.

.

Mar 27, 2020

වගා සංග්‍රාමය... කසියා හා ගංජා....




කොරෝනා නිසා මුලු ලෝකයේම ආර්ථිකේ කුඩු වෙලා නේ තියෙන්නේ....

ඉතින් අපි වගේ පුකේ මයිල් ගහක් සයිස් ආර්ථික ගැන කතා කොරන්න දෙයක් ඇත්තෙම නෑ....

ඉදිරියට එන රැකියා හා ආර්ථික අර්බුදය හිතා ගන්නවත් බෑ...

ඒත් අපේ රට කුඩා රටක් හා ආර්ථිකයක් වීම නිසාම ගොඩ එන්නත් ලේසියි....

ඒක 2008/9 ලෝක ආර්ථික අර්බුදය වෙලාවෙත්... යුද්ධයකුත් තියාගෙන ජයගන්න රාජපක්ෂලාට පුලුවන් උනා....

මාතලන් අහගෙන ආන්ඩුව කියනවා අපි දැන් දැවැන්ත වගා සංග්‍රාමයකට යා යුතුයි කියලා...

ඇත්තටම මුලු ලෝකයටම අලුත් සිස්ටම් එකක් ගැන හිතන්න වෙයි....

අධික වේගය මරු කැදවයි කියන්නැහේ.... මම හිතන්නේ ලෝකය දියුණු උන වේගය වැඩියි.... අනික අත්‍යාවශ්‍ය දේ අමතක කරලා... මිනිස්සු පිස්සෝ වගේ දිව්වේ මිරිඟු ගොඩාක් පස්සේ...

ලෝකේ සුපිරි වාහන, නෞකා, යොට් ප්‍රයිවට් ජෙට් තිබුනට ෆුට් එක්විප්ට් බෙඩ් හැදුවේ නෑ හොස්පිටැල්වලට..... සල්ලි පස්සෙ අජ්ජාපනය පස්සෙ දිව්වට... මිනිස් සබඳතා පයිසෙකට මායොම් කලේ නෑ....

අද මීටරයක් ඈතින් ඉදන් උනත් ඒ දේ නැවත ගොඩනැගෙමින් තියෙනවා පරිසර දූෂණය අඩු වෙලා තියෙනවා....

ඉතින් මේ වගා සංග්‍රාමේ ගැන කියනවා නම් අපිට ලේසියෙන්ම ගොඩ ඒන්න ඇහැකි... ඒ විතරක් නෙමේ ඒවා අපනයනයෙනුත් අපට ගොඩ එතෑකී... 70 දශකය අගභාගය වෙනකන් අපි යැමුනේ එහෙම වගා ආර්ථිකයකින්....

එතනදි අපි සාම්ප්‍රදායික මත වලම ඉන්නේ නැතුව වැඩිදුර හිතන්නත් ඕන... ගංජා වගාව අධීක්ෂණයක් යටතේ සිඳු කිරීම එකක්.. ගෙවතු වගාවක් ලෙසත් ප්‍රචලිත කොට රම්පෙ කරපිචා වගේ සෑම ආහාරයකටම එක් කිරීනෙන් මේ කොරෝනා වගේ වසංගත වලින් බේරෙන ඉහළ ප්‍රතිශක්තියක් සමස්ත ජනතාවටම ලබා දෙන්න පුලුවන්...

මේ ගැන ඇති දුර්මත වලින් වගකිවයුත්තන් ඈත් කිරීම දේශීය වෙදුන්ගේ යුතුකමක්....

අනික එතනෝල් ගෙන ඒමට වැය කරන විශාල මුදල... ඔය ෂිවාස්, ජැක් ඩැනියෙල් වලට වඩා සුපිරි බඩු අපේ දේශිය කෙමිස්ට්ලා නිශ්පාදනය කරනවා.... හාල් වලින් සකේ හදලා ජපනටත් විකුණන්න පුලුවන්....

අනික පශු සම්පත...  හරක් මස් කුකුස් මස් වලට වඩා පහසු මිළට ලබා ගැනීමට සලසන්න ඕන... මේක පෝෂ්‍ය පදාර්ත වැඩිම ආහාරයක්... ඉන්දියාව ගවයා දෙවියා කිව්වට... ලෝක ගවමස් අපනයනයේ ඉදිරියෙන්ම ඉන්න රටක්... එතකොට කිරි වලිනුත් ඉබේම ස්වයංපෝශිත වෙනවා....

