.

.
Showing posts with label Dilith. Show all posts
Showing posts with label Dilith. Show all posts

May 28, 2023

එන ආයෝජනේටත් කෙලින්න දඟලන, රට වනසන මඩකරි අපතයෝ

 


එන ආයෝජනේටත් කෙලින්න දඟලන,
රට වනසන මඩකරි අපතයෝ
➖➖➖➖➖➖➖➖➖💀💀

අපේ රටේ උන්ට ලයිට් නැතිව උන්න එව්වා, පැස්ටෝල් නැතිව උන්න එව්වා, දැන් මතක නැතිය. 

එව්වා ඉබේ නැති වූයේ නැතිය. එව්වා සියල්ලම කළේ රාජපක්ෂලා විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ලෙසය. වැඩේට යොදාගත්තෙත් ඒ පවුලේම එකෙක්‍මය. ඒ නොම්මර එකේ ලණු කන්නෙක් වූ ගොම ගෝටාභයය.

කුමන්ත්‍රණයේ මහ මොළකරු විමල් වීරවංශය. ඉස්පොන්සර් දිලිත් ජයවීරය. වැඩේ කළේ මංගොනාපිල හරහාය. අණබෙරකාරයා ජනක රත්නායක නම් ගුණමකු අපතයාය. සියල්ලෝ එකතුව රටේ ඉන්ධන හා විදුලි අර්බුධයක් නිර්මාණය කලේය.

එහෙත් මුන් සියල්ලන්ටම කෙලවූයේ, ගෝටා විසින්ම ඇමතිකම කංචනට දීමෙන් අනතුරුවය. පොර කළේ QR කේත ක්‍රමය හඳුන්වා දීමය. ඒකෙන් අර්බුදයෙන් මතු වූ ඉන්ධන හොරා කෑ ත්‍රී වීල් මාෆියාවට මෙන්ම ඉහත නම් සඳහන් කළ, රට අඳුරේ තැබීමට අදත් පුප ඉරාගෙන දඟලන මාෆියාවටත් කෙලවෙලාම යෑමය.

ඒ අතරින් එකෙක්, දිගටම රඟපෑවේ කොමිසන් සභාවල ඇති නීතිමය බලයෙන් කවර් වෙමින්‍ය. ඒත් කංචන හා එක් වූ රනිල් වික්‍රමසිංහ නම් වියවස්තා විසේසග්නයා ඌටත් ඊයේ පෙරේදා ඇරියේ, බටර් නැතිවමය.

කංචනට අරින්න ගිය තෙල් සංස්ථාවේ පොහොට්ටුවේ හූනියන් බත්බැලයන්ටත් ඇරියේ පුපෙන්ම යන්නටය. මහින්ද තියා මොකා කිව්වත්, උන්ට ආයේ රැකියා දුන්නේ නැතිය. තාමත් සැට්ටෙකම ගෙදරය.

හොරුන්ට මාෆියා කාරයන්ට කෙලිනා විට හතුරෝ වැඩිවෙන්නේ ලයිට් බිල වැඩි වුනා වගේමය. එය කොතනටත් අදාලය.

හතර ගාතෙන් වැටී පුපෙන් යන්න දුන්නත්, ඉහත නම් සඳහන් කළ විමල්, දිලිත්, ජනක, මංගොනාපිල, උන් හා අලුතෙන්ම එක් වූ දියවන්නාවේ බඩු කාරයා මෙන්ම ජෙප්පෝද වැඩේ අත් හැර නැත්තේය.

දැන් ගේම දෙන්න යන්නේ එන ආයෝජකයන්ටය. ඒ සිනොපෙක් කාරයාගේ දුවට මඩ ගසලාය. අපතයන් රැල උන්ගේ මුදල් හා මීඩියා බලය උපයෝගී කර ගනිමින්, කංචනට මඩ ප්‍රහාරයක් එල්ල කළේ, එකම ලිපිය වෙබ් අඩවි හරහා එක මොහොතේ පලකරලාය.

ඒ සිනොපෙක් ආයතනයේ දේශීය නියෝජිතයා මැක්ලරන් කොම්පැණිය බවට අමු කෙප්පයක් නිර්මාණය කරමින්‍ය. මේවා කිසිම පදනමක් නැති ජඩමාධ්‍ය සුනඛයන්ගේ අතේ රෝල්‍ය.

වැඩේ බඩු බනිස් වෙන බව දැනගත්, මාතලන්ද කාළයක් ලිපි ලියූ lankanewsweb මුලින්ම ලිපිය ගලවා දැමුවේය. ඉන් පසු රෙද්දේම රෙවුන අනෙක් බ්ලොග් පඩංගුත්, නිව්ස් එක ගලවා දැමුවේය.

දැන් මුන්ට අවශ්‍ය ආයෝජකයන්ට මඩ ගසා, උන්ට ලංකාව අරහං කොට, නැවත වරක් රට අරාජික කිරීමටය. ඒ නිසා වැඩ්ඩන්ට නොව ආයෝජකයන්‍ටත් මඩ ගැසීමට පටන් ගෙන තියෙනවාය.

