.

.
Showing posts with label Classical Music. Show all posts
Showing posts with label Classical Music. Show all posts

Nov 4, 2016

අමරදේව, රසිකත්වය හා සින්ඩ්‍රොමය - Amaradeva, Fans and Syndrome


පට්ට රහ චරිත තුනක්.. - අමරදේව, අජන්තා සහ ජෝතී
මාතලන් අමරදේවගේ නොම්මර එකේ රසිකයෙකි. ඔහුගේ කට හඬට සමකල කට හඬක් මා කිසි දිනෙක් අසා නැත. සුනිල් පෙරේරා හා අමරදේවගේ ගීත අනුකරණය කරනා එකම එක වීඩියෝවක, අමරදේවයන්ට බොහෝ සෙයින් සමාන හඬක් අසා ඇත. අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ගෙනා W D ආරියසිංහයන්ගේ කට හඬෙහිත් ඒ ගැඹුරු බව හා සංවේදීතාවය ඇත්තේ නැත. අමරදේවලා සිටිය හැක්කේ එකෙකු පමණි. ඔහු අද නික්ම ගොසින්ය.

Feb 9, 2016

කිෂානි ජයසිංහ, සිරිසඟබෝ සහ ඉතිහාසය නැවත කියවීම - Kishani, Sirisangabo & History Repeats


 
කිසියම් කෙනෙකු එක රැයින් ජනප්‍රිය වීම වාසනාවම මිස වෙන කිසිවක් නොවේ. භාෂී මධුභාෂී මෙන්ම කිෂානීද එවන් වාසනා ගුණ ඇත්තෝය. ඔපෙරා ගැන මෙන්ම සොප්‍රානෝලා ගැන ලියන්න හිතාගෙන උන්නද ඒවා ලියන එක අපරාධයක්ය කියා මාතලන්ටම වැටහුන නිසා ඒ ගැන ලිවීම අතහැර දැම්මත්, දන්නෝ බුදුන්ගේ ගීය බොදු බැති ගීයක් ලෙස නම් කිරීම ගැන නම් නොලියා සිටිය නොහැකිය.
 

Feb 7, 2016

දන්නෝ බුදුන්ගේ දේශයේ වෛරය හා කුහකත්වය - Danno Budunge New Version, Class Theory & Sexual Trauma

Kishani Jayasinghe
ලාංකීය සමාජය යනු අමු ගොබ්බ ගෝත්‍රිකවාදය කර පින්නාගත් පසුගාමි ළිං මැඩි සමාජයක්ය යන්න මෑත කාළයේ සිඳු වූ සිඳුවීම් කීපයකින්ම මනාවට ඔප්පු වී හමාරය. ඕනෑම සමාජයක මෙවන් පිරිස් සිටිය හැකි වුවද, අති බහුතරය එවන් සමාජයක් වීම, මේ රටේ දියුණුවට ඇති ප්‍රධානම බාධාව බව නොකියා සිටිය නොහැකිය.

Nov 1, 2014

නන්දසිරි මහත්තයගේ කමලාසිනි - Kamalasini by P V Nandasiri


මේ ළඟදි රෑ බෝ වෙලා ගෙදර ආපු වෙලාවක, ටැලිවිසොන් එකේ චැනල් කරකවගෙන යන අතරේ, කැලැසිකල් මියුසික් පාරක් යනවා "අයි" චැනල් එකේ. වැඩ සටහන දෙමළ. පට්ට රාගධාරී සංගීතයක්. මාතලන් බොහෝම ආසයි ඔය රාගධාරි සංගීතයට. දැන් ඉතින් සම හරක් කළබල වෙන්න ඕන නෑ, මේ මොළේ අවුල් පොරට මොන රාගධාරීද කියලා. මියුසික් වල මාතලන්ට බේදයක් නෑ. එකම දේකට ඇලිලත් නෑ. හැම එකේම කැමති ඒවත් තියෙනවා, අප්‍රිය ඒවත් තියෙනවා.