.

.
Showing posts with label Keheliya. Show all posts
Showing posts with label Keheliya. Show all posts

Jul 14, 2023

ඖෂද මාෆියාවක් ගැන බණ දෙසනා ඖෂධ ත්‍රස්තවාදීන්

 


ඖෂද මාෆියාවක් ගැන බණ දෙසනා

ඖෂධ ත්‍රස්තවාදීන් 

➖➖➖➖➖➖➖🔴


ඇත්තේ සෞඛ්‍ය සේවයේ, බාල ඖෂධ හෝ ඇමතිගේ ප්‍රශ්ණයක් නොව දේශපාලන ප්‍රශ්ණයක් බව..


⭕ දිනපතා කක්කා චෙකර්ගේ මාධ්‍ය හමුව..


⭕ බදු ගැසීමෙන් පසූ රෙද්දේම රෙවී රට පැන ගන්න බැරිව ඉතිරි වූ ගොම සංගමයේ රඹ ටෝක්ස්...


⭕ අතීතයේ සිට සාම්ප්‍රදායිකව නඩත්තු කරමින් පවතින ඖෂධ මාෆියාව මේ මොහොතේ පමණක් ප්‍රශ්ණ ගත වීම.


⭕ එලිබැස ඇති කිඹුලාඇල සෙනාගේ වොයිස් කට්...  (රාජිත සේනාරත්න යනු අධිකරණය මගින් වැරදිකරුවකු කොට ඇමතිධූරයෙන් පහකළ දේශපාලුවෙකි)


⭕ සජිත්ගේ හූනීයන් කාරයන් හා පැවැත්වූ රැස්වීමේ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ගැන බළලා මල්ලෙන් එලියට දැමීම... (සජිත්ට කුමන්ත්‍රණ සඟවාගෙන සිටීමේ දේශපාලන පරිනතභාවයක් නැත. සියල්ල වමාරා හත්පොලේ ගා ගනී.)


⭕ දැරිය මියගියේ එම එන්නත විශවීමෙන් බව හෙද සේවයේ ත්‍රස්තවාදීන් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම. (මරණය පිළිබඳ විවෘත තීන්දූවක් ලබා දී ඇති අතර, මරණයට හේතුව පිළිබඳ සෙවීමට විශේෂ පරීක්ෂණයක් වෙනම පැවැත් වේ)


⭕ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ එම දැරියගේ මරණය එන්නත් විශවීමෙන් නොව අසාත්මිකතාවයෙන් සිඳු වූවක් බව.


⭕ දැරියට ලබා දුන් එන්නත තවත් රෝගීන් 2500 කට පමණ ලබා දී ඇති බව හෙලිවීම. (එසේ නම් ඒ සියල්ලෝම මිය යා යුතුය)


⭕ පාරට බහින්නට බලාසිටිනා පෙරටුගාමී ත්‍රස්තවාදීන් කෙහෙළියට තර්ජණය කිරීම්.


⭕ ජවිපේ ත්‍රස්තවාදීන් නිලධාරීන් බේරා සියල්ල දේශපාලනීකරණය කිරීම. වහලුන් දමා කෙහෙළිය එලවීමේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්බ කිරීම. (මෙය කෙහෙළිය එලවීමේ ආන්ඩුවේ හා ජවිපේ එක්ව කරනා කුමන්ත්‍රණයක්ද වීමේ සම්භාවිතාවයක්ද ඇත.)


යන සියල්ල විසින් ඉතා පැහැදිලිව පෙන්වමින් සිටී....


මේ සියල්ල වෙනුවෙන් අත දිගහැර කෝටී ගනනින් වියදම් කරනුයේ ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක නිසා කෙල වූ බටහිර ඖෂධ මාෆියාවටයි.


කෙසේ හෝ වේවා මීට පිළිතුරු දිය යුත්තේ ඇමතියා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් , ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යාංශයයි.


මේ සිඳුවෙමින් පවතින්නේ ආන්ඩුව කෙරේ ඇති ජනතා ප්‍රසාදයට කෙලවීමේ ගෑස් බ්ලාස්ට් ප්‍රොපගැන්ඩා ප්‍රහාරයක් බව මාතලන්ගේ මතයයි...


.

