.

.

Jan 30, 2024

සනත් නිශාන්තගේ බිරිඳට දේශපාලනය අකැපද

 


සනත් නිශාන්තගේ බිරිඳට

දේශපාලනය අකැපද

➖➖➖➖➖➖➖⭕


සනත් නිශාන්තලගෙ දේශපාලනය කියන්නේ... ඒක වෙනම කල්ට් එකක්...


මම දැක්කා මේක.... Mahesh Hapugoda , Rasika Jayakodi වගේ නියෝ ලිබරල් බුවාලගෙන් වගේම.. ජාතිකවාදී පාඨලි චම්පික රණවක වගේ අයගෙනුත්... ""ලුම්පන්"" දේශපාලනය කියලා ගැරහීමට ලක් වෙනවා...

ඒකට හොඳ උත්තරයක් Eranda E.R. Ginige ලියලා තිබ්බ නිසා මම ආයේ ලියන්නේ නෑ...


මේ තමා 56 බණ්ඩාරනායක ශ්‍රීමතානෝ හෙවත් මහ බයියා... කවි කොල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනත් ආරම්බ කරපු නිර්ප්‍රභූ දේසපාලනයේ ක්ලයිමැක්ස් එක... අවසානයේ දැන් වෙලා තියෙන්නේ ප්‍රාදේශීය මැරයෝ පාර්ලිමේන්තුවට එනේක...


මැරයෝ හා පාතාලය ලාංකීය දේශපාලනය ආරම්බයේ සිටම.. ඒ කියන්නේ සුද්දගෙ කාළේ ඉඳන් බද්ද වෙලා තිබුන එකක්.. ඒත් දේශපාලුවන්ට කඩේ නොයා උනුත් ජනතා චන්දයෙන්ම පාර්ලිමේන්තු ගෙනාවේ මහින්ද රාජපක්ෂ... ඒකට හේතුව කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්...


හැබයි දැන් මේ ක්‍රමය නැති කරන්න එනවය කියන සිස්ටම් චේන්ජ් කරන්න යන අය ක්ලාසි මිනිස්සුද? වැදගත් මිනිස්සුද? ප්‍රභූ පන්තියේද?

කිසි සේත්ම නෑ නේ.. උන් ඇවිල්ලා ග්‍රාමිය ගෝත්‍රික ළිං මැඩි පිරිසක්... කොටින්ම පීඩිත ඇරියස්කාරයෝ සෙට් එකක්...


අනික් විශේෂිතම දේ උන් ජනතාවාදී දේශපාලකයින් නොවීම... ඒ පක්ෂ පවා අධිකාරීවාදී පක්ෂ.. උන්ට ජනතාව එක්ක ගණුදෙණුවක් නෑ... උන්ට තියෙන්නේ බලය පිළිබඳ ගණුදෙණුවක්.. හදිසියේ හෝ බලය ලැබුනොත්... ජනතාවට අධිකාරිවාදී පාලනයක සොඳුරු සුවය දැකගන්න... විඳගන්න.. ලැබේවී.


දැන් මේ පිරිසට සනත් නිශාන්තගෙ බිරිඳ දේශපාලනයට එන එක ප්‍රශ්ණයක් වෙලා...

ඇත්තටම උන් බයවෙලා... 

උන්... ජීවත් වෙච්චි සනත් නිශාන්තට වඩා... ස්වභාවධර්මයෙන් දඬුවම් දුන්න සනත් නිශාන්තට බයයි...


එයාගේ නෝනගෙ පැටිකිරිය හා පවුල් පසුබිම මාතලන් දන්නේ නෑ... හැබයි එයා වෘත්තීයවේදිනියක්... නීතිඥවරියක්... එතකොට අපි කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ... වැන්දඹු කාන්තවන් අගමැතිනියන්... ජනාධිපතිවරියන්... ඇමතිනියන් වෙච්චි රටක... එයාට එන්න බැරි ඇයි?


අනික මේක ප්‍රශ්ණ කරන දේශපාලනය නොදන්න උන්ටයි වහලුන්ටයි නොතේරෙන දෙයක් මේ වෙලාවේ...විශේෂයෙන් කිව යුතුයි...


ඒක උන්ට තෙරෙන්නේ නෑ...

ඒක වෙනම කල්ට් එකක්...


ඔය මිනිස්සු දේශපාලනය කරන්නේ උඹලා අපි වගේ බුකියේයි... හෝල් වලයි... ප්‍රෙස් බ්‍රීෆින්වලයි... යූ ටියුබ් වලයි... ගෝල්ෆේස් ගමෙයි බයිලා ගහලා නෙමේ... 


