.

.

May 30, 2023

මෝඩාභීමානය ගැන අවසන් සටහන.


 මෝඩාභීමානය ගැන 

අවසන් සටහන.

➖➖➖➖➖🟥


මාතලන් සැමදා ලියූවේ බහුතර ජනතාවගේ මතයය. ඒ බැව් මුල් කාළයේ සිටම මාතලන් කියවන උන් දන්නා අතර, චන්ද ප්‍රතිඵල තුලින්ද ඒ බව සෑම අවස්ථාවකදීම සනාත වී තිබෙනවාය.


සමාජයේ බහුතර මතය ලිවීම නිසා නැති වූ මිතුරෝද, ඇති වූ සතුරෝද බොහෝය. ඒ කිසිවක් මාතලන් පයිසයකට ගනන් නොගන්නේ, මධ්‍යස්ත මතධාරී බුද්ධිමත් මිතුරන් පිරිසක් එදා සිට අද දක්වාම මාතලන් සමඟ සිටිනා නිසාය. දායක සභා නඩත්තු කිරීම් හෝ පේජ් මේන්ටේන් කිරීමේ හෝ රීච් ලබා ගැනිමේ මාන්දමක් මාතලන්ට එදා තිබුනේත් නැතිය අද ඇත්තේත් නැතිය.


මේ රටේ සාරාන්ලා කරන්නට දත කෑ විනාශය ගැන මාතලන් ලිව්වේ 2012 දීය. ඒ රාජපක්ෂලාගේ තකතීරූ තීරණ වලට එරෙහිවය. ඒ එයාලා සිද්ධාලේපත් හලාල් කොට, මේ රට තවත් ඇෆගනිස්තානයක් කිරීමේ මාර්ගය සලසා දීමට එරෙහිවය. අප පලකල අනාවැකි සපල වූයේ පාස්තු ඉරිදාය. සියල්ලන්ගේ ඇස් ඇරුනේ එදාය .


මාතලන් ඒවා ලිවූයේ මාතලන් ජාතිවාදියකු නිසා නොවේය. අදත් මාතලන් ජීවත් වන්නේ සාරාන්ලා ජාතියේ අය බහුතරය සමඟය. ඔවුන් මගේ මිතුරෝය, නෑදෑයෝය. එහෙත් අප විරුද්ධ වූයේ අන්තවාදයටය. ත්‍රස්තවාදයටය. ඒ ලිපි සියල්ල අදත් බ්ලොග් අඩවියේ තිබෙනවාය.


මෝඩාභීමානයේ නතාෂාගේ ප්‍රකාෂයට මාතලන් එරෙහි වූයේ එය එම සිඳුවීමට ලඝු කිරීමට මාතලන් කිසිසේත් අකමැති වූ නිසාත් මෙය කාළයක් තිස්සේ කරගෙන එන ජාත්‍යන්තර මෙහෙයුමක් බව හොඳින්ම දන්නා නිසාත්මය.


බුද්ධාගමට පහරදී තරුණ පරපුර ආගමෙන් ඉවත් කොට නිරාගමිකයින් කිරීමක් ලෙස ගෙන ගියද සියල්ල සිඳුවන්නේ තවත් ආගමික කණ්ඩායමක් සංවිධාන කීපයක් හරහාය. එවාවල සාමාජිකයෝ ගලේ රුන්න පූසෝ මෙන් හත් පොලේ ගාගෙන බුකියේ පිස්සු වැටී රඟනා රැඟුම් බුකිගතවන  සියල්ලන්ට මේ දිනවල දැක ගත හැකිය. 


මේ නිරාගමික පිස්සුව රැල්ලක් වූයේ ගෝල්ෆේස් අරගලය සමඟය. ඒ බව තේරුම් නොගත් අමන සංඝයෝද ඔවුන් හා එක් වූවද, අද ඕමල්පේලාට හා කස්සපලාට තමන් කළ අමනකම් වැටහී තිබීම සතුටට කරුනක්මය.


මෙය මෙසේ හෙලිදරව් වූවද, උතුරු ප්‍රදේශයේ ජනතාව හින්දු ආගමෙන් ඉවත් කොට කතෝලිකකරණය කිරීම සීඝ්‍රයෙන් සිඳුවන බවත්, ඒ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය දැන් හෝ යොමුවිය යුතු බවත් සඳහන් කළ යුතුමය.


මාතලන් බෞද්ධයෙක් නොවන බව මාතලන් ගැන හොදින්ම දන්නා උන් දන්නවාය. මාතලන් කිසිදු දහමක අනුගාමිකයකු නොවනාතර, මට මගේම ආගමක් හා දර්ශනයක් ඇත්තේය. 


එසේ තිබියදීත් මේ කාරනයේදී මාතලන් දිගට හරහට පෝස්ට් දැම්මේ ඇයි කියා මාතලන්  හොඳින් හඳුනන උන් පවා වික්ෂිප්ත වූයේය. මාතලන් එසේ ලියූවේ ඇයි කියා මේ පිළිබඳව Mahesh Hapugoda මහත ලියූ ලිපියේ ඉතා පැහැදිලිව තියෙනවාය.


අපට, නිදහස් අදහස් ඇති නිවහල් නිරාගමික මිනිසුන් ලෙස ජීවත් වන්නට ඉඩ ලැබී ඇත්තේ මේ රටේ ඇති බෞද්ධ සංස්කෘතික ජීවන රටාව නිසාය. රටේ බහුතරයක් අදහන ආගම එයයි, එය අදහන දෙසන එකෙක්වත් බුද්ධත්වයට පත් වූවන් නොවේ. මිනිසුන්ගේ ආගම හා ඇදහීම් යනු ඉතා සංවේදී මිනිස් ක්‍රියාකාරකමකි. නීතී රීතී වලින් පවා ඒවා ආරක්ෂා කර ඇත්තේ එබැවිනි. 


අපද ඒවායේ ඇති විකාර සහගත දෑ විවේචනය  කරනා මුත්, ආගමික සාශ්තෘවරුන්ට හෝ ඉගැන්වීම් නිර්ධය ලෙස විවේචනයට යන්නේ නැතිය. එබැවින්, එයට හානී කරන කිසිවකු වේද ඔවුන් විවේචනය කිරීම මාතලන් ඉදිරියටද කරණු ඇත්තේය.


🔴 එහෙත් මේ මොහොතේ අප එයින් සමුගන්නේ අපේ යුතුකම ඉටුකොට අවසන් නිසාය. 


දැන් ඒ පිළිබඳව වගකිව යුතු පුද්ගලයින් හා ආයතන සියල්ල, ඒ පිළිබඳව කටයුතු කිරීම ප්‍රමුඛ කාර්‍යභාර්‍ය බවට පත්කොට ගෙන අවසානය. ඔවුන් නියපොත්තෙන් කැඩිය හැකි මේ අවස්ථාවේම එය ඉටුකරනු ඇතයි අප බලාපොරොත්තු වන්නේය.


මේ රටට කෙලවූයේ එසේ සිඳු නොකොට, කට පුප වසාගෙන හිනා වෙවී සිට, අස්සයා පැන ගියායින් පස්සේ ඉස්තාල වසා දාන්නට ගොස් හත්පොලේ ගාගත් නිසාය.


ස්වස්ථි සිද්ධම් !!!!


.


