.

.
Showing posts with label Political Jokes. Show all posts
Showing posts with label Political Jokes. Show all posts

Oct 10, 2025

සමන්මලින් පවන් සැලේ

 


සමන්මලී - අර උඩැක්කියටත් දිලා තියෙනෙකේ තමුසෙට බැරි වුනාද ටිල්වියට කියලා මටත් අඩුම ගානේ නියෝජ්ජ එකක් හරි අරගෙන දෙන්න.....


බිමල් - තමුසෙ මේ රෙද්දක් කතකරනවා මගේ හොඳම දෙකකට ඇරලා තියෙද්දි.... ටිල්වින් සහෝදරයත් හොල්මන් වෙලා ඉන්නේ වැඩේට.....


සමන්මලි - ඌ නෙමේ නම් මොකාද ඕවා කරන්නේ..... අනේ යනවා ඕයි යන්න.... අපිට නොදෙන්නේ දැන් අපි ඇන්ටීක් බඩු නිසාද?


බිමල් - කොහෙද ඉතින් කිව්වට පිලිගන්නෙ නෑ නේ.... උන් නෙමේ ඕයි ඕවා කරන්නේ...


සමන්මලී - එහෙනම් ජූලී චන්ග් කියන එකීද...?


බිමල් - එයා නෙමෙයි ඕයි... උවිඳු.. අර ලන්ඩන් ඉන්න උවිඳුවා.... ඌ තමා කැබිනට් චේන්ජර්ස් කරන්නේ..... තමුසෙ එහේ ඉන්න කාට හරි කියලා ඌට බෝතලයක් යවනවා.... එතකොට ඌ කියයි.... සමන්මලියි මායි එකට බට්ටෝ පැන්නේ... එයාටත් මිනිස්ට්‍රියක් දෙන්න කියලා....


#මාතලන් 


.

Oct 6, 2025

මහින්ද හා ශිරන්ති උගන්ඩාවට

 



➖➖➖➖⭕


විජේරාමේ පැලස් එක නැති වුනාටත් වඩා.... නෙවිල් වැලිකඩ යැව්ව එකේ හිතේ අමාරුවෙන් ඉන්නා මහින්ද මහත්තයා..... කාල්ටන් දේවාලයේ උදෑසන දිව්‍ය පූජාව අහවර වීමෙන් පසු.... කෑම මේසයේ ඉඳගත්තේ දහවල් මුරුතැන් පූජාව අනුහව කිරීමටය..... 


2015 මැදමුලන ජනේලේ එල්ලී ප්‍රාතිහාර්‍ය පෑමෙන් පසූ.... මරලා හෝ ඉන්න නේ තිබ්බේ සෑර් කියූ බයි බැතිමතුන්ගෙන්.... තංගල්ලේ කාල්ටන් දේවාලය පිරී ඉතිරී ගියාක් මෙන්.... වත්මනේද, අතරමග නැවති නැවතී කතරගම සුමන් සමන් වඳින්න යනවාක් මෙන්ම.... ඇඹුල් තියාල් රෝඩ්ඩෙකේ කොහෝ හෝ ඇති ඇක්සිට්ටෙකකින් වාහනේ ඕල්ඩ් කතරගම රෝඩ් එකට දමා.... කාල්ටන් දේවාලයද වැඳ නමස්කාර කරගෙන යන්නේ.... බයියන්ම ඉතරක් නොවේ.... 


ඒ අතරේ vvip ලා... සැලබරිටිලා මෙන්ම.... ඇම්බැසිඩර්ලාද හයි කොමිසනර්ලාද ඉන්නේය....


මේ වන්දනාව..... හිටපු චන්ද කොමසාරිස්ලාට.... බ්‍රයිබරි එකේ අමාරිස්ලාට මෙන්ම.... ජේවීපී පචෝරිස්ලාගේ පුපේ ඉත්තෑවෝ දුවනා කෙස්සෙකක් වුවද.... වන්දනාවේ යන උන් මැදමුලනේ දෙයියා වඳින්න යන එක නවත්තන්න නම්.... පොලිස් කොමිසම අහෝසි කරනවා වගේ.... කැසට් එකක් ගහන්නටම වෙනවාමය......


ඉදින් නෙවිල් නැති උනත්.... සිරන්ති මැඩම් විසින්... මහින්ද දෙයියා.... දේවාභරනයෙන් සරසා.... සුවඳ පැනින් නාවා... මේකප් පුයර දමා..... පඬුපුල් ආසනේට වැඩම කරවීමේ තේවාවන් නොපිරිහෙලා ඉටුකරනාතරේ.... වඳින්න එන උන්ටත් අවුලක් නැතිව වන්දනා මාන කරගන්නට ඉඩකඩ සලසා තිබෙනවාය.....


ඒක නෙමේ ඕයි.... හෙට ගවර්මන්ට් ඔඩිට් එකෙන් එනවය කියන්නේ..... කියා.... මහින්ද මහත්තයා විසින් සිරන්ති නෝනාට කීවේ ඒ අතරේය.....


එහෙනම් නෙවිල්ගෙ වත්කන් බැරකන් ගැන ඔහේගෙනුත් කට උත්තරයක් ගන්ට වෙන්නෑ එනෝ ඇත්තේ එකත් එකෙටම.... හා නැතෙයි මං අහන්නේ....


ඒකට වෙන්නත් පුලුවන්..... නැහ්නන් කජ්ජද අපේ නෑයෝ වෙන්නේ කජ්ජගෙ වයිපරේද අපේ නෑයෝ වෙන්නේ කියලා අහන්නත් පුලුවන්.... මොකෝ ඒ මේසාවා අර චමුදිතයක් එක්ක එහෙම කිව්වය කියන්නේ..... 


එහෙමත් නැත්නම් තජුඩින් විනාඩි 5 ක් ඇතුලත වදහිංසා දීලා මරලා.... කාරේකේ දාගෙන ගිහින් තාප්පේ වැද්දුවේ කෝමද.... තාජුඩින්ගේ කාරෙක එලෙව්ව එකා මැරෙන්නේ නැතිව ඒ වගේ ඇක්සිඩන්ට් එකක් කළේ කෝමද කියලා සොයාගෙන නොබෙල් තෑග්ග ගන්නත් වෙන්න පුලුවන්...... ඇත්තටම ඇයි ඕයි එහෙම....


හැබයි තාත්තේ අපි අයිස් හදන්නේ කොහොමද.... කොහේද තව ෆැක්ටරීස් තියෙන්නේ කියලා අහගෙන.... උඩුගමසූරිය කාරයට කියලා අපනයනය සඳහා අයිස් හදන හැටි අහගන්න කියලයි මට නම් හිතෙන්නේ.... එහෙම කිව්වේ සුවඳ හමන නාමල් පුතාය...


ලිමිනි මූණ එල්ලා ගනිමින් කීවේ ... ෂුවර් එකටම ඔය එන්නේ රත්තරන් අස්සයයි.... ලැම්බෝගිනි 19 යි.... උගන්ඩාවේ සල්ලි ගැනයි අහන්න වෙන්නැති.... හොඳ වැඩේ.... ඔහේලට ඔහොම වෙලා මඳි.... අපරාදේ ඕවට රැවටිලා මමත් මේ ගොඩේ වලව්වකට ආවේ.... අපේ අම්මිලත් කිව්වා ... අපරාදේ දුවේ උඹට වෙච්චි දේ... උඹ ඉපදිච්ච වෙලේ කාණුවකට විසික්කා කොලා නම් උඹට මෙහෙම දුකක් විදින්න වෙන්නේ නෑ නේ දුවේ කියලා.....


ඒකට තදවුන සිරන්ති කිව්වේ.... 

ආ ඒ පාර මෙයා මේ රැවුල ගිනි අරගෙන ඉන්න වෙලේ..... සුරුට්ටු පත්තු කරන්න එනවා කියපු ගමන්..... යෝෂිත බිබි උන්න වතුර එකෙන් මහින්දට ගැහුවේ ගිනි ගන්නා රැවුල නිවෙන්නය....


ඒකට තදවූ මහින්ද මහත්තයා.... මේ උද්දික පුතත් අර මේස ජෙප්පෝ වගේ ආත්තෝපදේසයක්කත් නොදන්න ඩේසිගෙ පුතෙක් නේ කිව්වාම..... මල් වාස් එකෙන් මලක් අරගෙන පැන්න සිරන්ති කිව්වේ.... තමුසේ යෝසිතටද බැන්නේ මටද බැන්නේ කියලාය.....


මේ ඒවා වැඩක් නෑ මොන රෙද්දක් ඇහුවත් වැඩක් නෑ.... තමුසෙ කියනවා අපිට උගන්ඩාවේ.... ඩොලර්..... බිලියන 18 ක්ම තියෙනවා.... හැබයි එහේ එකවුන්ට්ස් වලින් ගන්න නම් අපිව එහේ එක්ක යන්නම වෙන්වැයි කියනවා.....


තමුසෙට පිස්සුය වාහේ....එහේ ඇති රෙද්දක් නැතෙයි කියලා.... එහේ ඩොලර් තියෙනවය කියලා කියපු ඩේසිම කිව්ව එකේ.... ඒකත් නැති වුනොත්... අපි අහවල් එකෙන්ද ඕයි කන්නේ බොන්නේ.... මේ කැම්‍රි අල්ලෝ සෙට්ටෙක හෙට අනිද්දා පැන්සොන් එකටත් කෙලියාම.....


තමුසෙට තේරෙන්නේ නෑ ඕයි.... එහෙම තේරෙනවා නම් මෙහෙම චාටර් වෙයිය..... කව්ද ඕයි දෙන්නම් කිව්වට ඒවා දෙන්නේ.... අපි එහෙට ගියයින් පස්සේ අර බංගලිදේසේ ෂෙයික් හසීනා වගේ... පෝක්දල ජයන්තයා වගේ.... දේශපාලන රැකවරණ ඉල්ලමු.....


ඉල්ලලා.....


ඉල්ලලා.... 2029 නාමල් ජනාධිපති වුනාම ආයේ එමු.....


පැත්තකින් උන්න කුරුණෑගල ජොනී කිව්වේ... ඕන් හැබයි මමයි අගමැති කියලාය.....


ඒක අහපු පවුම් 29 යේ මාලයක් දාගෙන ඉන්න ච්චීගේ බල්ලට පුපෙන් හිනාවක් ගියාතර.....


මහින්ද මහත්තයා කෑ ගැහුවේ.... මේන් මේකා මෙතනින් එලවනවා ඕයි... තව ටිකක් උන්නොත් මුන් මෙතන රෙනවා කියාය.....


⭕ සත්‍ය සිඳුවීමක් ඇසුරෙන් ඔබ වෙත වාර්තා කළේ මිහිඳු වන්දනාවේ ගිය #මාතලන් වන මා විසිනි.........

.

Apr 8, 2025

බොරුව පැල කරන ජෙප්පෝ

 



බොරුව පැල කරන ජෙප්පෝ

➖➖➖➖➖➖➖➖⭕➖➖


ඊයේ නලින්ද නලින් හෑවගේ මිලියන විස්ස බොරුව කියන්නේ ජනාධිපතිත් වේදිකාවේ ඉඳිද්දීය.. මේ කියන්නේ බොරුවක් කියන එක නලින් හෑවගේත් දන්නවාය... අනුරත් දන්නවාය..... ස්ටේජ් එකේ ඉන්නා අනිත් උනුත් දන්නවාය....


හැබැයි.... ඒ වේදිකාව පල්ලෙහා හිටපු එවුන් දන්නේ නැතිය.... ඔය යක්කු ෆොරින් රිසවුස් හෙවත් විදෙස් සංචිත කියන්නේ මොනවද කියලා දන්නේේ නැතිය...  බැඳුම්කරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිය... සවරින් බොන්ඩ්ස් කියන්නේ මොනවද කියලා දන්නේ නැතිය.... කොටින්ම ආර්ථිකය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතිය....


ඔයා ඇවිල්ලා..... ගම්වල ඉන්නේ මේ ලෝකයේ දෙයක් නොදන්න පට්ට ග්‍රාමීය ගෝත්‍රික ගම්මැඩියෝය... රස්සාවක් නැති වැඩක් නැති නොමිලේ බස්වල එක්කගෙන ඇවිල්ලා බස්සන අමු අම්බරුවෝය... ජෙප්පොන්ට චන්දෙ දුන්නෙත් එහෙම එවුන් තමයිය... ඩිග්‍රියක් තිබුණාට ආණ්ඩුවේ රස්සාවක් තිබුණාට මුන්ට ඡන්දයක් දීපු හැම එකාම ඒ ජාතියේ එවුන්ය..... 


ඒකනේ..... අනුර කුමාර දිසානායක දැන් කොහොමද හොඳද කියල ඇහුවාම..... පල්ලෙහා ඉඳන් එක ඩොන්කියෙක් කියන්නේ හොරු ඇතුලට දාන්නයි ඕන කියලා... ඇතුලට දානකොට කෙඳිරි ගන්න එපා කිව්වට බලය ලැබිලත් කෙඳිරි ගන්නේත් මුන්‍...ය......


ඇත්තටම මුන්ට කන්න බොන්න නැතිය.... මුන්ට තියෙන්නේ සමාජ වෛරයක්ය.....  ඔය වෛරය එච්චර හොඳ එකක් නෙමෙයිය.... අර කෑගල්ලේ මැරිච්ච එකා හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ අනුර කුමාර දිසානායක කියපු ඒවා කරන්නේ නෑ කියලාය උගෙ පපුව පැල්ල තියෙන්නෙම රාජපක්ෂල එක්ක හිටපු වෛරයෙන්ය.....


අපි රාජපක්ෂල හොඳ මිනිස්සු කියා කියන්නේ නැතිය.... ඒවා නීතියෙන් විසඳගන්න ඕන ප්‍රශ්නය.... හැබැයි ඒ කියලා.... ඒ මිනිස්සුත් එක්ක වෛර බඳින්න නරකයිය.... මොකෝ මෙයාලා රාජපක්ෂලාට චෝදනා කරාට.... මෙයාල ඇවිල්ලා මාස ගානක් යන්න ඉස්සෙල්ලා කන්ටේනර් තුන් සිය විසි තුනක් පැන්නුවාය.... ඒ ගැන නෝ කතා නෝ සිනාය....


බොරුවෙන් බලයට ආපු මුන්ට බලය පවත්වාගෙන යන්න වෙන්නෙත් බොරුවෙන්මය.... මොකෝ මුලු ලෝකයේම ආර්ථිකයට කෙලවෙලා තියෙන වේලාවක්ය.... ඒ නිසා බොරුවෙන්ම රට පාලනය කරනවා හැර .... පාලනය කරන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැතිය..  


සමාජවාදය වෙනුවට මුසාවාදයද..... 

ගොබෙල්ස් න්‍යායය සුපිරියටම කරගෙන යන්නේ ඒ නිසාය.....


ඉතිං මුං මේ පළාත් පාලන ඡන්දය දිනාගන්නත් රට වටේම බොරු කිය කියා යනවාය.... මහා ඒකාගෙ ඉඳලා පොඩි එකා වෙනකන් කියන්නේ අමු කෙබරය.... ඒවට අහුවෙන එවුන් මේ සැරේත් අහුවෙයිය.....


