.

.
Showing posts with label Under World. Show all posts
Showing posts with label Under World. Show all posts

Feb 19, 2025

අලුත් කඩේ නැෂනල් සිකුරුටි

 


බූරුවාගේ කතු වැකිය 2

අලුත් කඩේ නැෂනල් සිකුරුටි


අලුත් කඩේ ඊයේ සිද්ද වුනේ මොකක්ද කියලා පාතාලය ගැන දන්න එවුන් හොඳට දන්නවාය. 


සාමාන්‍යයෙන් පාතාලයේ නායකයන්ට ගේම දෙන්නේ තවත් පාතාල නායකයෙක්ය. නැතිනම් ආණ්ඩුවෙන්ය.


පාතාලෙන් දුන්නා නම්... ගේම හොයාගන්න සෑහෙන කාලයක් යනවාය. ආණ්ඩුවෙන් කරාම එහෙම වෙලාවක් යන්නේ නැතිය. 


මොකෝ... කලේ කවුද කොහොමද කෙසේද කියා.... මේ වෙල් ප්ලෑන් එක මාස්ටර් මයින්ඩ් එක කරපු එවුන් දන්නවාය.


පාතාල එවුන්ට ආණ්ඩුවෙන් ගේම දුන්නේ මේ ආණ්ඩුව විතරක් නෙමේය. මේක ආණ්ඩුවෙන් කළාද නැද්ද කියන්න අපි විශේෂඥයෝ නෙමේය. 


හැබැයි අර වෙඩි තිබ්බා කියන එකාගේ ඉස්සරහින් කහ පාට ෂර්ට් එකක් ඇඳගෙන යන එකා ගැන නම්.... මට ලොකු අවිශ්වාසයක් හා සැකයක් තිබෙනවාය. 


දෙන්නා එන්නේ එකටය. මම හිතන්නේ ඌ කරන්නේ revolver එක ගේන ගෑනිට කෝල් එකක් දෙන එකය. ආන්න ඌ කවුද කියා හොයාගත්තා නම්.... වැඩේ අල්ලගන්න බොහෝම පහසු වෙනවාය. මේ මගේ සැකයක් පමණය... මොකෝ අපි මේවායේ විශේෂඥයෝ නෙමේය.


රහස් පරීක්ෂක කතන්දරේ පැත්තක තියෙද්දි.... අපි ගන්නේ මේකේ දේශපාලන ආතල් එකය. මේ ආණ්ඩුව පට්ටම ජෝක් එකක් වෙලා තියෙන නිසා... මේ මාස්ටර් මයින්ඩඩ් ගේම් එකත්... පට්ටම ජෝක් එකක් උනේය. 


facebook එකේ ඉන්න එවුන් පට්ටම ආතල් එකක් ගත්තේය. ඉස්සෙල්ලා අහුවේ වෙඩි තිබ්බේ වඳුරෙක්ද රිලවෙක්ද කියලාය. 


අන්තිමට... මේ වැඩේටත් බූරුවො දෙන්නෙක් සම්බන්ධ බව හෙළි වුනේය. ආරක්ෂාව පිළිබඳව පොලීසියටත් ලැක්චර් දෙන වටගල කියන බූරුවා ඇවිල්ලා තිබුණේ තවත් බූරුවෙක් එක්කය. 


national security ටියුෂන් දෙන්න බංකුවක් අරගෙන එන්න කියපු එකා නං අද වෙනකන් දැක්කේේ නැතිය. ඌ තාම ඔහුගේ ටියුෂන් පන්තියට බංකු හදනවා වෙන්නැතිය.... 

ආතල් එකටත් එක්ක උගේ ටෝක් එකත් පොඩ්ඩක් බලලා ඉමුය.... 😁😁😁😁



ඔය සිකුරුටි ඉස්පැසොලිට් කාර්යාගේ කලිසම නොව අමුඩයත්.... ඊයේ විමල්  වීර වංශ විසින් ගලවලා දැම්මේය....


