රාජපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ, ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් ඝාතන නිසාවත්, හොරකම හා දූෂණය නිසාවත් නොව, ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසාවෙන්මය. කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්‍යාපාරික ප්‍රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්‍ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙලවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැසවන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව කන්නට බව අද ඔප්පු වෙලා අහවරය)
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Yaha Paalanaya. Show all posts
Showing posts with label Yaha Paalanaya. Show all posts
Dec 1, 2018
Nov 10, 2018
Jul 2, 2018
වියෝවූ පසුවයි දැනෙන්නේ... ප්‍රේමයේ අභිමන්
අම්මට සිරි ලංකාවේ ගීත කලාව එකේක ජතියේ කැටගරීස් වලට බෙදි යන අතරේ... වඩාත්ම ජනප්‍රිය කැටගරි එක වන්නේ වියෝ ගී හෙවත් විරහ ගී යැයි කියා කීවොත්, මාතලන් වැරදි නැතිය.. ඒවායෙත් මුලින්ම මතකයට එන්නේ කරුණාරත්න අබේසෙකරයන් ලියූ, ජේ ඒ මිල්ටන් පෙරේරා ගායනා කළ, සුමදුර ගීත ගොන්නය. මම සිතන්නේ මිල්ටන් පෙරේරා වැඩි පුරම ගයා ඇත්තේත් ඒවන් ගීතමය. ඊට පස්සේ අපේ කාළයේ මිල්ටන් මල්ලවාරච්චිගේ විරහ ගී, අපේ පෙම්පත්වල පවා නොඅඩුවම තිබුනේය.
Jun 13, 2018
සිරිසේන, 2020 ආයේ එන්ඩනන් හිටන්... - To play the Second Innings
සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව ජනෙල් පොල්ලේ එල්ලුවේ එයැයිට වඩා ජනතාව ක්‍රිකට් දන්නා නිසාමය.
Jun 1, 2018
කල් ඉකුත් වූ භාන්ඩ, විකිණීම තහනම් - Not for sale - Date expired
සාමාන්නියෙන් අම්මට සිරි ලංකාවේ කෙනෙක් මිය ගිය පසු, එකපාරටම උස්සාගෙන ගිහින්, ගිනි තියලා හෝ වලකට උසික්ක කොරලා එන්නේ නැතිය. මිනීයෙන් උනත් කරන්නේ ආතල් ගන්න එකය. මිනීය එම්බාම් කොරලා සාලේ මැද්දේ තියාගෙන මාරම ආතල් එකක් ගන්නවාය. දවල් වරුවේ නෙස්කැෆේ බොනවාය, ළිඳ ළඟ සංගමය මළ ගෙදර රැස් වෙනවාය, අහල පහළ ගෙවල් වලින් එන එවා කාලා බීලා පෝඩ්ඩක් ඇලවෙනවාය. අලුත්ම ට්‍රැන්ඩ් එක වෙන්නේ මිනීයේ පොටෝ ෆේස්බුක් ගත කොරනා එකය. එතකොට මැරුණේ ක්‍රිස්තියානි කාරයෙක් උනත්, කස්ටිය මැරිච්ච එකා කෙලින්ම නිවන් යවනවාය. එයිටත් ආතල් එක මිනීයත් එක්ක සැල්පියක් ගහනා එකය. ඒකත් බුකියේ දානවාය. මැරිච්ච එකා බුකියෙන් ඒවා බලනවා ඇතිය.