කොහොමත් මුං අවුරුදු පහක් රට පාලනය කරනවාය..... ඒ නිසා මේ ඡන්දේ උන්ටම දීලා දාන එක හොඳය.... ඒ දීලා මුන්ගේ ආතල් බලාගෙන ඉන්න එකත් එක්තරා සතුටක් කියලා හිතෙනවාය....


වැඩි විස්තර වීඩියෝ එකේ තියෙනවාය.


ඔහෙලා කැමතිනම් ඒකත් පොඩ්ඩක් බලාගන්නය....


වීඩියෝවේ ලින්ක් එක මේකය


ඒ වගත් මෙසේය......


.

Nov 11, 2024

සාමාන්‍ය පොදු පරීක්ෂණය 12 ශ්‍රේණිය සඳහා නිර්දේශිත ප්‍රශ්ණ

 


සාමාන්‍ය පොදු පරීක්ෂණය

12 ශ්‍රේණිය සඳහා


නිර්දේශිත ප්‍රශ්ණ

➖➖➖➖➖➖➖➖➖➖⭕


✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අනුව Port City එක හදන්න කලු ගල් කොපමණ අවශ්‍ය ද?


1. කළුගල් කියුබ් 33 කෝටියයි

2. කළුගල් කෝටි 25 ලක්ෂයයි

3. සීගිරි ගලට සමාන කළුගල් කළුගල් කියුබ්

4. දඹුලුගලට සමාන කළුගල් ප්‍රමාණයක්


✅ කාංචන ඇමති තුමා ලබා ගත් කොමිස් මුදල කීයද?


1. ලීටරයකින් රුපියල් පනහයි

2. ලීටරයකින් රුපියල් 150යි

3. තෙල් නැවකින් රුපියල් කෝටියයි

4. ෂෙඩ් එකකින් ලක්ෂ විස්සයි


✅ උගන්ඩාවේ ඇති රාජපක්ෂ විසින් සොරකම් කරන ලද  අපෙන් සොරකම් කල මුදල් ප්‍රමාණය කොපමණ ද?


1. ඩොලර් බිලියන 100යි

2. ඩොලර් බිලියන හතළිස් දෙකයි

3. ඩොලර් බිලියන 27යි

4. ඩොලර් බිලියන 18යි


✅ බිත්තර සදහා වන කොමිස් මුදල දැන් ලබා ගන්නේ කවුරුන්ද ද?


1. හිටපු වෙළඳ ඇමතිතුමා

2. වත්මන් වෙළඳ ඇමතිතුමා

3. අතිගරු ජනාධිපති තුමා

4. ගරු වසන්ත සමරසිංහ මැතිතුමා


✅ පොල් මිල වැඩි වීමට හේතූ මොනවාද?


1. හිටපු පාලකයින් පොල් බූරුවන් වීම

2. වත්මන් පාලකයින් පොල් බූරුවන් වීම

3. පොල් ගස්වලට වැළඳී ඇති බැරි බැරියාව රෝගය

4. ගූ පෝර නැව ආපසු හරවා යැවීම


✅ සහල් මාෆියාවට සම්බන්ධ කෙනෙක් නම් කරන්න


1. ගරු ඩඩ්ලි සිරිසේන මැතිතුමා

2. ගරු නාමල් කරුණාරත්න මැතිතුමා

3. ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා

4. ගරු වසන්ත සමරසිංහ මැතිතුමා


✅ "අපෙන් සොරකම් කල මුදල් උගන්ඩාවේ තියනවා. ඒවා ගන්න ඕන නැද්ද " ?


1. ගෙනා යුතුයි

2. අවශ්‍ය නැත

3. අපි එහෙම කිව්වේ නැහැ

4. ගේන්න හොරකම් කරලා තියෙන්න එපැයි


✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අනුව ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය


1. ඩොලර් බිලියන 100යි

2.  රුපියල් ට්‍රිලියන 1800යි

3. ඩොලර් බිලියන 42යි

4. ඕකත් කජ්ජක්ද


✅ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු මිලට ලබාදිය නොහැක්කේ


1. අයි එම් එෆ් නිසා

2. යූක්‍රේනයේ යුද්ධය නිසා

3. පේසාලෙන් තවම තෙල් ලැබී නැති නිසා

4. හිටපු ඇමතිතුමා තාමත් ජරාව ගන්නා නිසා


✅ අලුත් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට ලබාදීමට නියමිත වාහනය


1. සුසූකි මරුටි

2. ත්‍රී රෝද රථ

3. ෆුට් සයිකල්

4. පුපට සනීපය ගැන දෙන range rover discovery


✅ ගරු වසන්ත සමරසිංහ මැතිතුමා විසින් ප්‍රදර්ශනය කරන ලද මෝටර් රථ


1. ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී

2. අතිගරු ජනාධිපතිතුමාගේ හිතවතුන් වෙත ලබාදෙන ලදී

3. සුසූකි මරුටි එන්ජින් සවිකිරීම සඳහා වෙරහැර වෙත යොමු කර ඇත

4. අධිකරණය වෙත යොමු කර ඇත


✅ භෞතික විද්‍යාවට අනුව පැය 24 ක් යනු


1. මහ මැතිවරණය අවසන් වන තෙක් කාලයයි

2. වසරකුත් මාස හයකි

3. කල්පයකි

4. තවම ගණනය කර නොමැත


✅ මහා බැංකුව විසින් ළඟදීම ලබා ගැනීමට නියමිත ණය වර්ගය වන්නේ


1. විදෙස් ණය

2. දේශීය ණය

3. ප්‍රශස්ත ණය

4. මර ණය


✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා පළඳින කමිස වර්ගය


1. සිංගල් පොකට්

2. ඩබල් පොකට්

3. එම්ටි පොකට්

4. පික් පොකට්


✅ ගරු වසන්ත සමරසිංහ මැතිතුමා විසින් තෙල් පිරිපාදුවක ආයෝජනය සඳහා සාකච්ඡා කරමින් පවතින රටවල් තුන වන්නේ


1. කියුබාව වැනිසියුලාව සහ ඉරානය

2. චීනය ඉන්දියාව සහ රුසියාව

3. උගන්ඩාව මෝල්ටෝවා සහ පැනමාව

4. ඕස්ට්‍රේලියාව ඉතාලිය සහ කැනඩාව


✅ අතිගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය රූපය අනුව සමාන වන්නේ


1. අන්දරේගේ දූ කුමාරියට

2. චේතිය රජතුමාගේ දූ කුමාරියට

3. ඩයනා කුමරියට

4. ගරු දීපානි සිල්වා මැතිනියට


✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අනුව මින් පසු වරදකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පහත සඳහන් කරුණු වලින් සිදුකළ නොහැක්කේ කුමක්ද


1. හැඬීම

2. පැඩීම

3. කෙඳිරි ගෑම

4. කලිසමේ කක්කා කර ගැනීම


✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් අන් අයට ඇඬෙන්න පාර්ලිමේන්තුවේ බලය ඉල්ලා සිටින්නේ


1. එය ගිනි තැබීමට

2. බෝම්බ ගසා පොළොවට සමතලා කිරීමට

3. ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීමට

4. කොමියුනිස් රාජ්‍යයක් බිහි කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට.


⭕ මෙවන් ප්‍රශ්ණ පිළියෙල කිරීම සඳහා උපාධියක් සහිත සුදුසුකම් ඇති අය පමණක්....

එම ප්‍රශ්ණ හා බහුවරණ උත්තර අප වෙත යොමු කරන්න...

අප විසින් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරනු ඇත.


ඉස්ධූතී... නන්ඩ්‍රෙයි.... ටෑන්ක්ස් හොඳේ...!

.

Oct 2, 2024

රෝස නෝනා ඇදගෙනම නෑවාය

 


රෝස නෝනා ඇදගෙනම නෑවාය

අලි තාමත් නාන්නේය

➖➖➖➖➖➖🐘🐘🐘


පොඩි උන් රුන්නාම හත් පොලේ ගාගෙන නානවාය. රෝසිත් දේශපාලනයේදී චූටී බේබී කෙනෙක්‍ය. ඇත්තටම මෙයාලා දේශපාලනය දන්නේම නැතිය. මෙයාලා මෙච්චර කල් දේශපාලනයේ උන්නේ පෙර පිනටය. ඒත් ඒ යුගය අවසන් වීගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවාය.


ඇය රූප රාජිනියක්‍ය, නිලියක්‍ය. ඊට පස්සේ මෝටීවේසොන් කල්ට් එකක් ලංකාවේ මුලින්ම හැදුවේ රෝසිය. ඒ ෆිනිෂින්ග් ඉස්කූල් කියලා එකක්‍ය. තා තා කතන්දර ගොඩාක් තිබ්බත් ඒවා අපට අදාලම නැතිය.


රටේ කරුමෙට එයා දේශපාලනයටත් ආවේය. එයා ඉතරක් නොව පබාත් ආවේය. එයා කන කෑම ජාති දියවන්නා ගවගාලේ නැතෙයි කියා... කතානායකට පැමිණිලි කොට.... ඒ කෑම කැන්ටිමට ගෙන්වා ගැනීමේ සටනකින් ඇය ජයගත්තේය. 


ඒ හැර... උන්දෑ දේසපාලනයට ඇවිත් කළ කී දෙයක් වේ නම් ඔහේලා මතක් කර දෙන්නේ නම් බෝ අගේය.


කොළඹ නගර සභාවේ අය වැය විස්තර ටක්කෙටම නිවැරදිව කියා.... ඇය ලෝක වාර්තාවක් තැබුවේය. මම පක්ෂ නායකයා නම්.... ඇය දේශපාලනයෙන් එලවන්නේ එදාය. 


ආර්ථික අර්බුදයක් හා අරගලයක් මැද්දේ පෝට්ටුවේ උන්ගේ පිහිටෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ කළේ.... එවන් පිස්සු විකාරයක් උපදේශිකාවක් ලෙසින් පත්කොට ආන්ඩුවෙන් නඩත්තු කරන්නට පටන් ගැන්මය.


උන්දෑ පමණක් නොව.... ඇපත් නැතිව කෙලවෙලාම ගොස් පින්නවල දමා උන් සාගල, වජිර, අඛිල, ආශූ, රවී වැනි පිරිස්ද දාගැනීමෙන් සිඳු වුනේ.... පෝට්ටුවේ උන් තරහා කොරගන්නා එකය.


ඇත්තටම මෙයාලා ගත්තා කියා.... තඹ සතේක වැඩක් වුනේ නැතිය. තිබ්බ ලක්ෂ 2.5 අමතරව ඉතිරි ලක්ෂ 20 ම එකතු කර දුන්නේ නිමල් ලංසා හා ප්‍රසන්න රණතුංගය.


ඒ වෙනුවට ඔය වියදම් වලින් බැසිල් කීප සැරයක්ම එවූ ලැයිස්තුවේ කීප දෙනෙක්ට ඇමතිකම් හෝ නියෝජ්‍ය හෝ දුන්නා නම්..... දේශපාලනයේ මීට වඩා දෙයක් වෙන්නට තිබුනේය. 


දැන් හදන්නට යන සංධානයකට වුවත්. මේ වගේ අලි ජෝක් එකතු කර ගත්තොත් වෙන්නේ.... ලැබිච්ච චන්ද ලක්ෂ 22 කටත් හොඳ එකෙන්ම කෙලවා ගැන්මය.


කොරන්න තියෙන හොදම වැඩේ.... මේ අනාථ අලි ටික නැවතත් පින්නවලටම ගාල් කරනා එකය... 


රට ආර්ථික වශයෙන් ගොඩ දැමූ රනිල්ට කෙල වෙන්නට එක ප්‍රධාන හේතුවක් වූයේ..... මේ බහුබූත මරගාත ජනාධිපති ලේකම් කාර්‍යාලය අස්සේ දා ගත්තු එකය.


ඒකෙන් සිඳු වුනේ.... අලී සබ්‍රී, කංචන, ෂෙහාන්, ප්‍රමිත හා දිලුම් වැනි පැහැදිලි අනාගතයක් තිබූ තරුණ දේශපාලඥයන්ටද කෙලවෙලා යන එකය.


තා පොඩ්ඩෙන් වේයෝ කාලා මහ විනාශයක් සිඳු වෙන්නට ගිය රෝස නෝනාට අපට කියන්නට තියෙන්නේ මෙච්චරය....


ඔයා ඔය බොරු මරිසි දාන්න එපා...

ඔයා දාන මරිසි අපිට තේරේනවා සුදු නෝනේ...

වොයිස් කට් නොදී...

කට පුප වසාගෙන උන්නා නම් මීට වඩා නම්බුයි කියලාය......


ඒ වගත් මෙසේය.........

.

May 25, 2024

කොසොල් රජතුමා දුටු දහ හත් වන සිහනය...


කොසොල් රජතුමා දුටු 

දහ හත් වන සිහනය...

➖➖➖➖➖➖➖➖⭕


කොසොල් රජතුමා : 


"ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස.... මේ සිහිනය අමුතුම ආකාරයේ එකකි. සුවඳ හමන සඳුන් කොටයක්.... කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා මම දුටිමි. ස්වමීනී භාග්‍යවතුන් වහන්ස කිමද මෙවන් සිහිනයක් මා දුටුවේ..?


බුදුරජාණන්වහන්සේ : 


මේ සිහිනය ඔබට මින් පෙරද පෙනී මා එයට පිලිවදන් දුන්නේ නොවේද මහරජ...


කොසොල් රජතුම :

එසේය... එසේය භාග්‍යවතුන් වහන්ස ... එසේ නම් මෙය රිපීට් ටෙලිකාස්ට් එකක් විය හැකි නොවේද ස්වාමීනී..?


බුදුරජාණන්වහන්සේ


නැත නැත මහරජ අනාගතයේදී දේශය පාලනය බලෙන් ඩැහැ ගැන්මට කීප වරක් උත්සාහ කොට නොහැකිවන පිරිසක්


සිද්ධාර්ථට වඩා යසෝධරා උතුම් යැයිද... බුදුන් රස්තියාදුවේ යැවිය යුතු යැයිද... රාහුලගේ පියා ගැන පර්‍යේෂන කල යුතු යැයිද .. මාගේ පියානන් ගැනද ආඩපාලි කියන්නා වූද පිරිසක්.... ජවිපේ නමින් බිහි වනේනේය....


ඔවුන්ගේ අනුගාමිකයින්...  අධ්‍යාත්මික නායකයාගේ උපදෙස් පරිදි... ලැට් වලවල් කඩාගෙන කෑමට... අශූචී හා ගූ අනුභවයට මෙන්ම.... මුසාවාදයට හා පරුෂා වාචා බිනීමට ප්‍රිය වන්නේය... ජාතකයෙහි ගැටලු ඇති බැවින් අන්‍යයන්ගේ ජාතකය පිළිබඳ පරිබව කරන්නේය... දේශය පාලනයට වඩා නරා වලේ බැස කෙලීමට ප්‍රිය වන්නේය.... යන්න මේ සිහිනයේ අර්ථය වන්නේය....


සාධූ.... සාධූ.... සාධූ....!!!!


.

