.

.
Showing posts with label 19. Show all posts
Showing posts with label 19. Show all posts

Aug 28, 2020

NGO 19, ව්‍යවස්ථා අර්බුධ හා බෙලරුසියා අර්බුධය



බටහිර රාජ්‍යයන් ගහනා පදවලට නටන්නේ නැති උන්ට පාඩම් ඉගැන්වීම කීපාකාරයකින්ම ලොව පුරාම සිඳුවේ. ටියුනීසීයා විප්ලවයෙන් ඇරඹි අරාබි වසන්තය නමින් ඉදිරියට ගිය මේවා ඉන් පසු අද වනතෙක් එක් එක් රටවල විවිධාකාරයෙන් අදටත් සිඳුවේ, කරුමය කියන්නේ මේ රෙවලූෂන් නිසා අද ඒ රටවලට රෙවිලාම තියෙනා එකය. හොඳම උදාහරණය ලිබියාවයි. එක පවුලකට කෙලින්න ගිහින් අද රටේ ඔක්කෝම පවුල් වලට කෙලවී අවසානය. මේවාට පෙර ඉරානයට මෙන්ම ඉරාකයටද අත් වූයේ මේ ඉරණමමය.  

දැන් උන් හදන්නේ බෙලරුසියාවටත් කෙලින්නය. එක එක හාල්පාරුවෝ තමන්ගේ රටවලට වඩා ශක්තිමත් රටවල් වීම ඔය G-7 G-10 කියනා රටවල්වලට දිරවන්නේම නැති දෙයකි. විශේෂයෙන් එම රටවල ස්වාභාවික සම්පත් තිබේනම් ඒවාට කෙලින්න පුලුවන් හාල්පාරුවෙක් ඒ රටවල නායකයා කොට, තමන්ට ඕනෑ විදියට වැඩේ කරගෙන යන්න දාන්න පුලුවන් ඔක්කෝම සෙල්ලම් දාලා, කෙලලා දමන්නට ගහනා තුරුම්පුව එකාධිපති භීතීකාවයි. ඝෝඨා බලයට ආපු ගමන්ම NGO නඩේ ආයෙත් ඒකාධිපතියා වේදිකා නාට්ටිය ප්‍රදර්ශණය කොරන්නේ නිකන් නෙවේ. 

කෙසේ වෙතත් බෙලරුසියාවේ ආරක්ෂාවට පුටින් ලොකු අයියා ඉදිරිපත් වීම ඒ රටේ ජනතාවගේ වාසනාවකි. එයා කියලා තියෙන්නේ ඕනාවට වඩා දඟලන්න ගොස් ඉල්ලාගෙන කන්න එපා කියලාය. අනික් උන් හදන්නේ බෙලරුසියාවත් සිරියාවක් වගේ පොලොවට සමතලා කරලා දාන්නටය. 

2015 ලංකාවේ වෙන්නේත් ඒ වගේ දෙයක්මය. මහින්ද රාජපක්ෂලා හා විප්ලව කොරලා ආන්ඩු ගන්නට බැරි බව දන්නා ජාත්‍යන්තර ගල් ආඳෝ ඉදිරියට දමන්නේ කලක් විප්ලවීය චරිතයක් වූ මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝය. උන්නාන්සේට ඔටුන්න පෙන්වා ගේම පටන් ගත්තද වැඩෙ ඉදිරියට යන කොට ඒ වෙනුවට හොඳම රූකඩේ සොයා ගන්නේ පොලොන්නරුවෙන්ය. 

සිරිසේන නොබෙල් තෑග්ගටත් නිර්දේශ වී, ලෝකයේ බලවත් රටවල නායකයින්ගේ චීප් ගෙස්ට් වී, ඩිනර් පාටි වලට කොන්පරන්ස් වලට යන්නේ අර කටියගේ වැඩේ හරි ගිය නිසාය. එහෙත් සිරිසේන කියන්නේ ගහන ගහන පදයට නටන රූකඩයක් නොවනා බව තේරුම් ගන්නා කස්ටිය කරන්නේ එයාගේ තටු කපන්න 19 ගෙන එන එකය. 

ඒ සඳහා තෝරා ගන්නේ පාර්ලිමේන්තුවේ උන් බටහිර බලවේගවල නියෝජිතයෝ හා එලියේ උන් NGO සිවිල් ඩොලර් කාක්කෝය. අද මේ 19 වන සංශෝධනය කොවිඩ් 19 ටත් වඩා වසංගතයක් වී අවසානය. 

19 ගෙනල්ලා රටට අත් කල ඉරණම අද පාස්කු ප්‍රහාර කොමිසමේ අපූරුවට පෙනෙනවාය. අද මේක ගෙනාපු උන් රටෙත් නැතිය. රට විනාශ කල කාලකන්නින් අද ඉන්නේ නොරටය. (ජයම්පතී හා වැලිඅමුණ) තව එකෙක්ට පක්ෂයේ තබා පාරේ බැහැලාවත් යන්න බැරි සයිස් එකක්ය. (සුමන්තිරන්) අනික මේවා හදපු උන්ම අද පිලිගන්නේ නැති උනාට, කලින් පිලිගත්තේ, මෙයින් රටට උන විනාශය සුළු පටු එකක් නොවන බවයි. විශේෂයෙන් රටේ පාලනයට මෙයින් සිඳු වූයේ මහා විනාශයකි. මුන් සියල්ලෝම ඉතිහාසගත වෙන්නේ රට විනාශ කළ ද්‍රෝහියන් ලෙසය.

