.

.
Showing posts with label Media. Show all posts
Showing posts with label Media. Show all posts

Feb 18, 2025

ඩින්ටින් අයියා කොට්ටච්චි නෝනගේ කටට ඉබ්බෙක් දාලා.....

 



➖➖➖➖➖➖➖➖💀💀💀💀➖➖➖


දැන් මේක අපිට පිළිගන්න වෙලා තියෙන්නේ ඒක කියල තියෙන්නේ එයාමම නිසා. 


කොට්ටචි නෝනා ලස්සන නිසා මං හිතන්නේ චන්ද වලට කලින් එයාව ඔය ටින්ටින් අයියගේ දේශපාලන බල මණ්ඩලයේ මීටින් වලටත් ගන්න ඇති. 


එතකොට ඔය ඩොලර් මිලියන 18ක් උගන්ඩාවේ තියෙන කතන්දරේ බොරුවක් කියන එක ටින් ටින් අයියලා කතා වෙන්න ඇති. 


ඕකුන් කියන තරමක් කිව්වේ බොරුනේ. දැන් කියන්නෙත් බොරු. පඩි වැඩි කරනවලු අවුරුදු තුනකින්. අම්මගේ රෙද්ද තාම වැලේ.


මේකිට අර බල මණ්ඩලයේ ඉන්න ගල් ආදෝ තරම් මොළේ නැති හින්දා.... බලය හම්බුනයින් පස්සේ මේකී කිව්වා ඒක පත බොරුවක් කියල. 


ඒ වගේම ඒකී කිව්වා. ඕනෙම බොරුවක් ඇත්තක් කියලා කියන්නත් පුළුවන්... ඕනම ඇත්තක් බොරුවක් කියලා කියන්නත් පුළුවන් කියලද. ලෝයර් නෝනා කෙනෙක්නේ මක්ක වුනත්. ඔන්න බොරු නම් අහල බලන්නකො හොඳේ. 


එතකොට අපිට තියෙන ප්‍රශ්නය.... මාධ්‍ය නිදහස රකිනවාය. මාධ්‍යයට අත තියන්නේ නැතිය කියපු ඔය හිගන ත්‍රස්තවාදී නඩේ. VVIP පාර්ලිමේන්තු මන්ත්‍රීවරීවකට කට අරින්නවත් දෙන්නේ නැත්නම්...  රටේ අනික් උන්ට මොකද වෙන්නේ කියලා.  


මුන්ට කඩේ ගියපු... බජට් එකෙන් ගෙවල් දෙන්නම් කියපු... සිරස සුරංග වගේ උන්ට... අර සියතේ පල් හැලලා ලියන එකා වගේ ගොබ්බ ජඩ මාධ්‍යවේදීන්ට නම් අවුලක් නැතුව ඇති... 


ඒ වුණාට මහින්ද මහත්තට නෙමේ රනිල්ගෙ ගොන්කම් වලටත් රෙවෙන්න ගහපු අපිට..... මේවා ඉස්සරහට ගොඩක් බලපාන්න ඉඩ තියෙනවා.


ආපු ගමන් ෆේස්බුක් එකේ දෙන්නෙත් තුන් දෙනෙක් අල්ලලා ඇතුලට දැම්මා. සහජීවනය කියලා. අනේ උගේ අම්මගේ සහජීවනේ...  වැඩේ නෝන්ඩි..උනා. 


ඒ පාර ජජ්ව මාරු කරලා දැම්මා. නීතිපති ඔෆිස් එකටම ගෙනත් එයාටත් තගක් දැම්මා. මම විධායක ජනාධිපති කියලත් කියලා තියෙනවා.


දැන් මුන් ගහන බෙර පදවලට නටන්නේ නැති පොලිස් කාරයෝ ඔක්කොම තැන් තැන්වලට දානවා. එහෙම දාලා චෙකා පොලිස් පොලිස් පටන් අරන් තියෙන්නේ. 


පොලිස් කොමිසමේ ඉන්න මහත්වරුන්ටත් මරිසි කොටා තග දැම්මේ ප්‍රසිද්ධියේ. ජනතාව ඉස්සරහ. මොකෝ මේක ජනතාවාදී ආණ්ඩුවක්නේ. එතකොට ව්‍යවස්ථාව අදාළ වෙන්නේම නෑ.


