(මාතලන්ගේ හිතවත්, මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලනා අවංක අබ්බගාත් "මහත්වරුන්" මේ වෙනුවෙන් මා හා උරණ විය යුතු නැත)
මේ රට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හොරුන්ගේ මිනීමරුවන්ගේ හා මාෆියාකාරයන්ගේ පාරාදීසයක් වීමට වග කිව යුත්තේ දේශපාලුවන් පමණක්ම නොවේය.
ඒ හා සමානවම හෝ ඊටත් වැඩියෙන් අපේ රටේ නීතිය හා අධිකරණයද, ජඩමාධ්‍යද, රාජ්‍ය නිළධාරී මාෆියාවද හරි හරියට වගකිව යුතු බව ලියන්නේ, මාතලන්, වික්ටර් අයිවන් හා අජිත් පැරකුම් ජයසිංහ පමණක් වීම ඉතා කනගාටුදායකය.
පාතාලයේ මහ උන් මෙන්ම මිනීමරුවෝද, ත්‍රස්තවාදීන්ද, එලියේ ඉන්නේ හොරෙන් නොව, අම්මට සිරි ලංකාවේ නීතියේ හා අධිකරණයේ ආශීර්වාදය අනුව ඇප මත නිදහස්ව නීත්‍යානුකූලවය.
පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඇතුලේ ඉන්නා අබ්බගාත් ටෙරා එලියට දාන්න යැයි කියනා නීතීඥ්ඥ සංගමයද හෑම එකෙක්මද මට අනුව නම් ටෙරාලාමය.
ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මෙවන් අපරාධයකරුවන් සඳහා නීතීඥ්ඥයින් ඉදිරිපත්වන්නේ නැති අතර, බොහෝ විට ඉදිරිපත් වන්නේ කොරිඩෝ ලෝයර්ලා හෝ රජයේ නීතීඥ්ඥයෙක්‍ය.
එහෙත් අප වැනි මාෆියාවලින් රන් වෙන රටවල අති විශාල අයකිරීම් යටතේ කුප්‍රකට අබ්බගාත්ලා ඉදිරිපත්වීම දැන් සාමාන්‍ය තත්වයක් වී තිබීම ඉතාම කනගාටුදායකය.
වඩාත්ම ලොල් සහගත කාරනය නම්..., මෙහේ සිඳුවන හැම මළහත්තිලව්වකටම...., "දියුණු රටවල් වල නම් එහෙම නෑ අනේ...පනේ... තනේ... වැනේ..." කියනා ලිබරල් හිකනල්ලුන්ද නීතියේ ඇති ශික්ෂා පද උලුප්පා පෙන්වමින් මේවා සාධාරණීකරණය කරනා එකය.
දත්ත මැකූ මාෆියා කාරයන් වෙනුවෙන් කලින් සඳහන් කල කුප්‍රකට අබ්බගාත් කෙනෙක් ඉදිරිපත් වූවා නම්, අනේ සංසාරේ කියා අපටද හිත සනසාගත හැකි වුවත්, නීතීඥ්ඥ සංගමයේ මහ එකාම මාෆියා චෝදනා එකෙක් වෙනුවෙන් පෙනී සිටීම රටේ නීතියේ ඇති විකාර තත්වය මොනවට කියා පාන්නේය.
නීතීඥ්ඥ සංගමයේ මහ එකාත්, ඊයේ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිනිලි දාන්න ගිය උන්ගේත් කොන්ෆිල්ක්ට් ඔෆ් පොලිටිකල් ඉන්ටරෙස්ට් කොහොමද කියලා ඕන එකෙක් දන්නවාය.
ලැජ්ජාවට කරුණ නම් මාෆියා කාරයන් වෙනුවෙන් ඉදිරිපත් වීම හෝ එය වැරදීමකින් සිඳු වූවක් යැයි කීම නොවේය. මේ 21 වන සියවසේ "රජය සතු දත්ත" මකා දැමීම රාජ්‍ය දේපලවලට හානී කිරීමක් නොවනා බවට ගෙන එන තර්කයය.
එක්කෝ මුන් අඩු ගානේ සයිබර් ක්‍රයිම් ගැන අහලාවත් නැති උන් වෙන්න ඕනෑය.
මෙතෙක් රජයේ පාර්ෂවයටද දත්ත මකා දැමීම ගැන චෝදනා එල්ල වූවත්. දැන් වැඩේ කරේ මොකාද කියනා එක ඉතා පැහැදිලිය.
එහෙත් රජය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරීස් කියා සිටියේ....
ඖෂධ වල නියම ප්‍රමිතිය පිළිබඳ කරුණු අඩංගු ලේඛන 1,100,000 (දත්ත එකොළොස් ලක්ෂයක් ) කට අධික ප්‍රමාණයකට ගේම දීම අත්වැරදීමකින් සිඳු නොවූවක් බවත්, එය ඉතා සැලසුම් සහගතව කරනා ලද උසාවියේ නඩු ෆයිල් වලට ගිනි තැබීමක් හා සමාන වන බවය.
සාමාන්‍යයෙන් මෙවන් මාෆියා කාරයන් හා නඩුහබ කීමේදී..., බොහෝවිට රාජ්‍යා අංශය පරාජයට පත්වීම සිරිතක් ලෙස පැවතියද,
එය උඩු යටිකුරු කරමින් අධිකරණයට හා නීතීපති දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත්කර දුන් දප්පුල ද ලිවේරා මෙන් කටයුතු කිරීමට දිලීප පීරිස්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා යන්න මේ රටේ යුක්තිය හා සාධාරණය පතනා හැම එකාගේම බලාපොරොත්තුව විය යුත්තේය.
කරපු එකා මොකාද කියා ජනතාවට හෙලිකිරීම, උත්තරීතර යැයි කියනා අධිකරණයේ වගකීමය ..
ඒ වගත් මෙසේය....
.