ඉස්සන් හා කකුළුවන් මහා පරිමානයෙන් නිපදවීම තා දෙයක්.....

එවන් තවත් බොහෝ දේ තියෙනවා... රට වටේම මුහුද තියෙද්දි ටින් මාලු අඩුවට කන මරිමෝඩ ජාතියක් අපි....

අලුතෙන් හිතමු..
රට ගොඩ ගමු...

වැටුනත් නැගිටින..
වැටි වැටි නැගිටින...
එක කොඩියේ සෙවනේ...
ප්‍රේම වඩා... සැම බේද දුරැලලා...
පෙරටම යමු ලංකා.....

Mar 24, 2020

වද කහ සුදිය හා තේ සුදිය..




වද කහ සුදිය හා තේ සුදිය..
................................................

ආතල් ගන්න එකා මරණයෙන් වුව ආතල් ගන්නේය....

ගිනි ගෙඩි දෙන එකාගේත් වෙනසක් නැත...

එවන් උන්ට දැන් කියන්නේ... අබිලින් හා දයාවතීලා කියලාය......

1955 පමණ ලංකාවට සූර්‍යග්‍රහණයක් ආ වෙලාවේ... එකෙක් පත්තරේ දැම්මේ... ඒ වෙලාවට වද කහ සුදිය සාදා පානය කිරීමෙන් සුදෝ සුදුවන් සමක් ලැබේ කියාය...

අන්තීමේදි උනේ බඩ යන්න ගත්ත ලෙඩ්ඩුන්ගෙන් ඉස්පිටිතාල පිරුණු එකය.....

බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාන්දුරුවෝත් මේ ගුලිය කාපු බවට කට කතාවකුත් තියෙනවාය...

ඒ කාලේ හාන්දුරුවරු ගුලි කෑවාට... දැන් ඉන්න හාන්දුරුවරු නම් ගුලි දීමේ රුසියෝය... මෑතකදී  කැළණියේ ආචාර්‍ය කොල්ලුපිටියේ ජිනරතන දුන්න නාග මානික්‍ය ගුලිය කෑ ගොඩාක් ටොයියෝ බූරුවාට නොදි ඝෝඨා ස ට දුන්නා කියා අදත් උන් අඬනවාය....

ඉන්පස්සේ අපේ කාලේ .. සුදෝ සුදු සමක් ගන්න අපේ කලු නැන්දා ලොව පුරා නිලියන්ගේ රුව වඩන සබන් වන ලක්ස් හා සුදෝ සුදු සිනුඳු හමක් ගන්නට රාණී සඳුන් සබන් ගෑවද.....

උන්දෑගේ රුව වැඩි උනේත් නැතිය.... සුදෝ සුදු උනේත් නැතිය... හැබයි උන්දෑ හැමදාම නාන එකනන් මැරෙණකන්ම කොලේය....

දැන් ගුලි දෙන්නේ බුකියේ ඉන්නා උන්ය... තාමත් සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හා හමුදාවට පිහිටවෙන්න එකෙක්වත් මලේ නැති උනත්...
කැලි කොල්ලෝ දෙන්නෙක් කීවේ.... මේ වෙනකොට තුන් දෙනෙක් මලේය කියලාය...

ගුලිය කාපූ වෙල් විදානේ ප්‍රෙස් කොන්පරන්ස් එකක් තබා ගින්න දුන්නේ.... ඇහෙන් දැක්කා වගේය... ඒත් වැඩේ නෝන්ඩි වී බයිලා ගැසුවත් ... අජිත් රෝහණ විසින් වෙල් විදානේ අල්ලා හිරේ දැම්ම නිසා රටම ගිනි තියන එක නැවතුනේය.....

දැත් එකතුකර ආචාර කරන්නේ ලංකාවේ පමණක්මය කියා සිතන පොල් බූරුවෝ.... දැන් එකෙක් දුන් පැරඬියක් අල්ලාගෙන හත් පොලේ ගාගෙන නානවාය....

ඒ තේ බිව්වාම කොරෝනා හැදෙන්නේ නැතෙයි කියලාය... මේක අහිංසක ගුලියක් උනාට... ඌ පුකෙන් හිනා වෙනවා ඇත්තේ ඒකේ ඇති උගේ ක්‍රියේටිව් බොරුවටය...