ඒ චෙකා පොලිස් එකේ OIC  තමයි අර මාතලේ පැත්තෙ ගෙදරකට ඇවිල්ලා facebook එකේ ලියන්න කියන්න ඕනේ කොහොමද කියලා පුටුවක වාඩිවල ලැච්චර එකක් දීලා ගියේ. දැන් බලේ ඉන්නේ එයාලා කියලත් කිව්වා. 


මේ තත්ත්වයේ අනිවාර්යයෙන් එනවා කියලා අපි චන්දෙට කලින් කිව්වා. දන් එන්නේ මුං අසුවට අසූ නමයේ ගෙනිච්ච ත්‍රස්තවාදී පාලනය. 


ඒ වුණාට හැට අට ලක්ෂයක් ගොබ්බයෝ අපි කියපු දේ ඇහුවේ නෑනේ.


ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් විතර හම්බවෙනවා. tenting අයියා ඒකටත් කෙලිනවා. මුන්ට හරියට කන්න බොන්නවත් දෙන්නේ නැහැ කියලා තමයි ආරංචි. පාටියකටවත් යන්න නෑලු.


ඇත්තටම කොට්ඨාච්චි නෝනාට කොටු පටින අනිත්‍ එවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න ඔතනට ආපු අනිත් හිඟන්නන්ට ඔහොම වෙලා මදි.


එහෙනම් අදට මේ ඇති ගිහිල්ලා එන්නම් 


මම මෝල් ආමන්ත බූරුවාගේ.

.

Mar 16, 2023

2000 වොයිස් කට්

 


2000 වොයිස් කට්
➖➖➖➖➖➖

ඔය වොයිස් කට් වැඩේට සිරසටම දොස් කියන්න එපා. 

හොඳින් නිරීක්ෂණය කරන්න හැම චැනල් එකේම යන්නේ එකම වොටිස් කට් සෙට් එකක්. 

මෝජෝ නිව්ස් දෙන ප්‍රාදේශීය වාර්ථා කාරයෝ හැම චැනල් එකේම නියෝජිතයෝ. උන් කරන්නේ හිට් වෙන ඒවා හදලා එවන එක.

ඒ විතරක් නෙමේ ඔය සමිති සමාගම් පෙරමුණු කියලා බැනර් එකක් එල්ලගෙන මයික් ගොඩාක් මැද්දෙ ප්‍රෙස් රිලීස් දීමත් අමු බොරුවක්. ඔය සමිති සමාගම් පෙරමුණු හරියට මංගොනාපිලගේ පක්ෂේ වගේ. ඌ විතරමයි ඉන්නේ.

මේ දේවල් ඉස්සර කළේ පත්තර කාරයෝ. ඒවට අන්තීමෙදි පිටුවකුත් වෙන් වුනා. මේවා මේ විදියට වෙන්නේ රටේ කිසිඳු මාධ්‍ය නියානමනයක් හා ප්‍රමිතියක් නැති වීමේ හේතුවෙන්.

දැන් මේවම කරන ඇඩ්වර්ටයිසින් කොම්පැනි තියෙනවා

මේවට හොඳට ගෙවනවා. 

බුකියේ තත්වයත් එසේමයි. බුකියේ ෆේක් නිව්ස් ගහන පේජ් කාරයෝ වැහි වැහලා. 

මේවයෙන් වෙන්නේ ඇත්ත නිව්ස් එකත් ජෝක් එකක් වීම. මේකේ අවාසිය වැඩියෙන්ම එන්නේ පාට පක්ෂ බේදයකින් තොරව පාලකයින්ටමයි. 

ඉස්සර මේවට උන්නේ මංගල මඩ බලකාය විතරයි. දැන් ඊට වඩා ක්‍රියේටිව් උන් වැහි වැහලා.

හැබයි මේ කෙප්ප වැඩියෙන්ම කෙලින්නේ සිරසයි සියතයි කියන එක නම් විශේෂයෙන් කියන්න ඕන.

හැබයි ගොසිප් කියන දේයි ෆේක් නිව්ස් කියන දේයි දෙකක් බවත් විශේෂයෙන් කියන්න ඕන.