 

Sep 26, 2023

චමුදිත කටු ඉඹුලට


 

චමුදිත කටු ඉඹුලට

➖➖➖➖➖➖💀▪️


චමුදිත කෙලින්ම අපායට යනවා...


යම රජ්ජුරුවෝ බුවා දැක්ක ගමන් කටේ ප්ලාස්ටර් එකක් දාන්න කියනවා...


යමපල්ලෝ අහනවා ඇයි සර් ඒ කියලා...


නැත්තන් මට මූ කතා කරන්නවත්.... ඌ මෙහේ එව්වේ  ඇයි කියලාවත් කියන්න දෙන්නේ නෑ.... ඒ නිසා දැන් මූ මෙහේ ආවේ  ඇයි කියලා ඌට කියලා  දෙනවා....


යම පල්ලෙක් පව් පොත අරගෙන ඇවිත්..... සිරිසේන කියලා කෙනෙක් තමා රෙකමන්ඩ් කරලා තියෙන්නේ.... කටු ඉඹුලේ යවන්න කියලා...  හැමදාම උදේට... පත්තර කියවනවා කියාලා අමු බොරු කියනවය හිටන්....

මිනිස්සුන්ට මඩ  ගහනවය හිටන්... සමාගම් වලට මඩ ගහනවය හිටන්... පවුල් කඩාකප්පල් කරානව හිටන්.... ඒවට එහේදිම ගූ පාර කෑවට ඒ මදිය හිටන්.... 

ඒ නිසා අපට යුෂ්මතා කටු ඉඹුලේ අරින්නම වෙනවාය හිටන්.... කියලා....


ඒත් චමුදිත හස්ත මුද්‍රාවෙන් එකම එක දෙයක් කියන්න දෙන්නෙයි කියලා .... කඳුළු පෙරාගෙන අඬනවා දැකපූ යම රජ්ජුරුවෝ ...

ඕන්න ඕක පොඩ්ඩක් ගලවනවා.... හැබයි එකම එක දෙයක් කියපු ගමන් වහන්න ඕනේ හරිය...


රජතුමනි මම නම් අහලා තියෙන්නේ බොරු කිව්වම කටේ ලෝදිය දානවා කියලා..... කිව්වා විතරයි යම පල්ලා ආයේ ප්ලාස්ටරෙන් කට වහනවා...


ඔව් ඔව්... අපේ පනිෂ්මන්ට් එක නම් ඒක තමා... ඒත් එතන පෝලිම හෙන දිගයි... පාස්කු ප්‍රහාරය ගැන ගල් පැලෙන බොරු නේ ඕයි තමුසෙලා කියලා තියෙන්නේ.... ආන් දැන් සෙට්ටෙකම පොලීමේ ඉන්නවා....

යුෂ්මතාට කටු ඉඹුලට යන ගමන් බලාගෙන ගියෑකී....


අනේ ඉතින් චමුදිත ප්ලාස්ටරෙත් දාලා දැන් කටු ඉඹුලට අරගෙන යනවා...


ඒ යන අතරේ... යම පල්ලෙක් චමුදිතට කියනවා... ආන් ඉන්නවා එහෙන් ආපු සෙට් එක පෝලිමේ... දවසට තුන් සැරයක් ලෝදිය දෙනවා බොන්න....


චමුදිත බලනවා පෝලිම දිහා... රවී සෙනෙවිරත්න, නිලන්ත, පූජිත, සිරිල් ගාමිනී, කාදිනල්, සජිත්, කසිප්පුවා, ෆොන්සේකා ඊට ඉස්සරහන් පොලීමේම වළඳකුත් අරගෙන ශානී...


ඊට ඉස්සරහා ඉන්න එකාට කටට ලෝදිය වක්කරන ගමන්... අඳුරගන්න බෑ...


ඒත් පෝලිමේ උන්න ශානී... චමුදිත දැකලා ... බුවාගේ ඉස්සරහා ඉන්න එකාට ... ජනාධිපති කමේ දිවුරුම් දුන්න වෙලාවේ නිදහස් මන්දිරේදී රන්ජා ඇන්නා වගේ... ඉලපත්තට ඇන්න ගමන්... 


ඉස්සරහා හිටපු සිරිසේන ... ටහුක්... ගාගෙනම ශානී දිහාට හැරුනා.... ශානී වළඳ දික් කරලා චමුදිතයා පෙන්නුවා..... 


ආ .... ඇද්ද මම උඹට කිව්වේ බොරුද.... ඔය යන්නේ කටු ඉඹුලට නේ හිටන්.... කියපු සිරිසේන...


සරම උස්සාලා චමුදිතට පුප පෙන්නුවා....


▪️අපායේ සිට මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ මාතලන් යකා වන මා විසිනි....

.

Jun 2, 2023

තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? -

 


තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? - Poson Full Moon Day

➖➖➖➖➖➖➖➖🟦🟨🟥⬜🟧➖➖➖


තිස්ස.. තිස්ස..


කවුද ඩෝ නම කියල කතා කරන්නෙ...?


මම මේ මිහිඳු..


මොන මිහිඳුද ඩෝ කෝ සිව්රූ..?


තිස්ස මචං මම මේ මහින්ද..


DP - මචං.. අංමුවාට හුඩූ මේ අපෙ 8 වෙනි මිහිඳු නේ.. මොකෝ මචං මේ කැලේ කරන්නෙ..?


උඹ මට කෝල් එකක් දුන්න නම් මම පැලස් එකට එනවනේ..


MR - ඒක හරි නෑනේ මචං උඹ නේ දැන් රජ්ජුරුවෝ... මං අටවන මිහිඳු.. උඹ අටවන ජනපති.. ඒකත් පට්ට නේ මචෝ... ඉකිඒත් මචං උඹ තාම මුවන් පස්සෙ එලවන්නෙ මක්කටෙයි..


DP - දැන් අපි මුවාට විඳින්නෙ නෑ පඳුරට තමයි විඳින්නේ ඒ උනාට උන්ගේ අවාසනාවට මුවාටමයි වඳින්නෙ. නම මුවා උනාට මුවා වෙන්න දන්නෙ නෑ..


MR - මොනවැයි මචං මේ ගස්...?


DP - ඇයි උඹේ ගොලයන්ට කියල මේ ටිකටත් වැඩක් දෙන්නද පලයන් බං යන්න.. තොපේ එවුන් කපල කපල දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ ටික විතරයි.


MR - ඉතිං බන් උඹ තාමත් දඩයමේ යන්නෙ විනෝදෙට වෙන්න ඇති..


DP - මොන පිස්සුද මචං මේ පොසොන් වෙසක් කියලා වෙනසක් නෑ දඩයමේම තමා. මුවෝ නෙමේ හාවෝ මීමෝ කොටි වලස්සු නෙමේ හිටපු අලින්ටත් විදිනවා. මේ ළඟදි උඹේ වල් ඌරන්ට විදින්න ගිහින් ලේකමාට මලත් පැන්නා


MR - ඉතිං ඉතිං උඹ මට කිව්වා නම් මම ඕකුන් නවනවා නේ මම රජා කාළේ නැව්වා වගේ.


DP - මොන පිස්සුද බන්... දැන් උන් උඹව ගනන් ගන්නේ නෑ... බැසිල් සරණ ගිහිල්ලා ඉන්නේ...


MR - ඒක නෙමේ උඹ මේ වලවා හැංගුන වැවේ බුවාට හෙන කැත වැඩේ නේ කළේ.. ලයිට් කපලා...


DP - පිස්සුද මචං මම කරයිද එහෙම වැඩක්.. උඹෙන් පස්සේ මම නේ බං සිංහල බෞද්ධ බලවේගේ රකින්න ඉන්නේ ... එහෙව් මම කරයිද ඔය වගේ වැඩක්... දැන් ඕමල්පෙ කස්සපලා නෙමෙයි දුලීකලා කූඹියොත් බුද්ධාගම වැළඳ ගන්නවා.. කොහොමත් මේ පොසොන් කාළේ නේ.. ඒ අස්සේ මපට් ජෙරමයි කුරුස අප්පුහමීත් අහනවා අපිත් එන්නෙයි කියලා...


MR - ඉතින් මචං උඹ මොකෑ කිව්වේ...


DP - මම කිව්වා... දෙවියන් වහන්සේ අවුලක් නැත්නම්... ආලෝකය නැති වෙලාවක හොරෙන් ඇවිත් ඕමල්පේ සෝභිත හම්බ වෙන්නෙයි කියලා...


MR - ඒ උනාට මචං වලවා හැංගුන වැවේ උන්නාන්සෙට කරපු වැඩේ හොඳ නෑ හරිය...


DP - මොන පිස්සුද මචං මමයි කංචනට කිව්වේ රටේ ජනතාව හිඟන්නෝ නෙමෙයිය.. හොඳ බර කාරයොය.. උන් තව දුරටත් සමෘධියෙන් ජීවත් වෙන්න ඕන නැති සමෘධිමත් පිරිසක්‍ය... උන් හොඳට කාලා බීලා රති කෙලියේ යෙදිලා.. පන්සල් පල්ලි නඩත්තු කරන්න පුලුවන් සයිස් එකේ ඉන්නවය කියලා IMF එකට පෙන්නන්න හොඳම අවස්ථාව මේකය... ඒ නිසා බුදුන් එපාය කිව්වත් ඔය සම්මාදමේ යන්න දෙන්නය කියලා...


MR -  ඒ කියන්නේ බුවත් ඔහේගේ පොරක්‍ය... කළේ ඔහේගේ ප්‍රොජෙක්ට් එකක්‍ය...


DP - ඇයි මචං උඹට සාරන්ලා මැල්කම්ලා දාලා ගේම් දෙන්න පුලුවන් උනා නම්... මට බැරි ඇයි... ජෙරොම්.. නටාෂා.. බෲනෝ... මංජූ... වලවා දාලා ගේම් දෙන්න.... මුන් ඔක්කොම මගේ බඩු තමා... මේ ගේම් ඔක්කොමත් මගේම තමා...


ඇයි උඹ දැක්කෙම නැද්ද... රහස් පරීක්ෂක ජංගි චින්තා සහ බුකියේ ඉන්න ෂැගීලා.. ෆ්‍රෙඩ්ලා... ඩෙෆ්නිලා... වෙල්මලා.. ස්කූබී ඩූලා... වගේ අය ලියලත් තිබ්බේ.... මේ ඔක්කොම කරන්නේ රනිල්‍ය... ආයේ බලේට එන්නෙයි කියලා...


MR - ඇත්තෙයි... මම හිතුවේ බුකියේ තියෙන්නේ ආතල් ගන්න විතරෙයිය කියලා ඕයි...


ඔබ සැමට පින්බර පොසොන් දිනයක් වේවා..!!

.

Jan 26, 2023

කළු අඳින වෘත්තිකයින්ට සිම්පල් සොලියුෂන්

 


කළු අඳින වෘත්තිකයින්ට

සිම්පල් සොලියුෂන්

➖➖➖➖➖😭➖


අපේ ආච්චි මට පොඩි කාළයේ කියා දුන්නේ සමහර පව් වල ප්‍රතිවිපාක මේ ආත්මේම පලදෙනවාය කියලාය.


රට ආර්ථික වසයෙන් වැටුන වෙලේ ආචාර්‍ය මහාචාර්‍ය බක පන්ඩිත ප්‍රාමාණික සිවිල් බුවාලා රටේ සාමාන්‍ය ජනතාවට චෝදනා එල්ල කරමින් අමුතු ඉකොනමික් බණක් දේශණා කළ සේක....


උන් කිව්වේ ජේ ආර් ගෙනා විවෘත ආර්ථිකය හා යුද්ධයෙන් පසු රාජපක්ෂලා ගෙනා අධිපරිභෝජනවාදී බ්‍රැන්ඩඩ් බැසිලොමික්ස් නිසා ආර්ථිකයට කෙලවී අම්මාට හැමිනී රට බංකොලොත් බාවයට පත්වූ බවය...


එහෙම කියන කොට අපි හිතුවේ... මේ බක පන්ඩිත සියල්ල දත් පුපේ දත්ලා ඒ වගේ දේවලට අහු වුනේ නැති වෙන්ට ඇති කියලාය...


බලාගෙන ගියාම රටේ ජනතාවට එහෙම පිස්සුවක් නැති වුනාට... එහෙම ලයිෆ් ඉස්ටැයිල් ගෙවලා තියෙන්නේ මේ උපාධිධාරී සියල්ල දත් ආර්ථික විජ්ජා වෘත්තිකයින් යැයි කියා තමන්ම තමන්ව හඳුන්වා ගන්නා බක පන්ඩිතයන්මය....


පට්ටම ආතල්ලෙක කියන්නේ රටට මෙලෝ දෙයක් නොකරණ වැහි නැති හෙණ ගසනා වැටුප් හා දීමනා ලබා ගන්නා මහ බැංකුවේ මහා කා: කන්නින්ටද ඒ පරිප්පුව හොඳම එකෙන් කන්නට වෙච්චි එකය...


තමන් මහන්සී වී හරි හම්බ කර ගත් දෙයින් අර ලයිෆ් ඉස්ටැයිල් එන්ජෝයි කරන අතරේ... රාජ්ජ සේවයේ පින්පඩි කෑ, ආචාර්‍ය මහාචාර්‍ය හා උපාධිධාරීන් නඩත්තු කිරීමට බදුද ගෙවපු උන් වාගේම... මේ කා: කන්නි හිඟන්නෝද කර ඇත්තේ අර ලයිෆ් ඉස්ටැයිල් ගෙවනා එකය. 


එයිට හපන් ආතල් එක වන්නේ... ණය පිට ණයවෙමින් මෙළෝ රහක් නැති වැඩ කරනවා කියා මයිනාට නිවන් සුව පැතු.. කපුටාට හෝන් ගෑසූ... පී බීට ආර්ථික ඝාතකයා කියූ.. කබරාල දන්නා ආර්ථික විජ්ජා කළමණාකරණයක් නැතැයි කියූ මේ බක පණ්ඩිතයින් ආර්ථිකේ නියමෙටම කළමණාකරණය කරලා... දැන් රෙන්න පුකේ ගූත් නැතිව කළු ඇඳගෙන පාරට බැහැපු එකය...


ලදරන් ඉන්දියන් කාර් වෙනුවට යුරොපියන් හයි බ්‍රෑන්ඩඩ් කාර්ද, ගල් අරක්කු වෙනුවට ටිකීලා විස්කි ජින් බ්‍රැන්ඩිද, විශ්‍රාම ශාලා හා නිවාඩු නිකේතන වෙනුවට තරු තුනේ හෝටල්ද, දරුවන්ට, තමන්ට නොමිළේ සිප් සතර ලබා දුන් මෙරට විස්ස විජ්ජාල වෙනුවට නොරට විස්ස විජ්ජාලද, ටොමියා වෙනුවට ගෝල්ඩන්‍ රිට්‍රීවර්ද, පූසා වෙනුවට බූල් බූල් පර්සියන් කැට්ද, කුස්සි වෙනුවට පෑන්ට්‍රිද, ඒකට ඉලෙක්ට්‍රොන්ක් ගැජඩ්ද, ඇටෑච් බාත් රූම් සමඟ ලක්සිරි විලාස්ද  පරිභෝජනය කරමින් පඩ ෂෝ දැමූ උන්ට... දැන් කන්න බොන්න ඉතිරි කර ගත්ත එකට, ටැක්ස් එකෙනුන් කෙලියාම... සදා සොත්ති භවන්තුතේ වෙන එකත් ඇත්තය.


