.

.
Showing posts with label Chathuranga Abeysibghe. Show all posts
Showing posts with label Chathuranga Abeysibghe. Show all posts

Jan 27, 2024

වසර 75 ක් තිස්සේ විඳි දුක අවසන් වන වසර විසි හතර

 


වසර 75 ක් තිස්සේ විඳි දුක 

අවසන් වන වසර

විසි හතර

➖➖➖➖➖➖➖➖❤️➖


තව මාස 7 කින් මේ රට පාලනය කරන්න එන Chathuranga Abeysinghe  එතරම් වැදගත් චරිතයක් ලෙස විරුද්ධවාදීන් විසින් නොසලකා  හරිණු  ලැබුවද... මා නම් එතුමා සුළුවෙන් තකන්නේ නැතිය.


ඔහු සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හසල දැණීමක් ඇති බුද්ධිමතෙක්ය... විශේෂයෙන් ආර්ථිකය පිළිබඳ ඔහුගේ දැණුමේ පරාසය ඉතා ඉහළ අගයක පවතින බැවින්.. දැන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වාද විවාද සඳහා එවන්නේ චතුරංග අබේසිංහ සහෝදරයාය.


එමෙන්ම විරුද්ධවාදීන් සියල්ල එල්ලා මැරීමටද ඔහු පොරොන්දු වී අවසානය. මෙය ඉතා ධනවාදී චින්තනයක්මය. මන්ද අපද බොහෝ කළෙක සිට ලියන්නේ කියන්නේ... විරුද්ධවාදීන් සමඟ මේ රට ගොඩ දැමිය නොකැකි බවය...


මෙයින් ජවිපේ ඔප්පු කරමින් සිටින්නේ... එතුමා එම පක්ෂයේ ආර්ථික විශේෂඥයින් වූ... හඳුන්නෙත්ති හා නලීන් හේවගේට වඩා ප්‍රාඥයකු වන බවය. ෆුල් සූට් ඇඳ විවාද වලට සහභාගී වන එතුමා, අනුන්ගේ ෂර්ට් අඳිනා... ඉටිකොල කුස්සි වල සිටිනා... හිඟන විශේෂඥයින් මෙන් නොව... උපතින්ම ප්‍රඥාවන්ත පවුලක උපන් වියතකූ බුද්ධිමතෙකු වන්නේය.


එතුමා සඳහන් කරනාකාරයට, ඔවුන් බලයට පැමිණි පසු... සියළු සිල්ලර හා තොග වෙළඳුන් සමඟ සුපර් මාර්කට් සියල්ල ඉබේම අහෝසී වී... සිල්ලර හා තොග වෙළඳාම සම්පාකාර මගින් සිඳු කර... කිසිඳු ලාබ ලැබීමකින් තොරව.. පාරිභෝගික භාණ්ඩ සපයන බවට පොරොන්දු වී අවසානය... 


මෙය වත්මන් සමාජයේ බොහෝ පිරිසක් නොදන්නා... 1970-77 තුල ඉතා සාර්ථක ලෙස මෙරට ක්‍රියාත්මක වූ මාක්ස්වාදී ආර්ථිකයට දේශීය මුහුණුවරක් දීම... නැවත ස්ථාපිත වීමක්ය....


සේවා සැපයුම් යටතේ... ඔවුන්ගේ රජයක් යටතේ නීත්‍යානූකූලව ලියාපදිංචි කරණු ලබන ගනිකා සේවය... ප්‍රමිතියකින් හා ඉතා අවම මිළක් යටතේ ලබා දීමෙන්... අධික ලාබ උපයන මාෆියා විසින් මෙහෙයවනු ලබන... ස්පා හා බ්‍රොතල් හවුස් සියල්ල වැසී යන බව... ඔවුන්ගේ නියත ජයග්‍රගණය මෙන්ම විශ්වාසය..

 

එමෙන්ම අපේ රටට අපනයනය කරන ස්වභාවික රබර් ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රතිශතයක ඇති බව එතුමා විසින් මෑතක සොයාගත්තේය..


ඔහුගේ නවතම සොයා ගැන්ම වී ඇත්තේ... දේශීය පොල් ගස්වල ඵලදාව ඉතා අඩු බවයි...

පොල් ගසකින් වසරකට කඩන්නේ පොල් ගෙඩි 50 ක් බවත්... ඒවාද දේශීය පරිභෝජනට හා පොල් තෙල් සඳහා යොදා ගන්නා බවත්ය.. ඒ වසරකට පොල් ගෙඩි 100 ක් ලබා දෙන ගස් ලොව පුරා තිබියදීය...


