.

.
Showing posts with label Security. Show all posts
Showing posts with label Security. Show all posts

Apr 29, 2023

පොල්දූව පාළම මත රැඳෙන, වැල් පාලමේ ආරක්ෂාව...




පොල්දූව පාළම මත රැඳෙන,

වැල් පාලමේ ආරක්ෂාව...

➖➖➖➖➖➖➖➖💀➖


රනිල් මේ යන්නේ සේද මාවතක නොව උණහපුලුවන් ගිය වැල් පාලමක බව කිව්වේ උන්නැහේමය. උන්නැහේ යන්නේ තනියමත් නෙමේය. වඩාගෙන යන්නේ ලක් මවය. ඒ කියන්නේ බැලන්ස් නැතිව ගියහොත් කෙලවෙන්නේ රනිල්ට ඉතරක් නෙමේය ලක් මාතාවටත් බඩු බනිස්මය. 


ඒ බව තේරුම් ගත් හැම එකාම සද්දෙ වහලා වගේ උන්නාට, යටින් යන ගේම් බොහෝය. උන්නැහේට සප් එක දෙනවා යැයි කියන පෝට්ටුවේද එහෙම ගේම් තියෙන බව පැහැදිලිවම පෙනෙන්නේ, කලින් ලැබූ 134 ක් දැන් උන්නැහේට නොමැති නිසාමය.


දැන් උන් කකුල් මාට්ටු දාන්නේ, රනිල්ට නෙමේය. වැල් පාලමටය. පාළමේ වැල් වලට ගේම දුන්නාම ඔක්කෝටම බඩු බනිස් වෙනවාය. උන්ට ඕනෑ රට ගොඩගැල්ලක්කත් පක්ෂය ගොඩගැනිල්ලකත් නැතිය. උන් කෙල හලමින් සිටින්නේ අගමැතිකමට හා කැබිනට් ඇමතිකම් වලටය. 9 වෙනිදා අම්මට හැමිනිලාම ගිය පාක්ෂිකයින් ගැන උන්ට වගේ වගක් නැතිය. පාක්ෂිකයින්ටද කිසි අවුලක් නැති බවකුත් පේනවාය.


මේ රටේ හිටපු ජනාධිපතිවරයා නිවන් යවන්න ගොස් නූලෙන් බේරුනේ, රටේ ආරක්ෂක ලේකමෙක්, ත්‍රිවිධ හමුදාවටම අණ දෙන මාන්ඩලික ප්‍රධානියෙක්, හමුදා හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන්, ත්‍රස්ත විමර්ශන ඒකක යන සියල්ලම තිබියදීය. 


එක්කෝ.... 


▪️මේ කිසිවක්, මුන් දැනගෙන උන්නේ නැතිය.


▪️එහෙම නැත්නම්, පාස්කු ප්‍රහාරය මෙන් දැනගෙන සද්ද බද්ද නැතිව උන්නේය. 


▪️එහෙමත් නැත්නම්, විමල් කියනවා වාගේ වැඩේට මුන්ගේ සප් එකත් තිබිලා තියෙනවාය.


පොල්දූව පාලමේ පත ඇණ 48 කින් 33 ගැලෙව්වා කියන්නේ, හරි නම් මුන් ඔක්කෝම එලවා දැමිය යුතු සිද්ධියකි. එය පැය 24 පුරාම ආරක්ෂාව සපයන අධි ආරක්ෂිත කලාපයකි. CCTV සෑම තැනමය. උදේට එතන ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න නැත්තේ පොලිස්පති විතරමය. පොලීසියේ ලොක්කෝ ඔක්කොම ගවගාලට යන හාල්පාරුවන්ට සැලූට් ගහන්නට පෝලිමේය. මුලින්ම එලවා දැමිය යුත්තේ අදාල ප්‍රදේශයේ පොලීසියේ මහ එකාය.


මාන්ඩලික ප්‍රධානියා ඉන්නේ ඒ අසලමය. පාළමට ගාඩ් නැති වුනාට උන්නැහේගේ ගෙදරට එකසිය ගානට ගාඩ් එක තියෙනවාය. මෑතක ගවගාල රැස්වෙන දිනයන්හි හන්දියක් හන්දියක් ගානේ ආයුධ සන්නද්ධ හමුදාවද යොදා තිබින. එහෙත් කාගේ හෝ අමන තීරණ මත දැන් ඒවා සිඳුවන්නේ නැතිය.


මේ සියල්ලෝම මෙන්ම ගවගාලේ 225 සිතන්නේ එයාලා ආරක්ෂා වුනාම ඇතෙයි කියලාය. එහෙත් ත්‍රස්තවාදය රජ වුවහොත් පරිප්පු කන්නේ අහිංසක පාක්ෂිකයා විතරක්ම නොවනා බව අමරකීර්තී අතුකෝරාල සහ ඝෝඨාභය ලෝකයටම පෙන්වූයේය.


