.

.
Showing posts with label ISIS. Show all posts
Showing posts with label ISIS. Show all posts

Sep 22, 2020

අතාවුල්ලා ආන්ඩුවේ ඇඳුම් ගැලවීම


 මේවා ගැන ලියා ඇතුලට යන්න උනත් මේවා ලියා තැබිය යුතුමය. කෙසේ වෙතත් මේ ලිපිය ෆේස්බුක් එකේ එල්ලන්න නම් වෙන්නේ නැතිය. මේවා ලියන කොට අප ඉබේම ජාතිවාදීන් වන්නේය. එහෙත් සෑම ජාතිකයටම මේ රටේ සම අයිතිවාසිකම් ඇතිව ජීවත් වීමේ නිදහස තිබිය යුතු බව මාතලන්ගේ මතයය.

ත්‍රස්තවාදය එන්නේ මොකාගෙන්ද ඌ විනාශ කර දමනවා විනා, උගේ මානව අයිතිවාසිකම් රකින්නට ගිහින් අවසානයේ වෙන්නේ ඇෆගනිස්ථානයක ජීවත් වීමටය. එය බෞද්ධද, දෙමළද, නම ලිව්වොත් තහනම් වන ජාතියේද යන්න අදාලම නැතිය.

මාතලන් මේවා ගැන ලියන්නේ 2012 සිටය. ඒ රාජපක්ෂලා ගොනාට අන්දා රටම හලාල් කරන්න ගිය කාළයේ සිටය. සහරාන්ලා බෞතීස්ම කරේ රාජපක්ෂලා බව කිසිවකු හෝ අමතක කළ යුතු නැතිය. මුස්ලිම් කාන්තාවන් මුළු සිරුරම වසාගෙන පිරිමි ටික ලෝගුවලට බැහැලා ඇෆ්ගන් ජටා බැඳගෙන යන්නේ සෙල්ලමට නොවන බව අප කිව්වේ ඒ කාළයේ සිටය. අප කියපු ඒවා ඇහුවා නම් සහරාන්ලා වැනි උගත් බුද්ධිමත් දරුවන් අදටත් බිස්නස් එකක් කරගෙන ඉන්නවාය. ඊබ්‍රහිම් නානා සහෝදරයා ගම්මිරිස් ටිකක් ගෙනත් හරිනි වෙනුවට පාර්ලිමේන්තුවේ ඉන්නවාය.

ආන්ඩුව 20 සම්මත කර ගැනීමට ඕනෑම සෙල්ලමක් දැමීමට ලෑස්ති බව පෙනෙන්නේය. එහෙත් එය බොහෝම පරෙස්සමෙන් කලයුතු දෙයක් බව ඊයේ පාර්ලිමේන්තුවේදීම මනාව දිස් උනේය.

ලංකාව වහාබ්වාදය කරා වේගයෙන් ගමන් කරනා බවත්, ඔවුන් විසින් ලංකාවද තම සිතියමට ඇතුලත් කර ඇති බවත් අද ඔප්පු වී අවසානය. එයාලාගේ කෙරුවාවන් සියල්ල එලිවෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පත්කල විශේෂ ජනාධිපති කොමිසමේදීය. ඒවා කිසිවක් සුළුවෙන් තැකිය යුතු ඒවා නොවේය.

යහපාලන සමයේ රට පාලනය කර තිබුනේ සිරිසේනවත් රනිල්වත් නොව වහාබ්වාදයේ සෙට්ටෙකය. රට පාලනය කර තිබෙන්නේ සහරාන් බව අගේට ඔප්පු වී අවසානය. එහෙත් ඇත්තටම රට පාලනය කලේ සහරාන්ද එහෙම නැත්නම් වෙන එකෙක්ද යන්න මේ කොමිසමෙන් හෙලි කල යුතුය. නැත්නම් ඔය වියදම් කරනා මුදල් කන්දරාව, සිකුරාද දවල්ට දවටගහ පල්ලිය ගාව ඉන්නා හිඟන්නන්ට දීලා දාන එක වඩා හොඳය.

නැගෙනහිර වහාබ්වාදයේ අගනුවර ලෙස ක්‍රියාත්මක වූ අයුරු කොමිසමේදී අපූරුවට එලි වුනේය. රට පුරා වහාබ් වාදය පතුරනා පාසල් ආරම්බ වී හමාරය. කොරෝනාවට මුවාවී ආයෙත් ලෝගු අස්සේම යන්නේය. සහරාන් උන්නේ ලෝගුවක් අස්සේ වෙන්න 1000% ක සම්භාවිතාවක් තියෙනවාය. කරුමේ කියන්නේ මුන් ගේම දෙන්නේ එන්නේ, ෆයිව් ඉස්ටාර් යන මොඩර්න් කොල්ලෝ විදියට වීමය.