Aug 19, 2021

වසන්තය පමාවි හෝ එනු ඇත -The best is yet to come


ඉස්සර සිංහළ සිනමාවේ වීරයා වූයේ ගාමිනී ෆොන්සේකාය. ඉන් පසු වීරයෙක් ආවේ නැතිය. ඊට පස්සේ ආවේ, ජොකර්ල, පුයර බබාලා හා දිවාකරලා විතරමය. 

පැය 2-3 ක් දුවපු සෝ එකේ මුල හරියේ මෙන්ම මැද හරියේත්, ගාමිනී, ඩොමීගෙන්, පියදාස විජේකෝන්ගෙන් හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් බඩ යන්නම කන්නේය. ඒත් අවසානයේ අලු මතින් එන ෆීනික්ස් එන්නේ, ගැලරියේ විසිල් හඬ හා අත්පොලසන් හඬ මැද්දේය. සමහර විට, ඩිෂුම්, බුෂුම්, ඉඳා කාලා වරෙන් යන සද්ද ඇහෙන්නේත් නැතිය. ගාමිනිට ගේම දුන්න උන් දුවන්නේ වැටි වැටීය. සමහර උන්ට දෙන්නේ රෙද්දේ රෙවෙන්න ය. සමහර උන්ට දෙන්නේ මැරිලාම වැටෙන්නය.

අද උදේ අරුණ පත්තරේ දැක්කාම මාතලන්ගේ සිත පිනාගියේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා ලොකු ලොක්කෝ කීප දෙනෙක්ම එලවනවාය කියා තිබුන නිව්ස් එක දැකලාය. ඇත්ත හෝ බොරු වේවා මෙය ඉටුවනු දැක්ම මාතලන්ගේ එකම බලාපොරොත්තුවය.

ඇත්තටම මේ වසංගතය පැමිණෙන මොහොතේ සුපිරි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ආන්ඩුවට සිටියේය. ඒ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උන්නැහේය. ඒ වාගේම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය  පබා පළිහවඩන නෝනා මහත්තයාද වූයේය. මේ දෙදෙනාම දේශපාලන වහලුන් නොව තම තනතුර බැබලුව අය උනේය. 

එහෙත් මේ දෙදෙනාම එලවා දැම්මේ රාජිතගේ මාෆියාව හා එක්වූ පවිත්‍රාගේ වාහේය. ඒ වසංගත සමයේ මියුසිකල් සෝ කරන්න අවසර දුන්නේ නෑ කියලාය. ඊට පසු රාජිතගේ මාෆියාව හා සෙට් වී කල ගසාකෑම් ජනාධිපතිවරයාට මාට්ටු වී පවිත්‍රාට කෙල වූ බව දැන් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්‍ වෙලා අහවරය. ජාසිංහ හා පබා එලවීමට පෙර අඩු ගානේ ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමේ අවස්තාවක් ලබා දුන්නේ නම්, සෞඛ්‍ය සේවය බව්වාට නොයා තිබීමට බොහෝ ඉඩකඩ තිබුනාය. 

දැන් ඉන්නා හාල්පාරු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දාගන්නේ මාෆියාවේ සෙට්ටෙකය. ඉන්පසු මාෆියාවේ උන් අමාත්‍යංශයේ විසිල් ගගහා බල්ටි ගසුවේය. ඖෂධ අංශයේ පිස්සු කෙලීමට බැරිවූයේ එහි සිටිනා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙන්ම රාජ්‍ය අමාත්‍ය ජයසුමන යන දෙදෙනාම ඝෝඨාගේ පොරවල් වීම නිසාය. නැත්නම් මුන් ඔක්කෝම එන්නත් ටිකට කෙලිනවාමය.

එහෙත් කම්බා හොරුන් වන බෙල්ලන හා මාෆියාව, වැක්සීනය උන්ගේ අතට පත් වූ පසු  කෙලිය පිස්සුව මුලු ලෝකයම දැක්කෙය. ඒවා උන්ගේ හත්මුතු පරම්පාරාවට, ගෙදර බව්වාට හා පූසාටත් ගැසීමෙන් අනතුරුව, ඉතුරු ටික විකුණාගෙන කෑවේය. කොළඹ උන් ගාල්ලේ ගිහින්10,000/= ට වැක්සීන් එක ගහගෙන ආවේ සංචරන සීමා තිබෙද්දීමය. උද්ඝෝෂණ වලට අවසර දුන් අම්මට සිරි ලංකාවේ මාර උසාවිය නඩුව තාමත් බලවනවාය. මාෆියාව එතරම්ම  බලවත්‍ය. මේවාට විරුද්ධ වූ මොරටු පුරපති අන්තීමේදී හිරේ ගියේය.