ඌ කියන්නේ කොරෝනා හොයාගත් ඩොකා මේකත් හොයා ගත්තය කියලාය... ඒත් ඒ ඩොකාද කොරෝනා වලින්ම පරලෝ ගිහින් අවසානය....

එදා ගුලි කීවද... අද ඒවාට කියන්නේ ෆේස්බුක් පැරඬි කියලාය....

මෙතන තියෙන්නේ පැරඬිය පිළිබඳ විස්තරයක්ය....

තේ පැන් සාදයි තම්බි කඩේ....
තම්බිගෙ පොල්ලේ ආදාරේ....
තම්බිට හිටියේ එකම දුවයි....
ඒකිට කෙලියේ මං විතරයි....

තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ....
සීනිද කිරි මුසු කර නිසි සේ....
සාදාගෙන පදමට රිසි සේ.....

ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ....
ත්‍රිවිධ රත්නේ ආධාරේ......

Mar 17, 2020

කොරෝනාටත් වඩා දරුණු ක්‍රෝටන් බූරුවෝ....


මුලින්ම කිව යුත්තේ Covid 19 වලට ප්‍රතිවිරෝධී වැක්සීනයක් ඊයේ ඇමරිකාවේදී අත් හදා බැලූ බවය... එය සාර්ථක වේවා යන්න ලංකාවේ එජාපයේ ටොයියන්ගේ හා 3% හැර.... සියළු ලෝ වාසින්ගේ එකම ප්‍රාර්ථනාවය. .

වසර 30 ක් ඇදි යුද්ධයට වඩා කොරෝනා රටට කල බලපෑම ඉතා විශාලය. ඊට හේතුව ත්‍රස්තවාදයෙන් මිය ගියේ දෙපැත්තේම අට පාස් උන් පමණක්ම වීමත්කො.... කොරෝනාට ක්ලාස් එක අදාලම නැති වීමත්ය.

ඊටත් වඩා ආතල්ම සීන් එක වන්නේ... මෙයින් වඩාත් පීඩාවට පත් වී සිටින්නේ.... ටොයියන් නොවූවත් වෙන්න ටොයි පන්තිය වීමයි.....

ඔය ඉතාලියේ හා කොරියාවේ රැකියා කරනා උන් ඉන්නේ අමුතුම මානසික මට්ටමකය.. ඔවුන් කොතරම් මෝඩයන්ද කියා මෙරටට පැමිණි විට... මෙරට ගැන උන් විසින් බුකියේ දමනා පෝස්ට් වලින් හොදින් බලාගත හැකිය..
උන් මෙරටේදි හැසිරෙන්නේ හා ජීවත් වීමට උත්සාහ කරන්නේ උන් බැල මෙහෙවරකම් කල ස්වාමියාගේ ලෙවල් එකෙන්.....

ගුවන් තොටුපලේදී උන් පෙන්නුවේ උන්ගේ එම මෝඩකම හා උද්දච්ඡකමය....

ඕකුන් ඔය ඉල්ලන ෆැසිලිටි උන්ගේ ස්වාමුවරුන්ගේ වාසස්තානවල තිබුනද.... මුන්ගේ අති බහුතරය ජීවත් වෙන්නේ කොළඹ මුඩුක්කු වැනි අගුපිල්වලය... ලන්ඩන් තියා පැරීසියේ වුවද තත්වය එයය... කෑමද එසේමය... සම හරක් බඩට කන්නේ නැත....

උන් මහා පම්පෝරිකාරයෝ වූවද.... අන්තීමට උන්ට පිහිට වූයේ තමන් උපන් දේශයමය... අට පාස් හිඟන්නෝය...

අද රට විශාලවක් කරේ මේ කාළකන්නින්ය.

ඒ එක පැත්තකි... අනෙක් පැත්ත කුහක දේශපාලනයයි....

දැන් කියන්නේ චන්දය තියන්නේ නැතුව පාර්ලිමේන්‍තුව කැදවන්න කියලාය.... ඒ රටට ආදරේට නොවේය... තමන්ගේ පැන්සොන් එක ඇප්‍ෲ කර ගන්නටය...

ඝෝඨා ජනාධිපති වීමෙන් පසු බිහි වූ ආන්ඩුව සුලුතර ආන්ඩුවකි... රජයෙ කටයුතු පවත්වාගෙන යාමට මුදල් නොමැති හෙයින් ගෙන ඒමට උන් අතුරු සම්මත ගිණුම පාස් කරන්න දෙන්නේ නෑ කිව්වේ... අද රටට මාර ආදරේ එකෙක් සේ පෙන්නන බූරුවා හා උගේ හාතයි බූරූ සංගමයය....