උන් ඉන්නේ මහ පොලොවේ... බිමේ... බිම් මට්ටමේ.... සාමාන්‍ය ජනතාව එක්ක...


ඉන්නේ... කන්නෙ... බොන්නේ ඒ මිනිස්සු එක්ක..


මරණෙට... මඟුලට... කොටහලු ගෙදරට අනිවාර්යයෙන් යනවා... 


බොහෝ විට නමෙන් දන්නවා... නමෙන් නැත්නම්.. නෑකම් වලින්... ආමන්ත්‍රණය කරන්නේ... 


ඉතින් මේ දේශපාලුවෝ ... උන්ගෙම කෙනෙක් වෙනවා...

මේ පවුලම උන් අඳුනනවා....


සනත් නිශාන්ත මැරෙන්නෙත් වෙඩින් දෙකකට ගිහින් එන ගමන්...

ජෙයරාජ් මැරෙන්නේ අවුරුදු උත්සවේකට ගිහින්...


ඔය වමේ හැත්තගෙ ඉතිහාසයේ ඉඳන් එහෙම පැවැත්මක් නෑ... සහෝදරයා සඕදරී කීවට... උන්ගේ තිබුනේ එජාපයේ වගේම හාමූ දේශපාලනයක්... අධිකාරිවාදී දේශපාලනයක්... හොඳම උදාහරණය වාසූ හා මහින්ද... 


පුලුවන්නම් ඔය දේශපාලුවෙක්ගේ ජීවිතේ ස්ටඩී කරපන්... 

ඒක ඇත්තටම මාර එකක්...

ඇත්තටම ඒක පට්ට කට්ටක්....


අනික මේ එකෙක්වත් පාරම්පරික දේශපාලන ප්‍රාවේනී උරුමක්කාරයෝ නෙමෙයි... ජනතාව අතරින් මතුවුන නියම ජනතා නියෝජිතයො...


සිස්ටම් චේන්ජ් කරන උන්ට පුලුවන්නම් කරන්න තියෙන්නේ... මේ මිනිස්සු නිවන් යවනෙකවත්... දේපල ගිනි තියනෙකවත් නෙමේ...


පුලුවන්නම් චන්දෙන් පාර්ලිමේන්තු එන එක නවත්තපල්ලා..


ඒ වගත් මෙසේය....


.

Jan 27, 2024

වසර 75 ක් තිස්සේ විඳි දුක අවසන් වන වසර විසි හතර

 


වසර 75 ක් තිස්සේ විඳි දුක 

අවසන් වන වසර

විසි හතර

➖➖➖➖➖➖➖➖❤️➖


තව මාස 7 කින් මේ රට පාලනය කරන්න එන Chathuranga Abeysinghe  එතරම් වැදගත් චරිතයක් ලෙස විරුද්ධවාදීන් විසින් නොසලකා  හරිණු  ලැබුවද... මා නම් එතුමා සුළුවෙන් තකන්නේ නැතිය.


ඔහු සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හසල දැණීමක් ඇති බුද්ධිමතෙක්ය... විශේෂයෙන් ආර්ථිකය පිළිබඳ ඔහුගේ දැණුමේ පරාසය ඉතා ඉහළ අගයක පවතින බැවින්.. දැන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වාද විවාද සඳහා එවන්නේ චතුරංග අබේසිංහ සහෝදරයාය.


එමෙන්ම විරුද්ධවාදීන් සියල්ල එල්ලා මැරීමටද ඔහු පොරොන්දු වී අවසානය. මෙය ඉතා ධනවාදී චින්තනයක්මය. මන්ද අපද බොහෝ කළෙක සිට ලියන්නේ කියන්නේ... විරුද්ධවාදීන් සමඟ මේ රට ගොඩ දැමිය නොකැකි බවය...


මෙයින් ජවිපේ ඔප්පු කරමින් සිටින්නේ... එතුමා එම පක්ෂයේ ආර්ථික විශේෂඥයින් වූ... හඳුන්නෙත්ති හා නලීන් හේවගේට වඩා ප්‍රාඥයකු වන බවය. ෆුල් සූට් ඇඳ විවාද වලට සහභාගී වන එතුමා, අනුන්ගේ ෂර්ට් අඳිනා... ඉටිකොල කුස්සි වල සිටිනා... හිඟන විශේෂඥයින් මෙන් නොව... උපතින්ම ප්‍රඥාවන්ත පවුලක උපන් වියතකූ බුද්ධිමතෙකු වන්නේය.


