.

.

Feb 28, 2018

තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල - Get ready for the next Revolution




ඊයේ තඹුත්තේගම සිඳු වූ සිඳුවීම, වඳ පෙත්තට එහා ගිය දෙයක් බව ආන්ඩුව තේරුම් නොගන්නේ නම් එය මහා විනාශයක ආරම්බය බව, අප විසින් මේ ගවපාලකයන්ට මතක් කර දිය යුතුව ඇත. අද මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. 

Feb 27, 2018

වඳ පෙත්ත හා ගොන් හැත්ත - Pills for bulls




ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි 
- මංගල සමරවීර -

මේ කතාව කියලා එක දවසයි ගියේ. වඳ පෙත්තක් කෑමට දැම්මා කියලා බෞද්ධ මී හරක් අම්පාර ගිනි තියලා. පට්ට සීන් එක කියන්නේ, සංහිඳියාවද මොකක්ද රෙද්දක් ගේනවා කිව්ව ආන්ඩුවක් යටතේ මේවා වෙන එක. සිරිසේනට අනුව, මේ තමයි නියම සිරි ලංකිකයෝ, රණවිරුවෝ, වීරයෝ, යෝධයෝ.. ඉතින් උනුත් කිසි අවුලක් නැතිව ගේම් දෙනවා. ගේම් දීපු එකෙක්ටවත් අද් වෙනකන් කිසිම දඬුවමක් දීලා නෑ.. ඒකෙන් ව්‍යාඝ්‍රා ගැහුවා වගේ කිසිම බයක් නැතිව ෆෝම් වෙන සැදැහැවත් බෞද්ධයො, යම මහා පෙලහර පානවා. 

Feb 25, 2018

හරීන්ගේ ඇමතිකම හා බැරි බැරියාව - Government needs Viagra




මේ ගැන ගැඹුරු විද්වත් විග්‍රහයක් දෙන්න ඕන නිසා
මම කළ වැඩේ ප්‍රොපෙසර් සුමනසිරි ලියනගේත් අඬ ගහගෙන
එහා වත්තේ බඹ 10 විතර ගැඹුරු ළිදකට බැස්සා.
හරින් ඒ කාළේ ඉඳන් වැඩක් කරන්න පුළුවන් ඇමතිකමක් ඉල්ලනවනේ
මේ... වැඩක් කරන්න කියලා හැම එකාම ඉල්ලන්නේ
රටට වැඩක් කරන්න නෙමෙයි
උන් ගාව එහෙම කිසිම වැඩ පිලිවෙලක් නෑ
උන් ගාව නෙමෙයි අනික්කුන් ගාවත් නෑ
ඔක්කෝම නම්බර් වන් බයිලා චැම්පියන්ලා
උන් මේ කියන්නේ තමන්ගේ වහල්ලුන්ට කොහෙන් හරි රස්සාවල් දීපිය කියලා 
තමන්ගේ වහළුන්ට රස්සාවල් දෙන්න දීපිය කියලා ඉල්ලන එක
මුන්ගේ පින් ගොන්නු අරගෙන 
තමන්ගේ කොම්පැනි වහ ගන්න 
ප්‍රයිවට් සෙක්ටර් එකේ උන් කැමති නෑ
මොකෝ ප්‍රයිවට් සෙක්ටර් එකෙන් කුඹුරු හාන්නේ නෑ නේ
එහෙම නම් මුන් ටික කුඹුරු හාන්නවත් ගන්න තිබ්බා
ලංකාවේ ඔක්කෝම කුඹුරු කරන්නෙත් ආන්ඩුවෙන් නේ
පත ලොස් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරනවා පුක ඉරාගෙන
වී වෙනුවට ගංජා වවපන් කිව්වම උන් අපේ අම්මට බනිනව
ඔස්ට්‍රේලියාව ගංජා වවලා ඇක්ස්ටුපෝත් කරනවා
අපි මෙහේ ඔස්ට්‍රේලියන් ඇපල්, දොඩං, මිදි, බනානා පළතුරු වට්ටි අරගෙන 
මල්වතු අස්ගිරි වඳින්න යනවා

