.

.

Jul 31, 2011

සිහින තරුව - ආඩම්බරයක් - We can be Proud of Dream Star


දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුන කේශාන්ට ජය අත් කර දෙමින් නිමාවට පත්වීය. අවසාන තිදෙනාම ටැලන්ට් වූවද, කඩවසම් බවින් හා හුරුබුහුටි බවින් පිරි කේශාන්ට වැඩි වාසියක් ඇති බව කළක් සිටම පෙනෙන්නට විය. මෙවර මෙම තරඟයේ විශේෂත්වය වූයේ බයිලා වටයක් පැවැත්වීමයි. එහිදි කේශාන් ගායනා කල නිහාල් නෙල්සන්ගේ ගුණෙ අයියගේ කාමරේ ගීතයෙන් ඔහු බොහෝ සේ ඉදිරියට ගියේය. ඒ බව අවසාන තරඟයේදී කීර්තී පැස්කුවල් ඉල්ලීමක් කරමින් එම ගීතය ගායනා කරවීමෙන් වඩාත් තහවුරු විය. (සමාවන්න.. එය අනුගමනය කරමින් සිරසද බයිලා වටයක් ඉදිරිපත් කලද එය අහසට පොළොව මෙන් විය.)

Jul 30, 2011

සේකරගේ රිදුණු සිත........




රිදෙයි සිත සේකරගේ....
දල්වන්ට දුම්වැටිය....
රැගෙන ඔහු දුම්වැටිය...
තව එකෙක්, මහතැන් කෙනෙක්....
නැවත දෙයි නැත සිනා...
නොමැත ස්තූතියක්....
රිදුනි සිත සේකරගේ....
සංවේදී කවි සිතක....
මහ කලාගාරයක......

Jul 29, 2011

මං උඹේ කීකරූ බලු කුක්කා... - I am your obedience doggy


සින්ඩියක් එහෙම දාලා මූගේ ඔලුව නරක් වෙලාද කියල බලයි කෂ්ටිය.. මේක මම කාලේකට ඉස්සෙල්ල ලියපු කවියක් වගේ එකක්.. ඒක මගේ අලුත් බ්ලොග් එකේ දාන්න හදලත්, තවම ඒක එච්චරම පොපියුලර් නැති නිසා.. මේකෙම දැම්ම.. අනෙක් හේතුව ළගඳි ලස්සන බොගක් කියෙව්ව.. ඒකෙත් තිබුන මේ මාතෘකාවටම කවියක් වගේ එකක්.. ඒක ගැන ඔන්න අඹ ගහ යටින් ෆුල් පබ්ලිසිටියක් දීල තියෙනව.. ඒකත් බලල මේකත් කියවල බලන්නකො...

***************

මා එක්කම ඉපදිලා....
මාත් එක්කම මැරෙන්න බාලාන.. (සමහර විට ඌ මට ඉස්සෙල්ල මැරෙන්නත් පුළුවන්.. අනේ දෙවියනේ එහෙම දෙයක් නම් වෙන්න එපෝ....)
බව්වෙක් ඉන්නව මගේ ගාව.... 
මගේ ගාව විතරක් නෙමෙයි.. 
ඔක්කොම පුරුෂ පක්ෂෙ කට්ටිය ළඟ.....

Jul 28, 2011

මෙන්න බොලව් මගේ සින්ඩිය - True... not a Kindy


විහිළුවකට එහෙම නෙමෙයි.. ඕන් මමත් පටන් ගත්ත සින්ඩියක්..කින්ඩි දාන්න කාරී නෑ ඕන් මට තේරෙන විදියට තමයි වැඩේ පටන් ගත්තෙ.. ප්‍රධානම කාරනේ මගේ පහසුව සඳහා.. විවේකය තියෙන වෙලාවට කියවන බ්ලොග් ගනන එන්න එන්නම වැඩි වෙනව.. සමහර ඒව මග හැරෙනව.. නමුත් මේ වැඩේ නිසා ඒක වෙන්නෙ නෑ.. තවම පටන් ගත්ත විතරයි.. මම ෆලෝ කොරන මට මග හැරිච්ච ඒවත් ඇති.. හෙමිහිට හොයාගෙන හරියටම හදා ගන්න ඕන..

Jul 26, 2011

අළුත් ව්‍යවස්ථාව - A New Constitution


මේ පවත්නා වූ මජර, පාදඩ, බහුභූත, කාළකන්නි, රටටම විනයක් වූ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව (මාගේ නිර්වචන නොවේ.) වෙනස් කොට මේ පාරෙන් එන ලෙස රනිල්ටත්, සජිත්ටත්, ජේ වී පී යටත් අවශ්‍යතාවයක් තිබේ නම් කල හැකි එකම පුද්ගලයා ලෙස මා සලකන මහින්ද මහත්තයාටත් මාගේ මේ යෝජනා ඉදිරිපත් කරමි. මෙය මාගේ යෝජනාවක්ම පමණක් නොව ශ්‍රී ළංකා මාතාවට ආදරය කරනා හැමගේම ප්‍රාර්ථනාවක්ම වන්නේය..

Jul 21, 2011

නව පරපුර ටැලන්ට් නැද්ද...? - Talented New Generation


මොන බොරුද මල්ටි ටැලන්ටඩ්. ඉතාම දක්ෂයි. නමුත් අපේ වගේ රටවල් වල පරණ සෙට් එක, ඒක පිළිගන්න අකමැතියි. ඔවුන් හොඳටම දන්නව අළුත් පරපුර මාරම දක්ෂයි කියල. (අමරදේව රූකා බදාගන්නෙ ඒ නිසයි..) නමුත් ඒක කියන්න කැමති නෑ කුහකයි. එයාලා කැමති එයාලට දෙවිවරුන්ට වගේ දෙකට නැමිල වඳින අයට විතරයි. ටැලන්ට් එක තියෙන එකා අනිත් ඒවුන්ට වඳින්න ඕන නෑ. අඩුමගානේ දෙවියන්ටවත්.