 මූ උගේ චුචං ඇඟිල්ල තුවාල වූ පසු යුධ බිම පැත්ත පළාතේ ගියපු එකෙක් නෙමේය.... කොළඹ ඉඳන් යුද්ධ කරපු එකෙක්ය. 


කෙසේ හෝ  රටේ ආරක්ෂාව සීයට සීයක් තහවුරු කරලා තියෙනවාය.... ඒ නිසා මහින්දට සිරන්තීත් එක්ක පොඩි ගෙදරක ඉන්න කියා කියපු... එයාගේ ගාඩ් එකා සම්පූර්ණයෙන් අයින් කරලා දාපු... මරිසි කොටාට.... අරුගේ ටියුෂන් පන්තිය කරගෙන යන්නට... ඌට අවශ්‍ය බංකු ප්‍රමාණය සපයා දෙන්නට තාම බැරිවෙලා තිබෙනවාය. එහෙම වුණා නම් මෙහෙම කෙළියක් වෙන්නේ නැතිය.


පොලිසිය භාර දීලා තියෙන්නේ.... පොලිසියේ හිටපු හොඳම හාල්පාරුවෝ දෙන්නෙකුටය....  ජාතික ආරක්ෂාව භාරදීලා තියෙන්නේ බූරුවො දෙන්නෙකුටය. බජට් එකෙන් ආරක්ෂක වියදම අඩු කළේය. 


යුද්ධ නැති රටවලත් වැඩිම මුදලක් වෙන් කරන්නේ... සිංගප්පූරුව හොඳම උදාහරණය... උන්ගේ බජට් එකේ වැඩිම මුදල වෙන් කරන්නේ ජාතික ආරක්ෂාවටය. මේ වගේ සාක්කි කූඩුවේ මිනිස්සු මරා දමන රටකට.... ආයෝජකයෝ එන්නේ නැතිය. 


කුඩු ඇල්ලිල්ලත් නතර වුණේය. දැන් කුඩු නැතුව සික් එක හැදිලා පාරේ ගියපු උන් හොයාගන්නත් නැතිය.... උන්ට දැන් බඩු සප්ලයි එක සුපිරියටම ආයිත් එනවාය....


 ඉස්සර මිනිස්සු කුඩුකාරයෝ ගැන ඔත්තු දුන්නාට දැන් දෙන්නේ නැතිය. මොකෝ පොලිසියේ මාෆියාවට සම්බන්ධව උන්.... ගේම දෙන්නේ කුඩුකාරයන්ට නොව... ඔත්තුව දෙන එකාටය.


දේශබන්දු තෙන්නකෝන් කියන්නේ මොකෙක්ද.... මොනවද ඌ මේ කරන්නේ කියා.... බංකු අරගෙන එන්න කියපු එකාගේ කාලයේ මිනී මරන්නේ ලෝයර්ස්ලාගේ බෙන්ච් එකේ ඉඳන් නැගිටලා ගිහිල්ලා සාක්කි කූඩුවේ ඉන්න එකාගේ පපුවටම ගේම දීලාය. ඒ දීලා වූ ආතල් එකේ මාරු වෙලා යනවාය.


මම කල්පනා කළේ මේ විදියට ඇවිල්ලා ජජ්ට ගේම දීල ගියත් වැඩේ එච්චරයි නේද කියලයි. 


අර කිසිම ප්‍රශ්නයක් දනිහෙන් උඩට ගන්නැති එකා ඊයේ ඇට දෙක වෙව්ල වෙව්ලා.... පාර්ලිමේන්තුවේ කිව්වේ මේක නම් සීරියස් ගන්නවා කියලාය... මට පේන්නේ මූ මේ ගැන හාන් කවිසියක් දන්නේ නැති බවය.... ඒක උගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් පෙනුනේය. 