පසුගිය ආන්ඩුව මෙන්ම මේ ආන්ඩුවද, මේවාට එරෙහි වන බවක් තවම නම් පෙනෙන්නට ඇත්තේ නැතිය.

අප රටේ අභ්‍යන්තර කටයුතු වලට මෙන්ම කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට අඟිලි ගැසීමෙන් වලකින ලෙස ජනපති ඝෝඨාභය එක්සත් ජාතින්ගේ මහ උන්ටම කීවේය. එහෙම කියන්න කොන්දක් තිබිය යුතුය. කොරෝනා ඇවිත් ලෝකයේ ඔක්කෝම මිය ගියත් ඔය සංවිධාන වලට කරන්න පුළුවන් ලබ්බක් නැති බව ලෝකයට ඔප්පු කොට අවසානය.

කොමිසමේ තීන්දු තීරණ එනතෙක් නොසිට වහාබ්වාදයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතු බව ඊයේ පාර්ලිමෙන්තුවේදි අගේට ඔප්පු විය. නැගෙනහිර පලාතේ සිට රට පාලනය කල සෙට්ටෙකේ නම් ගම් අතරේ අතාවුල්ලාගේ නමද කියවී අවසානය.

එයාලා මුලින් පාර්ලිමේන්තුවේ ඌරූ මස් තහනම් කළේය. දැන් යුනිෆෝම් එක ඇඳගෙන එන්න පටන් අරගෙනය.

රූකඩයක් වන් කතානායක කිව්වේ ඒ එයාලාගේ ජාතික ඇඳුම කියලාය. ලංකාවේ මුසිම් ජනතාව ඔහොම ඇඳුමක් ඒ කාළේ නම් ඇන්දේ නැතිය. උන්ගේ ජාතික ඇඳුම වූයේ මඩකලපු සරමක් බැනියමක් හා ඔළුවේ බැඳි ලේන්සුවක් පමණමය. ලේන්සුව බැන්දේත් පල්ලි යන දවසේ පමණය. කාන්තාවෝ සාරිය ඇඳ, සාරි පොටින්ම ඔළුව වසාගෙන ගියේය.

2009 වෙනකන් එයාලා උන්නේ එහෙමය. වැඩේ පටන් ගත්තේ ප්‍රභාකරන් දිවිය ලෝකේ ගිය දා පටන්ය. මේවා, සියල්ලන්ටම අමතකය.

ආන්ඩුවේ ඔක්කෝම උන් කට පුක වහගෙන ඉද්දී, ඒකට ගේම් එක ඉල්ලු විපක්ෂයේ උන් මෙන්ම, විශේෂයෙන් මරික්කාර්ට අපේ ගෞරවය හා ප්‍රණාමය පිදිය යුතුමය. ඔහු මේ වහාබ් ඇඳුමට කෙලින්ම හා තදින්ම විරෝධය පෑවේය.

වහාබ් වාදය පැතිරුනහොත් ලිබරල් මුස්ලිම් ජනතාවට අත් වෙන ඉරණම මරික්කාර් වැනි අය ඉතා හොඳින් දන්නවාය. ගෙවිඳුලා, ගොම්ම්න්පිලලා, වීරවංශලා වාගේ උන් කට පුක වසාගෙන සිටිද්දී විපක්ෂයේ උන් ගෙනගිය සටන අප අගය කළ යුතුමය.

20 සම්මත කර ගැන්මට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහාය ලබා ගැන්මට යන බවට ගොසිප් යන්නේ එකසිය ගානටය. වහාන්බාදය කරා යන ගමනේදී ආන්ඩුවට හේත්තු වන්නේ එසේය.

ඉන් පස්සේ කරන්නේ උන්ට ඕනා ගමන ආන්ඩුවේ උන් බය කරගෙන ඉදිරියටම ගෙන යාමය. මහින්ද මෙන් ඝෝඨාභයත් මේවාට ඉඩ නොදේය යන්න බහුතර ජනතාවගේ මතය වී අවසානය.