May 28, 2023

එන ආයෝජනේටත් කෙලින්න දඟලන, රට වනසන මඩකරි අපතයෝ

 


එන ආයෝජනේටත් කෙලින්න දඟලන,
රට වනසන මඩකරි අපතයෝ
➖➖➖➖➖➖➖➖➖💀💀

අපේ රටේ උන්ට ලයිට් නැතිව උන්න එව්වා, පැස්ටෝල් නැතිව උන්න එව්වා, දැන් මතක නැතිය. 

එව්වා ඉබේ නැති වූයේ නැතිය. එව්වා සියල්ලම කළේ රාජපක්ෂලා විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ලෙසය. වැඩේට යොදාගත්තෙත් ඒ පවුලේම එකෙක්‍මය. ඒ නොම්මර එකේ ලණු කන්නෙක් වූ ගොම ගෝටාභයය.

කුමන්ත්‍රණයේ මහ මොළකරු විමල් වීරවංශය. ඉස්පොන්සර් දිලිත් ජයවීරය. වැඩේ කළේ මංගොනාපිල හරහාය. අණබෙරකාරයා ජනක රත්නායක නම් ගුණමකු අපතයාය. සියල්ලෝ එකතුව රටේ ඉන්ධන හා විදුලි අර්බුධයක් නිර්මාණය කලේය.

එහෙත් මුන් සියල්ලන්ටම කෙලවූයේ, ගෝටා විසින්ම ඇමතිකම කංචනට දීමෙන් අනතුරුවය. පොර කළේ QR කේත ක්‍රමය හඳුන්වා දීමය. ඒකෙන් අර්බුදයෙන් මතු වූ ඉන්ධන හොරා කෑ ත්‍රී වීල් මාෆියාවට මෙන්ම ඉහත නම් සඳහන් කළ, රට අඳුරේ තැබීමට අදත් පුප ඉරාගෙන දඟලන මාෆියාවටත් කෙලවෙලාම යෑමය.

ඒ අතරින් එකෙක්, දිගටම රඟපෑවේ කොමිසන් සභාවල ඇති නීතිමය බලයෙන් කවර් වෙමින්‍ය. ඒත් කංචන හා එක් වූ රනිල් වික්‍රමසිංහ නම් වියවස්තා විසේසග්නයා ඌටත් ඊයේ පෙරේදා ඇරියේ, බටර් නැතිවමය.

කංචනට අරින්න ගිය තෙල් සංස්ථාවේ පොහොට්ටුවේ හූනියන් බත්බැලයන්ටත් ඇරියේ පුපෙන්ම යන්නටය. මහින්ද තියා මොකා කිව්වත්, උන්ට ආයේ රැකියා දුන්නේ නැතිය. තාමත් සැට්ටෙකම ගෙදරය.

හොරුන්ට මාෆියා කාරයන්ට කෙලිනා විට හතුරෝ වැඩිවෙන්නේ ලයිට් බිල වැඩි වුනා වගේමය. එය කොතනටත් අදාලය.

හතර ගාතෙන් වැටී පුපෙන් යන්න දුන්නත්, ඉහත නම් සඳහන් කළ විමල්, දිලිත්, ජනක, මංගොනාපිල, උන් හා අලුතෙන්ම එක් වූ දියවන්නාවේ බඩු කාරයා මෙන්ම ජෙප්පෝද වැඩේ අත් හැර නැත්තේය.

දැන් ගේම දෙන්න යන්නේ එන ආයෝජකයන්ටය. ඒ සිනොපෙක් කාරයාගේ දුවට මඩ ගසලාය. අපතයන් රැල උන්ගේ මුදල් හා මීඩියා බලය උපයෝගී කර ගනිමින්, කංචනට මඩ ප්‍රහාරයක් එල්ල කළේ, එකම ලිපිය වෙබ් අඩවි හරහා එක මොහොතේ පලකරලාය.

ඒ සිනොපෙක් ආයතනයේ දේශීය නියෝජිතයා මැක්ලරන් කොම්පැණිය බවට අමු කෙප්පයක් නිර්මාණය කරමින්‍ය. මේවා කිසිම පදනමක් නැති ජඩමාධ්‍ය සුනඛයන්ගේ අතේ රෝල්‍ය.

වැඩේ බඩු බනිස් වෙන බව දැනගත්, මාතලන්ද කාළයක් ලිපි ලියූ lankanewsweb මුලින්ම ලිපිය ගලවා දැමුවේය. ඉන් පසු රෙද්දේම රෙවුන අනෙක් බ්ලොග් පඩංගුත්, නිව්ස් එක ගලවා දැමුවේය.

දැන් මුන්ට අවශ්‍ය ආයෝජකයන්ට මඩ ගසා, උන්ට ලංකාව අරහං කොට, නැවත වරක් රට අරාජික කිරීමටය. ඒ නිසා වැඩ්ඩන්ට නොව ආයෝජකයන්‍ටත් මඩ ගැසීමට පටන් ගෙන තියෙනවාය.

කස්ටියට බඩු බනිස් වුනේ, සිනොපෙක් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, තමන් මේ රටේ බිස්නස් කරන්නේ තමන්ගේම කොම්පැනියෙන් බවත්, මැක්ලරන් කොම්පැනිය හෝ කිසිම කොම්පැනියක් ඊට සම්බන්ධ නැති බවත් ප්‍රකාෂ කිරීමෙන් අනතුරුවය.

මේ බිජුහීනතාවයෙන් යුත් ගුණමකු මඩකරියන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඕකුන් සියල්ලටම ජම්පර් ඇන්දවීමකින් තොරව, මේ රට සංවර්ධනය කිරීම ලේසී පාසූ කටයුත්තක් නොවන්නේමය.

ඒ සඳහා මෙතෙක් තමන්ට එදිරිව ආ සියලු මාෆියා කාරයන්ට බටර් නැතිව පශ්චාත්භාගයේම ඇරිය, කංචන ඇමතිවරයාටත්, ජනාධිපති රනිල්ටත්, විදුලිබලයට හා ඉන්ධන බාර සියලු දෙවි දේවතාවූන්ගේ බලය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමු...

ආයේ පෝලිම්වලයි... කරුවලෙයි ඉන්න බෑ ඕයි....

ඒ වගත් මෙසේය....

.

May 26, 2023

රත්තරන් පෙම් පුරාණේ රට බඩු හා කන පැලෙන බදු

 


රත්තරන් පෙම් පුරාණේ
රට බඩු හා කන පැලෙන බදු
➖➖➖➖➖➖➖➖➖➖🔴

අලී සබ්‍රී කියලා හාදයෙක් රත්තරන් සහ ස්මාර්ට් ෆෝන් වගයක් ගෙනත් බඩු මාට්ටු වෙනවා... හාදයා පාර්ලිමේන්තු මන්තිරි කෙනෙක්....

පොර ඩුබායි ඉඳලා ඇවිත්,  කටුනායක ප්‍රභූ පර්‍යන්තයෙන් එලියට එන්නේ.... මීට කලින් හත් වතාවක්ම, පොර විතරක්, මේ වැඩේ කරලා තියෙනවා... (තව කී දෙනෙක් එන්නැද්ද නේ )

දැන් ඔහේලට තේරුනැයි පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මන්ත්‍රිවරු, පාර්ලිමේන්තු සභාවාර වලට එනවටත් වඩා, ඩුබායි සිංගප්පූරූ බැංකොක් යන්නේ ඇයි කියලා...

දැනට මාට්ටු වුනේ දෙන්නයි... ඒ, ජේ ආර් පප්පගේ කාළේ මාට්ටු වෙච්චි අනුර ඩැනියෙලුයි...  මේ, අලී සබ්‍රියයි විතරයි... ජේ ආර්, අනුර ඩැනියෙල් ඉවත් කලාට ඊට පස්සේ ආවේ එයාගේ නංගී... 