May 12, 2018
චේතිය පාලනයේ අලුත්ම බොරුව - විශේෂ අධිකරණ
යහපාලන විගඩමේ ක්ලයිමැක්ස් එක ඉවර වෙලා, දැන් මේ යන්නේ, එහෙ මෙහෙ වැටිච්ච දියර වගේ ඒවා පිහිදාගන්න කාලයය. ඒ පිහිදානා වැඩෙත් හරියට කර ගන්න බැරිය. මුන් ආවේ යහපාලනය කියලා එකක් අරගෙනය. ලක්ෂ 62 ක් මුන්ගේ ඒ මුසාවට අහු උනේය. අද ඒ එකෙක්කත් හොයා ගන්නට අමාරුය. ඒකට අයිසින් එකක් දැම්මේ "ලිච්චවී පාලනය" කියලාය. දැන් නම් අපට කියන්න තියෙන්නේ මේක "ලෙච්චමි පාලනය" කියලාය. සාමාන්‍යයෙන් ලෙච්චමිලා කියන්නේ එදිනෙදා ඔහේ ජීවත් වී, පඩි දවසට ආතල් එකක් අරන් මැරිලා යන අම්මන්ඩිලාය. මේ පජාත ආන්ඩුව ඊටත් අන්තය.
May 3, 2018
අන්දරේ සීනී කා අතේ කෝට් වේ
ඕන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක, එකෝ එකෙන් වගේ ආතල් දෙන ජෝකර් කෙනෙක් උන්නා. නම අන්දරේ. දෙන තරමක් දෙන්නේ පට්ට ආතල්, ඒ රටේ රජ්ජුරුවෝ දවසක් අන්දරේ එක්ක ආප්ප කන්න සෙට් උනා.
ඒ පාර රජතුමා කිව්වා අන්දරේ අපි විහිළුවට වගේ අපේ පෝස්ට් දෙක මාරු කර ගමුය කියලා. ඕන් ඊට පස්සේ අර රජ්ජුරුවොත් පට්ට ජෝකර් කෙනෙක් උනා. හැමදාම ආතල් දෙන එකමයි කරන්නේ. අන්දරේටත් පරණ පුරුදු අත් අරින්න බැරි හන්දදෝ මන්දා, එයත් කරන්නේ ආතල් දෙන එකම විතරයි. රට ඔහේ යනවා. දෙන්නම එක්ක පට්ට ආතල් ගන්නවා.
ඕන් ඉතින් අපේ අන්දරේට දවසක් හිතුනා සීනී හොරෙන් කන්න කන්න. මේ රටේ රජෝරු ඇමතිවරු වගේම සමාන්නිය ජනතාවහ් මාර ආසයි හොරෙන් කන්න. ඒ කැවත් මන්ද පෝෂණයනුත් කප් ගහලා ලෝකේ ශ්‍රේෂ්ඨම රාජ්ජේ කියලා කොයි වෙලාවෙත් කප් එක ගන්නවා.
අන්දරේ රජ්ජුරුවන්ට ආස හිතුනෙ කන්තලේ සීනී කන්න. ඒ උනාට කෙවට්ටයෝ රජතුමාට කිව්වා කන්තලේ සීනී වලට වඩා ඉන්දියන් සීනී බොහෝම රසයිය, අපි කනවා නම් ඒ සිනී කමුය කියලා හිටන්.
අන්දරේ ගල් ආඳා කියලා බබාලා දන්නවනේ. අන්දරේ කිව්වා මම දැන් රජ්ජුරුවො නේ, උඹලා හොරෙන් කාලා මටත් ටිකත් ගෙනල්ලා දීපිය කියලා. මොකෝ රජ්ජුරුවෝ අන්දරේ කාළේ ඔස්ට්‍රේලියාවේ ගිහින් සීනී හොරෙන් කාලා හත් පොලේ ගාගෙන නාගෙන ඉන්න නිසා.
ඒත් ඉතින් අන්දරේ අරුන්ට කිව්වා, හදිසියේ හරි අහු මාට්ටු උනොත් හෙම, පරණ කතාවම කියපල්ලය කියලා හිටන්. ඕන් ඉතින් කේවට්ටයෝ දෙන්නා මාලිගාව ළඟම තියෙන තරු පහේ භෝජනාගාරයක් ඉස්සරහා පැදුරකුත් එලාගෙන, සීනී ටිකක් දාගෙන, කන්න ලෑස්ති උනා ඉතරයි.