මම මේ පෝස්ට් එකේ කතා කොරන්න යන්නෙ සංගීත අංශය ගැන විතරයි. එතනදි සංගීත කාරයන්ට වටිනාකමක් හදල දීපූ ෂෙහාන්ට, කොයි සංගීත කාරයත් ණයයි කියලයි මම හිතන්නෙ. මේක ලියන්න හේතු උනේ, මම ඉතා ගරු කරන, අගේ කරන, සන්නස්ගල මහත්තය දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ කරපු ප්‍රකාෂණයක් නිසයි. ඒ වැඩසටහනේ විශේෂ දෙයක් සිද්ධ උනා. එනම් රියැලටි වැඩ සටහනක (මේව රියල් රියැලටි නෙවෙයි - දන්නෝ දනිති.) ප්‍රථම වතාවට බයිල ගීත වටයක් තිබුන. එතනදි සන්නස්ගල මහත්තය පළකළ සියළුම අදහස් වලට මම 100% එකඟයි. එකම එක ප්‍රකාෂයකට ඇර. ඒ තමයි එදා වගේ, අද ගීත රස නෑ කියන එක. මම ඒක කීයටවත් පිලිගන්න කැමති නෑ.

Jul 20, 2011

ළොක්කා නාඩගම් බලන්න මහරගම යයි - Lokka watch KOLAM at Maharagama


ඡන්ද ලයිස්තුවවත් හදා ගන්න බැරි හාල්පාරුවන්ට උතුරේ පොඩි ඡන්දෙ වැඩේ බාර දුන්නොත් ජොනි බට්ටන්ගේ පටළැවිල මළ විනාසයක් කර ගන්නා බව දන්න නිසාම, ජනාධිපතිතුමාම අතුරු මිතුරු දඹදිවතුරු උඹල මගේ උතුරෙ මිතුරු, උතුරෙ ම්තුරු උනොත් හතුරු ගහනව තොපි පතුරු පතුරු සින්දුව ස්ටේජ් ගානක ගායනා කොට ගෙදර පැමිණියේ තව දුරටත් සංදර්ශන පැවැත්වීම රාජගිරියේ කොමසාරිස් විසින් ඊයේ රෑ සිට නැවැත්වූ බැවිනි.

Jul 19, 2011

හොරා පොලිස් සෙල්ළම - High Speed Drama



විදේශයක සිට පැමිණි මිතුරියන් දෙදෙනකු ගුවන් තොටුපලට ඇරලවා, නෝනාත් සමඟ නැවත නිවසට එන විට රෑ 1 . 30 ට පමණි. වැලිසර හරියේදී හඳුන් කූරක් වැනි එළියක් සමග ට්‍රැෆික් රාළහාමී පාරේ මැදටම පනී. උන්නෑහෙත් බේරගෙන වාහනය පාර අයිනට කොට නැවත් වූවෙමි. මගේ සිරිත පොලොස් මහත්තුරු අපහසු තාවයට පත් නොකොට ඔවුන් අසලට යාමයි. මෙය එක්තරා කට්ට කමක්ද වේ.

Jul 18, 2011

වෙල් ඩන් දිල්කා සහ රංගේ ගේ ජෝක් එක - Well Done Dilka & Range's Joke


කළින් ළියල පළකොරන්න තියෙන පෝස්ට් තුන හතරක්ම තිබුනත්, ඒ සියල්ලටම කළින් මේ පෝස්ට් එක දමන්න ඕනෙයි කියල හිතුන. කාළීන මාතෘකාවන් ගැන සංවාදයන් වල යෙදෙන නිසා බොහෝ වෙලාවට මම දිල්කගේ අංශක තුන් සිය හැට බලනව. (කෙල්ලත් ලස්සනයිනේ.) මොකෝ අපේ පළවන සංවාද වැඩ සටහන වන "ජන හඬ" දැන් මෙළෝ රහක් නැති නිසා. සත පහක වැදගම්මක් නැති කාළකන්නියෝ තමයි දැන් ඒකට ගේන්නේ. ජවිපේ එකාට ඇර අනෙක් ඒවූන්ට කාතා කොර ගන්න වත් බෑ.

Jul 17, 2011

ඇස් පනාපිට මංකොළ්ළ කා ඇතුරුදහන් වන භූතයෝ - Spiritual Powers of Day Light Robbing



මීට පෙර මහා මංකොළ්ළ වල යෙදුන අය හොර රහසේ රටින් පිටව ගොස් ඇත, නැතහොත් ආගිය අතක් නැත. මෙවන් පිරිසක් සමඟ රට පෙරට කෙසේ වෙතත්, අසාර්ථක රාජ්‍යයක් කරා නම් සීඝ්‍රගාමී ගමනක යෙදිය හැක. වහාම මෙම හොරුන් සරත් ෆොන්සේකාට කලාක් මෙන්ම සිරගත කළ යුතුය. නැතිනම් වහාම තනතුරු වලින් ඉවත් කළ යුතුය. (එසේ ඉවත් කොට තානාපති කම් දෙන්නේ නම් ඔහොමම ඉන්න හරින එක වඩා හොඳය. මන්ද මුන් රට රටවල් වල ගොස්, ඒ රටවල් වල දැද කොල්ළ කන බව ඔප්පු කොට හමාර බැවිනි.)

එසේ ඉවත් කිරිමට කිසිසේත්ම බිය විය යුතු නැත. මන්ද ඔවුන් හොරකම් කර ඇති බව හෝ අකාර්යක්ෂම පුද්ගලයන් බව මනා ලෙස ඔප්පු වී ඇත. මංගල සමරවීර, කරූ ජයසූරිය ආන්ඩුව දමා විපක්ෂයට ගියද ඔවුන් පුස් වෙඩිලි පමණක් බව පසක් කොට ඇත. අනෙක එසේ ඉවත් කළ පසු වෙනත් පක්ෂයකට සම්බන්ද කර ගන්නේ නම් ඒ පක්ෂයටද දෙවියන්ගේ පිහිටම පමණි. එමනිසා වහාම මේ පුද්ගලයින් ඉවත් කොට ඔබේ අඩුවී ඇති ජනප්‍රියතාවය නැවත වර්ධනය කර ගන්නා මෙන් ඉතා කාරුණිකව මෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිමි.