මුන් එක්ක 20 සම්මත කර ගන්නවාට වඩා, රට උන්ට ලියා දී, රාජපක්ෂලා මැදමුලනට ගිහින් කොන කපාගෙන බුරියානියක් කා ජීවත් වීම, 20 ගෙන එනවාට වඩා හොඳයි කියා මේ පල්හෑල්ලත් මෙසේ නවතා දමනවාය…

ඒ වගත් මෙසේය..





Jul 5, 2020

බුර්කාව හරහා එන ආර්ථික ප්‍රහාර, ගොබ්බ ආන්ඩු හා මෝඩ සිංහලයා



අපේ රටේ ජනතාවට සති දෙකෙන් සියල්ල අමතක වන් මෝඩයන් පිරිසක් බව කිව්වේ ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් කියන්න කලින් නොවේ මෙවන් මෝඩයන් ලොවේ කියා කවුරුත් දන්නවාය. විශේෂයෙන් ඒ මෙරට සිංහළ බෞද්ධ ජනතාවය. ත්‍රස්ත්වාදීන් හා සංහිදියා මාර්ගයේ යන්න 1994 පත් වූ රජයේ මංගල පින්සිරි උන්නැහේ සුදු නෙළුමක් අරගෙන දකුණේ මොකක්දෝ තොයිලයක් නැටුවේය. උන්නැහේට තිබුනේ නෙළුම බැරි නම් සැටලයිට් නෝනාත් කරේ තියාගෙන ප්‍රභාගේ අඩිවියේ ඒ තොයිලේ නටාගන්නා එකය. 

තොයිලේ සක්සෙස්සෙක කොයි තරම් සාර්ථකද කියනවා නම්, අන්තීමේ උනේ සැටලයිට් නෝනාගෙ එක ඇහැක් කොටියාට දන් දෙන්න වූ එකය. හමුදා කඳවුරු බහුතරය කොටින්ගේ ග්‍රහණයට පත් විය. හමුදාපති වරුන් යුද්ධය විකුණාගෙන කෑවේය. අන්තිමේදී ආර්ථිකය මයිනස් වලටම ගියේය. 

අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරයද එසේමය. කටුවාපිටියේ ප්‍රහාරයට ලක් වූවන් පණ අදිමින් ඉස්පිරිතාලවල ඇදන් මත සිටියදි, එහේ ඉන්න මී හරක් ගිහිල්ලා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්න උන්ට කතිරේ ගසා ආවේය. අපේ උන්ට ඒවා එසේ අමතක වූවාට, ඉස්ලාම් ටෙරාලා ගේම අත ඇරලා නැතිය. දැන් දැන් නියමාකාරයේ කොමිසම් වලින් හෙලිවන කරුණු, ඇඟ කිලි පොලා යන්නේය. එහෙත් ඒවාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයන්ද කිසිවක් පෙනෙන්නට නම් ඇත්තේ නැතිය. උන්ගේ මද්‍රාසා පාසල් වල උගන්වන්නේ මක්කාද කියා අද බොහෝ පැහැදිලිය. ඒත් ඒවා වෙනදාටත් වඩා හොඳින් රන් වෙනවාය. 

Safiyya Amira Shaikh said she wanted to 'kill as many people as possible' the court heard

ලන්ඩනයේ "සෙන්ට් පෝල්ස් කැතීඩ්‍රල්" එක පුපුරුවාහරින්න එංගලන්තයේ පළමු මරාගෙන මැරෙණ බෝම්බකාරිය ඒ උත්තේජනය ලබා ගෙන ඇත්තේ ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන්ය. ලංකාවේ පාස්කු ප්‍රහාරය සිඳුවන කාළයේ ඇය මේ රටේ උන් බවටද වාර්ථාවන් පලවේ. 

ඇය පෙරහුරු පවත්වන්නේ කෙසේද. බැග් පෑක් එකකුත් කරේ දමාගෙන ඇය පෙරහුරුවලට යන්නේ බුර්කාවෙන් සැරසීලාය. එහිදි පල්ලියේ ආරක්ෂක තත්වය ඉතා දුර්වල බව ඇය වටහා ගන්නවාය. වාසනාවකට ඇයව මාට්ටු වන්නේ අන්තවාදීන් ලෙස වෙස් වලාගත් ඔත්තු සේවයේ නිළධාරින් නිසාය. 

අපේ රටේද මාමස්මි කියා පාතාල නායකයකුගේ නිල ඇඳුම වුනේ බුර්කාව බවත් මේ මොහොතේ අමතක කරන්නට හොද නැතිය. ඕවා අස්සේ ටෙරාලා කීයක් තාමත් යනවාදෝ කියා දන්නේ අල්ලා දෙවියන් වහන්සේ විතරමය. 

