.

.
Showing posts with label Dirty Politics. Show all posts
Showing posts with label Dirty Politics. Show all posts

Aug 8, 2025

ගූ නැව ආයේ ගේන්න වෙයි වගේ...

 


වර්ෂ 2012

➖➖➖⭕


අරලිය ගහ මන්දිරයේ ආලින්දයේ....


මක්කැයි චිචී පුතේ ඔහේ ඔය කොරන්නේ....?


මම සැටලයිට් එකක් හදනවා තාත්තේ....


ඉතින් පුතේ ඕක උඩ යවන්න රොකට්ටෙකක් එපෑය....?


තාත්තා කළබල නැතිව ඉන්නකෝ... 


ඕවා උඩ ඇරියා කියලා වැඩක් තියේය පුතේ....?


වැඩක් තියේද නැද්ද කියලා බලාන ඉන්නකෝ තාත්තේ.....


වර්ෂ 2025 

➖➖➖⭕


විජේරාම වලව්වේ සාලයේ සිරස නාලිකාව නරඹමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා....


මේ වන විට චිචි යවා තියෙන්නේ රොකට් එකක් නොවන බවත්....

එය ඔරේෂ්නික් මිසයිල් එකක් බවත් වාර්තා වේ..

War Head කීපයක් තියෙන...

වසර 13 කට පෙරයි යැව්වේ යැයි කියනා රොකට්ටුව....

දැන්  ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරමින් සිටී....

මේ මොහොත වන විට....

පැලවත්ත සුනේ සුං...

පාර්ලිමේන්තුව කුඩේ කුඩු....

ජනාධිපති මන්දිරේ ඉවරයි...

අරලියගහ මන්දිරයට පැලවත්තෙනුත් ප්‍රහාර....

ඔලුව උස්සගන්න බැරි සයිස්සෙකක් තියෙන්නේ....

තඹුත්තේගම වස්සා නම් අයන්ඩෝම් පද්දතිය ක්‍රියාත්මක කර ඇතත් ඊට එල්ලවු ප්‍රහාරය ඉතා බලවත් වේ....

ලංකාවේ ලොන්ඩරි ඉතරක් නෙමේ...

ලොන්ඩරි ඔප් පැරිස් ඇන්ඩ් ලොන්ඩරි ඔෆ් ලන්ඩන් නොකවුට්....


තනි ඇහැට ඇඬෙන්නේ....

මේ මල් පාර දිගේ එන්න සමදරා.....


මේ අතර

➖➖➖➖


චිචිගේ පොඩි කොලුවා කක්කා දමා කක්කි අනමින් සිටී.....


චී....... චී........ පුතේ.... ඔය මොනවයි ඔය කරන්නේ...


චීයේ මං මේ මැදමුලන වලව්ව හදන්නේ....


ඕවා හදලා වැඩක් තියේය පුතේ..... දැන් හදන්න ඕන....... පැලවත්ත පච ෆැක්ටරිය වගේ එකක්නේ....


ඒක හදන්න නම් චියේ......... හරවලා යවපු ගූ නැව......... ආයේ ගේන්න වෙයි නේද චීයේ....


#මාතලන් 

.

Jul 17, 2025

වෙඩි වැදුන ගේට්ටුව කරාපිටිය රෝහලට

 


වෙඩි වැදුන ගේට්ටුව

කරාපිටිය රෝහලට

➖➖➖💀💀💀➖


ප්‍රදේශයේ ජනප්‍රියම නීතිඥවරයා වූ ප්‍රකාශ් මහතාගේ කළු යකඩ ගේට්ටුව ඊට සුපුරුදු ස්ථානයේ ස්ථිරව හා ආඩම්බරයෙන් සිටගෙන සිටි තවත් බරපතල සඳුදා පාන්දර ජාමයකි..... ඇත්ත වශයෙන්ම රාත්‍රී කරෝකේ සමාජ ශාලාවල කළු පැහැති ඇඳුමෙන් සැරසි මස් පිඬු ප්‍රදර්ශනය කරමින් සිටිනා බවුන්සර් කෙනෙකු මෙන්... කළු ගේට්ටුව නිතීඥවරයාගේ මන්දිරයට ඇතුළු වන දොරටුව ආරක්ෂා කළේය.


මෙය සාමාන්‍ය ගේට්ටුවක් නොවේ. එහි දැඩි, සෘජු ඉරියව්ව සහ උසාවි නියෝග යටතේ පමණක් එය හඬ නඟන ආකාරය නිසා එය අසල්වැසියන් හැඳින්වූයේ බිල් ගේට් ලෙසය.


එහෙත් එදින උදෑසනන ප්‍රදේශයේ විදුලිය විසන්දි වූ අතර.... පලාතම බියගන්වමින් බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල විය......


බිල් ගේට් ආරක්ෂා කිරීම සඳහා යොදා සිටී ආරක්ෂකයින් දෙදෙනාම උඩ ගොස් ඇහැරිනි.... ඔවුන්ගේ ආයුධ අතට ගත් ඔවුන්ද කළේ බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල කිරීමය...


නීතීඥ මහතා මන්දිරයෙන් එලියට පැමිණි අතර, බිල් ගේට් ඉතා අසරණ තත්වයක සිටිනු දුටුවේය, ඔහුගේ අවසන් හුස්ම හෙළන්නාක් මෙන් නාටකාකාර ලෙස වැටී සිටි බිල් ගේට් සරනේරුවකින් අමාරුවෙන් එල්ලී සිටියේය.... 


ඔහුව වහාම කරාපිටිය රොහලේ හදිසි අනතුරු වාට්ටුව වෙත ගෙන යන ලදී, සයිරන් හඬ නඟමින් පැමිනි ගිලන් රථයේ උන් බිල් ගේට් වහාම වාට්ටුවට ඇතුලත් කරන ලදි.


වෛද්‍යවරු එය සෘජුවම බිල් ගේට් වෙත එල්ල කරන ලද බියගුලු ප්‍රහාරයක් බව ප්‍රාදේශීය වාර්ථාකරුවන්ට ප්‍රකාෂ කළ අතර.... හදිසි වෙල්ඩින් කටයුතු මේ වන විටත් කෙරෙමින් යන බව පැවසීය.


මේ අතර, රෝහලට පැමණි ජනප්‍රිය නීතීඥ මහතා මාධ්‍යවේදීන් අමතමින්...., මෙය ඉතා නින්දිත ප්‍රහාරයක් බවත්... ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත්....  ඒ ගේට්ටුවයි අපියි එක පවුලක් වගේ..... වැනි නීතිමය වාග් මාලාවක් කියමින් කෑ ගැසූ අතර, ගේට්ටුවකට වෙඩි තැබීම අපරාධ විදි විධාන සංග්‍රහය අනුව මරණ දඬුවම හිමි වරදක් බවත් කියා සිටියේය.


පොලිසිය පැමිණ තැපැල් පෙට්ටිය සහ ජල මීටරය වැනි අනෙකුත් අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත් නමුත් කිසිවෙකු කතා කළේ නැත. ඔවුන්ගේ මානසික තත්වය බොහෝ ව්‍යාකූල තත්වයක ඇති බව පොලීසියටද අවබෝධ විය.


බිල් ගේට් සම්පූර්ණයෙන්ම සුවය ලැබීය. නමුත් එදින සිට ඔහු වෙඩි නොවදින තීන්ත කබායක් පැළඳීමට අවශ්‍ය බව කියා සිටී අතර අමුත්තන් වෙනුවෙන් දොර සීනුවක් සවිකර තිබුනේ වී නම් ඔවුන් මෙම ප්‍රහාරය එල්ල නොකරන බවත් පවසා සිටියේය. 


බිල් ගේට් වෙත එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අසල්වැසියන් තවමත් කතා කරනාතර... කෑලි කපන කළුවරේ ප්‍රහාරය එල්ල කළේ අසවල් පිරිස යැයි නිවැරදිවම කී හෙයින්... තම තමන්ගේ නිවෙස් වල සවිකර තිබූ ගේට්ටු ගලවා විසිකර දැමූ අතර... නීතීඥ මහතාගේ ගේට්ටුව සැදූ වැල්ඩින්කරු ප්‍රදේශයේ කොටිපතියකු වෙමින් සිටී.


මේ අතර ඔහු ඉදිරි පලාත් පාලන චන්දයට ඉදිරිපත් වීමේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු මේ වන විටත් ආරම්බ කර ඇත.


#මාතලන් 

.

May 27, 2021

ගිනිගත් නැවේ සත්‍ය කතාව




 ඝෝඨා ගිනිතැබූ නැවේ

ඇත්ත කතාව හා බොරු කතාව

-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

.

බොරු කතාව

----------------------


🔼 මේ නැවේ පෝර්ට් රොටේශන් එක වෙන්නෙ 

.

Port Klang > Singapore > Jebel Ali > Hamad > Hazira > Colombo > Port Klang  https://www.x-pressfeeders.com/Home/FindSchedulePdf/328/S16%7CEAST%20ASIA/Straits%20Middle%20East%20X-PRESS%20(SMX)%20-%20EA

.

🔼 ගිනි ගත්ත නැව ඔය රිජෙක්ට් කරා කියන කටාර්වල පෝර්ට් එකටත් ඉන්දියාවේ පෝර්ට් එජටත් දෙකටම ගිහින් කාගෝ ලෝඩ් අන්ලෝඩ් කරලා ඇවිල්ලා තියෙනවා.. 

https://www.x-pressfeeders.com/Home/Articles/72


🔼 ඒ දෙකෙන්ම මේ ගැටළු සහගත කන්ටේනර් එක භාර ගැන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.