එතුමා සඳහන් කරනාකාරයට, ඔවුන් බලයට පැමිණි පසු... සියළු සිල්ලර හා තොග වෙළඳුන් සමඟ සුපර් මාර්කට් සියල්ල ඉබේම අහෝසී වී... සිල්ලර හා තොග වෙළඳාම සම්පාකාර මගින් සිඳු කර... කිසිඳු ලාබ ලැබීමකින් තොරව.. පාරිභෝගික භාණ්ඩ සපයන බවට පොරොන්දු වී අවසානය... 


මෙය වත්මන් සමාජයේ බොහෝ පිරිසක් නොදන්නා... 1970-77 තුල ඉතා සාර්ථක ලෙස මෙරට ක්‍රියාත්මක වූ මාක්ස්වාදී ආර්ථිකයට දේශීය මුහුණුවරක් දීම... නැවත ස්ථාපිත වීමක්ය....


සේවා සැපයුම් යටතේ... ඔවුන්ගේ රජයක් යටතේ නීත්‍යානූකූලව ලියාපදිංචි කරණු ලබන ගනිකා සේවය... ප්‍රමිතියකින් හා ඉතා අවම මිළක් යටතේ ලබා දීමෙන්... අධික ලාබ උපයන මාෆියා විසින් මෙහෙයවනු ලබන... ස්පා හා බ්‍රොතල් හවුස් සියල්ල වැසී යන බව... ඔවුන්ගේ නියත ජයග්‍රගණය මෙන්ම විශ්වාසය..

 

එමෙන්ම අපේ රටට අපනයනය කරන ස්වභාවික රබර් ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රතිශතයක ඇති බව එතුමා විසින් මෑතක සොයාගත්තේය..


ඔහුගේ නවතම සොයා ගැන්ම වී ඇත්තේ... දේශීය පොල් ගස්වල ඵලදාව ඉතා අඩු බවයි...

පොල් ගසකින් වසරකට කඩන්නේ පොල් ගෙඩි 50 ක් බවත්... ඒවාද දේශීය පරිභෝජනට හා පොල් තෙල් සඳහා යොදා ගන්නා බවත්ය.. ඒ වසරකට පොල් ගෙඩි 100 ක් ලබා දෙන ගස් ලොව පුරා තිබියදීය...


එහෙත් එසේ නොකට... ජනතාව පොල් පරිභෝජනයෙන් වැලකී... පුනක්කු සඳහා හුරු වුවහොත්... ඒවා අපනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 3 ක ආදායමක් ඉපයිය හැකි බව එම පර්‍යේෂනය මඟින් පැමිණි නිගමනයය.


ඒ අනුව ඔවුන්ගේ රජයක් යටතේ... දැනට ඇති කනාටු පොල්ගස් හා රබර් ගස් සියල්ල මුලින්ම ඉවත් කරනාතර ... අලුතෙන් වගා කරණු ලබන තේ පොල් හා රබර් පලදාව නෙලාගැන්ම සඳහා වසර 6 -7 ඉවසීමෙන් බලා සිටිය යුතුව ඇත.


එතෙක් ඔබට අවශ්‍ය පුනක්කු... වෙනත් රටවලින් ඉතා අඩු මුදලකට කිසිඳු ලාබ ලැබීමකින් තොරව ළඟම ඇති සමූපාකාරයෙන් ලබා දෙනු ඇත්තේය.


මෙවන් ප්‍රාඥයින් ලද පුණ්‍යභූමියක වසර 2500 ක් තිස්සේ දුක් විඳිනා අප නියම පව්කාරයෝ නොවෙම්ද?


දුක් විඳින අවසන් වසර

විසි හතර..

.

Jan 19, 2024

සමන්මලී සහෝදරී... ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී..

 


සමන්මලී සහෝදරී...

ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා 

බොහෝ ඉදිරියෙන් සිටී..

➖➖➖➖➖➖➖➖⭕⭕⭕➖➖


ජනතා විමික්තිපෙරමුණේ ඉන්නා හාල්පාරුවන්ට... ඇමතිකම් තබා ප්‍රාදේශිය සභාවක් හෝ කරගැන්මට නොහැකි බවට.... අත්දැකීම් තුලින්ම ලබාගත් අවබෝධය හේතුවෙන්... සිවිල් සමාජයේ යම් කිසි දැණුමක් සහිත පිරිස් එකතු කර ගැන්මට අලුතෙත් ගොඩනගා ගත් සංවිධානය.... ජාතික ජන බලවේගය ලෙස හැදින්වෙනවාය.