ඉතින් උන්ට හම්බ වෙන අමාත්‍යංශයට ගමේ ඉන්න මී හරක් ටික ගෙනත් ගාල් කරනවා
ඒ කරලා මැරිලා මැරිලා හම්බ කරන මිනිස්සුන්ගෙන් උදුරගෙන 
අර කාළකන්නි හිඟන්නෝ ටික නඩත්තු කරනවා.
ඔය අරජුණ රණතුංග තෙල් සංස්ථාවේ උන්ට 20% - 30% පඩි වැඩි කරලා තියෙන්නේ
බාන්ඩාගාරේ අවසරයක්කත් නැතිව
එතකොට මේක උගෙ අම්මා අප්පගෙ බූදලේද
උගෙ ඇමතිකම බේරගන්න මුන් රට කනවා කාලකන්නි

හරින්ට දීලා තියෙන්නේ විදේශ සේවා
දැන් ඌට පුළුවන් ටෙලිකොම් එකට දාන්න බැරි උන මී හරක් සෙට් එක
රට පටවන්න
ඒකෙන් කියන්නේ ඉදිරි අවුරුදු දෙකෙත් 
ආයොජකයෝ පැත්ත පලාතෙවත් එන්නේ නැති බව
නැත්නම් කියන්න පුළුවන් නේ 
එන ආයෝජකයෙක් බදුල්ලට දීලා 
අපි එහේ උන්ට ජොබ් දෙමු කියලා
මුන්ට කිසිම වැඩ පිලිවෙලක් නෑ
අඩුම ගානේ ප්‍රේමදාස මහත්තයා කරපු
ඇඟළුම කර්මාන්ත වැඩ පිලිවෙලවත් නෑ
ප්‍රේමදාස මහත්තයා ආයෝජකයෝ හොය හොයා උන්නේ නෑ
පාස්කරලිංගම්ට කිව්වා ෆීල්ඩ් එක ගැන දන්න උන්ට ලෝන් දීපල්ලා 
බදු සහන දීපල්ලා ගමේ උන්ට ජොබ් දීපල්ලා කියලා
එහෙමයි, ඒ කර්මාන්තය ඉතා කෙටි කළකින් 
ලංකාවෙ ප්‍රධාන ආදායම් මාරගය කළේ
නැතිව මේ 56 කාලකන්නි වගේ
 හිඟන්නෝ එක්ක වී වගා කරලා නෙමෙයි
ඉතින් ඉතාම පැහැදිලියි ඉතිරි අවුරුදු දෙකෙත් 
මේ රටේ කිසිවක්ම සිද්ද වෙන්නේ නෑ කියලා

හරීන්, එහෙනම් බදුල්ලේ සෙට් එක මැද පෙරදිග පටවපල්ලා
එහෙම පටවලා ඇවිත් ටැලිවිසොන් එකෙන් කියහන්
මම රටට මාර සෙවයක් කරලා තියෙනවා කියලා
සේවය මොකක්ද ඇහුවාම 
බය නැතිව කියහන් 
විදේශ සේවය කියලා

එකම පිහිට රින්සෝ තම්යි

ඔබ අපෙයි සිරි ලංකා
අප ඔබෙයි සිරි ලංකා..//
තා දෙදහස් පන්සිය වසරක්
මේ මත මියෙදී පන ලැබුවත්
ඔබ සතු මහ ගූ කන්දා
නැති වන්නේ නෑ කිසිදා
ඔබ අපෙයි සිරි ලංකා
අප ඔබෙයි සිරි ලංකා..//