ඒ අතින් තමන්ගේ වෙබ් වල ගොසිප් කියලා දාගෙන ඉන්න උන්ට සිරසටයි, සියතටයි වඩා කොන්දක් තියෙනවා.

මේ රට හදන්න නම් සියල්ලටම කලින් මාධ්‍ය හදලා ඉන්න ඕන.

.

Aug 10, 2021

ආන්ඩුව හත්පොලේ ගාගෙන අවසානය



ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියා අපේ උන් කීවේ කට කහනවාට නොවේය. ඔය පොටෝ එකේ තියෙන්නේ ප්‍රජාතන්තවාදයේ මහගෙදර පිහිටා ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දේවාලය වන ඇමරිකාවේ වොෂින්ටන්හි පිහිටි කැපිටල් බිල්ඩින් එකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ උපරිමය බුක්ති විඳිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බත් බැලයන් ඇවිත් රීලා ගිය වෙලාවේ ගත් එකක්‍ය.

අප එදා  දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් ජනාධිපතිධූරයට පත්වූ මානසික රෝගියෙක් අවසානයේ ඩොමොක්‍රසියේ මහ දේවාලටත් ෆක්ඩ් අප් කරපු එකය.

ප්‍රජාතන්ත්‍රවාදය පිස්සන්ට භුක්ති විඳින්නට දුන්නොත් සිඳුවන්නේ එය බව එදා ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයටම පෙන්වා දුන්නේය.

ඝෝඨාභය රාජපක්ෂ යනු එතෙක් මෙතෙක් පහළවූ ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයාය යන්න දේශපාලන වහලුන්ගේ නොව මැදිහත් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

විපක්ෂයේ උන් ෆේල් නායකයෙක් ලෙසද ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් ආවේ චැප්ලින් කෙනෙක් ලෙසද, විටෙක පඹයෙක් ලෙසද හඳුන්වන්නේ ඔහුගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසය.

මේ රට මනසින් හා අධ්‍යාපනයෙන් දියුණු මිනිසුන් ඉන්නා රටක් නම් මෙවන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පාලනයකට කිසිවකු හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන්ට එරෙහිව ලිවීමට මුලින්ම ඉදිරිපත් වන්නේත් මාතලන්මය.

එහෙත් පට්ට ගෝත්‍රිකයින් ඉන්නා රටක මේ කරන්නේ පිස්සන් කොටුවේ ඉන්නා උන් සියල්ලම ගෙදර ඇරියා හා සමාන ක්‍රියාවකි.

දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට ගෙන ගුරුවරුන් ඉන්නා රටක් නොදියුණු අප්‍රිකාවේ මිනී කන උන් ඉන්නා බොට්ස්වානාවේ හෝ ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.

කොරෝනා පාලනයට පෙර මෙරට මාධ්‍යය පාලනය කළ යුතු බව මාතලන් මුල සිටම ලියා තැබුවේය. කොරෝනා ගැන වෙනම මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතු බවත් ඇමතිවරියට හෝ එක එක මත ප්‍රකාෂ කිරීමට ඉඩ නොදිය යුතු බවත් මාතලන් ලියා තැබුවේය.

මන්ද සියළු ක්ෂේශ්ත්‍රයන් නියෝජනය කරනා සාමාජිකයින්ගෙන් සමන්විත කොරෝනා මර්ධනය කිරීමේ කමිටුවක් පිහිටුවා අවසාන නිසාය.

එහෙත් සිඳුවූයේ කුමක්ද, ජනාධිපති එකක් කියන, ශවේන්ද්‍ර තවෙකක් කියන, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තවෙකක් කියන, ඒ යකාගේ මාජ්ජ ප්‍රකාෂක ඊට හාහාත්පසින්ම වෙනෙකක් කියන, ගොම සංගමය තවෙකක් කියන, හෙද සංගමය තවෙකක් කියන, සෞඛ්‍ය රසායනාගාර සමිතියේ උන් තවෙකක් කියන, කුණු ඉනිස්පැට්ටර්ලා තවෙකක් කියන, එකම පිස්සු විකාරයකි.