එ.ජා.පය රට පාළනය කළ වසර දෙකක කාළය තුල රටේ විශලම මංකොළ්ළය ආදායම් බදු දෙපාර්තමේන්තුව හා එක්ව කළ ව්‍යාපාරිකයා පමණක් නොව දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ද අද රට හැර පැන ගොස් ඇත. වෙනත් රටකනම් ඉන්ටර්පෝල් වෙත දන්වා බෙල්ලෙන් අල්ලා තම රටට නැවත ගෙන විත් දඟ ගෙට යවා අවසන් නමුත්, ඔවුන් පිටරටවල සැප සම්පත් විඳිමින් යහතින් ජීවත්වේ.

එ.ජා.ප. යේ නගරාධිපතිව සිට පසුව පොදු පෙරමුණට පැමිණ රූපවාහිනී සේවයක් සමඟ උතුරට රේල් පීලී දමන්නට ට්‍රස්ට් එකක් හදාගෙන මහ දවල් අහිංසක මිනිස්සුන්ගේ මුදල් මංකොළ්ළ කෑ එකා ආගිය අතක් නැත. අද ද ජාතික ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා කරණ ක්‍රීඩකයෙක් පිලිඛාවකින් මළ, තම සහෝදරයාගෙ මළගම විකුණාගෙන ඉස්පිරිතාලයක් ගොඩනැගීමට මහ දවල් මුළු ළෝකයෙන්ම මුදල් මංකොළ්ළ කා අදත් යහතින් මහත්මයෙක් සේ වැජබේ.

ක්‍රිකට් පාළක මණ්ඩළයේ තිබූ මුදල් සියල්ල කාබාසිනියා කළ කාළකන්නි රැළ, බෝනසුත් රැගෙන පැදුරටත් නොකියා පළා ගොස් ඇත. මෙරටද පිටරටද කියා ළොක්කාවත් දන්නවාදැයි නොදනිමි. මීට කළින් ප්‍රමුඛ බැංකුවේ මුදල් මංකොල්ල කෑ ප්‍රසිද්ධ බැංකු මංකොළ්ළකරු උන්නාද මළාදැයි දෙවියන්වත් දන්නවාදැයි කැළණිය භූත විද්‍යා අංශයෙන් විමසා බැලිය යුතුය. ජනාධීපති මාවතේ තිබෙන කුප්‍රසිද්ධ ගොඩනැගිල්ලේ උප සභාපතිනිය ආගිය අතක් නැත. එම සමාගමටම් සම්බන්ධ කෞතුකාගාරය අසල ඇති ඉඩ කඩම් වලට සම්බන්ද ආයතනයේ ජනතාවගේ මුදල් රැස් කළ අධ්‍යක්ෂවරිය ළොවෙත් නැත. සිපිරි ගෙදර සිටිය යුතු අනෙක් උන් එලියේ රජ සැප විඳිද්දී, මුඩුක්කුවෙන් ආ සක්විති පමණක් සිර බත් කයි. දෙගොල්ලන්ම කලේ එකම වැරැද්දය. පන්තිය නිසා දඬුවම වෙනස්ය. අහිංසක දඩුවම් මුදලාලිට නිවන් මගය.

හෙජින් ගිවිසුම ගැසුවේත් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කොහේ ඉන්නවාදැයි අංජනමක් යවා හනුමන්තාගෙන් දැනගත යුතුය. ඔහුගේ දියනියට බැකුවේ රැකියාවක් ලබා ගැනීම මෙම ගිවිසුමේ මූලික පරමාර්ථය වූ බව එකළ දැනගැනීමට ලැබින. පත්තර කාරයන්ටත් අද ඒවා අමතක වී ඇත. එපමණක් නොව මුලින් ගිවිසුම අහෝසි කොට, පෞද්ගලික වෛර පිරිමහ ගැනීම සඳහා නැවතත් ගිවිසුම සක්‍රීය කළ පුද්ගලයාද සිර ගත කළ යුතුය. එම සක්‍රීය කිරීම නොකලානම් බැංකුවලට නඩු මගට යාමට ලැබෙන්නේ නැත. අද බන කිය කියා ඇවිදියි. ((උන්නාන්සේ එලවපු එකා නැවතත් රෙද්ද අස්සේ දගත්තාට අපට කරන්න දෙයක් නොමැත. දැන් ඌ කන බව අප සැමටම පෙනේ..(ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි කියන්නෙ - එයාගේ අම්මගේ බූදලෙනුයි, මහ බැංකුවේ මහත්තයගේ අම්මගේ බූදලෙනුයි වෙන්නැති ගෙවන්නෙ..))

අමාත්‍යවරයා පිටරට යාම නිදහසට කරුනක් නොවේ. ඕවා අපේ රටේ අම්බරුවන් පිලිගත්තාට කොන්ඩේ බැඳපු චීනුන්වත් දැන් පිලිගන්නේ නැත. ඇමතිතුමා රට රටවල යනකොට අරන් යන්නෙ බුලත් පයියදැයි මා නොදනිමි. නමුත් ඔහුගේ අතේ ඇත්තෙ වෙනත් උපකරණයක් බව මා කීප වරක්ම දැක ඇත. එම යන්ත්‍රය මගින් ළොවේ කොහේ සිටියත් ඕනෑම කෙනෙක් හා සම්බන්ධ විය හැක. ඔහු ඒත් නිවැරදිනම්, නියෝජ්‍ය ඇමතිවරයා ගෙදර යැවිය යුතුය. එසෙ නැතිනම් කැකිල්ලේ මෙන් අර ජංගම උපහරණ ඇමති වරුනට විකුණූ පුද්ගලයා නොමිලේ බත් කැවීම සඳහා යැවිය යුතුය.