කස්ටියට බඩු බනිස් වුනේ, සිනොපෙක් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, තමන් මේ රටේ බිස්නස් කරන්නේ තමන්ගේම කොම්පැනියෙන් බවත්, මැක්ලරන් කොම්පැනිය හෝ කිසිම කොම්පැනියක් ඊට සම්බන්ධ නැති බවත් ප්‍රකාෂ කිරීමෙන් අනතුරුවය.

මේ බිජුහීනතාවයෙන් යුත් ගුණමකු මඩකරියන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඕකුන් සියල්ලටම ජම්පර් ඇන්දවීමකින් තොරව, මේ රට සංවර්ධනය කිරීම ලේසී පාසූ කටයුත්තක් නොවන්නේමය.

ඒ සඳහා මෙතෙක් තමන්ට එදිරිව ආ සියලු මාෆියා කාරයන්ට බටර් නැතිව පශ්චාත්භාගයේම ඇරිය, කංචන ඇමතිවරයාටත්, ජනාධිපති රනිල්ටත්, විදුලිබලයට හා ඉන්ධන බාර සියලු දෙවි දේවතාවූන්ගේ බලය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමු...

ආයේ පෝලිම්වලයි... කරුවලෙයි ඉන්න බෑ ඕයි....

ඒ වගත් මෙසේය....

.

Nov 30, 2021

වසංගතය කොරෝනා නොව පුංචි බන්ඩාය


 ජනාධිපතිවරණය වෙලේ පුංචි බන්ඩා උන්නැහේ ඝෝඨා එක්ක එහෙ මෙහෙ යනවා අපි නම් දැක්කේ නැතිය. හැබයි දිලිත් ජයවීර නම් අර සුපිරි ඩිස්කවරියේ එහෙ මෙහෙ යනවා අප කිප වරක්ම දැක්කේය. පුංචි බන්ඩා මහතා උසාවියෙන් බ්ලැක් ලිස්ට් කල පොරක් ය. ඝෝඨා එවන් කෙනෙක් තබාගෙන ඉන්නේ සමාර විට එයා අසාදුගත පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙන නිසෑදැයි කියන්නට අප දන්නේ නැතිය.

එහෙත් දිලිත් ජයවීර යනු එවන් පුද්ගලයකු නොවේය.  ඔහු ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ලංකාවේ ඉහළම තලයේ වැජබෙන ව්‍යාපාරිකයෙක්‍ය. අනික ඔහු උපාධිදාරියකුය. රාජ්‍ය සේවයට සම්බන්ධයක් ඇත්තේ නැතිය. ඔහුට එක එක චෝදනා කරනා හැම එකාම පෞද්ගලික අංශය ගැන අබමල් රේණුවක දෙයක් නොදන්නා මීමින්නන්‍ය. පෞද්ගලික අංශය යනු ලාබයම පරමාර්ථය කර ගත් අංශයක් පමණි. ඔවුන්ගේ සේවක පිරිසගේ පමණක් නොව, පින් පඩි ගන්නා ආන්ඩුවේ උන්ගේ පඩිය ගෙවන්නේද ඔවුන්ගේ මුදල්වලින්‍ය.

කිරීමට කිසිවක් නැති ආයතන කිහිපයක නාමමාත්‍රික තනතුරු කීපයක්ම ලබා දුන්නද, අද ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ "නිදි වගේ ඉන්න ඕනෑ..." කියන්නේත්, පී බී ට එලව එලවා පහර දෙන්නේත්, රටේ ප්‍රශ්ණ සියල්ලටම හෙතුව පුංචි බන්ඩාගේ මරි මෝඩ තීන්දූ තීරණ හා අධිකාරිවාදී පාලනය නිසාමය.

ඝෝඨාට මරි මෝඩ උපදෙස් දෙන මේ හාදයා දැන් කියන්නේ, රටේ ආර්ථිකය රට අති භයානය ආර්ථික අඩියකට වැටී ඇති බවත්, ලබන වසරේ තත්වය මීටත් වඩා දරුණු විය හැකි බවත්‍ය. අනෙක මේ මෝඩ වාහේ ඒවා කියන්නේ ජර්මන් සන්නාම පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදි ඉන්ගිරිසියෙන්‍ය. මේවායෙන් වෙන්නෙ ඉන්න ආයෝජකයෝ ටිකත් එපාර්ට්මන්ට් එකත් විකුණා දමා මේ ගල් වැද්දන්ගේ රටෙන් චුත වෙලා යන එකය.

මෙයාලා කෙලෙවෙන හැම එකටම උත්තරේ ලෙස පෙන්නන්නේ වසංගතයය. ඇත්තටම ලංකාවට කෙලවුනේ කොරෝනා වසංගතයෙන් නොව, පුංචි බන්ඩා වසංගතයෙන්‍ය.