දැන් මේ බුද්ධිමතුන්ට කරන්නට අත්තේ ආන්ඩුව ගත් ඔප්සොන්මය. මේවා කැමති ආකාරයෙන් ක්‍රියාත්මක කොට රට දුවනවා වාගේ යාන්තම් දුවා ගන්නට බැරි වෙන එකකුත් නැතිය.


▪️තමා බංකොලොත් බවටත්, අම්මට හැමිනිලා, රෙන්න පුකේ ගූත් නැති බවටත් කොමන් ලියුමක් ලියා, බැංකුවලට, ලීසිං කොම්පැනි වලට, ෆිනෑන්ස් කොම්පැනි වලට, ක්‍රෙඩිට් කාඩ් වලට, ගමේ පොලී මුදලාලිට ලියා යැවිය යුතුය. (අහල පහල උන්ට කියන්න ඕනා නැතිය. උන් දැන් ඉන්නේ පුල් පන් එකේය)


▪️ණය ප්‍රතිව්‍යූහගතකිරීමට හෝ කපා හැරීමට හැකිදැයි කියා අදාල ආයතන කළමණාකාරිත්වය සමඟ ද්වීපාර්ෂවික සාකාච්ඡා ආරම්බ කළ යුතුය. (උන්ටත් කෙළවෙලා තියෙන එක මෙතනදි අදාල වෙන්නේ නැතිය )


▪️අධි පරිභෝජනය සඳහා ගත් බඩු භාන්ඩ, යාන වාහන නිවාස විකුණා දමා නිර්මාල් දේවසිරි මෙන් ජනාතවට ජීවත් විය යුත්තේ මෙසේ යැයි කියා උපදෙස් දුන්... ඔවුන් ගත කරන අල්පේච්ඡ ජීවිතයට මාරු විය යුතුය.


▪️එසේ නැත්නම් සියල්ල විකුණා දමා බුද්ධිය ගලන ගඟට පැන මේ ජරා නරා වලෙන් එතෙර විය යුතුය.. (ඒ රටවල මෙහෙම අසාධාරණ බදු ගහන්නේ නැතිය. හැම එකාටම ගහන්නේ 40% ක ඉතර ආදායම් බද්දක්‍ය)


▪️ඒ යන අතරේ... අනියම් සබඳතා පැවතියේ නම්, ඒවා දිගටම නඩත්තු කිරීම මහාචාර්‍ය මාතලන් වෙත පැවරිය යුතුය. (විශාල පිරිසක් මා සමඟ එකතුව එම සේවය ලබා දීමට දැනටමත් ඉදිරිපත්ව සිටී)


දේශපාලූවන් මෙන්ම පින්පඩි කමින් රටට කෙලවූ තොපිට ඔහොම වෙලා මදිය.


අපේ ආච්චි කියා දුන් බොහෝ දෑ මේස් දෙකෙන්ම දැකීමට තරම් පුණ්‍යවන්ත භූමියක ඉපදුන ආතල් එක ගනිමින් උපදින ආත්මයක් ආත්මයක්ම පාසා මේ දිවයිනේම උපදින්නට පෙරුම් පුරනා මා...


ඔබේ හිතවත්...


මහාචාර්‍ය මාතලන්


ස්වස්ථි සිද්ධම් .....!!!

.

Jul 18, 2022

හිතවත් සජිත් මැතිතුමා වෙත,

 


හිතවත් සජිත් මැතිතුමා වෙත,

➖➖➖➖➖➖➖➖➖➖➖


සෙත් වේවා,


ඔබ තුමාගේ සැප දුක් කෙසේද, නිතරම ආසයි බයයි ලෙඩේ හැදිලා අසනීප වෙන නිසා, මේ ගින්විජ්ජුම්බරේ අහවර වෙනකන් ඉහෙන් බහින රෝගයක්, අතුරු ආන්තරාවක්, කරදරයක් උපද්‍රවයක් සිඳු නොවේවා කියා මුලින්ම පතනවාය.


එක එකා කියන ඒවාට බයේ ඔබ තුමා ජනපති තරඟෙට ඉදිරිපත් නොවී ඉන්න ඕනෑ නැතිය. බය, බව්වාට දමා, ඔබ තුමා අනිවාර්‍යයෙන් මේකට ඉදිරිපත් වෙන්න ඕනෑමය.


මොකෝ ඔබතුමා ජනාධිපති වෙනකන් මක්කු නැතත් මේ රටේ කාන්තාවෝ බලාගෙන ඉන්නේ, ඔබතුමා නොමිළේ දෙනවා යැයි කියූ පෑඩ් අඳින්නටය. එහෙම ඇඳලා ඒවා පෙන්න පෙන්න යන කොට බයියන්ට වෙන්නේ පොලොව පලාගෙන ඔබ තුමාගේ පියානෝ ගිය දිහාවට යන්නටය.


ඒ දුන් කප්පරක් පොරොන්දු පැත්තක තබා, දැන් ඔක්කොම බලාගෙන ඉන්නේ මෑතකම ඔබ තුමා දුන්න පොරොන්දුව දිහා බලාගෙනය.


ඒ රටවල් තුනකින් මාස හයක් යනකන් නොමිළේ දෙනවා යැයි කියූ පැස්ටෝල් හා ඩීසල් ටික ගන්නටය. කංචන ලොක්කා පෝලිමේ ඉන්නේ නැතුව ගෙදර පලයල්ලා කිව්වාට, උන් එකෙක්වත් යන්නේ නැත්තේ, තෙල් දන්සැල් වලින් තෙල් ගන්න ඔක්කෝම එන්නට ඉඩ තිබෙනා නිසාය.


ඔක්කෝම කියන්නේ ඔබ තුමා තෙල් නොමිළේ දෙනවා කිව්වා වගේ ගෑසුයි පෝර ටිකත් අඩු ගානකට දෙයි කියලාය.


විදුලිය නම් පැය 24 පුරාම අකන්ඩව ඔබ තුමාගේ ඩයිනමෝවෙන් දෙන්න පුලුවනිය.


ඒ ඇරෙන්න ඔබතුමාගේ රට හදන වැඩ පිලිවල 20 වනදාට කලින් එලියට දැම්මොත්, රනිල් ලොක්කාට යන්න වෙන්නේ හොම්බෙන්මය. 


ඒ ප්‍රතිපත්ති ප්‍රකාෂණය සිරසෙන් ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරාම, සියතෙනුත් නොමිළේම ප්‍රචාරණය කරනා බව ඉරහඳ වගේ විශ්වාසය.


ඔබ තුමාට කියන්න,දැන් රංගෙ බණ්ඩාරලැයි ගෙවල් පැත්තේ ගෙම්බෝ ඉතරක් නොව, අපේ වෙලේ ගෙම්බොත් කෑ ගහන්නේ සජිත්... සජිත්... කියලාය.


ගෝල්පේස් එකේ කොල්ලන්ට බයේ ගමේ යන්න බැරි වෙන නිසා, පාර්ලිමේන්තුවේ ඉන්න පෝට්ටු බයියෝත් ඔක්කෝම චන්දේ දෙන්නේ ඔබ තුමාටෙයි කියලා උන් ඔක්කෝම වගේ මට කෝල් කරලා කිව්වාය.


ඒ කොල්ලෝ ඔබ තුමාගේ පියානෝගේ පණ පිටින් බාබේකිව් සැනකෙළිය දැකලා නැති නිසා, උන්ට ඒවා පෙන්නුවායින් පස්සේ, පියානෝ මුළු රටේම පෝස්ටරෙන් කිව්වා වගේ...


මේ කව්ද? 

මොනවද කරන්නේ?


කියා...එදාට දැන ගන්නා බවත් බුදු ෂුවර්මය.


බටන් එක ඔබපු ගමන් ඩොලර් එන ක්‍රමයක් ඔබතුමා හදනා බව මට විශ්වාසය.


ඔබ තුමාට ජයෙන් ජයම වේවා


මීට,

සදා හිතවත්,


මාතලන්

.

Oct 19, 2021

මාර පරාජය හා කර්මය (කරුමය) (පෝදා සිතුවිලි)


 

🎈වාහන නෑ

🎈වාහන අමතර කොටස් නෑ

🎈ටයර් නෑ

🎈කහ නෑ

🎈හාල් නෑ

🎈සීනී නෑ

🎈කිරිපිටි නෑ

🎈ගෑස් නෑ

🎈පැස්ටෝල් නෑ

🎈ඩීසල් නෑ

🎈බොරතෙල් නෑ

🎈තේ නෑ

🎈පොල් නෑ

🎈රසායනික පෝර නෑ

🎈කෘමිනාශක නෑ

🎈කාබනිකත් නෑ

🎈සැල්පෝන් නෑ

🎈ටැබ් නෑ

🎈ටැලිවිසොන් නෑ

🎈කැමරා නෑ

🎈හයි පයි සැට් නෑ

🎈සබ්බූසර් නෑ

🎈ඉයර්පෝන් නෑ

🎈වොසින් මැසින් නෑ

🎈ප්‍රිජ් නෑ

🎈ඉතිරි කරපු ඩොලරෙකුත් නෑ

🎈විදෙස් සංචිතත් නෑ

🎈විදෙස් ආයෝජකයොත් නෑ

🎈මහින්දානන්දත් නෑ

🎈බන් ගොන්ධුලත් නෑ

🎈අලගිය මුලගිය තැනුත් නෑ

🎈කන පලන උනුත් නෑ

🎈කඩා පැන්න උනුත් නෑ

🎈මොළ හතත් නෑ

🎈ස' ත් නෑ

🎈මහින්දත් නෑ

😜 හෙට අනිද්දා සිට Gower මසුත් නෑ

🎈වියත් මගත් නෑ

🎈සව් භාගෙත් නෑ

🎈විස්සයෙන් එහා ලෝකෙත් නෑ


(ආන්ඩුව තිස්සකුට්ටිආරච්චි මහත්තයට දුන්නා නම් හරි..)


🔺 සමාර විට ආන්ඩුව මේ සියල්ලම කරේ ඩොලර් නැතිවූ පසු සියල්ලම නැති වන බව පසක් කර දීමට විය හැක.


🙏අප සිහළ බෞද්ධයින් ලේස ඩොලර් යනු තන් හා ආසා ලෙස සැලකිය යුතුය.


🙏 තන් හා ආසා නැති වු කල උතුම් වූ නිර්වානය අවබෝධ වූයේ වෙයි.


🙏අප චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගත්තේ වේ.


🙏 බුදුන් වහන්සේ සත්‍යය අවබෝධ කොට ගෙන නිවන් දැකීමට සාරාසන්ක කල්ප ලස්සයක් පෙරුම් පුරා දිවිය ලෝකයේ ඉපද අවසන මිනිස් ආත්මයක් ලබා ඒ ආත්මයේද පට්ට කට්ටක් කා බුදු වූ පසුද තන් හා රති රඟා නම් මර දූවරුන්ද පරදා නොයෙක් නින්දා අපාස විඳිමින් ඒ උතුම් වූ නිවනේ සැනසුනේ වූවද....


🙏 අප  පෙර කළ කුසළ  කර්මයන් හේතුවෙන් අම්මට සිරි ලංකාව නම් දිවිය ලෝකවලටත් එහා ලෝකයේ ඉපද, යහපාලනය නම් කාළයේ පුලතිසි නම් පුරවරයෙන් පොලොව පලාගෙන පැමිනි ගුරුන් හා දෙව් බඹුන් මිනිස් ලෝකයන්හි විසාලම මොළ සහිත වූ රනිල් විකුම්සිහ නම් ගුරුන් යටතේ පස් වසරකින්ද.....


🙏 වියතුන් පිරිවරා පැමිණි සව් බාගේ නම් යුගයේ සැන්ට්‍රල් රූට්ස් හෙවත් මැද්මුලන නම් පුරවරයෙන් පැමිනි ස' නම් ගුරුන් හා රාජපස්ස නම් ගුරු පරපුරම යටතේ වසර දෙකක් වූ සුළු කළකින්ද...


🙏 චතුරාර්‍ය සත්‍යය අවබෝධ කොට ගෙන සියළු තන් හා ආසා රති රඟා දුරු කොට ගෙන නිවනේ සැනසීමට වාසනාවන්තයෝ වූහ..


🙏 හයියෙන් සාධූ කියන්න පින්වත්නි..


👍 සියළු දෙනාට දෙව් පිහිටයි...!!!!

Aug 18, 2021

ප්ලීස් ලොක්ඩවුන් අම්මට සිරි ලංකා

 


රට වසා දැමිය යුතුය

Please Lockdown  the Cunt tree

➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

✅ ආර්ථිකයට වඩා මිනිස් ජීවිත වටිනා බව 

      කියමින් රට වසා දැමිය යුතු බවට සියළු       

      විපක්ෂ බලවේග හා වෘත්තිය සමිති 

      කියමින් සිටින්නේය.


😜 මේ වසා දැමිය යුතු යැයි කියනා සියල්ලන්ම 

      ජීවත් වන්නේ රාජ්‍ය සේවයේය.


😭 කිසිඳු ව්‍යාපාරිකයෙක් හෝ   

      ව්‍යවසායකයෙක් රට වසා දැමිය යුතුයැයි    

      කියනවා මා නම් දැක්කේ නැතිය.


💉 වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින්       

      යන්නේය.


😫 මුලින්ම මාස 2 ක් රට වැසීමේ පරිප්පුව 

      තවමත් කමින් සිටින්නේය.


✅ මේ වසා දාන්න කියන්නේ සති දෙකකටය.


😜 ඉන් පසු මෙයාලා ආයෙත් රට ඇරපන් 

      යකෝ කියනවාය.


🤣 එවිට රට නැවත විවෘත කළ යුතුය.


👍 ආයේ වෙන ප්‍රබේදයක් ආවාම ආයෙත්    

      වැසිය යුතුය..


✅ ඒ නිසා... එසේ නොකොට ...

      රට සම්පූර්ණයෙන්ම වසා දමා, කොරෝනා       

      රෝගය ලෝකයෙන් තුරන් වූ දිනෙක රට 

      නැවත විවෘත කල යුතුය.


😥 එසේ කිරීමට මේ රටේ ආර්ථිකය කිසිසේත් 

      ශක්තිමත් නැති නිසා ගතයුතු පියවර 

      මෙසේ සඳහන් කරමි.


🔺 මුළු දිවයිනටම ඇඳිරි නීතිය හා හදිසි    

      නීතිය දමිය යුතුය. 


🔺 මාධ්‍යවේදියෙකුටවත් පාරට පැමිණීම 

      වැලැක්විය යුතු අතර, එසේ පැමිණියහොත් 

      වෙඩි තබා ඝාතනය කළ යුතුය.


🔺 රෝගීන් සියල්ල නිවෙස් වලට යවා රෝහල් 

      සියල්ල වසා දැමිය යුතුය. එවිට මේ 

      අඬෝවැඩියා සියල්ල මොහොතින් නවතිනු 

      ඇත.