මුන්ගෙන් අති බහුතරය රාජිතගේ බත් බැලයන්‍ය. පට්ටම ජෝක් එක කියන්නේ කොරෝනාවලට වෙනම පත්කල ප්‍රනාන්දුපුල්ලේ නෝනා මයික් එකක් දැක්ක ගමන් ආන්ඩුවේ මතයට විරුද්ධව බයිලා ගහනා එකය.

බලන බලනා චැනල් එකේ මහ රෑ යක්කු ගස් යන වෙලාව පසුවෙලාත් කොරෝනා ඉස්පැසොලිස්ට්ලා වැහි වැහැලාය. 

සමහර වස්සන් තවමත් පැණියක් හා කලගෙඩියක් ගැන මතුරති. එහෙත් ඒ සියල්ල කළේ වික්සීන් එකක් එන්නට පෙර කාළයේ කියා කියන්නට ආන්ඩුවේ එකෙක්කත් නැතිය.

ලෝකයේ පළමු වැක්සීනය ලබා දුන් දිනයේ සිට මාසයක් යාමටත් මත්තෙන් වැක්සීනය ලබා දී අද වැක්සීනය වේගයෙන්ම ලබාදෙන රට ලංකාව බව ලියන්නට වෙලා තියෙන්නේ මාතලන්ටය.

වැක්සීනය ගහපු උන්ටත් ඩෙල්ටා හැදෙන බව මුලු ලෝකය පුරා ඔප්පු කර අවසානය. කෙහෙලිය කිව්වා වාගේ දැන් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තීරණය කරන්නේ උඩ ඉන්නා දෙවියන්මය. (මාතලන් දෙවියන් අදහන්නේ නැති මුත් සියල්ල තීරණය වන්නේ සංකීර්ණ ගණිතමය සංකල්පයක් මත නිර්මිත ජෝතීර් විද්‍යාව අනුව බව පිලිගනී)  

රට වසා දාන්න කියන්නේ අභියෝගවලට මුහුණ දිය නොහැකි කාළකන්නින්‍ය. මුන් සියල්ලෝම මාසේ පඩිය නොවරදවා ගිණුමට වැටෙනා ආන්ඩුවේ පින් පඩි කාරයෝය.

එහෙත් මුන්ටත් පඩිය ගෙවන්නේ මේ රටේ ව්‍යාපාරිකයින් හා සමස්ත ජනතාවම කන බොන දෙයට ගසා ඇති හෙන ගගනා බදු නිසා බව උන්ට අමතකය.

මේ හදිසි අවස්ථාවක් බව ඇත්තය. සෞඛ්‍ය උපදෙස් පයිසෙකට මායිම් නොකලේ ගුරුවරුන්‍ය. උන්ට පඩිය පමණක් නොව වැක්සීන් දෙකම ලබා දෙන්නටත් ආන්ඩුව මෝඩ විය.

මේ මුලු ලොව වෙලාගත් වසංගතයක් පවතින මොහොතකි මේ මොහොතේ වහාම මාධ්‍ය පාලනයකට යා යුතුය. එක එකාට බයිලා ගැසීමට හා පිස්සු කෙලීමට ඉඩ දිය යුතු නැත.

ඊයේ තම මවගේ මිණීය අසල අඩනා අති සංවේදි දර්ශනයක් දෙරණ රූපවාහීයේ නිව්ස් වලට පෙන්නුවේය. මේවා පට්ට ගෝත්‍රික මාධ්‍යකරණයන්‍ය.

ප්‍රධාන පෙලේ මාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍ය නොවේ. සමාජ මාධ්‍ය තුලද මේවා දමන්නේ තුප්පහි ගෝත්‍රිකයන්‍ය.

ආන්ඩුව වහාම ප්‍රේමදාස පාලන සමයේ ප්‍රවෘත්ති හා මාධ්‍ය ප්‍රතිපත්තියට යා යුතුය.

නැත්නම් පෞද්ගලික මාධ්‍ය සියල්ල විසින් විපක්ෂය පමණක් නොව ආන්ඩුවේම කාළකන්නින් හා එක්ව මේ රට ගිනි තබනා දිනය වැඩි ඈතක නොවේ.

අවම වශයෙන් ආන්ඩුව එක එකාට බයිලා ගසන්නට නොදී කොරෝනා මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතුය.


