.

.

Jan 31, 2017

SAITM විරෝධීන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග...!!!


  • දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය - (රජයේ රෝහල්වල පමණී)
  • දීප ව්‍යාප්ත නේස් වැඩ වර්ජනය
  • දීප ව්‍යාප්ත් රාජ්‍ය සේවයේ වැඩ වර්ජනය
  • දීප ව්‍යාප්ත ත්‍රී රෝද රථ සංගමයේ වැඩ වර්ජනය
  • දීප ව්‍යාප්ත ලොතරයි පත් අලෙවිකරුවන්ගේ වැඩ වර්ජනය
  • ගරු පාර්ලිමේන්තු මංත්‍රි උදය ගම්මන්පිලගේ පුවත් පත් සාකඡ්චාව (වෛද්‍ය මධු මාධව අරවින්දගේ අදහස් දැක්වීම
  • වෛද්‍ය නලින්ද ජයතිස්සගේ පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාෂය
  • තවත් සයිටම් විරෝධි පා ගමනක් පැමිණීම
  • එහිදි අහිංසක සිසුන් එකෙකුගෙ හෝ දෙදෙනෙකුගේ මහා බිලි පූජාව
  • ඒ මිනී කර තබාගෙන තවත් පෙලපාලියක් යාම
  • රජයේ දේපල ගිනි තැබීම - (පෞද්ගලික ඒවා ගිනි තබන්නේ නැත)
  • කැම්පස් සියල්ල වසා දැමීමට කටයුතු කිරීම - (පෞද්ගලික ඒවා ආත්ල් එකේ යනවාය.)
  • සවුක්ක ඇමතිතුමා දුරයෙන් පහ කරන්නැයි ඉල්ලීම
  • එතුමා හතර අතේ නෙලීම
  • අතිගරු අති පූජ්ජ දක්ෂිණ අඟුටු මිටි නිකායේ මහා සංඝ නායක අලහප්පෙරුමේ ඩලස් හිමි විසින් SAITM වලට එරෙහිව සංඝ ආඥ්ඥාව ගෙන ඒම
  • SAITM හා නෙවිල් ප්‍රනාන්දු රෝහළ ගිනි තැබීම
  • අවසානයේ ජනාධිපති හා සාකඡ්චාවකට යාම
  • SAITM පාර්ලිමේන්තු විවාදය.
  • විශේෂ නොවන SAITM ජනපති කොමිසම පත් කිරීම
  • එතුමා විසින් SAITM වසා දමන්නැයි උපදෙස් දීම.

The End


පසු සටහන -

මේතරතුර සිඳුවිය හැකි තවත් දෑ ඇත්නම් කොමෙන්ට් වලට ඇතුලත් කොරන්න

ස්තූතියි....!

Jan 30, 2017

මහින්ද සින්ඩ්‍රොමය වැළඳි සංහිදියාවට පස්ස පෙන්වීම



යහපාලනය රටේ ජනතාවට ඉතරක් නොව එය ගෙනා උන්ටද අප්පිරිය වී ඇති බව බොරුවක් නම් නෙමේය. යහපාලනයෙන් පත් කර ගත් නායකයා රනිල් නොව මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයාය. මේ පොදු අපේක්ෂකයා හොටු පෙරාගෙන හඬ හඬා ජනතාවට දුන් පොරොන්දු සියල්ලම අද බයිලා බවට පත් වී අවසානය. ජනපති ක්‍රමය අවසන් කරනා බවටද, යලිත් ජනපති කමට ඉල්ලන්නේ නැති බවටද නිදහස් මන්දිරයේ බෝල්පොයින්ට් පෑනකින් අස්සන් කර පොරොන්දු වූ සරළ ජනපතිවරයා, අද ක්‍රියාක්‍රන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට බව ඕනෑම ගොනෙක්ට තේරෙනවාය.

Jan 25, 2017

කොස් කොළ වහළු කවනා අම්බරුවෝ හා නින්දෙන් ඇහැරුනු බෙල්ලන්විල හාන්දුරුවෝ...



ඒ කාළේ පොදු අපේක්සොකයා ලෙස සෝභිත හාන්දුරුවෝ ගෙන එන එකට මාතලන් තදින්ම විරුද්ධව ලිව්වේය. ඒ හාන්දුරු කෙනෙක් රජ උනොත් සිද්ධ වෙන දේ කලින්ම දුටුව හින්දාය. ඒත් දැන් ඉන්න උන්නැහේගේ මළ විකාර හැසිරිම් දුටු විට නම් හිතෙන්නේ, අපේ ගලගොඩ අත්තේ ඥානසාර හාන්දුරුවන් වහන්සේ රජා උනා නම් මීට හොඳ යැයි කියාය.