ඒ උනාට අර වටගල කියන බූරුවා නම්.... උසාවිය ළඟ රෙව්න අමුඩේ හෝදා.... ගෙදර ගොස් අලුත් අමුඩයක් ඇඳගෙන... බූරුවාගේ පිටේ පාර්ලිමේන්තුවට ඇවිත් පාතාලයේ ගෝඩ් ෆාදර් උනේය. එය මුද්දනියේ ගේම දුන්නේ රාජපක්ෂලා කියලාය. 


අපිට නම් තෝ වගේ බූරුවෙක්ට කියන්න තියෙන්නේ...  මේ facebook එකේ ඉන්න එවුන්ට පාට් දාන වෙලාවේ... රාජපක්ෂලා තොපේ ආණ්ඩුව ඇවිල්ලත් තාමත් මේ වගේ ගේම් දෙනවා නම්.... ඔය පවුලම අල්ලලා හිරේ දාපිය කියලාය. මොකෝ තොපිට ඡන්දෙ දුන්න මී හරක් පෝලිමේ ගොස් චන්දය දුන්නේ ඔය පවුලට කෙලින්නටය.


ඒ අස්සේ අධිකරණ ඇමති ගරු කිනිතුල්ලා මහතාද ඇවිල්ලා හෙන ෂෝ එකක් පෙන්වූයේය..... එයත් මේක සීරියස් කේස් එකක් විදියට ගන්නවා කියා කීවේය... උගේ ආචාර්ය උපාධිය තරම් සීරියාස් ගත්තොත් ලොකු දෙයක්ය.... සමහරවිට කඩිනම් පරීක්ෂණයක් කරන්න කියලා... උන්නැහේ අද සීයයි ඩී එකට යන්නත් ඉඩ තිබෙනවාය ....


 ඌ උසාවියට යන්න ඉස්සෙල්ලා ඌව චෙක් කරන්න කියා පොලිස්කාරයොන්ට කීවේය. මේවා නං අර දෙවනි ඉනිම ලියන එකාටත් ලියන්න බැරි තරමේ අගනා තිරනාටකය.


කෙසේ හෝ මේක ලේසියෙන් අත්හැරලා දාන්න පුලුවන්ගේමක් නෙමේය. මේ රටේ නඩුකාරයොත් මරලා දමලා තියෙනවාය. එයද පාතාලයෙන්ය. ඒ ගේම දීපු එකා තාම ඇතුලේ යහතින් ඉන්නවාය. මම හිතන විදිහට ඌ ඉන්නේ බූස්සේය. ඌ ඇතුලෙ ඉඳන් උගේ බිස්නස් එක සුපිරියටම කරගෙන යනවාය.


මේ ආණ්ඩුව පත් වුණායින් පස්සේ.... පාතාලය සහ ආණ්ඩුව ගැන සැක හිතන කේසස් දෙකක් වුණේය. එක පොඩි ලැසී නිදහස් වී රටින් පලායාමය. අනිත් එක ගනේ මුල්ලේ සංජීව සාක්කි කූඩුවේදීම මිය යාමය. ඌ පණ අදිද්දී ඉස්පිරිතාලයට ගෙනියන්නේ නැතිව එතන හිටපු උන් බයිලා ගැහුවේය. මේවා මේ නිකං වෙන ඒවා නෙමේය. රුපියල් කෝටි ගණන් වලට වෙන ඩීල්ය.


කෙසේ හෝ තවුසන් ටෝක් දෙන මහ ඉස්පිටිතාලේ බෙල්ලන මහත්තයාගේත් කට වහලා තිබුණු බවක් පෙනී ගියේය. පොර කිව්වේ ඇත්ත නෙමේ කියලා ඕන ගොනෙකුට තේරෙනවාය.


මේ මනුස්සයා මොකටද අද මෙහි ගෙනාවේ ගියා නඩුකාර නෝනා අහලා තියෙනවා කියා කතාවකුත් යන්නේය.