ඒ වගත් මෙසේය....



Jul 23, 2018

මොරගහකන්දට උඩින් මලේ හොඳම එකෙන් පැනීම - Flower Jump over Moragahakanda





සිරිසේන මාධ්‍ය නිදහසක් දුන්නය කියනවා නේ
සිරිසේන දුන්න ලබ්බක් නෑ
එතන තිබුනේ ජනතා අපේක්ෂාවන්
ඒක ජනතා ජයග්‍රහණයක්
ඉතින්, ඒ දේට පිටුපාන්න බැරිකමක් තියෙන්නේ
එයා එන්නේ පොදු අපේක්ෂකයෙක් විදියට
එයා ඒ විදියටම උන්නා නම්,
අද රටේ ඉතරක් නෙමෙයි, මුලු ලෝකෙම පිලිගැනීමක් තියෙන රාජ්‍ය නායකයා.

Mar 31, 2018

දීප්තී අභියෝග කළ යුත්තේ වීරවංශට නොව මාධ්‍ය මාෆියාවටයි




දීප්තී කුමාර ගුණරත්න මාතලන් ප්‍රිය කරන චරිතයක්. x - කන්ඩායම තුලින් ඔහු ගොඩ නගපු සමාජයේ සාමාජිකයෙක් මාතලන්. ඔහු වගේ අය තමයි මේ සමාජයට අවශ්‍ය කරන්නේ. ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය උන වැඩසටහනක ඔහු අභ්යෝග කරනවා විමල්ට. ඔහු හා සංවාදයකට එන්නෙයි කියලා. හේතුව ඔහු වපුරන බොරු හේතුවෙන්. එහිදි ඔහු මාධ්‍යටත් ඇඟිල්ල දිඟු කරනවා. මේ පචෝරිස්ලා වීරයෝ කරන්නේ මාධ්‍ය කියලා. ඒක සහතික ඇත්ත. මාතලන්ගේ විශ්වාසය නම්, මේ රට මේ තරම් කාළකන්නි රටක් කිරීමේ සම්පූරණ වගකීම යන්න ඕන මාධ්‍යයට කියන එක. 

Mar 23, 2018

සමානාත්මතාවය, සමලිංගික සේවනය සේ දකිනා මී හරක් - Think Equal, LGBT and Buffalo




ඕනෑම දේකට බයවෙනා ෆෝබියා කාරයෝ ලෝකයේ වැඩියෙන්ම ඉන්නා රට කුමක්ද කියා සමීක්සොනයක් කරනවා නම්, අම්මට සිරි ලංකාව ඒ සමීක්සොනයේ මුලටම ඉන්නා රට ලෙස කප් එක ගන්නා බව මාතලන් කියන්නේ අදක ඊයෙක සිට නෙමේය. තමන් විසින් මවා ගන්නා ෆෝබීයාවන්, ප්‍රසිද්ධ මතය ලෙස ඉදිරිපත් කොට තහවුරු කීරීම ජයටම කෙරීගෙන යන්නේ, මේ ආන්ඩුවේ ඇති අකාර්යක්ෂමතාවය මෙන්ම, ගස් ගල් වඳිනා නායකයින්, පාලකයින් ලෙස පත් කරගෙන සිටිනා නිසාවෙන්මය.

Jul 25, 2017

රයන් පුතා වෙත ආදරයෙන් ලියමි - To Rayan with Love



 රයන් පුතා වෙත, 

රයන් පුතාට ලියුමක් ලියන්න හිතාන උන්නේ බොහෝ කාළෙක ඉඳන්. ඒත් ඒ කාළේ රයන් පුතා පයිසෙකට මායිම් කල එකෙක් නෙමෙයිනේ. ඒ කාලේ පොර වෙලා උන්නේ ළහිරු පුතා නේ. පුතාලා වාසිටි එන්නේ ඉගෙන ගන්න නෙමේ නේ. රට කරවන උන්ට උගන්නන්න. ඉතින් ළහිරු පුතා නම් මේ දවස්වල ප්‍රැක්ටිකල් කොරනවා මහ උළු ගෙදර. ඒ ඩිග්‍රිය ඉස්සරහට මේසොන් බාසලට් බදාම සප්ලයි ඩිග්ගිරියට වඩා බොහෝම වටිනවා.

