ෂලාගේ කර උප්පැන්න සහතික දීමේ පිස්සුවකුත් අපට නැත්තේය.


සිරිසේනත් වහෙන් ඔරෝ නැතුව මේවා දෙස බලාගෙන උන්නේ, එයාට කිසි අවුලක් නැති වෙයි කියලාය. ඌ කිව්වේ මං මොකටද මේවට වග කියන්නේ කියලාය. එහෙත් එවකට රටේ විධායක ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමතිත් ඌ බව මේ වසලයාට අමතක උනේය.


හේමසිරි හා පූජිත එලියට දාපු නඩුකාරයන්ගේද කන හරහා දෙමින්, දේශපාලුවන්ගේ හා නිළධාරින්ගේ වගකීම් හා වගවීම් පැහැරහරිම නිර්ධය ලෙස විවේචනය කරමින් ලබා දුන් මේ ඉතිහාසගතවන නඩු තීන්දුව දෙන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. 


මෙම නඩු කටයුත්ත විශේෂිත එකක් සේ සලකා එසේ ලබා දුන්නේ වී නම්, අධිකරණයේ ගෞරවය මීටත් වඩා වැඩි වන බවත් ලියා තැබිය යුතුමය. එමෙන්ම මේවා ප්‍රසංසා කරමින් මල් වඩම් දෙන්නට නොයන්නේ අධිකරණයෙන් මිනිස්සු බලාපොරොත්තු වන්නේ යුක්තිය නිසාමය.


එමෙන්ම ජනතාවට පච කෙලිමින් රට බංකොලොත් කළ මහ බැකුවේ නිළධාරින්ට හා දේශපාලුවන්ටද මෙලෙසම නීතිය ක්‍රියාත්මක වී දඩුවම් ලැබෙනා තෙක් ජනතාව බල සිටිනා බවත් අධිකරණය දැණුම්වත් විය යුතුය.


⭕ පින්තූරය - අද ලංකාදීප පත්තරේ මුල් පිටුවෙනි.

.

Sep 16, 2021

සිරිල් ගාමිනිලා නටන්නේ කාගේ පදේකටද?

 



ජිනීවා සමුළුවේදී පාස්කු ප්‍රහාරය ගැන මිචෙල් බැචලේ නාහෙන් ඇඬුවේ, ආන්ඩුව ඒ වෙනුවෙන් මෙහේ මක්කත්ම කරන්නේ නැති  බව අපි එයාට ලියලාම  යවපු නිසායෙයි කියලා, ෆාදර් සිරිල්  ගාමිනි අද මාජ්ජ හමුවක් තබා පාරම් බෑවේය.

දැන් අපිට ඇතිවෙන සැකය නම්, ඒ වෙනුවෙන් අත් අඩංගුවට ගෙන සිටින ටෙරරිස්ට් ලෝයර් මාස 16 තිස්සේ ඇතුලේ තියාගෙන ඉන්නවා කියා ඇඬුවේ, සිරිල් ගාමිනිලා එයා තියාගෙන ඉන්න එකත් වැරදියි කියලත් ලියලා යැව්වාදැයි කියනා එකය.

මන්ද පාස්කු ප්‍රහාරය ගැන ගරු රඟපෑම් කරනා නළුවන් අතරට අළුතෙන්ම පැමිණි නවක නළු සිරිල් ගාමිනී ඉන්නේත් ලෝයරයා නිදහස් කරන්නට කියූ අම්මට සිරි ලංකා නීතීග්න සංගමේ පැත්තේ නිසාමය.

කොටින්ම කියනවා නම් දැන් එයාලා ඉන්නේ ටෙරාලත් එක්කමය. එකම ටීම් එකක් හෙවත් මැන්චෙස්ටර් යුනයිටඩ්ලාය.