ඒ තුලද සම්පාකාර ක්‍රමයෙන් හා ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් ඝාතනය කොට ඔවුන්ගේ මුදල් මංකොල්ලකෑමෙන් රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට යෝජනා කරනා චතුරංග අබේසිංහ වැනි.... ජවිපේ ආර්ථික විශේෂඥයින්ටම ගැලපෙන වෘත්තිකයින් සිටියද, 


සමාජවාදය හා කියුබාව ගැන මනා හැදෑරීමක් කර ඇති බව පෙනෙනා.... සමන්මලී වැනි අය සිටීම යම් කිසි ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කරවන සුළුය. 


එමතුද නොව... ඇය කාන්තාවක් ලෙස ඩයනා ගමගේටත් වඩා රැඩිකල් කාන්තාවක් බව.... ඇයගේ යෝජනාව සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇති ආකාරයෙන්ම පෙනී යන්නේය.


විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් 500 ක් ඉල්ලාගෙන, ත්‍රිකුණාමලයෙන් පමණක් රට ගොඩ දමා, විදෙස් ණය හිමියන් හා මචං ලෙවල් එකෙන් කතා කොට ණය බරින් නිදහස්  වී, මිනිරන් වලින් ග්‍රැෆයිට් නිශ්පාදනය කොට, සම්පාකාරයෙන් රට ගොඩ දමන බවට දිවුරා පොරොන්දු දෙන.... මොන්ටිසෝරී ආතල් විහිළු කාරයන් ඉදිරියේ.... සමන්මලීගේ යෝජනාව ප්‍රායෝගික වන්නේ කෙසේද කියා අප සොයා බලමු...


ඇය මේ ගෙන එනු ලබන්නේ කියුබාවේ ක්‍රියාත්මක වන ආර්ථිකය ගොඩගැන්මේ ක්‍රමයයි. 


රුසියානූ සමූහාන්ඩුවේ සහනාධාර මත ජීවත් වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ පාලනය හොම්බෙන් යෑම ආරම්බ වන්නට හේතු වන්නේ... සෝවියට් සමූහාන්ඩුව කඩා වැටී එම සහනාධාර කියුබාවට නොලැබී යාමයි...


එතෙක් නීතී විරෝධීව රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය... රටේ ප්‍රධානම ආදයම් මාර්ගයක් ලෙස වැඩී වර්ධනය වෙන්නේ.... 1990 දශකයේ එහි ආර්තිකය විවෘත වීමත් සමඟිනි.


ඒ සමඟ සංචාරක ව්‍යපාරය සීඝ්‍ර ලෙස වර්ධනය වීමට හෙතූ වූයේ... ආසියාවේ බැංකොක් මෙන්... ධන කුවේර සංචාරකයින්ට පමණක් සීමා වූ කැරීබියානු හෙවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතරේ...  කියුබාව... ඉතා අඩු මිළට සංචාරයේ යෙදීමටත්... ඉතාමත් අඩු මුදලකට ලිංගික ශ්‍රමිකයින් (කාන්තා, පුරුෂ දෙපක්ෂයේම) ලබා ගත හැකි රටක් වීමත් නිසාය.


දැන් කියුබාව ඇමරිකාණුවන්ගේ පමණක් නොව... යුරෝපයේ, දකුණු ඇමරිකාවේ හා අප්‍රිකාවේද බැග් පැකර්ස්ලාගේ මෙන්ම කාමාතුරයන්ගේ.... සංචාරක සුරපුරයක් වී අවසානය.


ඇත්තටම ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කියා මහා දේවල් කළ යුතු වන්නේ නැත... ඩයනා ගමගේ කියන්නාක් මෙන් කළ යුත්තේ රාත්‍රී සමාජයක් ඇති කිරීම පමණි... (ලංකාවේ අගනගරයේ "ඩච් හොස්පිටල්" පරිශ්‍රයේ ඉදිරිපසද... හවස 6 න් පසු ඝන අන්ධකාරයෙන් වැසී ඇත... ඒ අවට හෝ ඒකාලෝක කිරීමට.... ක්ෂේත්‍රයේ ව්‍යවසාකයින් හෝ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි...)


83 ජූලී කලබලවලට පෙර ලංකාවේ සංචාරක කර්මාන්තයේ මෙන්ම කොළඹ සමාජයේද, රාත්‍රී සමාජයක් පැවතියද... එය නැවත ඇති කිරීමට  ප්‍රධානම බාධාවන් වී ඇත්තේ.... සංචාරක පුරවරයන්හි පවා මත්පැන් අලෙවිහල් රාත්‍රී 10 ට වසා දැමීමත්... ගණිකා වෘත්තියෙහි නියැලෙන අය පොලිස් අත් අඩංගුවට පත් වීමත් බව... හරීන් ප්‍රනාන්දු වැනී මොඩර්න් බුවෙකුටත් නොතේරීම රටේම අවාසනාවකි.


