මාතලන් අර අර්ජුණ සරම කල්ට් එකක් කරපු කාළේ බෙයාර් ෆුට් සරමක් අරගෙන දෙපාරක් තුන් පාරක් ඇන්දා මිසක්, පොඩි කාළේ ඉඳන් සරම් අඳින්නෙ නෑ. නිදාගන්න වෙලාවටවත් අඳින්නේ නෑ. මට නම් පහසුම ෂෝට. සෑට බෙයාර් බොඩි ටොප් ටු බොටම්. නොවේ එවන් වින්දනයක් ලොවේ.
ඝෝඨා ස ඉඳ හිට සරම ඇන්දත් සාඨකේ දාන්නේ නෑ. නාමල් නම් අප්පච්ච්චි වගේ සරම ගහලා සාටකෙත් දාල එනවා. සැන් තෝමස් ගිය නාමල් ඇයි සරමෙ බහින්නේ. යුද හමුදාපති කෙනෙක් වෙච්චි සරත් ෆොන්සේකා මහත්තයා ඇයි සරමෙ බහින්නේ. රෝයල් ගිහින්, ලන්ඩන් ගිහින්, බැරිස්ටර් වෙලා ආපූ කොළඹ හතේ යැංකි ඩිකී, ජේ ආර් උන්නැහේ ඇයි සරමෙ බැස්සෙ.
ඒක තනිකර රංගනයක්. හැබයි පොලිටික්ස් කරනවා නම් සරමට බහිනෙක හොදයි. අපි ජේ ආර් ගනිමු,
ජෙ ආර් ටයි කෝට් ඇන්දේ සෑහෙන කාළයක්. සිංහල හරියට කතා කරන්නත් බෑ. බන්ඩට තිබ්බ සිංහල පෙනුමවත් නෑ. (ලාංකිය දේශපාලනයට සරම ගේන්නේ බණ්ඩාරනායක උන්නැහේය) හැබයි නායකත්වයට එන්න පුලුවන් බව පේනකොට මෑන් බහිනවා සරමට. සාමාන්‍ය පන්තියේ එජාපේ මිනිහට උනත් ජේ ආර් උන්ගෙ පොරක් වෙනවා. ජේ ආර් සරමට බැස්සා කියලා එයාගේ පන්තියේ අය ජේ ආර් අත අරින්නේ නෑ. උන් දන්නවා මේ විකට ඇඳුමක් ඇඳගෙන උන්නට පොර අපේ ක්ලාස් එකේ කියලා.
ඉතින් පොර රෝයල් තෝමියන් මැච් එකට එන්නෙත් නැෂනල් එකෙන්. අනාගතේ නාමලුත් එයි. රනිල්ට කවදාවත් රටේ නායකයා වෙන්න බැරි වෙච්චි එක හේතුවක් සරමට බැස්සේ නැති එක. මොලේ තිබුන එකෙක් නම් අඩු ගානේ 2013 දිවත්, රවී කරුණානායක වගේ සරමට බැහැලා ආවා නම්, 2015 ජනාධිපති වෙන්නේ සරොන් ඇන්ද සිරා නෙමෙයි. සරමෙ බැහැපු රනිල්. එහෙනම් සජිත්ටත් රනිල් එක්ක නායක කමට ගේම ඉල්ලන්න වෙන්නේ පියානෝ වගේ සරමට බැහැලා.
2015 බටහිර බලවේගයි මෙහේ සිවිල් පොරවලුයි හෙව්වේ පොදු අපේක්ෂයෙක් නෙමේ, පඹයෙක් උනත් අවුලක් නැති සරමක්. ඒකයි මම කියන්නේ උනුත් බයියෝ කියලා. මේවා ඉතින් සජිත්ලට අනුරාධපුරේ මෑණියෝ ගාවට ගියත් කියන්නේ නැති අනාවැකි. 2025 ජනාධිපති සටනට එනවා නම් දැන්ම ඉඳලා සරමට බැසීම ඇඟට ගුණයි. නැත්නම් කොහොමත් සරමේ බැහැලා ඉන්න උස හාදයා, රනිල්ලා, මංගලලා, සමන්තා පවර්ලා එක්ක එකතු වෙලා, පොද්දා කරනවට මෙන්න කැට.
දැන් මේ පින්තූරේ ඉන්න රත්තරන් ගමු. රත්තරන් ඇයි ෂෝටක් නොගහා සරම කැහැපොට ගහගෙන යන්නේ. ඔහොම ගිහින් මක්කවත් බෙදුවේ නැති උනත්, මාමේ නැන්දේ, අයියේ අක්කේ, පුතේ දුවේ, නංගියේ මල්ලියෙ කියලා ආවම ගමේ උන්ට ඉතින් මහින්ද මහත්තයා ආවා වගේ තමා. ෂෝට ගහලා ගියා නම් අරුන්ගේ කෙනෙක් වෙන්නේ නෑ. නිකන් බනානා සුජී ආවා වගේ වෙනවා. පොරටත් ඇපත් නැති උනේ ඒකනේ. රත්තරන් උනත් ෂෝට ගහලා ගියාන්ව්ම් ගමේ කෙනෙක් වෙන්නේ නෑ. උන්ගෙම එකෙක් වෙන්නේ නෑ. ඉතින් සරම් ඇඳපු ලොකු පවුල්වල අලි වංශයෙන් හිටපු සෙල්ලක්කාර මෙලෝ රහක් නැති වෙල්ගමලා කැපිලා, රත්තරන්ලා ඒ පැත්තේ යුව රජ්ජුරුවෝ වෙනවා.
