කුමාරවරුන්ට මක්කා වේවිද?
(පුතානෝ, පියානෝ හා මයිනෝ)
➖➖➖➖➖➖➖➖➖➖🔵➖
මෙවර ජනාධිපතිවරණය සඳහා කුමාරවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින්නේය.. දෙදෙනෙක් පිය උරුමයෙන් කුමාරවරුන් වනාතර.... අනෙකා දේශබන්දු තෙන්නකෝන් මෙන් "බර්ත් සැටිපිකේට්" කුමාරයෙක්‍ය... ඇත්තටම එයා රාජ කුමාරයෙක් නොව... ගමේ කොල්ලෙක්‍ය... ගම තඹුත්තේමය.... අනෙකා උපතින්ම රජ පරපුරේ වුනත් කුමාරයෙක් නොව බෑනා කෙනෙකි...
අප මේ පල් හෑල්ලේදී සලකා බලන්නේ... කුමාරවරුන් දෙදෙනා වන සජිත් හා නාමල් ගැනය. එනම් පුතානෝ හා පොඩි මයිනා ගැනය.... දෙදෙනාගේම පියානෝලා රටේ මහ රජ්ජුරුවෝ වූ අතර... දෙදෙනාම දක්ෂ හා දරුණු ඝනයේ පාලකයන්ද විය... එකෙක් දකුණේ ත්‍රස්තවාදය විනාශ කල අතර... අනෙකා ඊට වඩා දස දහස් ගුණයකින් බලවත්.... එවකට ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේය.
නාමල් දේශපාලනයට එන්නේ පරදින බව දැන දැනත් දේශපාලන අනාගතයක් ගොඩනගා ගැන්මටය යන්න දේශපාලන විස්ලේසොකයින්ගේ මතයය... එහෙත් ඔහුට එය කළ හැකි වේද යන්න අවිස්වාසබල්‍ය.
ඔහුගේ වන්දිභඨ්ඨයන්, කේවට්ටයන් හා සට්ටැම්බිරාළ වරුන් ඔහුට කරන්නේ විනාශයක්ම මිස සුගතියක් නොවේමය.
දේශපාලන විකාරකයින්ට අනුව මේ පෙන්නන්නේ බයිස්කෝප් එකක් නම් ඒක මහා ප්‍රචාරයක් දී පෙන්වූ මයි රෙඩ් කොම්‍රෙඩ් ජාතියේ බංකොලොත් බයිස්කෝප්පෙකක් බව කියන්නේ බොහෝ කනගාටුවෙන්‍ය.
සජිත්ගේ පියාද රටේ ජනාධිපති වූ මුත්... පියානෝ රජ කළ සමයේ ඔහු උන්නේ එංගලන්තයේය. එබැවින් ඔහු රටේ දේශපාලනයට කිසිඳු අයුරකින් සහභාගී නොවුනාක් මෙන්ම... එම නිසාම බලයෙන් මත් වී පිස්සු කෙලින්නට නොගියේය. නිධන් කතා හා ගෑණූ කේස් එකක් දෙකක් ගැන ගොසිපක් ගියද... ඒවා කිසිවක් වැදගත් මාතෘකා වූයේද නැතිය.
එබැවින් රනිල්ගෙන් පසු ලෙහෙසියෙන්ම පක්ෂයේ නායකත්වය ලබා ගැනීමේ හැකියාව ඔහු කොහොමත් ගොඩ නගා ගත්තේ ... පාක්ෂිකයන් අතර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ නිසාත්... නායකත්ව ගුණාංග වඩ වඩාත් ප්‍රකට කළ නිසාත්මය.
ඔහු දේශපාලන වශයෙන් කෙතරම් බලවත් පුද්ගලයකුද යන්න ඔහු පෙන්නුවේ පක්ෂය කඩාගෙන ගොස් සජබය ගොඩනගා පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදීය.
නාමල්ටද එවන් තත්වයක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුනද... රාජපක්ෂලාගේ මෙන්ම නාමල්ගේද උද්දච්ඡ කම හේතුවෙන් එම අනගි අවස්ථාව ඔහු අහිමි කරගත් බව මාතලන්ගේ මතයය.
ධම්මික පෙරේරා ඉදිරිපත් නොවන බව ප්‍රකාෂ කිරීමෙන් ඉනික්බිති මොළ හතක් ඇති උන්නැහේට මෙන්ම හිටපු රජාටද කරන්න තිබුනේ.... අඩි එකක් නොව දහයක්ම පස්සට ගෙන.... කට පුප වසාගෙන මැදමුලනට වී කුරහන් තලපයක් විකාගෙන.... මේ ආතල් එක දිහා බලාගෙන ඉන්නා එකය.
එහෙත් ඒ වෙනුවට රාජපක්ෂලා කළේ.... තම ගෝල බාලයො සියල්ලෝම තරහා කර ගන්නා එකය.
ඇත්තටම ඔවුන්ට මහින්ද හා බැසිල්ගේ ගෙම්බර් බල බලා මැදමුලන වහලුන් මෙන් ඉන්නට සිඳු වූවත්.. මහින්ද මහත්තයාගේ මනුස්ස කම නිසා ඔවුන් එය ඉවසාගෙන උන්නේය.
එහෙත් බලය ඇති කාළයේ පිස්සු කෙලිමින්... පක්ෂයේ වැඩිහිටි මන්ත්‍රිවරුන්ටද අයියා පාට් දමමින්.... මහින්ද මහත්තයාත් විනාශ කළ නාමල් සමඟ.... පක්ෂය වෙනුවෙන් කට්ට කෑ පමණක් නොව මැයි 9 වනදා තම තමන් හරි හම්බ කරගත් දේපලද අහිමි කරගත් වුන් සිටියේ මලෙන් බවත් ප්‍රසිද්ධ රහසක්මය. ඒ බව කියන්නේ අප නොව රජපක්ෂලා වානා කියූ අයමය....
උනුත් බල බලා උන්නේ.... රාජපක්ෂලාට මෙන්ම විශේෂයෙන් නාමල් හා බැසිල්ට පාඩමක් උගන්වන්න අවස්ථාවක් ලැබෙනා තෙක්‍ය....
සාමාන්‍යයෙන් දේශපාලුවන්ට මොළේ නැතෙයි කියන්නේ බලය ඇති වෙලාවේය. එහෙත්, මහින්ද බැසිල් මෙන්ම නාමල්ද පෙන්නුවේ.... ඔවුන්ට බලය නැති වේලාවේත් මොළේ කළඳක් හෝ නැති බවය.
එම නිසා සජිත් සෙමෙන් සෙමෙන් ආ ගමන.... නාමල්ට පැමිණිය හැකි වේයයි මාතලන් නම් සිතන්නේ නැතිය.... එය, සෑම අතින්ම සජිත්ට වඩා දේශපාලනය හා අනෙකුත් විශයයන් පිළිබඳව පරිචයක් තිබූ තරුණ නායකයකුට කළ අපරාධයක් බවද නොකියා සිටිය නොහැකිය...
ඒ වගත් මෙසේය...
.

.jpg)








.jpeg)




