බන්දුල ගුණවර්ධන කියන පට්ට ෆේල් තියරි විතරක් දන්න අමන දේශපාලුවයි...ආන්ඩුවට ලැදි බයියොයි....
ඕසෙට කවි කතා රචනා නිසදැස් ලියනවා මේ ආනයන භාන්ඩ 600 ගානකට ගෙනාපූ අමන තියරිය වෙනුවෙන්...
එක්ස්පලේෂොන් ඕසෙට....
එයාලා කින්ඩිය දාන්නේ...
යට ඇඳුම් නැති වෙනවට කලබල වෙලාය... හැබයි, තවත් භාන්ඩ 600 කට දාලාය කියලා දන්නේ නැතෙයිය කියලා..
ඒකම තමා මේකේ කරුමේ,
ජොකාලටයි ජංගිවලටයි දැම්මත් අවුලක් නෑ... පාමංකඩෙන් හරි අරගෙන ඇදගෙන යතෑකි.
ඒත් සෙල්ෆෝන්, ගෘහ විදුලි උපකරණ, ඒ සී. වගේ මෙහේ හදන්නේ නැති ඒවා...?
තියරිය අනුව එයාලගෙ තර්ක ඔක්කොම හරි.
හැබයි මේවා සුඛෝපභෝගි භාන්ඩ ඇතුලට දාන එකනම්, ආයෝජකයෝ ගේන්න හදන, මිලියන ගනන් වල රිසෝට් ගන්න කියලා ඇඩ් දාන, පෝට් සිටියක් හදන රටක එකම විහිළුවක්.
එයාලා කියන්නේ මේ බඩු ගේන්න තහනමක් නෑලූ. එකම දේ දැන් LC ඕපන් කරන්න 100% තැන්පත් කරන්න ඕනලු.
මොන අමන වැඩක්ද මේ ?
ලොකු ලොකු කොම්පැනිකාරයෝ ටික විතරක් ඉතුරුවෙලා සාමාන්‍ය බිස්නස් කාරයෝ ඔක්කෝටම කෙලවෙන වැඩක්.
එතකොට බැංකුවට ණයක් නිකුත් කිරීමෙන් ලැබෙන පොලී ආදායමටත් හුප්පේ.
මෙතෙක් කල් වෙළෙන්දෝ ගෙව්වේ 25%
ඉතිරිය පොලියක් එක්ක බඩු විකුණලා හෙමීට ගෙවනවා.
දැන් භාන්ඩ ගෙන්නුවත් නැතත් ඒ ආදායම බැංකුවලට නෑ.
මෙයාලා මෙකට දක්වන හේතුව වාහන ආනයනය තහනම් කරපු වෙලාවේ ගෙනාපු තර්කෙමයි.
ලංකාවට තව අවුරුදු ගානකට ඕන බඩු ගෙන්නලාලූ.
දැන් වාහනවලට මොකද උනේ?
සීනී වලට මොකද උනේ?
මිළ අඩු උනාද?
ඒ මිළටම ගන්න තියෙනවද?
වාහන මිළ 300% ඉහළ ගිහින්.
වාහන අමතර කොටස්, ටයර් ඒ වගේම ගිනි ගනන්..
ඒ හොයන අමතර ලාභයෙන් සතයක්කත් ආන්ඩුවට ලැබෙන්නෙත් නෑ.
වාහන ආනයනෙන් ලැබුන බදු ලැබෙන්නෙත් නෑ.
රජයේ ආදායම වැඩි උනාද?
ආර්ථිකේ මල්වර උනාද?
ඩොලර් ඉතිරි උනාද? වැඩි උනාද?
දැන් මේ ඔක්කොම භාන්ඩ වලට වෙන්නෙත් මේක.
දැන් මේ බඩු ඔක්කොම හංගනවා.
බඩු මාකට් එකේ නැති උනාම, ඩිමාන්ඩ් එක වැඩි වෙනවා.
මේවා අධිසුඛෝපභෝගී භාන්ඩ වෙනවා. කළුකඩේ ඉබේම බිහි වෙනවා.
අර ටොසී බෙහෙතට උනා වගේ,
වාහනවලට උනා වගේම.
තියරි කෙසේ වෙතත්, ප්‍රැක්ටකලි හෙවත් මහපොලොවේ සිඳුවෙන යතාර්තය ඕක.
අපි පොඩි කාළේ ඇපල් කියන්නෙත් අති සුඛෝපභෝගි කෑමක්.
රට ඉඳලා කවුරු හරි ගෙනාවොත් විතරයි කන්න හම්බ උනේ.
ඒත් පොඩි කෑල්ලක්.
මෙහෙන් ඉන්දියාවේ ගිය උන් ලක්ස් රෙක්සෝනා එහේ අරගෙන ගියේ...
එහේ ඒවා හොඳ ගානකට දෙන්න පුලුවන් සුඛෝපභෝගි භාන්ඩ නිසා.
ඉස්සර රුසියාවේ පරණ ඩෙනිමක් දුන්නම අභිසාරිකාවක් එක්ක මුලු රැය පහන් කරන්න පුලුවන්.
මේ කරන්න හදන්නෙත් ඒක.
ආපු දා ඉඳන් ආර්ථිකේ නම් හත්පොලේ ගාගෙන තියෙන්නෙ.
සොරි ඩොට් කොම්...
-Janaka Priyantha
.



