.

.

May 23, 2018

මංගලට ගොක්කොල පෙනීම හෙවත් මම ඝෝඨාට බයයි මල්ලියේ හෙවත් යුගාන්තය



අපරාදේ කියන්නේ මංගල ඇත්තම කිව්වේය. මංගල නොව ආන්ඩුවේ මෙන්ම, පක්ෂ විපක්ෂ සියල්ලේම ඉන්නා උන් ඝෝඨාට බයය. රාජිත එක් වරක් කියූ පරිදි (ඇත්තද දන්නේ නෑ ඉතින්) මහින්දද ඝෝඨාට බයය. මහින්දගේ කාළයේ අරලිය ගහ මන්දිරයේ පැවති සාකඡ්චා අතර තුරදි ඝෝඨා පැමිනෙන විට... ඔන්න ඔන්න ඝෝඨා එනවා අපි වෙන දෙයක් කතා කරමු... කියා, කතාකරනා මාතෘකා වෙනස් කල බව රාජිත වරක් ප්‍රැස් කොපරන්ස් එකේදී කීවේය. 

May 20, 2018

මිලේඡ්චත්වය වන්දනා කරනා මළ මූසල රටක් - Cannibaland




මේ ලිපිය ලියන්නට ගොස් කීප වරක්ම පැත්තකට දැම්මේය. එක හේතුවක් නම් ලියූ ළිපි සියල්ලම ඉතා දීර්ඝ මෙන්ම හිත පිරිණු ඒවා නොවීමය. හිතවතුන් කී පරිදි ලියන්නේ නම්, එය මහා පොතක් දක්වා ලියවෙන්නේය. අද කාළයේ බ්ලොග් තුල හෝ කිසිම සමාජ මාධ්‍යක් තුල දීර්ඝ ලිපි වලට තැනක් ඇත්තේම නැතිය. එම නිසා මෑතක බුකිය තුල කතා බහ වූ දෑ ඉතා කෙටියෙන් ලියා දමන්නට උත්සාහ කරමි.

May 12, 2018

චේතිය පාලනයේ අලුත්ම බොරුව - විශේෂ අධිකරණ




යහපාලන විගඩමේ ක්ලයිමැක්ස් එක ඉවර වෙලා, දැන් මේ යන්නේ, එහෙ මෙහෙ වැටිච්ච දියර වගේ ඒවා පිහිදාගන්න කාලයය. ඒ පිහිදානා වැඩෙත් හරියට කර ගන්න බැරිය. මුන් ආවේ යහපාලනය කියලා එකක් අරගෙනය. ලක්ෂ 62 ක් මුන්ගේ ඒ මුසාවට අහු උනේය. අද ඒ එකෙක්කත් හොයා ගන්නට අමාරුය. ඒකට අයිසින් එකක් දැම්මේ "ලිච්චවී පාලනය" කියලාය. දැන් නම් අපට කියන්න තියෙන්නේ මේක "ලෙච්චමි පාලනය" කියලාය. සාමාන්‍යයෙන් ලෙච්චමිලා කියන්නේ එදිනෙදා ඔහේ ජීවත් වී, පඩි දවසට ආතල් එකක් අරන් මැරිලා යන අම්මන්ඩිලාය. මේ පජාත ආන්ඩුව ඊටත් අන්තය. 

May 3, 2018

අන්දරේ සීනී කා අතේ කෝට් වේ




ඕන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක, එකෝ එකෙන් වගේ ආතල් දෙන ජෝකර් කෙනෙක් උන්නා. නම අන්දරේ. දෙන තරමක් දෙන්නේ පට්ට ආතල්, ඒ රටේ රජ්ජුරුවෝ දවසක් අන්දරේ එක්ක ආප්ප කන්න සෙට් උනා.

ඒ පාර රජතුමා කිව්වා අන්දරේ අපි විහිළුවට වගේ අපේ පෝස්ට් දෙක මාරු කර ගමුය කියලා. ඕන් ඊට පස්සේ අර රජ්ජුරුවොත් පට්ට ජෝකර් කෙනෙක් උනා. හැමදාම ආතල් දෙන එකමයි කරන්නේ. අන්දරේටත් පරණ පුරුදු අත් අරින්න බැරි හන්දදෝ මන්දා, එයත් කරන්නේ ආතල් දෙන එකම විතරයි. රට ඔහේ යනවා. දෙන්නම එක්ක පට්ට ආතල් ගන්නවා.