අවම වශයෙන් පෝට් සිටිය මෙන් මේ සංචාරක පුරයන් තුල පොලීසියේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ පිස්සන් පිස්සු කෙලීමෙන් වැලකිය යුතුය... මෙයින් අදහස් වන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාවන් සැපයීමද අත් හිටුවීම නොවේ....


ඇත්තටම කළ යුත්තේ සංචාරක ඇමතිකම ඩයනා ගමගේට ලබා දී.... අමාත්‍යාංශ ලේකම් ලෙස සමන්මලී ගුණසිංහ සහෝදරිය පත් කිරීමය....


ජනාධිපති තුමනි...

ඔබට තවමත් ඒ සඳහා අවස්තාව ඇත.


.


Jan 6, 2024

ගැමි සුවය සොයා යෑම (ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

 


ගැමි සුවය සොයා යෑම

(ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

➖➖➖➖➖➖ 🐟🐟🐟🐟 ➖➖➖➖➖▪️


මුලින්ම කියන්න ඕන... ගමේ සොමිය දෙන ව්‍යාපාරයන් කරන... මගේ යාලුවෝ සෙට්ටෙකම... මේකෙන් මා එක්ක තරහා වෙන්න නම් එපා....


ගම තමයි සුන්දර... ගමේ ජීවිතේ තමයි මාර... කියන දේ කියන්නේ ගමේ ජීවත් වෙන උන් නෙමේ... ගමේ ඉඳන් කොළඹ හෝ... වෙන රටක නම් නගරෙට ආපූ උන් කියන කතාවක්... උන් ජීවත් වෙන්නේ නඟරයේ... නොස්ටැල්ජියානූ ගමනක් තමා ගමට යනේක....


මේක හරි පැහැදිලියි විශේෂයෙන් සිංහළ දෙමළ අළුත් අවුරුද්ද කාළෙට සහ දිග නිවාඩුවක් තියෙන කාළෙට... ඒ කාලෙට කොළඹ නෙමේ බෙයිජින් නඟරයත් හිස් වෙනවා...


ඕන්න ඔය වගේ.... ගමේ සොමිය විදින්න ගිය... උගත් ධනවත් මහාචාර්‍ය ව්‍යාපාරික මෝටිවේස අප්පච්චි කෙනෙක්ට වෙච්චි ඇබැද්දියක් තමා.... මේ ප්‍රසිද්ධ මැක්සිකානූ ධීවර කතාව...


විකෙන්ඩ් එකේ ගමේ ගිහින් බීච් එකේ උන්න අර කෝටිපති මහාචාර්‍ය තුමා දකිනවා.... මාළු කාරයෙක් එයාගේ පොඩි බෝට්ටුවෙන් දියඹට ඇඳෙනවා...


වැඩි වෙලාවක් නොගිහින්... ඒ මාළු කාරයම ආයෙම බීච් එකට එනවා දැක්ක කෝටිපතියා, බෝට්ටුව ළඟට ගිහින් බැලුවාම.... අර පොඩි බෝට්ටුවේ විශාල කහ වරල් ටූනා හෙවත් කෙළවල්ලො 10 - 15 ඉන්නවා දකිනවා...


"ෂා මරු කෙලවල්ලෝ ටිකක් අල්ලලා තියෙන්නේ... ඔහේට මේ ටික අල්ලගන්න කොච්චර වෙලා ගියාද?"


"එච්චර වෙලා ගියේ නෑ... මහත්තයත් දකින්නැති නේ.... මම දැක්කා යනකොටත් මහත්තයා අතනට වෙලා පෝන්නෙක ඔබ ඔබ ඉන්නවා...හා නැතෙයි...


"ඉතින් ඇයි ඔයා ගිය පයින් ආයේ එන්නේ...  වැඩි වෙලාවක් මුහුදේ ඉඳලා වැඩිපුර මාළු අල්ලන්නේ නැත්තේ?" 


"ඉතින් ලොක්කා... මටයි අපේ පවුලෙයි වියදමටයි මේ ටික හොඳටම ඇති... ආයේ අල්ලගන්න මාළු ඉන්නත් එපෑයි..."


"ඒත්.... ඒත් ඉතින් ඉතිරි කාළේ ඔහේ මක්කැයි කොරන්නේ... ?" 