ජේ ආර් ගේ කාළයේ තමයි, මේ වගේ දූෂණ ක්‍රියා මහා පරිමාණයෙන් පටන් ගත්තේ... මහින්දගේ කාළේ මේවා සාමාන්‍ය සිඳුවීම් සයිස් එකට ආවා විතරක් නෙමේ... මේ දූෂණ විතරක්ම නෙමේ, ස්ත්‍රී දූෂණ, ළමා දූෂණ... කරන උන් ප්‍රාදේශීය රජවරු වුනා..  ප්‍රසිද්ධියේ මිනී මරලා බේරිලා ඉන්නත් ක්‍රමය සකස් කළා... අන්තීමේ මිනිස්සුන්ට එපාම වෙලා ගියා..

මැයි 9 ක්‍රියා කිසිසේත්ම අනුමත නොකලත්, අමරකීර්ති අතුකෝරාල ජීවිතයෙන් වන්දි ගෙව්වේ මේවටම තමා....

එතකොට අලී සබ්‍රී ඇයි ආන්ඩුවට විරුද්ධව චන්දය දුන්නේ... පොර ප්‍රසිද්ධියේම කියනවා ඌ ජනාධිපති ලේකම් සමන් ඒකනායකටයි අගමැති දිනේෂ්‍ට කතා කළා.... එයාලා මූ බේරුවේ නැත්නම්... තව මොකටද උන්ට චන්දෙත් දෙන්නේ කියලා...

ඇත්තටම මේ තාක් කල් වුනේ ඒක... ඕකුන් විතරක් නෙමේ... සාමාන්‍ය ජනතාවත් කස්ටම් ඔෆිසර් කෙනෙක් අල්ලලා වැඩේ ගොඩ දාගන්නවා... එයාලගේ ජීවන තත්වය හා කෙරුවාවන් ගැන අමුතුවෙන් ලියන්නෝන නෑ නේ...

ඌ කෝල් කලා වගේම, රේගුවේ ලොක්කත් සමන් ඒකනායකට කතා කරලා තියෙනවා... සියළු විස්තර අහපු... විදෙස්ගත වෙලා හිටපු රනිල් කියලා තියෙන්නේ... නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න කියලා විතරයි...

ඒ විතරක් නෙමෙයි ... මින් මතුවට VVIP හෙවත් අති විශේෂිත ප්‍රභූවරුන්ගේ ගමන්මලු සියල්ලත් පරීක්ෂා කරන්න නියෝග කරලා... 

එයින් නැවතිලා නෑ.. දැන් එතන ස්කෑනින් යන්ත්‍රයකුත් ස්ථාපිත කරලා... 

හරි නම් එනකොට ඉතරක් නෙමේ... යනකොටත් චෙක් කරන්න ඕන...

සිස්ටම් චේන්ජ් වෙමින් තිබෙන බව මිනිස්සුන්ට දැනෙමින් පවතිනවා...
රනිල් වගේම නිළධාරීනුත් වෙනස් වෙලා...

ඒ කෙසේ වෙතත් .... මාතලන් මේ වැඩේට... ඒ කියන්නේ රත්තරන් හා සෙල්ෆෝන් වැනි දේ ගෙන ඒම නීතී විරෝධී වීමට විරුද්ධයි .. 

ඕක නීතී විරෝධි වෙන්නේ... ඕවට කන පැලෙන්න බදු ගගන නිසා නේ... ආන්ඩුවේ උන්ට පින් පඩි ගෙවන්න කන පැලෙන බදු ගැහුවාම.. අවසන් පරිප්පුව කන්නේ සාමාන්‍ය  පාරිභෝගිකයා ...

දැන් පෝට් සිටි හෙවත් වරාය නගරයේ ඩියුටි ෆ්‍රී ෂොපින් මෝල් එකක් දාන්න යනවලු සිංගප්පූරුවෙන්... එතකොටවත් මේ නීතී රීතී වෙනස් විය යුතුමයි....

මේ වගේ එදිනෙදා භාවිතා කරන දේට (ස්මාර්ට් ෆෝන්) කන පැලෙන බදු ගහලා .... ඒවා අධිපරිභෝජනවාදී ගොඩට දාන්නෙත් ආන්ඩුවේ ගොබ්බයින්මයි....

බිස්නස් කරන මිනිස්සුන්ගෙනුයි පාරිභෝගිකයින්ගෙනුයි කප්පම් අරගෙන ජීවත් වෙනවට වඩා... ආදායම් ලබා ගන්න වෙන මක්කා හරි කලා නම් බොහෝ වටිනවා...

බදු ගැහුවට කමක් නෑ...හැබයි ඒක ඉහමොළ හූරගෙන කන බද්දක් නොවී...

ඒ වගත් මෙසේය......
.

May 20, 2023

රාජපක්ෂලා නම් මාර බඩු ඕයි...

 


රාජපක්ෂලා නම් මාර බඩු ඕයි...

➖➖➖➖➖➖➖➖➖😁➖➖


මැයි 18

අති උතුම් ජීවන්ත පීරීස් දේවගැති තුමාට කියලා බොරැල්ල රවුන්ඩ් ඒ බවුට් එකේ ත්‍රස්තවාදී සැමරුමක් ඕගනයිස් කරනවා.


ඊට පස්සේ Tharindu Uduwaragedara ටයි කේ සංජීව ටයි කියනවා... උඹලා ගිහින් ලයිව් අප්ඩේට් දියන් කියලා...


එක්නැලිගොඩ හාමිනේට කියනවා ඔහෙත් එතනට යන්නෙයි කියලා... ඒ මනුස්සයා කියනවා මට අදාල නෑ නේ ලොක්කා කියලා... අදාල නැති වුනාට කමක් නෑ ඔහේ යනවකෝ.. අපි ආපු ගමන් එක්නැලිගොඩ ගෙනත් දෙන්නම් කියලා... අපෝ එයා ගෙන්නන්න එපා.. එතකොට මට වෙන්නේ අනෝමා ෆොන්සේකට වගේ ගෙදරට වෙලා කහමදේ සෙන්ටර් වෙච්චි බුල්සයි දාන්නයි... ඒ නිසා මම යන්නම් කියලා....


දිනක්ෂි ප්‍රියසාදගේ අයියට කියනවා උඹේ බලවේගෙත් අරගෙන ගිහින් අරුන්ගෙන් ගේම ඉල්ලපන්... ඕනම නම් බෙටර්ඩීන් ටිකකුත් අරන් පල කියලා.... 


පොලීසියට කියනවා තරිඳුට ගහයි බලාගෙන ඉන්න කියලා...


තරිඳුට කියනවා... අපිට ගගනවා පොලීසිය බලාගෙන ඉන්නවා කියලා දිගටම කියන්න කියලා...


යාන්තන් රනිල්.... කැරලි මර්දන හමුදාව එවලා ඒ ඩ්‍රාමා එක ඉවර  කරනවා...


ඒ අස්සේ අති පූජ්ජ ජෙරොම් දිව්‍ය ප්‍රසාදීන් වහන්සේට කියනවා .... බුදු සාදූ ටෝච් එක ඉල්ල ගත්තේ ජීසස්ගෙන්‍ය කියලා දේශනාවක කියන්නෙයි කියලා...


ඊට පස්සේ විදුර වික්‍රමනායකට කියනවා අඩෝ ඒකට කොක්ක ඇදපන් කියලා....


