.

.
Showing posts with label Labor. Show all posts
Showing posts with label Labor. Show all posts

Jul 27, 2021

දරුවන් මරාගෙන කෑම


 

ඇත්තටම මාතලන් දැන් ලියන්නේ බුකිය ටාගට් කරගෙනය. ඒත් මගේ ලිවීමේ ඉට්ටැයිල් එක සැර වැඩි නිසා "හේට් ඉස්පීච්" යටතේ දිගටම මාව බ්ලොක් කරන හේතුවෙන්, වෙනදා මාතලන්ගේ ලිපි වල තියෙන සැර ගොඩාක් බාල කරලා ලියන්න වෙලා තියෙන්නවාය. 

සුනිල් එදිරිසිංහ මහත්තයගේ හරි අපූරූ සින්දුවක් තියෙනවාය. තිරය ඇරෙනවා තිරය වැහෙනවා නම් එම ගීතයේ තැනක මෙහෙම තියෙනවාය.  

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති

නළ වතුරෙන් සැනහෙන දරුවෝ

ගොයම් නැටුමකට දෑකැති ලෙළවති

කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

මේ කියන දේ අමුතුවෙන පැහැදිලි කරන්න ඕන වෙන්නේ නැතිය. ගෝනා ඔනෙකුට මේ සත්‍යය වැටහෙනවාය. බඩ උඩින්ගේ නිවසේ පිලිස්සී මියගිය දරියගේ දෙමව්පියන්ට අම්මාමෝ නැහිව බනින රිදී හැන්ද කටේ ඔබාගෙන මව් කුසෙන් බිහි වූ දැරිවියො කීප දෙනෙකුගෙම සටහන් දැක්කාම මේ දැරිවියන් ගැන මියගිය දැරිවිය වෙනුවෙන් ඇති වේදනාවටත් වඩා වේදනාවක් ඇති වී මට මේ සින්දුව මත්ක් උනේය. 

ඇත්තටම අප ඒ දැරිවියන්ට පිලිස්සි මිය ගිය දැරිවියටත් වඩා අනුකම්පා කරන්න ඕනෑය.

මොවුන් මේ වතුකම්කරුනගේ ජීවන රටාව, පරිසරය හා සමාජ තත්වය නොදත්, පොඩි කාළේ...,  චිත්‍රා සෝමපාලගේ.., උඩරට කඳුකර.. සිරියා පරදන.. රූබර මුහුණ ඔබේ... රතැඟිලි දිඟුකර ..මදහස නංවන.. තේ දළු නෙලන ලඳේ... ගීයට, වෙවැල් කුණු බාල්දි පිටේ එල්ලාගෙන ඩාන්ස් කරලා ආතල් එකක් ගත්ත දරු දැරියෝය.  

මේ ගීය ලියාපු එකාත්, තේ දළු නෙළනා ළඳුන්ගේ ඇඟිලි දැකපු එකෙක් වෙන්නට බැරිය. මහා පාන්දර ජාමයේ පයට සෙරෙප්පු දෙකක් හෝ නැතිව ටාගට් වලට දැලු කඩන්නට යාම ඔය සින්දුවේ කියනා තරම් සුන්දර නැතිය. ඒ ගැන මාතලන් පසුව කතා කරනවාය.   

ඒ වගේම ඒ සින්දුවේම කියනාකාරයට... තිරය ඇරෙන විට, සඳළු තලෙන් බැස, තාලෙට ඉඟ සුඟ නටවන නෝනා හාමුලාට මාතලන්ට කියන්නට ඇත්තේ, ලෝකයේ දියුණුම යැයි කියනා රටවල වයස 13 ට වැඩි දරු දැරියෝත් පාසල් නිවාඩු කාළයේ රැකියාවක් කර කීයක් හරි සොයා ගන්න ඒ දෙමාපියන්ම පුරුදු පුහුණු කරනවා කියලය. සල්ලි හොයන එක ලේසි වැඩක් නෙමේ කියන්නේ මෙහෙම ෆීල්ඩ් එකට දමලාය. 

ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමාගේ දියණිය රෙස්ටුරන්ට් එකක වැඩට යන්නේත්, ඇයව දිරිමත් කිරීමට ජනාධිපති තුමාත් දිනක් ඇයගේ සහායට යන්නේත්, ඒ රටවල ඉන්නේ ගෝත්‍රිකයෝ නොව ප්‍රැක්ටිකල් මිනිසුන් නිසාය. 