🔺 කටුනායක හා මත්තල සම්පූර්ණයෙන්ම 

      වසා දැමිය යුතුය. එවිට මගීන්ගෙන් හා 

      කාගෝ වලින් කොරෝනා ප්‍රබේද ලංකාවට 

      එන්නේ නැත.


🔺 සියළුම වරායන් වසා දැමිය යුතුය. ආනයන     

      භාන්ඩ මගින් කොරෝනා පැතිරීම ඉන් 

      නවතී.


🔺 විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සියළුම වැටුප් 

      හා දීමනා සියල්ල නවතා දැමිය යුතුය.


🔺 රාජ්‍ය සේවජයන්ට වැටුප් ගෙවිම හා විශ්‍රාම 

      වැටුප් ගෙවීම සම්පූර්ණයෙන් නවතා දැමිය   

      යුතුය.


🔺 ඔවුන්ටද රුපියල් 5000 ක් හෝ බඩු මල්ලක් 

      ලබා දිය යුතුය.


🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා 

      වාහන ගමනාගමනයද සම්පූර්ණයෙන්ම 

      නවතා දැමිය යුතුය.


🔺 ආරක්ෂක අංශවලට ෆුට්සයිකල් ලබා දිය   

      යුතුය.


🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා 

      විදුලියද සම්පූර්ණයෙන්ම කපා දමා     

      ආරක්ෂක අංශ වලට හුලු අතු ලබා දිය     

      යුතුය.


🔺 නිවෙස් තුල සිඳු කරනා කිසිඳු 

      ක්‍රියාදාමයකට වැට බැදිය යුතු නැත.


🔺 සෑම නිවසකටම ගංජා පැලයක් වවා 

      ගැනීමට අවසර දිය යුතුය. මලක් ගසා 

      ආතල් ගැනීමේ මානව හිමිකම් ඇති බව    

      ජිනීවා වලට දැන්විය යුතුය.


🇱🇰 පර සුද්දා පැමිණීමට පෙර මේ රටේ පැවති 

      ශ්‍රී විභූතිය ලොවට පෙන්වා අපට ලොව 

      උතුම්ම ජාතිය විය හැකිය.


🇱🇰 ජැසින්ඩා ආර්ඩන් පරදා ඝෝඨාභය 

      රාජපක්ෂ නාමය විශ්වය පුරා විහිදි යන්නේ    

      එවිටය.


😫 කරන මළහත්තිලව්වක් ලබන ඉරිදාට පෙර 

      කළ යුතුය.


😥 මන්ද, සඳුදා  සිට වෙනත් පිරිසක් ඒ 

      ගෞරවය ලබා ගනු ඇත්තේය.  ඒ අනුව...


💩 මුරුත්තේටුවේ නේස් හිමි


💩 මේල් නේස්


💩 රවී කුණුදේස්


💩 වසන්ත සමරසිංහ 


නාමයන් විශ්වය පුරා විහිදි යනු ඇත්තේය.


😭 ක්ෂිතිජයෙන් එහා ලෝකයක සව් බාගයක් 

      ගසා ආතල් එකේ ඉන්න හිතාගෙන 

      නායකයෙක් ගෙනා අපට,


😭 රෙන්න පුකේ ගූත් නැතිව, 88/89 කඩවසම් 

      යුගයකට යන්නට වීම මාර ලොල් 

      සහගතය.


ඒ වගත් මෙසේය...


.

Jun 25, 2021

ජනාධිපතිතුමාගේ කතාව හා ඇසිලින් අක්කාගේ නාඩගම් විචාරය


ඊයේ ජනාධිපති තුමා ජාතිය ඇමතුවේය. ඇත්තටම ඒක ජාතිය ඇමතීමකට වඩා, පොහොට්ටුවෙන් ගොඩ ගිය ත්‍රීවීල් පක්ෂවල පුලන්නන්ගේ ගුලි වැළඳිමෙන් හා අනුභවයෙන් අනතුරුව වැඩ අල්ලා ගේමක් ගසන්නට ගොස් බැසිලාගමනයෙන් පසු සියළු සිහිණ බිඳ වැටි හත් පොලේ ගාගෙන ඉන්නා උන් ඇමතීමක් උනේය. 

ඒ සොලිඩ් කතාව බලා අද උදේ බුකියට බට මට මතක් උනේ අපේ ගමේ උන් ඇසිලින්ය. 

බුකියේ ඇසිලින්ලා වැහි වැහලාය.


ඇසිලින් අක්කා අපේ ගමේ ළිඳ ළඟ සංගමයේ සභාපතිනිය වූ අතර හංදියේ කඩේ මුදලාලිගේ ලේඛම්ද උනේය. 

කවුරුන් හෝ හම්වල එවන් කෙනෙක් දැක නැතිනම්, 

කෝපි කඩේ ටෙලියේ දයාවති හෝ 

ඇයම රංඟනයේ යෙදෙන 

සකළ ගුරු ටෙලි නාට්ටියේ 

මැගි හාමි චරිතය සිහියට නගා ගත්තා නම් හරිය. 


ඇසිලින් අක්කාගේ හබියා උනේ ආරොන් මාමාය. 

ආරොන් මාමා කලා රසිකයෙක් වූ අතර 

දිනක් ඇය අල්ලපු ගමේ පෙන් වූ 

සඳ කිඳුරු නාඩගම බලන්න එක්කගෙන ගොස් තිබුනේය. 

පසුදා පොසොන් පෝයට සිල් ගන්න ගිය ඇසිලින් අක්කාට සිඳු වූයේ 

සිහිණෙන්වත් නොපැතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නටය. 


ඇසිලින් සඳ කිඳුරු නාඩගම බලන්න ගිය බව 

බණට වැඩිය නායක හාමුදුරුවන්ට 

මේ වන විට වෙනත් දියුණු සංනිවේදන තුලින් දැන ගැනීමට ලැබී තීබූනි

පන්සිල් ගැනීමටත් පෙර 

පඩික්කමට බුලත් කෙළ පාරක් වැඩැම්මූ උන්නාන්සේ 

ඇසිලින්ට කීවේ... 

ආ ඇසිලින් අක්කා... 

ඊයේ සඳ කිඳුරු ජාතකේ බලන්න ගියාලූ නේද? 

ඕක මේ අපේ ජාතක කතාවක් නේ... 

මේ උතුම් පොසොන් පෝය දවසේ... 

අපිටත් අහගන්න කියහනකෝ ඇසිලින් අක්කේ... 

නාට්ටිය ගැන මේ උපාසක උපාසිකාවන්ටත් දැනගන්නත් එක්ක කතාව පොඩ්ඩක්..


හප්පේ බලන්න එපාය ඒ නාඩගම අපේ හාමුදුරුවනේ... 

සඳ කිඳුරිට හිටියේ අපේ ගමේම අර ඕවිට අද්දර ගෙදර ඇලිසගෙ ලොකු දෝනී නේ... ඕකි ඉතින් ඒ අම්මන්ඩි වගේම 

හොඳ හොඳ නාඩගම් කීපයක්ම මේ වෙනකොටත් නටලා නේ තිබ්බේ.... 

ගමක ඉන්න වැදගත් උන් යනවද හාන්දුරුවනේ ඕවයේ නටන්න? 

සමහර වෙලාවට ලන්තෑරුම් එල්ය වැඩි වෙනවා.... 

සමහර වෙලාවට අඩු වෙනවා... 

ඒත් මම ආරොන් ගොයියටත් කිව්වා.... 

හරියට බලහන් ඒකීම නේද කියලා.... 

සඳ කිඳුරා සින්දු කිව්වට හරියට ඇහෙන්නේ නෑ... 

එක වෙලාවක සද්දේ වැඩියෙනුත් ඇහෙනවා... 


අපේ හාන්දුරුවන්ට කියන්න හාන්දුරුවනේ... 

නාට්ටිය අස්සේ කොහේද යන උරුලෑවෙක් දිව්වා කියන්නකෝ ඉස්ටේජ් එක මැද්දෙන්...

හික්.... හික්... හිකී.... හූ..... 

කොල්ලො ඔක්කොම හූ කිව්වා... 


ඒකී ඇඳලා හිටියේ ඇලිසගෙ හෝන් කමින් සාරිය... 

ඒකත් අමුඩෙ ගැහුවා වගේ හරියට අන්දලා නෑ.. 

අරකිගේ මූණේ පවුඩර් උලලා උලලා පාන් පිටි ගාලා වගේ... 

ආ එතකොට නියම වැඩී කියන්නේ... 

අපේ කෝරලේ මහත්තයයි හාමිනෙත් උන්නා නේ.... 


හප්පේ බලන්න එප්පෑය අපේ කෝරලේ හාමිනේගේ රැස්පොට්... 

එයා හරියට සඳ කිඳුරි කියලා හිතාන උන්නේ. 

වට පිට බලනෝ..

එයා දිහා ඒ ගමේ උන් බලනෝද කියලා...

එකෙක්වත් ගනන් ගත්තේ නෑ ඒ විගඩම...


කියාලා ඇසිලින් එක දිගටම නාඩගම ගැන කියාගෙන ගියා... 


ඔය මොනවද බං ඔය කියන්නේ... 

මම උඹට කිව්වේ.... ඇසිලින් අක්කේ.... 

ජාතක කතාව කියන්නෙයි කියලා...


ජාතක කතාව නම් හාන්දුරුවනේ හැමදාම අහලා තියෙන්නේ.. 

අපේ හාන්දුරුවොම කී ගමනක් ඔය ජාතකේ බණට කිව්වැයි...? 

ගිය අවුරුද්දේ ටවුමේ තොරණෙත් තිබ්බේ සඳ කිඳුරු ජාතකේ නේ... 

ඕන් දන්නේ නැති එකෙක්ට ආයෙත් දැනගන්න... 

අදත් ඒ බණ කතාව දේසොනා කරානම් ඉවරනේ අවසර...



                   ඇසිලියාගේ සඳ කිඳුරු නාඩගම නිමී..


මේ වගේම ටිකක් වැදගත් සෙට්ටෙකක් ඉන්නවා චීත්තපට විකාරකයෝ කියලා.. 

උන් ෆිල්ම් එකටත් වඩා දිග පත හෑල්ලක් චිත්තරපටි විකාරය කියලා පත්තරවලට ලියනවා. 

ඒකේ තියෙන්නේ තිර නාටකය, 

නළු නිලියන් මෙහෙයවීම, 

ලිංගික දර්ශණ අනවශ්ය බව පැවසීම, 

සංගීතය, 

වේස නිරූපනය, 

ප්‍රධාන නලු නිලියන් තම භූමිකාව තුල ජීවත් වීම, 

සඟිස්කරණය, 

කලා අජ්ජක්සනය වගේ ඒවා... 


කතාව බලන්න නම් සෝ එක බලන්නම වෙනවා.



ඒ වගත් මෙසේය..

Jun 11, 2021

සවු භාගේ දකිමින් සිටිමු

 


පසු ගිය දින කීපයේම සව් බාගේ දැක්ම හොඳින් දකිමින් සිටියද, පොලීසියෙන් කනට ගැහුවා වගේ දැනුනේ ඊයේ රාත්‍රියේය. ඒ මාතලන්ගේ අසල්වැසියා වන ඉක්බාල් නානා දොරට තට්ටු කරමින්, ආන් ලොක්කා පැස්ටෝල් රුපියල් විස්සකින් වැඩි කරලා කියන පනිවිඩය දුන් නිසාය, ගං කබර ටොයියන් මෙන් නොව සුරංගනාවියන් හැත්තෑවක් ගත්තත්, රනිල්ට ඇපේ නැති උනත් එජාපයට චන්දය දෙන ඉක්බාල් නානාත් ඉන් මහත් උද්දාමයට පත් වී සිටියේය. 

ඒ ස්වයං රැකියාවක් හෙවත් වාහනයක් හයර් කරන් ජීවත් වෙන එයා මේ දිනවල රජයෙන් ලබා දී ඇති දීර්ඝ සති අන්තය සමඟම මේ ආතල්ලෙකත් ලැබුන නිසාය. එයා ඇහුවේ පෝට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රමයක් තියෙනවා නම් කියන්න ලොක්කා කියලාය. මම පොරට කිව්වේ 21 වෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලාය.

ඇත්තටම මේ තෙල් ඇමති ඉතාම බුද්ධිමත් බවත්, එතුමා මිළ වැඩි කලේත් විජ්ජාත්මක ක්‍රමයකට බවත් ඔබට වැටහෙනවා ඇතිය. එතුමා වැඩි වන මිළක් හෝ දිනයක් හරියට නොකීවේ. සවු භාගයෙන් ධනවත් වී ඇති පිරිස කලින්ම ගොස් පැස්ටෝල් ෂෙඩ් කාරයන්ට වැඩි කළ මුදල් ලබාදෙමින් ඔවුන්ද කූට  වියාපාරකියින් ඝනයට පත් කරනා නිසාය. 

මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය සඳහා පත් කර ඇති අජිත් නෙවාඩ් කබරාල නම් ආර්ථික විජ්ජාග්නයා භාන්ඩාගාරයේ මුදල් ඕනා තරම් තියෙනවා කීවාට, මේ යක්කු අහන්නේ නැතිය. ගම්මන්පිලලා බලන්නේ ගෙවුම් ශේෂයේ අතිරික්තය තවත් වැඩි කර ජනාධිපතිතුමාගෙන් ළකුණු දමාගන්නටය. බංගලාදේශය දැන් ජීවත් වන්නේත් අප සතු මේ අතිරික්ත විදෙස් සංචිත මතය. 

මීටාමතරව සවු භාගයේ දැක්ම තුලින් අපේ රටට ලැබී ඇති තවත් විශේෂිත කරුණු කීපයක් ලියා තැබීම මාතලන්ගේ යුතුකමය.

එන්නත්කරණය - 

මේ වන විට තෙවන මාත්‍රාවද ලබා දී අවසාන බවට කොට, මාත්‍රා තුනල් ලබාදුන් ලෝකයේ පළමුවන රට බවට පත් වී අවසානය. සිව්වන මාත්‍රාව නිවසටම පැමිණ ලබා දීමට මේ වන විටත් සියල්ල සංවිධානය කර අවසන් අතර. විපක්ෂ නායක තුමා පමණක් තම එන්නත කුර සහිත ජීවීයකුට ලබා දීමට තීරණය කිරීමෙන් පසු, වෛද්‍ය සංගමය එම තීරණය අනුව යමින්, සියළු කුර සහිත ජිවීන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමට තීරණය කර ඇත.

සහල් මිළ - 

ඩේටා බේස් එකක් බගින් සහල් මිළ සම්පූර්ණයෙන්ම අඩු කල අතර, සම්බා හා කීරී සම්බා, බා බා කියා කුකුලන්ට දමනාතර, නාඩූ පාඩුවට දුන්නත් ගන්නේ නැතිය. ජනතාව බාස්මති වලට හුරුව ඇත. දිනපතා කිරිබත් කැමට හුරු වූ බයි ජනතාව දැන් කිරිබත් කන්නේත් බාස්මති වලිනි.