🔼 කොළඹ වරායට නැව ඒමට තිබූ බව ඇත්තක් උනත්, නැවේ ගැටළු සහගත කන්ටේනර් එකක් ඇති බවට වරායට හෝ නැව් සමාගමේ නියෝජිතයින්ට දැණුම් දී නෑ.


🔼 වාසනාවට කොළඹ වරායට ඇතුල් කිරීමට පෙර නැව ගිනි ගන්නවා.


🔼 ගින්න නිවා දැමීමට ඉන්දියාවේ සහායද රැගෙන ගත් සියලු උත්සාහයන් ව්‍යර්ත කරමින් නැව සම්පූර්ණයෙන් ගිනිබත් වෙනවා.


🔼 රසායන ද්‍රව්‍ය හා කන්ටේනර් වල තිබූ ගිනි නොගත් සියළු ද්‍රව්‍ය මුහුදට එකතු වෙනවා.


🔼 මෙයින් සිඳුවන පරිසර හානිය ගැන හා එය තක්සේරූ කිරීමට සමත් කිසිඳු පරිසරවේදියෙක්, විශේෂඥයෙක් හී නීතීවේදියෙක් ලංකාවේ නෑ.


🔼 හම්බන්තොට මුහුදේ නිවාදැමු නෞකාවෙන් නීතීපති දෙපාර්තමේන්තුව ලබාගත් වන්දිය ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේශ්ත්‍රයේ විහිළුවට ලක් වුනා.


🔼 මෙවර ඒ පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයෙන් ගෙන්වා තිබෙනවා. ඔවුන් මෙයින් සිඳු වූ පාරිසරික විනාශය තක්සේරූ කිරීමට මෙන්ම ලැබිය යුතු වන්දිය පිළිබඳ නීතිමය කටයුතු ගැනද, ඉදිරියේදි සිඳුවිය හැකි මෙවන් අනතුරු වලදී ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැනත් උපදෙස් ලබා දීමට නියමිතයි.

.

.


ඇත්ත කතාව

----------------------

.

️මෙය අද හෝ හෙට, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කොරෝනා බැවින් රාජිත සේනාරත්න මැතිතුමා විසින් මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙලිකිරීමට නියමිතයි.

.


☑️ නයිට්‍රජන් ලීක් නැවක් අරාබී මූදේ යනවා කියලා රාජපක්ෂලාට නිව්ස් එක එනවා.

.

☑ ️රාජපක්ෂලා නැව කොළඹ වරායට ගෙනෙන් කියලා කැප්ටන්ට කෝල් එකක් ගන්නවා.

.

✅ රාජපක්ෂලා හොරු නිසා කැප්ටන් කටාර් යනවා. උන් එහේ එන්න එපා කියලා කැප්ටන්ට කියනවා.

.

☑️ දැන්වත් ගෙනෙන් කියලා, රාජපක්ෂලා කියනවා.

.

☑ ️කැප්ටන් නැව ඉන්දියාවට ගෙනියනවා. උනුත් කියනවා යන ලෝකෙක පල, මෙහේ නම් එන්න එපා කියලා.

.

☑ ️නැව අනාත වෙනවා, කැප්ටන් කොර වෙනවා, රාජපක්ෂලා මෙහෙන් ටග් දෙකක් යවලා නැව ඇදගෙන ඇවිත් වත්තල පාර්ක් කරනවා.

.

☑️ එදා රෑ ඝෝඨා හේකිත්තෙන් පන්දමකුත් පත්තු කරගෙන පීනලා ගිහින් නැවට ගිනි තියනවා. එන ගමන් ටැංකියේ දාන්න මෝරෙකුත් අල්ලගෙන එනවා.

.

☑️ නැව ගිනි ගන්නවා.

.

☑ ️රාජපක්ෂලා නැවක් ගිනි ගන්නවා නිවලා දියන් කියලා ඉන්දියාවට කියනවා.

.

☑ ️නැවේ ඉන්න මිනිස්සු ටික බේරලා දුන්නොත් ගින්න නිවන්නම් කියලා ඉන්දියාව කියනවා.

.

☑️ ඒ පාර උන් ටික ගොඩට ගෙනත්, ග්‍රැනේඩ් දෙකක් දාලා නැව පුපුරුවනවා. ඒකත් ඝෝඨා කලා කියලා සාක්ෂි ලැබෙමින් පවතිනවා.

.

☑️ ඒත් ඉවරයක් වෙන්නේ නෑ. නැව 85% ක් වෙන්න ගිනි තියපන් කියලා රෝහිතට ඕඩර් එකක් එනවා රාජපක්ෂලාගෙන්.

.

☑️ රෝහිත නැවම ගිනි තියනවා.

.

☑️ රාජපක්ෂලා අළුත්කඩේ උසාවියේ වන්දි නඩුවක් දාලා අළුත් නීතිපතිට කියනවා මේකේ කලර්ස් පෙන්නුවොත් චීප් ජස්ටිස් කරනවා කියලා.

.

☑️ ඒ අතරේ ඩුබායි බැංකුවට කියනවා තව බිලියන ගානක් එනවා සේප්පුවේ ඉඩ තියෙනවද බලන්න කියලා..

.

☑️ අපේ ආන්ඩුවක් ආපු ගමන් මේ පිළිබඳ පරීක්ෂකයෙක් කරලා රාජපක්ෂලා ගෝල්ෆේස් එකේ එල්ලලා මරණවා කියලා මාධ්‍යවේදීනගේ ඔළුවේ අත තියලා දිවුරනවා.

.

☑️ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ඉන්දියාවේ විද්වතෙක් වන මහාචාර්‍ය අරුන්දති රෝයි මහතාට බාර දුන් බව ප්‍රකාෂ වෙනවා.

.

☑️ මාධ්‍ය සාකච්ඡාව චීන භාෂාවෙන් සිරස රූපවාහිනිය ඔස්සේ ලෝකයට ප්‍රචාරය වෙනවා.

.

☑ ️නැව් ගිනි ගන්න රටක පෝට් සිටි හදලා අම්ල වැස්සේ තම ජනතාව පෙලන්න බෑ කියලා ෂී ජින් පින් මැතිතුමා පෝට් සිටි පනත රෝල් කරලා අලී සබ්‍රිගේ අරකෙ ගහනවා.

.

.

ඉස්ධූතී .... නන්ඩ්‍රෙයි ... ටෑන්ක්ස් හොඳේ..

.

Feb 20, 2021

අවුරුද්දට ලාබෙට බත් වෙනුවට පාන් පුඩින් කාපල්ලා

බන්ධුල ගුණවර්ධන හා මහින්දානන්ද අළුත්ගමගේ කියන්නේ ඇමතිකම් ගත්තාට මෙලෝ දෙයක් නොකරපු කයිවාරූ කාරයෝ දෙන්නෙක්ය. දෙන්නාටම මේ වතාවේ දුන්නේ ඇදගෙන නානා ඇමතික්ම් දෙකක්ය. බන්ධුල නම් කොහොමත් විහිළු කාරයෙක් වී අවසානය. දැන් අපිට තවත් ජෝකර් කෙනෙක් ලැබී ඇත. ඒ මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාය

මහින්දානන්ද නියම පරිප්පුවක් කන බව මාතලන් කිව්වේ ඔය පත්වීම ලැබුන දා ඉදලාය. ලංකාවේ තියෙන්නේ හාල් මාෆියාවක් බවත් මහින්දානන්දට තබා ගෝඨාභයටවත් ඒ මාෆියාවට එහා යාමට නොහැකි බවත්, එසේ ගියහොත් එය මහා විප්ලවයක් බවත් මාතලන් ලියූවේය. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යනු පට්ට සුදු අලියෙකි. උන්ට භවභෝග ගැන හෝ අස්වැන්න ගැන හෝ පසු අස්වැන්න ගැන හෝ වගා සීසන් ගැන හෝ අතිරෙක භෝග ගැන හෝ යටි වගාවන් ගැන හෝ මිශ්‍ර භෝග ගැන හෝ පශු සම්පත් ගැන හෝ මෙලෝ දෙයක් ගැන  කිසිඳු අවබෝධයක් නැති..., නවීන වගාක්‍රම පිලිබඳ පර්යේෂණ පිළිබඳ කිසිඳු දැනීමක් නැති.., කිසිඳු දත්තයන් නැති..., අමු කාළකන්නි නිළධාරීන් පිරිසක් හා සේවකයින් පිරිසක් ඉන්නා කාළකන්නිම ආයතනය බව මනාව ඔප්පු වෙන්නේ.., පෞද්ගලික කෘෂි ආයතන සියල්ල අධික ලාබ ලබන ඔවුන්ගේ ගොවීන් සුපිරි ජීවිත ගතකරන පිරිසක් බවට පත්කර අවසන් වීමෙන්මය. 

ඕකුන් සමඟ කරන්න පුළුවන් මෙලෝ දෙයක් නොමැති බව මාතලන් කීප වරක්ම ලියලා තියෙනවාය. කිව්වා වාගෙම උන් ටික එකතු වී මේ වතාවේත් මහින්දානන්ද නාවමින් සිටින්නේය. එයත් ඇදගෙනම  නාමින් සිටී. 

හාල් මාෆියාවට රැකවරණය ඇත්තේ දේශපාලනය තුලමය. මාෆියාවේ නායකයින් දෙදෙනාම වත්මන් ආන්ඩුවට සම්බන්ධය. ඒ ඩඩ්ලි සිරිසේන හා සිරිපාල ගම්ලත්ය. සිරිපාල ගම්ලත් වත්මන් ආන්ඩුවේ ඇමතිවරයෙකි. ඩඩ්ලි සිරිසේන මෛත්‍රීපාල සිරිසේන උන්නැහේගේ එක කුස උපන් සහෝදරයාය. ඒ මාෆියාවේ නායකයාය. 