බූස්සේ ඉන්න එවුන්ගෙන් කට උත්තර අරගෙන තියෙන්නේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය.


එතකොට මේකා මෙතනට ගෙනල්ලා තිබෙන්නේ ගේම දෙන්නමය. එහෙම වැඩක් සිදුවෙන්නට යන බව සමහර එවුන් දැනගෙන උන් බවත්.... සමහර උන් නොදැන උන් බවත්.... උන්ගෙ වොයිස් කට් වලින් සහ හැසිරීමෙන් පෙනී ගියේය.


මුන් ජාතිකාරක්ෂාව සීයට සීයක් සහතික කරලා කියන්නේ.... මේ ලෙවල් එකේ සිකුරුටි එකකට නම් මේ රටට සම්මා සම්බුදු සරණය.


මොකෝ අර වෙඩි තිබ්බාය කියපු වෙඩික්කරුවා STF එකේ උන් එක්ක හුරතල් වෙන හැටි දැක්කහම අපේ ගෙදර බව්වාටත් පුකෙන් හිනා ගිය නිසාය.


අදත් පිටපත ලියා ඔබ වෙත ගෙන ආවේ


මෝල් ආමන්ත බූරුවාගේ විසිනි.


https://youtu.be/4CSh9oZSNgI?si=pTK6_lJwx-wT7lRG



Jul 12, 2024

චතුර අල්විස්,ක්ලබ් වසන්ත ජාතික අජ්ජාපනය සහ Z ඉස්කෝර්


 

චතුර අල්විස්,ක්ලබ් වසන්ත

ජාතික අජ්ජාපනය සහ Z ඉස්කෝර්

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


මේ දවස් ටිකේ මේ රටේ සමාජය, මාධ්‍ය හා ජනතාව ගැන විචක්ෂණශීලීව හදාරන කෙනෙක්ට හරි සුවිශේෂී කාළයක්ය. ඊට හේතු ගනනාවක් තිබුනත් කරුණු කාරනා දෙකක් ගැන පමණක් කතා කොරන්න හිතුවාය.


මේ රට මේ තත්වයට පත් වූවාට ගොබ්බ ජහමනයා හෙන ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා 225 ටය. මේ 225න් කොයි කොලේ ඇදලා ගැහුවත් එන්නේ ඩොන්කියෙක් බව කිව්වෙත්, ඒකේම ඉන්නා.. ජනාධිපති වෙන්න පෙරුම් පුරනා හද්දා ගං කබර ඩොන්කියෙක්මය. කරුමය නම් ඒ ඩොන්කියා හිතන්නෙත් එසේම නම්... ඌ බලයට පැමිණ, මේ රටේ සිස්ටම් චේන්ජ් කොරන්නේ කොහොමද කියනා එකය.


ඌ ඇවිත් මේ රට ගොඩගන්නේ නැති බව අප ලියන්නේ, උන්ගේ ඉතිහාසය අප දන්නා නිසාත්, රාජ්‍ය සේවය කබාසීනියා කළේ උන්ගේ මානසිකත්වයේම ඉන්නා පට්ට ගං කබර නිළධාරී පැලැන්තිය නිසාත්ය. මුන් උසස් නිළධාරීන් වූවාට. උන්ගේ ඇඳුම් පැලදුමෙන් හා විශේෂයෙන් ටයි එකෙන් හා ගෑණියෙක් නම් හැට්ටයෙන්, මුන් පට්ට ගං කබරුන් බව ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. 


රාජ්‍ය සේවයට පසු මේ රට කබාසීනීයා කර දැමීමේ වගකීම ඒ හා සමානවම හිමි වන්නේ පඩත්තල ජඩමාධ්‍යවේදයට හා ජඩමාධ්‍යවේදීන්ටය.