එවෙලේ ආන්ඩුව කීවේ.... ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවය...

කොරෝනා තියා මොන මළහත්තිලව්ව මැඩලන්නත් අවශ්‍ය මුදල් සම්මත නොකරන කාළකන්නින්.... පාර්ලිමේන්තුව රැස් කරන්න කියන්නේ මුන්ට ගෙවල් වලින් දෙන කෑම දිරවන්නේ නැති නිසා හෝ සැපට නිදා ගැනීමට වෙන්න ඕනෑය....

රනිල් කියන්නේ උපන් ගෙයි ගොනෙක් කියා කියන්නේ අප නොව සජිත්ගේ හාතයි බූරූ සමාගමය.....

සජිත් කියන්නේ බූරුවෙක් බව කියන්නේත් අප නොව එජාපේ සමනල්ලු සැට්ටෙකය....

තාම මුන්ට නාම යෝජනා ටික හදාගන්න බැරිය... ඉල්ලන්නේ මොන ලකුණෙන්ද කියා දන්නේ නැතිය... ඉල්ලන දිස්තිරික්කේ දන්නේ නැතිය... ජාතික ලැයිස්තුවෙන් පැනගන්නවාද එහෙම නැහ්නන් ඉල්ලන් කනවාද යන දෙගිඩියාවෙන්ය.. එකාට එකා නැත..... ත්‍රස්තවාදින් ඔක්කෝම බූරුවාගේ කාර්‍යාලයේය....

ඉතින් චන්ද කොරන්නේ කොහේද... දැන් චන්දෙ එපා... ඒ සල්ලි කොරෝනා වලට දාන්නෙයි කියා දොලදන් සිත් පහළවෙලාය...

මූන් හිතන්නේ බොත්තම ඔබපු ගමන් කොරෝනා බයේ දුවනවා කියලාය...
ෆේස් මාස්ක් එකක් දුන්නාම වෛරසේ රෙද්දේ හැමිනිලා ගේම් ක්ලෝස් කියලාය....

මුන්ගේ ගොන් උපදෙස් නැතිවාට ලෝකයේ අන් සෑම රටකටම වඩා හොදම සිස්ටම් එකකට.    නිරෝධායන වැඩපිලිවල යනවාය...

ඊයේ කොරෝනාවලින් ජනාධිපති බය කරන්නට ආ ගොම සංගමේ උන්ට උන්නැහේ බේතුත් දුන්නාය......

මේ ක්‍රියාදාම ගැන බූරුවන්ටවත්... බූරූවා කරේ තබාගෙන යන උන්ට රිපෝට් කරන්න ඕනෑ නැතිය..  වෝනින් 92 ක් එද්දී මෙ ගොන්නු ටික සහරාන් නිරෝධායනය කල හැටි හෙලි උනේ මාධ්‍යකරනය දන්නා සුද්දෙක්ට ආරක්ෂක ලේඛමා මාට්ටු වු නිසාය.....

අව්රුදු 30 ක් දිනන්න බෑ කියා වවාගෙන කෑ කාළකන්නින්ට හැමනියන් කියා... වැඩේ කරගෙන ගියාම හරිය....

මෙය පියවි ඇසට නොපෙනන බෝම්බයක් නිසාත්... බෝම්බේ බැදගත් සුවිසයිඩර් බොමර්ස්ලා... රෝයල් තෝමියන් බලන්න.... සිරිපාදේ නගින්න.... උණවටුනේ නාන්න යන නිසාත්වැ.... වැඩේ ලේසි වෙන්නෙ නැති උනත්....

සමහර විට පුත්තලම් බූරුවෝ ටික ගාල් කරන්නත් සිඳු වෙන්නට පුලුවනිය.....

මෝඩයන්ට උත්තර නොදී.... ඔපරේසොන් එක සිස්ටමැටිකලි ගෙනිච්චාම ගේම ඉවරකර ගන්න ලේසිය....

එතකන් ක්‍රෝටන් කොල කෑ ටොයියන්ට තියෙන්නේ අඩු කල මිළට පරිප්පු කකා... බයිලා ටිකක් ගහගෙන හූල්ල හූල්ලා ඉන්න එකය....

