.

.
Showing posts with label Maathalan. Show all posts
Showing posts with label Maathalan. Show all posts

Apr 23, 2024

චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න, මනෝරම සහ සෙයිලමට ආ..... හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ (සින්තටික් සිහිණයේ සූරසේනලා)


 

චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න,

මනෝරම සහ සෙයිලමට ආ.....

හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ 

(සින්තටික් සිහිණයේ සූරසේනලා)

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මේය ටිකක් දිගු ලිපියක් වේවීය 

කැමති එකෙක් කියවගනිල්ලාය...


ලාංකීය සමාජයේ තියෙන අනන්‍යතා අතරින් ප්‍රධානම එකක් වන්නේ බොරුවෙන් ජීවත් වීමය.


 කෙනෙක් මලායින් පස්සේ උගේ ගුණ විතරක්ම කියන්න ඕනය කියලා හදාගෙන තියෙන්නේ එහෙම එකක්‍ය. ප්‍රසිද්ධියේ ගුණ වයා... කනට කොඳුරා කියන්නේ නුහුගුණේය. පෝස්ට් එකේ ගුණ ලියා... ඉන්බොක්ස් එකේ අරූගේ පට්ටන්දරේ ලියා එවනවාය. 


මාතලන් යනු එහෙම දෙබිඩ්ඩෙක් නෙමේය. කියන්න ඕනෑ දේ කට කැපුවත් කියනා එකෙක්‍ය. ඒ ගතිය නවත්තන්නට මොකෙක්ටවත් බැරිය. එය මා යුදෙව්වන්ගෙන් උගත් අගනා පාඩමක්මය. මාතලන් යනු මූනිච්චාවට ජීවත් වෙන එකෙක් නොව, සැමදා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අවංකව පෙනී සිටිනා එකෙක්‍ය.


මොනම සමාජයකවත් හොඳ මිනිස්සු ඇත්තේ නැතිය. ඉන්නේ හොඳ නරක දෙක මික්ස් වෙච්චි උන්‍ය. මේ හොඳ නරකද එක එකාට අනුව සාපේක්ෂය.


2015 යහපාලන රජය බලයට පත්වන තෙක්ම චතුර වෙල්ලගේලා මෙන්ම අපද උන්නේ පාක්ෂික වශයෙන් එකම දේශපාලන කඳවුරකය. ඒ විවෘත ආර්ථිකය පිලිගන්නා නව ලිබරල් කඳවුරේය. එහෙත් විශේෂත්වය වූයේ ඔවුන් අම්බ දේශපාලන වහලුන් වීමත්... මා මධ්‍යස්ථ මතධාරියකු වීමත්‍ය.


මාතලන් පෙනී සිටින... නිදහස් ලිබරල් විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කරන්නේ මැදමුලනේ හාදයෙක්ද, තඹුත්තේගම හාදයෙක්ද, කෙසෙල්වත්තේ හාදයෙක්ද, දිලිත්ද, ධම්මිකද යන්න කිසිසේත්ම අදාල නොවනාතර... මාතලන් ඌ හෝ ඈ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේය. 


මේ බව ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙක් වෙන... ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම හිතවතාද ලියා තිබුනේය. ඒ සහතික ඇත්තය. අනාගතයේ අනුර කුමාරයා අනුගමනය කරන්නේ එම ප්‍රතිපත්තිය නම්... අනුර කුමාරට ප්‍රසස්ති ලිවීමට මාතලන් කිසි දිනෙක පැකිලෙන්නේ නැතිය.  ඒ මාතලන් දේශපාලන වහලකු නොවනා නිසාමය. 


(දැන් ඉදිරියට ආර්ථිකය දුවන්නේ IMF අධීක්ෂණය යටතේ නිසා අනාගතයේදී මොකා ආවත් අවුලක් වන එකකුත් නැතිය.)


එබැවින් උග්‍ර රාජපක්ෂ විරෝධියකු වුවද, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල මෙන්ම අධිවේගී මාර්ග, නෙළුම් කුළුණ පෝට් සිටිය මෙන්ම ගෝල්ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විකිණීම වෙනුවෙනුත් පෙනී උන්නේ ඒ නිසාමය. මේවාට අජිත් පැරකුම් ජයසිංහ මෙන්ම රොහාන් සමරජීවද සාක්ෂි දරනු ඇතිය.