නමුත් එසේ කළ යුතු වන්නේ නැත. එතුමාම විෂය පිළිබඳ අවබෝධයක් නොමැති බව පිළිගෙන හමාරය, අවුරුද්දක් පමණ අමාත්‍යංශට වී පළාත් පාළන චන්ද ලැයිස්තු හැදුවාදයි නොදනිමි. කෙසේ හෝ වරද පිළිගත් බැවින්. පක්ෂ මූලස්ථානයේ පියන් වැඩක් වත් දෙන එක නැවත සලකා බැලිය හැක.

මදුරු ඇමති ඔහුට බලය නැති බව කියයි. ඒ බව අපට කියා පල නැත. කිව යුත්තේ ළොක්කාටය. බලය නැති ප්‍රශ්නයක් නොවේය. වැඩ බැරි ප්‍රශ්නයක්ය. බලය තිබූ කාළයේත් කල දෙයක් නොමැත. ඊළඟට විශ්‍රාම පායට යැවිය හැක. (ඒ ගැන බිය විය යුතු නැත. ඒ කට්ටිය පෙර මෙන්ම ආතල් සුවය විඳිමින් එහි සිටින්නේ බබාලා මෙනි.)

නැවත නැවතත් කිව යුත්තේ මේ සිඳුවීම ජාලාව වහාම නැවැත්විය යුතු බවයි. එසේ නොමැතිනම් සියළු වගකිම් ජනාධිපති තුමා ම බාර ගත යුතුය. මන්ද මේ වැඩ බැරි ටාසන්ලා ට පැන පැන, වැටි වැටි යන්නට වැල් සැපවූයේ ඔබ තුමාම බැවිනි.

"හොරුත් සමඟ හෙළුවෙන්..."
"බල්ලොත් එක්ක බෑ..."

ඔබතුමා මේ නාට්‍ය දෙකෙන් එකක් තෝරා ගත යුතුය....


සජිත්, මේ පාරෙන් එන්න - Sajith, take this Road


මම පොඩි සමීක්ෂණයක් කොලා ටික කළකට කළින් එජාපයේ නායකය විය යුත්තෙ කවුද කියල, ඒකෙදි එකම ප්‍රතිශතයක් තමයි රනිල්ටයි, සජිත්ටයි දෙන්නටම ආවේ. ඒ කියන්නෙ මම වගේ රනිල්ට කැමති පිරිසකුත් ඉන්නව කියන එකයි. නමුත් අවංකව සමාජයේ වැඩි පිරිසක් කැමති සජිත් නායකත්වයට එනවට. ඒක මග තොටේ හමුවන අය සමඟ කතා බහ කොලාම තේරෙනව. නමුත් මම නම් හිතන්නෙ රනිල් තමයි නියම සුදුස්සා කියල.

ඒකට හේතුවක් තියෙනව. මොකද 77 වෙනකම් පාර්ලිමේන්තුවේ හිටිය වැඩි ප්‍රතිශතයක් වැදගත් මිනිස්සු, මහත්වරු, දේශපාලනයෙන් හරි හම්බ කලාට වැඩියේ. ඒක නිසා නැති නාස්ති උන මිනිස්සු. ඒක එක හේතුවක් උනා ජේ ආර් ළොක්කට මන්ත්‍රිවරුන්ට පැන්සොන් සිස්ටම් එකක් හදල දෙන්න. ඒක තමයි මම හිතන්නෙ ජේ ආර් කල ලොකුම වැරැද්ද. අනික අවුරුදු 5 න් ඒකට සුදුසු කම් ලබන එක. සාධාරනත්වයක් තියෙනව අඩුම තරමේ අවුරුදු 20-25 කින් ඒකට සුදුසුකම් ලබන්න සකස් කොලානම්. ඒත් ඒක අනවශ්‍යම දෙයක්. මම හිතන්නේ මේ ළෝකේ කිසිම රටක මෙහෙම දෙයක් නැතිව ඇති. (කොහොමත් මේක දීපාල් සිල්ව කියනව වගේ අරුම පුදුම රටක් නොවැ.)

අනික් සෙල්ලම තමයි සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට දෙනවට වඩා ඉහල වටිනාකමක් ඇති වාහන බලපත්‍රයක් ලබාදීම. මේ වැඩෙන් තමයි මන්ත්‍රිවරු බිස්නස් කරන්න පටන් ගත්තෙ. නමුත් ජේ ආර් ළොක්කගේ ඇමති සෙට් එක හොඳට ගැරුව වගේම, රටටත් සේවයක් කළා. ඒ නිසා එයාල මේක ගත්තට ඇති ප්‍රශ්නෙකුත් නෑ කියල හිතෙනව. නමුත් එයින් පස්සෙ උනේ වෙන දෙයක්. ඒ ගැන ලියන්න අවශ්‍ය නෑනේ.

මම කියන ඔය 77 ට කලින් හිටපු මහත්වරුන්ගේ ගොඩට දාන්න පුළුවන් අතලොස්සක් ඉන්නේ එජාපයේ විතරයි. රනිල් එයින් එක්කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තෙ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල. ඒකෙදි ආර්ථිකය මෙහෙයවන වෙළෙන්දා කියන පුද්ගලය නෑ. ඒ නිසාමද කොහෙද ඒ පක්ෂෙන් ආර්ථිකය කෑව මිසක් ආර්ථිකයට කරපු දෙයක් නෑ. අද වෙන්නෙත් ඒකමයි. ළොක්ක රට ගෙනියන්නෙ යන්නෙ පුරුතුගීසී කාරය එන්න ඉස්සෙල්ල තිබුන තත්වෙටයි. ඒකට ආවඩන්න නොම්බර එකේ හාල්පාරුවෝ සෙට් එකක් එයාට ඉන්නව. මම හිතුව නාමල් පාර්ලිමේන්තුවට ආවමවත් ඒක වෙනස් වෙයි කියල, නමුත් එහෙම වෙන්නෙ නැති පාටයි පේන්නෙ.