සංඛ්‍යා ලේඛනත් දිනපතා ප්‍රසිද්දියට පත් කරන නිසා.... අපේ අනුර කුමාර සහෝදරයාට වොරි වෙන්න දේකුත් නැතිය...

පැත්තකට වී තුන බේරා ගන්නේ කෙසේදැයි කියා.... කවදා හෝ දිනන තුරු බලා සිටිනා Till Win සහෝදරයා සමග සාකච්ඡාවක් දමා වෙඩි වාගේ ගේමට ආවාම.....

අපිටත් පොඩි සපෝට් එකක් දිය හැකිය....

ඒ වගත් මෙසේයෑ............

Mar 7, 2020

බැටල් ඔෆ් ද ගූස්.... හෙවත්... මහා කක්කා සටන



මේ සැරේ ඉලෙක්සොන් එක පට්ට ආතල් එකක් ගන්නට හැකි එකක්ය...

මෙතෙක් කල් ජනතාව හැම පක්ෂයේම උන් හොරුය කීවාට... පාක්ෂිකයා හා දේශපාලුවාට තමන්ගේ එකා පිරිසිදු නල්ල මලේ එකා විය.....

මට මතක විදියට පක්ෂවලට හෙන ගහන්න පටන් ගත්තේ ලොකු ප්‍රේමේ හෙවත් රණසිංහ ප්‍රේමදාසට ගෙනා දෝෂාබියෝගයේ සිටය...

සිරි ලංකා එකේ උන් එකා දෙන්නා කඩාගෙන ගොස් පක්ෂ පිහිට වූවද...  ඒවා ජනතාවට හෝ රටට හෝ මැතිවරණවලට හෝ විශාල බලපෑම් එල්ල කල ඒවා නොවීය....

එහෙත්, ලලිත් ගාමිණී රාජාලියාගෙන් පැමිණීම.... එජාපයේ විශාල පිපිරීමක් ඇති කලේය... දෝෂාභියෝගයේදී මොන තරම් චෝදනා දෙපැත්තට එල්ල කර ගත්තද... දෙපැත්තම කම්බා හොරුන් වූ නිසාමදෝ... එම චෝදනාව දෙපැත්තෙන් එකෙකුටවත් එල්ල නොවූයෙන්... අදටත් ඒ අය වැජඹෙන්නෝ මාරම සැට්ටෙකක් ලෙසය...

එහෙත් උන් දෙගොල්ලාගේම කෙරුවාවන් දන්නෝ දන්නවාය...

මහින්ද මහත්තයා මොන සෙල්ලම් දැම්මද... විමල් උස්සා ජේවීපීය කුඩු කලද.... එජාපය කුඩු කිරීම්ට උන්නැහේට පුලුවන් වූයේ නැත... කරූ උස්සා සෙල්ලමක් දැම්මද.... කරූට සිඳුවූයේ බල්ලා වගේ නැවත පැමින රනිල් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නටය....

එහෙත් කිලී මහරාජා විසින්... එජාපයද, ශ්‍රීලනිපයද, සිරිසේන නම් නරුම දේශපාලුවා හරහා කුඩු කර දැමීමට ගතවූයේ ඉතා සුළු කාලයකි.....

ශ්‍රීලනිපය කුඩු වී එහි බහුතරය පොහොට්ටුවට ගියද... රනිල්ගේ දක්ෂතාවය හා සජිත්ගේ අදක්ෂතාවය නිසා.... සිරාගේ පාලන කාළය තුලම සිරිසේන ලවා සජිත් අගමැති කොට එජාපය කුඩු කර දැමීමේ වෑයම.... සිරිසේනට කෙලවෙන තෙක්ම කර ගැනීමට කිලී මහරාජාට හැකිවූයේ නැත...

නමුත් කිලීගේ මාධ්‍ය ජාලයෙන් රනිල් කම්බා හොරෙකු කල අතර... රනිල් පාර්ෂවය කීවේ නිවාස අධිකාරියේ හා මධ්‍යම සංස්ක්‍ෘතික අරමුදලේ මුදල් වලට සජියා කෙලපු බවය....

මේ අනුව එකිනෙකා හොරා කියන්නේ ප්‍රතිපාක්ෂිකයින් නොව එකපතේ කෑ එක පක්ෂයේම උන්ටමය..