ආයේ විඳුරට කියනවා රනිල්ට කියපන් .... මේ පිළිබඳව මොකුත් නොකළොත් මම දළඳා හාන්දුරුවෝ ඉස්සරහා පැස්ටෝල් වක්කරන් ආලෝකය සොයාගෙන යනවා කියලා කොක්ක ඇදහන් කියලා....


හැබයි රනිලුත් මෙ ළණුව කාලා පොලීසියට කියනවා දිව්‍ය ප්‍රසාදීන් වහන්සේ අත් අඩංගුවට ගන්නෙයි කියලා...


අර නම ලිව්වොත් බුකියේ තහනම් වෙන සාධුට කියනවා.... මචං නානේ අපිට පොඩි සප් එකක් දියන් ... ආයේ නාමල් ආවම ඩිස්කවරියක් දෙන්නම්‍ය කියලා...


මේ ඩ්‍රාමා එක තාම යනවා...


ඒ අස්සේ.... ඊයේ සිරසේ සුසාර දිනාල්ට කෝල් එකක් දීලා කියනවා... මචං බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ආපූ කොල්ලට කප් එක දියන්... අපි ආවම රනිල්ගේ ගේ 🔥 🔥 තියපු එකට අපි උඹලට සම්මාණයක් දෙන්නම්.... ෂෙවාන්ටත් කියහන් නැත්නම් වෙන දේ මතකනේ කියලා....


ඒ අස්සේ රමියා කප් එක දිනනවා...


ආන් එහෙමයි රාජ්පක්ෂලා නැවත බලයට එන්න කුමණ්ත්‍රණය කරන්නේ...


රමියා සිරස වොයිස් සීසන් ටූ දින්නේ....


.

May 15, 2023

රාජ්‍ය බුද්ධි අංශ අඩපන කිරීමට ඉඩ දිය යුතු නැත.

 


රාජ්‍ය බුද්ධි අංශ අඩපන කිරීමට 
ඉඩ දිය යුතු නැත.
➖➖➖➖➖🔴➖

පසුගිය සතියේ සිඳුවූ විශේෂ පොලිස් මෙහෙයුම කිසිසේත්ම ආන්ඩු විරෝධි කණ්ඩායම් හා ජඩමාධ්‍ය මගින් පෙන්වූ කරුණටම පමණක් ලඝු නොවූ මෙහෙයුමක් බව, පොලීසිපති කාර්‍යාලය විසින් 12 වෙනිදා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිකුත් කළ නිවේදනයෙන් ඉතා පැහැදිලිය.

ඕනෑම රාජ්‍යයක රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දූ තීරණ හා මෙහෙයුම් පිළිබඳව මාධ්‍ය දැණුම්වත් කරන්නේ නැතිය. එසේ කලහොත් එම ක්‍රියාවන්ගෙන් සත පහක ප්‍රයෝජනයක් අත් නොවනා බව පොඩ් එකෙකුට වුවත් තේරුනද, අපේ රටේ ප්‍රවීන හා ජේෂ්ඨ යැයි කියනා ජඩමාජ්ජවේදීන් නම් දන්නේ නැතිය.

සියල්ලෝ චෝදනා එල්ල කළේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාටය. ඔහු බුද්ධි අංශ සම්බන්ධයෙන් අපට සිටිනා සුපිරිම නිළධාරියාය. ඒ බව රාජ්‍ය අරාජික කිරීමට සිටිනා බලවේගයන්ද හොඳින්ම දන්නේය. එබැවින් ඔහු ඉවත්කර දැමීම මේ බලවේගයන්ගේ එකම පරමාර්තයය.

විදේශ රටවල බුද්ධි අංශ පිළිබඳ විවරණ එම රටවල රට වැසියන්ට තබා මාධ්‍යවේදීන්ටද ලබා දෙන්නේ නැතිය. ඒකට ලංකාවේ හාල්පාරුවන්ට කෝකටත් මුව හම බුද්ධි අංශයය.

2015 සිරිසේනගේ සිවිල් ක්‍රියාකාරීන් විසින් වරක් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආරක්ෂාවට සිඳු වූ දේ පාස්කු ඉරිදාවක මුලු ලෝකයම දුටුවේය.

රට තවමත් ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ තුලින් සිවිල් යුද්ධයක් වැනි තත්වයක් වුවත් පැන නැගිය හැකි වාතාවරණයකය. 

ආන්ඩුව තුලද ගැටුම් ඇති බව රහසක් නොවේ. එහෙත් එක එකාට කැමති ආකාරයේ තීන්දූ තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැතිය. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා සෑම තීරණයක්ම ජනාධිපතිවරයා දැණුම්වත්ව ඔහුගේ අභිමතය පරිදි සිඳුවිය යුතුමය. 

එහෙත් පසුගිය සතියේ සිඳු වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම පිළිබඳව ඔහු දැණුම්වත්ව නොසිටී බවත්, එය යහපාලන සමයේ පැවති වාතාවරණයම ඉදිරියට ගමන් කිරීමක් බවත්, එය රාජ්‍යයේ ආරක්ෂාවට කිසිසේත්ම සුදුසු නොවන තත්වයක් බබත් ලියා තැබිය යුතුමය.

මේ රට පරිප්පු කෑවා හොඳටෝම ඇතිය.
.

May 13, 2023

බියර් ජනසතු කරණු


බියර් ජනසතු කරණු

➖➖➖➖➖➖ 🍺 ➖


රනිල් ලිබරල්වාදියෙක් නම් කළ යුත්තේ...


අරක්කු මිළ අඩුකොට... 


බියර් හා වයින් ඕනෑම වෙළඳසලකින් ඕනෑම දිනෙක මිළදී ගැනීමට ඉඩ දීමයි. 


අවශ්‍ය නම් ස්ට්‍රොන්ග් බියර්ද මත්පැන් කැටගරියට දමා, ඒවාට දැන් ඇති නීතී රීතී එලෙසම තැබූවටද අවුලක් නැත.


සුරාබදු ආදායම විශාල ලෙස ඉහළ යාම මහ බැංකුවද මවිත කරණු ඇත.


දැන් ඉතින් අමධ්‍යප හිඟන්නෝ එන්න එපා හැම කඩේටම බියර් දැම්මාම පාසල් දරුවොත් බොයි.... සංස්කෘතියට අම්මට හැමනෙයි කියාගෙන.


දැන් ඉන්න පොඩ් උන් අයිස් හා කුඩු ගහන්නේ... 


ආන් ඒවත් නවතිනවා මේකෙන්...


🔴 රාජ්‍ය ආදායම ඉතා පහසුවෙන් වැඩිකර ගත හැකි මෙවන් උපදෙස් මාතලන්ගෙන්ම පමණි...


සුරාබදු නිශ්පාදන බද්ද වැඩි කිරීමෙන් එමගින් දැන් ලබන ආදායමට කෙලවෙලාම යන බවට අනාවැකි කීවේද මාතලන්ම පමණි.


දැන් සැපද?

.

 

May 9, 2023

කළුතර දැරිය ගැන මගේ සත පහ

 


කළුතර දැරිය ගැන මගේ සත පහ

➖➖➖➖➖➖➖➖➖➖😭➖


කළුතර දැරියගේ මරණය ගැන බොහෝ අය දැරියට වගේම මවටත් දොස් කියනවා. සුපුරුදු පරිදි යෙහෙලිය හා සල්ලාලයා බබාලා වෙනවා. ඒ අපේ හැටි. 