රාජපක්ෂලා ජනේලේ එල්ලා ගෙනා යහපාලනය කෙලින්නේ අමු පිස්සුවක් බවත්, සිරිසේන කියන්නේ අමු පිස්සෙක් බවත්.. රනිල්ලා මෙන්ම පාඨලීලාද කෙලින්නේ අමු පිස්සුම බවත්.. යහපාලනේ ඇවිත් සතියක් යන්නටත් මත්තෙන් මාතලන්ට ලියන්නට හැකි වූයේත් මේ නිසාමය.. 


පෝට් සිටියේ මුල් ගල ගලවා මුහුදට විසිකල... මත්තල වී ගබඩා කළ ....රනිල්.... නිර්දය ලෙස විවේචනය කළේත් එනිසාමය. මේවා මොකා කළත් තන් ගොකතීරූ අමන අම්බරු වැඩය. රටේ ප්‍රධානම පෙලේ සංවර්ධන යෝජනා ක්‍රම කිසිවක්ම ක්‍රියාත්මක නොවූ අතර, ණය වෙවී කළේ රජයේ හිඟන්නන්ට පඩි ගෙවිම විතරමය.. රනිල්ට ඇපත් නැතිව ගෙදර යන්නට වන්නේ මෙනිසාමය.


සියල්ල ඇරඹෙන්නේ එතැන් පටන්ය. වෙල්ලගේලා ප්‍රමුඛ ටොක්සික් දේශපාලන වහල් බලකාය විසින්.... මාතලන් මැදමුලන කක්කුස්සි හෝදන එකෙක් ලෙස හඳුන්වන්නට පටන් ගන්නේ මා ගෝටාට රෙදි නැතිව කඩේ යන බව කී නිසාය. 


(ඒ ගල් මූසලයා අප බලාපොරොත්තු තැබූ ගෝටා නොව එතෙක් මෙතෙක් රට පාලනය කල අමු ගොබ්බ පාලකයා බව දැන් ඔප්පු වී හමාරය. ඒවා ලියන්නටද අප කිසි දින පැකිලෙන්නේ නැතිය.)


වෙල්ලගේ කඳවුර මගේ පෞද්ගලිකත්වය සොයාගෙන ඒවාට පහර දෙන්නට පටන් ගන්නේ එතැන් පටන්ය. එහෙත් උන්ගේ තත්වයට පහතට වැටීමේ අවශ්‍යතාවයක් මට නොවූයේ, වසර ගනනක් තිස්සේ..මේ තුච්ඡ ලාංකීය සමාජය... මජර දේශපාලනය... පාදඩ ජඩමාධ්‍යකරණය ගැන මෙන්ම ටොක්සික් රෝගීන් වීරයන් සේ වැජඹෙන... සමාජ මාධ්‍ය ක්ෂේශ්ත්‍රය ගැනද හොඳ අවබෝධයක් මා හට තිබූ නිසාමය. 


එවන් පාදඩයන්ට "රෙද්දේ රෙවෙන.." කතාව මුලින්ම ලිව්වේ මාතලන්‍මය. එය උන්ගේ කන හරහා වැදුනාක් මෙන්ම.... ගෝටා චන්ද ලක්ෂ 69 ක් ලබාගෙන උඩින්ම දින්නේය. රෙද්දේ රෙවුන උන් හත්පොලේම ගාගෙන අපේ ඇඟෙත් උලන්නට ගන්නේ එතැන් පටන්ය. එහෙත් අප උන්ගේ පැටිකිරිය සොයන්නට ගියේ නැත්තේ.... මුන් පොදු කුලකයක් බව ඒ වන විටත් හඳුනාගෙන උන් නිසාය.


මුන්ගේ හැදියාවන්... පවුල් පසුබිම් හා හැසිරීම් ගැන විශ්ලේශනාත්මක අධ්‍යයනයක මා නිරතුරුවම යෙදී උන්නේය. ඒ උන්ම ලියූ කියූ දෑ තුලින්මය. තමුන්ගේ ගං කබර භාවය නොලියන මෙන් මා කීප දෙනෙකුටම උපදෙස්ද දුන්නේ... උන් ගොඩනගාගෙන ඇති ඉමේජ් එකට ඉන් අනතුරක් විය හැකි නිසාමය. 


