රනිල් හාමු සහ තඹුත්තේගම අපේ එකා.
(සමාජවාදී රනිල් හා
නව ලිබරල් අනුර කුමාරයා)
➖➖➖➖➖➖➖➖➖➖⭕
රනිල් එක්ක මේ රටේ ඉන්න උගත් නූගත් ගොඩක් දෙනෙකුට තියෙන්නේ, දේශපාලන ප්‍රශ්නයක් නොවේය. "හීනමානය" සමග එන පුද්ගලික ඇරියස් එකක්ය. රනිල් හා..මු.., රනිල් රදලය, ගොඩක් අය කියන්නෙ එහෙමය. රනිල්ට ලන්වෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවාය. ඒක සාමාන්‍ය ජහමනයාට නොව සමීපතමයින්ටද අදාලය.
රනිල් කියන්නේ... මහින්ද වගේ කරට අත දා , බඩට ඇන, ළමයෙක් වඩාගෙන ෆොටෝ එකක් ගහල ඉන්න පුළුවන් චරිතයක් නොවේය. (දන් නම් හාමු ජූන්ජක් වෙනස් වී ඇති බවකුත් පේනවාය.)
ඒකට ඉතින් මිනිස්සු කැමතී නැතිය. මේවා ඇවිල්ලා අපේ රටේ මුල් බැහැපු ජනමතය, උදාහරණ ලෙස ළමයි නැත්නම් කොන්ද පන නැතිය., ගමේ මුදලාලි නම්, තක්කඩියෙක් වගේ එකෙකිය, කාටුන් එහෙක මුදලාලි කෙනෙක් ඇන්දත්, ඔහුව අර්ථ දක්වන්නෙ කලු කඩ කාරයෙක් විදිහටය.
ඒ විදිහට "හාමු" කියන්නෙත් අපේ රටේ මුල් බැහැල තියෙන විදිහට මහ එපාම කරපු චරිතයක්ය. ඉස්සර ෆිල්ම් එහෙක උනත්, ගාමිණී ෆොන්සේකාලාට,විජය කුමාරතුංගලාට ගේම තියෙන්නේ හාමු එක්කය. බලවතා එක්කය. මේ බලවතාගේ චරිතත් කරපු නිසා, ගාමිණිට වැඩියෙන් විජේ ජනප්‍රියය.
එතකොට රනිල් එක්කත් මිනිස්සුන්ට අන්න එහෙම "හාමු" ඇරියස් එකක් තියෙනවාය. සමහර උන්ට රනිල් කරපු වරදක් නෑතිය, හැබැයි උන්ටත්, තරිඳු උඩුවරගෙදර වගේ, අරගලියන්ස්ලා වගේ, රනිල්ව පේන්න බැරිය. අර ෆිල්ම් වල, විජය කුමාරණතුංග, රන්ජන් රාමනායක නිකම් අපේ එකෙක් වගේ දැනෙනවාය.
විජේ ෆිල්ම් එකේ වලවුවෙ හාමුට නෙලනව බලන්න ආසාවෙන් ඉන්නව වගේ, මිනිස්සු ආසාවෙන් බලන් ඉන්නේ රනිල්ට කෙලවෙනකම්ය . හැබයි මේ ඔක්කොම යාලුවෝ කියලා කිව්වෙත් රන්ජන් රමණ යකාමය. උන්නැහෙත් කළේ, ශානිලා ලවා, නඩු කාරයෝ ලවා, වළං හෝදාගන්න එකය.
