.

.
Showing posts with label Down South. Show all posts
Showing posts with label Down South. Show all posts

Jun 30, 2014

බලපිටිය, බල මාළු හා ඇඹුල් තියාල් - Balapitiya, Skipjack Tuna & Ambul Thiyal


රොකට් රෝහිණි කථා වස්තුව - තුන්වෙනි කෑල්ල

මීට කලින් කෑල්ල බලන්න ඕන නම්, මේ අකුරු උඩම ක්ලික් කොරන්න....

ඒ කාළේ ගෙවල් වලට එන ජංගම වෙළෙන්දෝ, කීප පලක්ම උන්නා. සමහරු ආවේ පයින්, පෙට්ටියක් හරි කූඩයක් හරි ඔළුව උඩ තියාගෙන. සමහරු ෆුට් සයිකලෙන්, සමහරු කරත්තෙන්. උදේ පාන්දරම එන්නේ කිරී මෑන්. පොර එන්නේ බයිසිකලේ. අපිට කිරි ගෙනාවේ අපේ නෑ කෙනෙක්ගේ ගෙදරකින්. කිරි ගෙනාවේ ලොක්කා මාමා. මඩකලපු සරම ඇඳලා, කළු පාට අඟල් තුනක් විතර පළල , රෙදි බෙල්ට් එකකින්, සරම ඉනට තද කර ගන්නේ.

ඔය බෙල්ට් එකේම පොකට් එකකුත් තියෙනවා. කහ පාට වගේ මතක. ඒකේ තමයි කාසි නෝට්ටු තැන්පත් වෙලා ඉන්නේ. උඩට ඇඳුමක් නෑ. බෙයාර් බොඩි. පොර ටිකක් දොන් සිරිසේන වගේ කොන්ඩේ මැඳින් බෙදලා. ඒ උනාට විහිළු කියන දේ දන්නෙම නෑ. ෆුල් සිරා පොර. දෙවියන් වහන්සේ මේ යකා මවලා තිබුනේ හිනා නහරේ නැතුව. මට ඔය වගේ උන් පේන්න බෑ. ඇයි යකෝ ඇඟ පතෙන් යනවද මුසලයන්ට පොඩ්ඩක් හිනා උනාම.