ඒ බව දැන් තහවුරුය. මුන් සියල්ලෝම හද්දා පිටිසරින් සෙයිලමට පැමිණි අමු ගං කබරුන්මය. උන්ගේ දෙමාපියන්ගේ තත්වය.... අර අරගළය ජයග්‍රහනය කළ වෙලේ... වොයිස් කට් එකක් දුන් අරගල භූමියේ එළෝළු වවපු තාත්තා.... මේක බොන්න ඕන ප්‍රශ්ණයක් කියා සරම කඩලාම පෙන්නුවේ.... අරගල වීරයෝ ඔල්මොරොන්දම් කරමින්‍ය. උන් ගම්වල කසිප්පු කාරයෝය. හැබයි උන්දැගෙ දෝනියැන්දා සමාජයේ ජීවත් වුනේ කුරුඳුවත්තේ ලමාතැනී කෙනෙක් වගේය.


මුන් ඈත පිටිසර ගම්වල කසිප්පු කාරයන්ගේ දරුවෝ වනාතර. ගංජා සන්නාගේ සිසු පරපුරය. දීප්ති කුමාර ගුණරත්න මුන් හඳුන්වා දෙන පරිදි.... විජේවීරවාදී ජෙප්පන්ගෙන් වෙන්වන්නේ එතනදී පමණමය. ගංජා සන්නා කියන්නේද එරියස් කාරයෙක්මය. තර්ස්ටන් ගිය එකාගේ ගුබ්බෑයම....  රෝයල් තැප්‍රොබේන් වෙන්නේ හිස්තැන පිරවීමටය. ඌත් පල් හොරෙක් බව නැවතත් ඔප්පු වී අහවරය. 


මෙය ඉතා කුඩා කණ්ඩායමක් වනාතර කිසිඳු තැනක පිලිගැන්මක් නැති. පර්සනැලටියක් නැති.. කොනේ සිටිනා හාල්පාරුවෝ පිරිසක්‍මය. ඒ බව මාතලන් විසින් විවිධ ස්ථානයන්හීදී මෙන්ම, අරගලයේදීද අධ්‍යයයනය කළේය. මුන් වීරයෝ වන්නේ යුන්කෝඩ් අතරේ විතරමය. ඒ නිසා මින් මතු ලිපි වල මුන් යුනිකෝවරුන් ලෙස මා විසින් නම් කරන්නේ මේ වර්ගයේ තවත් දරුණු මානසික රෝගීන් කිහිප දෙනෙක්ම තවමත් යුනිකෝඩ් අතරේ සැරිසරනා නිසාමය.


හැබයි මුන් සමාජයේ පෙනී සිටින්නට ගියේ සුනේත්‍රා බණ්ඩාරනායක පාක්‍යසෝතී සරවනමුත්තුලාගේ පන්තියේ පසුබිමක් සහිත නෝනා මහත්තුරුය කියලාය. මුන්ට සංසාරයේ උන්ගේ සමාජ තත්වයට තබා... වාසුදේව හා මංගල සමරවීර පවුල්වල තත්වයටවත් ලඟාවිය නොහැකි බව පසක් වූ කළ... ගමටත් නැති රටටත් නැති ටොක්සික් හාල්පාරුවෙක් බවට පත්වන්නේය.


මේ ග්‍රාම්‍යවාසි හාල්පාරුවන් පිළිබඳ අපූරූ ටෙලි සිත්තමක් මා හිතවත් අසෝක හඳගම හිතවතා විසින් බොහෝ කළෙකට ඉහත "සින්තටික් සිහිණය" නමින් රටට පිඳුවේය. මේ ටොක්සික් රෝගීන් ගැන හඳයා කතා කළේ කාලාත්‍රයේ ඉදිරියට ගමන් කරමින් වීම.... අපූරූ අහම්බයක්මය.


ඇත්තටම මුන්.... ෆුකෝලා, ඩෙරිඩලා, ලැකාන්ලා වෙන්න ගියාට.... who cola ගත යුතු "පළිඟු මැණිකේ" නාට්‍යයේ සිටී... පුරෙන් ආ පිස්සු හුටන් සූරසේනලාමය.