එළවළු මිළ - 

ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි විමත් සමඟ හෙට්ටු කර වෙළඳුන් මට්ටු කරන ජනතාව වෙනස් වී ඇති අතර. කීර මිටියක් රුපියල් 70 කට අසූවකට පමණ මිළකට අළෙවි කරනා කීර ගොවියා දැන් එන්නේ, බයිසිකල්වල, ලී රෝද පෙට්ටි කරත්තවල නොව, මර්සඩේස් බෙන්ස් ලොරි වලිනි. මාළු, එළවලු හා පළතුරු ලංකාව පුරා විසිරි සිටිනා පාරිභෝකික ජනතාව වෙත ඉතා සාධාරණ මිළකට ලබා දිමට ක්‍රමවත් විජ්ජාත්මක වැඩපිලිවලක් සකසා ඇති අතර, වෙළඳුන් හා ජනතාව බුදුන් වඳින දැතීන් අහසට වැද බන්ධුල ගුණවර්ධන මැතිතුමාගේ හා අළුත්ගමගේ මැතිතුමාගේ මැණීවරුන්ට දිනපතා පින් දී තම කෘතග්නතාවය පලකර සිටි.

මන්ත්‍රී වාහන - 

මුදල් අමාත්‍යශයේ කාර්‍යක්ෂමතාවය හා දේශීය ආර්ථිකයේ ශක්තිමත් බව මොනවට පෙන්වමින්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැන්මටත් පෙර පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන් සඳහා අති සුඛෝපභෝගී වාහන 227 ක් ඇනවුම් කර ඇති අතර, ඒ සෑම වාහනයක් සඳහාම මන්ත්‍රී වරප්‍රසාදයන් වන කුඩයක් හා විදුලි පන්දමක් හෙවත් ටෝච් එකක්ද අග්‍රාමාත්‍යවරයා අතින් වාහනය ලබා ගන්නා දිනයේදී ලබා දීමට නියමිතය. 

සුපුරුදු පරිදි රටේ ගෞරවය ඉහළටම ඔසවා තබන මෙවන් යෝජනාක්‍රම වලට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ මේ වාහන ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට කැප්ටන් බැස ගිය නැව් තුනක් පක්ෂයට ලබා දෙන මෙන් මාතර තිහගොඩ පදිංචි සුනිල් හන්දුන්නෙත්ති මහතා ඉදිරිපත් කල පෙස්සමක්, පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගරු කතානායක තුමා වෙත ඉදිරිපත් කර ඇත.

වෛද්‍යවරුන්ට විශේෂ දීමනාවක් ලබා දීම -

ගාල්ල, මොරටුව, නුගේගොඩ යන ප්‍රදේශවල එන්නත්කරණය විජ්ජාත්මක ක්‍රමයකට ලබා දීම හා කොරෝනා මරණ හා රෝගීන් පිළිබඳ නිවැරදි දත්ත සපයමින් කරනා සේවය වෙනුවෙන් වයිජ්ජවරුන්ගේ වැටුප විශාල මුදලකින් වැඩිකර ඇති අතර, ඊට සමගාමීව නඩුකාර හාමුදුරුවරුන්ගේ වැටුප්ද වැඩිවීමට නියමිතය. ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් හා දීමනාද වැඩි වීමට නියමිතය. ඒ අනුව කම්කරුවාගේ වැටුප්ද වැඩි වීම අනිවාර්‍යය. ඉතා සුළු කළෙකින් ලොව වැඩිම වැටුප් ගන්නා ජනතාව ජිවත් වන රට බවට පත් වීමට නියමිතාතර, පෝට් සිටියේ වැටුප් හා දීමනාද වැඩි කිරීමට චීන රජය මේ වන විටත් තීරණය කර ඇත.

ඇත්ත වශයෙන්ම වසර දෙකක් යාමටත් මත්තෙන් සවු භාගයක් නොව ෆුල් එකම ලැබී ඇති බව මේ දිනවල පාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට බලාගත හැකිය. ජනතාව ලෝකයේ දියුණු රටවල මෙන් සමර් වැකේසොන් විඳමින් සිටී. වෙන රටවල උන්ට ලැබෙන්නේ එක වැකේසොන් එකක් වුවද, වසරක් තුල ලබා දුන් දෙවන සමර් වැකේසොන් එකද ලබා ගනිමින් ජනතාව ප්‍රීතියෙන් නිවෙස් තුලට වී අන්තර්ජාලයේ සර්ෆින් කරමින් සිටි. 

සවුභාගේ දැක්ම රටට උදාකිරීමට දායක වූ පිරිස ගැන අපට ඇති දුක නම්, දැන් සැපද කියලා අහන්න අපේ අප්පච්ච්ට එලියට පහලියට බහින්න බැරි එකය. එතුමා පාරේ ගියත් ඔය පාරේ යන උන්ගෙන් නම් එහෙම අහන්නට එපාය, මොකෝ ඔය පාරේ යන්නේ සංචරණ සීමා පවා පයිසෙකට මායිම් නොකරනා ආන්ඩු විරෝධී ජාතිද්‍රෝහී පිරිසය. උන්ගෙන් වොයිස් කට් අරගෙන දිලිත් ජයවීරගේ අද ද රෙණ එකේ පෙන්නුවත් ඒවා විශ්වාස කරන්නනෙපා කියා අපි එතුමාට කියනවාය.

 ඇත්ත කතාව ඒක නෙමේය

අපි ඉන්නේ පට්ට සැපෙන්‍ ය.


අපි අපේ යුතුකම ඉටු කලෙමු

ඔබ ඔබේ යුතුකම ඉටු කලේය



ඉස්ධූතී.... නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස් හොඳේ....!!!!










Jun 5, 2021

ප්‍රසිඩන්ඩ් TV ඇන්ඩ් ඉන්ගිරිස් පො ඕල්

 


අපේ හිතවත් කින්ස්ලි අයියයි සුදේවයි අලුතෙන් ටී වී චැනල්ලෙකක් දාන්න යනවැයි කියලා ආරංචියක් ආවා...


ඉතින් ඒකේ අපේ ජනාධිපතිතුමාගේ තීන්දු තීරණ, කැබිනට් තීරණ එහෙමත් යයි නේ..


අපේ ජනාධිපතිතුමා තරම් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති කෙනෙක් මෙතෙක් ආවේ නෑ. ඒ නිසා එතුමා ගෙනා ගොඩාක් සාධනීය යෝජනා එතුමා අකුල ගත්තා..


ඒකට විපක්ෂය කියන්නේ රිවර්ස් කියලා. මේ වැඩේට විපක්ෂයෙ ගං කබර ටොයියොයි, 3% අලුකුත්තේරුවොයි කින්ඩිය දානවා විතරක් නෙමේ. බයියොත් ඉන්නේ අවුලෙන්..


මොකෝ එයාලා ඉල්ලුවේ හිට්ලර් වගේ කෙනෙක්, රණසිංහ ප්‍රේමදාස කෙනෙක්, රන්ජන් විජේරත්න කෙනෙක්. 


ඒ කියන්නේ පක්ෂ විපක්ෂ හැම එකාම කියන්නේ ප්‍රජාචන්චේ වානා යකෙක් තමා ඕනා කියලා..


ඉතින් ඉදිරියටවත් ආන්ඩුව මොකක් හෝ වැඩපිලිවලක් පිළිබඳ නිවේදන නිකුත් කරනවා නම්, ඒකට විපක්ෂයේ සහායත් ලබාගෙන එයාලා කියපු දෙයක් විදියට කෙරෙනවා නම් පට්ට ආතල් නේ.


මේක මේ මාතලන් යෝජනා කරන මැතඩ් එකක් නිසා ගොබෙල්ස් න්‍යාය වගේ මාතලන් න්‍යාය කියලා නම් කරත් අවුලක් නෑ..


ඒ අනුව උදාහරණයක් ලෙස පහුගිය සිඳුවීම් කීපයක් ආන්ඩුව විසින් ඉදිරිපත් කිරීමට තිබු අයුරු ගනිමු..


✅ ආන්ඩුව MCC ගිවිසුම ඉරා විසිකරයි -


එතෝට විපස්සෙ - අයියෝ අර බලන්නකො ඇමරිකාවෙන් නිකන් දෙන ටොපිය කන්න මුන්ට පින නෑ නේ. ඇමරිකාව කියන්නේ චීනා වගේද, ලෝකෙම බලවතා. ඇමරිකන් බේස් එක ට්‍රින්කෝ දැම්මම අපි ඉන්දියාවට තියා චීනෙට වත් බය වෙන්න ඕනද? චීන කෑලී වගේද ඇමරිකන් කෑලී. චීන කෑලී පූසෝ කෑ ගහනවා වගේ. ඒ වගේද ඇමරිකන් කෑලී. ගහන්න අයියා ගහන්න වයි ඩෝන්ට් යු කම් ප්‍රොම් මයි බැක් සයිඩ් කියලා ඉන්ගිරිසියෙන් කෑ ගහන්නෙ.


✅ නැගෙනහිර ජැටිය 100% රජයට 


එතෝට විපස්සෙ - අයියෝ ඔය කරේ වැඩක්. ආබරෙකත්, රේල්ලුවයි පැස්ටෝලියම් එකයි කරන්නද යන්නේ, ආබර් බත් එකටත් කෙලින්නයි රාජපස්සලා හදන්නේ. අපේ උන් දන්නවද ෂිපින්. කන්ටේනරයක් බාන්න පැයක් යයි. නැව් එන එකත් නැතිකර ගන්න යන්නෙ. මුන් හිතන්නේ ආබර් තියෙන්නේ කොළඹ විතරයි කියලා, ඕන නම් අලුතෙන් හදන බටහිර එක ගන්න බැරිය. රට විනාසයි, ආබරෙකත් ඉවරයි.


✅ 20 වන සංශෝධනය ඉවතට


එතෝට විපස්සෙ - 19 ගෙනාපුවා මදි නිසා නේ ජවිපෙ 20 ගේන්න ගියේ. ජවිපෙ කවදාවත් වැරදි දෙයක් කරනවද? එයාලා රටට කොච්චර ආදරේද, එක බස් එකක් ගිනි තිබ්බද, ට්‍රාන්ස්පෝමරෙකක් බ්ලාස්ට් කරාද  එකෙක් මැරුවද, වැව් ලක්ෂයක් හැදුවා, කිරි මණ්ඩලේට බස් දෙකක් දැම්මා. මොනාද මුන් කරන්නේ. 20 ගේන්නේ නැතිව මේ රට ගොඩ දැමිලි බොරු... හා නැද්ද මං කියන්නේ.. අම්මපා..


✅ පාඨලි විසින් ඇරඹූ කාබනික පොහොර කර්මාන්තය වසා දැමීමට පියවර


එතෝට විපස්සෙ - පාඨ ලී කියන්නේ රාජපක්ෂලා වගේ මැදමුලන ගං කබරයෙක්ද? එතුමා උගතෙක්, විදුලි ඉන්ජිනේරුවක්, කරන්ට් අල්ලන්නත් දන්නවා, එතුමා උසයි, එතුමා මේ රට චීන්නුන්ට දෙනවට කැමති, එතුමා කන්නේ කොන්ඩ කැවුම්, එතුමා භූමී පුත්‍රයෙක්, සැදැහැවත් බෞද්ධ, උඩරට බොදු ගොවි. එතුමා මේ රටට මේ දැයට මේ සමයට, වැවට, දාගැබට, හිංගලකමට ආදරෙයි. එතුමා ඔය පරදේසක්කාරයෝ ගේන වස විෂ දාලා අපේ පස විනාශ කරනෙක, අපේ ජල සම්පත විනාශ කරනෙක, අපේ ජාතිය වඳ කරන එක නවත්තන්න ඕක ආරම්බ කළේ. රාජපක්ෂලා හදන්නේ බිජුහීනතාවයෙන් යුතු ජාතියක් හදලා ලංකාවම රාජපක්ෂකරණයට ලක් කරන්න. ඒ නිසා කාබනික පොහොර පමණක්ම යෙදිය යුතුයි. මේක නොකලොත් අපි කොටුව ඉස්සරහා පස් කනවා.


✅ නැවට ගිනි තිබ්බේ ඝෝඨාභය


එතෝට විපස්සෙ - ස ෆේල්, එයාට පුලුවන්ද ඔය වගේ දෙයක් කරන්න, ෆොන්සේකා නැත්නම් කරයි යුද්ද, අම්මගෙ රෙද්ද. 

එක්කෝ ඕකට ගිනි තිබ්බෙත් ෆොන්සේකා, නැත්නම් ඉබේ ගිනි ගන්න ඇති. හැමදාම බඩු අරගෙන එන නැවක්ලු නේ. ඒකේ මේ කොස්මටික්ස් හදන්න ගේන කෙමිකල්සුත් තීලා තියෙනවා. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.


✅ පාසල් විශය මාලාවෙන් ඉංග්‍රීසි ඉවත් කිරීමට යයි


එතෝට විපස්සේ - අයියෝ ඒ පාර මොකක්ද මේ කරන්න යන්නේ, අර ගම සමඟ පිලිසඳරෙදි උපාධිදාරිනියක් දුන්නා නේ සුරුස් බුරුස් ගාලා ලොක්කගෙ රෙද්දෙ රෙවෙන්න ඒකේ තරහට කරන දෙයක්. අනික ඔය මැදමුලනෙ බයියන්ට ඉන්ගිරිස් බෑ. හරි නම් කරන්න ඕන ඉන්ටර්නැෂනල් ඉස්කූල්වල වගේ හෝඩියේ ඉඳන් ඕල් සබ්ජෙක්ට්ස් ඉන්ගිරිස් වලින් කරන එක. පැඩි පූල්ස්. නුකේ පූල්ස්..


කින්ස්ලිටයි, සුදේවටයි අත් දෙක උස්සලා පියුමි හංසමාලි වගේ වැඳලා කියන්නේ. මීට පස්සෙ දෙයක් කරනවා නම් අපෙන් අහලා කරන්න.


මේවා මොළ නෙමේ...


මොළ ගෙනියන නැව්.. 


.

May 27, 2021

ගිනිගත් නැවේ සත්‍ය කතාව




 ඝෝඨා ගිනිතැබූ නැවේ

ඇත්ත කතාව හා බොරු කතාව

-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

.

බොරු කතාව

----------------------


🔼 මේ නැවේ පෝර්ට් රොටේශන් එක වෙන්නෙ 

.

Port Klang > Singapore > Jebel Ali > Hamad > Hazira > Colombo > Port Klang  https://www.x-pressfeeders.com/Home/FindSchedulePdf/328/S16%7CEAST%20ASIA/Straits%20Middle%20East%20X-PRESS%20(SMX)%20-%20EA

.

🔼 ගිනි ගත්ත නැව ඔය රිජෙක්ට් කරා කියන කටාර්වල පෝර්ට් එකටත් ඉන්දියාවේ පෝර්ට් එජටත් දෙකටම ගිහින් කාගෝ ලෝඩ් අන්ලෝඩ් කරලා ඇවිල්ලා තියෙනවා.. 

https://www.x-pressfeeders.com/Home/Articles/72


🔼 ඒ දෙකෙන්ම මේ ගැටළු සහගත කන්ටේනර් එක භාර ගැන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.