Feb 24, 2018

ශ්‍රී දේවී හා කූඹියෝ - Sri Devi & Koobiyoe




ශ්‍රී දේවී
******

ශ්‍රී දේවී මැරිලය කියලා
දෙරණේ ඇස් ඇම් ඇස් එක මට එව්වේ අපේ හාමිනේ.
(මයේ අම්මපා.. බොරුවක් නම් එයැයිගෙන් අහපන්..)
එයා දන්නවා මම ශ්‍රී දේවිට කොච්චර ආදරේ කොලාද කියලා හිටන්
ඒත් එයා අර මූසලයා එක්ක ගියාම මම එයාගෙන අයින් උනා
ඊට පස්සෙ රවීනා තන්දන් එක්ක පොඩි කාළයක්
පොඩි සම්බන්ධ්යක් තිබුනා
ඒ අතරේ තමයි කාජල් මුන ගැහුනේ
එයා එක්ක යාලු වෙනවට මනීෂා කොයිරාල කොහොමත් කැමති උනේ නෑ
ඊට පස්සෙ ලව් කළේ කාජල්ට
මේ සම්බන්ධය අපේ හාමිනා පවා දන්නවා
දැන් නම් ඉතින් තියෙන්නේ වෙනත් සබදතා
ඒ ගැන කියන්න ඕනා නෑ නේ
ඉතින් 
ගතින් එක් නූනත් සිතින් මා පෙම් කල පිස්සු පීකුදු හුරතල් කෙල්ලේ
සුභ ගමන්...!!!


-------------------------------------------------------

කූඹියෝ අවසානය ගැන මගේ අදහස
************************************
(කූඹියන්ට සම්බන්ධ කෙනෙක් කූඹියන්ගේ අවසානය ගැන අදහස් දක්වන්න කියලා සත් ගුණවත් මහා ගත්කරු හැන්රි වර්ණකුලසූරිය තරුණ උපාසක මහතා කර තිබූ ඉල්ලීමකට අනුව දැමූ කොමෙන්ටුවකී)

මම කූඹියන්ට සම්බන්ධයි.. 
අද අපේ ආයතනයේ පෙස්ට් කොන්ට්‍රෝල් දිනය..
කුඹී ගැන මගේ මතය නම් ගොඩාක් ඈතට දිව යනවා..
එස්සෙල්ලම දැකලා තිබුනේ කළු කූඹී
අපේ තාත්තා මාතර පැත්තේ නිසා උන්ට කියන්නේ කොඬයෝ කියලා.
ඉතින් ඔය කොඬයෝ බිත්තර එහෙම උස්සගෙන යන කොට ආච්චි කියන්නේ බොහෝම වාසනාවන්තයි කියලා.
ඒත් ඉතින් තෙල් කූඹී කියලා හින්නිකිතර කූඹී ආවම නම් වාසනාව උදා වෙන්නේ උන්ට. 
අද නම් දෙන්නේ මෝර්ටීන් පාර.. ඒ කාළේ දුන්නේ්හූමිතෙල් පාර
උන්ට භූමිතෙල් පාර දුන්න නිසාද දන්නේ නෑ තෙල් කූඹී කිව්වේ
තව හිටියා නයි කූඹී කියලා සෙට් එකක්
එයාලා ටිකක් ඔය මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ අය වගේ විෂයි..
ළඟින් ගියොත් ඇහැක් නෑ.. අහු උන තැන දඩ ගාලා එල්ලිලා දෙනවා පාර ආයේ හත් අවුරුද්දක් කස කස ඉන්න.
එක දවසක් ඕකුන් අපේ සීයගේ පුක කාලා තිබ්බා මොකක්ද කැත වැඩක් කොරන්නේ බැද්දට රිංගාපු වෙලාවක
එද මට, මහින්ද මහත්තයා සිරාට ඇරියා වගේම ජොලියක් ආවා
ඒ කාළේ අපේ සීයා තමයි කිව්වේ 
අනේ කූඹින්නේ 
තිපිටත් රජෙක් ඉන්නේ
රජෙක් ලැබුනෝතින්
උන් හට කවන්නම් 
උන්ට සැප දෙන්නම්
උන් හට වඳින්නම්
අපි පුක කහ කහ බලාගෙන ඉන්නම් 
කියලා
මේ නිර්මාණය සඳහා 
හන්දියේ ණෝබල් ආත්තාගෙන් සම්මණත් හම්බ උනා කියලා ගමේ වේස කොල්ලෝ ඒ කාළේ කියනවා මම අහගෙන

ඒ කොහොම උනත් කූඹියෝ නම් අවසාන වෙන්නේ නෑ..
අර නයි කූඹී කෑවා වගේ කාළයක් යනකන් ආතල් එක මතකයේ රැඳේවී

අපේ සීයත් සිරිසේන වගේම බයිලා චැම්පියන්
ඉතින් සීයා ඒ කාළේ කියපු බයිලෙකින්ම මේ සටහන අවසන් කොරන්නම්

සීනී වලට කූඹී වහලා බරියෝ බරියෝ
අපේ බයිලා අවසානයි චෙරියෝ චෙරියෝ..