මේ මාතෘකාවට කිසිසේත් සම්බන්ධ නැති පින්තූරයක් එල්ලුවේ ඇයි කියා දැන් ඔහේලාට වැටහීමක් ඇති වෙන්නැතිය කියා මාතලන් හිතනවාය. ඒ නිසා බරක් ඔබාමාටයි මිෂෙල් ඔබාමටයි හෙන ඉල්ලන්න එපා කියා ඒ නෝනා හාමුලාගෙන මාතලන් ආදරෙය්න් ඉල්ලා සිටිනවාය. 

ඒ වගේම, රාජපක්ෂ පවුලේ බාලයා වන ච්චිගේ කුඩා දරුවාගේ පින්තූරයට පවා එක එක විකාරයන් කර, බුකියේ එල්ලාගෙන, දැරියගේ ඝාතනයේ චෝදනාව චිචිලාට එල්ල කරනා අමු කාළකන්නින්ගේ පොස්ට් දැක්කාම උන් ගැන ඇතිවෙන්නේ බඩ උඩින්ගේ පවුලේ අපරාධයකාරයන්ටත් වඩා පිලිකුලක් බව නොලියා සිටිය නොහැකිය. දේශපාලකයන් සමඟ ඇති වෛරය දරුවන්ගේ දරුවන් පිටින් යවන්නේ නොමිනිසුන්ය. ඇත්තටම මොවුන් මානසික රෝගීන්මය. 

කිසිම දේශපාලකයකුට මේ වන තෙක් විසඳුම් ලබා දීමට නොහැකි වූ ප්‍රශ්ණයකට රාජපක්ෂලා පමණක් වැරදිකරුවන් වන්නේ කෙසේද? එසේ නම් රජ සැප විඳිනා අකුදිගේ දරුවා මෙන්ම මෙන්ම ලාල්කාන්තගේ දැරියත් ඊට වගකිව යුතුද? විජේවීරගේ පුතාත් වැරදිකාරයෙක්ද? 

ලංකාව අමු ගෝත්‍රික, දරිද්‍රතාවයෙන් යුතු රටක් බව අමුතිවෙන් කිව යුතු වන්නේ නැතිය. හොඳයි අපි කියමු මේ දෙමාපියන්ගේ දුප්පත් කම නිසා දරුවා විකුණගෙන කෑවාය කියා. එතකොට මේ දැරිවිය වැඩට එන්නේ එය විවේච්නය කරනා අයගේ පන්තියේ නිවසකටය. ඒ නිවසෙදී ඇය මරා දමනවා නම් ඔවුන්ගේ පන්තිය ලැජ්ජා විය යුතු නැද්ද? ඒ පංතියේ යුතුකම එවන් දරුවන්ට ආදරය කිරීම හා රැකබලා ගැනීම නොවේද? ඒ වෙනුවෙන් ඒ පන්තියේ අය අර දුප්පත් දෙමව්පියන්ට වැඩියෙන් ලැජ්ජා විය යුතු නැතිද?

මෙහෙකාර සේවයට එන දරුවන්ට තම දරුවන්ට මෙන්ම සොයුරු සොයුරියන් ලෙස සලකනා වැඩිහිටියන් මෙන්ම දරු දැරියන්ද සිටිනා බව මේ වෙලේ ලියා තැබිය යුතුමය. එමෙන්ම ඔවුන් පාසල් යවා අධ්‍යාපනය ලබා දී සමාජයේ ඉහළම තැන්වලට යැවූ අය මෙන්ම, නිසි වයසේදි කරකාර බන්දා දී ඉන් පසුවත් ඔවුන් ගැන සොයා බලනා, මා දන්නා දෙවිවරුන් බඳු මිනිසුන්ද සිටිනා බව ඔවුන්ට උපහාරයක් ලෙස සඳහන් කර සිටිය යුතුමය. 