Jan 22, 2017

විධායකය පීචං කරණා මහ ඇමති හාල්පාරුවෝ



තමන් සිහිණෙන් වත් නොසිතු සැප සම්පත් තාන්න මාන්න ආදිය එක වර කඩා පාත් වූ විට ඒවා රැක ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවනා බවත්, ඒවා පවත්වාගෙන යාම හා කළමාණාකරනයද ලෙහෙසි පහසු කටයුත්තක් නොවනා බවත් පෙන්වා දීමට ඈත අතීතයේ සිටම ඕනෑ තරම් උදාහරණයන් මේ අම්මට සිරි ලංකාවෙම තියෙනවාය. එක පාරටම ප්‍රකෝටිපතියන් වී, නැවතත් මහපාරට වැටුන උන් ජීවමානව දකින්න ඕනෑම නම්, කරන්නට තියෙන්නේ උදෑසනම රත්නපුරේ ඔරලෝසු කණුව අවට පොඩි රවුමක් ගහනා එකය.

Jan 21, 2017

රිදී තිරයේ ස්වර්ණමය සළකුණ - ස්වර්ණා මල්ලවආරච්චි.



ස්වර්ණාගේ සිනමා දිවියට වසර 50 ක් පිරෙනවය, ඒ වෙනුවෙන් සිනමා උළෙලක් පවත්තනවය කියලා හා හෝවක් යන්නේ දැන් මාසයක් ඉතර තිස්සේය. චිත්තරපටි සංස්ථාවේ තරංගනි හෝල් එකේ ජනවාරි මාසේ 22 සිට 26 දක්වා සවර්ණගේ සෝ කීපයක් පෙන්නලා, ඉන්පස්සේ  ජනවාරි 26 වෙනිදා බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවෙදි අපේ සිරිසේන උන්නැහේගේ අතින් සමාණයට පාත්තර වෙනවැයි කියලා මාත් දැක්කේ සිරිසේන උන්නැහේ වගේම පත්තරෙන්ය.

Jan 19, 2017

රිසි සේ සමරිසි සහවාසේ බැරිවා සේ.. (Strictly for Adults Only)


රිසි සේ සමරිසි කොරන්න දෙන්න බැරියෙයි කියාපු අපේ ජනාධිපති තුමා, ඒ ගෙනාපූ පත්තිරිකාව බැසියරේ ගලවලා විසික්ක කෙරුවා වගේ උසික්ක කොරලා දාලා හිටන්. හොඳ වෙලාවට සමරිසි සෙට් එක කැබිනට් එකේ ඉඳලා නෑ. නැහ්නන් ඉතින් ආයේ දෙකක් නෑ ලොක්කාගෙන් මඩු වලිග පාර කනවා පන්සලේ හාමුදුර්වෝ පොඩි උන්ට ප්‍රහාරේ එල්ල කොරනවා වාගේ.

Jan 16, 2017

යා දෙක නොරත රත(න) හා ෆීල්ඩ් මාර්සොල් වීරකුමාර දිසානායක



යහපාලනය ගෙන ඒමේ පුරෝගාමි මෙහෙවරක් කොරාපු, රතන හාන්දුරුවෝ ඊයේ ආන්ඩුවෙන් එළියට වැඩලා ස්වාධීනව ඉන්නවැයි කියලා කිව්වාය. හැබයි ඉතින් මේ අම්මට සිරි ලංකාව කියන රටේ, ස්වාධීන කියන වචනේ නිර්වචනය වෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න අමාරූ, ස්වාධීන රූපවාහිනියයි, ස්වාධීන පත්තර සමාගමුයි දැක්කමය. උන්ටත් අවුල්ම වගේ තේරෙන නිසාද කොහෙදෝ, ඔය සුවාධීන රූපවාහිනියට, පවුලේ නාලිකාවෙයි කියලත් කියනවාය. ඒ නිසා රතන හාන්දුරුවන්ගේ ස්වාධීනේ මොන ජාතියේ එකක්ද කියලා බලාගන්න වෙන්නේ අනාගතේදීය.

Jan 14, 2017

මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නේ පිස්සූ මචං - Tribute to Deepal Silva



අම්මට සිරි ලංකාව ගැන කියන්න තියෙන හොඳම සින්දුව කිව්වේ උඹ මචං. ඔය ජාතිකාභීමානී ගී කියන්නේ අමූලික කෙප්ප. මේක තමයිලු ලෝකෙන්ම උතුම්ම රට. අම්මගේ රෙද්ද තාමත් වැනේ වැලේ මචං. සුඩානේ උනුත් සම හරක් විට උන්ගේ රට ගැන එහෙම හිතනවා ඇති. මේක මාර රටක් කියන්නේ බං, මේ රටේ උන්ට පොඩි පිකප් එකක් දෙන්න මෙහේ කවි ලියන්න උන් නැති නිසා, ටිබෙට් රටින් ඉම්පෝට් කොරලා ජාතිය ඔප් නංවන්න, කොඳු කෙලින් කරන්න, ජාතිකාභීමානී කවි ලියපු, එස් මහින්ද හාන්දුරුවන්ගේ කවියක් අද පාර පුරාම ගහලා, අමු හොරෙක්ගේ පොටෝ එකක් දාලා. මහින්ද හාමුදුරුවෝ උන්නා නම් ආයේ ටිබෙට් යයිද, එක්කෝ රවිරාජ් වගේ වෙඩි තියාගෙන මරෙයිද කියන්න නම් දන්නේ නෑ. 

