රාජපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ, ලසන්ත, ප්රගීත්, තාජුඩීන් ඝාතන නිසාවත්, හොරකම හා දූෂණය නිසාවත් නොව, ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසාවෙන්මය. කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්යාපාරික ප්රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙලවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැසවන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව කන්නට බව අද ඔප්පු වෙලා අහවරය)
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Maithripala. Show all posts
Showing posts with label Maithripala. Show all posts
Dec 1, 2018
Nov 10, 2018
Apr 20, 2018
අබ සරණයි සිරි ලංකා...!!!!
ලෝකායන ජෝතිස්සෙට අනුව, වත්මන් ජනාධිපති, අති ගරු ග්රීමත් පල්ලෙවත්තේ ගමරාලලාගේ මෛත්රිපාල සිරිසේන මැති තුමා, 2028 තෙක්ම මේ රටේ ජනාධිපතිවරයා වන බව සබරගමු පලාත් ආන්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් පොරකාස කොට ඇත.
මේ අනාවැකිය සත්යයක් වන්නේ නම්,
පහත සඳහන් අනාවැකි ප්රවීන ජෝතීර්වෙදී මාතලන් විසින් ඉදිරිපත් කරණු ලැබේ.
අම්මට සිරි ලංකාව
ලෝකයේ ධනවත්ම රාජ්ය වන බව
ලෝකයේ බලවත්ම ආර්ථිකය සහිත රාජ්ජය වන බව
ජනතාව ප්රීතිමත්ම රාජ්ජ්ය වන බව
ලෝකයේ හොඳම අජ්ජාපනය සහිත රාජ්ජය වන බවලෝකයේ හොඳම රාජ්ජ සේවය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම ඒක පුග්ගල ආදායම සහිත රාජ්ජය වන බව
ලෝකයේ මාජ්ජ නිදහස වැඩියෙන්ම භුක්ති විඳිනා රාජ්ජය වන බව
ලෝකයේ හොඳම පොලීසිය සහිත රාජ්ජය වන බව
ලෝකයේ හොඳම කෘෂිකර්මාන්තය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම වනාන්තර ඝනත්වයක් සහිත රාජ්ජය වන බව
සහ
ලෝකයේ ස්ථුල ශරීර හිමි ජනගහනය අධිකම රාජ්ජය වන බව
(ඇයි යකෝ කන්න නැතත් මිනිස්සු හිනා වෙලාම මහත් වෙයි.)
Feb 18, 2018
දැන්වත් තොපි දැනගනියව් - Enough is enough
රජෙක් එලවලා තොපිව පත් කලේ
ආයෙත් රජ ගහේ නාඩගම් බලන්න නෙමේ..
තොපේ හෙලිකොප්ටර් කරණම් බලන්නත් නෙමේ
තොපේ රථ ගායවල් බලන්නත් නෙමේ..
තොපේ කටවුට් බලන්නත් නෙමේ
තොපේ බයිලා අහන්නත් නෙමේ
තොපේ බිස්නස් කරගන්නත් නෙමේ
තොපේ හොරකම් පටන් ගන්නත් නෙමේ
තොපේ හොරකම් වහගන්නත් නෙමේ
තොපේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ දරුවන්ගේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ පඩ ෂෝ බලන්නත් නෙමේ
තොපේ යාලුවෝ බේර ගන්නත් නෙමේ
තොපේ බැරි කම් බලන්නත් නෙමේ
තොපේ පිස්සු කෙලිලි බලන්නත් නොවේ
තොපේ ගෝරි බලන්නත් නෙමේ
තොපේ පක්ෂවල කචල් බලන්නත් නෙමේ
තොපේ රැස්පොට් බලන්නත් නෙමේ
කොටින්ම කියනවා
තොපේ විගඩම් බලන්න නෙමේ
යහපාලනයක් ගේන්න.
සථාවට රටක් හදන්න.
නීතියේ ආධිපත්ය සුරකින්න.
රට ආර්ථිකව ශක්තිමත් කරන්න.
රටේ ජනතාව සුඛිත මුදිත කරන්න.
බිස්නස් දියුණු කරන්න.
ආයෝජකයෝ ගේන්න.
රැකියා බිහි කරන්න.
අවුරුදු තුනක්ම තොපි පිස්සු කෙලියා.