(හැන් රි අයියේ මේ බයිලා ගැහිල්ල කවදා ඉවර වෙයිද දන්නෙ නෑ නේ)

විශේෂ - 

මේවා කෙටි සටහන් වගේ පේන්නේ මේවා මේ Facebook එකේ දාන ඒවා නිසා.. දැන මගේ පදිංචිය එහේ.. ඒ උනාට උපන් ගම අමතක කරන්න බෑ නේ..

Feb 23, 2018

රනිල්ට නෙමේ, සිරිසේනටත් බෑ - Ranil, please go home with Siriseana


Cartoon by - Awantha Artigala

රනිල්ට බැරි බව අවසානයේ ඔහු පිලිගෙන ඇත. එය මහත්මා දේශපාලනයේ ලක්ෂණයකි. මෙතැන් පටන් ලංකාවේ මහත්මා දේශපාලනය යලිඳු කිසිඳු දිනෙක නොලැබෙන අතර මොකා පැමිනියත් වැඩවසම් රාජාන්ඩු ක්‍රමයක් තුල ජිවත් වන ප්‍රාවෙනිදාසයන් ලෙස හැඩ ගැසීම අප කාටත් ඉතා හොඳය. එය එතරම් අපහසු කටයුත්තක් නොවන්නේ. මානව නිදහස කන පැලෙන්න තිබෙනා රටවල් වල ජීවත් උවත්, අපේ උන් නියම වහලුන් නිසාමය. උන්ගේ පරම පැතුම රජෙක්ය. මෙතැන් පටන් දුටුගැමුණුලා, ඝෝඨාභයලා, අනුලලා, සිරි වික්‍රම රාජසිංහලා මෙන්ම සුභ සහ යසලාත් සිංහාසනා ආරුඩ වී, අපට ආතල්, සොමිය හෝ භීෂණය කියන මක්කා හෝ ලබා දෙනවා ඇතිය. 