හැබයි ඔක්කෝම මෙහෙම දේ සිද්ද වෙනවා කියලත් දන්නවා. බොහෝ ක්ෂේත්‍රවල රස්සාවල් කරලා තියෙන මාතලන්, මේ රටේ වගේම පිටරටත් හෝටෙල් ෆීල්ඩ් එකෙත් ඉඳලා තියෙන නිසා, මේ වගේ දේ ගැන අත්දැකීම් පවා තියෙනවා. ඒ කියන්නේ මරණ නෙමේ, මේ කල්ට් ගැන. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුනා නම් මුලින්ම අත් අඩංගුවට පත් වෙන්නේ හොටලේ කළමණාකරු. එහෙමයි නීතිය විසින් හෝටල් කාරයෝ මේ වැඩේට බය කරන්නේ. ඒත් මේ අම්මට සිරි ලංකාව නේ. අපි නම් මේ වගේ සිද්දීන් වලට ඉඩ නොදී පොලීසියට පවා මෙවන් උන් ගැන විස්තර දීලා තියෙනවා.


මේ වගේ සිද්දීන් ගැන විශ්ලේෂණ ලියන Chanya Herath හෙවත් හෑලී කුවීන් දැන් නොලියන එක බුකියට විශාල පාඩුවක්. නැතිනම් අපූරූ ලිපියක් නැවතත් බලා ගන්න තිබුනා. මේ දැරියගේ වයස අවුරුදු 16 යි මාස 9 ක්. 


මේ වයසේ දරුවෝ ඔක්කොම වගේ අද ගෙවල් වල ඉන්නවට වඩා ඉන්නේ ගෙයින් පිට මහපාරේ. ඒ අධ්‍යාපනයේ තියෙන තරඟය නිසා. තම දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න කරන්න පුලුවන් හොඳම දේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීම බව දෙමව්පියන් තේරුම් අරගෙන. ඉතින් අධ්‍යාපනය වෙළඳාමක් වෙලා. 


මොන්ටිසෝරීයේ ඉඳලා ඩිප්ලෝමා වගේම විදෙස් උපාධි ලබා දෙන ආයතන ගම් නියම්ගම්වල පවා බිහිවෙලා. කැම්පස් හා විශේෂයෙන් වෛද්‍ය විද්‍යාල බිහි නොවෙන්නේ දැනට තියෙන ඒවයේ ඉන්න ආචාර්‍ය මහාචාර්‍ය අපතයන් හා ගෝත්‍රික වාමාංශික පක්ෂ නිසා.


දැන් සමාජය ගලායන්නේ ඒ විදියට, ඒවා දැන් කැම්පස් වගේම උප සංස්කෘතීන්. කොටින්ම කල්ට් වෙලා ඉවරයි. ඒවයේ කිසිම වරදක් මම නම් දකින්නේ නෑ. හැබයි දැරියන් ඒ නිදහස භුක්ති විඳිනවා වගේම ඊටම අදාල අවරගනයේ ව්‍යාපාරත් ඉබේම මතුවෙනවා.


එක පාරටම මේවට වැටෙන ඕන කෙනෙක් ඒවයේ ගොදුරු වෙනවා. ඉතින් සෙක්ස් ගැන විතරක් නෙමේ, මේ සමාජය ගැනත් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද දැණුම්වත් විය යුතුයි.

මෙවන් සල්ලාලයන්ට බිලි වීම් කටුනායක ආයෝජන කලාපය ආරම්බ වූ කාළයෙත් අනන්ත වාර්තා වුනත්, සියල්ලන් දැණුම්වත් වීමෙන් පස්සේ දැන් එවැනි තත්වයක් නැති තරම්.


මේ ටීනේජර්ස්ලා කියන්නේ ජීවිතේ එක්ස්පරිමන්ට්, පැෂන්, කල්ට් ෆලෝවින්ග්, සෙක්ස් එක්ස්පීරියන්ස්, කෑම බීම, සියල්ල ගැනම භාවිතයෙන් හදාරන්න ඉගෙන ගන්න කාළේ. ඒකත් අධ්‍යාපනය වගේම තමා. මේ බනින අය මතක් කර ගන්නකෝ තමන් විසින් පසු කරපු මේ කාළේ. 


ඒකයි මම පොඩි පෝස්ට් එකක් දාලා ලිව්වේ මේ සියල්ලම සමාජය දන්න සාමාන්‍ය සිඳුවීම්‍ය. වෙනසකට උනේ මරණයක් සිඳුවීම පමණයි කියලා. 


අද කොල්ලෝ වගේම කෙල්ලොත් කල්ලි ගැහිලා, වින්ඩෝ ෂොපින් කිරීම, ට්‍රිප් යාම, ෆුඩ් කෝට් හා රෙස්ටුරන්ට් යාම, මත්පැන් පානය කිරීම, පාටි දැමීම, ෆේස්බුක් පාටී දැමීම, සාමාන්‍ය තත්වයක් වගේම, ඊට අවශ්‍ය මුදල් ගෙදරින් නොලැබෙනවා නම්, සල්ලි හොයා ගන්න සල්ලාලයන්ගේ ගොඳුරු වෙන එකත් සාමාන්‍ය දෙයක්. අඟලෙන් අඟල කාමර දෙන පොඩි හෝටල් බිහිවෙලා තියෙන්නේ ඒකයි. 


ඔය පොඩ් කෙල්ලෝ ෂුගර් ඩැඩීලා එක්ක ඔය කාමරවලට රිංගීම දැන් සාමාන්‍ය තත්වයක්. ඒවට පොලීසියේ මෙන්ම නීතියේ රැකවරණයත් හොඳින්ම ලැබෙනවා වගේම එය උපයෝගී කරගෙන වෙනම මාෆියාවක් බිහිවෙලා තියෙනවා. ඔවුන් බොහෝ විට නවතින්නේ කරෝකේ බාර් වල, නැත්නම් Spa වල. මේවා දැන් නීතීයේ රැකවරණය ලැබෙන හොඳ බිස්නස්.


අපේ පොඩි කාළේ කෙල්ලෝ මෙහෙම යන්න ආස වුනේ නළුවෝ එක්ක විතරයි. ඒත් දැන් නළුවෝ වගේ එළුවෝ රටේ ඕන තරම්. මේ නරුම සල්ලාලයින්ට මේ දැරිවිය තවත් එක බඩුවක් විතරයි.


දැනට ලැබී ඇති තොරතුරු අනුව නම්, හොඳ කළු කෝට් කාරයෙක් අල්ලපු ගමන් ඔක්කොම එලියට ගිහින් මේක තවත් සියදිවි නසාගැන්මක් වෙනවා. සැකකරුගේ පාපෝච්චාරණය එවන් පිටපතක්.


යෙහෙලිය විසින් මේ දැරිවිය විකුණපු බව අරූගේ පාපෝච්චාරණය අනුව පැහැදිලියි. මේ වැඩේටම හෝ වෙනත් යම් දෙයකට හෝ මේ දැරිවිය මේ කල්ට් එකට හුරු කිරීම ඇය විසින් කාළයක් තිස්සේ හොඳින්ම කරලා තියෙනවා. අම්මගෙ වොයිස් කට් වලින් ඒ බව පැහැදිලියි. ඇය මේ වගේ කෙනෙක් බවට පොඩි ඉවක් තිබූ බවත් එයින් පැහැදිලියි. වෙනත් කෙල්ලෙක්ගේ අයිඩෙන්ටියක් මේ දැරිවියට ලබා දීමත්, මාතලන් ඉහතින් කී කරුණු සනාත කරණවා.