දැන් අනුර සහෝදරයාගේ නමේ, කුමාර කෑල්ලකුත් තිබුනාට, එයා රාජ කුමාරයෙක් නෙමේය. එයා ගමේ කොල්ලෙක්ය. අනුර තඹුත්තේගම ඇලේ, වැවේ, පැනලා නෙලුම් අලේ කඩන් කෑව කිවුවම, කෝච්ව්යේ රටකජු විකුණුවැයි කීවාම, සිරිසේන කමතෙ මී හරක් පස්සෙ ගොන් පස් ඇල්ලුවයි කිවුවම, ප්‍රේමදාස කෙසෙල් වත්තෙ ලැවරි විකිනුවා කිවුවම, අර රනිල් ගැන එන හැඟීම එන්නේ නැතිය. එතකොට නිකම් උන් අපේ එවුන් කියල අමුතු ෆීලින්ග් එකක් දැනෙනවාය. මිනිස්සු ඒ ෆීලින්ග් එකට, ෆැන්ටසියට මාර ආසය. හැබයි උන් කරන්නෙත් පැජට් පාරේ ගෙවල් දෙකක්ම ප්‍රාණභුක්තියට ලියාන බටරුත් නැතිව ඇරලා යනේකය.
රනිල්ට කවදාවත් ඒ අපේ එකා වෙන්න බැරිය, රනිල් එහෙම කරන්න උත්සාහ කරන්නෙත් නැතිය. මේ රට කරවපු ගොඩක් උන් උත්සාහ කලේ මිනිස්සුන්ට ඒ අපේ එකා ෆීලින්ග් එක දෙන්න යනේකය. මොකද ජන්ද දිනන්න ඒක ඉතා වැදගත්ය. ඇත්තටම බැලුවොත් ඒක රැවටීමක් ඇන්දීමක් කියා ජහමනයාට තේරෙන්නේ නැතිය. කලිසම් කෝට් ගහපු බන්ඩාරනායක ජාතික ඇඳුමට බැහැල දුන්නෙත් ඒ වගේ ආතල් එකක්ය. හැබැයි ඉතින් ජාතික ඇඳුම ඇඳගෙන දුම් පයිප්පෙ කටේ ගහගෙන ඉන්න එක මිනිස්සු එච්චර නෝට් කරේ නෑතිය. නැත්නම් බන්ඩාරනායකට දුම දාන්න වෙන්නෙ හොරෙන්ය.
තාමත් බොහෝ උන් ජාතික ඇඳුමට රැවටෙන්නේ පරම්පරා උරුමයක් ලෙසය. හැබයි මේ 56 විප්ලවයේ අම්බරුවන් ගැන සත්‍ය කතාව ඊයේ පෙරේදා ලියලා තිබුනේ, එයින් ජාතක වූ මහාචාර්‍ය පුත්‍ර රත්නයක් වූ, නිර්මාල් රංජිත් දේවසිරිය. එයා කිව්වේ මේ රටේ සෑම ක්ෂේශ්ත්‍රයකම තිබූ ගුණාත්මක බව නැති කළේ 56 නිර්ප්‍රභූ උගතුන් ටික කියලාය.
කොහොම උනත් "අපේ එකෙක්" නොවුන රනිල්, මේ රටේ නායකයින් වෙච්ච, අපේ එවුන් ජන්ද පරදී කියල ගන්න බය වුන ආර්ථික ප්‍රතිසංස්කරණ තීරණ ගොඩක් අරන් තියෙනවාය. රට බංකොලොත් වුනේ ඕවා කරගන්න බැරි වූ නිසාමය.
ඒව කොයිතරම් මිනිස්සුන්ට අමාරු උනත්, කවුරුන් හෝ ගත යුතුව තිබුන තීන්දූ තීරණය. ආර්ථික විද්‍යාව ගැන හූණු බිජ්ජක දැණුමක් තියෙන ඇත්ත මිනිසුන්, මේ රට දියුණු නොවෙන්න හේතුව හොරකමම විතරක් නෙවෙයි කියල දන්නවාය. හැබැයි තමන්ගෙ දේශපාලන මත නිසා ඒව පිලිගන්න කැමති නෑතිය.
2001 චන්ද්‍රිකා යටතේ, ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රථම වතාවට ඍණ අගයක් වුන වෙලේ රනිල් අගමැති ලෙස බලයට ඇවිත්, IMF ගිහින් මේ තීරණ ගෙන, ආර්ථිකය ධන වෙලා රිකවර් වෙන්න පටන් ගන්න කොටම, ජවිපෙ එකතු වෙලා රනිල්ව එලෙව්වේය එහෙම එළවල අර පරණ ට්‍රැක් එකේම ගියේය.