Feb 22, 2018

බිග් මැච් හා පන්ති වෛරය - Big Match Phobia




බිග් මැච් හා පන්ති වෛරය
********************

නාගරීකරනයේ ළොකු අවුලක් තමා වැද්දෝ නගරෙට ඒම
මේ කියන්නේ දඹානේ වැද්දේ නෙමේ හොඳේ
උන් ඇවිල්ලා බටහිර ලයිෆ් ඉස්ටැයිල් එකක් ගෙනියන ආතල් පොරවල්
මේ වැද්දෝ ඇවිල්ලා අර රාවණාගේ ඇට දෙකේ එල්ලිලා
දුටුගැමුණු එක්ක යුද්දෙට ගිය 
මහින්ද මහත්තයත් එක්ක ඕන දේකට රෙඩි
මොහාන් දාර හරක් පා කියන යුගයට අයත් පිරිස
මුන් නගරෙට ආපු ඩයස්පෝරාව
උන් මෙහේ අනාතයි
උන් ගියපු ඉස්කෝල වල බිග් මැච් කියලා දෙයක් නෑ නේ
ඒවයේ ඉතින් ලොකුම එක තමයි නිවාසාන්තර මළළ ක්‍රීඩා හෙවත් 
ඉස්පෝට් මීට් එක
ඉතින් නගරේ කොල්ලෝ බිග් මැච් ආතල් ගන්න කොට
අරුන්ගේ ඇට දෙක, පූසෝ, එහෙම කසන්න ගන්නවා
ඇඟ උණු කරවා සුද යනවා
ගමෙන් ආපු සයිටම් විරෝධී මී හරක්ගේ උද්ඝෝෂණ වලට කඳුළු ගෑස් ගැහුවම් එයාලට කිසි අවුලක් නෑ
ඒවත් කාගෙන පැය ගානක් පාරේ රස්තියාදු වෙලා ගෙදර ගිහින් 
නිදහස් අජ්ජාපනේ බේර ගනින් කියලා තිස් තුන් කෝටියක් දෙවිවරුන්ට කියලා
දොයියනවා..
ඒත් නගරේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ බිග් මැච් ආතල් දැක්කම
උන්න තැනත් අමතක වෙලා
කෙලින්ම පන්ති වෛරයට යනවා
බිග් මැච් පැරේඩ් එපා කියලා පොලිස්පතිට කියනවා
ඒවා තහනම් කරන්න නීතී ගේන්න කියලා ගමරාලට කියනවා
එයාලා දන්නේ නෑ ගමරාලගෙ පුතත් ඒවට ගිහින් ආතල් ගන්නවා කියලා
හැබයි ඕකේ පට්ටම ආතල් එක මොකක්ද දන්නවද 
උන් හැමිනෙන්නේත් උන්ගේ ශුක්‍රාණුවක් ඩිම්බයක් පාසා තියෙන එකම සිහිණය
අර සංසේචනය උන ඩිම්බය
රෝයල්, (මුන් සෙන් තෝමස්, ලේඩීස් ස්කූල්, සෙන්ට් බ්‍රිජට් දන්නේ නෑ) 
ආනන්ද නාලන්ද 
ඩී ඇස් ධර්මරාජ
මහින්ද රිච්මන්ඩ්
රාහුල මහමායා
විසාකා දේවී බාලිකා
සවුත්ලන්ඩ් එකේ පුටුවක් උඩ ඉන්දලා
අත් දිගට ඇඳලා ටයි පොල්ලයි කළු කන්නාඩි දාල
බඩට නොකා ලීස් කරලා සීට් වල ඉටි කොලත් එක්ක තියෙන රෝද හතර්‍රේ ඇවිත් පඩ ෂෝ දාන්න
දරුවගේ පිටින් අර ඉස්කෝලවලටම එන්න
ලිප්ස්ටික් ගාලා හීල්ස් දාලා පුක හිර ස්ලැක් ගහලා පොල් කන්නාඩි දාලා ඉස්කෝල ඉස්සරයා ෆැසොන් පැරේඩ් එන්න

අනේ හුකේ නන්නානේ
උඹයි මායි හඳපානේ....

ආ ගහන්න මල්ලි
ත්ත රා ර... ත්ත රා ර... ත්ත රා ර
රප් පප් පප් පා 
ත්ත රා ර... ත්ත රා ර... ත්ත රා ර
රේ....//

- සත් ගුණවත් Priyantha Jayawardena මහතාගේ පෝස්ටුවකට දැමු Facebook කොමෙන්ටුවකි -

Feb 21, 2018

සිංගප්පූරූ බෝනස් හා අපේ සමෘධිය - Singapore, Bonus & Siri Lanaka




අතිරික්තයක් ඇති වීලා හැටට හැටේ
බෝනස් බෙදලා සිං ගප් පූ නැමති රටේ
එවා බලා හිත කැඩිලා බිමට වැටේ
ජාතික කොඩිය යට ඉඳගෙන කහමු ඇටේ

හරවා එවයි ඔට්ටෙලියා යන්න ගියත්
ලෝකේ උතුම් රට මේකයි කියති වියත්
අල්ල අල්ල පුකවල් වල පැත්ත ගියත්
වැඳලා පිලිගනි අමනයෝ දීලා බුලත්

කලා විනාසයි රට ගල නවා ඕජස්
ඒත් අඩු නැතේ කට වල් වල තේජස්
සිං ගප් පූරුවේ එවා ඩෝ සුළු කේසස්
අවීචියේ මුන් හට ලැබෙ නව බෝනස්

බෝනස් 300 මක්කා කොරන්නද
සමුර්දිය වගේ ඒවා ගැන දන්නවද
ඒවා දෙන්න රජයක් අද තියෙනවද
ආතල් මේ වගේ තුන් ලොව කොයි වේද