වී අලෙවි මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරුන්. කෘෂි උපදේශකවරුන්, අධ්‍යක්ෂකවරුන් සියල්ලම ඉන්නේ උන්නැහේගේ සාක්කුවේය. මහින්දානන්දත් ඉන්නේ එයාගේ සාක්කුවේද කියා කියන්න අපි දන්නේ නැතිය. කෙසේ හෝ ඝෝඨාභය මහත්තයා විසින් කෘෂිකර්ම අමාත්‍යශයේ ලේකම් ලෙස පත් කරන ලද විශ්‍රාමික හමුදා නිළධාරි මහතා නම් ඉල්ලා අස්වෙලා තිබෙනවාය. උන්නැහේට තනතුරට වඩා උන්නැහේගේ ආත්ම ගෞරවය ඊට වඩා වටිනවා විය හැකිය.   

ජනාධිපතිතුමාට සහල් මිළ අඩු කිරීමේ අවංක චේතනාවක් තිබුන බව අප පැහැදිලිවම දුටුවේය. මැනිං වෙළඳ පොලේ අහිංසක වෙළෙන්දෙක්ගේ කන පලන්න ගිය මේජර් උන්නැහේ ඩඩ්ලි වෙත යැව්වේ ඒ නිසාය. එහෙත් මැනිං මාර්කට් එකේ මේජර් කෝඩ් ප්ලේ කල මේජර් උන්නැහේ, ඩඩ්ලි ගාවදි ප්ලේ කලේ මයිනර් කෝඩ් එකෙන්ය. "අනේ පුළුවන් නම් මක්කා හරි කරන්නෙයි...." කියා නැට්ට පුකේ ගසාගෙන උන්නැහේ කොළොන් තොටට ගොඩ බැස්සේය. දැන්නම් උන්නද මළාද කියා හොයා ගන්නත් නැතිය. 

ඝෝඨා එක්ක සෙල්ලම් බැරි බව දුටු මාෆියාව අල්ලා ගත්තේ.., හිත හොඳ මහින්ද මහත්තයා හා බිස්නස් කාරයන්ට ආදරේ කරනා බැසිල් රාජපක්ෂ උන්නැහේය. අන්තිමේ පාලන මිල බල්ලාට ගියේය. හාල් මිළ අභ්‍යාවකාෂයට ගියේය. පාරිභෝගිකයාට තරු පෙනුනේය.

එයාලාට 69 ලක්ෂයට වඩා එයාලා බලයට එන්න මුදල් විසිකල මාෆියා කාරයෝ ලොකුවිය. දහසක් පොරොන්දු දී චන්දය වෙනුවෙන් කඩේ යැවූ කුඩා හාල් මෝල් හිමියෝද අමතක කරන ලදි. සහල් මාෆියාවට හා පොලොන්නරු උකුස්සාට එරෙහිව පෝට්ටුවේ රොෂාන් රණසිංහට ශක්තියක් උනේ මේ පිරිසය. අද රොෂාන් රණසිංහ මාළු බාන්නේ උකුස්සෝ එක්කය. කන්නෙ බොන්නේ ඩඩ්ලි එක්කය. කුඩා සහල් මෝල් හිමියන්ට මෝල් කලන්තේය. උන්ට කන්න වෙන්නේ දෙයියන්ගේ හාල්ය.  

ගිය කන්නයේ වී අස්වැන්න එන කොටම මහින්දානන්ද හා බන්ධුල පොර ටෝක් දුන්නේය. ඒ සැරේ බන්ධුල පොලොන්නරුවේ ගොස් අයියා  පාට්දමා ආවේය. වැඩි මිළට හාල් විකුණන උන්ට බඩු බනිස් යැයි කිව්වේය. බන්ධුලට නැට්ට පුකේ ගහගනින් කියා ඩඩ්ලි කරේ තවත් හාල් මිළ වැඩි කරනා එකය. හාල් මිළ වැඩි නම් විකුණන එකා අල්ලා හිරේ දාලා හරියන්නේ නැතිය. හිරේ දාන්න ඕනා මිළ වැඩියෙන් තොග නිකුත් කරනා එකාය. හැබයි ඔක්කොම අයියලා ඉන්නේ පොරගේ හිර කූඩුවේය. 

මේ සැරේ අස්වන්න එන කොටම මාෆියාව හා එක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උන් එක ගුලියක් නොව ගුලි දෙකක්ම මහින්දානන්දට දුන්නේය. පැලවෙනි එක මිළ වැඩි කරනා එකය. දෙවනි එක ආන්ඩුවට කිලෝ 1000 විකුණන්නේ නැත්නම් තොපිට පෝර දෙන්නේ නැතෙයිය කියලාය. දැන් සිරිසේනලා සිරිපාල ගම්ලත්ලා ගිනා වෙන්නේ පුකෙන්ය. ගොයියෝ කිව්වේ තොගේ පෝර මල්ල රෝල් කරලා තොගේ පුකේ ගහහනින් කියලාය. කඩේට පෝර දාපන් අපි සල්ලි දීලා කඩෙන් ගන්නම් කියලාය. ඒකෙන් පෝර සහන මිළට දෙන එක හෝ නොමිළේ දෙන එකටත් ලබුනේ මරු පහරකි. 

ආන්ඩුවට කිලෝ දාහක් ආන්ඩුවේ මිළට දෙන්න පුකේ අමාරුවක් ගොයියාට ඇත්තේ නැතිය. කෝල් එකක් දුන්න ගමන් මාෆියාව කමතටම ගෝනිත් අරගෙන ඇවිත් කිලෝ එකට ආන්ඩුවෙන් ගෙවන ගානට වඩා රුපියල් 5 - 10 ක් වැඩිපුර සල්ලිවලින් අතටම දී අරගෙන යනවාය. වාහන කුලියට ගෙන වී අලෙවි මණ්ඩලේ උන්ගේ ගෝ ප්‍රාදේශීය ලේකමාගේ පාට් බලන්න යන්න ඕනා නැතිය. 

මේ සැරේ හැම එකාම වවලා තියෙන්නේ නාඩුය. ඒකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උන්ගේ මරිමෝඩ තීන්දු නිසා අත්වූ ඉරණමකි. ඕනෑම වර්ගයේ වී කිලෝ එකක් මිළදී ගන්නේ එකම මිළකටය. නාඩු වැව්වත් සම්මා වැව්වත් කීරී සම්බා වැව්වත් ලැබෙනා මිළ එකමය. එහෙත් ඕවායෙන් අස්වැන්න වැඩියෙන් ලැබෙන්නේ නාඩු වලින්ය. ඉතින් නාඩු වවනා එක ගොයියන්ට ලාබය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ගේ මොළ අප ආරක්ෂා කළ යුත්තේ මේ නිසාය. 

දැන් මාෆියාව නාඩු මිළදී ගන්නා වැඩේ පටන් ගෙන අවසානය. කොහොමත් මේ සැරේ වෙළඳ පොලට නාඩු එන්නේ කොට කිළෝව රුපිට්යල් 125 - 130 ක් වූවත් අප කලබල වෙන්න ඕනා නැතිය. බන්ධුල වැඩි මිළට හාල් විකුණන උන් ඇල්ලුවොත් උන් හාල් විකුණන එක නවත්තලා දානවාය. දැනටත් වෙළඳපොලේ සම්බා ඇත්තේ නැතිය. ඇනික් හාල් වර්ග වලත් හිඟයක් තියෙනවාය. 

ඒ හන්දා අළුත් අවුරුද්දට මහින්දානන්දගේ අඩු ඉළට හාල් වලින් කිරිබත් කන්න උන්ට අපට කියන්නට වෙන්නේ පොල් කිරි හොද්දක් හදාගෙන පාන් කාපන් කියලාය. 

කොහොමත් අපි එදා ඉඳන් කියන්නේ වී වගාව ලංකාවට ගැලපෙන්නේම නැති වගාවක් කියලාය. ජනතාවගේ ප්‍රධානම ආහාරය නිසා ඩඩ්ලිලාත් සත පහකට බයක් ඇත්තේත් නැතිය. උන් ආන්ඩුව පිටරටින් හාල් ගෙනෙනා එකත් නවත්තලාය. පිටරටින් හෝ ගෙනත් අඩුවට දෙන්නට ආන්ඩුවේ ප්‍රතිපත්තිය අනුවත් බැරිය. වී වගාව නතර කරන්නත් ආන්ඩුව බයය. 

ඔය වගාවට විනාශ කරනා මහා ජළ කඳ අති විශාලය. ජළය අඩුවෙන් හෝ නොමැතිව වගා කළ හැකි වී වර්ගයක් හොයාගන්න අවුරුදු 73 ක් ගිහිල්ලත් බතලේගොඩ වී පර්යේෂණාගාරයේ ඉන්නා හරකුන්ට බැරිය. ඒ නිසා කුඹුරුවල තනකොළ වවා කිරි වලින් රට ස්වයංපෝශිත කිරීමේ වැඩ කටයුත්ත කලොත් මහින්දානන්දගේ ඒ සිහිණය හෝ සැබෑ වනවා ඇතිය. 

එමෙන්ම අතිරික්ත තණකොල අස්වැන්නක් ලැබොනොත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ටත් දෙන්නට පුළුවන්ය. එහෙම නැත්නම් මෙඩිකල් කැනබීස් වගා කොට පිරට පටවා ගොවියාත් රටත් ආන්ඩුවත් ඔක්කෝම ගොඩ ගන්නට පුලුවන්ය. එහෙත් එවන් තීරණ වලට යන්න ආන්ඩුව බයය. 

