රොකට් රෝහිණී කථා වස්තුව - හතරවන කෑල්ල
ගිය සැරේ "පියා" ගැන ලියන්න ගිහින් නැවතුනේ, බලපිටියේ බල මාළු වලින්, ඇඹුල් තියාල් හදලා. ඒ මාතලන්ගේ, පළවෙනි සූප වේදී පාඩම. ආයේ නෑ පබිලිස් පාඩම වගේම නැගලා ගියා. ඒත් එකෙක්වත් හැදුවද නැද්ද කියලා නම් කිව්වේ නෑ. හදන්න කලින් මාළු අරගෙන ඉන්න එපාය. මාළු ගන්න ගියාම, ආන්ඩුවේ උන්ගේ මාළු කන්න හිතෙනවා, කියන ගනන් වලට. ඉතින් කොහෙද ඇඹුල් තියාල් දාන්නේ.