මුලින්ම වැඩේ පටන් ගන්නේ දැන් තියෙන පාටි පැටන් එකට. ඔහොම හොටෙල් රූම් වලට සෙට් වෙලා, මත්පැන් සිගරට් විතරක් නෙමේ, ගොඩාක් වෙලාවට අයිස් කියන මත්ද්‍රව්‍ය තමයි වැඩියෙන් ගන්නේ. ඒකට ඔලුව විකාර වෙනවා.


ඊට පස්සෙ දැරිවිය කස්ටර්මර්ගේ ගොඳුරක් කරන මිතුරිය එයාගේ කස්ටමර් හෝ කොල්ලා එක්ක එතනින් මාරු වෙනවා. 


සැකකරු කියන විදියට දෙන්නම නිරුවත් වෙලා ඉද්දී දැරිවිය කාටද කෝල් එකක් අරගෙන රන්ඩු වෙලා ජනේලේ ගාවට ගිහින් නිරුවතින්ම උඩින් බිමට පනිනවා. මෙ කළු කෝට්කාරයන්ගේ පිටපත්. මේ දෙන්නම නිරුවත් කතාව කියන්නේ එයා බබා වෙන්න. ඒ කියන්නේ දැරිවියත් වැඩේට රෙඩි වෙලා උන්නා කියලා කියන්න.


දැරිවිය ලිංගික අතවරයකට ලක් වී නොමැති බව වෛද්‍ය වාර්තාවලත් තිබුනත්, ඇයගේ පපුවේ හා කකුල් වල දත් පාරවල් තිබුන බව සඳහන්. ඒ කියන්නේ වෙලා නැත්තේ යෝනී හෝ ගුද සංසර්ගයක් නොවුනා කියන එක. ඒ කියලා ලිංගික අතවරයකට ලක් වුනේ නෑ කියන්න බෑ නේ. අනේ මන්දා මෙහෙම වාර්තා. මේවා ගීනස් පොතට යන්න ඕන වාර්තා.


සැකකරුගේ රැකියාව අනුව, පොර අනිවාර්‍යයෙන් වයලන්ට් බුවෙක්. එහෙම නැතිව සීසින් ජොබ් එක හෙවත් වාහන උස්සන වැඩේ කරන්න බෑ. ඒක කරන්නේ පාතාල හා මාෆියාවලට සම්බන්ධයක් තියෙන උන්. ඒ වගේම උන් පොලීසිය එක්කත් හිතවත්. උන්ට කෙල්ලන්ගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ. 


බොහෝ විට දැරිවිය මත් බවින් මිදිලා මේ තඩියට අකමැති වෙන්න ඇති. මෙතන ගැටුමක් වුන බව දත් පාරවල් වලින් පැහැදිලියි. එතකොට ඊට අවැසි සාක්ෂි හොයන එක පොලීසියේ හා අධිකරණයේ වැඩක්.


ගෝරිය දුරදිග ගිහින් එක්කෝ බුවා කියනාකාරයට පිටපත අනුව දැරිය පැන්නා. නැත්නම් බුවා කෙල්ල තල්ලු කරලා දැම්මා. නැත්නම් විසිකරා. කොහොම හරි ලිංගික ක්‍රියාවට දැරිය කැමති නොවුන බවත් ඇය රැවටීමකට ලක් වූ බවත් සිඳුවීම් අනුව බොහෝම පැහැදිලියි.


හැබයි බිස්නස් එක කරපු උන්, තමන්ගේ කස්ටමර් අසරණ කරන්නේ නෑ. උන් ආයේ ඇවිත් බොඩිය හංගලා යනවා. ෆෝන් එක කළුගඟට විසිකරනවා. බුවාට පැනලා යන්න ෆුල් සප් එක දෙනවා. 


අපේ රටේ ඉන්න අති දක්ෂ කළු කෝට්කාරයන්ගේ පිහිටෙන් මේ ඔක්කෝම ඇප අරගෙන ආයෙත් සමාජයට එනවා. ඒ එන්නේ පාතාල මාෆියාවේ මාකට් එකක් ඇතිව. ඊට පස්සේ ආයේ අහිංසක දැරියක් සොයාගෙන දඩයමේ යනවා. 


සල්ලාලයන්ට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් හෙවත්, නොඉඳුල් දැරියන් ලබා දීම දිගටම යනවා.


ලෝකෙන් උතුම් රට ලංකාවයි.

අප නිජ භූමිය ලංකාවයි...


.

May 5, 2023

ඉසිප්‍රියාගේ ටොක්සික් ප්‍රේමවන්තයෝ




ඉසිප්‍රියාගේ ටොක්සික් ප්‍රේමවන්තයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖❤️➖


ප්‍රේමවන්තයින් කිව්වාම අද ට්‍රෙන්ඩ් එක අනුව, හැම ලිංගික කැටගරියෙම අය මෙතන ඉන්නවා. ඒ කියන්නේ ලෙස්බියන් අයත් ඉන්නවා.


මේ ප්‍රේමවන්තියන් හා ප්‍රේමවන්තයින් දෙස හොඳින් බැලුවාම පේන පොදු ලක්ෂණය තමා, ඒ සියල්ලන්ම අරගලයේ ක්‍රියාකාරී සමාජිකයින් වීම. 


ඒ අය කොහොමත් යුද්ධයේදී උන්නේත්, උතුර පැත්තේ හෙවත් ත්‍රස්තවාදීන්ගේ පැත්තේ. ඊට ගොඩාක් හේතු තිබුනා. 


▪️දේශපාලනමය වශයෙන් ලිබරල් මානව හිතවාදීන් ලෙස පෙන්වීමට ඇති ආශාව.

▪️කලාකරුවන් වශයෙන් සංවේදී කලාකරුවන් වශයෙන් කැපී පෙනීමට ඇති ආශාව. 

▪️මාජ්ජවේදීන් වශයෙන් විකල්ප මාජ්ජවේදියෝ ලෙස පෙනී සිටීමට ඇති ආශාව. ▪️සමාජ මාජ්ජවේදීන් ලෙස විප්ලවීය චරිත ලෙස පෙනී සිටීමට ඇති ආශාව වශයෙන්.


හැබයි මේ සියල්ලන් පසුපස NGO පිල්ලී, කතෝලික පල්ලි වගේම ඇමරිකාණු ඩොලර් හා යුරෝපීය මුදල් ඒකක ඕසෙට ගලාගෙන ගියා. මේ සියල්ලන්ට දායක සභාවන්ද නොඅඩුවම තිබුනා. 


මෙයාලට උතුරේ යුද්ධය නිමා වීම වහකඳුරු වන්නේ එනිසාවෙන්, මහින්ද මහ පොලොවට වැදීම, උන්ගේ කනට ගැහුවා වගේ වෙන්නේ ඒ හේතුවෙන්. 


2009 ඉඳලා එහෙම වැටිච්ච උන්ට ආයේ පණ එන්නේ ගෝල්ෆේස් අරගලයෙන්. ඒ අස්සෙ ඒකට ආයේ වතාවක්, 🐅 🐅 🐅 යි, පල්ලි පිල්ලියි, සහරාන්ලයි, ජෙප්පොයි, පෙරට්ටොයි, පාතාලෙයි කියන, රටට වින කරන සියළු බලවේග එකට එකතුවෙනවා. මේක ඉතිහාසයේ කවදාවත් ඇති නොවූ තත්වයක්.