ඇත්ත කතාව ඔය කිසිවක් නොවේ. වතුකරයේ වෙනත් රැකියා ඇත්තේ නැතිය. ඔවුන්ට ලේ උරුමකමෙන් ඇත්තේ තේ දළු නෙලීම හා වතු ආශ්‍රිත සුළු රැකියාවන් පමණය. ඒවායේ වැටුප පිළිබඳ රටේ සියල්ලෝම දන්නවාය. කොටින්ම ඒ පන්තියෙන්, ඒ කුළයෙන්, ඉහළ සමාජ තත්වයක් හිමිකර දේශපාලුවන් උගතුන් බුද්ධිමතුන් පවා එම පිරිස සලකන්නේ කුලීනයන් ලෙසය. 

මොවුන්ට නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබෙන අතර පාසල් යන්නේ, යන්න ඕනාවටය. එහෙත් අද මේ දරුවන්ට කොළඹ නඟරයේ  සාප්පු සේවක හා කම්කරු රැකියාවන් වෙනුවෙන් විශාල ඇබෑර්තු ප්‍රමාණයක් ඇත. ඔබ නඟරයේ විසල් රෙදිපිලි සාපුවකට හෝ රෙස්ටුර්න්ට් එකකට ගියොත් අද ඉන්නේ මේ දරුවන්ය. 

ඔවුන් ඉතා කඩිසර පිරිස්ක් හෙයින් කොම්පැනිකාරයෝත් මේ දරුවන් සේවයේ යොදවා ගනීමට කැමතිය. අවම පහසුකම් යටතේ වුවත් මේ රැකියාවන්වලට, වතුකරයේ රැකියාවන්වලට වඩා කැමති බව ඔවුන් මා සමඟ පවසා තිබෙනවාය. ඊට ප්‍රධානම හේතුව ඔවුන් වතු මානසිකත්වයෙන් මෙන්ම පරිසරයෙන් මිදී නිදහස් ජීවිතයක් ගත කිරීමට ලැබෙනා නිසාය. 

තත්වය එසේ වුවත්, එවන් රැකිවාක් කිරීමට තරම් දැනුමක් නැති දරු දැරියන් තවමත් නිවෙස්වල මෙහෙකාර කමට සැපයීම වතු ආශ්‍රිතව ප්‍රධාන මාෆියාවකි. මේ බ්‍රෝකර්වරුන් හා වතු වලින් බිහිවූ දේශපාලුවන් අතර කිසිම වෙනසක් මාතලන් නම් දකින්නේ නැතිය. දෙපිරසම කරන්නේ තමන්ගේම පන්තියේ එකා විකුණාගෙන කෑමය. 

මෙයින් දේශපාලුවෙක් විරෝධතාවයකදි පැවසුවේ.., මේ බ්‍රෝකර්වරුන් වතු වලට එනවිට ගහලා පන්නන්නෙයි කියලාය. ඊට කලින් ඩීල් දේශපාලනයෙන් ගොඩ යන මේ කාළකන්නින්ට ගොම ගසා එලවන්න ඕනෑය. මුන් දැන් වතුවල ජීවත් වන්නේ නැතිය. ජීවත් වෙන්නේ කොළඹ හතේය. බබාලා ඉන්නා ළමා රක්ෂණ අධිකාරිය මුන්ගේ නිවෙස් වැටලුවා නම් මෙවන් දැරියන් ඕනා තරම් හොයා ගන්න අදටත් පුළුවන්ය.

සිද්ධියක් වූ විට බොරුවට අඬ ගසා කෑ ගැසුවාට, මේ අසාධාරනයන් මාෆියාවන් සමාජ රටාවන් මේ රටෙන් තුරන් වන්නේ නම් මේ රට සුරපුරයක් වෙලා බොහෝ කල්ය. ළමා රක්ෂණ අධිකාරිය කියන්නේ පට්ට විහිළුවක්ය. පොලීසිවල කාන්තා හා ළමා රක්ෂණ අංශ කියන්නේ අමු විහුළුය. මුන්ට පින් පඩි දෙනවාට වඩා, ඒ සල්ලි වලින් ළමා නිවාසවල ඉන්නා දරුවන්ට හරි හමන් කෑම වෙලක් ලබා දෙන එක ඊට වඩා කුසළ කර්මයක්ය. 

කොටින්ම මේ සිද්ධිය වෙනුවෙන් මේ වනතෙක් උන් කිසිවක්ම කර නැතිය. පොලීසියන් කරන නිසා අපි මොකුත් කරන්න ඕන නෑ කියනා උන්ට වෙන රටක නම් කෙලින්නේ කුණු බිත්තරවලින්ය. මුන් ඒ අතින් වාසනාවන්තය. 