Dec 15, 2016

අපේ මාද්දියවේදින්ගේ ක්ලයිමැක්ස් එක. (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - climax of journalism



කැප්ටන් හැඩොක්ගෙන් ඉල්ලාගෙන කාපු මාද්දියවේදියෙක් යැයි කියනා මෝඩයා වෙනුවෙන් හඬක් නොනගන්නේ මන්දැයි කියා බොහෝ දෙනෙකුට ගැටළුවක් මතුව ඇත. එහෙත් නිදහස් මනසින් මාතලන් කියවන කෙනෙකුට එම සිද්දියේදි මාතලන් උන්නේ කොතනද යන්න අවසාන බ්ලොග් සටහනෙන් ඉතා පැහැදිලිව පෙනෙනවා ඇත.

Dec 9, 2016

බැඳුම්කර පත්තරේ හා චතුර අල්විස්ගේ අධෝමුඛ බණ - Perpetual Papers & Chathura The Bond



චතුර අල්විස්ගේ දෙරණ අරුණ තමයි, ඌට කැමති එකයි නැති එකයි ඕන එකෙක් බලන්නේ. ඉස්සර නම් බලුවේ මල් කුමාරගේ මුල් පිටුව.

ඔය බැදුම්කර කේස් එක මහ දවල් හොරකමක් කියලා නොදන්න එකෙක් නෑ නේ. ඒ වගේම ඒක ලීගලයිස් හොරකමක්. ඉතින් පර්පෙචුවල්ලා ඒ සල්ලිවලින් පත්තරයක් ගහන්න යනවනේ. ඒකට මව්බිමේ ඉන්න උන් පෝලිමෙත් එනවනේ.

Nov 19, 2016

අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම - Sleepwalking Towards Justice



ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්, ඒ වාගේ ඩීල් කාරයෙක් බලවපු නඩුවකින්, දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වීම, මිනිසුන් හොල්මන්ද බේරේ කොරනා තීන්දුවක් වීම නිසාය.  

Aug 4, 2016

බ්ලොග්, පත්තර හා පොත් කාරයෝ - Blogs, Books & News Papers



හෙන්රි වර්ණකුළසූරියගේ අළුත් පොතක් එලිදැක්වීමේ කතා බහක් එක්ක, බ්ලොග් ගැන බ්ලොග් ලියන දෙන්නෙක් පොඩ්ඩක් නහයෙන් අඬලා තිබුනා. කෙනෙක් තමයි "රසිකලොජි" ලියන රසික. අනික් කෙනා තමයි "කල්‍යාණ මිත්‍ර" ලියන කමියා. හේතුව උනේ පොත් පත්තර කාරයෙක් පමණක් නොව බ්ලොග් කාරයෙක්ද වන හෙන්රි, එයාගේ පොත් ගැන කතා බහේදි, බ්ලොග් ගැන කෙල පිඩක් හෙලන්න ලෝබ වීම. එතනදි මගේ මතය කමියගෙ ෆේස්බුක් පෝස්ට් එකේ දාලා කතන්දරේ නවත්තලා දාන්නයි හිතුවේ. ඒත් ඒ තීරණය වෙනස් කරන්න උනේ, අද උදේ "රූපවාහිනියේ", "සුදර්ශණ ගුණවර්ධන" සමඟ රාවයේ "කේ සංජිව" හා "උඳන් ප්‍රනාන්දු" අතර තිබුන කතා බහ.

Apr 14, 2016

වික්ටර් අයිවන්, රසායනික සමාගම් වෙනුවෙන් හෙළුවෙන් යනවද...?



