රාජ්‍ය බුද්ධි අංශ අඩපන කිරීමට
ඉඩ දිය යුතු නැත.
➖➖➖➖➖🔴➖
පසුගිය සතියේ සිඳුවූ විශේෂ පොලිස් මෙහෙයුම කිසිසේත්ම ආන්ඩු විරෝධි කණ්ඩායම් හා ජඩමාධ්‍ය මගින් පෙන්වූ කරුණටම පමණක් ලඝු නොවූ මෙහෙයුමක් බව, පොලීසිපති කාර්‍යාලය විසින් 12 වෙනිදා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිකුත් කළ නිවේදනයෙන් ඉතා පැහැදිලිය.
ඕනෑම රාජ්‍යයක රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දූ තීරණ හා මෙහෙයුම් පිළිබඳව මාධ්‍ය දැණුම්වත් කරන්නේ නැතිය. එසේ කලහොත් එම ක්‍රියාවන්ගෙන් සත පහක ප්‍රයෝජනයක් අත් නොවනා බව පොඩ් එකෙකුට වුවත් තේරුනද, අපේ රටේ ප්‍රවීන හා ජේෂ්ඨ යැයි කියනා ජඩමාජ්ජවේදීන් නම් දන්නේ නැතිය.
සියල්ලෝ චෝදනා එල්ල කළේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාටය. ඔහු බුද්ධි අංශ සම්බන්ධයෙන් අපට සිටිනා සුපිරිම නිළධාරියාය. ඒ බව රාජ්‍ය අරාජික කිරීමට සිටිනා බලවේගයන්ද හොඳින්ම දන්නේය. එබැවින් ඔහු ඉවත්කර දැමීම මේ බලවේගයන්ගේ එකම පරමාර්තයය.
විදේශ රටවල බුද්ධි අංශ පිළිබඳ විවරණ එම රටවල රට වැසියන්ට තබා මාධ්‍යවේදීන්ටද ලබා දෙන්නේ නැතිය. ඒකට ලංකාවේ හාල්පාරුවන්ට කෝකටත් මුව හම බුද්ධි අංශයය.
2015 සිරිසේනගේ සිවිල් ක්‍රියාකාරීන් විසින් වරක් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආරක්ෂාවට සිඳු වූ දේ පාස්කු ඉරිදාවක මුලු ලෝකයම දුටුවේය.
රට තවමත් ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ තුලින් සිවිල් යුද්ධයක් වැනි තත්වයක් වුවත් පැන නැගිය හැකි වාතාවරණයකය.
ආන්ඩුව තුලද ගැටුම් ඇති බව රහසක් නොවේ. එහෙත් එක එකාට කැමති ආකාරයේ තීන්දූ තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැතිය. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා සෑම තීරණයක්ම ජනාධිපතිවරයා දැණුම්වත්ව ඔහුගේ අභිමතය පරිදි සිඳුවිය යුතුමය.
එහෙත් පසුගිය සතියේ සිඳු වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම පිළිබඳව ඔහු දැණුම්වත්ව නොසිටී බවත්, එය යහපාලන සමයේ පැවති වාතාවරණයම ඉදිරියට ගමන් කිරීමක් බවත්, එය රාජ්‍යයේ ආරක්ෂාවට කිසිසේත්ම සුදුසු නොවන තත්වයක් බබත් ලියා තැබිය යුතුමය.
මේ රට පරිප්පු කෑවා හොඳටෝම ඇතිය.
.