හැබයි මේ දේ තේරුම් නොගත්ත 3% අලුකුත්තේරුවන්ගෙ මහ එකෙක් කවදාවත් සරමක් ඇඳගෙන ඉන්නවා දැකලා තියෙනවද? නෑ නේද? ඒ මොකද කියලා දන්නවද? ඒ තමයි කැම්පස් ගියපු උන්ටත් තියෙන ගං කබර මානසිකත්වය. උන්ට ටයි කෝට් අඳින්නත් බෑ. ඒකට ආස උනාට බයයි. කලිසම ගහලා කුඹුරු හාන්නේ ගඩොල් බාන්නේ. අඩෝ අපි මේවා කලාට උඹලා වගේ මෝඩයො නෙමෙයි, හොඳ උගත් මහත්තුරු කියලා පෙන්නන්න.
ඉතින් මෙලෝ අල බෝලයක් නොදන්න ගම්වල ඉන්න රුපියල් හත් අටසීයේ කලසන් අඳින සෙට්ටෙකකුයි, කැම්පස් එන උගත් නමුත් බුද්ධියක් නැති මුන්ගෙම මානසිකත්වයට ගැලපෙන පිරිසක් හැමදාම සෙට් වෙනවා. නමුත් උන් කසාදයක් බැන්දයින් පස්සෙ මුන්ගේ රංගනේ තේරුම් ගන්නවා.
උන් ගමට ගියත් පස් දෙනෙකුට කතා කරන්නෙත් මීටිමක් තියලා. ඒ කරලා හයිඩ් පාක් එකේ දෙන ටෝක එතනත් දෙනවා. බල්ලෝ බය වෙලා දුවනවා. උන්ට ඇර ලංකාවටම බනිනවා. ජනතාව අමු මෝඩයෝ කියනවා. අපිට ඕන බලය නෙමේ කියනවා.
ඒ කරලා ෂවේන්ද්‍ර සිල්වා ආවා වගේ බවුන්සර්ලා දෙන්නෙක්ගේ ගාඩ් එකෙන් ගිහින් කැබ් එකේ හයිවේ එකේ කොළඹ එනවා. ආපු උන් දෙන්නා තුන් දෙනා ගෙදර යන ගමන් කල්පනා කරනවා... යකෝ මුන් අපිටත් බැන්නා නේ. මුන්ට චන්දෙ දීලා අපි මෝඩයෝ වෙනවට වඩා අර අපේ එකා වගේ හොයලා බලන රත්තරන් පුතාට දීලා දානවා යකෝ කියලා.
ඉතින් සරම ගහල ගමේ උන් එක්ක ඉන්න රත්තරන්ලා උඩින්ම දියවන්නාවට එනවා. ඒ විතරක් නෙමේ මනාප හොන්ඩර ගනන් ගේන රත්තරන්ලට කැබිනට් ඇමති කම් දෙන්නත් වෙනවා. උන් මහාචාර්‍යලාට වඩා වැඩත් කරනවා.
මාතර පැත්ත පලාතේ නොගිය හඳුන්නෙත්ති, චන්දෙට විතරක් මාතර ගිහින් ඇපත් නැති උනා කියලා අපිට බනිනවා. පුලුවන් නම් ඔය හඳුන්නෙත්තිට කියපන් ආසන සංවිධායෝ සෙට්ටෙකේ නම් ටික කියන්න කියලා. ඔට්ටුයි බෑ.
හැබයි ඉතින් ඒ කියලා වමේ උන්ට දැන් සරමට බහින්න බෑ. දැන් ටූ ලේට්. මොකෝ රනිල්ගේ ගෝලයෝ කියලා, සරම් නෙමේ, ජොකත් නැතිව ඉන්නේ. දැන් එයාලට විශේෂිත අනන්‍යතාවයක් නෑ. අනන්‍යතාවය තමා තුන (3). %3 යි, ආසන 3 යි. දැන් එයාලා නැව් ගන්න සෙට් වෙන්නේ. හැබයි සෙට්ටෙක ඒ බිස්නස් එකට බැස්ස දාට තමයි, ජෙප්පන්ට කෙලින්න ඉන්න නිස්සංක සේනාධිපති ලොක්කට කෙලවෙන්නේ.
සරමේ වගත් එසේය....
.