ඒකට තොපි ඔක්කෝටම අපි හොඳ පාඩමක් ඉගැන්නුවා.
දැන්වත් රී ෂෆල් දාලා ජනතාව ගොනාට අන්දන්නේ නැතිව,
මක්කා හෝ රට වෙනුවෙන් කරපල්ලා.
තොපේ සුඛ විහරනේ ගැන ඊට පස්සේ බලා ගනිල්ලා
කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු පුකේ අමාරු තියේ නම්
ඉස්පිරිතාලෙකට වෙලා බෙහෙත් ගනිල්ලා
නැත්නම් වහ ටිකක් බීලා මැරියල්ලා
ඉතිරි අවුරුදු දේකේ හරි,
තුනම නැති කර ගන්නේ නැතිව.
රටට දෙයක් කරපල්ලා..
එහෙම බැරි නම්..,
අඩි යහක් ගැඹුර වලක් කපාගෙන,
දැන්ම රෙඩි වෙයල්ලා.
රට කාපු කාළකන්නි ටිකක් ලෙස මැරියල්ලා.
තොපි හැමට
අබ සරණයි..!!!
Nov 20, 2017
බය නැති අගමැති හා පන නැති යහපාලනය - Good Governance without any Good
බැඳුම්කර සීන් එක මහා හොරකමක් කියා කියපු උන් ඔක්කෝම අමු බූරුවෝය.. බැඳුම්කරේ සිඳුවුනේ, මහදවල් මහබැංකුවේ මහා මුදල් මංකොල්ලය කියා අර්ථ ගැන්වූයේ, ඊටත් එහා හරකුන්ය. එය "හොර කමක්" බව මහා අර්ථික විශාරදයෙක් කියනා බන්ධුල ගුණවර්ධන බොක්කෙන්ම කියනවා නම්, ඌ ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා මී ගවයෙක්ය. එහෙම නැත්නම් සීන් එක හොඳින් දැනගෙන බයිලා ගසනා බයිලා කාරයෙක්ය.
Sep 15, 2017
ජනාධිපති තාත්තා - My President Father
බෝලයක් බස්සා වාහනෙට දාගත්තු අරුන්දිකයාට මඩු වල්ගෙන් නෙලන්න පටන් ගත්ත ගමන්, අරුන්දිකයා ඇහුවේ, මේකද ඔබ තුමාගේ ප්රජාත්තන්තරවාදේ කියලාය. මේ යකෝ මගේ ප්රජාතන්තර වාදයක් නෙමෙයි මේ තමයි චන්ද්රිකා මැඩම්ගේ ප්රජාතන්තරවාදේ කියා කියපු ජනාධිපති තුමා කිව්වේ, කෝටී 25 ක්ම නැතිව ගාන ගැන කතා කරගන්න තිබ්බ වෙලාවේ, තමුසේ මැඩම් එක්ක හැප්පෙන්න ගියානේ දැන් ඉතින් මගේ ප්රජාතන්තරවාදෙන වැඩක් නෑ, තමුසේ වෙන මොකක් හෝ කර ගන්නවා හිටන් කියාය. කෝටි 25 ක් දුන්නා නම් මේ කිසි අවුලක් වෙන්නේ නෑ නේ සෑර් කියාපු අරුන්දිකයාට ජනාධිපති තුමා කිව්වේ, තමුසෙ මේ මඟුලක් කතා කරනවා, පේනවනේ ගණු දෙණු කරන්න ගිහිල්ලා රනිල්ලා නාන නෑම, ඕවා කරන්න ගිහින් අන්තීමට, අගමැති කොමිසමක් දාලා තමයි වැඩේ නවතින්නේ කියලාය.
Jul 15, 2017
දෙසැමබර් 31 ට පෙර කෙලෙවෙන්නේ මහින්දටද, රනිල්ටද නැත්නම් දෙදෙනාටමද...?