සජිත් මහත්තය කරන්නේ මොකක්ද? 2005 මහින්ද මහත්තය බලයට එන්න පාව්ච්චි කරපු මෙතඩ් එක ඊටත් වඩා සාර්ථකව ඉදිරියට ගෙනයන එක. ඔය වැඩෙන් ජනප්‍රිය වෙන්න පුලුවන්, නමුත් අම්බරුවන් අතරෙ පමණයි. ජනප්‍රිය බව දේශපාළනයට අත්‍යාවශ්‍යම දෙයක් වූවත් ජනතාව බුද්ධිමත් කිරීම ඊට වඩා වටිනව. ජනතාව බුද්ධිමත් වෙනවට ඉස්සර හිටපු රජවරු වගේම දැන් ඉන්න පාලකයොත්, නිළධාරීනුත්, උගත්තු කියන මෝඩයොත් කැමති නෑ. නමුත් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආඩම්බර ජාතියක් වෙන්න නම් රටේ ජනතව බුද්ධීමත් ජාතියක් කරන එක බොහොම පින් ලැබෙන කටයුත්තක්. (ඉන්දියාව, චීනය වේගයෙන් ඉදිරියට යන්නෙ. අධ්‍යාපනයේ දියුණුව නිසා..). ඒක කරන්න මහන මැෂින් බෙදලවත්, මරණ ගෙවල් වල පුටු සප්ලයි කරලවත්, පන්සල් අළුත් වැඩියා කරලවත් වැඩක් නෑ. ඒකට කරන්න ඕන බුද්ධික පතිරණ කරන වැඩේට ඔබගේ සම්පූර්ණ සහයෝගය දෙන එකයි. (එයත් ඉන්නෙ ඔඹත් එක්ක නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.)

ඔබ මේ තියෙන මජර කොරොමය වෙනස් කොරන්න කිසි සේත්ම අකමැති බව රාවයේ ජනරංජනගෙ ප්‍රශ්ණ වලට දීපූ උත්තර ටිකෙන්ම පේනව. විධායක ජනපති ක්‍රමයට මම පෞද්ගලිකව කැමති උනත්, ඒකෙන් නියම ප්‍රයෝජනයක් ගත්තෙ ඒක හඳුන්වල දුන්න ළොක්ක විතරයි. ඔබේ පියාත් යම් තරමකට සාර්ථක උනත්, අසාර්ථක තැන් වැඩියි. නමුත් නියම නායකත්වයක් තිබුන. ඒ ගමන උන්නැහේ ආපු හැටි අපට වඩා දන්නෙ ඔබයි. ඉවසීමෙන් සැනසීම ලැබෙන බව උන්නැහේ වගේම මහින්ද ළොක්කත් හොඳින් පෙන්නුම් කළා. (කොතරම් කැපිලි තිබුනත් දක්ෂයට නියම කලට ඒ තැන ලැබෙනව එතෙක් ඉවසන්න). ඊට පස්සෙ විධායකයෙන් ප්‍රයෝජනයක් ගත්තෙ රටට විශාල නායකයන් තොග ගනනින් නැති කළ කාළකන්නි යුද්ධය නැති කළ මේ ජනාධිපති විතරයි. එතනදි ප්‍රෙමදාස මහත්තයට හිටපු පාස්කරලිංගම් වගේම මුන්දැට  ගෝඨාභයත්, සරත් ෆොන්සේකාත් සාර්ථක මෙහෙයක් ඉටු කලා. (එතනින් එහාට කිසිම දෙයක් වෙන්නෙ නැති පාටයි පේන්නේ.)

මේ රට ගොඩගන්න නම්, පක්ෂය ඇතුලේ කුලල් කා ගන්නේ නැතුව, ලැබුන තනතුරෙන් හිත සනසගෙන, නායකත්වත් සමග ජයග්‍රාහී ගමනකට එක්වන්න. ඒ සඳහා මේ ක්‍රමයට වඩා, ජනතාවට හිතවාදී වන වැඩපිළිවෙලක් ඉදිරියට ගේන්න. මේ ජරා දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන වැඩපිළිවෙලක් ගේන්න. ජනතාවත්, අම්බරුවනුත්, සියළු දෙනාත් ඔබ වටාත් පක්ෂය වටාත් රොක්වනු නොඅනුමානයි.. (එහෙට මෙහෙට පැනපු ඒවුන් නම් ආයෙත් පැත්ත පලාතේ ගන්න එපා. පුළුවන්නම් ජෙප්පො ටික බාගන්න.)

ප: ලි:
සජිත්ටත්, රනිල්ටත්, ඕනෑනම් අපේ මහින්ද මහත්තයටත් දැන ගන්න, රට හදන මගේ යෝජනා ඊළග පෝස්ට් එකෙන්.....

Jul 15, 2011

නාථ දෙවියනේ.. අනාථයි අනේ.. - Prayer for God Naatha


මෙම යාඤ්ඤාව රූකාන්ත ගුනතිලකගේ "අනාත මාරුතේ" ගීතයේ තාලයට ගායනා කළ හැක. මෙම ගීතය 108 වරක් ගායනා කළ බැතිමතෙක් විශ්ව විද්‍යාලයක උප කුලපති පට්ටමකින් පිදුම් ලැබූහ. මෙය ගායනා කිරීම ප්‍රතික්ෂේප කොට එයට අවමන් කළ අයකු බත් කෑ විගසම ලේ වමනය කොට මිය ගියහ. මෙය ඔබට ලැබුනු පසු සිය දෙනෙකු අතර බෙදා හරින්න. එසේ නොකළහොත්, ඔබ කන සියළුම ආහාර ආසනික් බවට පත්වනු ඇත.

නා......ථ දෙවියනේ..... අනා.....තයි අනේ....
බයි කන්නත් බෑ පනේ... ආසනික් අනේ... //


අතීතයේ පටන් වේල් තුනටම කෙලියේ
ඇගෙන් බහින ලෙඩක් නමුත් කා...ටත් නැහැනේ
ඒක වේලක් කෑවත් දැන් විනාසයි අනේ.....
දිවිය තියෙන තුරු මගේ... බත් එපා අනේ.....


