.

.
Showing posts with label Science. Show all posts
Showing posts with label Science. Show all posts

Nov 10, 2014

“සෙනසුරු මාරුව” 2014 නොවැම්බර් 2 දා ද, 2015 ජනවාරි මාසයේදීද? - "When is the Saturn crossing- November 2014 or January 2015?"


- චානුක වත්තේගම -

Chanuka Wattegama's profile photoමේ අවස්ථාවේ රටේ හා බ්ලොග් අවකාශයේ පවා එක්තරා මට්ටමකට සාකච්ඡාවට ගැණෙන ප්‍රශ්නයකි, මේ. සමහරවිට ජනාධිපතිවරණ දිනය නීර්ණය වැනි වැදගත් කාර්යයන්ට පවා මේ ප්‍රශ්නයෙහි  මූලය හේතු වන්ට ඇත.

මෙහි පිළිතුර සරලය. එසේම මෙහි එක දිනයක් තාරකා විද්‍යාව (Astronomy) අනුව හා අනෙක ජ්‍යොතිෂය (Astrology) අනුව කීම වැරදිය. මීට තාරකා විද්‍යාවෙහි සම්බන්ධයක් නැත. තාරකා විද්‍යාව "ග්‍රහයින්" , "රාශි" වලට ගමන් කිරීමක් ගැන කතා නොකරයි. තාරකා විද්‍යාවේද 'මේෂ', 'වෘෂභ'  වැනි වදන් කලාතුරෙකින් භාවිතා වුවද ඒ තාරකා පද්ධතීන් (Constellation) වශයෙන් විනා “රාශි” ලෙස නොවේ. මෙය තනිකරම ජ්‍යොතිෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. කෙටියෙන් මේ ගැටළුව පහදා දෙන්ට උත්සාහ කරමි.

Oct 13, 2014

විජ්ජාව, අවිජ්ජාව හා ගැලවිජ්ජාව - Science for Barbarians


"එදා විජ්ජා සන්නිවේදනේ අද නැත්තේ ඇයි...?" කියලා, අපූරූ ළිපියක්, චානුක වත්තේගම ලියලා තියෙනවා. දැන්, සම හරක් චානුක මරාගෙන කන්න හදනවා. එයා ලියන්නේ නෑ කියලා.. එහෙම ලියන සම හරක්, නන්දා, අද සින්දු නොකිව්වට අවුලක් නෑ කියලා, කලින් කියලා තිබුනා. ඒවට නම් අපේ ගමේ කියන්නේ, සෙප්පඩ විජ්ජා කියලා. හැබයි චානුක මතු කරපු දේ ගැන, මගේ මතයත්, සමහර අදහස් අතරේ තිබුනා..

Oct 12, 2014

එදා විද්‍යා සන්නිවේදනය අද නැත්තේ ඇයි? - Science Communication: Are we going backwards?


 - චානුක වත්තේගම -

මගේ ළමා කාලය වැඩි හරියක්ම ගෙවී යන්නේ හැත්තෑව දශකයේයි. මේ අදට වඩා කෙතෙක් පසුගාමී සමයක්දැයි අද වැඩිහිටියන්ට සිහි කර ගත හැකිය සිතමි. ෆේස්බුක් නැත. ඉන්ටර්නෙට් නැත. ඩිජිටල් වීඩියෝ තැටි, සංගත තැටි නැත. ජංගම දුරකථන නැත. 3 ශ්‍රී මොරිස් මයිනර් කාර් එකක් හෝ අංක කරකවන දුරකථනයක් ඇති නම් ඒ පට්ට පොහොසත් ගෙදරකැයි සැලකෙයි. ළමයින් පාසලට යන්නේ පයින් හෝ බස් එකෙනි. දවල්ට කන්ට ගෙනයන්නේ පොල් සම්බෝල මැදට දැමූ පාන්ය. විසි එක් වන සියවසේ දෙවන දශකයේ දරුවන් ඒ පශ්චාත් නූතන ගල් යුගය සේ හඳුනා ගන්නේ නම් මම පුදුම නොවෙමි. ආපසු හැරී බලන විට ඒ යුගය එතරම්ම ප්‍රාථමිකය.