රනිල් හා ආන්ඩුව මතක තබා ගත යුතු දෙය නම්, අරගල ත්‍රස්තවාදීන් වැඩේ අත් හැර දමා නැති බවය. ගෝල්ෆේස් එකේ අරගලයක් නැති වුනාට, අරගලයේ නියමුවන් තාමත් වැඩේ අත් හැරලා නැති බව, ආන්ඩුවට හා ආරක්ෂකාංශවලට නොපෙනුනාට, හූණූ පුපක මොළයක් තියෙන ඕන එකෙකුට පේනවාය. පෙලපාලි, පිකටින්, උද්ඝෝෂණ, ජනරංජන වැඩ වර්ජන පේන්නට නැති වුනාට, ත්‍රස්තවාදින් වැඩේ යටින් ගෙනයනවාය.


පෙර මෙන් නොව දැන් එය උතුරේ මෙන්ම දකුණේද එකම පිරිසක් විසින් මෙහෙයවනු ලබමින් සිටී. එය ඉතා භයානක තත්වයකි. 


එබැවින් රාජ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ සඳහා දැන් සිටිනා උන් පට්ට ෆේල් බව මේ වන විට සිඳුවෙමින් පවතින ක්‍රියාවන් හා සිද්ධි තුලින් ඔප්පු කර හමාරය.


එබැවින් රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට පෙර, ජාතික හා රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගොඩ නගා ගත යුතුය. ත්‍රස්තවාදයට සුළු හෝ ඉඩකඩක් ලබාදිය යුතුම නැත්තේය.


ඒ වගත් මෙසේය.....


.

May 4, 2016

මහින්දගේ ආරක්ෂාව බෙංගමුවේ නාලකට - Nalaka to protect MR

From - Facebook
සේනාධිනායක අතිගරු මෛත්‍රිපාල සිරිසේනගේ මූලිකත්වයෙන් හා අමරපුර බලකායේ මේජර් ජෙනරාල් දවුල්දෙන ඥානිස්සර, අභයාරාම බලකායේ හා හෙදසේවා අනුකංඩයේ මේජර් ජෙනරාල් මුරුත්තෙට්ටුවේ ආනන්ද හා රාවණා බලකායේ බ්‍රෙගේඩියර් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හමුදා නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති ජාතික ආරක්ෂක කමිටුවේ හදිසි රැස්විමේදි, හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ උතුමානන්ගේ ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් බේංගමුවේ නාලක වෙත පැවරීමට තීරණය කර ඇත.

Oct 11, 2014

මලාලාට වෙඩි තැබූ උන්ට ස්තූතියි....!!! - Thanks, Who shoots Malala...!!!



මලාලා නොබෙල් සාම ත්‍යාගයෙන් පුදලාය. ඇත්තටම ඒ සම්මානයට නියම වටිනාකමක් ලැබෙන්නේ මලාලා වන් වීර දරුවකුට, උඩුගම් බලා පිහිනන කෙල්ලෙකුට, ගොන් තකතීරු ආගම් වලට මුවාවි කරනා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව, යක්ෂයාගේ දත් තිස් දෙක මැද සිටම, නිර්භීතව තම අදහස ලෝකයාට දැන ගැනීම සඳහා, බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගිය එඩිතර මුස්ලිම් කෙල්ලෙකුට ලැබීම නිසාය.

Jul 21, 2013

Jul 6, 2013

මාමස්මි, බුර්කාව හා ආරක්ෂාව - Burqa, underworld & the security


ඊයේ ප්‍රවෘත්ති බලන කොට, මරු සීන් එකක් දැක්කේය. කව්දෝ එකෙක් පන්සල් මායිමක තාප්පයක් බඳින්න යනවාය. ඌ, අර මළගිය අය වෙනුවෙන් පින් පිනිස, පහන් පත්තු කරන්න තිබුන එකකුත් ගලවලා දාලාය. ඒක ගැලෙව්වේ ඌද, එහෙම නැත්නම්, හාමුදුරුවෝද කියන්න මට දිවිය ඥානේ නැතිය. නමුත් හිනා යන සීන් එක ඒක නෙමේය.

ප්‍රශ්ණේ විසඳන්න ඕ අයි සී මහත්තයත් එන්නේය. ඒත් උන්නෑහේට ප්‍රශ්ණේ විසඳන්න බැරිය. මොකෝ, තාප්පෙ ගහපු එකා පොලෝසියට බය නැතිය. ඊට පස්සේ එන්නේ, අපේ රාවණා බලකායේ, අති පූජ්‍ය විචිත්‍ර ධර්මකතික, අග්ග මහා පන්ඩිත ඉත්තෑපානේ අපේ හාමුදුරුවෝය. ඕ අයි සී ට විසඳන්න බැරි ප්‍රශ්ණේ විසදන්නේ එයා වහන්සේය.