Jan 12, 2017

ඉරිසියාවේ ගස (පවුල් ගසක් උව විය හැක) - The Jealous Tree (May be a Family Tree)



ඕන එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක මනුස්සයෙක් පාරේ යන ගමන් ගලක් කකුලේ වැදුනා. පොරට එක පාරටම මතක් උනා මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කියන කතන්දරේ. කෝකටත් කියලා ගලත් අතට අරගෙන යන ගමන්, මහන්සියට ගිමන් නිවා ගන්න මහා විශාල ගහක් යට නැවතුනා.

Jan 11, 2017

සහන් කසීර බ්ලොග් ආගමනය - Sahan Kaseera joins Sinhala Blogging



සියල්ලටම කලින් කියන්න ඕන, අපේ බ්ලොග් ලොව ආමි කාරයා හෙවත් විචාරක මහත්තයා පොඩි අසනීප තත්වයක් නිසා ආමි හොස්සපිටැල් එකේ නවත්තලා ඉන්නවා. එයා කියන විදියට නම්, එයා දොස්තරලත් එක්ක ටැස්ට් මැච් කීපයක්ම ගහන නිසා ඒ ටික ඉවර වෙනකන් ගෙදර එන්න බැරි සයිස් එකක්ලු තියෙන්නේ. ඉතින් අපි උන්නැහේට ඉක්මන් සුවය ලැබිලා, ආයෙත් ඇවිත් හතර අතේ නෙලන්නෙයි කියලා ප්‍රාර්ථනා කොරනවා හිටන්.

Jan 10, 2017

විමල් වීරවංශ කතා වස්තුව හෙවත් මෝහිණිගේ පුත්‍ර රත්නය - Mohini's Son



මෝහීණි ගැන හැම එකාම අහලා තියෙනවාය. ඒත් මෝහිණි එන්නේ තනියෙන් නෙමේය. පොඩි එකෙකුත් එක්කය. ඒ කාළේ මෝහිණි දැකපු උන් අනන්තවත් උන්නාට දැන් එයා පේන්න එන්නේ නැතිය. ඒ වාගේම, හැම වාහෙම මෝහිණි ගැන කතා කලාට, මෝහිණිගේ පොඩි එකා ගැන කතා කොරන්නේ නැතිය. මාතලන් මේ කියන්න යන්නේ මෝහිණිගේ පොඩි එකා ගැන කතන්දරයය.

Jan 5, 2017

ගාළු පාරේ කහ ඉරි... සමාවෙන්න... සුදු ඉරි (23+) - Why does a chicken cross the road...?



Why the hell that chicken cross the road....?

නෙක පේන මානේ
දැල්වේ තොරණ ලෙසිනේ
බම්බා දෙසින් එන කළ 
ටැපික් ලැයිට් රතු කහ කොළ 
පිනවයි දනන් නෙතු
එහෙත් අඟලෙන් අඟල
පත්තු වෙයි සැර එලිය රතු 

Jan 3, 2017

යහපාලනේ කොම්ප්ලීට් දැන් අළුත්ම බයිලේ "අතීසාරෙට තිරසාරේ"



අපේ ජනාධිපති තුමා මාර පොරක්ය. එතුමා පොඩි කාළේ ඉඳන් දී තිබෙන්නේ මාර ගේම්ය. කරලා නැති එකකුත් ඇත්තේ නැතිය. කුඹුරු කරලා තියෙනවාය, හේන් හොටලා තියෙනවාය, විරිඳු කියලා තියෙනවාය, සින්දු කියලාත් තියෙනවාය. බෙලෙක් පිඟානේ බුරුයානී කාලා තියෙනවාය. බෙර ගහලත් තියෙනවාය. ඒ කාලේ තා තා එවත් කොරන්න ඇත්තේය.

Jan 2, 2017

"බාටා" දෙක හෙවත් රබර් සෙරෙප්පු - "Bata" cum Rubber Slippers cum Flip Flop



මාතලන්ගේ ප්‍රියතම ඇඳුම කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත්, කීමට සිඳු වන්නේ, කොට කලසම, කොලරය රහිත ටී ෂර්ට් එක හා ඇට දෙකය කියලාය. මේ ඇට ඇට සමඟ රබර් සෙරෙප්පු දෙක ආවේ මෑත කාලයේ උවත්, අපි පොඩි කාලේ ඇට නැති රබර් සෙරෙප්පුවට කිව්වේ "බාටා" දෙක කියලාය. මේ බාටා දෙක මාතලන්ගේ නිදහස් චින්තනයට කොතරම් බලපෑමක් කොට ඇද්ද යන්න ගැන මතක් වන විටත්, එක්තරා ප්‍රමොදයක් ඇති වන බවත් කියා සිටිය යුතුමය.