අභ්‍යන්තර කැරළිත් එක්ක ආන්ඩුව ඉන්නේ ජනතාවගේ අප්‍රසාදයට පත් වෙලාය. ආන්ඩුව විමල්ටත් බයය. ඩඩ්ලිටත් බයය. හැබයි ඔය ඔක්කෝටම වඩා බලවත් මහජනතාවට නම් රාජපක්ෂලා බය නැතිය. එයාලාගේ රිටර්න් එක ඔය ඩඩ්ලිලාගේ පාරවල් වලට වඩා සැරය. 

අපිට ආන්ඩුව ගැන මාරම දුකය...
විශාල බලාපොරොත්තු තබා ගෙනා.. ඝෝඨාභය ගැනත් දුකය..
චන්ඩි කියා හිතාගෙන උන් රාජපක්ෂලා ගැනත් මාරම දුකය..
කයිවාරූ කාරයෝ වන බන්ධුලලා මහින්දානන්දලා ගැනත් දුකය


ඒ වගත් මෙසේය...



Jan 12, 2021

රන්ජා, වන් ෂොට් හා මී හරකා


විජය කුමාරතුංග මුලදී මා(තලන්) ප්‍රියකල නලුවකු නොව්ය. එහෙත් ඔහු මගේ ඒ කාළයේ බොක්කෙකුගේ ප්‍රියතම නළුවා විය. ඌ කොතරම් පිස්සෙක්දැයි කියනවා නම් දිනක් මාවත් රැගෙන බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිනමා උළෙලකට ගියේ.., උළෙල නැරඹීමට නොව විජය හා කතා කිරීමටය. උත්සවය අවසන් වී, විජේ එලියට එන තෙක් සිටි අප, විජය වටකරගත් පිරිස අතරට එකතු උනේය. ඔහු කොතරම් ආකර්ෂණීය පුදගලයෙක්ද යත් එවන් පුද්ගලයකු ලෙස මා ඉන් පසු දැක ඇත්තේ දැක ඇත්තේ රෙනෝ ද සිල්වා පමණය.

ඔහු කෙතරම් සුහදශීලී පුද්ගලයෙක්ද යත්.., එදා සිට මා(තලන්)ද විජය පිස්සෙක් විය. මේ ඔහු දේශපාලනයට පැමිණීමට පෙරයි.. ඉන්පසු විජය කුමාරණතුංග නම් දේශපාලකයාටද අප පෙම් කළේය.. ඔහුගේ හදිසි කුරීරූ මරණය අප කම්පා කලේය..

එමෙන්ම රන්ජන්ද මා ප්‍රිය කළ නලුවෙක් නොවේ.. ඊට හේතුව ඔහු පෞද්ගලික ජීවතයේ හැසිරීම කිහිප අවස්ථාවකම මා(තලන්) දැක තිබූ නිසාවෙනි. ඔහු මිනිසුන්ට ගරු කරන්නේ නැත. කාන්තාවන් සියල්ලම සලකන්නේ පහසුවෙන් පරිහරනය කළ හැකි ගණිකාවන් ලෙසය.. අද සිනමා ක්ෂේස්ත්‍රයේ එකෙක්වත් ඔහු වෙනුවෙන් පෙනි නොසිටින්නේ ඒ නිසාය.. මෙය කළා ලෝකයේ කවුරුත් දන්නා දෙයකි.. එහෙත් කිසිවකු මෙය එලිපිට කතා කරන්නේ නැත.. ඒ රන්ජන් ජනප්‍රියම නළුවා නිසාය.. මේ ගැන යම් පමණක් හෝ දැනුවත්කමක් ඇත්නම් ලියන්නට සිටින්නේ එකම එක පුද්ගලයකු පමණි.., ඒ සහන් කසීර වික්‍රමසිංහ පමණය.

එහෙත් වන් ෂොට් අපේ පොඩි මෑන්ගේ ප්‍රියතම නළුවා වන්නේය. ඔහු කුඩා කාළයේ ප්‍රියතම කළ චරිතය වූයේ.., සුපර්මෑන්, බැට්මෑන්, ආනෝල්ඩ් සුබසිංහ හෝ රැම්බෝ නොව අපේ වන් ෂොට්ය.. පොඩි එකාගේ වීරයා ඉබේම මාගේ ප්‍රියතම නළුවකු වන්නේ ඒ ආකාරයෙනි. ඉදින් ඒ නළුවා අද මෙසේ සිරගත වීම කනගාටුවකට කරුණකි. එහෙත් රන්ජන් රාමණායක නම් දේශපාලුවා කලේ ඉල්ලාගෙන කෑමකි.

රන්ජා ඊයේත් කෑ ගැසුවේ මම හොරකම් කරලා නෑ.. කුඩු විකුනලා නෑ… මේ ආන්ඩුව දූෂිත ආන්ඩුවක් කියලාය… එහෙත් රන්ජා මෙන්ම රන්ජන් වැනිම අනෙක් ගොන්ජලාද නොදන්නා කාරනය.., රන්ජන් ඇතුලට ගියේ ඒවාට නොවන බවය…

රන්ජන් හිරේ යන්නේ අධිකරණයට අපහාස කිරීමෙනි.. රන්ජන් සිඳුකල ප්‍රකාෂය ගැන අප මෙන්ම අති බහුතර පිරිසද.., ඔහු සමඟ එකඟ වූවද… එය ලංකාවේ නීතිය අනුව හිරේ විලංගුවේ යන ක්‍රියාවකි…

මේ පරිප්පුව මුලින්ම කෑවේ රන්ජන් නොව එස් බී දිසානායකය.. දෙදෙනාම මේ පරිප්පුව කෑවේ ඔළුව ඉඳිමුන නිසාය. බලය තියෙනා විට මොළය නෑ කියන්නේ නිකමට නෙවේය… මොවුන් දෙදෙනාම දේශපාලන බලය තුල හැසිරුනේ සර්ව බලධාරීන් ලෙසය.. ඒ ඔවුන්ගේ මෝඩ කම මිස වෙන කිසිවක් නොවේ… එස් බී අමාරුවේ වැටුන පසු ඔහු සමඟ උන් කිසිවකු ඔහු වෙනුවෙන් පෙනී නොසිටියේය.. දීප්තිමත් දේශපාලන අනාගතයක් තිබූ එස් බී අත පල්ලෙන් වැටුනු දේශපාලුවකු වන්නේ ඉන් පසුවය.. රන්ජන්ට අත් වන්නේද මේ ඉරණම මිස වෙන කිසිවක් නොවේ.. වසර හතක් දේශපාලනයෙන් ඉවත්ව සිට නැවත් චරිතයක් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේමය.

ඕනෑම රටක පුරවැසියකු කැමති හෝ අකමැති වේවා රටේ නීතියට ගරු කළ යුතුය. අපේ රටේ ජනතාව තබා නීතී සම්පාදනය සඳහා පාර්ලිමෙන්තු ගොස් සිටිනා උන්ද රටේ සාමාන්‍ය නීතියවත් නොදන්නා බව ඊයේ මනාව ඔප්පු උනේය. රටේ විපක්ෂ නායකයා ප්‍රකාෂ කර සිටියේ තම කළණ මිතුරා වෙනුවෙන් ගත හැකි සියළුම නීතී ක්‍රියා මාර්ගයන් තමන් විසින් ගන්නා බවය. එසේ නම් ඔහුට යන්නට වෙන්නේ ජාත්‍යන්තර අධිකරණයටය. මන්ද ලංකාවෙ මේ දඬුවමට එරෙහිව ගත හැකි වෙනත් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැති හෙයිනි.

රන්ජන්ට අත් වූ ඉරණම පිළිබඳ මාතලන් සිටිනා මතයේම සිට ඉතා පැහැදිලි කෙටි විශ්ලේෂණයක් කළේ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩය. අද පුබුදු ජයගොඩද එජාප හිතවාදී පිරිසගේ විවේචනයට බඳුන් වී අවසානය.

වන්ෂොට් රන්ජා වීම

රන්ජන් දේශපාලනයට එන්නේ වන්ෂොට් ලෙසය. වන්ෂොට් චිත්‍රපට මාලාවේදී ඔහු ඔවුන්ගේ හොර වංචා එලිකරයි… පාතාල සබඳතා එලි කරයි.. ඔවුන්ගේ බිස්නස් එලිකරයි.. අවසානයේ ඔහු ගූ හුලිජ්ජා පහවන තෙක් දේශපාලුවන්ට බැට දෙයි… පාර්ලිමේන්තුව ඔහුට එකම විහිළුවකි… මේ චිත්‍රපට වල රඟපානා සියල්ලන්ම රන්ජන් මෙන්ම ජෝකර්ලාය.. වැලේ වැල් නැතිව උන් එජාපය මේ සිනමා වීරයා දේශපාලනයට ගෙන එන්නේ රාජපක්ෂලාට ගැසීමටය…

2008 දී පමණ දේශපාලනයට එන රන්ජන් මුලින්ම තේරී පත් වන්නේ සබරගමුව පලාත් සභවටය ඉන් අනතුරුව 2010 දී පාර්ලිමේන්තුවට තේරී පත්වන රන්ජා…, රාජපක්ෂාලාට දිගට හරහට පහර දෙයි.. 2015 යහපාලන ආන්ඩුව පිහිටුවීමට වෙශේෂ දායකත්වයක් දක්වන රන්ජාට රනිල් විකෙමසිංහලා සලකන්නේ නැතිය.. අවසානයේ ඔහුට තනතුරක් ලබා දෙන්නේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන දිනයේ ඉල ඇට කූඩුවට ඇඟිලෙන්න ඇනගත් එකාය. (ඒ රන්ජන්ගේ හැටිය.. කලින් කීවක් මෙන්.., ඔහු කිසිම පුද්ගලයකුට ගරු කරන්නේ නැතිය.. කතානායක අමතන්නේ බජාර් භාෂාවෙනි… ලොක්කා කියාය..)

