.

.

Dec 30, 2016

දෙදහස් දාහතේ (2017) වත් රට ගොඩ ඒවා - Happy 2017



හාමුදුරුවනේ ණය ගන්නේ කන්න         නෙමෙයි
කියමින් කෙලපු ණය දැක්කම තරුද        පෙනෙයි
ඒ ණය ගෙවන්නට මුන් තව ණයට         ගෙනෙයි
ගිලෙනා නැවේ සිට මැතිවරු පිස්සු            කෙලියි


Dec 28, 2016

විශේෂ විධි විධාන පනතට කෙලවීම හෙවත් චේතනා පරිශුද්ධ වූ පෙම් සටන පැරදීම




මාතලන් ටෙලි නාට්ටි බලන්නේ නැති උනත්, මෑතකදි බොහෝ සෙයින් ජනප්‍රිය උන "සිඳු" නාට්ටිය නම් බොහෝම අසාවෙන් බැලුවේය. මාතලන් සිත් ගත් චරිත කීපය අතරට, "හීන් බබා සීයා" මෙන්ම, "චුට්ටේද" ඇතුලත් උනේය. හීන් බබා සීයා ඉස්සර කැළණියේ මෙන්ම උනවටුනේත් උන් අතර, චුට්ටේ කියන්නේ මාතලන්ගේ පොඩි කාළයේ චරිතයය. 

Dec 27, 2016

නිදහසින් පසු ඇදගෙන නානා රටක් - Fall Apart Since Independence



අම්මට සිරි ලංකාවේ ඉන්නා බටහිර විරෝධි ජාතිකත්වය කර තබාගෙන යන පිරිසද, මාස්වාදය කියන්නේ තියා, කල් මාක්ස් හා ලේනින් වෙන් වෙන්ව හඳුනන්නේ නැති උග්‍ර වාමාංශිකයෝද, චේ හා බොබ් මාලේ හඳුනන්නේ නැති විප්ලවවාදියෝද, අම්මට සිරි ලංකාව කියුබාවක් කිරීමට වෙහෙසෙන කොම්‍රඩ් කැස්ත්‍රෝ සහෝදරයාගේ මල්ලිලාද, නොදැනුවත්තම කියනා, පොදු ප්‍රකාශණයක් තියෙනවාය.

Dec 22, 2016

කෝච්චි කෑලී හෙවත් යාඩ් එකේ ආදරය (23+) - The Love Train (13+)




බුකියේ (facebook) අතිශයින් ජනප්‍රිය - සයිබර් වරිගේ උන්ඩියාගේ නිර්මාණයකි

"ඕයි....තෝ නිදිද උට්ටො.....?....."

"ම්හ්....මොකක්....?"

"නැගිටපං පරයො බල්ලෙක් වගේ බුදියන් නැතුව....."

Dec 19, 2016

වෙබ් වලට අත නොතබනු....!!!! මැඩම් ජයන්ති සිරිසේන කියයි.... - Freedom of Expression in Siri Lanka



රටේ තියෙන ප්‍රශ්ණයි, පක්ෂෙ තියෙන ප්‍රශ්ණයි, ආන්ඩුවේ ප්‍රශ්ණයි, එක එකාගේ ප්‍රශ්ණයි, අරවයි මේවයි ඔක්කෝම අමතක වෙන්නේ ගෙදර එනකොට ජයන්ති මැඩම් බෙලෙක් කෝප්පේ ගෙනත් දෙන කහට එක බීලා, හකුරු කෑල්ලය කෑවාමය. ඒ රහ ඉතින් බකින්හැන් පලස් එකෙත් ඇත්තේ නැතිය. ඉතින් ලොක්කා ගෙදර යන්න රෙඩි බව දැන ගත්තාම, චීප් සිකිරුටි උන්නැහේ කොරන්නේ, මඩම්ට කෝල් එකක් ගන්න එකය. එහෙම කලින් කිව්වාම, ජයන්ති මැඩම් බෙලෙක් කෝප්පෙත් තියාගෙන දොරකඩම ඉන්නවාය.

Dec 15, 2016

අපේ මාද්දියවේදින්ගේ ක්ලයිමැක්ස් එක. (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - climax of journalism



කැප්ටන් හැඩොක්ගෙන් ඉල්ලාගෙන කාපු මාද්දියවේදියෙක් යැයි කියනා මෝඩයා වෙනුවෙන් හඬක් නොනගන්නේ මන්දැයි කියා බොහෝ දෙනෙකුට ගැටළුවක් මතුව ඇත. එහෙත් නිදහස් මනසින් මාතලන් කියවන කෙනෙකුට එම සිද්දියේදි මාතලන් උන්නේ කොතනද යන්න අවසාන බ්ලොග් සටහනෙන් ඉතා පැහැදිලිව පෙනෙනවා ඇත.