චතුර අල්විස් කියන්නේ මේ රටේ ජනප්‍රියම මාධ්‍යවේදියාය. හැබයි, චතුර මෙන්ම සංඛත්, එම නාලිකාවේම කලිඳු දිල්කා හා සමන්ති තරම් හෝ සමාජය ගැන අවබෝධයක් නොමැති දෙදෙනෙකු බව මේ දිනවල ප්‍රදර්ශනය කරමින් සිටින්නේය. 


මාතලන් බොහෝ කළකට පෙර ලියූවේ සංඛ අමරජිත් ගැලපෙන්නේ ලෝකයා හා ලෝකයෝ වැඩසටහනට බවත්, චතුර අල්විස් ට්‍රැවල් විත් චතුර සඳහා බවත්‍ය. මොකෝ සංඛ අමරජිත් කියන්නේ අටපට්ටමේ බුවා වගේ ජෝකර් කෙනෙක් නිසාමය.


සමහරවිට ඔවුන් මෙසේ පිස්සු කෙලින්නේ තමන්ගේ බොසා ජනාධිපති කොරන්නට යන නිසා වෙන්නත් ඇතිය. එය එසේ නම්... ඔවුන්ට දොස් කීමත් වැරදිය.


එසේ නොමැතිව ඔහු ජනප්‍රිය මෙන්ම පරිනත ජනමාධ්‍යවේදියකු වූවා නම්, මේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමේ නොමැතිවීම ගැන සුසිල් ප්‍රේමජයන්තට පමණක් දොස් කියන්නේ නැතිය. 


තම දරුවන් ටියුෂන් පන්ති යවනා කුර හා අං සහිත දෙමව්පියෝ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවාට අදටත් විරුද්ධය. අධ්‍යාපනයේ නවීකරණය, සුහුරු අජ්ජාපනේ මෙන්ම ක්වොන්ටම් ලීප් ගැන කතාකරනා අම්බරුවෝ, මීට වසර 40 කට පෙර ජේ ආර් ජයවර්ධන විසින් අධ්‍යාපානය නවීකරණය සඳහා ගෙන ආ ධවල පත්‍රිකාවට අදටත් විරුද්ධය. සයිටම් ආයතනය පටන් ගත් උන් හා එක්ව එය වසා දැමුවේ අද මේ ක්වොන්ටම් ලීප් ගැන කතා කරන පට්ට ගං කබර ත්‍රස්තවාදියෝය. හතේ පොතට සෙක්ස් දැම්මා කියා සංඝයෝ යමා මහා පෙලහර පාන්නෝය.


එවන් රටක මේ වසර දෙක තුල රාජ්‍ය සේවය, ආයතන මෙන්ම සිස්ටම්, නීතී රීතී හා අනපනත් තුල මෙන්ම පාසල් අධ්‍යාපනය තුලද සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් රාශියක් සිඳු වූ බව පිලිගන්නේ නැත්තේ පට්ට කුහකයෙක්ම පමණය.


තත්වය එසේ තිබියදී... ඊයේ පාර්ලිමේන්තුවට, ඩලස් අලහප්පෙරුම නම් අමු ගං කබර දේශපාලුවා Z ස්කෝර් පිළිබඳ යොජනාවක් ගෙනෙනුයේ... තනිකරම රාජ්‍ය සේවයට තව තවත් පිරිස එකතු කිරීමටය. මෙවන් අම්බරුවෝ ජනාධිපතිවරු වූවහොත් නම් රටට අබ සරණමය.


කොච්චර දුන්නත් කෙරුවත් ඒවායින් සෑහිමකට පත් නොවනා.... අගයකිරීම් හෙවත් ඇප්‍රිශේෂන් නොදන්නා... ඩීප්ලී ඩිප්‍රෙස් ඩිප්‍රිශේෂන්  ජාතියකට, කොමිෂන් සභාවලට ගෙනත් හෝ ඒවා අමු අමු පට්ට ගෝත්‍රික අදහස් හා හැසිරීම් බව අවබෝධ කරවන්නේ නම් එය ඉතා අගනේය.