රන්ජා හීරෝ වීම

මේ යහපාලනයේ ප්‍රධානම කාර්ය බාරයක් වූයේ රාජපක්ෂලා විනාශ කිරීමය.. එයට රනිල්, රාජිත, චම්පික, මංගල මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකද පූර්ණ කාලින දායකත්වයක්, විශේෂ දීමනා හා වරප්‍රසාද සහිතව දැක්වූ බව අද වන විට ප්‍රසිද්ධ රහසකි.

සුමන්තිරන්ගේ හා ශානී අබේසේකරගේ තිර පිටපත් අනුව ඒ සඳහා ප්‍රධානම චරිතයක් ලබා දෙන්නේ ඒ වන විට වන් ෂොට් අතහැර “රන්ජා” ලෙස නමක් හදාගත් හිත හොඳ මෝඩයාය. දේශපාලනය බලයද සමඟ ගේමට බසිනා රන්ජා අමු ගොන්ජෙක් බව හෙලිවන්නේ ඔහු විසින්ම පටිගත කල හඬපට එලියට ආ දිනයේය.

අධිකරණයේ බලවන්තයින් වූ දිරුක්ෂි ඩයස් වික්‍රමසිංහලා, පදිමිනී රණවකලා දාසයයි මාසයේ කෑලී මෙන් ඇඹරෙන්නේ රන්ජාට තිබු බලය නිසාමය.. මෙහිදි එක් විනිසුරුවරයකු හමුවන්න යන්නේ, මහා වීරයකු හා ශුද්ධවන්ත චරිතයක් ලෙස පෙනී හුන් රන්ජන්ගේ මාමන්ඩිය වන කාලෝ ෆොන්සේකා සමඟ බව කිසිසේත් අමතක නොකල යුතු කරුණකි…

කේසේ හෝ මේ සියල්ලන්ගේම රෙදි ගලවා වැලේ වැනූ රන්ජා, ගොන්ජා වන්නේ අධිකරණය පවා තම අල්ලේ නැටවිය හැකි බව තේරුම් ගැනීමෙන් අනතුරුවය..

අධිකරනයේ ඉන්නා නීතීඥ්ඥයින් හා හා විනිසුරන් අන්ත දූෂිත හොරුන් කියා ප්‍රසිද්ධියේ කියන්නේ පුක චූන් වූ රන්ජාය… රන්ජන් ඉල්ලන් කෑ බව දන්නා සියල්ලෝම සෙමෙන් සෙමෙන් රන්ජන් මඟ අරින්නේ මෙතැන් සිටය… ඒ සිද්දියේ බරපතල කම් හොඳින් අවබෝධ කරගත් නිසාය..

රන්ජා ගොන්ජා වීම…

නීතීපති විසින් උපරිමාධිකරණයේ රන්ජන්ට එදිරිව අධිකරණයට අපහාස කිරීමට එදිරිව කේස් එක වැටෙන්නේ යහපාලන කාළයේමය ඒ 2017 දීය.. පරිප්පුව කෑ රන්ජන් වෙනුවෙන් කිසිවෙක් උසාවී ආවේ නැතිය.. ආවේ කාලෝ ෆොන්සේකා පමණය.. සියල්ලෝම රන්ජන් මග හැරියේය.. මුලින් උසාවියේදී “විනිසුරුවන්” ලෙස කීවේ වැරදීමකින් බව පිලිගත් ගොන්ජා.., උසාවියෙන් එලියට ඇවිත් නැවත නැවතත් කීවේ සියල්ලන්ම හොරුන් කියලාය.

කරුමය කියන්නේ වොයිස් කට් නොදී උසාවියෙන් රන්ජා එලියට ගෙනයාමටවත් සුමන්තිරන්ලා ආවේ නැති එකය… ඒ මෙහි බැරෑරුම් කම ඔවුන්ද දන්නා නිසාය..

ඒ නැතත් රන්ජා බුකියේ ලයිව් ඇවිත් ගොන්ජාගේ චරිතයට අපූරුවට පන පෙව්වේය.. හඬ පට හුට පටේ එන්නේ මේ අතරේය… රන්ජාගේ රෙදි ගැලවුනේ මේ කතාවෙන් පස්සේය.. රන්ජන් යනු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිසේත් සුදුසු නොවන අමු සල්ලාලයකු බව ඔප්පු උනේ මෙයින් අනතුරවය.. රන්ජන්ට නුගේගොඩ උසාවියේ නඩු වැටිනි… හිරේද ගියේය… නඩුව ඉදිරියට ඇදෙනා අතර එලියේ උන්නේ ඇප පිටය… සජිත් ප්‍රේමදාසද ඔහු මග හැරියේය.. එහෙත් හිරුනිකාට මෙන්ම රන්ජන්ටද නොමිනේෂන් ලැබිනි… හිරුනිකා පරිප්පුව කෑ අතර.. පිරිමියකු වීම හේතුවෙන් රන්ජන් ඇතුලට ආවේය…

මේ අවස්ථාවේ රන්ජන් වෙනුවෙන් සජිත් පවා කතා කරන්නේ විපක්ෂයට සාපයන් පිට සාපයන් පැමිණෙන නිසාවෙන් මිස, රන්ජන් කෑ පරිප්පුවේ තරම නොදන්නා නිසාවෙන් නොවේ.. අධිකරණය දුන් තීන්දුවක්.., දේශපාලන තීන්දුවක් ලෙස ඉස්මතු කරමින් රඟණා රංගනයට අප ඔවුන්ට අනුකම්පා කල යුතුය….

මක්කා කරත් පුබුදු ජයගොඩ සඳහන් කලාක් මෙන් මාතලන්ද රන්ජන්ට කියා සිටින්නේ… මේ වැටුන වලෙන් ගොඩ එන විට මනුස්සයකු වී එලියට පැමිනේවා කියලාය… මොකෝ ගොන්පාට් වලින් වීරයකු වෙන්නට ගොස් පුක බිම ඇනුන පසු එකෙක්වත් නැතිවන නිසාය..

ඉස්සර ලින්ටන් සේමගේ කියා නළුවෙකු උන්නේය… ඔහු සමාජයේ පහළම අඩියෙන් පැමිනි දක්ෂයකු විය… පොර ස්වර්ණා මල්ලවාඅරච්චි සම්ඟ “මී හරකා” නම් චිත්‍රපටයක මී හරකාගේ භූමිකාව නිරූපනය කලේය.. එහෙත්, ඉන් පසු ලද ජනප්‍රියත්වයෙන් ගොඩ ගිය ලින්ටන්.. අද ඉන්නේ බටහිර රටකය… මොළේ තියෙනා උන් රඟපාන්නේ එසේය..

චිත්‍රපට හා සැබෑ ජීවිතය කියන්නේ එකක් නොව දෙකකි.. සිනමාවේ දානා ගොන් පාට් සමාජයේ දාන්න යන්නේ අමු මෝඩයෝය.. වන්ෂොට් චරිතයෙන් රන්ජා චරිතයට ගිය රන්ජන් රාමනායක ගොන්ජා වී අමාරුවේ වැටුනේ ඒ නිසාය…

අනෙක් කරුන නම් තමන්ට බලය ලැබුන පසු රන්ජා බලයට ඒමට පෙර කියූ කෙරු කිසිවක් වෙනුවෙන් කල කිසි දෙයක් නැත… ඔහු බලය ඇති කාළයේ කම්බා හොරුන් වූ ඊ ඒ පී එදිරිසිංහ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ආරක්ෂා කළේය.. මහ බැංකු හොරුන් හා එක පතේ කෑවේය… මැද පෙරදිග කාන්තාවන් වෙනුවෙන් මෙලෝ අල බෝලයක් නොකලේය.. ඒ ගැන කතාවත් කලේ නැතිය.. හොරුන් කුඩු කාරයන් හා සමාගමය නොඅඩුවම කළේය.. තමන් රැවටුන බව නොදත් රන්ජා ගොන්ජා වී දඟ ගෙටම ගියේය…

I feel very sorry for you Ranjan…

Take Care..


ඒ වගත් මෙසේය…


Oct 22, 2020

වඳ කොත්තු කන සහජීවන මඩ මාධ්‍ය බලකාය


 


20 සම්මත විය..

ඒ සහජීවන බලකායෙන් පැමිණි හකීම්ගේ 4 ක්, රිෂාඩ්ගේ 2 ක්. මනෝ ගනේෂන්ගේ 1 ක් හා සජිත් ජලනි බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඩයනා ගමගේ හෙවත් ටැලිපෝනයේ හිමිකාරිය සමඟයි.

මුස්ලිම් දේශපාලකයන් සියල්ල රාජපක්ෂලා හා එකතුවන බවට මාතලන් අනාවැකි කීවේ ඝෝඨා ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටත් පෙර සිටය..

පැකනිල් ඩොන්කිලාගේ සහජීවන බලකාය තුල සිටිනා අති බහුතරය සුළු ජාතින්ය.. ඉනුත් වැඩි පිරිස මුස්ලිම් ජාතිකයින්ය….

මුස්ලිම් දේශපාලුවන් රාජපක්ෂ කඳවුරුට ඒ මොහොතේ එකතු නොවූයේ ගොබ්බ යහපාලනය තුල 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ලද අසීමිත නිදහස ඔස්සේ වහාබ්වාදය කරා යන ගමනට ඔවුන් ලද උපරීම නිදහසට කෘතුගුණ දැක්වීමක් ලෙසය…

ඊට මංගල සමරවීරගේ මඩ බලකායෙන් ලැබුනේ අඟනා පිටිවහලකි….