 "දැන් මහන්සියට පොඩි වොෂ් එකක් දාලා නිදාගන්නවා...,ඊට පස්සේ මගේ පොඩි උන් එක්ක සෙල්ලම් කරනවා... උන් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා... ගෑණි එක්ක පොඩි සෙල්ලමක් දානවා... කළුවර වැටීගෙන එනකොට හංදියේ දැල්කඩේ පැත්තේ යනවා... එතනදි සෙටමෝල් වෙන් සෙට් එකත් එක්ක හොඳ බයිට් එකක් එක්ක බජව්වක් දාලා ගෙදර එනවා... ඒ අස්සේ කොටුවක් පනින්න පුලුවන් නම් පැනලා... තල්ලුවක් දාලා එනවා... ඒ එනකොට ගෙදරටත් කෑම ගෙනත්... ගෑණිත් එක්ක පොඩි ආතල්ලෙකක් අරගෙන... කන පැලෙන්න නිදා ගන්නවා... ඒවට මට හොඳට වෙලාව තියෙනවා..." .


"හහ් හහ් හා... ,  දැන් බලනවා... මට ඔක්ස්ෆර්ඩ්  MBA උපාධියක් තියෙන කෙනෙක්.....


ඒ කිව්වේ....


මට මේ ව්‍යාපාර පිළුබඳ ගෞරව උපාධියක් තියෙනවා... මම තමුසෙට උදව් කරන්නම්...


අර කොහොමෙයි....?


ඔහේ තව වැඩි වෙලාවක් මුහුදු ගිහින්... වැඩිපුර මාළු අල්ලන්න ඕන... ඊට පස්සෙ තමුසෙට ට්‍රෝලර් එකක් ගතෑකී... ඒකෙන් එන ආදායමෙන් තව ට්‍රෝලර් කීපයක් ගන්නවා... ඊට පස්සේ ඒවට ස්කිපර්ලා දාලා... මාළු තොග වශයෙන් විකුණනවා... ටික කාළෙකින් ටූනා කෑන් කරන ෆැක්ටරියක් දානවා... කොළඹින් එපාර්ට්මන්ට්ස් ගන්නවා... ඔෆීස් එකත් කොළඹ... දැන් තමුසෙගෙ ටුනා කෑන් ලෝකෙම ප්‍රසිද්ධයි... හැබයි ඉතින් මේ වගේ ඉඳලා බෑ... ටිකක් මැරෙන්නම වෙනවා..."


" ඒත් ලොක්කා.. ඔය ඔක්කෝටම කොච්චර කාළයක් යයිද...?"


"ම්..... අවුරුදු 10 - 15 වගේ යයි... බොහෝ වෙලාවට.."


 "ඒත් ඉතින් මක්කටෙයි ලොක්කෝ....?"


" ආන්න ඒකයි... දැන් තමයි නියම කෑල්ල එන්නේ... දැන් තමුසේ ලෝකප්‍රසිද්ධයි ... බිස්නස් එක විකුණලා දාලා ප්‍රකෝටිපතියෙක් වෙන්න පුලුවන් දැන්..."


" ඊට පස්සේ.....?"


මාළු කාරයාගේ ප්‍රතිචාරවලින් ප්‍රමෝධයට පත් මහාචාර්වරයා... 

"දැන් ඔහේ විශ්‍රාමිකයි.... ඔහේ යනවා ධීවර ගම්මානයකට...  ගිහින් ගමන් මහන්සියට පොඩි නැප් එකක් දානවා... දරුවොයි... උන්ගේ දරුවොයි එක්ක සෙල්ලම් කරනවා... ඊට පස්සේ නෝනා එක්කත් සෙල්ලම් කරනවා... හවස් වෙලා යනවා හංදිය පැත්තේ... පරණ යාලුවෝ එක්ක සෙට් වෙලා අඩ්ඩක් ගගලා... පොඩි බජව්වක් දාලා... එන ගමන් ස්පා එකටත් යනවා... දන්නෙ නැද්දතින්... හහ් හහ් හා....  ඩිනර් එකට ආයේ හොටෙල් එකට එනවා..."


" ඉතින් උක්තෝ.... මම දැන් ගෙවන්නෙත් ඒ ජීවිතේ නේ....."


⭕ හුදී ජන පාන් සංවේගය උදෙසා ....  ජනප්‍රිය මැක්සිකානු කතාවක් මගේ එකක් වගේ... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි...


.

Jan 4, 2024

ජවිපේ රජයක් යටතේ බිහිවන හිඟන රාජ්‍ය.....


 

ජවිපේ රජයක් යටතේ බිහිවන

හිඟන රාජ්‍ය.....