රනිල්ගේ හා මෛත්රිගේ හවුල් ව්යාපාරය හද්දා බංකොලොත් ව්යාපාරයක් බව ලොවටම කියන්නේ එකේම ඉන්නා උන් මිස අප නොවේය. පනීන්නට පෙර සිතා බලන්නට, ඇමතිකම් වලට තව කෑලී එකතු කළ ජෝන් සෙනෙවිරත්න ගොයියා නොකියා කියන්නේ ඒ කතාවය. උන් මේ බංකොලොත් සමාගමෙන් ඉවත්ව නව අධ්යක්ෂක දූරයක් බලාපොරොත්තු වන්නේ රනිල්ගේ සමාගමේ නොවේය. එක්කෝ මහින්දගේ සමාගමේය. එසේ නොමැතිනම් මෛත්රිගේ සමාගමේය. රනිල්ගේ සමාගමේ උන් මොන බයිලා ගැසුවත්, වැඩි ඩිරැක්ටොර්ලා පිරිසක් උන්නත්, සමාගමේ විධායක සභාපති කම තිබෙන්නේ සිරිසෙන් මහ රජානෝ අතය.
May 13, 2017
මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCA
බුදු හාන්දුරුවෝ ලංකාවට කිසි කළෙක වැඩම කර නැතත්, වැඩම කළා යැයි සඳහන් සුරඟන කතා තුල පවා ඇත්තේ, මේ රට කොතරම් ගෝත්රික රාජ්යයක්ද කියනා කාරනයයි. සුරඟන කතාවල කියනාකාරයට වැඩම කළ අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි. මහියංගනයට වැඩි අවස්ථාවේ, අද යක්කු මෙන්ම එදා යක්කුත් පුළුවන්නම් වැඩම කරපන් ඩෝ කීවාට, වැඩම කලායින් පස්සේ නැට්ට පුකේ ගසාගෙන දිව යන ආකාරය දැක්වෙන බිදු සිතුවමක් කැළණිය විහාරයේ සෝලියස් මැන්දිස් ලොක්කා විසින් අපූරුවට සිත්තම් කොට ඇත්තේය.
May 12, 2017
සිරිසේනගේ අපාය සහායක මිත්රයෝ - Friends you should get rid of
එලොවටත් නැති මෙලොවටත් නැති ලෝක මහා බෞද්ධ සම්මේලනයක් කියා එකක් මේ රටේ තිබ්බාම මුළු ලෝකේම ඒ දෙස බලා සිටිනවා කියා කිව්වාට, එහෙම එකක් අපි නම් ඉන්ටර්නැෂනල් වල නිව්ස් වල නම් දැක්කේ නැතිය. කෙසේ වෙතත් විප්ලවයකින් පත්වන ආන්ඩුවකට හැර (ජනවාරි 8 විප්ලව වාගේ ඒවා නම් නොවේ) බුද්ධාගාම හා කහකඩ සිවුරුකාරයින්ගේ සප් එක නැතිව ආන්ඩුවක් ගෙන යන්න බැරි ගානට, දැන් හැම පක්ෂේ එකාම පළතුරු වට්ටියකුත් උස්සගෙන පඩයක් ගියත් දුවන්නේ මහා නායක උන්නාන්සේලා වෙතය. උන් නාන්සේලා ඇවිල්ලා ජනතාවට ආදරේ පිරිසක් නෙමේය. එහෙම උන් නාන්සේලා නම් "සුන්දර නුවර" වායූ දූෂණ නඟරයක් වෙද්දි පාරවල් වසාගෙන ගෙම්බර් දාන්නේ නැතිය.
Apr 24, 2017
Apr 3, 2017
එකම ජොකා මාරුකර ඇඳිම හෙවත් සිරිසේනගේ දැඩි තීරණ - Cabinet Reshuffle
බොඩිම් වල ඉන්නා කොල්ලන්ට වතුර ප්රශ්ණයක් තියෙන නිසා, එකම ජොකා සතියක් තිස්සේ විවිධාකරයට අඳිනා ක්රමයක් තිබේ.. දවස් දෙකක් ජොකා ඇඳිමේ ඉස්ටෑන්ඩ් එක අනුව අඳින ජොකා, ඊළඟ දවස් දෙකේ අඳින්නේ පුක පැත්ත ඉස්සරහට එන ලෙසය. ඊළඟ දවස් දෙක ජොකා අඳින්නේ කනපිට ගසා, ඉදිරිපස ඉදිරියට එන ආකාරයටය. ඊළඟ දවස දෙක, කනපිට ගැසු ජොකාගේ ඉදිරිපස පසුපසට සිටින සේ ඇන්දාම සතියක් නොව, දින අටක්ම එකම ජොකා ඇඳලාය.
