ඇඩම් ස්මිත්ගෙන් කොපි කර,
අපේ උන් ඇට පිටින් ගසා ආතල් ගන්නා,
මාක්ස්ගේ දාස් කැපිටල්.
➖➖➖➖➖➖➖➖▪️▪️
By - Rohan Cooray
ගොඩක් උන් කල්පනා කරන්නෙ නෑ...ඇඩම් ස්මිත්ගෙ wealth of nations කියන ආර්ථික දේශපාලන විග්‍රහය නැත්නම් ....කාල් මාක්ස් das capital අවුරුදු 150 කට විතර පස්සේ ලියන්නෙත් නෑ කියලා ....පල්ලිය සහ ප්‍රභුන් කිහිප දෙනෙක්ගෙ පාලනයෙ තිබුන ආර්ථිකය ඇඩම් ස්මිත් නිදහස් කරගෙන ඒක මිනිස්සුන්ට දුන්නම මාක්ස් ඇවිත් ඒක කම්කරැවන්ට දුන්න.
Workers ability, division of labor and machine කියන ඇඩම් ස්මිත්ගෙ දේශපාලන ආර්ථික narration එක මාක්ස් කියවල තියෙන්නෙ තමන්ගෙ කාලෙට සාපේක්ෂව මිසක් 18 වන සියවසේ හිටපු ඇඩම් ස්මිත්ගෙ කාලයට සාපේක්ෂව නෙවි කියලා ගොඩක් උන් අමතක කරනවා.
Wealth of nation and Das Capital කියන්නේ කොහොමත් political economics narrative එකක්නෙ... Financial economics නෙවිනේ. Adam smith කරපු narration එක කාල් මාක්ස් පැහැදිලි කරන්නෙ දේශපාලනිකව නේ.
ඇඩම් ස්මිත් මුලිකවම පැහැදිලි කරන්නෙ
1) පුද්ගල අභිමතාර්ථ සමාජීය අවශ්‍යතා සපුරාලියයුතු බව,
2) මේ පුද්ගල අභිමතාර්ථ සෑමවිටම මෙහෙයවන්නෙ නොපෙනෙන වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම විසින් කියනඑක සහ එමඟින් ආර්ථික දියුනුව සහ සෞභාග්‍යය ලඟාකරගත හැකිබව;
3) ශ්‍රම විභේදනය සහ පුද්ගල අභිමතාර්ථ අතර අන්තර් යැපිමක් සිදුවනබව එමඟින් වෙලඳ්පොල යාන්ත්‍රනය පණගැන්වෙනබව;
4) ඉල්ලුම සහ සැපයුම් කියන වෙළෙඳපොළ යාන්ත්‍රනය සඳහා රාජ්‍ය මැදිහත් වීම සිදුනොවියයුතු බව එය නිදහසේ පැවත්වීමෙන් පුද්ගල අභිමතාර්ථ සාක්ශාත් වීමෙන් සමාජීය අවශ්‍යතා සාක්ශාත් වෙනබව;
5) රාජ්‍ය මැදිහත්වීම සිදුකලයුතු වන්නෙ රටේ ආරක්ෂාව, නිතිය ක්‍රියාත්මක කිරිම සහ පොදු සේවා ක්‍රියාත්මක කිරිම සඳහා පමනක්බවත් (අධ්‍යාපන සහ සෞඛ්‍ය....)
මේ දවස්වල NPP එක වැඩිපුරම කියන්නෙත් ඔයවගෙ කතාවක් නේද?.
ඔව්. NPP එක wealth of Nation එකේ පිටු ඉරාගෙන ගිහින් මොනාද බයිලයක් කියවනව...
ඇත්තටම ඇඩම් ස්මිත්ගෙ බලවත්ම උපකල්පනය වගේම යථාර්ථය තමයි අපේ පුද්ගල අභිමතාර්ථ පවත්වාගෙන යන්න නම් අපිට සමාජීය අවශ්‍යතා සමඟ බද්ධවෙන්න වෙනව කියන එක. ස්මිත් මේක 18 වන් සියවසෙ උදාහරණයක් අරගෙන පැහැදිලි කරනවා...
ඔහු කියනව...ඔබ පාන් හදන බේකරි හිමියෙක් නම් ඔබට ඔබගෙ ඇඳුම් අවශ්‍යතා සඳහා tailor කෙනෙක්ගෙ සේවාවත් අවශ්‍ය වෙනව කියන එක. මොකද ඔබ ඇඳුම් මැසිම පිලිබඳ විශේඥයෙක් නොවන නිසා. මං ඔන්න ඔය කාරනය නිසා තමයි ස ගෙ කාලෙදි පෝච්චියෙ ඇට පැලකරන්න අකමැති වුනෙ.
මාක්ස් division of labor කියවල තියෙන්නෙ trade union කාරයෙක් විදියටද කොහෙද.