රජතුමාගෙන අල්ලස් ඩිපාර්ට්මන්ට් එකෙන් පැනලා සීනී එක්කම අර කේවට්ටයෝ දෙන්නා අතටම අල්ල ගත්තා. අරුන් කිව්වා මේ සීනී නෙමේය පස්ය කියලා. ඒක දැකපු මාලිගාවේ උන්න රජතුමාට එලෝ තරු පෙනිලා
දැන් ඉතින් තොපේ කටෙත් පස්
මගේ කටෙත් පස් හිටන් කියලා ඉබේම කිය උනා..
මාලිගාවට ටිකක් එහායින් ඉන්නා යුව රජ තුමාට පුකෙන් හිනා ගියා ආයිබන්ඩ.
මොකෝ එයා බාන්ඩාගාරේ තිබ්බ වහ වගයක් සීනී කියලා හිතාගෙන කාලා හත් පොලේ ගාගෙන ඉන්න නිසා..
ඉතින් බබාලා මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමයි, වහපාලනයක් තුල උනත් සීනී කනකොට බොහෝම පරෙස්සමෙන් කන්න ඕන කියන එක.
අනතුරු ඇඟවීමයි..!!!
සීනී කෑම ශරීර සවුක්කයට හානිකර වන්නට පුළුවන..
Apr 20, 2018
අබ සරණයි සිරි ලංකා...!!!!
ලෝකායන ජෝතිස්සෙට අනුව, වත්මන් ජනාධිපති, අති ගරු ග්‍රීමත් පල්ලෙවත්තේ ගමරාලලාගේ මෛත්‍රිපාල සිරිසේන මැති තුමා, 2028 තෙක්ම මේ රටේ ජනාධිපතිවරයා වන බව සබරගමු පලාත් ආන්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් පොරකාස කොට ඇත.
මේ අනාවැකිය සත්‍යයක් වන්නේ නම්,
පහත සඳහන් අනාවැකි ප්‍රවීන ජෝතීර්වෙදී මාතලන් විසින් ඉදිරිපත් කරණු ලැබේ.
අම්මට සිරි ලංකාව
ලෝකයේ ධනවත්ම රාජ්‍ය වන බව
ලෝකයේ බලවත්ම ආර්ථිකය සහිත රාජ්ජය වන බව
ජනතාව ප්‍රීතිමත්ම රාජ්ජ්ය වන බව
ලෝකයේ හොඳම අජ්ජාපනය සහිත රාජ්ජය වන බවලෝකයේ හොඳම රාජ්ජ සේවය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම ඒක පුග්ගල ආදායම සහිත රාජ්ජය වන බව
ලෝකයේ මාජ්ජ නිදහස වැඩියෙන්ම භුක්ති විඳිනා රාජ්ජය වන බව
ලෝකයේ හොඳම පොලීසිය සහිත රාජ්ජය වන බව
ලෝකයේ හොඳම කෘෂිකර්මාන්තය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම වනාන්තර ඝනත්වයක් සහිත රාජ්ජය වන බව
සහ
ලෝකයේ ස්ථුල ශරීර හිමි ජනගහනය අධිකම රාජ්ජය වන බව
(ඇයි යකෝ කන්න නැතත් මිනිස්සු හිනා වෙලාම මහත් වෙයි.)
Apr 19, 2018
ගමයා පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින්
එකෝමත් එක රටක උන්න එකාධිපතියෙක් එලවා, යහපාලනයක් ගෙන එනවා යැයි කියා හොටු පෙරාගෙන අනුන්ගේ ඡන්ද වලින් රජ වූ ගමයෙක්, පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින් ඇතැයි වාර්ථාවේ..
මේ ගමනට පවුලේ උන්ට අමතරව ගමයාගේ වතු පිටි වල උන් පිං ගොන්නූද සමඟ බැටෑලියන් එක 120 ක් පමණ සහභාගී වී ඇත. සියළු විය හියදම ගමයා විසින් දරනාතර, ගමයා ගම හාමිනේට කියා ඇත්තේ පන පිටින් දිවිය ලෝකේ යන්න චෑන්ස් ආයේත් දිවි ඇති තෙක් හමු නොවනා බැවින්, කර ගත යුතු යමක් දැන්ම කර ගත යුතු බවය.