ඒත්, රනිල් බලයට ආපු දවසේ රෑම උන්ට ගේම දීලා පහසුවෙන්ම එලවලා දාන්න පුලුවන් වෙන්නෙත් ඉහත කියපු අච්චාරු සංවිධානය නිසාමයි. මේකට නායකත්වයක් තිබ්බේ නෑ. නායකයෝ වෙන්න එන එකාට, අනෙක් සෙට් එකේ උන් ගහලම එලවලා දැම්මා. ඒක ටොක්සික් සමාජයක, දේශපාලනයේ මෙන්ම පාතාල සමාජයෙත් ලක්ෂණයක්.


සිස්ටම් චේන්ජ් කරන්න ගිය උන් මානසිකව ඇද වැටිලා සිය දිවි නසාගන්නේ, කුණුහබ්බ වපුරන්නේ, ආයෙත් රාජපක්ෂලා නිවන් යවන්න හදන්නේ ඒකයි. එහෙම එක රැයින් ගොඩ ආපු රටවල් ලෝකේ නෑ කියලා මේ ටොක්සික් සුවිසයිඩ් ස්කොඩ් එකේ මොන්ටිසෝරී බේබිලාට දැණුමක් ඇත්තේ නෑ. උන්ගේ හිතේ අයිස් ගැහුවාම යන ලස්සන ලෝකේ මොහොතින් උදාවෙයි කියලා. 


මේ ගොඩක් උන් ලීඩර්ස්ලා නෙමෙයි, වහල්ලු හෙවත් දායක සභා සාමාජිකයින්. නායකයෝ ගල් ආඳෝ. උන් NGO වලින් පල්ලියෙන් ගානක් කඩාගෙන පොඩි රංඟනයක් දාලා යනවා. ඒක තාමත් වෙනවා. උන්ව නඩත්තු නොකලොත්, උන් පල්ලියට උනත් අරිනවා. ඒ උන්ගේ හැටි.


සමහර විට රාජපක්ෂ කෙනෙක් බලයේ උන්නා නම් මේ ටොක්සික් මානසික රෝගීන් බලාපොරොත්තු වෙන දේ වෙන්නත් ඉඩ තිබුනා. ඒ කියන්නේ උන්ට අවශ්‍ය ගැටුම් නැවත ඇතිකර ගන්න. මැයි 9 මහින්ද හිතවාදීන් කරගත්තේ එහෙම දෙයක්.


මහින්ද නැවත බලයට ආවා නම් මොවුන්ට බෙහෙත් දීම මදාවියන්ට බාර දෙනවා. දැන් එහෙම තත්වයක් නෑ. දැන් බෙහෙත් දෙන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකට අනුව නියමිත මාත්‍රාවෙන්. ඒක නිසා ඇමරිකන් යුරොපියන් ඉස්පෙසොලිස්ලටත් මක්කත් කියන්නම බෑ. ඒක හැමෝටම කරන්නත් බෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කිව්ව වැදි පැටියා, පාර්ලිමේන්තුවට ගිහින් ඒකේ තේරිම් කාරක සභාවක සාක්කී දෙනවා. ඌගේ පස්සෙන් ගිය Gover ගාල පව්.


මේ හේතූන් නිසාවෙන් ඉච්ඡාභංගත්වයට පත්, එල්ලිලා මැරෙන්න බැරි හැම එකාම ඉසිප්‍රියාගේ සයිනයිට් කරලේ එල්ලිලා එයා එක්ක රමණයේ යෙදිලා සුරතාන්තයට පත් වෙනවා. ඒකෙන් විරුද්ධ වාදීන්ට වේදනාවක් ඉරිසියාවක් ඇති වෙයි කියලා එයාලා ආයේ සුරතාන්තයට පත් වෙනවා. එයාලා මෙහෙම මල්ටිපල් ඕගසම් හෙවත් වැල නොකැඩී පෙන් කෙලිමින් ගිහින් සුරතාන්තයට පත් උනාට, මුන්ගේ රෝගී තත්වය දන්න අපිට හිකෙන් පුනා යනවා.


මේක රෝගී තත්වයක් වුවත්, එහෙම ටොක්සික් රෝගීන් හෙවත් ටොක්සික් ප්‍රේමවන්තයින් ලෝකේ ඕන තරම් ඉන්නවා. පාතාල මදාවියන්ට, මාෆියා සාමාජිකයින්ට, ත්‍රස්තවාදීන්ට ඉතරක් නොවේ සීරියල් කිලර්ස්ලාට ලව් කරන, කරපු, ටොක්සික් ප්‍රේමවන්තයින්  ප්‍රේමවන්තියන්, ලංකාවේ නෙමේ, ලෝකයේම ඉඳලා තියෙනවා. ඉන්නවා. අනාගතෙත් ඉන්නවා.


එක අතකින් මෙහෙම දේවල් එලියට ඇවිත් සමාජමාධ්‍ය තුලත් නැවත ත්‍රස්තවාදීන් ගැන කතිකාවක් එන එක හොඳයි. මොකෝ ගොඩාක් උන් මේ රටේ උතුරේ මෙන්ම දකුණේත් දරුණු ත්‍රස්තවදයක් උතුරේත් දකුණේත් දෙකේම තිබුනා කියලා දන්නේ නෑ.


ඉතින් උන් අහනවා අවුරුදු 75 ක් මොනාද තොපි කලේ කියාලා. ඒ අවුරුදු 75 න් අවුරුදු 40 ක් ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු රටක්, මෙහෙමවත් තියෙන එක ළොකු දෙයක්.


ඒ නිසා ඒ ත්‍රස්තවාදයන් නිමාකළ දේශපාලුවන්ටත් ආරක්ෂක අංශ වලටත් අපේ රෙස්පෙක්ට එක හැමදාම නොඅඩුව තියෙනවා.


ඉසිප්‍රියාලා නැවත ගොඩ ගැනීමෙන්...


ඉසිප්‍රියාලා උන්න ලොව අංක එකේ ත්‍රස්තවාදයක් මෙහේ තිබුනාය... 

හැම එකාම උන් එක්ක හුරතල් වෙවී හැමිනෙද්දී... 

2005 දී ප්‍රාජාතන්ත්‍රවාදයට පිවිසි ජේවීපී ත්‍රස්තවාදින්ගේද සහායෙන් බලයට එන.... 

ගිරුවාපත්තුවෙන් ආපූ මදාවියෙක් වෙන..... 

මහින්ද රාජපක්ෂ නොහොත් මැදමුලන මයිනා විසින්.... 

උන් සමූලඝාතනය කොට...

වීසා රැගෙන යාමට තිබූ උතුරු නැගෙනහිර ඊළම... 

නැවත ලක් රජයේ අනසකට පවරාගෙන.... 

මුලු රටම එක් රටක් කල බව .....


මේ ටොක්සික් ප්‍රේමවතුන් පෙම්වතියන් නැවත වරක් අවබෝධ කරගන්නේය්....


ඒ වගත් මෙසේය......

May 4, 2023

රෙද්දේම රෙවුන විස්ස විජ්ජාල අපතයින්ගේ සංගමය. ෆුටා එකට හුටා වූ කතන්දරය.

 



රෙද්දේම රෙවුන 

විස්ස විජ්ජාල අපතයින්ගේ සංගමය.

ෆුටා එකට හුටා වූ කතන්දරය.

➖➖➖➖➖➖➖➖➖😁➖


රනිල් ආන්ඩුව, IMF යෝජනා අනුව යමින්,  පින් පඩි කන වෘතීයවේදින්‍ යැයි කියා, උන් විසින් හඳුන්වාගන්නා අපතයින් පිරිසද, බදු ගෙවිය යුතු පිරිසක් වශයෙන් නම් කලේය.