එහෙත් එසේ නොකට... ජනතාව පොල් පරිභෝජනයෙන් වැලකී... පුනක්කු සඳහා හුරු වුවහොත්... ඒවා අපනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 3 ක ආදායමක් ඉපයිය හැකි බව එම පර්‍යේෂනය මඟින් පැමිණි නිගමනයය.


ඒ අනුව ඔවුන්ගේ රජයක් යටතේ... දැනට ඇති කනාටු පොල්ගස් හා රබර් ගස් සියල්ල මුලින්ම ඉවත් කරනාතර ... අලුතෙන් වගා කරණු ලබන තේ පොල් හා රබර් පලදාව නෙලාගැන්ම සඳහා වසර 6 -7 ඉවසීමෙන් බලා සිටිය යුතුව ඇත.


එතෙක් ඔබට අවශ්‍ය පුනක්කු... වෙනත් රටවලින් ඉතා අඩු මුදලකට කිසිඳු ලාබ ලැබීමකින් තොරව ළඟම ඇති සමූපාකාරයෙන් ලබා දෙනු ඇත්තේය.


මෙවන් ප්‍රාඥයින් ලද පුණ්‍යභූමියක වසර 2500 ක් තිස්සේ දුක් විඳිනා අප නියම පව්කාරයෝ නොවෙම්ද?


දුක් විඳින අවසන් වසර

විසි හතර..

.

Dec 28, 2022

චතුරංගලාගේ හා පැතුම් කර්නල්ලාගේ ඉකො කොමික්ස්

 


චතුරංගලාගේ හා පැතුම් කර්නල්ලාගේ

ඉකො කොමික්ස්

➖➖➖➖➖😁▪️


අරගලයෙන් පස්සෙ මතු වෙච්චි අලුත් දේශපාලන චරිත වලින් මම ප්‍රියකරන දෙන්නෙක් තමයි චතුරංග අබේසිංහ හා පැතුම් කර්නර්.. 


කවුරු මොනවා කිව්වත් දෙන්නටම පැහැදිලි දේශපාලන අනාගතයක් තියෙනවා හැබයි ඉන්න තැන් වල ඉඳලා නම් නෙමෙයි... මොකද දෙන්නම කරන්නේ ජනතා දේශපාලනයක් නෙමෙයි. තියරි දේශපාලනයක්. 


එහෙම ක්‍රමයක පාලන බලය ගන්න නම්, එක්කෝ හරිනි වගේ ජාතික ලැයිස්තුවකින් එන්න ඕන, එහෙම නැත්නම් මහ පක්ෂ දෙකෙන් එකක එල්ලෙන්න ඕන.


දෙන්නගෙම හොඳ වගේම නරකත්, ගත යුතු දේත්, නොගත යුතු දේත් තියෙනවා. වඩාත් වැදගත් දේ, ඉන්න දේශපාලුවන්ට වඩා දැණුම අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න එක. 


මේ දෙන්නම නිදහස් අධ්‍යාපනය තුලින් බිහි වූ චරිත. නමුත් දෙන්නම කියනවා අධ්‍යාපන සිස්ටම් එක වැරදියිලූ. එහෙනම් කොහොමද මේ දෙන්නා ගොඩ ගියේ. ඒ කියන්නේ සිස්ටම් එකේ වැරද්දක් නෙමෙයි නේ. වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ. නමුත් මෙයාලා ඒක මිනිස්සුන්ට කියන්නේ නෑ. වරද පටවන්නේ දේශපාලුවන්ට විතරයි. එතන තියෙන්නේ වෛරය හා ඉරිසියාව පමණමයි.


අනෙක් කාරනය දෙන්නම තාම ඉන්නේ කොහේ හරි කාගේ හෝ තියරියක එල්ලිලා. බොරු දත්ත මත රැදිලා. කම්පැරිසන් හෙවත් සංසන්දනය කිරීම් වල. අපේ රටේ දත්ත නෙමේ, මේ ලෝකේ සියළුම දත්ත අමු බොරු.


ඇත්ත වශයෙන්ම ගත්තොත් ඉන්දියාවේ තරම් හිඟන්නෝ නූගත්තු මෙහේ නෑ. බංගලාදේශය මාර දියුණුයි කිව්වට ඒක මිහිපිට අපායක්. චීනය කොච්චර දියුණු උනත්, මේ විඳින මාධ්‍ය නිදහස බින්දුවක්වත් නෑ. 


ඇත්තටම ගත්තොත් ඔය ඔක්කොම රටවල් වලට වඩා මේ රටේ මිනිස්සු පොහොසත්, සතුටින් ඉන්නේ. නිදහස් ජීවිත ගත කරන්නෙ. පසුගිය සති අන්තයේ වන් ගෝල්ෆේස් විතරක් නෙමෙයි ශ්‍රී පාදය නුවරඑළියත් ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. එතන සෑම පන්තියකටම අයිති මිනිස්සු උන්නා. මන්දපෝෂණ කියන්නේ අමු ප්‍රොපගැන්ඩා. දැන් ඒවට ඉස්සර වගේ පැවැත්මක් නෑ. පටන් ගත් තැනම පච වෙලා චොර වෙලා යනවා. මංගලගෙ ඒවා වගේ පැවැත්මක් නෑ.