2015 ආයෙත් බංකොලොත් වෙන්න ගිය රට නැවතත් එවන් තීරණ අරගෙන, ලංකාවේ ප්‍රාථමික අයවැය අවුරුදු හැටකට පස්සෙ ප්‍රථම වතාවට අතිරික්තයක් ඇති කලේය. කිසිඳු සංවර්ධන කටයුත්තක් සිඳු නොවනත්, ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයට අවුලක් නොවූයේ, එම ප්‍රතිපත්තිය සංවර්ධිත රටක ප්‍රතිපත්ති හා සම වූ නිසාය. එහෙත් ජයමනයා එකතුව, රනිල්ව එළවා පරණ ට්‍රැක් එකටම ඇවිත්, රට නැත්තටම නැතිකරලාම දැම්මේය
මේ ප්‍රාථමික අයවැය කියන්නෙ ණය වාරික ගෙවන්න පෙර රජයේ ආදායම සහ වියදමය. අපේ රටේ හැමදාම ආදායමට වඩා වියදම වැඩීය.ගෙදරක උනත් ආදායම ට වඩා වියදම වැඩි නම් අර හිඟය පියව ගන්නෙ ණය අරගෙනය නැති නම් ආධාරයක් ලබා ගෙනය.ඊට පස්සෙ ඒ ණය ගෙවන්න තව ණයක් ගන්නවාය, ඒක ගෙවන්න ආයෙ ණය ගන්නවාය,
ලෝකයේ දියුණුම රටවල තත්වය උනත් ඕකය. ලෝකය දියුණු වෙන්නේත් සංවර්ධනය වෙන්නේත් ඒ නිසාය. ගෝඨා මේ රෝල ගැහිල්ල නවතා දමා දේශීය ආර්ථිකයකින් ගල් යුගයටම ගෙන ගියේය. එහෙම නැතිව සැටලයිට් වගේ පොලොන්නරු ගමයා වගේ නිකන්ම උන්නත්, මෙහෙව් කට්ටක් කන්න වෙන්නේ නැතිය. එවිට ජහමනයා සිතන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නෑ කියලාය. ඒත් අපි කකා හිටියෙ ණයට කියා තේරුනේ පුපත් බිම ඇනුනායින් පස්සේය.
දැන් IMF එකේ ප්‍රධානම කොන්දේසියක් වන්නේ, නැවත මේ රටේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගත යුතුය කියන එකය. ඒක කරන්න නම්, ඒ ගොල්ලො කියන විදිහට වැඩ කරන්න වෙනවාමය. (අද ලෝක බලවතෙක් වන ඉන්දියාව ගොඩ ආවේ එහෙමය.) ඒ කියන්නෙ රජයේ ආදායමෙන් වියදම් අඩු කරාට පස්සෙ ණය ගෙවන්නත් අතේ කීයක් හරි ඉතුරු කරගන්නෙයි කියන එකය.
රනිල් කරමින් සිටින්නේ, ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටිකය. එතකොට මෙච්චර කල් අඩුවට තෙල් ගහගෙන, අඩුවට විදුලිය අරන්, බදු නොගෙවා ගත්, ලක්ෂ ගනන් පඩි වලින් ඉහළ වාරික ගෙවනා සැප වාහන අරන්, ඒ සහනාධාර භුක්ති විඳපු උන්ට අමාරුයි තමයිය. . (අධිකාරීවාදි සමාජවාදය ක්‍රියා කරන්නේද මෙයාකාරයෙනි)
ඒ නිසා උන් මේක දාලා ගියේය. හැබයි ගියපු රටවල කක්කුස්සි හෝදලා හොයන තුට්ටු දෙකටත් බදු ගගන බව තේරුන උන් දැන් ආයේ එනවාය.
වැඩේ ඉවර නැතිය. තව කරන්න වැඩ ගොඩාක් තියෙනවාය. අතිරික්ත රාජ්‍ය සේවකයන් අඩු කරන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණලා දාන්න, ලාබ ලබන ආයතනත් ප්‍රතිව්‍යූහගත කරන්න වගේ ඒවාය. තව දුරටත් ණය අරන් දීපු සහනාධාර ආර්ථික ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කරන්න බැරිය. අස්වැසුමට ආධාර ලැබෙන්නේ ඒ නිසාය.