රනිල්ට වැඩ බෑ යන්න සමාජ සම්මතයක් කර… සිහිණ ටොයිය්නගේ මනසේ පවා තැන්පත් කළේ මංගල සමරවීර හා ඔහුගේ මඩ බලකායයි..

මෙහි ප්‍රධානියා කවුරුත් දන්නා රුවන් ෆර්ඩිනැන්ඩස් වන අතර.., අද එහි න්‍යායාචාර්යවරයා වී ඇත්තේ උවිඳු කුරුකුලසූරීයයි….

රාජපක්ෂලා මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව එක වචනයක් හෝ කතා කර ඇති තැනක් පෙන්වුවහොත්.., මාතලන් බ්ලොග් වලින් හා බුකියෙන් සමුගන්නේ ඒ මොහොතේමය…

රාජපක්ෂලා අමු ජාතිවාදින් ලෙස සමාජ ගත කලේ මංගලගේ මඩ බලකායයි…

වඳ බ්‍රා… වඳ කොත්තු… දොස්තර සාෆී හා පැලෝපීය නාල ප්‍රොපගැන්ඩා සියල්ලම ලියැවී ඇත්තේ රාජපක්ෂවාදි බයියන්ගේ සටහන් තුල නොව…, සිහිණ ටොයියන් හෙවත් අමු ගොන් බයියන්ගේ බුකි සටහන්…, බ්ලොග් කඩමාලූ… හෝ වෙබ් පඩංගු තුල බව අදටත් ඕනෑම ගොනෙකුට බලා ගන්නට පුළුවන්ය.

අළුත්ගම සීන් එක පිටිපස්සේ ඉන්නේ.., අදටත් රාජපක්ෂලා රෙද්ද අස්සේ දාගෙන හුරතල් කරනා…, අඟේ ඉඳන් කන කා, කන පතේ රෙණ, පිවිතුරු සිහල උරුමය බව ඕනෑම එකෙක් දන්නවාය…

මුන් ක්‍රියාත්මක වන්නේ කෙසේද මුන් පිටුපස සිටිනා බලවේග කවුරුන්ද යන්න බුද්ධි අංශ යොදා වහාම සොයා බැලිය යුතුය…. මන්ද දන්නා සතුරාට වඩා මිතුරු විසින් සිටිනා සතුරා අති භයානක නිසාවෙන්මය…

පානදුර නෝ ලිමිට් එක ගිනි තැබූ උස සිහිණ ජනපති අද ඉන්නේ… පැකනිල් ඩොන්කිලා සමඟය….

එහෙත් මේ කාලකන්නීන් කල විශමාචාර සියල්ල බැර වූයේ රාජපක්ෂලාගේ ගිණුමටය…

ඇත්තටම එය බැර වීමක් නොව, මංගලගේ මඩ බලකාය විසින් කල බැර කිරීම්ය…

20 න් කෙලවීමෙන් පස්සේ මඩ බලකායේ නියමුවන්… පිස්සු වැටී… මොළේ කොළොප්පම් වී…. ඔල්මොරොන්දම් වී… අඤ්ඤකොරොස් වී…. ඉන්නා බව ඉතා පැහැදිලිය….

දැන් නැවතත් ඔවුන්ගේ බුකි සටහන්.., බ්ලොග් කඩමාලු.., හා වෙබ් පඩංගු ඔස්සේ.., උන්ම පත්තු කල ප්‍රොපගැන්ඩාවා උන්ටම කැරකි ඇවිත් සිටිනා බව දැක්කාම… මාගේ උන්ඩුක පුඡ්ඡයේ කෙලවර කොක් හඬලා සිනාසීම නතර කර ගැනීමට නොහැකි තත්වයකට පත් වී ඇත…

අද උන් කියන්නේ සියළුම මුස්ලිම් සහෝදර ජනතාවා හදන්නේ වඳ කොත්තු කියලාය… විකුනන්නේ වඳ බැසියර් කියලාය…. පැලෝපීය නාල ඔවුන්ගෙන් පරෙස්සම් කර ගත යුතු බවය….

ඩයනා ගමගේ වීදී ගනිකාවකටත් අන්ත කාන්තාවක් බවට පත් කොට හමාරය…

ඇයට මෙසේ මඩ ගසන්නේ.. කාන්තාවන්ගේ නිදහස විමුක්තිය මෙන්ම කාන්තා හිංසනයන්ට විරුද්ධව පොලොවේ පස් කෑ ස්ත්‍රීවාදී මල් කුමාරවරුන් හා පත්තිනි අම්මලා වීම දෛවයේ කුරීරූ සරදම්ය….

අහෝ දුකකි ඉරකි තිතකි….

නමුත් වඩාත් ලොල් සහගත කාරනය නම් රාජපක්ෂලා ළඟ ඉන්නා සුපිරි ගොයිගම් මුස්ලමානූ ජාතිකයා.. ඊයේ මිරිකුවේ පැලෝපීය නාල නොව, සුමන්තිරන්ගේ වෘෂණ කෝෂයය… හකීම්ගේ වෘෂණ කෝෂයය… පැකනිල් ඩොන්කිලාගේ වෘෂණ කෝෂයන්ය… එපමණක් නොව මංගලගේ මඩ මාධ්‍ය මාෆියාවේ වෘෂණ කෝෂයන්ය…

ඒ වෙනින් කවුරුත් නොව අලී සබ්‍රීය….

අලී සබ්‍රිට නීතිය කියා දෙන්න ආ සුමන්තිරන්ට හා හකිම්ට… අලී සබ්‍රී දුන්නේ නැට්ට පුකේ ගසාගෙන ඉඳගන්නටය…

වියත් මගේ ඉන්නේ එවන් සුපිරි බඩුය….

ගේම දෙන්නේ හෙමීටය..

මරන්නේ කොනිත්තලාය…

ඒ මරණය වේදනාත්මකය…


ඒ වගත් මෙසේය……


Jun 23, 2018

පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්




By - Maathalan

මින් පසු පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්

  • කිසිසේත්ම බියට පත්ව කළබල කිරීමට හෝ ඇඳි වතේ රී ගැන්මට හෝ හුජ්ජා කර ගැන්මට යාමෙන් වලකින්න.
  • ඔවුන්ද මානව හිමිකම් සුරකින, උතුම් වූ මනුෂ්‍යයින් බව සලකන්න.
  • ආයතනේ සියලුම ගණුදෙනු කරුවන් පසුව පැමිනෙන ලෙස දන්වා පිටත් කර හරින්න.
  • සිකුරිටි කරුවන්ට හදිසි නිවාඩු ලබා දී ඔවුන්ට සැලකිය යුතු මුදලක් ලබා දී ළඟම ඇති තැබෑරුමක් වෙත පිටත් කර හරින්න. 
  • CCTV රැකොඩින් හා සිස්ටම් එක Off කර තබන්න (පසුව අධිකරණය , පොලීසිය හා රක්ෂණ ආයට්තන වලින් ඔබට හිරි හැර සිඳු විය හැක.)
  • ඔවුන්ගේ නායකයාට ආයතන්යේ මුල් පුටුවේ ඉඳ ගැනීමට සලස්වන්න (ප්‍රාදේශීයේ එකා පොලීසියේ පුටුවේ ඉඳ ගන්නවාක් මෙන්.)
  • ඔවුන් කෑමට ප්‍රිය දෑ කාරුණිකව විමසා, ළඟම ඇති ඉහළම රෙස්ටුරන්ට් එකෙන් වහා ගෙන්වා දෙන්න.
  • ඔවුන් පානයට කැමති බීම වර්ග ගැන විමසා, වහාම ඒවාද සමග ෂන්ඩි හා බයිට්ද ලබා දීමට කටයුතු කරන්න.
  • ඔවුන් කුඩු ගංජා වැනි දෑ භාවිතා කරයි නම් කෙසේ හෝ ඒවා සපයා දෙන්න.
  • ඔවුන් සමඟ ඔවුන් කැමති ගීතයක් ගායනය කරමින් ඔවුන් උද්ධාමයට හා විප්ශික්තභාවයට පත් කරන්න. (කොර කරන්න.)
  • කා බී සතුටු වූ පසු ඔබ ආයතනයේ සේවිකාවන් දූෂණය කිරිමේ පහසුකම් සලසා දෙන්න
  • එම ක්‍රියාවන් අගයන්න. එය ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් ලබා දීමක් බව සේවිකාවන්ට වටහා දෙන්න.
  • ආයතනයේ ඇති භාන්ඩ මුදල් හා අවශ්‍ය නම් සේවිකාවන් වුවද රැගෙන යන ලෙස දන්වන්න.
  • ඔවුන් එයින් සෑහීමකට පත් වන්නේ නැත්නම්, ඔබ නිවසේ හා බැංකුවල ඇති මුදල් සියල්ල ඔවුන් වෙත ලැබීමට කටයුතු කරන්න.
  • වහාම රථ වාහන කුලියට ලබා දෙන ආයත්නයකට කතා කොට, අධි සුඛෝපව්හෝගි බස් රථයක් ගෙන්වා දෙන්න. (ඔවුන් බීමත්ව සිටිනා බැවින් රථ වාහන පොලිසීයෙන් ඔවුන්ට කරදර හිරිහැර පැමිණිය හැක.)
  • ඔවුන් පැමිණි යතුරුපැදි රැගෙන යාම සඳහා වෙහිකල් කැරියර් පහසුකම් සලසා දෙන්න. 
  • බස් රථය පැමිනෙන කාළය අතර තුරදි, පන්සලේ හාමුදුරුවන්ට කතා කොට, උන්වහන්සේ වැඩමවා, පාතාල සාමාජිකයින්ගේ ආරක්ෂාව පතා, පිරිත් නූල් ගැට ගසා, පිරිත් පැන් ඉස, ඔවුන්ගේ රැකියාව තව තවත් වැඩි දියුණු වීමට ප්‍රාර්ථනා කරන්න.
  • ස්තූතී කතාවක් පවත්ව ඔවුන්ගේ ක්‍රියාව පසසන්න.
  • නැවතත් ආයතනයට පැමිණිය යුතු නොවන බවත්, දිනපතා, සති පතා , මාස් පතා හෝ ඔවුන් කැමති ආකාරයකට ඔවුන්ට අවශ්‍ය දෑ ලබා දෙන ලෙස ද්වීපාර්ශවීය ගිවිසුමකල එළඹ අත්සන් කර පිටපත් හුවමාරු කර ගන්න. 
  • වහාම තොග වෙළඳ ආයත්නයකට කතා කොට, හාල් පොල් සිල්ලර අඩංගු කන්ටේනරයක් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කරන්න.
  • මෙමගින් ඔබේ ජීවිතයද අනි සියළු අයගේ ජීවිතද වැනසී යාම වලකිනාතර..
  • උතුම් වූ බුද්ධ ධර්මයේ සඳහන් ආකාරයට තමන් උපයනා දෙයින් එක කොටසක් නොව, කොටස් සියල්ලම දන් දී ඇති බැවින්...,
  • ඒ උතුම් බෝධියකින් සසර කෙලවර පත්න්නා වූ උතුම් වූ නිවනින් සැනසීමට මේ කර ගත් මහා පුණ්‍යකර්මය හේතු වේවා... වාසනා වේවා කියා... පැන් වඩා නමස්කාරය කියා... දෙවියන්ට ඒ පින් අනුමෝදම් කොට, හන්දියේ ඇති බුදු හාන්දුරුවන්ට මල් පහන් සුවඳ දුම් පුදා ප්‍රාර්ථනා කරන්න..