චතුරංගගේ නායකයෝ ලෝකේ වටේ සවාරි යනවා, පැතුම් කර්නර් වෙසක් එකට කළු වෙසක් කූඩූ එල්ලලා පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියාට, හැමෝටම මෙරි ක්‍රිස්මස් කියලා ඉන්ගිරිසියෙන්ම දාලා තිබුනා. මෙරි වෙන්නේ නෑ නේ ප්‍රශ්ණ තියේ නම්.


අපේ රටේ මිනිස්සු ජපන් වාහනයකට ජපනා වගේ 300% ගෙවනවා. ඉන්දියාවේ එකකට 200% ක් ගෙවනවා. එයාර් ලංකා වගේ පාඩු ලබන සුදු අලියෙක් උඩ යන්නේ, තනිකර ජනතාවගෙ සල්ලි වලින්, ආන්ඩුවේ අයිස් ගහන උන්ට සැප දෙන්නේ මුට්ට කරගහන එකාගෙත් කන බොන දේට ගහන බද්දෙන්.


මේ දෙන්නට නෙමේ, එකෙක්ටවත් රට වැටෙන්න හේතුව තාම තේරිලා නෑ. ඉතින් සොලියුසොන් එක ලෙස ඉදිරිපත් කරන්නේ වැල් බයිලා.


මේ රටට කෙලවෙන්න හේතු වුනේ රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවය හා සුබසාධන ක්‍රම මගින් ඇති කල හිඟන මානසිකත්වය.


මහපොලො නොදුන්නා කියලා ඊට කලින් මේ රටේ උපාධිධාරීන් බිහි වුනේ නැද්ද? 


ජනසවිය දෙන්න කලින් මේ රටේ මිනිස්සු නොකා නොබී මැරුනද? 


නොමිළේ පෙලපොත් දෙන්න කලින් දරුවෝ ඉගෙන ගත්තේ නැද්ද? 


නිළ ඇඳුම් දෙන්න කලින් දරුවෝ පාසල් ආවේ හෙළුවෙන්ද? 


ගම් උදා ගෙවල් දෙනකම් මිනිස්සු උන්නේ ගස් ගල් යටද?


කරුමේ කියන්නේ මේ ඔක්කොම කරුම මේ රටේ ජනතාව මත පැටෙව්වේ, ඕපන් ඉකොනමි හඳුන්වා දීපූ උන්ම වෙච්චි එක. ඒ තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගන්න. දැන් මේවා දිගටම මේන්ටේන් කරන්න ඕන කියන්නේ පිනට කන දයාසාන්තලා ඉතරක් නෙමේ, නන්දලාල්ලා, ප්‍රේමදාසලත් ඒ අස්සේ සිටීම ජාතික කරුමයක්. ව්‍යසනයක්.


රටට කෙලවෙනකන් බලාගෙන ඉන්න උන්ට පේන්නේ ආරක්ෂාවට වෙන් කරන මුදල විතරයි. ඒත් ඉහත සඳහන් කරන වියදම්වල එකතුව හා ඉන් රටට අත් වූ දෙයක් තියෙනවද කියලා එකෙක් ළඟවත් දත්ත ඇත්තේ නෑ.


ඒවා ගැන හොයන්න ඕනත් නෑ. ඒ තුලින් ඇති කරලා තියෙන හිඟන මානසිකත්වය, යැපුම් මානසිකත්වය ගැන එකෙක්ට වගේ වගක් නෑ. ඒ ඩැමේජ් එක නෙගටව් මයින්ඩ්ස් ලේසියෙන් හදන්නත් බෑ.


නන්දලාල් කබ්‍රාල්ට එහා ගිහින් සල්ලි අච්චු ගහන්නේ මේ දන්සල මේන්ටේන් කරන්න. ලෝකේ දන්සල් දෙන රට අපේ රට විතරක් නෙමේ. හැබයි මෙහෙම දන්සැල් දෙන රටක් නම්, තුන් ලෝකෙම ඇත්තේ නෑ කියන කතාව නම් සහතික ඇත්ත.


මේවත් මේන්ටේන් කරගෙන ආර්ථික වශයෙන් නැගී සිටින්න පුලුවන් එකම එක ඉකොනමි සිස්ටම් එකකින් විතරයි. අපි පෙනී ඉන්නේ ඒ ඉකොනමි එක වෙනුවෙන් විතරයි.


.