පොරට එක්කො ස්මිත්ගෙ division of labor කියන එක තේරිල නෑ. නැත්නම් ඕනෑකමින් එහි ඇත්ත කතාව නොකියා ඉන්නව..මාක්ස් ඕක පැහැදිලි කරන්න හදන්නෙ ඉංදියාවෙ තිබුන කුලවාදයත් එක්ක කියලා මට නම් හිතෙන්නෙ....එතනදි තමයි ස්මිත්ගෙ original ideology එක වෙනස් වෙන්නෙ.
ස්මිත් තව කියනවා thrift එක එහෙම නැත්නම් ණය දිමෙ/ගැනිමෙ අනයොන්‍ය උපකාරකිරිම, මහන්සි වී වැඩකිරිම සහ එමඟින් සෞභාග්‍යය සහ පුද්ගල අභිමතාර්ථ ලඟා කරගැනීම ගැන. ලංකාවෙත් thrift society තිබුනනෙ...එහි හරය අරගෙන තමයි ඔය "සමූහ ගොවිපොලවල් විදියට මාක්ස් කතාකරේ...
ස්මිත්ගෙ බොහොම ජනප්‍රිය උදාහරණයක් තමයි...මස් කඩේ කරන මනුස්සය මස් විකුණන්නෙ සමාජ සේවයක් ලෙස නොව, කිසියම් ලාබයක් ලැබිමේ චේතනාවෙන් සහ එම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාමෙ අභිප්‍රායෙන් කියන එක. එතනදි පාරිභෝගිකයන් කිසියම් මිලකට ඒක මිලදි ගන්නව නමුත් එය සමාජීය අවශ්‍යතා වලට සහ බැඳීම්වලට හානිවෙනව නම්, අන්න එතනදි රාජ්‍ය මැදිහත් වෙලා එය නියාමනය කරන්න ඕනෙ කියන එක. ඒ කියන්නේ මස් සඳහා සතුන් මැරිම, එම මස්වල ගුනාත්මක් බව, අපද්‍රව්‍ය බැහැර කිරිම, අසීමිත මිල පාලනය වගේ කරැනුවලට රජයට මැදිහත්විය හැකියි කියන එක.
අනිත් උදාහරණය තමයි ස්කොට්ලන්තයේ වයින් නිශ්පාදනය. ඔහු කියන්නේ ස්කොට්ලන්තයේ මිදි වයින් හදන එකට වඩා ලාබයි ස්කොට්ලන්තයට ප්‍රංශයෙන් වයින් මිලදි ගන්න එක. මොකද ස්කොට්ලන්තයේ කාලගුණයට ඔබින්නෙ කොට්න් නිශ්පාදනය මිස මිදි වගාව නෙවි කියන එක. මොකද මිදි වයින් හදන්න ස්කොට්ලන්තයට මිදි වගාකරන්න යන වියදම ප්‍රංශයෙ මිදි වගාකරන්න යන වියදමට වඩා අධිකයි. මේ කියන්නේ competitive advantage නැත්නම් තරඟකාරි සාපේක්ෂ වාසිය...
මේ දේවල් කිව්වෙ ඇඩම් ස්මිත් මීට වසර 246 කට පමණ පෙර කියන එක අමතක කරන්නත් එපා...එවිට කාර්මික විප්ලවයෙ එලිපත්තෙ තමයි යුරෝපය සහ ඇමරිකාව හිටියෙ...මාක්ස් කිව්වෙ කාර්මික විප්ලවය තදින්ම ක්‍රියාත්මක වෙන අවධියක. ඔහු කතාකරේ labor exploitation ගැන ස්මිත්ගෙ division of labor කියන සංකල්පය ඔස්සෙ ඔහු සිටින වටපිටාවෙන් .
මොකද කුලය කියන්නේ උපතින්ම එනදෙයක් කියලා මාක්ස්ට අමතකවෙලා..නමුත් ස්මිත් කිව්වෙ කුලයක් ගැන නෙවි..ඔහු කිව්වෙ කෙනෙකුට හැකියාව තියෙනව නම් ඔහුට කිසියම් භාන්ඩයක් පුද්ගල අභිමතාර්ථය සඳහා නිශ්පාදනය කරලා ඒකෙ අතිරික්තය වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් ඔහුටත් සමාජයටත් ඉන් ප්‍රථිපලදායක බව.
ඇත්තටම ලංකාව වගේ යටත්විජිත රටවල පැවති කුලය අනුව සිදුවු රාජකාරි ක්‍රමයට පවා influence වුනෙ 1776 ඇඩම් ස්මිත්ගෙ කියවීම...සහ යුරෝපයෙ ඇතිවුන කාර්මික විප්ලවයෙ ආරම්භක අවධිය...කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වෙන්නෙම ලංකාවෙ තිබුන division of labor based on caste කියන එක නැති කරන්න. මේව ලොකු සාකච්ඡා..පොඩ්ඩක් කෙටියෙන් කිව්වෙ 😊 ඒවා නැති වුනේ නැත්නම් මං තාම බිලි කොක්කක් ගහං මාලු බාන්න මුදු යනවා 🤣