!! ලංකා සිතිවිලි !! ගෙන්


මගේ ලිපිය කියවීමට පෙර කරුනාකර වික්ටර් අයිවන් ගේ මේ ලිපිය කියවන්න

 http://ravaya.lk/?p=13095

දැන් මම ඔහු කරන මුලා කිරිම  පෙන්වා දෙන්නම්

01.
රාවය උපුටාගැනීම "හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන්නේ කිලෝ ග‍්‍රෑම් 198ක් පමණය. නවසීලන්තය හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන රසායනික පොහොර ප‍්‍රමාණය කිලෝ 1700කි ලංකාවේ වකුගඩු ප‍්‍රශ්නයට හේතුව වී ඇත්තේ් රසායන පොහොර හා රසායන පළිබෝධනාශක වේ නම් ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයේදී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් දක්වන නිහඬතාව පෙනෙන්නට තිබෙන ලොකුම අවාසනාව ලෙස සැලකිය හැකිය. "

Mar 3, 2016

චම්පික, කිරිඇල්ල හා දෙමටගොඩ චමින්ද - Champika, Kiriella & Dematagoda Chaminda


අම්මට සිරි ලංකාවේ කතාබහ කරන්න යමක් කරන්නේ දේශපාලුවෝ ඉතරය, ඔය ඉඳ හිට පොඩි කොල්ලෙක් රොකට් එකක් යවන එකක් (ච්චී නොවේ) මිනිස්සු යට කොරන එකක් වගේ දේ ඇර, වෙන යම් දෙයක් වේද, ඒකත් දේශපාලනේට සම්බන්ධ දෙයක්ම වන්නේය. වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.

Feb 14, 2016

දෙරණට මාධ්‍යකරණය කියා දීම - Tachnical defending better than legacy


යුද්ධයකදී උනත් උපක්‍රමශීලී පසුබැසීම් කියා දෙයක් තියෙන්නේය. හැබයි ඒකට යුද්ධය ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුත්තේය. යුද්ධෙ කියන්නේ මැරෙනකන්ම ඉදිරියට යෑම කියා හිතනවා නම් ඒකට කියන්නේ ගොන් කමය. එහෙම යන උන් වගයක් ජපානයේ උන්නා කියා අසා තියෙනවාය. උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය. උන්ට කියන්නේ හරාකිරි ඉස්කොඩ් එක කියලාය.
 

Feb 7, 2016

දන්නෝ බුදුන්ගේ දේශයේ වෛරය හා කුහකත්වය - Danno Budunge New Version, Class Theory & Sexual Trauma

Kishani Jayasinghe
ලාංකීය සමාජය යනු අමු ගොබ්බ ගෝත්‍රිකවාදය කර පින්නාගත් පසුගාමි ළිං මැඩි සමාජයක්ය යන්න මෑත කාළයේ සිඳු වූ සිඳුවීම් කීපයකින්ම මනාවට ඔප්පු වී හමාරය. ඕනෑම සමාජයක මෙවන් පිරිස් සිටිය හැකි වුවද, අති බහුතරය එවන් සමාජයක් වීම, මේ රටේ දියුණුවට ඇති ප්‍රධානම බාධාව බව නොකියා සිටිය නොහැකිය.

Feb 2, 2016

සොරකම නීතීගත කරනු....!!! - Let’s legalise corruption !

 
 
මේ බොරුවට හෝ ඇත්තට, අළුතෙන් වියවස්ථාවක් ගේන්න හදනා කාලයක්ය. ඔය ගේන්න හදන වියවස්තාවට, හොරකන්, දුෂණ, වංචා, ලීගලයිස්ය කියලා කෑල්ලක් එල්ලුවා නම්, ව්‍යවස්ථාදායකයේ ඉන්නා උන්ට, ඒ කියන්නේ රට කරවන දේශපාලුවන්ට, රටේ ධනය හිතේ හැටියට මංකොල්ල කෑමට අවස්ථාවක් ලැබී, මේ අද තියෙනා කේස් එකක්වත් ඇති වන්නේ නැතිය.
 