අපේ ඔත්තු සේවයට ඒ කාළේ අත්ව තිබු ඉරණම දැන් හොඳින් ආවරණය වනවාය. නාකොටික් එකේ උන්ගේ කෙරුවාවන් ගැන අහද්දී අපට හිතෙන්නේ පොලීසියේ හා ඔත්තු සේවාවල හිටිය උන් සහරාන්ගේ සල්ලි වලට රට පාවා දුන්නාදෝ කියලාය. උන්ගේ ගණු දෙණු ගැන එලි වෙන්නේ දැන් දැන්ය. ඒවා සංසරනය වී ඇත්තේ කෝටී ගනන් වලින්. 

ආන්ඩුව ආර්ථික වශයෙන් ඉන්නේ අමාරු තත්වයකය යන්න බොරුවක් නොවේ. වසර පහක් තිස්සේ බංකොලොත් කොට විනාශ කල රටක් අවුරුද්දකින් දෙකකින් ගොඩ දමන්නට පුළුවන් කියා හිතනා එකෙක් වේ නම් ඌ උපන්ගෙයි මෝඩයකු හැර වෙන එකෙක් නම් වෙන්නට බැරිය. ඒ අස්සේ කොරෝනා ලෝක වසංගතය නිසා ලෝකයේම ආර්ථිකය ඇත්තේ නන්නපෝල් වෙලාය. ෆිනෑන්ස් කොම්පැනි ගැන මිනිසුන්ගේ විශ්වාසය බිදි ඇති අවස්ථාවේ බැංකු පද්දතියටද කෙලින්න යන්නේ ත්‍රස්තවාදීන්මය. 

ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ බෝම්බවලින්ම නොවේ. නගරාශ්‍රිත පන්සල් වල ලොකු හාමුදුරුවරුන් පවා තනි තරුවයි හඳපලුවයි මුදලාලිලාගේ ග්‍රහණයට නතුව බොහෝ කල්ය. මේව ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන ගේම්ය. සම්පත් බැංකුවේ ගේම ඇදපු එකා ගැන මීට වඩා සෙවිය යුතුය යන්න මාතලන්ගේ විශ්වාසයයි. සමහර විට පොර එම අවස්ථාවේ ආවේගයට පත් වූ  සංහිදියා පොරක් විය හැකිවාක් මෙන්ම පෙනුම අනුව නම් සහරාන්ලාගේම එකෙක්ද විය හැකිය. 

මේවා ප්ලෑන් ගේම්දෝ කියා සිතෙන්නේ, සම්පූර්ණයෙන්ම බුර්කාවකින් සැරසි එන මුස්ලිම් කාන්තාව මුහුණ ආවරණය ඉවත් කර ගත් පසු බැංකුව ඇතුලට පැමිණෙන ලෙස කීප වරක්ම පවසන මුත් එය ප්‍රතික්ෂේප කරමින් ගේමම ඉල්ලමින් වීඩීයෝ ගත කරනා නිසාය. සමාජ මාධ්‍යයන්ට මුදා හරින වීඩියෝවෙහි මුල් දර්ශණ නැත. ඒත් සමගම එලියට එන්නේ මෙවන් ගේම් වල ගෝඩ් ෆාදර් වන මංගල පින්සිරි සමරවීර උන්නැහේය. 

සම්පත් බැංකුවෙන් මේ පිළිබඳ නිකුත් කර ඇති නිල නිවේදනය පසෙක තබා ලිබරල් සිංහල බෞද්ධ මෝඩයෝ එල්ලෙන්නේ සභාපතිගේ පෞද්ගලික ප්‍රකාශයේය. එහි කිසිම වරදක් ඇත්තේ නැතිය. ෂරියා කාරයන්ගේ හා බෝනගේන් ත්‍රස්තවාදින්ගේ බැංකුවලට රට තුල ව්‍යාපාර පවත්වාගෙන යා හැකි නම් සිංහල බෞද්ධයා වෙනුවෙන් බැංකුවක් තිබුනාට ඇති වරද කුමක්ද කියා මාතලන් ඒම බූරූ තකතීරිවන්ගෙන් අසනවාය. 