ඉහත ඡායාරූපයේ ඇත්තේ ගමයා සිය පවුල හා පිං ගොනුන් සමඟ දිවිය බවනට යන වෙලාවේ, දිවිය ලෝකේ ලොක්කි හා ලොක්කිගේ පුතා මේ මී හරක් රැල උද්දාමයට පත් වූ අවස්ථාවකි.
Apr 4, 2018
පඹයා කුඹුරෙන් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත. - No Confident Motion turns in to a Loose Motion
රනිල් වික්‍රමසිංහ මුලින්ම කළ යුත්තේ, මේ සති අන්තයේ දි කරනවා යැයි කියා තම පාක්ෂිකයින්ට පොරොන්දු වූ සියළුම ප්‍රතිසංස්කරණයන් සිඳු කිරීමය. එහෙත් මහා ළොකු හඬක් නැගූ, පාලිත රංගන බන්ඩාර හා වසන්ත සේනානායකද, ඩීල් රාජපක්ෂද, හීන් නූල් කාරයකු වන සජිත් ප්‍රේමදාසද, රනිල්ට පක්ෂව, විශ්වාසභංගයට විරුද්ධව මනාපය දුන්නේ, විමල් කීවාක් මෙන් මොණර කොල වලට නම්, විමල් කියනා පරිදි අනෙක් උන්ද කෝටී ගනන් වලට වෙන්දේසී වූවා නම්, වෙනස් කම් ඕනා කරන්නේද නැතිය. එසේ විකුණුනාද නැද්දයි කියා අද හෙටම අපට බලා ගන්නටත් පුළුවන්ය.
Mar 27, 2018
වාහන ගිල්ලීම, රථ ගාය හා රජයේ නොහැකියාව - Sinking Government with bloody fools
අපි පොඩි කාළේ ඉස්කෝලේ ගිය වෑන් එකේ අංකල් කාරයා ළඟ වෑන් කාර් එකක් තිබුනේය. ඒකට කවුරුත් කිව්වේ ජේ ආර් ගේ කාර් එක කියලාය. කවුරුත් කිව්වේ ඒක ජේ ආර් පාවිච්හි කරපු කාර් එකෙයි කියලාය. ඒක ඇත්තද කියන්න දන්නේ නැති උනත් මේ කතාව මතක් උනේ මේ මී හරක් ආන්ඩුව කාර් වගයක් හා නැවක් මූදේ ගිල්ලවපු සීන් එක දැකලාය. කාර් 25 ක් හා කේ පී ගේ නැවක් මේ ලෙස මූදූබත් කරනවා කියා නිව්ස් එකේ ගියේය. මෙසේ මූදූ බත් කොරන්නේ මේ රටේ බත් කන ජනතාවගෙන් ගත්තු සල්ලිය.
Mar 5, 2018
බයිලා ගසා සංහිදියා ඇති කළ නොහැක - Swansong of Sirisena
![]() |
| Cartoon By - Awantha Artigala |
තඹුත්තේගම හා අම්පාරේ ඇතිවූ සිද්ධීන් අලලා මාතලන් පල කළ අනාවැකිය සපල වීම ඇත්ත වසොයෙන්ම කියනවා නම්, තනි ඇහැට කඳුළු එන තරම් දුකක්ය. ඒ අනාවැකි එසේ පලකලේ එතෙක් මෙතෙක් අම්මට සිරි ලංකාවේ පහළවූ කිසිඳු දෙයක් කළ නොහැකි අසාර්ථකම රාජ්ජ නායකායාගෙන්, සංහිදියාව තබා කිසිඳු දෙයක් බලාපොරොත්තු වීම එකම විකාරයක්ම පමණක්ම නිසාය. එම ළිපියේ මාතලන් මෙසේ කීවේය.