🔼 කොළඹ වරායට නැව ඒමට තිබූ බව ඇත්තක් උනත්, නැවේ ගැටළු සහගත කන්ටේනර් එකක් ඇති බවට වරායට හෝ නැව් සමාගමේ නියෝජිතයින්ට දැණුම් දී නෑ.


🔼 වාසනාවට කොළඹ වරායට ඇතුල් කිරීමට පෙර නැව ගිනි ගන්නවා.


🔼 ගින්න නිවා දැමීමට ඉන්දියාවේ සහායද රැගෙන ගත් සියලු උත්සාහයන් ව්‍යර්ත කරමින් නැව සම්පූර්ණයෙන් ගිනිබත් වෙනවා.


🔼 රසායන ද්‍රව්‍ය හා කන්ටේනර් වල තිබූ ගිනි නොගත් සියළු ද්‍රව්‍ය මුහුදට එකතු වෙනවා.


🔼 මෙයින් සිඳුවන පරිසර හානිය ගැන හා එය තක්සේරූ කිරීමට සමත් කිසිඳු පරිසරවේදියෙක්, විශේෂඥයෙක් හී නීතීවේදියෙක් ලංකාවේ නෑ.


🔼 හම්බන්තොට මුහුදේ නිවාදැමු නෞකාවෙන් නීතීපති දෙපාර්තමේන්තුව ලබාගත් වන්දිය ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේශ්ත්‍රයේ විහිළුවට ලක් වුනා.


🔼 මෙවර ඒ පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයෙන් ගෙන්වා තිබෙනවා. ඔවුන් මෙයින් සිඳු වූ පාරිසරික විනාශය තක්සේරූ කිරීමට මෙන්ම ලැබිය යුතු වන්දිය පිළිබඳ නීතිමය කටයුතු ගැනද, ඉදිරියේදි සිඳුවිය හැකි මෙවන් අනතුරු වලදී ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැනත් උපදෙස් ලබා දීමට නියමිතයි.

.

.


ඇත්ත කතාව

----------------------

.

️මෙය අද හෝ හෙට, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කොරෝනා බැවින් රාජිත සේනාරත්න මැතිතුමා විසින් මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙලිකිරීමට නියමිතයි.

.


☑️ නයිට්‍රජන් ලීක් නැවක් අරාබී මූදේ යනවා කියලා රාජපක්ෂලාට නිව්ස් එක එනවා.

.

☑ ️රාජපක්ෂලා නැව කොළඹ වරායට ගෙනෙන් කියලා කැප්ටන්ට කෝල් එකක් ගන්නවා.

.

✅ රාජපක්ෂලා හොරු නිසා කැප්ටන් කටාර් යනවා. උන් එහේ එන්න එපා කියලා කැප්ටන්ට කියනවා.

.

☑️ දැන්වත් ගෙනෙන් කියලා, රාජපක්ෂලා කියනවා.

.

☑ ️කැප්ටන් නැව ඉන්දියාවට ගෙනියනවා. උනුත් කියනවා යන ලෝකෙක පල, මෙහේ නම් එන්න එපා කියලා.

.

☑ ️නැව අනාත වෙනවා, කැප්ටන් කොර වෙනවා, රාජපක්ෂලා මෙහෙන් ටග් දෙකක් යවලා නැව ඇදගෙන ඇවිත් වත්තල පාර්ක් කරනවා.

.

☑️ එදා රෑ ඝෝඨා හේකිත්තෙන් පන්දමකුත් පත්තු කරගෙන පීනලා ගිහින් නැවට ගිනි තියනවා. එන ගමන් ටැංකියේ දාන්න මෝරෙකුත් අල්ලගෙන එනවා.

.

☑️ නැව ගිනි ගන්නවා.

.

☑ ️රාජපක්ෂලා නැවක් ගිනි ගන්නවා නිවලා දියන් කියලා ඉන්දියාවට කියනවා.

.

☑ ️නැවේ ඉන්න මිනිස්සු ටික බේරලා දුන්නොත් ගින්න නිවන්නම් කියලා ඉන්දියාව කියනවා.

.

☑️ ඒ පාර උන් ටික ගොඩට ගෙනත්, ග්‍රැනේඩ් දෙකක් දාලා නැව පුපුරුවනවා. ඒකත් ඝෝඨා කලා කියලා සාක්ෂි ලැබෙමින් පවතිනවා.

.

☑️ ඒත් ඉවරයක් වෙන්නේ නෑ. නැව 85% ක් වෙන්න ගිනි තියපන් කියලා රෝහිතට ඕඩර් එකක් එනවා රාජපක්ෂලාගෙන්.

.

☑️ රෝහිත නැවම ගිනි තියනවා.

.

☑️ රාජපක්ෂලා අළුත්කඩේ උසාවියේ වන්දි නඩුවක් දාලා අළුත් නීතිපතිට කියනවා මේකේ කලර්ස් පෙන්නුවොත් චීප් ජස්ටිස් කරනවා කියලා.

.

☑️ ඒ අතරේ ඩුබායි බැංකුවට කියනවා තව බිලියන ගානක් එනවා සේප්පුවේ ඉඩ තියෙනවද බලන්න කියලා..

.

☑️ අපේ ආන්ඩුවක් ආපු ගමන් මේ පිළිබඳ පරීක්ෂකයෙක් කරලා රාජපක්ෂලා ගෝල්ෆේස් එකේ එල්ලලා මරණවා කියලා මාධ්‍යවේදීනගේ ඔළුවේ අත තියලා දිවුරනවා.

.

☑️ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ඉන්දියාවේ විද්වතෙක් වන මහාචාර්‍ය අරුන්දති රෝයි මහතාට බාර දුන් බව ප්‍රකාෂ වෙනවා.

.

☑️ මාධ්‍ය සාකච්ඡාව චීන භාෂාවෙන් සිරස රූපවාහිනිය ඔස්සේ ලෝකයට ප්‍රචාරය වෙනවා.

.

☑ ️නැව් ගිනි ගන්න රටක පෝට් සිටි හදලා අම්ල වැස්සේ තම ජනතාව පෙලන්න බෑ කියලා ෂී ජින් පින් මැතිතුමා පෝට් සිටි පනත රෝල් කරලා අලී සබ්‍රිගේ අරකෙ ගහනවා.

.

.

ඉස්ධූතී .... නන්ඩ්‍රෙයි ... ටෑන්ක්ස් හොඳේ..

.

Feb 17, 2021

විමල්ගේ මොළේ හා අපි වැටුන වලේ

 


විමල්ගේ මොළේ...

------------------

ඊයේ ඇස්ට්‍රා සෙනිකා ගහගත්තේ රතන හිමි කන පතේ රෙණ අයගේ රැස්සීමෙන් පස්සේ එලියට වැඩලා කිව්වේ ඊළඟ සජ්ජුරුවෝ මැට්ටෙන් හදන එක කරන්නේ උන්නාන්සෙලාලූ..

ඒ කියන්නේ මේ සජ්ජුරුවෝ වැඩක් නෑතෙයිය කියන එක නේ... 

මම හිතන්නේ ඔය මහත්තුරු ඔක්කෝම සජසැප හැරදා හෙට අනිද්දම එලියට යයි..

ඇයි දෙය්යනේ සජෙක් හදනවා කියන්නේ ලේසී පාසු වැඩක්ය..

මිහිඳු සජ්ජුරුවෝ හදන්නත් 1972 ඉඳලා 2005 වෙනකන් අවුරුදු 33 ක්ම ගිහින් තියෙනවා නේ...

මහින්ද ප්‍රධාන දායකයා වෙච්චි අභයාරාමේ නේස් මහා ඉස්තිවරත් මේ ගැන අනාවැකියක් කිව්වා.. තාම ප්‍රකාෂයක් හා ආශීර්වාදය ආවේ නැත්තේ ඇල්ලට වට පාර්ෂවයේ ගුණවන්ස මහා ඉස්තීවරගෙන් ඉතරයි..

ඒකත් ආවම වැඩෙ තීන්දුටි තීරණයි...

මල්වත්තෙනුයි අස්ගිරියෙනුයි සී සී ඇපෘවල් එක ගන්න ඉතරයි තියෙන්නේ...

ඒ උන්නාන්සෙලා දෙන්නා ඉතින් ඕන එකකට ඇපෲවල් දෙනවා නේ අප්පා...

මේ සියල්ලෙම මහා මොළකරු වන විමල්ගේ බල මාළු කාපු මොළේ දළඳා වහන්සේටත් වඩා ආරස්ස කොරන ඒ ආරක්ෂක අංශයේ ආරක්ෂක උතමයොත් සියළු දෙවි දේවතාවුන් ආරස්සා කොරන්න ඕන...

අඩු ගානේ කාරෙකේ දොරේ ගැට්ටෙවත් වදින්න දෙන්නේ නෑ ආයිබන්ඩ..

ඇයි යකෝ දැන් ඉන්න සජ්ජුරො සෙට්ටෙකත් අල්ලෙ නටවන මොළයක් නේ ආයිබන්ඩ...

අපිටත් රජෙක් ලැබෙන්න යන්නේ සුදු නෝනේ..


අනේ හුකේ නන්නානේ...

උඹයි මායි හඳපානේ....

**************************************************************************




මදැයි පුක ඉරගෙන..

මඩ නාගෙන..

😥😥😥😥😥😥😥😥


ජනාධිපති කෙනෙක් ගෙනාවා...

අගමැති කෙනෙක් ගෙනාවා...

ආන්ඩුවක් ගෙනාවා..

කැබිනට් හදන බාස් කෙනෙක් ගෙනාවා..

කැබිනට් එකක් ගෙනාවා..

ඇමතිවරු ගෙනාවා...

මන්තිවරු 148 ක් ගෙනාවා...

අග්‍රාන්ඩුකාරවරු ගෙනාවා..

2/3 කුත් දුන්නා..

20 ත් ගෙනාවා...


හැබයි වෙන එකෙක්..

එකම එකෙක්...


උන් ඔක්කොම බ්ලැක් මේල් කරන්...

බල්ලා මාක් දාලා...


සැට්ටෙකම අරූට බයේ ...

කසාය බීපූ ගොළුවෝ වගේ ඉන්නවා...


අයියෝ සාන්ත අපේ සල්ලි...

තනි ඇහැට ඇඬෙන්නෝ ඕයි...


ඩෝප් වෙන්නෙත් නෑ...

ඇනිවේ ගුඩ් නයිට් ඈ...


😥😥😥😥😥😥😥😥😥


Dec 1, 2020

සුළි සුළං හමාලා හා මහර යුද්ධය....

 


සුළි සුළඟින් විය හැකි හානිය තාම තක්සේරු කරලා නැතිය. හැම මළහත්තිලව්ව්ම ඝෝඨාට කරන්න පුළුවන් නම් මේ රටේ රාජ්ජ සේවයක්කත් රාජ්ජ ආයතනවත් ඕනෑ නැතිය....

කෙසේ හෝ හෙන පරිප්පුවක් කන්නට වෙන බව නම් සහතිකය.... 

කොහොම හරි සුළි සුළං හමාලා මහ මුහුද ගොඩ ගලා මේ මුළු දෙරණ වැනසුවා... ගීතයේ අලුත් වොර්සන් එකක් ගායනා කිරීමේ අවස්ථාව අප සැමට අත් වී තිබෙන්නේය... ඒ සඳහා කව් ගී නිසදැස් හා කෙටිකතා මාතලන් වෙත එවන මෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ආදරයෙන් ඉල්ලා සිටීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි....

------------------------------------------------

මහර බන්ධනාගාරය හරහා සුළි සුළඟක් හැමුවේ ඊයේ පෙරේදාය.. 9 ක් මැරිලාය... 100 ගානක් ඉන්ජරීස්ය... එක අම්මා කෙනෙක් එළියේ ඉඳන් ඇඬුවේ එයාහේ මහත්තයා හා දරුවෝ තුන් දෙනාම ඇතුලේ කියලාය... අප ඒ මහත්වරුන්ගේ ප්‍රජා අයිතිය මාරම විදියට රැකිය යුතුමය... 

එවන් අම්මාවරුන් ජාතියේ අම්මාවරුන් ලෙස අප් දොහොත් මුදුන් දී නමස්කාර කළ යුතුය... අද පටන් අපේ අම්මාට නමස්කාර කිරීම නවත්වා දමා ඒ අම්මාට නමස්කාර කිරීමට පටන් ගත් බවත් මේ මොහොතේ ජාතී ආලයෙන් යුතුව ප්‍රකාෂ කිරීම මාගේ ජාතික වගකීමය...

මහර බන්ධනාගාරය හා රාගම හොස්පිටැල් එක ඉස්සරහා පොලොවේ පස් කා පොලෝසියේ රාළහාමිලාට වැන්ද අම්මාවරුන් පියවරුන්  බිරින්දෑවරින් ශෝදර සහෝදරියන් ගැන අපගේ බොකු වල ඵන් සංවේගය හා අපත් එක් විය යුතුය....

මා නම් කියන්නේ.... චොකා මල්ලි හා දුමින්ද සිල්වා පමණක් ඇතුලේ තබා අනෙක් සිරකරුවන් සියල්ලෝම තම නිවෙන්ස් කරා හා කුටුම්බයන් කරා පිටත් කර ඇරිය යුතුය....

ශානී අබේසෙකර වන් අප නිවෙස්වල වළං පවා හෝදන්නට කැප වී වී සිටිනා යා පාලන නිළධාරින් සියල්ලෝම නිවෙස් වලට නැතිනම් ජිනීවා හෝ යැවිය යුතුය....

සියළුම කුඩු කාරයන්... මිණී මරුවන්... පාතාල නායකයින්... ස්ත්‍රී දූෂකයින් මෙන්ම.... මෑතක ජපානයේ සීතාවන් පැහැරගෙන ආ.... රාවණාගේ ලොකු තාත්තාත්... නිදොස් කොට නිදහස් කර එලියට දැමිය යුතුමය...

බැසිල් ලොක්කා සියළුම නඩු හබ වලින් නිදොස් කොට නිදහස් කල එකේ ඔය සියල්ලෝම නිදහස් කරන එක.......  එක දවසෙන කරන්න පුළුවන් නියෝගය...

ලංකාවේ කුඩු කාරයන් ඉන්නේ එක්කෙනෙක් පමණි.... ඒ දුමින්ද සිල්වාය...

මිනීමරුවන් දෙදෙනෙක් වෙති... ඒ දුමින්ද සිල්වා හා චොකා මල්ලීය....

ඒ දෙදෙනා පමනක් එල්ලා මරා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන්... 

අපේ අධිකරණ ඇමතිතුමාට මෙන්ම...,

ලොහාන් රත්වත්තේ මැතිතුමාටත් නොබෙල් තැග්ගට පව හිකිකම් කියන්න ලැබෙනවාය...

අපිට තියෙන්නේ අපේ ගෙවල් වල මංකොල්ලයක්... ස්ත්‍රී දූෂණයක්... ළමා අපචාරයක්... මිනීමැරුමක් සිඳු වූවත්.

ඒ සියල්ලට මානුෂික මුහුණවර ලබා දී.....

අපේ මිනිස්කම.... අපේ සඟිස්කුරුතිය... අපේ සබ්බත්තය.... අපේ බව් බව් මික් අන්ඩවාතතය... අපේ හෙළ හැදියාව... අපේ අම්මගේ රෙද්ද යනාදී සියළු දෙයම ලෝකයා හමුවා පෙන්වා සිටිය යුතු බවය....

