.

.
Showing posts with label Kottu. Show all posts
Showing posts with label Kottu. Show all posts

Oct 17, 2023

කොත්තු සහ කොත්තු බාස් ලක්ෂාන්

 



කොත්තු සහ

කොත්තු බාස් ලක්ෂාන්

➖➖➖➖➖➖😜➖


Lakshan Abeynaike කියන කොත්තු බාස් ගෙදර කොත්තුවක් හදලා... ඒක දැන් හෙන ටොපික් එකක් වෙලා නැගලම යනවා...


එක එක්කෙනාගේ සිතුම් පැතුම් වෙනස් වගේම කොත්තුවේ ටේස්ට් එකත් එක එකාට වෙනස්...


මම ඉස්සෙල්ලම කොත්තුවක් කෑවේ සෙලින්කෝ මැනේජ්මන්ට් ඇන්ඩ් එකවුන්ට්ස් සර්විස් එකේ ඉන්දැද්දි... ෂාන් කියන මගේ මැනේජර් එක්ක... බම්බලපිටියේ මැජස්ටික් හෝටලේන්... ඒ රෝස්ට් චිකන් කොත්තු... ඒ 1985 දී ... එතකොට හැම තැනම කොත්තු තිබුනේ නෑ.... ඒ රස වෙන තැනක කන කොත්තුවක අද වෙනකන් දැනිලා නෑ... 


ඊට කලින් අපි දෙන්නා අඩියක් ගහලා එතනින්ම කෑවේ රෝස් චිකන් ඇන්ඩ් පරාටා... විත් චිකන් කරි ඇන්ඩ් ළූණූ සම්බෝල්... අපේ වේටර් මහත්තයා තමා කිව්වේ අලුත් කෑමක් තියෙනවා ට්‍රයි කරලා බලමු කියලා...


ඊට පස්සේ චැතම් ස්ට්‍රීට් එකේ ටජ් හෝටලෙන්... ඒ බීෆ් කොත්තු... හැබයි ඔය තැන් දෙකේම මේක හදන හැටි දැක්කේ නෑ.. කොත්තුව හැදුවේ කඩේ ඇතුලේ... පස්සේ පරාටා තිබුන හැම මුස්ලිම් හෝටලේම කොත්තු රොටිය හැදෙන්න ගත්තා වගේම කොත්තුව හැදිල්ලත් ආර්ට් එකක් වුනා... ඒක ලංකාවේ ප්‍රධානම කෑමක් වුනා... 


එග් කොත්තු, ෆිෂ්, බීෆ්, චිකන්, පෝක්, මටන්, ඩොල්ෆින්, මිල්ක් වගේ... දැන් කොස් කොත්තුත් සමහර තැන්වල නැගලම යනවා... 


සින්දුත් ආවා... නිහාල් නෙල්සන්ගේ ... ලට්ට පට්ට දාලා හදන මේක කොත්තු රොටිය වගේම... ඉරාජ්ගේ... මට කොත්තුත් ඕනේ... සින්දු දෙකම යන්නේ කොත්තු දාන බීට් එකට...


දැන් නම් කොත්තු වලට ජනප්‍රියම කොල්ලුපිටියේ පිලාවුස් එක... ඒකේ චීස් චිකන් කොත්තුවට ගහන්න කොත්තුවක් ලොවෙත් නෑ... (ඒ මට... මොකෝ මම මිරිස් කෑමට ප්‍රිය නැති නිසා.. සමහරුන්ට වෙන තැන් ඇති)


හැබයි එතනත් වැඩේ පේන්න හදන්නේ නෑ... වීකෙන්ඩ්ස් වල රෑට කොත්තුවක් කන්න කලින් සෑහෙන වෙලාවක කට්ටකුත් කන්න ඕන.. එතකන්... ගහලා එන අඩ්ඩ බහින්නත් එක්ක... බඩ්ඩ එක්ක අයිස් මයිලෝ එකක් සිප් කර කර උන්නාම හරි...


මම හිතන්නේ ලක්ෂාන් බාස්... මිස්ටර් කොත්තුගෙ කොත්තු කෑවට... ෆයිව් ස්ටාර් කොත්තු කාලා නෑ වගේ... දැන් ඒවයෙත් මේ ශ්‍රී ලංකන් කුසීන් එක තියෙනවා... ඒවත් පට්ට රහයි... හේතුව ඉන්ග්‍රීඩියන්ස් වැඩි වීම... ඒවයෙ කොත්තු දාන්නේ නම් බාස්ලා නෙමේ.... කොලිෆයිඩ් කුක්ස්ලා...


එතකොට ලක්ෂාන්ට අවුල් යන්න ඇත්තේ සාමාන්‍ය කොත්තු බාස්ලගෙ ඉන්කම් එක වෙන්න ඇති... මේ වගේ අය ඇත්තටම ඉන්න ඕන ඉන්ලන්ඩ් රෙවනියු එකේ... ඒ නිසා උන් එක්ක තරහට ගෙදර කොත්තුවක් හදාගෙන... අරවා හේට් කරනවා... 


ගෙදර කොත්තු හැදුවට සද්දෙ එනවද අනේ...


ගෙදර ඒවයේ සද්දේ නැති නිසාමනේ ඔය ලක්ෂාන්ලයි ගෙවල් පැත්තෙම... ඕසෙට ස්පාත් වැහි වැහලා තියෙන්නේ...


අනේ මන්දා මෙහෙම මිනිස්සු... මට බය තියෙන්නෙ... මේ යකා හෙට අනිද්දා බේකරියකුත් ගෙදර දාගනීද කියලා...


පිස්සු නේ....


හැබයි ඉතින් කොයි කොත්තුව වුනත්..

තොත්තුවකුත් එක්කම කෑවොත් තමා රස...


නැත්නම් අර EGB නැතුව කෑම එපා...

කියනවා වගේ...කොත්තුත් ඕනම නෑ...


දැන් කොත්තුවක් කන එකත් ලේසී නෑ..

ඒකත් ලක්ෂරි අයිටම් එකක්...

.