අපනයන ආනයන සීමා දමාගෙන සිරිමාගේ යුගයකට රට ගෙනියන්න ගියේ වෙන කවුරුන්වත් නොව පුංචි බන්ඩාය. රටම ගිනි තැබූ කාබනික වගාව තම අධිකාරිමය බලයෙන් පටන් ගත් ගමන් 100% කරන්නට ගියේ කාබනික ගොවිපලක් තිබෙනා පුංචි බන්ඩාය. ඩොලරයේ මිළ ස්ථාවරව පවත්වාගෙන යා යුතුයැයි නීතී දාන්නේ පුංචි බන්ඩාය. සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් පාලනය කරන්නේ පුංචි බන්ඩාය. මැති ඇමතිවරුන්ට ජනපති හමුවීමට ඇපොයිමන්ට් දෙන්නේ පුංචි බන්ඩාය. කොටින්ම රාජපක්ෂ පවුලේ අවුල් නිර්මාණය කර ඇත්තේත් පුංචි බන්ඩාමය. රටේ ජනාධිපති, ඝෝඨාභය රාජපක්ෂ නොව පුංචි බන්ඩාය. 

එකෙකුටවත් මේක කෙලින්ම ජනාධිතුමාට කියන්න කොන්දක් නැති උනාට. එතුමාට තවත් වසර තුනක් ඉදිරියට ඇති නිසා. එතුමාගෙන් විශාල වෙනසක් බලාපොරොත්තු වූ කෙනෙකු වශයෙන් කට කැපුවත් මේවා කියන්නම වෙනවාය. දිලිත්ලාත් වටින් ගොඩින් කියන්නේ එයය.

වසංගත මැදත් බංගලාදේශය ඉන්දියාව ඉතරක් නොව ටුවරිසම් වලින්ම දුවනා මාල දිවයිනත් කිසි අවුලක් නැතිව දුවනවාය. කොරෝනා කියා ඒ රටවල් වසා දමන්නේ නැතිය. සංචරණ සීමා දාලා නැතිය. මිනිසුන්ගේ නිදහස නැති කරලා නැතිය.

ඒ රටවල් එසේ දුවන්නේ බෙල්ල කපා දමනවා වාගේ මරි මෝඩ ආර්ථික තීන්දූ ගෙන ඕපන් ඉකොනොමිය සංවෘත ආර්ථිකයකට පරිවර්තනය නොකල නිසාය. පවතින ආර්ථික ක්‍රමය ඔහේ තිබෙන්නට ඉඩ නොහැර, ඊට ආනයන සිමා පැනවීමෙන් ආර්ථිකයට කෙලවෙලාම යන බව අප කියද්දී, එදා අපට .... තෝ දන්නා ඉකොනමි කියා කින්ඩිය දැමූ උන්, අද කියන්නේ මාතලන් කියපුවා ඇත්තෙයි කියලාය. 

පොඩි කඩයක්කත් කරලා නැති ආර්ථික උස්තාද්ලා වාහන ආනයනය සීමා කිරීමෙන් කී දෙනෙකුට කෙලවුනාද කියා අදටත් දන්නේ නැතිය. එයින් සිද්ද උනේ කෘතිම මිළක් ඇති වීමය. ඒ ගණුදෙනු වලින් ආන්ඩුවට ලැබුන ලබ්බක් නැති අතර, කාර් සේල් කාරයෝ පමණක් ගොඩ ගියේය. එහෙත් කෘතිම මිළ සැමදා රඳා පවතින දෙයක් නොවේය. එයට සීමාවක් ඇත. එළවළු මාෆියාවට කෙලවෙලා ගියේ ඒ අනුවය.

අති දරුණු යුද්ධයක් සමඟ පට්ටම ෆේල් පාලනයක් ගෙන ගිය චන්ද්‍රිකාගේ කාළයේවත්, කිසිම වසංගතයක් නොමැතිව සිවිල් ත්‍රස්තවාදින් හා සමඟ පාස්කු බෝම්බද සමගින් රටේ ණයබර දෙගුණයකින් වැඩි කල, අද, රජය මිළ පාලනය කරන්න ඕනා කියනා, ඕපන් ඉකොනමි  උස්තාද්ලා සමගින් පිස්සන් දෙදෙනෙක් රට පාලනය කළ යහපාලන කාලයේවත් රටේ ආර්ථිකය මෙවන් තත්වයකට පත් නොවූයේ, එයාලා පැවති ආර්ථික ක්‍රමයත් සමඟ පිස්සු කෙලින්න ගියේ නැති නිසාය.  

සතොස සභාපති එලවීමට, මහ බැංකු අධිපති එලවීමට ගත් තීරණය මේ මොහොතේ හෝ නොගතහොත්, ඝෝඨාභය රාජපක්ෂද අයත් වනුයේ එතුමා විසින්ම මෑතකදී නැවත පත්කර එවන්නට එපා යැයි කියූ පිලටමය. පත් කර ගත යුත්තේ රාජ්‍ය සේවයේ කිසි දිනෙක සේවය කර නොමැති පුද්ගලයකු පමණි.. රාජ්‍ය සේවයේ පිරිස හා මේ රට ගොඩ දැමිය හැකියයි කිසිවකු සිතන්නේ නම්, ඔහු කළ යුත්තේ මළක් ගසා ආතල් එකේ සිටීම මිස දේශපාලනයේ නොවේමය.


ඒ වගත් මෙසේය.....