Feb 12, 2017
හාල්, හාල්පාරූවෝ, මෝල් කාර්යෝ හා මෝල් ආන්ඩු
හාල් මිළ ඉහල ගිය එකට
ආන්ඩුව කමිටුවක් පත් කළේය. ඒ කමිටුවේ උන් හාල් තම්බා බත් කන මිනිසුන් වෙන්නට
බැරිය. බොහෝ විට තනකොළ කා පුනක්කු බොන, මිනිසුන්ට වඩා බුද්ධිමත් පිරිසක් වෙනඩ ඕනාය. මොකෝ
පාලන මිළක් තීරණය කරන්න මාසයක් ඉතර ගියේය. බුද්ධිමත් අය එහෙමය. අපි වාගේ පිස්සන්
මෙන් කඩි මුඩියේ තීරණ වලට එළඹෙන්නේ නැතිය. කෙසේ හෝ ඒ බුද්ධිමතුන්ගේ කමිටුවට හාල්
මිළ අධික බව තේරුනේය. ඒක අපි බත් කන ජාතියක් වසයෙන් මාර විදියට ඇප්රිසේට් කොරන්න
ඕනාය. ඉදින් ඒ මහා බුද්ධිමතුන් හාල් මිළට පාලන මිළක් දැම්මාට. කඩ කාරයෝ මුන්ව
පයිසෙකට මායිම් කළේ නැතිය. ඒ මුන් පාලකයෝය කියා කඩ කාරයෝ පිලි නොගන්නා නිසාය.
Jan 30, 2017
මහින්ද සින්ඩ්රොමය වැළඳි සංහිදියාවට පස්ස පෙන්වීම
යහපාලනය රටේ
ජනතාවට ඉතරක් නොව එය ගෙනා උන්ටද අප්පිරිය වී ඇති බව බොරුවක් නම් නෙමේය. යහපාලනයෙන්
පත් කර ගත් නායකයා රනිල් නොව මෛත්රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයාය. මේ පොදු
අපේක්ෂකයා හොටු පෙරාගෙන හඬ හඬා ජනතාවට දුන් පොරොන්දු සියල්ලම අද බයිලා බවට පත් වී
අවසානය. ජනපති ක්රමය අවසන් කරනා බවටද, යලිත් ජනපති කමට ඉල්ලන්නේ නැති බවටද නිදහස් මන්දිරයේ
බෝල්පොයින්ට් පෑනකින් අස්සන් කර පොරොන්දු වූ සරළ ජනපතිවරයා, අද ක්රියාක්රන්නේ ඊට හාත්පසින්ම වෙනස්
ආකාරයට බව ඕනෑම ගොනෙක්ට තේරෙනවාය.
Jan 22, 2017
විධායකය පීචං කරණා මහ ඇමති හාල්පාරුවෝ
තමන් සිහිණෙන්
වත් නොසිතු සැප සම්පත් තාන්න මාන්න ආදිය එක වර කඩා පාත් වූ විට ඒවා රැක ගැනීම
ලෙහෙසි පහසු දෙයක් නොවනා බවත්, ඒවා පවත්වාගෙන
යාම හා කළමාණාකරනයද ලෙහෙසි පහසු කටයුත්තක් නොවනා බවත් පෙන්වා දීමට ඈත අතීතයේ සිටම
ඕනෑ තරම් උදාහරණයන් මේ අම්මට සිරි ලංකාවෙම තියෙනවාය. එක පාරටම ප්රකෝටිපතියන් වී, නැවතත් මහපාරට වැටුන උන් ජීවමානව දකින්න
ඕනෑම නම්, කරන්නට තියෙන්නේ
උදෑසනම රත්නපුරේ ඔරලෝසු කණුව අවට පොඩි රවුමක් ගහනා එකය.