- සමෘධි බෝනස් අනුග්‍රහයෙන්, සමෘධි බැංකුවක් අසල සිට, ආඩම්බරයෙන් ලියන ලදි -

Feb 20, 2018

ටැබ් වෙනුවට ගල්ලෑලි ගල්කූරූ දෙමු - There is no hope with these bullshits




අසාර්ථක රාජ්‍යක් කරා ඇක්ස්ප්‍රස් වේ එකේ ගමන් කිරීම
******************************************

ඉතිරි අවුරුදු දෙකද කිසිවක් සිඳු නොවනා, රට අගාදයටම යන අවුරුදු දෙකක් බව,

බන්ඩාරණායක ප්‍රතිපත්ති කර තබාගෙන යන අමු ගෝත්‍රික සිරි ලංකා කාරයෝ..,

පාසල් ළමුන්ට ටැබ් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් මනාව ඔප්පු විය..

රට තවත් අගාදයකට ඇදගෙන යනවාට වඩා රට වෙනුවෙන් කළ හැකි දෑ මෙසේ යෝජනා කරමි..

1. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාම.

2. දෝෂාභියෝගයක් මගින් ජනපතිවරයා ඉවත් කිරීම.

3. වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීම.

4. එජාපය රජයෙන් ඉවත් වී කර ගන්න එකෙකුට මක්කා හෝ කරන්නට ඉඩ දීම.

5. ඔස්ට්‍රේලියාවට යන බෝට්ටු ආපසු හරවා එවීම නැවැත්වීමට, ඔස්ට්‍රේලියානු රජය හා ගිවිසුමකට එළඹීම.

එසේ නොමැති නම්,

පාසල් සියල්ල වසා දමා,

ගල් ලෑලී හා ගල් කූරූ සමඟ පන්සල් වලට දරුවන් යෑවීම.

Facebook සටහනකි

Feb 18, 2018

දැන්වත් තොපි දැනගනියව් - Enough is enough




රජෙක් එලවලා තොපිව පත් කලේ

ආයෙත් රජ ගහේ නාඩගම් බලන්න නෙමේ..

තොපේ හෙලිකොප්ටර් කරණම් බලන්නත් නෙමේ
තොපේ රථ ගායවල් බලන්නත් නෙමේ..
තොපේ කටවුට් බලන්නත් නෙමේ
තොපේ බයිලා අහන්නත් නෙමේ
තොපේ බිස්නස් කරගන්නත් නෙමේ
තොපේ හොරකම් පටන් ගන්නත් නෙමේ
තොපේ හොරකම් වහගන්නත් නෙමේ
තොපේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ දරුවන්ගේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ පඩ ෂෝ බලන්නත් නෙමේ
තොපේ යාලුවෝ බේර ගන්නත් නෙමේ
තොපේ බැරි කම් බලන්නත් නෙමේ
තොපේ පිස්සු කෙලිලි බලන්නත් නොවේ
තොපේ ගෝරි බලන්නත් නෙමේ
තොපේ පක්ෂවල කචල් බලන්නත් නෙමේ
තොපේ රැස්පොට් බලන්නත් නෙමේ
කොටින්ම කියනවා 
තොපේ විගඩම් බලන්න නෙමේ

යහපාලනයක් ගේන්න.
සථාවට රටක් හදන්න.
නීතියේ ආධිපත්‍ය සුරකින්න.
රට ආර්ථිකව ශක්තිමත් කරන්න.
රටේ ජනතාව සුඛිත මුදිත කරන්න.
බිස්නස් දියුණු කරන්න.
ආයෝජකයෝ ගේන්න.
රැකියා බිහි කරන්න.

අවුරුදු තුනක්ම තොපි පිස්සු කෙලියා.
ඒකට තොපි ඔක්කෝටම අපි හොඳ පාඩමක් ඉගැන්නුවා.
දැන්වත් රී ෂෆල් දාලා ජනතාව ගොනාට අන්දන්නේ නැතිව,
මක්කා හෝ රට වෙනුවෙන් කරපල්ලා.