(මධ්‍යම පන්තියේ සිහිණ වෙත එල්ල කරනා

දරුණු අනතුරු ඇඟවීමකී)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖💀➖


⭕ ජවිපේ න්‍යායාචාර්‍ය 

      නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ 

      වෝලයෙන් උපුටා ගන්නා ලදි....


නගරයෙන් ගමට පසු බසිමු! 

පිරිමින් වෙනුවට ස්ත්‍රීන් බලසතු කරමු!! ලොකුවට සිතීම නතර කොට පොඩියට සිතමු!!!

===============================


⬇️ ලංකාවට අද අවශ්‍ය ලොකුවට හිතන විකල්පයක් නෙවෙයි. පොඩියට හිතන විකල්පයක්. 


⬇️ නාගරීකත්වය මත පදනම් වූ විකල්පයක් නොවෙයි. ග්‍රාමීයත්වය මත පදනම් වූ විකල්පයක්. 


⬇️ ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන විකල්පයක් නෙවෙයි. වියදම් අඩු කරගන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්. 


⬇️ වැඩියෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක් නෙවෙයි. අඩුවෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්. 


⬇️ හැමෝටම කාර් එකක්, ත්‍රී වීල් එකක්, හෝ අඩුම තරමින් මෝටර් සයිකලයක්වත් ගන්න එක ගැන හිතන විකල්පයක් නෙවෙයි, ප්‍රධාන ප්‍රවාහන මාධයය කෝච්චිය, බස්එක, බයිසිකලය කියල හිතල වැඩ කරන විකල්පයක්. 


⬇️ පිරිමින්ට නොව ස්ත්‍රීන්ට වැඩියෙන් ආකර්ශනීය විකල්පයක්.


⬇️ මෙවැනි විකල්පයක් පැත්තට ආණ්ඩුකරණය තල්ලු කළ හැකි විභවයක් හෝ තියෙන්නේ ජාතික ජන බලවේගය සතුව විතරයි. 


⬇️ ඒ ඒ අය මොනව හිතුවත් ජාතික ජනබලවේගය කියන්නේ ගැමියන්ගේ ව්‍යාපාරයක් නිසා. ලොකුවට හිතන්න බැරි පොඩියට හිතන්න පුළුවන් ව්‍යාපාරයක් නිසා. නගරයේ ජීවත් වෙන හැටි නොදන්න ව්‍යාපාරයක් නිසා.


😭 ලංකාවට අබ සරණයි !!!!


.

Jan 1, 2024

රනිල් ජනප්‍රිය වීමට ගන්නා... ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ...

 



රනිල් ජනප්‍රිය වීමට ගන්නා...

 ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ...

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ගන්නා තීන්දූ තීරණ හරි හෝ වැරදි හෝ වේවා... නායකයකු ලෙස ඔහු ක්‍රියාකරනාකාරය ගැන මාතලන්ගේ අවුලක් නැතිය. නායකයකු ක්‍රියා කළ යුත්තේද එසේමය. ඒවා කොතරම් දුරට ජනතාව විසින් පිලිගත්නේද නොගන්නේද යන්න බලාගන්නට වෙන්නේ... චන්දයකදීය.


එහෙත් මේ තීන්දූ තීරණ ගන්නේ .... මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ හාල්පාරුවන්ගේ උපදෙස් මත නම්... අපට කීමට ඇත්තේ රනිල් මෙන්ම ආන්ඩුවටද වෙරි සොරි ඩොට් කොම් කියලාය... මන්ද මේ රට බංකොලොත් රටක් කිරීමට ඝෝඨාභය නම් පීචං ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේද ඕකුන්ම නිසාය...


ඊයේ අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින්.... රනිල් උන්නැහේ කිව්වේ වැට් බද්ද වැඩී කිරීම අසීරූ මෙන්ම ජනප්‍රිය තීන්දුවක් නොවනා බවත්... එය එසේ කරන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන් බවත්‍ය... අනිවාර්‍යයෙන් මේ නම්... රනිල්ට කවුරුන් හෝ දුන් දිරච්ච ලණුවක් බව නම් 100% විශ්වාසය...


මෙසේ බදු වැඩි කළේ ඇයි? සරළම හේතුව ආන්ඩුවේ වියදම් පියවා ගැනීමටයි... එයිනුත් වැඩිම වියදමක් යන්නේ... රට බංකොලොත් වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ.... පාඩූ ලබන රාජ්‍ය ආයතන  නඩත්තුවට හා ඒවායේ ඉන්නා උන්ගේ පඩිනඩි හා දීමනා ගෙවීමටය. තත්වය එසේ තිබියදි.... ඒ මූසලයින්ගේ මනදොල පිනවන්නට උන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළේය...