මෙය මෙතෙක් කලක් රට පාලනය කළ හූනියන් කාරයන්ට බියෙන් පසු වූ අමන නායකයින්ට ගැනීමට නොහැකි වූ නිර්භීත තීරණයකි.


අධ්‍යාපනයට 6% වෙන්කිරිමේ සෙප්පඩවිජ්ජාව රට හමුවේ තබා, මොළ හතක් ඇති එකාටද ඇරියේ, අජ්ජාපනයට ඇති ආදරයක් නිසා නොව, උන්ගේ සුඛවිහරණය සදහාම පමණක් බව අද ඒවායේ නායකයන්ම ප්‍රකාෂ කරන්නෙ විලි ලැජ්ජාවක් නැතිවමය.


ඇත්තටම උන් පමණක් නොව බොරැල්ලේ ට්‍රැෆික් හිඟන්නෝද, ලංකාවේ සංචාරයට එන යුරෝපයෝ හිඟන්නො මෙන් ජීවත් වනවාට අපේ කිසි අහිතක් ඇත්තේ නැතිය. ඒ නිසා උන් බි ඇම්, අවුඩි, බෙන්ස් වල යනවාට උන්ට වඩා අප කැමති වන්නේ, අධි පරිභෝජනවාදී සමාජයක් තුල පුද්ගලයා මෙන්ම රටද ආර්ථික වශයෙන් ඉදිරියට යන නිසාමය. මිනිසුන්ගේ ජීවන තත්වය උසස් වීම අපගේ එකම සිහිණයය.


මහපාරේ බත් කෑම අප පිලිකෙව් කරන්නේ එනිසාය. ජේවීපී නායකයින්ට තිබුනේ Upali රෙස්ටුරන්ට් එකෙන් කා පොටෝ දැමිම මිස මහ පාරේ බත් කෑම හෝ එක කෑම එකට මරා ගැනීම නෙමේය.


පර්‍යේෂණ දීමනා ලෙස ලබාගන්නා මුදල් මහා පරිමානයෙන් වැඩි කරගෙන ලක්ෂ ගනනින් පඩි වැඩි කර ගත් මේ අපතයින්, ශිෂ්‍යන්ගේ අයිතිවාසිකම් හා පහසුකම් ගැන පයිසයකට මායිම් නොකල අතර, තව දුරටත් කැම්පස් තුල ප්‍රචන්ඩත්වය හා අරාජිකත්වය වැඩෙන්නට ඉඩ හරිමින්, ශිෂ්‍ය ප්‍රජාව ටොක්සික් මානසික රෝගීන් පිරිසක් ලෙස උන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් වෘෂභයින් සේ තව දුරටත් යොදාගත්තේය.


සමස්ත විස්ස විජ්ජාල පද්දතිය මෙන්ම ගුරු අපතයින්ගේ ෆුටා නැමැති ත්‍රස්තවාදි සංවිධානය තනිකරම මාෆියා ජුන්ටාවකි.


උන් සිතාගෙන උන්නේ IMF එකත් උන්ගේ පදයට නටාවී යැයි කියාය. උසස් පෙල සිසුන් බිල්ලට ගනිමින් උත්තර පත්තර බැලීම ප්‍රතික්ෂේප කරමින්, මුන්ට එහා පිරිසක් නැතැයි රටට පෙන්වන්නට යන්නේ මේ අතරේය.


එහෙත් සියළුම ක්ෂේශ්ත්‍රයන් ගැන මෙන්ම කැම්පස් ගැනද මනා වැටහීමක් හා දැණීමක් ඇති තම බිරිඳද මහාචාර්‍යවරියක් වන රනිල් වික්‍රමසිංහ හා හැපෙන්නට යාම මුන්ගේ මළගම බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් මේ වනපොත් ගිරා ගුරුවර අපතයන්ට තිබුනේ නැතිය.


සාකච්ඡාවක් දෙන තෙක් උත්තර පත්තර බලන්නේ නැතැයි කී උන්ට, රනිල් දුන්නේ සුපිරි ගේමකි. රනිල් කරේ උන්ගේ බලවත්ම අධිකාරිය වන විස්ස විජ්ජාල ප්‍රතිපාදන කොමිසන් සභාව කෝපාද කෝප්ද මොකක්ද කමිටුව ඉදිරියට ගෙන ඒමය.


රාජපක්ෂලා හොරු,  රනිල් මහ බැංකු හොරු කියන මේ අපතයන්ගේ රෙදි ගැලවුනේ එතනදීය. හෝඩියේ සිට පිනට කා පුරුදු මේ හැත්ත විදෙස් අජ්ජාපනයට කියා බැංකුවලින් ලබාගෙන පොලු තබා ඇති මුදල කෝටී දෙසීයක් බවත්, ඒවා ගෙවන්නේ නැතිනම් මාසයකින් පසු  ඇපකරුවන්ගෙන් අයකරගන්න ලෙස උපදෙස් ලැබුනේ ඊයේය.


මුන්ට ඊයේ රෑ සිටම, මුන්ට පමණක් නොව මේ අපතයින්ගේ මෑනියන්වරුන්ටද ඇපකරුවන්ගෙන් කෝල් පිට කෝල් ආවේය. මුන් බව්වා මාක් වෙන්නේ ඉන් අනතුරුවය.


මේ අපතයින් මෙන්ම වෘතිකයින් යැයි කියා ගන්නා අලි ඔළු කාරයින්ද මින් මතුවට VVIP ලා නොවන බව, මුන් දැන් හෝ දැනගත යුතුය.

මුන්ට ඇත්තේ මේ බදු මුදල ගෙවීමේ ප්‍රශ්ණයක් නොව, තව දුරටත් මුන්ගේ ගරු රඟපෑම් වලට රට තුල ඉඩ නැති වීමය. මේ අපතයින් නොව, ගාඩ් දමාගෙන රථ පෙලපාලිවලින් යන දේශපාලන අපතයින්ද, සාමා ජනතාව දැන් පයිසෙකට ගනන් ගන්නේ නැතිය. 


කැම්පස් තුල තොපි කරනා අපතකම්, ලිංගික අල්ලස් ගැනීම්, කිසිඳු පර්‍යේෂණ හා සමීක්ෂණයන් නොකර මාස්පතා ගසා කන ගසාකෑම්, රජයේ මුදල් වලින් පිටරට පැනීම්, තොපිට තව දුරටත් කරගෙන යන්නට ඉඩ ලැබෙන්නේ නැතිය.


දැන් මේවායේ ඉතිරි වී සිටින්නේ කිසිඳු රටකට පැන ගැනීමට නොහැකි, අමු ගෝත්‍රිකයින් පිරිසක් පමණි. උන්ගේ මහ උන්ද, වැද්දන්ගෙන් පැවතෙන උන් හෝ අව වරප්‍රසාදිත හීනමාන පවුල් පසුබිම් සහිත හිඟන්නෝ බව බොහෝ පැහැදිලිය.


අනේ තොපිට වෙච්චි දේ...

තොපිට වෙන්නේ මේ දේ බව මුල සිටන්ම කී අපට මාර හැපිය...


තොපි අගමැති රනිල් වික්‍රමසිංහ දැකලා තිබුනාට,.

ජනාධිපති රනිල් මෙන්ම JR දැකලා නොතිබීම තොපේ කරුමයය.


.