Aug 21, 2016
මහින්ද ෆැන්ටසිය පුපුරා යාම තුල මෛත්රිය ප්රශ්ණ කිරීම - Maithri's Democracy questioned by Mahinda Fantacy
මහ මැතිවරණයකින් පසු පිහිටවූ හවුල් ආන්ඩුවට වසරක් පිරීම වෙනුවෙන් මාතර පැවති රැලියේදී ජනාධිපති තුමා පැවත්වූ කතාව මහත් ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවාය. පසුගිය දින කීපයේ මාතලන් මේ පිළිබඳව දරන මතය, මධු සාදයන්හීද, බුකියේද, ඊ මේල් වලද දරුණු ලෙසම විවිවේචනයට ලක් උනේය. එයිටාමතරව ඒ පිළිබඳව මක්කා හෝ ලියන්නෙයි කියා ලැබුනු ඊ තැපෑල කීපයක්ද උනේය.
Aug 15, 2016
නීතියට ඇඟිලි නොගසනු...!!! - Please obey the law !
ආන්ඩුව පත් කිරීමට ක්රියාකාරිව සහභාගී වූවන් මෙන්ම, එහෙන් මෙහෙන් සප් එකෙක් දී ටොයියන් බවට පත් වූ පිරිසද ආන්ඩුව විවේචනය කිරීම, වහල් බයියන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනෙන්නේය. මහින්ද මහත්තයාගේ අන්තේවාසිකයින් සිතන්නේ නැවත් ඡන්දයකට ගියහොත් අ(හ)වුල් ආන්ඩුව කෙරේ කලකිරි ඇති ටොයියන්ගේ බහුතරයක්ද නැවත් මහින්ද මහත්තයාට ඡන්දය දෙනු ඇත කියාය. එහෙත් සත්යය එය නොවේ. අවුල් ආන්ඩුවට ඡන්දය ප්රකාෂ කළ පිරිස ආන්ඩුවේ පිස්සු කෙලීම් හමුවේ කලකිරී ඇති මුත්, ඒ එකෙක්වත් නැවත මහින්ද මහත්තයාට බලය දී මේ රට ලේ විලක් කිරීමට කිසිසේත්ම තම ඡන්දය භාවිතා කරන්නේ නැති බව, මහින්ද මහත්තයා ඉල්ලගෙන කෑවා සේම ඉස්තිරය.
Jul 12, 2016
එජාපයේ හා රනිල්ගේ අවසානය...! - End of the road for Ranil & UNP...!
![]() |
| Photo Credit - https://www.yahoo.com/news/sri-lankan-pm-warns-against-return-divisive-politics-074826022.html?ref=gs |
රනිල් හා එජාපයේ මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වූ 106 දෙනා තේරුම් ගත යුතු එහෙත් තේරුම් නොගන්න බොහෝ දේ, ඔවුනට අද අමතකව ඇත්තේය. ඒකට හේතුව නම් බොහෝම පැහැදිලිය. ඒ 106 ක් උන්නද, එයාලා බලයේ ඉන්න එකය. බලේ තියෙන කොට මොළේ නැතිය. මොළේ තියෙන කොට බලේ නැතිය. ඒ අපි දන්න කතාවය. හැබයි ඒ කතාවත් රනිල්ට හා එජාපයට වලංගු නැතිය. ඒ කියන්නේ බලේ නැති කාළේත් මොළේ තිබිලා නැතිය.
May 14, 2016
උගන්ඩා යන්න තිබ්බේ මෛත්රි මැතිදුන්ය - Uganda is better than London
![]() |
| අපි මෛත්රිලා ගේනවා වාගේම. මුසෙවෙනිලා බෞතීස්ම කරන්නේ බටහිර රාජ්යයන්ය. මෛත්රීත් දිනෙක මුසෙවෙනිලා නොවෙයි කියා කිව හැක්කේ කාටද...? |
- මාතලන් -
බැසිල් අත් අඩංගුවට ගත්තා කියා නිව්ස් එක ආපු ගමන් මාතලන් බුකියේ ඉස්ටේටස් එකක් දැම්මේ මෙසේ කියමිනි.
//එංගලන්තෙ සමුළුව අමතලා ඉවර උන ගමන් බැසිල් ආයේ එළියට.
සමුළුවේදි මොකෙක් හරි ඇහුවොත් දූෂණ අක්රමකිතා වලට එරෙහිව මොකාද යකෝ ගත්තේ කියලා ඇහුවොත් කියන්න එකෙක් ඉන්න එපාය.
මොකෝ සජින් වාස් ඇතුලේ දාන්නය.//
Subscribe to:
Posts (Atom)



