ආන්ඩුවට මේ වෙනුවෙන් කළ හැකි විශේෂ දෙයක් ඇත. ගෘහ සේවිකාවන් කියන්නේ නිග්‍රහ කිරීමට හෝ වහල් සේවයක් යැයි කියා පහත් කොට සැලකිය යුතු රැකියාවක් නොව, තවත් ගරු කටයුතු රැකියාවකි. එහෙත් ඔවුන් සිරකරුවන්ලෙස තබාගැනීමට කිසිවකුටත් ඉඩ දිය යුතු නැතිය. 

කරුමය වෙලා තියෙන්නේ, සාප්පු සේවකයන් මෙන්ම, රියැදුරු, ගෘහ සේවීකා හා බාබර් යන රැකියා (වතුවල දරුවන් වැඩි වශයෙන් නිරත්වන්නේ මේ රැකියාවලය) රජයේ පිලිගත් රැකියා ලෙස ගැසට් කර නැති වීමය. 

විශේෂයෙන් පෝට් සිටිය හැඳුන පසු ගෘහ සේවිකාවන් යනු කොතරම් ගරු කටයුතු රැකියාවක්ද යන්න මේ රටේ ගෝත්‍රිකයින් වටහා ගන්නවා ඇතිය. දැනටත් රටේ ප්‍රධාන ආදායම ගෘහ සේවිකාවන්ගේ දහඩිය හා කඳුළු බව බයිලා ගහනා හැම එකාටම අමතකය. 

ඒ නිසා මාතලන් ජනපති නම් මේ වෙනුවෙන් කරන්නේ මක්කාද කියා මෙසේ ලියා තබනවාය. 

  • වයස 16 න් පහළ දරුවන් සේවයේ යෝදාගන්නා සේවාදයකයන්, දෙමව්පියන්, බ්‍රෝකර්වරුන් වසර 10 ක් දක්වා සිරගත් කල යුතුය.
  • සියළුම රැකියා රජයේ පිලිගත් රැකියාවන් ලෙස කම්කරු අමාත්‍යශයේ ලියා පදිංචි කළ යුතුය. 
  • සෑම සේවක සේවිකාවක්ම රජයේ අර්ථසාධක අරමුදලේ සමාජිකයින් ලෙස ලියාපදිංචි කළ යුතුය.
  • සෑම සේවයකයකුටම සතියට දින දෙකක් හෝ මසකට සතියක් සේවා ස්ථානයෙන් බැහැර යාම සඳහා නිවාඩු ලබා දිය යුතුමය. (ඒ දිවනල වෙනත් රැකියාවක් හෝ එම රැකියාවම කිරීමේ නිදහස ඔවුන්ට ඇති අතර ඊට වෙනම දීමනා ලබා දිය යුතුය.)
  • විශේෂයෙන් ගෘහාශ්‍රිත රැකියාවල නියුතු වන සේවකයින් පිළිබඳ සියළු තොරතුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ලියා පදිචි කළ යුතු අතර, සතියකට වතාවක් ඔහු හෝ ඇය මුණ ගැසී වාර්ථාවක් තබා ගත යුතුය. (ඕකුන්ට කරන්න වැඩක් තියෙන්න එපැයි.) (ඔය කාළකන්නි දෙශපාලුවන් රැකීමට යොදා තියෙන පොලීසියේ පිරිස පහසුවෙන් මේ සඳහා යෙදවිය හැකිය.) ජනතාවට අතරට යන්න බැරි උන් ජනතා නියෝජිතයින් විය යුතු නැත. 

ඒ වගත් මෙසේය....

Jul 29, 2013

දරුණුම වේදනාව විලි රුදාවද...? (16+) - How painful is Labor? (13+)


  
සුද්දගේ රටේ විලියෝන් කුමාරයටයි, කේට් මිඩිල්ටන් කුමාරිටයි. රජ කොලු පැටීයෙක් හම්බ උනා කියලා දැන් හැමෝම දන්නවනේ. කොලු පැටියගෙ නම් "ජොර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්".. හැමෝම කියන්නේ මේක බොහොම පැරණි නම් සැට් එකක් කියලා.