අදත් කීවේ, රජය මේ වනතෙක් කිසිවක්ම කරලා නැතෙයි කියලාය. මේ කෙප්පය කලින් කියූ දිනෙක, ඊට ප්‍රතිඋත්තර බඳිමින් ආරක්ෂ ලේකම් කමල් ගුණරත්න කීවේ පරීක්ෂණ කටයුතු පිළිබඳව ෆාදර් සෙට්ටෙකටම වෙනම රැස්වීමක් තබා කරුණු පැහැදිලි කර බවත්, ඔවුන් ඒ ගැන පැහැදි ප්‍රසංසා කළ බවත් ය.

එක්කෝ සිරිල් ගාමිනි කියන්නේ කෙප්පෙය. නැතිනම් ආරක්ෂක ලේඛම් පොලිස්පතිත් එක්කම ඇවිත් කිව්වේ කෙප්පය.

මෙතරම් කල් ගතවූයේ ශානී විසින් පොලිස් පරීක්ෂණ සියල්ලම අංජ බජල් කොට නියම ත්‍රස්තවාදීන් හංගා වැඩේ යට ගසා තිබූ නිසාය.

කෑගල්ල බුදු පිළිම කේස්සෙකේ සිට පාස්කු ප්‍රහාරය දක්වා සියල්ල යට ගසා විනාශ කර ඇති බව කොමිසමේදි හෙලිවිය.

දැන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අළුත් කණ්ඩායමක් යටතේ මුල සිටය.

කොමිසන් වාර්ථාව යනු නඩු භාන්ඩයක් නොවේ. එහි ඇත්තේ නිර්දේශ පමණි. මේ කොමිසමට රොහාන් ගුණරත්න විසින් විශාල වසයෙන් බලපෑම් කළ බව දැන් හෙලිවෙමින් තිබේ.

රොහාන් ගුණරත්න කව්ද කියා ලෝකයම දනී.

මේ කණ්ඩායම විසින් ලද සාක්කි අනුව සුපිරි බඩු තුනකගේම බෙල්ලට තොන්ඩුව දමා අවසානය. 

ඒ ලෝයරයා, සාලියා හා බඩ උඩින් ය.

දැන් මේ සෙට්ටෙකේ ඉහ මොළ රත් වී බේරෙන්නට පුලුවන් ඕනෑම ගානක් මොකාට හෝ දී බේරෙන්නට දත කන්නේය. උන්  මිචෙල් බැචෙලෙලාත් අල්ලලා අහවරය.

ලන්ඩන් වල ඉන්නා මඩ වෙබ් කාරයෝ මිළදීගෙන අවසානය. උන් ශානිගේ කෙටි කතා රස කරමින් ලියති.

සිරිල් ගාමිනිලාගේත් මොළ සුද්ද කර අවසානය. ඊට කපුකම් කරන ෆාදරයෙක් හා පක්ෂ නායකයෙක්ද සිටී. මේවා ප්‍රසිද්ධ රහස්‍ ය.

මුන්ට එරෙහිව නඩු පැවරීමට නීතීපතිවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර අවසානය.

දැන් සෙට් එකේම රෙද්දේ රෙවිලාය. මේ එන්නේ ඒ ගන්දස්සාරය.

පෝඩ්ඩක් ඉවසාගෙන ඉන්න ෆාදර්..
හෙට එච්චර කළුවර නැත.

මෙන්න මේ ලියන ටිකත් සිරිල් ගාමිනිටයි කාදිනල් උන්නාන්සේටයි, මහ මොළකාරයෙක් ඉල්ලන උන්ටයි දන්න එකෙක් යැව්වොත් හොඳය.

2015 නොවැම්බර් 13 වනදා ප්‍රංශයේදී පාස්කු ප්‍රහාර ආකාරයේම ප්‍රහාර මාලාවක් සිඳු කළේය. ඒ බෝම්බ ප්‍රහාර මෙන්ම වෙඩි තබා ඝාතනය කිරිමෙන් ය.