නා......ථ දෙවියනේ..... අනා.....තයි අනේ....
බයි කන්නත් බෑ පනේ... ආසනික් අනේ... //


ෆ්‍රයිඩ් රයිස්. බුරියානිද කිරිබත් ලෙසිනේ.....
හීල් බත් ලෙසත් කොළ කැඳවලටත් හොඳනේ....
ඒත් කොහොම බත් කන්නද ආසනික් අනේ....
පාන් කන්න කොහොමත් බෑ ත්‍රස්තවාදිනේ....

නා......ථ දෙවියනේ..... අනා.....තයි අනේ....
බයි කන්නත් බෑ පනේ... ආසනික් අනේ... //

බටදැල්ලද වෙල්මාළුද කුබුක්කන් වනේ.......
කීඩැල්ලන් ගොයම් මැස්සො පනුවො සමගිනේ....
ගොයම් කපා... පා...ගාලා ගොමත් සමගිනේ...
කා..ලා බලාපන් පනේ... හරිම ගුනයිනේ....

අනේ දෙවියනේ ..... කියාපන් පනේ...
දිවිය තියෙන තුරු මගේ...
බත් එපා පනේ.....

විශේෂ නිවෙදනයයි - 

පරම්පරා ගනනාවක් ජාතික ආහාරය ලෙස ගන්නා පරිප්පු..
තව දුරටත් ප්‍රධාන ආහාරය ලෙස පරිභෝජනය කරණ ලෙසට.. කැළණිය විශ්ව විද්‍යාලයේ නාථ දේව පීඨය විසින් සහතික කරණ ලදුව.. ආහාර හා සමූපකාර අමාත්‍ය අන් සය මගින් ගොන් බූරූ ජනතාව වෙත කාරුණිකව දන්වා සිටින වඟයි..........

Jul 13, 2011

මුසාවාදා සරණං ගඡ්ඡාමී...... - Promise to fool you always


ජනාධිපති තුමා නිවි සැනසිල්ලේ "තමුසේ" ටෙලි මෙගාව නරඹමින් සිටිනා කළ ආරක්ෂකයෙක් කළබලයෙන් දිවගෙන ආවේය.. මුහුනේ ඉරියව් අනුව ඔහු ඉතා තැතිගත් ස්වාභාවයක් පෙන්වීය.. මොකෝ ඕයි තමුසේ නිකන් මර්වින් දැක්ක වගේ බයවෙලා.? ජනාධිපති තුමා ඉතා කරුණාවෙන් විමසා සිටියේය.. අනේ සෑර් වාසලේ දොරටුව ගාව කස්ටිය පිරිල සෑර්ව හම්බ වෙන්න ඕනලු.. මම කිව්ව සෑර් "තමුසේ" බලනව පස්සෙ එන්න කියල.. කිව්වට අහන්නේ නෑ සෑර්.. සෑර්ව කොහොම හරි හම්බ වෙන්න ඕනමලු.. මොකාද ඇවිල්ල ඉන්නේ.. අපේ ගමේ එකෙක්ද..? උන්ටත් පොඩ්ඩක් මෙහේ ඇවිල්ල යන්න දුන්නාම හැම තිස්සෙම මේක අස්සෙම එනවැයි..?

නෑ නෑ සෑර්.. ගමේ ගොයියල නෙමේ . ඇමති වරුයි නිළධාරියි සෑහෙන කස්ටියක්.. මළ වදයක් නේ ඕයි.. මම දවස තිස්සෙම ඕකුන් එක්කමයි ඉන්නේ.. මෙළෝ දෙයක් බැරුව නාගෙන හැම ප්‍රශ්නෙම මගේ ගාවට ගේනව.. රෑටවත් ඉන්න දෙන්නෙ නැතෙයි.. ඔ..ඔ..ඔව් සෑර් දැනුත් නාගෙන තමයි ඇවිල්ල ඉන්නේ නාගෙන විතරක් නෙමෙයි උපන් ඇඳුමෙන්මයි ඇවිල්ල තියෙන්න.. ආකිමිඩිස් වගේ මොනව හරි අළුතෙන් හොයාගෙනවත්ද දන්නේ නෑ සෑර්.. අම්මප ඇත්ත තමයි.... තමුසේ ගිහින් එක එකා එවනව මම "තමුසෙ" බලල ඉවර වෙච්ච ගමන් හොඳෙයි....හැබැයි තුවායක් හරි අන්දලා එවනව හොඳෙයි... උන්ට ලැජ්ජාවක් නැති උනාට මට තාම ලැජ්ජාව කියල දෙයක් තියෙනව...

අහක ඉන්න ඒවුන්ට බටහිර කුමන්ත්‍රණ කාරයෝ කිව්වට කුමන්ත්‍රණ කරණ ඒවුනුයි.. ආර්ථික ගාතයකොයි.. හාල්පාරුවොයි.. අරුනුයි මුනුයි ඉන්නේ මගේ ගාවම නේ ඕයි.. කියා තමාටම කියා ගත් ජනාධිපති තුමා.. මුන් ඇතුලෙ ඉඳගෙනම මාව නැතිකරන්න යනවාදැයි කියා සිතුවේය.. හරියටම රාත්‍රී අට වූවා පමණි.. එකා පිට එකා පෙරළාගෙන හැත්ත බුරුත්තම.. ජනාධිපති තුමා වටකර ගත්තේය.. මුලින්ම කඩා පාත්වුයේ සාගතයෙන් පෙලෙන සුඩාන පෙනුමක් ඇති කොන්ඩය අඩි රූලක් තබා දෙපැත්තට පීරූ සුපිරි ආර්ථික උපදේශක කබර රාල මහතායි.. අනේ සෑර් මම වැඩේ පටන් ගත්ත දවසෙ ඉඳල කෙලපු කෙප්ප ඔක්කොම ඉවරයි... මහ රටෙන් කෝටී ගානක් ගෙවන්නෙයි කියළ.. හෙජින් ගිවිසුමට.. දැන් ඉතින් සල්ලි අච්චු ගහල තම්යි ගෙවන්න වෙන්නේ.. මම මහ බැංකු වාර්ථාවත් මහාවශෙ වගේ ආතල් කතා වලින් පුරවපු කෙනානේ අනේ සෑර් මාව බේරගන්න..