ඒ වගත් මෙසේය.....


..................................................................


මනෝරාමගේ පෝස්ටුව

➖➖➖➖➖➖➖➖➖


මම නම් මිනිස්සු පොදුවේ ගත්තහම සමාජයට වන බලපෑම, වැඩි වශයෙන් අවුල් නම් මළත් නැතත් විවේචනය කරනවා...


ඒ නිසා විවේචනයේ අයිතිය පිළිගන්නවා.


මඩ ගැහීමේ අවලාද නැගීමේ අයිතිය පිළිගන්⁣නේ නෑ...


කවුරුහරි අහනව නං ඒ දෙකේ සීමාව කොතනද කියලා, ඒක තමා 'බයිත්වය'  


බයිත්වය අනුව තමා ඉතිරිය තීරණය වෙන්නේ...


මම බයියා මොකාද කියල අඳුරනවා... සතා අඳුරන නිසා පරිස්සමින් තමා ඉන්නේ... !!!


මාතලන්ගේ කොමෙන්ටුව

➖➖➖➖➖➖➖➖➖


කෙනෙකුගේ දේශපාලන මතය නිසා පෞද්ගලිකත්වයට ගහන්නේ බයියෝ නම්...


චතුර වෙල්ලගේ කියන තිරිසනා තමා බුකියෙ හිටපු හොඳම බයියා...

............................................................................


වෙල්ලගේ වැනි ටොක්සික් රෝගින් පිළිබඳ 

දීප්තී කුමාර ගුණරත්නගේ මතය

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මාතලන් යකා ගොඩදෙනෙක් බොරැ සදාචාරවාදියෝ වෙලා. අවස්ථාව ලැබුණොත් ගහලා,කුඩුකරලා,මරලා,ගිනිතියලා දාන්නත් ,  යනඑන මගක් නැතිව අසරණ වී බිත්තියට හේත්තු වුණු විට නොසිතන තරම් නිවට,දීන වී සියල්ල පාවාදීමටත් හැකි මනෝභාවය  මේ සමාජයට එන්නත් කලේ විජේවීරවාදය .


මේ පිස්සන්කොටුවේ කිසිදු පදනමක් නැති මනෝවිකාර ,හිතලු කියවමින් ,අනෙකාගේ විනෝදයට වෛර කරන කාලකන්නි මනෝභාවය පහුගිය අවුරුදු 10ක් හැදුවේ විජේවීරවාදය .


ගල්කිස්සේ සෙවලයා,දෙනියායේ ප්‍රේමවතී වැනි මොකට ජීවත්වෙනවද කියලා නොදන්න තමන් සමග ලෝකයම අලු වෙන්න පතන විශ මනෝභාවයන් මේ සමාජයට ගොඩනැගුවේ විජේවීරවාදය .


මේ සමාජයට සැබෑවට හුස්ම ගන්න නම් ඇත්තටම තව කාලකන්නි කුහකයෝ දාහක් මැරෙන්න ඕනි.


ඒ අතර සත්‍යවාදීයොත් මැරෙනවා.

ඒක දෙවියන්ගේ කැමැත්ත.

.

Jan 27, 2023

මාතලන් ඉට්ටැයිල් (මා නොදිරවන අයට විශේෂයෙනි)

 


මාතලන් ඉට්ටැයිල්

(මා නොදිරවන අයට විශේෂයෙනි)

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

.

මාතලන් දන්න උන් දන්නවා මාතලන් බුකියට එන්න කලින් බොග දාපූ එකෙක් කියලා.. (Blogger)


බොග දාන කාළයේ මාතලන් කියවලා තිබුන මගේම නෑයෝ මිත්තරයෝ, ඒ ලියන්නේ මම කියලා දැනගෙන උන්නේ නෑ. බොග දාපු අය අතරිනුත් මාව පෞද්ගලිකව දැනගෙන උන්නේ සීමිත පිරිසක්, ඒකට මුල් වුනේ දිණමින පත්තරේ නලීන් දිලෘක්ෂ සඕදරයා.