130 ක් මියගිය අතර, තව සිය ගනනක් බරපතල තුවාල ලැබුවේය.

2015 සිඳුවූ මේ ප්‍රහාරයේ නඩු කටයුතු ඇරඹුනේ ගිය සතියේය.
ඒ ප්‍රහාරය සිඳු වී වසර හයකට පසුවය.
(වැඩි විස්තර අවශ්‍ය කෙනෙකුට ලින්කුව පහළිින්)

ඒ රටේ බුද්ධිමත් මිනිසුන්

ජිනීවාවට ලිව්වේවත්,
කළු කොඩි දැම්මේවත්,
කළු ඉරිදා කියා ජෝගි නැටුවේවත්,
තුවාල කරුවන් ප්‍රදර්ශනය කලේවත්,
මිය ගිය උන්ගෙන් ඩොලර් හම්බ කරන්නවත්,
පාප් වහන්සේට කේලම් කියන්නවත්,
ගියේ නැතිය.

එය රහස් පරීක්ෂකයින්‍ට, පොලීසියට, නීතීයට පවරා නිහඬව බලාගෙන උන්නා මිස.

මිනි උඩ නැටූ මයික් ටයිසන්ලා වෙන්නට ගියේ නැතිය...

දෙවියන් වහන්සේ මොවුන්ට
අනුකම්පා කරත්වා.....!!!!

ආමේන්....!!!


https://www.euronews.com/2021/09/15/paris-terror-trial-main-suspect-says-2015-attack-was-nothing-personal


Apr 27, 2021

අබ කෑ උන්ගේ මොළේ දන්න පටන් ගෙන ඇත.

 


පාස්කු ප්‍රහාරය පිළිබඳ පත්කල විශේෂ ජනාධිපති කොමිසමේ වාර්ථාව නීතිපති වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නියම ඝාතකයින් එලිවේ යැයි බියෙන් තැතිගෙන ඇති එවකට ඝාතන චෝදනා එල්ලවු, ත්‍රස්තවාදීන් අත් අඩංගුවට පත්විම වැලැක්වූ, එදා එජාපයේ වුන් අද සමගි ජන බලවේගය තුල ඉන්නා පිරිස්, මේ වන විට එම නඩු කටයුතු හා පරීක්ෂණ කටයුතු වෙනත් අතකට යොමු කිරීමේ නින්දිත උත්සාහයක නිරත වෙමින් සිටි.


හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර හා මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි ඒ වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියකරමින් සිටි. ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මෙය වත්මන් පාලකයින් විසින් සිඳු කල සැලසුම් සහගත ප්‍රහාරයක් බවට ඒත්තු ගැන්වීමටයි.


එහෙත් හාස්‍යයට කරුන නම්, ප්‍රහාරට වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ පිරිස්ද ඇතුලත් වූ එවකට එජාපය විසින් පත්කල පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදි ශානි අබේසේකර විසින් මේව හෙලි නොකලේ ඇයිද යන්නයි. ඇත්ත එය නම් ශානී අබේසේකරලා මහ රෑ නඩු අසා වැලිකට යවන්නේ ෆොන්සේකාගේ මෙන්ම අනුර කුමාර දිසානායකලාගේද සහායෙනි. මින්  ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම්, දැන් නියම ඝාතකයින් හා එය සැලසුම් කල පිරිස් නුදුරු අනාගතයේම එලිවන බවයි.


රිෂාඩ් හා ඔහුගේ සොයුරාද මේ වන විට අත් අඩංගුවට ගෙන අවසානය. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කප්පරක් කෙප්ප කෙලියද, මේ වනතෙක් මේ කිසිවකුත් ඔවුන් සඳහන් කරන පිරිස් හෝ ඝතකයා  පොලිස් ස්ථානයකට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර නැත. අබ කෑ උන්ගේ මොළේ දනවා කියා ඉස්සර මිනිස්සු කිව්වේ කට කහනවාට නොවේ.


.