ඔය, "රට වහන්න.... එකම පිළිතුර වැක්සීනය පමණයි... " කියනා රාජිත මාෆියාව වැක්සීනය ගගහා උන්නා නම්, මේ රටට අත් වෙන්නේ අබ සරණ විතරමය. අදටත් සෞඛ්‍ය අංශ විසින් එන්නත් ලබා දෙන ස්ථාන සියල්ලම එකම මළ විකාරයක්‍ය. සමහර උන්ට පෝලිම් ඇත්තේ නැතිය. උන්ගේ ප්වුල්වල අවුරුදු 18 වැඩි උන්ටත් වැක්සීනය ලබා දී අහවරය. මේවා බොරු නම් සාක්කි සහිතව ඔප්පු කර දීමට මාතලන් රෙඩිය.

කෙහෙළිය යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි, ව්‍යවසායකයෙකි, කළමණාකරුවෙකි වැඩ පෙන්නූ දේශපාලුවෙකි. එජාපයට කෙලවුනේ ජොනී හා කෙහෙළිය වැනි බුලට් බඩු වෙනුවට කිරිඇල්ල හර්ෂ එරාන් වැනි හාල්පාරුවෝ දාගත්ත නිසා මිස වෙන කිසි හේතුවක් නිසා නොවේය. ඒ කොඩිවින සියල්ල සජිත් කරේ දාගෙන සිටීම ඊටත් ආතල්‍ය.

උන්නැහේ කියන්න තියෙන දේ වන වනා ඉන්නේ නැතිව කෙලින්ම ඇදලා අරිනවාය. ලීඩර්ලා කියන්නේ එහෙම උන්ට මිස බබා හුකුං කරනා උන්ට නෙමේය. ගුරු හූනියන් කාරයෝ ටික දෙනා කාළකන්නින් බව කෙලින්ම කීමට කොන්දක් තිබුනේ උන්නැහේට විතරය. කාළකන්නින් වූ අනෙක් උන්ද හූනියන් කාරයන්ට දැමූ තොප්පිය බලෙන්ම දමාගෙන නැටුවේ කාළකන්ජි ටයිටල් එක උන්ට හරියටම ගැලපෙන නිසාය.

යුද්ධය කාළයේ වැදගත්ම තනතුරක් වූ මාධ්‍ය ප්‍රකාෂක වැඩේ සාර්තකව ඉටු කරේ මුන්නැහේය. ඉන් පසු ජනමාධ්‍ය ඇමති කාළයේ රූපවාහිනි සංස්ථාව, නයි ටී ඇන්  පවුලේ නාලිකාව මෙන්ම හුළං විදුලි සංස්ථාවද ලාබ ලබන ආයතන උනේය. ඒ වාගේම උන්නැහේ වෙනත් වැඩවලටද දක්ෂයෙක් වූ නිසා ඒවායේ කෙල පැමිණි මහින්ද මහත්තයා ජනාධිපති අරමුදලෙන්ම උන්නැහෙට කෘතුගුණ සැලකුවේ, කන බොන මිනිස්සු එහෙම ආතල් බුවාලා නිසාය.

දැන් මුන්නැහේ මුලින්ම කෙලවිය යුත්තේ රාජිතගේ මාෆියාවට හා හූනියන් කාරයන්ටය. ඒ වෙනුවට ආන්ඩුවට හිතවත් පහළ තනතුරු වල සිටිනා දක්ෂයින් හෝ ඉදිරියට ගෙන සෞඛ්‍ය සේවය මළ අඬෝවඩියා සේවයක් නොව හමුදාව මෙන් බුලට් බඩු ඉන්නා තැනක් කළ යුතුය. යුද්දේ ජයගත්තේ එහෙමය. රාජිතගේ මාෆියාවට ගේම දෙන අතරේ උගේ ඩොකියන්ට ඉන්ජෙක්ෂන් එකකුත් ගහලාම යවන්න පුලුවන් නම්, ඒවට අපේ කිසි අකමැත්තකුත් නැත්තේය. 

හැබයි උන් එක්ක එකතුවී පිස්සු කෙලින්නට ගියහොත් මෙතෙක් ඇති කීර්තිනාමයට කෙලවා ගන්නා බවත් නොකියා සිටිය නොහැකිය.


 වගත් මෙසේය......