.

.
Showing posts with label Voice. Show all posts
Showing posts with label Voice. Show all posts

Dec 26, 2024

Voice Sri Lanka Copy Star, Nostalgia & Generation Gap


Voice Sri Lanka

Copy Star, Nostalgia &

Generation Gap

➖➖➖➖➖➖⭕➖


මේ දවස්වල මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ සීන් එකකට අපේ කස්ටිය කෝච්ලා දෙන්නෙක්ගේ පලු අරිනවාය... ඒ හැරුනේ නැතෙයි කියලාය හැරුන දෙන්නත් හැරුනේ අන්තිම මොහොතේය.... (හැබයි සම-හරක් උන් දෙන්නාගෙත් පලු ඇර තිබුනේය.


Voice කියන්නේ ජාත්‍යන්තරයම සහභාගී වන ෆ්‍රැන්චයිස් ෂෝ එකක්‍ය. කලින් තරඟ වටවලදි අපේ අය ජාත්‍යන්තර තරඟ වලටත් ගියේය. මේකෙන් හොයන්නේ අළුත් වොයිස් හා පර්ෆෝමන්ස්ය. ඒ කියන්නේ නැවුම් කටහඬවල් හා ඉදිරිපත් කිරීම්‍ය.


කරුමය තිබෙන්නේ ඔතනය.. බනිනා උන් ඔය කාරනේ දන්නේ නැතිය. අනික් කාරනේ ජෙනරේෂන් ගැප් එකය. මුන් සින්දු දන්නේ නැතිය... ටේස්‍ට් එකක් නැතිය කියා අපේ ජැනරේෂන් එකේ උන් දාර හෑලී ලියලා තිබ්බේ මේ සිද්ධිය හා ප්‍රියා සූරියසේනගේ වෙන්ව යාමත් ඈදලාය.


හැබයි ඇත්ත කතාව නම්.... ඔය කියනා ගායක ගායිකාවන්ට වඩා... විවිධ වූ ශානරයන් හා ඉස්ටැයිල් ගැන මෙන්ම වොයිස් ගැනත් මොවුන්ට ජාත්‍යන්තර තත්වයේ දැණීමක් තිබෙනවාය යන්නය.

ඉස්සරට වඩා පට්ට රස නිර්මාණ දැන් තිබෙනවාය. ඒකට මොළය අප්ග්‍රේඩ් කර ගැන්ම සෑහෙන අමාරු වැඩක්‍ය.


ඒක හරියට දිව්‍ය භෝජන කෑවත්. පොල් සම්බෝලයි බතුයි කරවල කෑල්ලයි දැක්කාම අරවා මක්කැයි කියා හිතෙනවා වාගේය. 


ඒ දොස්තර මහත්තයා ටැලන්ටඩ් බව ඇත්තය.... තනිකරම චන්දන ලියනාරච්චිය.... හැබයි උන්නැහේ මෙතෙන යන වැඩේ හැඩේ අනුව ගේමට ගැලපෙන්නේ නැති එකය. එනයින් නොහැරුන කෝච්ලා දෙන්නා නිවැරදිය. හැරුන උන් හැරුනේ මනුස්සකමටය.


කලින් නම් මොකක් හෝ චැනල් එකක Copy Star කියා වැඩ සටහනක් ගියේය. ඒකට ජිප්සීස් සුනිල් අයියා වගේම එකෙක් ආවේය. තවත් බොහෝ ඩුප්ලිකේට් උන් ආවේය. ඒත් දින්නේ බීන්ට ඇන්ද එකාය.


මෙවන් ආර්ටිස්ට්ලා ජාත්‍යන්තරයේ මෙන්ම ලංකාවේත් ඉන්නවාය. සාමාන්නියෙන් අපේ වහරේ මොවුන් හඳුන්වනේ ඩුප්ලිකේට් කියලාය.


ඩුප්ලිකේට් සාජන්ට් නල්ලතම්බිලා හෝ ගාලා බිහිවුනේය. නිහාල් නෙල්සන් කෙනෙකුත් ඉන්නවාය. බන්දු සමරසිංහත් ඉන්නවාය. ක්ලැරන්ස් අයියත් ඉන්නවාය. ඩුප්ලිකේට් ජෝතිලාත් ඉන්නවාය. දැන් ජිප්සීස් ගෲප් එකේම සුනිල් අයියාගේ පට්ට වොයිස් එකම තියෙන එළම එළ කොල්ලෙක් ඉන්නවාය.


එහෙම අයටත් මාකට් එකක් තියෙනවාය. සමහර විට උන් ඔරිජිනල් ආර්ටිස්ලාටත් වඩා හොයනවාය. ටැලන්ට් එකත් තියෙනවාය.