මෙය ඉල්ලාගෙනම කෑමක් බවත්... මේකෙන් වෙන්නේ... රටේම ජනතාව ඉන්නා තැනටත් වඩා පහළට වැටි... බඩු මිළ හා උද්ධමනය තවත් වැඩි වෙන බව අප ඒ මොහොතේම ලියා තැබුවේය... මේ අනවශ්‍ය පඩි වැඩි කිරීම නොකලා කියා.... පරිප්පු කන්නේ... රටේ ජනතාවගෙන් 10% කි....


ඒ 10% අතරේ ජනප්‍රිය වෙන්නට ගොස්... දැන් රටේ 100% ජනතාවට පරිප්පු කන්නට වෙලා අවසානය.. දැන් පඩි වැඩි උන් අතරේ නොව මුලු රටේම උන්ගේ වෛරයට පාත්‍රවී අවසානය...


වෙළඳ ඇමති හා මුදල් රාජ්‍ය ඇමතිවරු හතරවරම් බයිලා කොච්චර ගැහුවත්... සියල්ලේ මිළ ඉහළ යන එක.... කාදිනල්ට තියා දෙවියන්වහන්සේටවත් නවත්තන්නට දැන්  බැරිය....


ගිය වසරේ 60% වැඩි වූ විදුලි බිලට අමතරව දැන් ගෑස් හා ඉන්ධන මිළද ඉහළ දමා ඇත... මේවා ඉහළ ගිය පසු... සියළුම භාණ්ඩ හා සේවා වල මිළ.... ඔය ඇමතිවරු හා ආර්ථික උස්තාද්ලා නොදන්නවා වුනාට.... සාමාන්‍ය ජනතාව නම්... බන් ගොන්ධුලටත් වඩා හොඳින් දන්නවාය....


රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගතකිරීමට කොතරම් උත්සාහ කළත්... මේ මූසල රාජ්‍ය සේවකයින් හා නිලධාරින් සමඟ ඒවා නොමිළේ දුන්නත් කිසිඳු ආයෝජකයෙක් තබා.... දේශීය ව්‍යවසායකයෙක් හෝ එන්නේ නැතිය... ඊට ප්‍රධානම හේතුව ආන්ඩුව අස්තාවර නිසාය...


මේ වසරේ චන්ද තියනවා කියා ආන්ඩුවම කියද්දි... එන්න ඉන්නට එකෙක්වත් එන්නේ නැතිය... එකම පිහිට වන්නේ... බජට් පැක් එකට එන සුද්දෝ ටික හා විදේශයන්හී කඹුරන උන් එවනා තුට්ටු දෙක පමණය....


පක්ෂ විපක්ෂ සියල්ලෝම රට ගොඩගැනීම පැත්තක තබා... චන්දවලට සැරසෙති... එහෙන් මෙහෙට මෙහෙට පනිති... සාමාන්‍ය ජනතාව හොම්බෙන්ම යති...


මේ පිළිබඳව රනිල්ට හෝ ආන්ඩුවටත් කිසිඳු දොසක් කිව නොහැක්කේ.... ආන්ඩුවේ උන්ට පඩි වැඩි කරන්නෙයි කියා සියල්ලෝම ඉල්ලා සිටී නිසාමය...


එහෙත් ඕකුන්ට පඩි වැඩි කළොත් රට තවත් බංකොලොත් වී... ජනතාව පුපෙන් යන බවට අනාවැකි කී අපට... ආන්ඩුව මෙන්ම අර ගොබ්බ හාල්පාරුවෝද විවේචනය කිරීමේ පරම අයිතිය තිබෙනවාය...


මේ රටේ පාලකයෝ හා සියළු දේශපාලුවෝ.... රාජ්‍ය පාලනය තබා බුලත් විට විකුණන එකෙක් වීල් කාරයෙක් දන්නා.... සරළ ආර්ථික තියරිවත් නොදන්නා අමු හාල්පාරුවෝ බව අද ඔප්පු වී හමාරය...


විපක්ෂයේ ඉන්නා උන් කියන තියරි නිකන්ම නිකන් සුරංගනා කතා පමණි....එකම පිහිටත් මුන්නැහේම පමණි....


පඩි වැඩි නොකලා නම් මේ පරිප්පුව ආන්ඩුවටත් ජනතාවටත් කන්න වෙන්නේ නැති බව නැවතත් ලියා තබමි...


ඒ වගත් මෙසේය......

.