ඔය ටික කරහම කරන එකා ඊලඟ ජන්දය කොහොමත් පරාදයිය. රනිල් නැවත බලයට ගෙන ඒම වැදගත් වෙන්නෙ ඔන්න ඔතනදීය.
රනිල් මේ කරන්නේ කාටවත්ම කරන්න බැරි වැඩක් නෙවෙයිය. රනිල් එහෙම සුපිරි පට්ට මොල කාරයෙකුත් නෙවෙයිය. හැබැයි මේකේ බලයට එන්න ඉන්න එකාලට තමන්ගෙ දේශපාලන අනාගතය විනාශ වෙන නිසා ගන්න බය තීරණ, රනිල්ට ගන්න පුළුවන්ය. ඔහු ඒවා ගත්තේය.
ඒවා කෙටි කාලීනව ජනතාවට අමාරු වුනාට දිගුකාලීනව මේ රට හරි මගට ගෙනෙනා තීරණය. රනිල් ඕකට ට්‍රයි කරපු දෙපාරෙම රනිල්ව එළවලා අපේ මිනිස්සු තාවකාලික සුවය පතා වෙන උන් ගෙනත් ඉල්ලගෙනම කෑවේය. අනික ඔහුට ඒවා කරන්න විධායක බලයක් තිබ්බේත් නැතිය. රනිල් එලවලා දිනන එකා කළේ තමන්ගෙ දේශපාලන උවමනා වෙනුවෙන් ආයෙත් අර පරණ ට්‍රැක් එකට රට ගෙනිච්ච එකය.
රනිල් වික්‍රමසිංහ හැමදාම බලයෙ ඉන්න ඕනෙ නැතිය. එහෙම ඉන්නත් බැරිය. හැබැයි අපි හැමෝගෙම අනාගතය තියෙන්නේ මේ පාර දිනන එකා මතය. ඒ දිනන එකා මේ අරන් තියෙන තීරණ වෙනස් නොකර අනිවාර්යයෙන් අරන් යන්න ඕනෑමය. මොකද අපි දැන් බංකොලොත් රටක්ය. ඉතා කෙටි කාළයක් තුල ගොඩ එමින් සිටින්නේ, අපි IMF වැඩසටහනට ඇතුළත් වුන නිසාය. ණය දුන් රටවල් හා ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට එකඟ වෙන්නේ අපි IMF ගිය නිසාය.
මීට කලින් 16 සැරයක් කරා වගේ IMF වැඩසටහනෙන් මඟදි ඉවත් වී, නැවතත් ගොබ්බ ගෝටා කළා සේ බදු අඩු කර, සහනාධාර දී පිස්සු කෙලලා අර දේශීය ආර්ථිකය ගෙනාවොත් ආයේ නම් සංසාරේ තියා අම්පාරෙන් වත් ගොඩ ඒම සම්මා බොරුමය.
ඒ නිසා.. 2024 මැතිවරණයකින් දිනන ආණ්ඩුව කවුරු වුනත්,
" මම සිංහයෙක් වගෙ IMF ගිහිල්ලා මගෙ කොන්දේසි වලට ණය ගන්නවා. මම ඉංග්‍රීසියෙන් කතා කරලා නායකයොන්ව කොර කරලා උදව් ගන්නවා " වගෙ අම්බරු කතා නොකියා...
පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙ වියදම් කප්පාදු කරලා, හොරකම් වලට දඩුවම් දීලා ඒ සල්ලි අරන්, කැනඩාවේ සහෝදරවරුන් එවන ඩොලර් මිලියනේ ගානෙ එකතු කරලා ප්‍රශ්න විසදනවා වගේ... මොරි මාඩ මිනිස්සු අන්දන ගොමු අන් කතා නොකියා...
ජනතාවට ඇත්ත කියලා ගෙදර යන එක ඊට වඩා හොඳය.
.
.
ඒ වගත් මෙසේය....
.