Dec 11, 2016

මාගම්පුරේ බර බරේ සහ කැප්ටන් හැඩොක් - Captain Haddock at Hambantota



හම්බන්තොට වරාය ගැන මක්කත් ලියන්නේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක්ම විමසනවාය. මාතලන් නම් හම්බන්තොට තියා මොන ලෝකයේවත් වරායක් හදනවාට විරුද්ධ වන්නේ නැතිය. මොකෝ වරායක් කියන්නේ සල්ලි උල්පතක් නිසාය. එහෙත් වරායක් හදනවා කියා පවුලක් හැදෙනවා නම් එතන ප්‍රශ්ණයක් තියෙනවාය. මහින්ද මහත්තයාගේ කාළේ තිබුන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොඳ ඉන්වෙස්ට්මන්ට් උනාට ඒවා හැදුවායින් පස්සේ කොරන්නේ කුමක්ද කියා ප්ලෑනක් තිබුනේ නැතිය. 

Dec 9, 2016

බැඳුම්කර පත්තරේ හා චතුර අල්විස්ගේ අධෝමුඛ බණ - Perpetual Papers & Chathura The Bond



චතුර අල්විස්ගේ දෙරණ අරුණ තමයි, ඌට කැමති එකයි නැති එකයි ඕන එකෙක් බලන්නේ. ඉස්සර නම් බලුවේ මල් කුමාරගේ මුල් පිටුව.

ඔය බැදුම්කර කේස් එක මහ දවල් හොරකමක් කියලා නොදන්න එකෙක් නෑ නේ. ඒ වගේම ඒක ලීගලයිස් හොරකමක්. ඉතින් පර්පෙචුවල්ලා ඒ සල්ලිවලින් පත්තරයක් ගහන්න යනවනේ. ඒකට මව්බිමේ ඉන්න උන් පෝලිමෙත් එනවනේ.

Dec 7, 2016

බස් ගස් හා හූ ඉස් ද බොස් - Too many cooks spoil the soup



මේ රටට කොන්දක් ඇති නායකයකුගේ ඇබෑර්තුවක් ඇත. පොදු අපේක්ෂයා ලෙස ගෙනා කෙනා, එහෙම කෙනෙක් නොවනා බව බොහෝ පැහැදිලිය. නායකයකු කියන්නේ එක එකා ගහන පදවලට නටනා එකෙකු නොව, තමන්ගේ පදයට අනෙක් උන් නටවන්න පුළුවන් කෙනෙකුටය. "හරි හෝ වැරදි, බොස් ඉස් ඕල්වේස් රයිට්" කියන්නේ ඒ නිසාය. මේ බොස් නම් ඕල්වේස් බ්‍රේක් ඩවුන්ය. එක්ස්කියුස් එක ලෙස කියන්නේ ඒකට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය කියලාය. 


Dec 6, 2016

ආන්ඩුව ඉන්නේ අමු හෙළුවෙන්ය - Naked Government


කැස්ත්‍රෝගෙන් නිරුවත වසා ගන්නා පක්ෂ නායකයන් දෙදෙනෙක් - අවන්ත ආටිගල

ගොඩක් උන් කියන්නේ, පොලිස්පති රෙදි ගලව ගත්තා කියලාය. ඝෝඨා උන්නැහෙත් ටැලිවිසොන් එකෙන් එහෙම කිව්වේය. එයා කිව්වේ, එයාලාගේ කාලේ උන්නේ ප්‍රොෆෙසනල් පොරවල් කියලය.  අපරාදේ කියන්නේ, කුඩු කාරයන්ගෙන් ගෙවල් හදාගත්, මහින්දගෙන් කාමරයේදි බඩ පිරෙන්නට කා, එයිට පස්සේ බ්‍රසීලය බලා ගිය එකා මොකෙක් උනෙත්, ඉලංගකෝන් ලොක්කා නම් පොලිස්පති කමේ ගෞරවය නියමාකාරයෙන් රැක්ක පොලිස්පති කෙනෙක්ය කියලාය. සමහර විට උන්නැහේට එහෙම ඉන්න ලැබුනේ, බලෙන් පොලිස්පතිකොම කරාපු අනුර සේනානායක උන්නැහේ නිසාමය. ස්වාමියා එලියේ ඉඳිද්දි, බල්ලා ඇතුලේ ඉන්නේ කළ හොඳ පස්සෙන් එනවාය කියන කතන්දරේ නිසා වෙන්නත් පුළුවන්ය.

Dec 4, 2016

"තැලෙයි... පරෙස්සමින්" (23+) + Pinch-point & The Serpents Daughter




"Pinchpoint "කියන්නේ, 2007 තරම් ඈත කාලාක ඉඳන් බ්ලොග් ලියන එකෙක්. ඒයා උසද කොටද, සුදුද කළුද, මහතද කෙට්ටුද තියා කාන්තවක්ද පුරුෂයෙක්ද කියලවත් මාතලන් නම් දන්නේ නෑ. හැබයි, පැහැදිලිව දන්න එක දෙයක් නම් තියෙනවා. ඒ තමයි ඔහුට/ඇයට භාෂාවන් දෙක ගැනම මනා පරිචයක් තියෙනවය කියන එක. ඒ කියන්නේ ඉන්ගිරිස් හා හින්ගල.