Feb 25, 2018
හරීන්ගේ ඇමතිකම හා බැරි බැරියාව - Government needs Viagra
මේ ගැන ගැඹුරු විද්වත් විග්‍රහයක් දෙන්න ඕන නිසා
මම කළ වැඩේ ප්‍රොපෙසර් සුමනසිරි ලියනගේත් අඬ ගහගෙන
එහා වත්තේ බඹ 10 විතර ගැඹුරු ළිදකට බැස්සා.
හරින් ඒ කාළේ ඉඳන් වැඩක් කරන්න පුළුවන් ඇමතිකමක් ඉල්ලනවනේ
මේ... වැඩක් කරන්න කියලා හැම එකාම ඉල්ලන්නේ
රටට වැඩක් කරන්න නෙමෙයි
උන් ගාව එහෙම කිසිම වැඩ පිලිවෙලක් නෑ
උන් ගාව නෙමෙයි අනික්කුන් ගාවත් නෑ
ඔක්කෝම නම්බර් වන් බයිලා චැම්පියන්ලා
උන් මේ කියන්නේ තමන්ගේ වහල්ලුන්ට කොහෙන් හරි රස්සාවල් දීපිය කියලා
තමන්ගේ වහළුන්ට රස්සාවල් දෙන්න දීපිය කියලා ඉල්ලන එක
මුන්ගේ පින් ගොන්නු අරගෙන
තමන්ගේ කොම්පැනි වහ ගන්න ප්‍රයිවට් සෙක්ටර් එකේ උන් කැමති නෑ
මොකෝ ප්‍රයිවට් සෙක්ටර් එකෙන් කුඹුරු හාන්නේ නෑ නේ
එහෙම නම් මුන් ටික කුඹුරු හාන්නවත් ගන්න තිබ්බා
ලංකාවේ ඔක්කෝම කුඹුරු කරන්නෙත් ආන්ඩුවෙන් නේ
පත ලොස් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරනවා පුක ඉරාගෙන
වී වෙනුවට ගංජා වවපන් කිව්වම උන් අපේ අම්මට බනිනව
ඔස්ට්‍රේලියාව ගංජා වවලා ඇක්ස්ටුපෝත් කරනවා
අපි මෙහේ ඔස්ට්‍රේලියන් ඇපල්, දොඩං, මිදි, බනානා පළතුරු වට්ටි අරගෙන
මල්වතු අස්ගිරි වඳින්න යනවා
ඉතින් උන්ට හම්බ වෙන අමාත්‍යංශයට ගමේ ඉන්න මී හරක් ටික ගෙනත් ගාල් කරනවා
ඒ කරලා මැරිලා මැරිලා හම්බ කරන මිනිස්සුන්ගෙන් උදුරගෙන අර කාළකන්නි හිඟන්නෝ ටික නඩත්තු කරනවා.
ඔය අරජුණ රණතුංග තෙල් සංස්ථාවේ උන්ට 20% - 30% පඩි වැඩි කරලා තියෙන්නේ
බාන්ඩාගාරේ අවසරයක්කත් නැතිව
එතකොට මේක උගෙ අම්මා අප්පගෙ බූදලේද
උගෙ ඇමතිකම බේරගන්න මුන් රට කනවා කාලකන්නි
හරින්ට දීලා තියෙන්නේ විදේශ සේවා
දැන් ඌට පුළුවන් ටෙලිකොම් එකට දාන්න බැරි උන මී හරක් සෙට් එක
රට පටවන්න
ඒකෙන් කියන්නේ ඉදිරි අවුරුදු දෙකෙත්
ආයොජකයෝ පැත්ත පලාතෙවත් එන්නේ නැති බව
නැත්නම් කියන්න පුළුවන් නේ
එන ආයෝජකයෙක් බදුල්ලට දීලා
අපි එහේ උන්ට ජොබ් දෙමු කියලා
මුන්ට කිසිම වැඩ පිලිවෙලක් නෑ
අඩුම ගානේ ප්‍රේමදාස මහත්තයා කරපු
ඇඟළුම කර්මාන්ත වැඩ පිලිවෙලවත් නෑ
ප්‍රේමදාස මහත්තයා ආයෝජකයෝ හොය හොයා උන්නේ නෑ