ඔය අතරෙ තමා එක්තරා අවස්ථාවක හොඳම බොගා ලෙස සම්මාණයක් ලැබෙන්නේ.. ඒ වෙලාවේ ඔක්කොම වගේ කිව්වේ උඹ එක්ස්පෝස් වෙන්න එපා කියලා.. ඒත් ඉතින් ඇගයිමක් කරාම ඒක පිලිගන්න ඕන නිසාත්.. ඒවාට පට්ට කැමති පෘතග්ජන එකෙක් ලෙසත් මම ඒක ගන්නවා..


ඊට පස්සේ මට මුණගැසුන සිවිල් සමාජයේ ප්‍රසිද්ධ එකෙක්වත්.... මගේ ලිවිල්ල අගය කලා මිසක් කවදාවත් වෙනස් කරන්න කියලා නෑ. ඒ අතර මම ගරු කරන මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙන නාලක ගුණවර්ධන හා චානුක වත්තෙගමත් ඉන්නවා.


ඒ වගේම විවිධ අවස්ථාවලදි ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් දෙයක් කරමු කියලා ආරාධනා කරපු අයටත් මගේ ආදරයක් තියෙනවා.. ඒවා නිහතමානීව ප්‍රතික්ෂේප කලත් ඒ අයට මගේ අදහස් හා යෝජනා මම නොමිළේම දීලා තියෙනවා... 


ඒ වගේම කොයි තරම් හිතවත් උනත්, තමන්ට අවශ්‍ය දේ මාතලන්ට කියලා ලියා ගන්න බැරි බවත්, එවන් ඉල්ලීම් කළ සියල්ලෝම දන්නවා.


හැබයි විශේෂයෙන් ඊයේ ලියපු ලිපියත්, බදු ගැහිල්ල හා කළු ඇඳිල්ල සම්බන්ධයෙන් දාන පොස්ට් එක්ක... රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලනයේ ඉන්න හිත මිත්‍රයින් රාශියක් පෞද්ගලිකවත්, මැසෙන්ජර් හා වට්සැප් තුලිනුත් කිව්වේ... ප්‍රොෆෙෂනල්ස්ලට ඔහොම ගහන එක හරි නෑ නේ මාතේ කියලා..


මෙහෙමයි... 


පොලිටික්කෝ අතරෙත්, රාජ්‍ය නිළධාරීන් අතරේත්, ප්‍රොෆෙෂනල් පොරවල් අතරෙත් ඉන්න අති බහුතරය පට්ට දූෂිතයි.. කම්බා හොරු.. වංචා කාරයෝ.. 


ඒකට.. පට්ටම, පංතිය පාසල පවුල් පසුබිම තනතුර අදාලම නෑ.. උන් එක්ක සිස්ටම් චේන්ජ් කිරිල්ල කෙසේ වෙතත්, තිබුන සිස්ටම් එකවත් නිසි ලෙස ගෙනියන්න බැරි වුන නිසයි මේ රටට මෙහෙම උනේ.. 


ඉතින් එහෙම උන් මා එක්ක අවුල් උනාට මට කිසි ප්‍රශ්ණයකුත් නෑ.. 

මොකද මට ෆෑන් බේස් හෝ දායක සභා මේන්ටේන් කිරීමේ රෝගයක් නෑ...


මාව රිපෝට් කරලා බ්ලොක් කරත්.. මගේ හිතවත් කම් නැති වුනත් ... මම ලියන්නේ මගේ ඉට්ටැයිල් එකෙන්... මෙච්චර දුරක් ආවේ එහෙම... 


මාතලන් සැර වැඩියි කියලා කියන අයට මට කියන්න තියෙන්නේ... ඇත්ත පත්තරේ සිරා හෙවත් බී ඒ සිරිවර්ධන කියන පුවත්පත් කලාවේදියා අධ්‍යයනය කරන්න කියලා විතරයි...


මගේ සීමාව මම දන්නවා.. එච්චරයි...


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...❤️


(පින්තූරේ ඉන්නේ මම නෙමෙයි... පත්තර ලෝකයේ පතාක යෝධයෙක් වෙච්චි... ඇත්තේ සිරා... හෙවත්... බී. ඒ. සිරිවර්ධන මහත්තයා)


.