19 ගෙනා කොමිසම් වල වැරදි හොයන්නට අද ජනාධිපති කොමිසම් දමන්නට සිඳුවීමෙන්ම කොමිසම් දාපු උන්ගේ කලිසම් ගැලවී අවසානය. පොලිස් කොමිසමෙන් පත් කල පොලිස්පතිවරයා මහ පාරේ උඩරට නැටුම් නැටුවේය. අදටත් ඌ එලවා අළුත් පොලිස්පති කෙනෙක් පත් කොර ගන්නට බැරිය. පොලීසියේ අනික් උසස් නිළධාරින්ද අමු පිස්සන් පිරිසක් බවත් උන් කරලා තියෙන්නේ රාජකාරි නොව උන්ට හිතෙනා දේ බවත් බොහෝම පැහැදිලිය. ඒ කොමිසම් සභා උන්නැහේලාට ලබා දුන් ශක්තියයි. මැතිවරණ කොමිසම එකම පිස්සු විකාරයක් වී කොමිසමේ දෙන්නෙක්ම කලිසම් ගැලවී ඉන්නේ අමු හෙලුවෙන්ය. 

මේ මළ හත්තිලව් ව්‍යවස්ථාව නිසා අද රටට නායකයෙක් ඇත්තේ නැතිය. නායකයාට බලතල නැතිය. බලතල තියෙන කෙනා නායකයා නෙමේය. රටේ ආරක්ෂාවවත් ඔහුට තබා ගැන්මට බැරිය. හැබයි රටේ සේනාධිනායකයා ඔහුය.

දැන් කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් මේ කුණුහරුප ව්‍යවස්ථා පැලැස්තරේ ගලවා විසි කොරනා එකය. මොකෝ දැන් තිබෙනා ලෝක තත්වය හමුවේ ජනතාව විශ්වාසය තැබූ නායකයා රටේ බලතල සහිත නියම නායකයා විය යුතු නිසාමය. ආන්ඩු පක්ෂයේ ඒ වෙනුවෙන් තරඟයක් නැතත්. නායකත්වය නීත්‍යානූකූල නොවීම රටේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍යවන තීන්දූ තීරණ ගැන්මට විශාල බාධාවක් නිසාමය. 


ඒ වගත් මෙසේය....

Apr 29, 2015

19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle


19 ගැන කීමට ඇත්තේ එය සෙප්පඩ විජ්ජවක් බවය. ඒ ගැන ඇත්ත කිව්වේ, අපේ විමලේ පමණය. එයැයි කිව්වේ, නයෙක් ගෙනෙන්න හැදුවත්, අන්තිමේ ගෙනාවේ ගැරඬියෙක් කියලාය. සහතික කරණා ලද, පට්ට පල් අමූලීක ඇත්තය. විමල් අගය කිරීම සම හරෙකුට අබ්ලික් යාමට කාරනයක් උනත්, සිහි බුද්ධියෙන් සහ සිහි කල්පනාවෙන් මාතලන් කියවන උන්ට එය අරුමයක්ද නොවන්නේය.

Apr 28, 2015

මහින්දගේ ප්‍රකාශය හා සරත් වීරසේකර නම් භූමීපුත්‍රයා - Message from MR & The Only Son of Mother Lanka


ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය..

සෑර් මාර සීන් එක නේ උනේ..!

ඇයි මොකක්ද මාතේ සීන් එක...? මෙහෙටත් භූමී කම්පාවක්ද..?

භූමීය කම්පා නොවෙයිද සෑර්...?

ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ?

වෙලා තියෙන්නේ...?, ඔබ තුමා කොහෙද ඉන්නේ...? 


Apr 27, 2015

19 දිනන්නේ කව්ද...? - Who will be the Man of the Match..?

 
යහපාළනේ ඇක්ස්පයර්ය. ඒ කියන්නේ වන් හන්ඩ්‍රඩ් ඩේස් (දින 100) ඉවරය. රවි ලොක්කාගේ බජට් එකෙන් දුන්න සහන ටික ඇර, ලැබුනු ලබ්බක් නැතිය. කලටි පොල් පැත්තෙන්, හියුමන් රයිට්ස් පැත්තෙන්, ෆ්‍රීඩම් ඔප් මීඩියා පැත්තෙන් හා ඉන්ටනැසොනල් පැත්තෙන් ලද ජයග්‍රහණ තිබුනද, එවා බත් එක්ක කන්න බැරිය. පත්තරවල කියෙව්වද බඩ පිරෙන්නේත් නැතිය.