හ්ම්.. හ්ම්.. බලමු බලමු.. ඊළග එකා කව්ද.?. ආ මේ අපේ සුසිල නේ.. ඔහේ නෑවේ පැට්‍රෝල්ය.. ජනාධිපති තුම පොඩි කින්ඩියක් දැම්මේය.. සෑර් විහිළු කරන්න එපා සෑර්.. මම ඉතින් කරපු දෙයක් නෙමේනේ.. මම අධ්‍යාපනේට මුකුත් කලෙත් නෑ.. පක්ෂෙට මුකුත් කලෙත් නෑ. ඡන්ද ලැයිස්තු හදන එකට මුකුත් කලෙත් නෑ.. ආසනේට මුකුත් කළෙත් නෑ.. රටට මුකුත් කළෙත් නෑ.. ඡන්ද දායකයෝ මට මනාප දුන්නෙත් නෑ.. ඒත් මාව සෑර් ගොඩ දැම්මනේ.. අනේ සර් මම කෙලිය කෙප්ප අතේ පත්තු වෙලා තියෙන්නේ.. ෆෝන් ලැයින් එකත් රෙකෝඩින් එකක් දාලා ෂේප් කර ගත්ත.. මොකෝ සැර් උන් අහන්නෙ පැට්‍රෝල් ගැන නෙමේ අපේ අම්ම ඉන්නවද කියල.. අනේ සෑර් මම තෙල් වලටත් මුකුත් කළේ නෑ මාව බේරගන්න සෑර්.. මම හැමදාම කරනව වගේ 94 ටත් ඉස්සෙල්ල හිටපු යූ ඇන් පීයටම දාන්නද සෑර්..යූ ඇන් පීයට නෙමේ දාපන් තොගේ.... කියා කියන්න හිතුනත් තමා ජනාධිපති නේදැයි කල්පනා උනු විගසම ඒ වචන එලියට නොදාම ගිල ගත්තේය..

මාත් ඉතින් පොඩි බොරුවක් කිව්ව.. ඒ උනාට අපේ ඇතුලෙම ඉන්න එවුන් මම කියන්නේ පට්ට පල් බොරු කියල කිව්වහම කාගේ පිහිටක්ද සෑර්..? නොරිච්චෝලේ හදපු දවසෙත් කිව්වේ කෙප්ප.. ඊයෙත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල පොඩි කෙප්පයක් කිව්ව.. ආයෙත්නම් රෙපයාර් එකකටවත් විසන්ධි කිරිම් නැතෙයි කියල.. ඒ උනාට ගැලවීමක් නෑ වගේ අනේ සෑර් මාව බේරගන්න ඇමති මණ්ඩළයේ ඉන්න ලැයිට් කණුවක් වගේ උසම උස  ඇමති තුමා තමාගේ දුක ජනාධිපති තුමට කිව්ව....

ඩෙංගූ ඇමතිතුමා, ප්‍රයිස් ලිස්ට් ඇමති තුමා, ජයසුන්දර මැති තුමා, මුකුත්ම දන්නෙ නැති ජනමාධ්‍ය ඇමතිතුමා.. කවදත් ජනතාවට සත්‍ය හෙලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාෂක තුමා, බටහිර කුමන්ත්‍රණලාගේ පචවංශ ඇමතිතුමා, නාථ දේවලාගේ ආසනික් සිල්වා මහාචාර්ය තුමා, සහ තවත් කෂ්ටියගේ අඳෝනා වලට සවන් දුන් ජනාධිපති තුමා .. 23 වනදා වනතෙක් තවත් කෙප්ප කෙළින මෙන් සියළු දේනාටම දන්වා මේ පිළිබඳව තමාගේ උපදේශක වරුන් විමසා පිළියමක් යොදන බව දන්වා සියළු දෙනාම පිටත් කර හැරියා..

මේ වගේ හාල්පාරුවන් සෙට් එකක් එක්ක මහින්ද චින්තන කෙසේ වෙතත්.. මුන් දෙන සීතාම්බර සළුවලින් සැරසුනහොත් තමාටත් හූ තියන බව සිතූ ජනාධිපති තුමා.. තවත් සෙට් එකක් විශ්‍රාමපායට ඊළග සෆල් එකෙන් දැක්කිය යුතු බව සිතාගත්තා. අළුත්ම උපදේශක අළුත් කඩේ ළොක්කාගෙන් මීට පිළිතුරක් විමසු ජනාධිපතු තුමාට.. ව්‍යවස්ථාවට අළුතෙන් එක්කල යුතු ඡේදයක් එතුමා ලියා දුන්නා.. ජනාධිපති තුමා එදින රාත්‍රියේ ගැසට් එකෙන්ම එය නීතියක් බවට පත්කලා.. මින් පසු ඇමතිවරු ජනාධිපති තුමා ඉදිරියේ දිවුරුම් දෙන අවස්ථාවේදි ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිව්-රුම් දීමෙන් අනතුරුව මේ පාඨයත් හඬ නගා පුකාෂ කරණු ඔබට සවන් දිය හැක...

පානාථිපාඨා සරණං ගඡ්ඡාමී.....
අධින්නා ධානා සරණං ගඡ්ඡාමී....
කාමේසු මිච්ඡා ඡාරා සරණං ගච්චාමී...
මුසාවාදා සරණං ගඡ්ඡාමී...
සුරාමේරය මජ්ජ පමා දාගන්නා සරණං ගඡ්ඡාමී...

Jul 1, 2011

දරිද්‍රථාවය හා නොහැකියාව බොරුවෙන් වැසීම - Icing with Lying


මතබේදාත්මක සිඳුවීම් වලින් ගහන වූ පසුගිය කාළය තුල සිත සනසාගත හැකි සිඳුවීමකින් සතිය අවසන් විය. එනම් ක්‍රිකට් පාළක මණ්ඩලයේ වුන් හොරුන් සියල්ල විසිවී ඇති කාරණයයි.