පාස්කරලිංගම්ට කිව්වා ෆීල්ඩ් එක ගැන දන්න උන්ට ලෝන් දීපල්ලා
බදු සහන දීපල්ලා ගමේ උන්ට ජොබ් දීපල්ලා කියලා
එහෙමයි, ඒ කර්මාන්තය ඉතා කෙටි කළකින්
ලංකාවෙ ප්‍රධාන ආදායම් මාරගය කළේ
නැතිව මේ 56 කාලකන්නි වගේ
හිඟන්නෝ එක්ක වී වගා කරලා නෙමෙයි
ඉතින් ඉතාම පැහැදිලියි ඉතිරි අවුරුදු දෙකෙත්
මේ රටේ කිසිවක්ම සිද්ද වෙන්නේ නෑ කියලා
හරීන්, එහෙනම් බදුල්ලේ සෙට් එක මැද පෙරදිග පටවපල්ලා
එහෙම පටවලා ඇවිත් ටැලිවිසොන් එකෙන් කියහන්
මම රටට මාර සෙවයක් කරලා තියෙනවා කියලා
සේවය මොකක්ද ඇහුවාම
බය නැතිව කියහන්
විදේශ සේවය කියලා
එකම පිහිට රින්සෝ තම්යි
ඔබ අපෙයි සිරි ලංකා
අප ඔබෙයි සිරි ලංකා..//
තා දෙදහස් පන්සිය වසරක්
මේ මත මියෙදී පන ලැබුවත්
ඔබ සතු මහ ගූ කන්දා
නැති වන්නේ නෑ කිසිදා
ඔබ අපෙයි සිරි ලංකා
අප ඔබෙයි සිරි ලංකා..//
Feb 23, 2018
රනිල්ට නෙමේ, සිරිසේනටත් බෑ - Ranil, please go home with Siriseana
![]() |
| Cartoon by - Awantha Artigala |
රනිල්ට බැරි බව අවසානයේ ඔහු පිලිගෙන ඇත. එය මහත්මා දේශපාලනයේ ලක්ෂණයකි. මෙතැන් පටන් ලංකාවේ මහත්මා දේශපාලනය යලිඳු කිසිඳු දිනෙක නොලැබෙන අතර මොකා පැමිනියත් වැඩවසම් රාජාන්ඩු ක්‍රමයක් තුල ජිවත් වන ප්‍රාවෙනිදාසයන් ලෙස හැඩ ගැසීම අප කාටත් ඉතා හොඳය. එය එතරම් අපහසු කටයුත්තක් නොවන්නේ. මානව නිදහස කන පැලෙන්න තිබෙනා රටවල් වල ජීවත් උවත්, අපේ උන් නියම වහලුන් නිසාමය. උන්ගේ පරම පැතුම රජෙක්ය. මෙතැන් පටන් දුටුගැමුණුලා, ඝෝඨාභයලා, අනුලලා, සිරි වික්‍රම රාජසිංහලා මෙන්ම සුභ සහ යසලාත් සිංහාසනා ආරුඩ වී, අපට ආතල්, සොමිය හෝ භීෂණය කියන මක්කා හෝ ලබා දෙනවා ඇතිය.
Feb 20, 2018
ටැබ් වෙනුවට ගල්ලෑලි ගල්කූරූ දෙමු - There is no hope with these bullshits
අසාර්ථක රාජ්‍යක් කරා ඇක්ස්ප්‍රස් වේ එකේ ගමන් කිරීම
******************************************
ඉතිරි අවුරුදු දෙකද කිසිවක් සිඳු නොවනා, රට අගාදයටම යන අවුරුදු දෙකක් බව,
බන්ඩාරණායක ප්‍රතිපත්ති කර තබාගෙන යන අමු ගෝත්‍රික සිරි ලංකා කාරයෝ..,
පාසල් ළමුන්ට ටැබ් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් මනාව ඔප්පු විය..