ඒ අනුව සජිත් කියන්නේ රනිල්ලා හොරු කියලාය... රනිල් කියන්නේ සජිත්ලා හොරු කියලායා.... සිරිසේන කියන්නේ රාජපක්ෂලා කම්බා හොරු කියලාය... රාජපක්ෂලා කියන්නේ සිරිසේනට ගහන්න හොරෙක් එතෙක් මෙතෙක් බිහි උනේ නැතෙයි කියලාය....

ඒ අනුව බැටල් ඔෆ් ද ගූස් හෙවත්...  එකිනෙකාට ගූ ගසා ගැනීමේ මහා සටන දැන් ඇරඹිලා තියෙනවාය....

ඉදින් දැන් ජනතාව තීරණය කල යුත්තේ... මේ රටේ සම්පත් උලා කෑ කම්බා හොරුන් තව දුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවට යවා.... එය තව දුරටත් ගව ගාලක් කොරනවාද...

එසේ නොමැතිනම් චෝදනා කිසිත් නොමැති උන් පාර්ලිමේන්තුවට යවනවාද කියාය....

Mar 4, 2020

උපාධිදාරී රැකියා ලබා දිය යුතුය...




මැකෝ එම රැකියා ලබා දීමට කොක්ක ඇදීම මාතලන් නම් දකින්නේ අනුවන ක්‍රියාවක් ලෙසය...

මෙම රැකියා ලබා දීම හදිසියේ කළ දෙයක් නොවේ...

එය දේශපාලනයෙන් තොර අවංක වැඩපිලිවලක් බව මුල සිටම දිස්විය....

70000 ක් පමණ ඉල්ලීම් කලද.... ඇප්ලිකේසොන් එක නියමාකාරයෙන් පුරවා ගන්න බැරි උන් මුලින්ම හැලුනි....

ඉන් පසු සම්මුඛ පරීක්ෂණවලදී තව පිරිසක් හැලිනි....

සම්මුඛ පරීක්ෂණද සිදුවූයේ මෙතෙක් කලක් පැවති මජර සාම්ප්‍රදායෙන් සම්පූර්ණයෙන් බැහැරවය....

ඔවුන්ගේ පත්වීම් ලිපි ලබාදුන්නේ පාර්ලිමේන්‍තුව විසිරීමට පෙරය....

සියල්ල විනිවිදබාවයෙන් සිඳුවූයේ කිසිඳු දේශපාලන විවේචනවලින් තොරවය....

තේරී පත්වූවන් අතර ... ආන්ඩුවේ රැකියාවක් නිසා... මෙතෙක් කළ රැකියාවෙන් ඉවත් වූ අයද සිටිය හැක....

දැන් රැකියා ලැබුනාට වඩා නොලැබුනහොත්...., ඔවුන්ගේ පවුල් පිටින් ආන්ඩුවට චන්දය ලබා දෙනු ඇත....

රැකියාවක වටිනාකම දන්නේ රැකියාවක් නැති එකා හා... එක් දිනක් හෝ රැකියාව නොමැතිව උන් අය පමණි....

ආන්ඩුවේ රැකියා ලබා දීම් වලට පෞද්ගලිකව විරුද්ධ වුවද....

මෙහි කිසිම දේශපාලන අරමුනක් නොවූ බව මුල සිටම පෙනිනි...

මැකෝද.... අපද පතනා..... පොදු අරමුනක් කෙරේ වත්මන් ජනපති ගමන් කරනා බව පැහැදිලිව පෙනේ.....

එවන් අවංක පුද්ගලයකු, අවංක චේතනාවෙන් කල සද්කාර්‍යයකට, තම බලතල යොදා ගනිමින් හරස් වීම....

මැකෝ වැනි මානුෂිකත්වයට ගරු කරනා මිනිසකුගෙන් අප කිසිසේත් බලාපොරොත්තු නොවේ.....

රැකියාවක් යනූ මූලික මිනිස් අයිතිවාසිකමකි....

කෙහෙල්මල් චන්දයක් නිසා මිනිසකුගේ ආදායම් මාර්ගයක් මාස දෙකකට නවතා දමන්නේ නම්....

එය සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි යන්න මා නම් දන්නේ නැත...

මැකෝ සටන් කල යුත්තේ ජනපතිවරණයේදී, ගෙවිය යුතු මුදල් මෙතෙක් නොලැබුන උන් වෙනුවෙනි.....