තොපේ සුඛ විහරනේ ගැන ඊට පස්සේ බලා ගනිල්ලා
කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු පුකේ අමාරු තියේ නම් 
ඉස්පිරිතාලෙකට වෙලා බෙහෙත් ගනිල්ලා
නැත්නම් වහ ටිකක් බීලා මැරියල්ලා

ඉතිරි අවුරුදු දේකේ හරි,
තුනම නැති කර ගන්නේ නැතිව. 
රටට දෙයක් කරපල්ලා..
එහෙම බැරි නම්..,
අඩි යහක් ගැඹුර වලක් කපාගෙන,
දැන්ම රෙඩි වෙයල්ලා.
රට කාපු කාළකන්නි ටිකක් ලෙස මැරියල්ලා.

තොපි හැමට 
අබ සරණයි..!!!

Feb 15, 2018

රනිල් අස්වෙන්නේ රෙද්දටද...? - Why should Ranil Go Home?



සිරිසේන හිතාගෙන උන්නේ ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ උන්නැහේටය කියලාය. ඒ නිසා පොලොන්නරුවේ ගොවි ගෙදරින් ආ, බෙලෙක් පිඟනේ බත් කෑ සරළ මිනිසාගේ ඔළුව ඉඳිමි, අලි ඔළුවෙන් හැම එකාටම කෙලින්නට ගියේය. ඇත්තම කතාව නම්, ඒ, 2015 මහින්ද මහත්තයාට කොහොමත් කෙල වෙන එක කෙලවෙලාම යනවා. උන්නැහෙත් උන්නැහේට වඳින පුදන ආදරය කරන ජනතාවට කොකා පෙන්නා ගජ් මිතුරු පවුල් වාදී කුප්ප දේශපලනයක් ගෙන ගිය නිසාය.

Feb 10, 2018

ගුණමකුවන්ට පාඩම් කියා දෙන බුද්ධිමත් ජනතාව - A Lesson to Ungrateful Stupid Politicos



ප්‍රතිඵලය ඉතා පැහැදිලිය. මහින්ද ලොක්කා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත. දෙවන තැන සුපුරුදු පරිදි රනිල් ලොක්කාට ගොස ඇත. පචවංශයා ගලවගෙන ගිය පසු අහිමිවූ ඡන්ද ප්‍රතිශතය, මාතලන්ලා කඩේ ගිය ජෙප්පන්ට නැවත්ත් ලැබී ඇත. උනුත් එකයි මුනුත් එකයි, මහින්දත් හොරා රනිලුත් හොරා කියමින් කම්බා හොරු සැට් එකක් රෙද්ද අස්සේ දාගෙන, මං සුදනා වෙන්නට ගිය එතෙක් මෙතෙක් ලංකාවේ පහලවු අසාර්ථකම රාජ්‍ය පාලකයාගේ සරම, ඔහු පත් කල ජනතාව විසින්ම ඔළුවෙන් ගලවා දමා ඇත. 


Feb 9, 2018

සංහිදියාවෙන් බෙල්ල කැපීම හා ඩිප්ලෝමැට්ටලා - Diplo Mattos & Intractable Coexistence




නන්දිකඩාල් වලින් ඉවර කරපු යුද්දේ ආයෙත් ලන්ඩන් වලින් පටන් අරන්.. කලින් වගේම, අපේ අපේම උන් මරා ගන්නවා... මහින්ද මහත්තයගෙ මොන ජාති ආලෙද... එයා මහ ලොකු වීරයා උනාට ඉලැක්ට්‍රික් චෙයාර් එකේ තියයි කියලා බයේ රෙද්දේ ගූ ගිහින් හිටියේ.. එයැයි ඒකෙනුත් බේරලා, ළෝකෙම දිනලා ඉන්න, සිරා පොරක් අපිට ඉන්නවා.. පොරට ගහන්න ඩිප්ලොමැට්ටෙක් දැන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

මේ දවස්වල රැල්ලට යමින්, පරණ කවියක් පොඩි ඇඩිට් පාරක් දාලා බුකියේ දැම්මා.. 
ඒකයි, බුකියේ දාපු තා මයික්‍රො බ්ලොගින් කෑලි ටිකකුයි, 
ඔබේ හිත සුව පිණිස මෙතනත් එල්ලුවා..

හදවතින්ම සිරි ලාංකිකයි ඩෝ..

අම්මගේ රෙද්ද...!!!