    ස්වස්ථි සිද්ධම්...!!!
      මේ බුදුන්ගේ දෙශයයි....!!!
        අපි මානව අයිතිවාසිකම් සුරකිමු...!!!
          පුක නෑ යකෝ...


          May 3, 2018

          අන්දරේ සීනී කා අතේ කෝට් වේ




          ඕන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක, එකෝ එකෙන් වගේ ආතල් දෙන ජෝකර් කෙනෙක් උන්නා. නම අන්දරේ. දෙන තරමක් දෙන්නේ පට්ට ආතල්, ඒ රටේ රජ්ජුරුවෝ දවසක් අන්දරේ එක්ක ආප්ප කන්න සෙට් උනා.

          ඒ පාර රජතුමා කිව්වා අන්දරේ අපි විහිළුවට වගේ අපේ පෝස්ට් දෙක මාරු කර ගමුය කියලා. ඕන් ඊට පස්සේ අර රජ්ජුරුවොත් පට්ට ජෝකර් කෙනෙක් උනා. හැමදාම ආතල් දෙන එකමයි කරන්නේ. අන්දරේටත් පරණ පුරුදු අත් අරින්න බැරි හන්දදෝ මන්දා, එයත් කරන්නේ ආතල් දෙන එකම විතරයි. රට ඔහේ යනවා. දෙන්නම එක්ක පට්ට ආතල් ගන්නවා.

          ඕන් ඉතින් අපේ අන්දරේට දවසක් හිතුනා සීනී හොරෙන් කන්න කන්න. මේ රටේ රජෝරු ඇමතිවරු වගේම සමාන්නිය ජනතාවහ් මාර ආසයි හොරෙන් කන්න. ඒ කැවත් මන්ද පෝෂණයනුත් කප් ගහලා ලෝකේ ශ්‍රේෂ්ඨම රාජ්ජේ කියලා කොයි වෙලාවෙත් කප් එක ගන්නවා.

          අන්දරේ රජ්ජුරුවන්ට ආස හිතුනෙ කන්තලේ සීනී කන්න. ඒ උනාට කෙවට්ටයෝ රජතුමාට කිව්වා කන්තලේ සීනී වලට වඩා ඉන්දියන් සීනී බොහෝම රසයිය, අපි කනවා නම් ඒ සිනී කමුය කියලා හිටන්.

          අන්දරේ ගල් ආඳා කියලා බබාලා දන්නවනේ. අන්දරේ කිව්වා මම දැන් රජ්ජුරුවො නේ, උඹලා හොරෙන් කාලා මටත් ටිකත් ගෙනල්ලා දීපිය කියලා. මොකෝ රජ්ජුරුවෝ අන්දරේ කාළේ ඔස්ට්‍රේලියාවේ ගිහින් සීනී හොරෙන් කාලා හත් පොලේ ගාගෙන නාගෙන ඉන්න නිසා.

          ඒත් ඉතින් අන්දරේ අරුන්ට කිව්වා, හදිසියේ හරි අහු මාට්ටු උනොත් හෙම, පරණ කතාවම කියපල්ලය කියලා හිටන්. ඕන් ඉතින් කේවට්ටයෝ දෙන්නා මාලිගාව ළඟම තියෙන තරු පහේ භෝජනාගාරයක් ඉස්සරහා පැදුරකුත් එලාගෙන, සීනී ටිකක් දාගෙන, කන්න ලෑස්ති උනා ඉතරයි.

          රජතුමාගෙන අල්ලස් ඩිපාර්ට්මන්ට් එකෙන් පැනලා සීනී එක්කම අර කේවට්ටයෝ දෙන්නා අතටම අල්ල ගත්තා. අරුන් කිව්වා මේ සීනී නෙමේය පස්ය කියලා. ඒක දැකපු මාලිගාවේ උන්න රජතුමාට එලෝ තරු පෙනිලා

          දැන් ඉතින් තොපේ කටෙත් පස්
          මගේ කටෙත් පස් හිටන් කියලා ඉබේම කිය උනා..

          මාලිගාවට ටිකක් එහායින් ඉන්නා යුව රජ තුමාට පුකෙන් හිනා ගියා ආයිබන්ඩ.

          මොකෝ එයා බාන්ඩාගාරේ තිබ්බ වහ වගයක් සීනී කියලා හිතාගෙන කාලා හත් පොලේ ගාගෙන ඉන්න නිසා..

          ඉතින් බබාලා මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමයි, වහපාලනයක් තුල උනත් සීනී කනකොට බොහෝම පරෙස්සමෙන් කන්න ඕන කියන එක.

          අනතුරු ඇඟවීමයි..!!!

          සීනී කෑම ශරීර සවුක්කයට හානිකර වන්නට පුළුවන..

          Mar 27, 2018

          වාහන ගිල්ලීම, රථ ගාය හා රජයේ නොහැකියාව - Sinking Government with bloody fools




          අපි පොඩි කාළේ ඉස්කෝලේ ගිය වෑන් එකේ අංකල් කාරයා ළඟ වෑන් කාර් එකක් තිබුනේය. ඒකට කවුරුත් කිව්වේ ජේ ආර් ගේ කාර් එක කියලාය. කවුරුත් කිව්වේ ඒක ජේ ආර් පාවිච්හි කරපු කාර් එකෙයි කියලාය. ඒක ඇත්තද කියන්න දන්නේ නැති උනත් මේ කතාව මතක් උනේ මේ මී හරක් ආන්ඩුව කාර් වගයක් හා නැවක් මූදේ ගිල්ලවපු සීන් එක දැකලාය. කාර් 25 ක් හා කේ පී ගේ නැවක් මේ ලෙස මූදූබත් කරනවා කියා නිව්ස් එකේ ගියේය. මෙසේ මූදූ බත් කොරන්නේ මේ රටේ බත් කන ජනතාවගෙන් ගත්තු සල්ලිය.

          Feb 28, 2018

          තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල - Get ready for the next Revolution




          ඊයේ තඹුත්තේගම සිඳු වූ සිඳුවීම, වඳ පෙත්තට එහා ගිය දෙයක් බව ආන්ඩුව තේරුම් නොගන්නේ නම් එය මහා විනාශයක ආරම්බය බව, අප විසින් මේ ගවපාලකයන්ට මතක් කර දිය යුතුව ඇත. අද මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. 

          Feb 21, 2018

          සිංගප්පූරූ බෝනස් හා අපේ සමෘධිය - Singapore, Bonus & Siri Lanaka




          අතිරික්තයක් ඇති වීලා හැටට හැටේ
          බෝනස් බෙදලා සිං ගප් පූ නැමති රටේ
          එවා බලා හිත කැඩිලා බිමට වැටේ
          ජාතික කොඩිය යට ඉඳගෙන කහමු ඇටේ

          හරවා එවයි ඔට්ටෙලියා යන්න ගියත්
          ලෝකේ උතුම් රට මේකයි කියති වියත්
          අල්ල අල්ල පුකවල් වල පැත්ත ගියත්
          වැඳලා පිලිගනි අමනයෝ දීලා බුලත්

          කලා විනාසයි රට ගල නවා ඕජස්
          ඒත් අඩු නැතේ කට වල් වල තේජස්
          සිං ගප් පූරුවේ එවා ඩෝ සුළු කේසස්
          අවීචියේ මුන් හට ලැබෙ නව බෝනස්

          බෝනස් 300 මක්කා කොරන්නද
          සමුර්දිය වගේ ඒවා ගැන දන්නවද
          ඒවා දෙන්න රජයක් අද තියෙනවද
          ආතල් මේ වගේ තුන් ලොව කොයි වේද

          - සමෘධි බෝනස් අනුග්‍රහයෙන්, සමෘධි බැංකුවක් අසල සිට, ආඩම්බරයෙන් ලියන ලදි -

          Feb 15, 2018

          රනිල් අස්වෙන්නේ රෙද්දටද...? - Why should Ranil Go Home?