Oct 21, 2015

මාධ්‍යට බිය වීම හා යහපාචනය - Social Networking Phobia & Yahapaachanaya



මේ ආන්ඩුව, බයියන් කී ලෙසම එකම කැඳ හැලියකි. පිස්සු විකාරයකි. තිබූ ඒකාධිපති වියරුවේම දිගුවකි. දූෂණය, නාස්තිය, හොරකම, වංචාව, ඥාතී සංග්‍රහ එලෙසමය. ජෝකරයන්ද වැහි වැහලාය. එකම වෙනස නම්, පසුගිය සමයේ, රජා රජකම් කළ අතර, කවටයන් කවට කම් කලද, මේ පාන්ඩුවේ, මහ රජාද නොම්මර එකේ කවටයකු වී සිටීමයි. රජ්ජුරුවන්ද චාල් චැප්ලින්ට ඇඳ ඇත. ජැක්සන්ගේ නවතම සිනමා නිර්මාණ ප්‍රචාරක පටයේ මෙය අපූරුවට විග්‍රහ කර ඇත. ජැක්සන්ගේ භූමිකාව ගැන කුමන මතයක් තිබුනද , ජැකා කියලා තියෙනේ සහතික ඇත්තය. ජනපතිවරයා දක්ෂ කතිකයකු වුවද, කියන්නේ මොනවාද කියා එතුමා දන්නේ නැත.

Oct 11, 2015

යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+)


හැමදාම කලටිපොල් නොහොත් පොලිටිකල් නොහොත් දේසපාලනේ ලිය ලියා ඉන්නේ, වෙන එකක් ලියන්නෙ නැද්ද ඕයි කියා කීපදෙනෙක්ම ඇහුවේය. එකෙක් මේල් එකක් දාලා තිබ්බේ ඉස්සර වගේ පඩ කතා, චූ කතා, ජොක්කු කතා, ලියන්නේ නැද්දෝයි කියලාය. ඇත්තටම ඌට මල හොඳම එකෙන් පැනලා තිබුනේය. ඒ උන්නැහේට කියන්න තියෙන්නේ, මා(තලන්) ඔය වගේ ජරා කතා කවදාවත් ලිව්වේ නැතෙයි කියලාය. ඒවා ලිව්වේ මා(තලන්)ගේ ගුරු ජී නොහොත්, කතන්දර නොහොත්, රසිකලොජිස්ට් මහතාය. අපි කලේ, එයා ලියපු ඒවාට උල්පන්දම් දීම පමණක්මය.

Aug 29, 2015

ප්‍රගීත් එක්නැළිගොඩ නැවත ඝාතනය නොකරනු - Don't Kill Prageeth Twice



"සූරියකන්ද" කියන්නේ මොන ජාතියේ කන්දක්ද කියා, අද ඉන්නා උන් නොදන්නවා වෙන්න ඇතිය. "ඇඹිලිපිටිය සමූහ ඝාතනය" කියන්නේ මොකක්ද කියා අද ඉන්නා උන් දන්නේ නැතිය. එවා, හෝල් සේල් එකේ විකුණා බලයට ඇවිත් චුත වෙලා ගිය කාළකන්නීන්ටද, ඒවා මතක නැතිව ඇතිය. සූරියකන්දේදී නිරපරාදේ ඝාතනය කොට මරා දැමූ අහිංසකයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීමටද බොහෝ කළෙක් ගත වීය.

උන් වෙනුවෙන් දියවන්නාවේ පාර්ලිමේන්තුව අසල ඉඳිවුනු "ආරාමයද" අද නැත. අරාමයද, සහාසික ඝාතනයකට ලක්වූ අතර, අද එයි ඇත්තේ අද එහි ඇත්තේ ආතල් ගැනීමට තනා ඇති, "දියත උයනයි". එය වෙනත් ස්ථානයක ඉඳිකරනවා කියා වූ පොරොන්දුව අමතකව ගියේ, එවන් සොහොන් රාශියක් මුළු රට පුරාම ඉඳිකරන්න වෙන නිසා වෙන්නත් පුළුවන්ය.

May 12, 2015

සිරසත් හොරු රකිනවාද...? - Is Sirasa protecting the Suspects.?



ඊයේ තවත් ජාතික වීරයෙක් යහපාළණයේ "දඩයම" ට බිලි විය. ඔප්පු කොට නැති වුවත්, අම්මට සිරි ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ මහා නීල කාස සොර දෙටුවාය. අපි එහෙම කිව්වාට එහෙම නොවෙන්නත් පුළුවන්ය. මොකෝ එයා වැලිකඩ ගියේ, "කොහොමද යහ පාලනේ...?"  කියලා අපෙන් අහගෙනය. අපිට නම් කියන්න තියෙන්නේ, "යහ පාලනේ පට්ටයි ඕයි..." කියලාය.