කළින් පෝස්ට් වලත් සඳහන් කළ ආකාරයට ජේෂ්ඨ ඇමති මණ්ඩලයට පත් කළ යුතු තවත් බොහෝ අය සිටිනා බව මෑතක කරුණු සහිතව ඔප්පු වී හමාරය. 1994 සිට 2002 වන තෙක් සහ නැවතත් චන්ද්‍රිකා ආන්ඩුව තුල සිටි වැඩ බැරි ටාසන්ලා තවමත් කිසිම වැඩක් කර ගත නොහැකිව හත් පොලේ ගා ගන්නවා පමනක් නොව පරිපාළනයේදි අත දරුවන් බව මනාව ඔප්පු කොට හමාරය.

ජනාධිමතිතුමා බලාපොරොත්තු වන ආසියාවේ ආශ්චර්යය මොවුන් සමග තව දුරටත් ගමන් කිරීමෙන් ලබා ගත හැකිද යන්න බැරෑරුම් ළෙස සිතා බැලිය යුතු කාරනයකි. 1994 සිට අධ්‍යාපනයට අංශූ මාත්‍රයක දෙයක් නොකළා පමනක් නොව චන්ද ලැයිස්තුවක් නිසි ලෙස පුරවා ගත නොහැකි පුද්ගලයෙක් මුලු ආර්ථිකයම රඳා පවතින ඉන්ධන වැනි විෂයක් පාළනය කිරීම සඳහා යොමු කිරීමෙන් අද අහිංසක ජනතාව විඳින දුක පාඩුව ජනාධිපති තුම වටහා ගත යුතුය.

තම නොහැකියාව වසා ගැනීම සඳහා තව දුරටත් රූපවාහිනි කැමරා ඉදිරියේ පච කෙලින්නේ නැතිව අවම වශයෙන් සිඳුවූ පාඩුව ගැන අවංකවම කනාගාටුව ප්‍රකාශ කර ඒ සඳහා සම්බන්ධවූ සියළුම නිළධාරින් රැකියාවෙන් ඉවත් කරන බව කියන්නට කොන්ද පන නැත්තේ මන්ද යන්න මෙහිදි සිතා බැලිය යුතු කාරණයකි. කොතරම් පච කෙළියත් සිඳුවූ දෙය පාරේ තොටේ පැය දෙකක රස්තියාදුවක් ගැසුවානම් නෙත් පෙනෙන කන් ඇසෙන හැගීම් දැනීම් ඇති ඕනෑම පුද්ගලයකුට අත්විඳ ගත හැක.

අනෙක් ප්‍රලාපයනම් කොළඹ ජනතාව වැඩිම මන්ද පෝෂනයෙන් පෙළෙන බවට පර්යේශන මගින් ඔප්පු වූ බවට කරන ප්‍රකාශයයි. මේ පර්යේශනයද පැවැත්වූයේ කැළණිය විශ්ව විද්‍යාලයේ නාථ දේව පීඨයෙන් නම් එය එකහෙලා පිළිගැනීමට මම කිසි සේත් නොපැකිලෙමි. මන්ද මෙම නාථ දේව පිඨය දැනටමත් විද්‍යත්මක ක්‍රම කනපිට පෙරලමින් නවතම විද්‍යාත්මක ක්‍රම මගින් විශ්මිත සොයාගැනිම් කර ඔප්පු කොට හමාර බැවිනි.

කෙසේ වෙතත් මෙයට හේතුව පිටි සහිත ආහාර ගැනිම නොව. ජනතාවගේ මිළදි ගැනීමේ හැකියාව සීඝ්‍රයෙන් පහත වැටීමයි. ඒ බව රූපවාහිනියේ විකාශය වන උකස් දැන්වීම් වලින් සහ තැන තැන වසංගතයක් මෙන් මතුවන උකස් ගැනීමේ ආයතන ප්‍රමාණයෙන් ඕනෑම අම්බරුවකුට තේරුම් ගත හැක. කළින් මේ ස්ථානයේ පසුවූයේ නුවරඑළිය දිස්ත්‍රික්කය බව කවුරුත් දන්නා කාරනයකි. එයට හේතුව නුවරඑළියේ වැඩිපුරම ජීවත්වන්නේ දුප්පත්කමේ කෙළවරේම සිටින වතු කම්කරු ජනතාවයි. ඔවුන් පිටි සහිත ආහාර ගන්නේ ආතල් එකට නොව අනෙකුත් ආහාර මිළදි ගැනීමට නොහැකි බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය රොටි සහ සම්බෝළයක් පමණි. එයද බොහෝ විට එක වේළක් පමනි.

කොළඹ දිස්ත්‍රික්කය මෙහි ප්‍රථම ස්ථානයට පත්වීමට ප්‍රධාන හේතුවනම් වෙන කිසිවක් නොව අන් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ තුල පාරීභෝගික භාන්ඩවල මිළ ඉහල තත්වයක පැවතීම සහ සෑම දෙයකටම මිළක් ඇති බැවිනි (වතු කම්කරුවනට දර ටික හෝ නොමිළේ ලැබේ.)

පිටි පචය පතුරුවා ඩෙංගු අමතක කර දැමීම සමහර විට ගොබෙල්ස් න්‍යයයේ කොටසක් විය හැකි වූවද. එම ප්‍රශ්නයේදීද නොහැකියාව මනාව ඔප්පු කොට හමාරය. මන්ද ඩෙංගු බෝකරන ප්‍රධාන ස්ථාන සියල්ලම රජයේ ආයතන බැවිනි.

එබැවින් රට පච කෙළින්නේ නැතිව ප්‍රශ්න වලට නිසි පිළියම් යෙදිය යුතු කාළය පැමින ඇති බව ජනාධිපති තුමාට ඉතාමත් ආදරයෙන් මතක් කරමි. මන්ද යුද්ධය ජයගත්තද මේ වැනි වැඩ බැරි ටාසන්ලා සමග ආර්ථිකය ජයගැනීම නම් සිහිනයක්ම වන බැවිනි.