ඒ කාළ කන්නින්ට ඒත් පෙන්නේ නැත්නම්... සරම උඩට උස්ස මව් මිබ වෙත මුහුණ එල්ල කර අපේ විරෝධය ඒ මූසල හැත්තට පෙන්විය යුතුමය....


ස්ධූතී... නැන්ඩ්‍රෙයි... ටෑන්ක්ස් හොඳේ... !!!!


අති විශේෂ -

බුකියේ සියළුම එකවුන්ට්ස් වාරණයට ලක්ව ඇති හෙයින්... මොකෙක් හෝ මාතලන් ටැග් කොට මෙය බුකියේ එල්ලිය හැකි නම්.... ඌ තරම් පොරක් ලොවෙත් නැත...


Nov 20, 2020

ෆොනී ඉල්ලන්නේ වැක්සීන්ද…? වැස්ලීන්ද…?


 

ෆොන්සේකාට ආදරේට කියන්නේ ෆොනී කියලාය…. කින්ඩියට කියන්නේ වෙල් විදානේ කියලාය… මේ 30 වසරක යුද්ධය දිනා දුන් වීර සෙන්පතියෙක්ය..

ජෙප්පෝ උන්නැහේ නරාවලට ඇද දැම්මේය… එයා යුද්ධයට වැඩ කාරයෙක් වුවද.. දේශපාලනයේ මෙලෝ අල බෝලයක් දන්නේ නැති බව මේ වන විට ඔප්පු කර අවසානය..

මට මතක විදියට අර්ජුණලා ඉතරක් නොව…, කැටගොඩත් උන්නේ උන්නැහේ එක්කය… ඒත් ඒ යකාට පොලිටික්ස් බෑ කියා කීවේ… මාතලන්ගේ නෑවෙන.. එයා ළඟ උන් පලා බබෙක්ය. ඌත් හොඳ ගානක් අරගෙන මහින්ද මහත්තයා ළඟට ගියේය…

ආතක් පාතක නැතිව අනාථ වී සිටියදි රනිල්ගේ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, අන්තීමේ රනිල්ටත් කෙලලා ටෙලිපෝනයේ එල්ලුනේය… සජිත්ගෙන් කිසි දිනෙක් ඔහුට තැනක් ලැබෙන්නේ නැතිය. එය පුතානෝගේ මෙන්ම පියානෝගේද මෙතඩ් එකය..

පුතානෝ තමාට අභියෝගයක් විය හැකි හැම එකාටම ගේම දුන්නේය.. කරූගෙන් පටන් ගෙන.., නවීන්, ජොනී.., කෙහෙළිය, දයාසිරි.., රෝසී, රවී, රනිල් මෙන්ම…, චන්දයේදී සුජීව සේනසිංහටත් ලස්සනට ගේම දුන්නේය.. දැන් ඉන්නේ එකම එකෙකි.. ඒ හරීන් පමණි..

හරීන් ඉන්නේත් වැට උඩය.. ඊයේ පෙරේදා මහින්ද මහත්තයා ගැන ගුණ ගී ගයා තිබෙනවාද…, ඊට මහින්ද මහත්තයාද උත්තර දී තිබෙනු කවුරුත් දුටුවේය..

දැන් ඉතිරිව ඉන්නේ හාල්පාරුවන් පිරිසක් පමණි.. ඔතන ෆොන්සේකාට සංසාරේදි මක්කත් ලැබෙන්නේ නැතිය.. ඒත් ෆොනී තාමත් ඉන්නේ ෆනී සෙට් එකත් එක්කය…

උන් කොරෝනා ටෙස්ට් කිට් ගිලින්න ඉල්ලනවාය.. කන්න එපා කියූ මාළු අමුවෙන් කනවාය… අපරාදේ කියන්නේ අපි මේ පැත්තේ ඉන්නේ…, පහුගිය අවුරුදු පහේ ෆේල් නිසා කියා කුරුණෑගල කසිප්පුවා ඊයේ කියුවේය… දෙන තරමක් දෙන්නේ පුල් ෆන්ය…

වෙලාවකට රට වහන්න කියනවාය… වෙලාවකට අරින්න කියනවාය… ඇරියාම අරින්න කිව්වේ මොන ගොනාද කියා ඕනෑම එකෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු ගොනා අහනවාය… එකම විකාරයක්ය…

එකසත් ජාතින්ගේ සංවිධානයෙන් වැක්සීන් 20,000 ක් දෙන්න යනවා කියා ආරංචිය ආ ගමන් පුතානෝ පාර්ලිමේන්තුව දෙක කළේ ඒ පාර පවිත්‍රා රටේ ජනතාව පරීක්ෂණාගාර මීයන් කරන්න යනවා යකෝ කියලාය…

දැන් ෆොන්සේකා අහන්නේ ඒ වැක්සීන් ගේන්නේ නැත්තේ ඇයි යකෝ කියලාය…

වාසුදේව මහත්තයාට කවුරුත් ආදරේට කියන්නේ කපයා කියලාය…

ඊයේ කපයා මහතාට ෆොනී එක්ක ඌරූ ජුවල්ම ගියේය… එයා කිව්වේ වෙල් විදානේට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුවේ කතා කරන්න මේක හමුදාව නෙමේ කියලාය…

කපයා මහතා වැක්සීන් එපා කියා කිසි වේලාවක කීවේ නැතිය.. එයා කීවේ මේ වෙලාවේ වැක්සීනයක අවශ්‍යතාවයක් නැති බවත්.. ජනතාව ටෙස්ටින් වලට යොදාගන්න දෙන්න බැරි බවත්…. ටෙස්ටින් වැක්සින් නොව.. එයාලා ටෙස්ට් කරලා 100% ෂුවර් වක්සින් එකක් ආවාම… ඒක ගෙනත් ජනතාවගේ විදින්න ඕන තැනට විදිනවා කියලාය….…

ෆොනිත් එය පිලිගත්තාට…. තා මක්කදෝ කියන්න ගොස්… ඇදගෙනම නා ගත්තේය…

හැබයි මාතලන්ට නම් සිතෙන්නේ මේ ෆනී සෙට් එකත් එක්ක ඉඳලා වැක්සීන් හා වැස්ලීන් පැටලුනාදෝ කියලාය… මොකෝ වෙනස් විදියේ රුචි අරුචි කම් ඇති උන් එක්ක ටික කලක් ඉන්නා විට.. තමන්ගේ රුචි අරුචි කම් පවා වෙනස් වීමට ඉඩ තිබෙනා නිසාය… දැන් කාලයක් තිස්සේ එයා ඉන්නේ එජාපයේ සෙට් එකක් එක්කය… එයාලා ටිකක් අමුතු රිසි කම් සහිත පිරිසක් බව එයාලාම පිලි ගන්නවාය… සම හරක්ගේ වීඩියෝ පවා ලීක් වී හත් පොලේ ගාගෙනත් අවසානය…

සුද්දෝ සුද්දියෝ වැස්ලීන් යොදා ගන්නේ…, තම ඉස්කින් එක මේන්ටේන් කර ගන්නට වූවාට…, එජාපයේ පිරිස් ඕවා යොදා ගන්නේ ලිහිසි ද්‍රව්‍යයක් ලෙස බව කවුරුත් දන්නවාය…

ඒ නිසා සමාර විට ටෙස්ට් කිට් වාගේම ෆොනීටත් වැක්සීන් හා වැස්ලීන් පැටලුනා විය හැකිය…

තමන්ට නොගැලපෙන් තැන්වල හිටගන්න ගියාම වීරයෝත් බලු වෙනවාය… ජෝක් එකක් වෙනවාය….

මෙලෝ රහක් නැති කපයා මහතා පොරක් වී… ෆීල්ඩ් මාෂල්ලා වෙල් විදානේලා වෙනවාය…


ඒ වගත් මෙසේය…



Nov 11, 2020

කොරෝනා මරණ අවසන් කටයුතු පවුලේ අයට දෙන්න..



වෙනත් රටවල කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතයක් උනත්…, ලංකාවේ එය පට්ටම ආතල් එකක් වී අවසානය.

අපි ලෝකයේ අනිත් රටවලට වඩා ගොඩාක් වෙනස් ජාතියක් කියා මේකෙනුත් පේනවාය….


ඉස්සෙලාම එයාර්පෝට් එක වහන්න කීයා ආන්ඩුවට බැන්නේය….

ඒ පාර වැහුවේය…

ඊට පස්සේ එයාපොර්ට් එක වැහුවාට ආන්ඩුවට බැන්නේය…


රටවිරුවන් ගෙන්නා ගනින් යකෝ කියා ආන්ඩුවට බැන්නේය…

ඒ පාර ගේන්න පටන් ගත්තේය..

මේ කෝවිඩ් හැදිච්ච උන් ගෙන්න ගන්නේ ඇයි කියා ආන්ඩුවට බැන්නේය….


උන් ගේන එක නවත්තන්නේයි කියා ආන්ඩුවට බැන්නේය…

උන් ගේන එක තාවකාලිකව නැවැත්තුවේය…

ඒ පාර ආයෙත් උන් ගෙන්න ගන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය..


පාර්ලිමේන්තුව වහලා ඒකාධිපති ගමනක් යනවා කියා ආන්ඩුවට බැන්නේය..

චන්දයක් තියා අලුත්ම අලුත් පාර්ලිමේන්තුවක් පටන් ගත්තේය..

ඒ පාර පාර්ලිමේන්තුව ඇරලා තොපි හදන්නේ අපි මරන්නද යකෝ කියා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළේය…


රට ලොක් ඩවුන් කරන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය

ලොක් ඩවුන් කළේය..

ඒ පාර ලොක් ඩවුන් කරයින් පස්සෙ… කන්නේ අම්මාගේ කැවුත්තද යකෝ කියා ඉතාමත් කැත විදියට ආන්ඩුවට බැන්නේය…


කන්න සල්ලි නෑ යකෝ කියා ආන්ඩුවට බැන්නේය

10,000 ක්ම දුන්නේය

10,000 දෙන්න සල්ලි අච්චු ගහලා රටේ ආර්ථිකය කෑවා කියා ආන්ඩුවට බැන්නේය…


ටෙස්ට් කරන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය

ටෙස්ට් කරන්න පටන් ගත්තේය..

ටෙස්ට් කරන කොට ලෙඩුන් ප්‍රමානේ වැඩි වෙනවා යකෝ කියා ඒ පාර ආන්ඩුවට බැන්නේය…


දානවා ගන්නවා… දානවා ගන්නවා… කිසි ආතල් එකක් නෑ කීවේය..

ඒ පාර දාලාම දැම්මේය… එලියට ගන්න බෑ කීවේය..

දැන් එලියට ගනින් යකෝ කියලා කෑ ගහනවාය…


දැන් රටේ තිබෙනා දැවෙනාම ප්‍රශ්ණය භූමදානයද ආදාහනයද කියනා එකය…


මම නම් කියන්නේ රටේ ජනතාව බුද්ධිමත් කියා මැතිවරණ කාලවලදි හැම පක්ෂයෙම චන්දය හිඟා කන උන් ඉතරක් නොව මැතිවරණ කොමසාරිස් උන්නැහේ පවා කියනා නිසා…

(මගේ පෞද්ගලික මතය නම් භූමදානය කිරීමෙන් හානියක් නොවන්නේ නම් ඊටත් ඉඩ දිය යුතු බවය…

මන්ද ලෝකයේ බොහෝ රටවල එය සිඳුවනා බව අප දැන් දන්නා නිසාමය…)


කොවිඩ් මරණ… අවසන් කටයුතු කර ගැනීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ලෙස කවුරුත් පිලිගනී කියලාය…

කරුමේ වෙලා තියෙන්නේ මේක ආන්ඩුවෙන් නොමිළේම ඉතා සෞඛ්‍යාරක්ෂිතව කරනා එකය…

ඒ නිසා… නම සඳහන් කලහොත් සමාජ මාධ්‍ය ජාලා තුල වාරණයට ලක්වන ජන කොඨ්ඨාශයක් මෙන්ම මිනීපෙට්ටි කාරයෝත් බය වෙලා තියෙනවාය…

උන්ට දෙනවානම් පාංශුකූලේ දෙන්න අපේ ඒවා අපිටත් දියන් කියා තා කොටසක් කෑ ගහනවාය….

ඇසට කඳුළු උනන වේදනාත්මක කාරනය නම් මේ දැවෙනා ප්‍රශ්ණය හේතුකොටගෙන…, ලිබරල් ජාතිකවාදින් පවා අමු ජාතිවාදින් වීම ජිනීවා සමුළුවේදි උනත් අපි චොර වෙලාම යන තත්වයක් පවතිනා එකය…

ඔය මරණ උන්ටම කරගන්න කියා දුන්නාම වෙන්නේ එකෙක්වත් ඕක බාර නොගන්නා එකය…

මිනීය කෙසේ වෙතත් කොළඹින් එකෙක් ගමේ ආවාම…, ප්‍රේම කරන අසල්වාසීන් විසින්…, 119ට කෝල් සාගරයක් දෙන රටේ…, මිනීයක් ගෙනාවම වෙන වැඩේ ඊළඟට බලා ගන්නට අපට හැකි වෙනවාය…

ඔය බයිලා ගැහුවාට…., මොන ආගමකවත් එක පූජකයෙක්කත් ආගමික කටයුතුවලට එන්නේ නැතිය…

අඩේ අයියා ෂ්වර්කෙට යන්න යින්න යොක්කොම ඉන්න පොට් එකේ… කොවිඩ් මර්ඩර් දැම්මාම ෂ්වර්කෙටත් කොරෝනා යෙක යනවා නේ අයියා කියා…, අර කෂ්ටිය උනත් තනකොල කැපීම සඳහා පල්ලියේ ආරක්ෂා සහිතව තියෙන චීනයෙන් ගෙනා දිග කඩු වගේ ඒවා අරගෙන ඩාන්ස් එකත් දාන්නත් ඉඩ තියෙනවාය…

ගෙවල් වලට ගෙනිච්චොත්… අහල පහළ උන්.., ගල් ගහලා.., වෙඩි තියලා…, තව දෙන්නෙක් තුන් දෙනෙක් කොවිඩ් මරණ ලැයිස්තුවට එකතු වෙනවාය…

මල් ශාලා කාරයූත් පැත්ත පලාතේ එන්නේ නැතිය… උන්ගේ අවමංගල උස්සව ශාලා දෙන්නේත් නැතිය…

කරුමේ කියන්නේ …. මුන් ඔක්කෝම මේ කෑ ගහන්නේ ආන්ඩුවෙන් මේක නොමිළේ කරනා නිසාය…

ඒ නිසා දැන් කරන්න තියෙනේ… මිනී අරගෙන කරන මඟුලක් කර ගනින් කියා මිනීය පවුලේ උන්ට දෙන එකය…

ඊට පස්සේ හැම එකාම…, ආන්ඩුව අපි මරන්න හදනවා කියා කෑ ගහනවාය…

ඒ මේ රටේ ජනතාවගේ හැටිය…


ඒ වගත් මෙසේය…