          සිරිසේන හිතාගෙන උන්නේ ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ උන්නැහේටය කියලාය. ඒ නිසා පොලොන්නරුවේ ගොවි ගෙදරින් ආ, බෙලෙක් පිඟනේ බත් කෑ සරළ මිනිසාගේ ඔළුව ඉඳිමි, අලි ඔළුවෙන් හැම එකාටම කෙලින්නට ගියේය. ඇත්තම කතාව නම්, ඒ, 2015 මහින්ද මහත්තයාට කොහොමත් කෙල වෙන එක කෙලවෙලාම යනවා. උන්නැහෙත් උන්නැහේට වඳින පුදන ආදරය කරන ජනතාවට කොකා පෙන්නා ගජ් මිතුරු පවුල් වාදී කුප්ප දේශපලනයක් ගෙන ගිය නිසාය.

          Jan 31, 2018

          දේශපාලන සත්තු හා මහත්වරු - Gentlemen of the Political Jungle




          මොන ප්‍රශ්න තිබ්බත් කන්න දුන්න අත හපා කන්න එපා කියා කතාවක් තියෙනවාය. නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියා එකකුත් තියෙනවාය. බොරු කිව්වොත් අවීචී මහා නරකාදියේදි කට ලෝදිය වත්කරනවා කියා අපේ ආච්චි අම්මා කියා තියෙනවාය. ඒ නිසා මාතලන්, පත පච ඇද බාන්නට අදටත් පොඩි බයක් තියෙනවාය. පොඩි පොඩි ඒවා ඇදලා අරින්නේ, අපායට ගියත් පොඩි ඩ්‍රින්ක්ස් එකක් ඕනා නිසාය. මොකෝ ආපායේදීවත් අමද්‍යප සංගමේ සාමාජිකයෙක් වනවාට වඩා, බාර් ඇසෝසේසන් එකේ මැම්බර් කෙනෙක් වෙන එක වඩා හොඳෙයි කියා, මාතලන් ආච්චි අම්මාටත් කියලා තියෙනවාය.  

          Dec 7, 2017

          ධර්‍මද්වීපය දූෂිත රාජ්‍යයක් ලෙස නම් කිරීම හෙලා දකිමූ - Fuck U America




          ලොව උතුම්ම ආගමික නිකාය වන, "නිර්මල ශ්‍රී ලාංකීය තේරවාදී බුදු දහමින්" තෙත්වූත්, උතුම් වූ දළදා හාන්දුරුවන්ගේ පිහිටෙන් හා රැකවරනයෙන් බැබලෙන්නා වූත් , අවුරුදු 2500 ක අති ප්‍රෞඩ කිසිවකිට දෙවන නොවන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් උරුම වූත්, අම්මට සිරි ලංකාව මේ ඊයේ පෙරේදා බිහිවූ ඇමරිකාව වැනි, තුප්පහි කැරපොතු හිගන සුද්දන් වෙසෙනා දෙකයි පනහේ රටක් විසින්, ලොව දූෂිත රාජ්‍යයන් හතරෙන් එකක් ලෙස නම් කිරීම අප විසින් හෙලා දැකිය යුතු අතර,

          Nov 23, 2017

          කොන්ඩම්, කොන්ඩම් තියරි හා කන්ඩෙම් පොලිටික්ස් - Condom, Condom Theory and Practice




          කොළම්පුරේ බුලර්ස් ලේන් එකේ, කොන්ඩම් වෙන්ඩින් මැෂින් එකක් හෙවත් කොපු මැෂිමක් හයි කරලාය. කොන්ඩම් එකක් ඔනෑ එකෙකුට කොරන්න තියෙන්නේ, තමන්ගේ පෝන් නම්බර් එක මැෂිමට ඇතුලත් කොරනා එකය. (මතක තබා ගන්න වෙන දේවල් නොවේ. පෝන් නම්බර් එකම පමණි.) එවිට පින් නම්බරයක් ලැබෙනාතර, එම පින් නම්බරය ඇතුලත් කළ විට කොන්ඩමයක ලැබ ගත හැකිය. ගාන කැපෙන්නේ පෝන් බිලෙනි. ඉතින් පෝන් එකෙන් ලබා ගත කොපු, තමන් කැමති නම් පෝන් වලට භාවිත කළ හැකි අතර, කැමති නම්කොපුව පුම්බා, බෝල ගැසීමටත් හැකිය.

          Nov 11, 2017

          අර්ජුණගේ නැව් බයිලා සහ යාපාලන රජයේ බැරි බැරියාව - Failed Politicians & their Dirty Jokes




          තෙල් අර්බුදය ගැන බෝල ගහපු ඇමතිතුමා මුලින් කී බයිලා දැන් වෙනස් කරගෙන ඇත. එයා දැන් කියන්නේ හිටපු ඇමතිවරු දෙදෙනෙක් එයාට ගේම දුන් බවය. දුක් ගැනවිල්ල ගෙනියන්නේත් වැල් බයිලා ගහන රටේ නායකයාටය. රට හදන්න බැරි හේතුව හෙවත් යාපාලනේ ගොඩනගන්න බැරි හේතුව ලෙස එදා ගැයූ රාජපක්ෂ ස්ලෝගන් එක වෙනස් කොට, දැන් "මගේ රජයේ" ස්ලෝගන් එක බවට පත් කරගෙන ඇත්තේ සියල්ලටම හේතුව බැඳුම්කරේ කියලාය. 

          Sep 11, 2017

          ෆොන්සේකා මරාගෙන කන දේශපාලන වසලයෝ - Let's make BBQ from Fonseka




          ගේම පටන් ගත්තේ අමු පාවාදීමකින්ය. එකෙකුටවත් ඒකේ වගක් අත්තේ නැතිය. ලතින් ඇමරිකානු රටවල් කීපයක තානාපතිකන් දැරූ ජගත් ජයසූරිය, එහෙන් පැනලා ආවායින් පස්සේ පොර විරුද්ධව නඩුවක් වැටෙන්නේය. ආන්ඩුව මුලින්ම සොයා බැලිය යුත්තේ. මේ මහා රණවිරුවා එහෙන් පැන ඒමත්, උන්නැහේට නඩු වැටීමත් එකට සිඳුවන්නේ කේසෙදෝ කියාය. එල් ටී ටී යට සල්ලි දුන්න මහින්දලාට, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පීලා, තමන් මරන්න ආ ජොන්ස්ටන්ලා ළඟ තියාගෙන ඉන්නා මහින්දලාට, ඕවා සිම්පල් ගේම්ය.

          Aug 16, 2017

          ඇ(හැ)ට දෙක හිරිවැටීම - Balls of Fury


          Cartoon by Awantha Artigala

          සාමාන්නියෙන් ඕනම දේක ග්‍රේස් පීරියඩ් එකක් කියා දෙයක් ඇත. අවුරුදු පහක් වැනි කාළයකට බලය ඉල්ලනා උන්, බලයට පැමිණිය පසු කරන්නේ මක්කාද යන්න කල් තියා ප්ලෑන් කොරගෙන ඉන්න ඕනාය. කරුමය කියන්නේ ලංකාවෙ රජකමට පත් වූයේ රජකම ලෑබේ යැයි කියා හීනයකින්වත් නොසිතු උන්නැහේ කෙනෙකුටය. එහෙම කෙනෙකුට විෂන් මිෂන් තියා, මොන මළදානයක්කත් තියෙන්නට බැරිය. පන පිටින් දිවිය ලෝකයේ යන එකාටද, පන පිටින් අපායෙ යන එකාටද සිද්ද වෙන්නේ එකම් සැන්තෑසියක්ය. කරකවලා අත ඇරීමක්ය. නන්න පෝල් වීමක්ය. හරියට සුනාමිය ආවා වගේය. ආවේ සුනාමියක් කියා දැන ගත්තේද, වෙන රටවල උන් කියනා විටය.

          Aug 10, 2017

          රවී නීච(කිච) වීම ඔබට කෙසේද..? - Predictions after Ravi's Resignation




          රනිල් වික්‍රමසිංහට

          හවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, පින් ඇමතිවරුන්ට බලු කපුටු දානයක් හෝ වාහන පූජාවක් කිරීම හොඳ බව පෙනේ. 2020 දක්වා මාරක අපල පවතිනා බැවින්, තිරුපති වැඳගැනීම යහපත් බව පෙනේ. මන්ද දේශිය දෙවියන්ගෙ බැල්ම ඉතා අඩු බැවිනි. 

          Jun 10, 2017

          අනුන්ගේ පුක් සේදීමට පෙර, තමන්ගේ පුක සෝදාගෙන සිටින්න - Wash your back before touching mine




          මළ මඟුලක් නිසා අනුර කුමාරයා ආගිය අතක් පේන්න නැති අතර, වෙනදා හැම මළදානෙටම ප්‍රෙස් කොන්පරන්ස් තියනා මහ උන් නැතිව, මේ වර එවලා තියෙන්නේ ජේවීපී වහළුන්ට අමුඩ ගස්සවා නාස් ලනු දමා හෙළුවෙන් මහ පාරේ යැව්වද කිසි දිනක නියරකවත් ගමන් කොට නැති, නාමල් කරුණාරත්නම් මහා ගොයියාය. එයා ඇවිත් ජෝන්ගේ මාජ්ජා කෙරුවාව ප්‍රශ්ණ කරනා කොට කනත්තේ ඉන්නා සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ හා ප්‍රේමකීර්තිලාගේ ඇට කටු විමුක්ති ගී වල තාලයට, වල උඩ ඩාන්ස් දානවාය.