හැබයි ඉතින් ඕන භාන්ඩයක නම යන්නේ ඔරිජිනල් නේම් එකෙන් පමණමය.


චන්දන ලියනාරච්චි කියන්නේ බ්‍රෑන්ඩඩ් එකය. ජොස්තර මහත්තයා ඩුප්ලිකේට් එකය.


#මාතලන් 

.

 

May 20, 2023

රාජපක්ෂලා නම් මාර බඩු ඕයි...

 


රාජපක්ෂලා නම් මාර බඩු ඕයි...

➖➖➖➖➖➖➖➖➖😁➖➖


මැයි 18

අති උතුම් ජීවන්ත පීරීස් දේවගැති තුමාට කියලා බොරැල්ල රවුන්ඩ් ඒ බවුට් එකේ ත්‍රස්තවාදී සැමරුමක් ඕගනයිස් කරනවා.


ඊට පස්සේ Tharindu Uduwaragedara ටයි කේ සංජීව ටයි කියනවා... උඹලා ගිහින් ලයිව් අප්ඩේට් දියන් කියලා...


එක්නැලිගොඩ හාමිනේට කියනවා ඔහෙත් එතනට යන්නෙයි කියලා... ඒ මනුස්සයා කියනවා මට අදාල නෑ නේ ලොක්කා කියලා... අදාල නැති වුනාට කමක් නෑ ඔහේ යනවකෝ.. අපි ආපු ගමන් එක්නැලිගොඩ ගෙනත් දෙන්නම් කියලා... අපෝ එයා ගෙන්නන්න එපා.. එතකොට මට වෙන්නේ අනෝමා ෆොන්සේකට වගේ ගෙදරට වෙලා කහමදේ සෙන්ටර් වෙච්චි බුල්සයි දාන්නයි... ඒ නිසා මම යන්නම් කියලා....


දිනක්ෂි ප්‍රියසාදගේ අයියට කියනවා උඹේ බලවේගෙත් අරගෙන ගිහින් අරුන්ගෙන් ගේම ඉල්ලපන්... ඕනම නම් බෙටර්ඩීන් ටිකකුත් අරන් පල කියලා.... 


පොලීසියට කියනවා තරිඳුට ගහයි බලාගෙන ඉන්න කියලා...


තරිඳුට කියනවා... අපිට ගගනවා පොලීසිය බලාගෙන ඉන්නවා කියලා දිගටම කියන්න කියලා...


යාන්තන් රනිල්.... කැරලි මර්දන හමුදාව එවලා ඒ ඩ්‍රාමා එක ඉවර  කරනවා...


ඒ අස්සේ අති පූජ්ජ ජෙරොම් දිව්‍ය ප්‍රසාදීන් වහන්සේට කියනවා .... බුදු සාදූ ටෝච් එක ඉල්ල ගත්තේ ජීසස්ගෙන්‍ය කියලා දේශනාවක කියන්නෙයි කියලා...


ඊට පස්සේ විදුර වික්‍රමනායකට කියනවා අඩෝ ඒකට කොක්ක ඇදපන් කියලා....


ආයේ විඳුරට කියනවා රනිල්ට කියපන් .... මේ පිළිබඳව මොකුත් නොකළොත් මම දළඳා හාන්දුරුවෝ ඉස්සරහා පැස්ටෝල් වක්කරන් ආලෝකය සොයාගෙන යනවා කියලා කොක්ක ඇදහන් කියලා....


හැබයි රනිලුත් මෙ ළණුව කාලා පොලීසියට කියනවා දිව්‍ය ප්‍රසාදීන් වහන්සේ අත් අඩංගුවට ගන්නෙයි කියලා...


අර නම ලිව්වොත් බුකියේ තහනම් වෙන සාධුට කියනවා.... මචං නානේ අපිට පොඩි සප් එකක් දියන් ... ආයේ නාමල් ආවම ඩිස්කවරියක් දෙන්නම්‍ය කියලා...


මේ ඩ්‍රාමා එක තාම යනවා...


ඒ අස්සේ.... ඊයේ සිරසේ සුසාර දිනාල්ට කෝල් එකක් දීලා කියනවා... මචං බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ආපූ කොල්ලට කප් එක දියන්... අපි ආවම රනිල්ගේ ගේ 🔥 🔥 තියපු එකට අපි උඹලට සම්මාණයක් දෙන්නම්.... ෂෙවාන්ටත් කියහන් නැත්නම් වෙන දේ මතකනේ කියලා....


ඒ අස්සේ රමියා කප් එක දිනනවා...


ආන් එහෙමයි රාජ්පක්ෂලා නැවත බලයට එන්න කුමණ්ත්‍රණය කරන්නේ...


රමියා සිරස වොයිස් සීසන් ටූ දින්නේ....


.