නෙළුම් මල් අරගෙන ගිහින් දුන්න ගේමට එහා ගේමක් දෙන්න යන බව දිනකට හෝ මුදල් ඇමති කමත් දැරූ එකෙකුට වැටහෙන්නේ නැති විය නොහැකිය. එයා එයාගේ සම්පත් බැංකුවේ ගිණුම ඉවත් කර ගන්නා බව කිව්වේ ගින්දර පත්තු වන අතරේමය. ඉන් පුක චූන් වූ ගොබ්බ ලිබරල් සිංහල මී හරක් ගන්නේ බැංකුවේ පැත්ත නොව ත්‍රස්තවාදින්ගේ පැත්තය. උන් මේ ඉටුකරන්නේ ජිහාඩ්කරනයේ වුවමනාවන බව මේ ගොන් බාස්ලාට මේ කපේදී නම් වැටහෙන්නේ නැතිය. 

සංහිදියාව යනු එකකි. ගොන් කම යනු තවත් එකකි. උන්ගේ ටාගට් එක සිංහල ව්‍යාපාරිකයා බංකොලොත් කර දමනා එකය. ලංකාවේ සෑම වෙළඳ නඟරයක්ම අත්පත් කර ගන්නේ ඒ අනුවය. මේ ගැන සිහල ව්‍යාපාරිකයින් දැනුවත් වුවද ගොබ්බ ආන්ඩුවල සංහිදියා නිසා උන් ඉන්නේද අසරණයවය. අනික උන්ට අත හිත දීමට කිසිවකු නැති උවත්, අරුන්ට සල්ලි එන්නේ ඕසෙටය. නැගෙනහිර විස්ස විජ්ජාල හදන්න තරම් උදල් ආවේ එසේය. 

තත්වය එසේ තිබියදි සිංහල ව්‍යාපාරිකයාට අත හිත දීමට ඇති අල්ප ආයතනයන් අතරින් එකක් වන, සම්පත් බැංකුවට එරෙහිවන සෑම සිංහලයෙක්ම, අමු ගොන් බූරුවෙක් බව නොකියා සිටිය නොහැකියය....

නැවතත් කිව යුතුව ඇත්තේ සංහිදියාව කියන්නේ ගොන් කමට නම් නොවේමය කියාය..


Jun 29, 2016

බ්‍රෙක්සිට්, ඉස්තාන්බුල් හා අපේ දේශප්‍රේමීන් - Brexit, Isthanbul & Racialism



බ්‍රෙක්සිට් (බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම) ගැන ඉකොනොමිස්ට් ලියපු ළිපියක මා අනාවැකියක් දමමින් සඳහන් කළේ, දැන් ඉදිරියට එන්නේ, තලෙයිබාන්වාදය, නාසීවාදය, සියොන්වාදය යන විවිධ නම් වලින් හැඳින්වෙන, අමුම අමු ජාතිවාදිය රජයන යුගයක් බවයි. එංගලන්තයේ අංකල් ජොන්සන් හා ඇමරිකාවේ ට්‍රම්පට් කාරයා යනු, හිට්ලර්ගේ පුනරුප්පත්තීන් බවයි. එය මනාවට ඔප්පු කරමින් ඊළඟ දිනයේම තුර්කීයේ ඉස්තාන්බුල් නුවර ගුවන් තොටුපලේ පිපිරෙන්නේ "සුවිසයිඩ් බෝම්බ" කරුවන් තිදෙනකු නොවේ. ත්‍රස්තවාදී ප්‍රහාර තව දුරටත් ඉදිරියට යමින්, මේ පුපුරා යන්නේ "සුවිසයිඩ් වොරියර්ලා" තිදෙනෙකි.

Nov 25, 2015

ISIS ලාත් අරිනකම්ම බලාගෙන ඉමුද - දැන්ම ළෝගූ ගලවමුද ? - ISIS Crisis


සෝභිත හිමියන්ගේ මරණය කන වැකී, වතුර බෝතල් දන් දීමට පැමිණි විදේශිකයින් පිරිසක්...
ළිපිය සෑහෙන දිගය. ඒ ගැන කමා කොට මුල සිට අග දක්වා කියවා පමණක් කොමෙන්ට් කොරන්න.

මාතලන්ගේ පල් හෑල්ල කියවීමට පෙර, "සත්හඬ" වෙබ් අඩවියේ පලවූ මෙම ළිපිය කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවාය. මේ ගැන කලින් දන්නවා නම්, කෙලින්ම මාතලන්ගේ පල් හෑල්ල කියෙව්වාට අවුලක් ඇත්තේ නැතිය.