ඕන් ඉතින් අපේ අන්දරේට දවසක් හිතුනා සීනී හොරෙන් කන්න කන්න. මේ රටේ රජෝරු ඇමතිවරු වගේම සමාන්නිය ජනතාවහ් මාර ආසයි හොරෙන් කන්න. ඒ කැවත් මන්ද පෝෂණයනුත් කප් ගහලා ලෝකේ ශ්‍රේෂ්ඨම රාජ්ජේ කියලා කොයි වෙලාවෙත් කප් එක ගන්නවා.

අන්දරේ රජ්ජුරුවන්ට ආස හිතුනෙ කන්තලේ සීනී කන්න. ඒ උනාට කෙවට්ටයෝ රජතුමාට කිව්වා කන්තලේ සීනී වලට වඩා ඉන්දියන් සීනී බොහෝම රසයිය, අපි කනවා නම් ඒ සිනී කමුය කියලා හිටන්.

අන්දරේ ගල් ආඳා කියලා බබාලා දන්නවනේ. අන්දරේ කිව්වා මම දැන් රජ්ජුරුවො නේ, උඹලා හොරෙන් කාලා මටත් ටිකත් ගෙනල්ලා දීපිය කියලා. මොකෝ රජ්ජුරුවෝ අන්දරේ කාළේ ඔස්ට්‍රේලියාවේ ගිහින් සීනී හොරෙන් කාලා හත් පොලේ ගාගෙන නාගෙන ඉන්න නිසා.

ඒත් ඉතින් අන්දරේ අරුන්ට කිව්වා, හදිසියේ හරි අහු මාට්ටු උනොත් හෙම, පරණ කතාවම කියපල්ලය කියලා හිටන්. ඕන් ඉතින් කේවට්ටයෝ දෙන්නා මාලිගාව ළඟම තියෙන තරු පහේ භෝජනාගාරයක් ඉස්සරහා පැදුරකුත් එලාගෙන, සීනී ටිකක් දාගෙන, කන්න ලෑස්ති උනා ඉතරයි.

රජතුමාගෙන අල්ලස් ඩිපාර්ට්මන්ට් එකෙන් පැනලා සීනී එක්කම අර කේවට්ටයෝ දෙන්නා අතටම අල්ල ගත්තා. අරුන් කිව්වා මේ සීනී නෙමේය පස්ය කියලා. ඒක දැකපු මාලිගාවේ උන්න රජතුමාට එලෝ තරු පෙනිලා

දැන් ඉතින් තොපේ කටෙත් පස්
මගේ කටෙත් පස් හිටන් කියලා ඉබේම කිය උනා..

මාලිගාවට ටිකක් එහායින් ඉන්නා යුව රජ තුමාට පුකෙන් හිනා ගියා ආයිබන්ඩ.

මොකෝ එයා බාන්ඩාගාරේ තිබ්බ වහ වගයක් සීනී කියලා හිතාගෙන කාලා හත් පොලේ ගාගෙන ඉන්න නිසා..

ඉතින් බබාලා මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමයි, වහපාලනයක් තුල උනත් සීනී කනකොට බොහෝම පරෙස්සමෙන් කන්න ඕන කියන එක.

අනතුරු ඇඟවීමයි..!!!

සීනී කෑම ශරීර සවුක්කයට හානිකර වන්නට පුළුවන..

May 2, 2018

ලෙස්ටර් ලොවට හඳුන්වා දුන් ටුවර් ගයිඩ් - Lester, Cannes & Tour Guides



"රැස" පත්තරේ ඉන්න, මාතලන්ගේ බොක්කක් වන මංජුල සමරසෙකර බොහෝම කළබලයෙන් මාතලන්ට කෝල් එකක් ගන්නවා. මාතලන් ඒ වෙලාවේ ඩ්‍රයිව් කර කර උන්න නිසා, ගමන අහවර වෙලා මංජුලයට කෝල් එකක් ගත්තාම, ඌ පොඩි ආරාධනාවක් කරනවා ටුවර් ගයිඩ්ලා ගැන කොලමක් සති පතා කරමු කියලා. අපරාදේ කියන්නේ ඒකට ගානක් ගෙවනවයි කියලත් කියනවා. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ සතිපතා ඒ දේ කරන්න වෙලාවක් නැතිකම නිසා. ඒත් ආරාධනය මගේ හිතේ තියෙන නිසාත්, ලෙසටර් ජේම්ස් පීරිස්ට හා රේඛාවට සම්බන්ධ ගයිඩ් කතාවකුත් තියෙන නිසා ,මේ ලිපිය ලියලා දාන්න මාතලන්ට හිතෙනවා.