රට තවත් අගාදයකට ඇදගෙන යනවාට වඩා රට වෙනුවෙන් කළ හැකි දෑ මෙසේ යෝජනා කරමි..
1. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාම.
2. දෝෂාභියෝගයක් මගින් ජනපතිවරයා ඉවත් කිරීම.
3. වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීම.
4. එජාපය රජයෙන් ඉවත් වී කර ගන්න එකෙකුට මක්කා හෝ කරන්නට ඉඩ දීම.
5. ඔස්ට්‍රේලියාවට යන බෝට්ටු ආපසු හරවා එවීම නැවැත්වීමට, ඔස්ට්‍රේලියානු රජය හා ගිවිසුමකට එළඹීම.
එසේ නොමැති නම්,
පාසල් සියල්ල වසා දමා,
ගල් ලෑලී හා ගල් කූරූ සමඟ පන්සල් වලට දරුවන් යෑවීම.
Facebook සටහනකි
Feb 18, 2018
දැන්වත් තොපි දැනගනියව් - Enough is enough
රජෙක් එලවලා තොපිව පත් කලේ
ආයෙත් රජ ගහේ නාඩගම් බලන්න නෙමේ..
තොපේ හෙලිකොප්ටර් කරණම් බලන්නත් නෙමේ
තොපේ රථ ගායවල් බලන්නත් නෙමේ..
තොපේ කටවුට් බලන්නත් නෙමේ
තොපේ බයිලා අහන්නත් නෙමේ
තොපේ බිස්නස් කරගන්නත් නෙමේ
තොපේ හොරකම් පටන් ගන්නත් නෙමේ
තොපේ හොරකම් වහගන්නත් නෙමේ
තොපේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ දරුවන්ගේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ පඩ ෂෝ බලන්නත් නෙමේ
තොපේ යාලුවෝ බේර ගන්නත් නෙමේ
තොපේ බැරි කම් බලන්නත් නෙමේ
තොපේ පිස්සු කෙලිලි බලන්නත් නොවේ
තොපේ ගෝරි බලන්නත් නෙමේ
තොපේ පක්ෂවල කචල් බලන්නත් නෙමේ
තොපේ රැස්පොට් බලන්නත් නෙමේ
කොටින්ම කියනවා
තොපේ විගඩම් බලන්න නෙමේ
යහපාලනයක් ගේන්න.
සථාවට රටක් හදන්න.
නීතියේ ආධිපත්‍ය සුරකින්න.
රට ආර්ථිකව ශක්තිමත් කරන්න.
රටේ ජනතාව සුඛිත මුදිත කරන්න.
බිස්නස් දියුණු කරන්න.
ආයෝජකයෝ ගේන්න.
රැකියා බිහි කරන්න.
අවුරුදු තුනක්ම තොපි පිස්සු කෙලියා.
ඒකට තොපි ඔක්කෝටම අපි හොඳ පාඩමක් ඉගැන්නුවා.
දැන්වත් රී ෂෆල් දාලා ජනතාව ගොනාට අන්දන්නේ නැතිව,
මක්කා හෝ රට වෙනුවෙන් කරපල්ලා.
තොපේ සුඛ විහරනේ ගැන ඊට පස්සේ බලා ගනිල්ලා
කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු පුකේ අමාරු තියේ නම්
ඉස්පිරිතාලෙකට වෙලා බෙහෙත් ගනිල්ලා
නැත්නම් වහ ටිකක් බීලා මැරියල්ලා
ඉතිරි අවුරුදු දේකේ හරි,
තුනම නැති කර ගන්නේ නැතිව.
රටට දෙයක් කරපල්ලා..
එහෙම බැරි නම්..,
අඩි යහක් ගැඹුර වලක් කපාගෙන,
දැන්ම රෙඩි වෙයල්ලා.
රට කාපු කාළකන්නි ටිකක් ලෙස මැරියල්ලා.
තොපි හැමට
අබ සරණයි..!!!
Subscribe to:
Posts (Atom)



