සමාජ මාධ්‍ය නියාමනයට වලිකන දේශපාලුවෝ.... ඊට පෙර මේන් ඉස්ට්‍රීම් ජඩමාධ්‍ය නියාමනයට පියවර ගත්තේ නම්... ක්ලබ් වසන්ත වැනි පාදඩ මිලේච්ඡ මිනීමරු පාතාල උද්දික පුතෙකුටත් නිවන් සුව පතනා කුර හා අං සහිත අම්බරුවන් රැලක් මේ රටේ බිහිවන්නේ නැතිය.


අනුර හොරේෂෂ් විසින් ආරම්බ කළ මහා සමාජයෙන් සැඟව තිබූ පාතල චරිත වීරයෝ කිරිම මේ වන විට සුදාලා හා චූ ටියුම් කාරයෝ විසින්, "වසන්ත අයියා" වන්දනාමාන කරනා මුණිවරුන් බවට පත් කොට අවසානය. එමෙන්ම හො ම ත ග යු අනෙක් කරුන නම් මොවුන්ද පාතාලයේ ගොඳුරු බවට පත්ව උන්ගේ මුදලට හා යෝනිවලට යටත් වූවන් බවය.


ටැටූ බුවාගෙන් පොලීසියේදී කට උත්තර ගෙන ඒවා ප්‍රචාරය කිරීමට කින්ඩිය දානා චමුදිත... උගේ බඩකඩුත්තුවට නිදහස් ජඩමාජ්ජවේදීන් ගෙනවිත් කරන්නේත් පොලීසිය කළදේම බව කියා දෙන්නට ජනමාධ්‍ය ගැන අවබෝධයක් නැති එකෙක් රටේ නැති වීමත් ඒ සඳහා නීතියක් නැතිවීමත් හේතුවෙන් නුදුරු දිනයකදීම මේ රට තවත් චිකාගෝවක් නොව මැක්සිකෝවක් වන බව ලියා තබා මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.


ඉස්ධූතී... නන්ඩ්‍රෙයි... ටෑම්ක්ස් හොඳේ....


ඒ වගත් මෙසේය... ..

.

Apr 29, 2024

පාතාලයට පෙම් බඳින සංගම්


 

පාතාලයට පෙම් බඳින සංගම්

➖➖➖➖➖➖➖➖➖☠️💀☠️


පාතාලේ මැඩලීමට "යුක්තිය" මෙහෙයුම පටන් ගත්දා සිට... නීතීඥ සංගමේ මෙන්ම ත්‍රස්තවාදී ප්‍රේමීන්ගේද අර්ෂශ් රෝගය උත්සන්න වුනේය. ඒ ඇයි කියා ගෝනෑම ඔනෙකුට තේරෙනවාය. ඩුබායි සිට අල්ලාගෙන ආ ඉන්ටර්නැෂනල් මාෆියා කාරයා වෙනුවෙන් උසාවියේ පෙනී සිටින්නේ නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාය. ඉතින් උන්ගේ පුපේ කිරි පනුවෝ නටනා එක අහන්නට දෙයක් නෙමේය.


ලංකාවේ පාතාලේ අති බහුතරය ඉන්නේ ඇප පිට එලියේය. එය 95% ක් තරම් යැයි සමීක්ෂණවලින් හෙලි වී අවසානය. එහෙම උන් එලියේ ඉන්නට ඇප අරගෙන දෙන්නේ.... මුන්නැහේලාය. ගාන කඩාගන්නේ මිලියන් ගනන් වලින්‍ය. ඉතින් උන් නිවන් ඇරියොත්... මුන්ගේ බඩේ බත් නැතිය. උනුත් කොරිඩෝ ලෝයර්ස්ලා ගානට වැටෙනවාය.


පාතලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුටත් ගේම දුන්න බව මුන්ට අමතකය. විනිසුරුවන්ට පොලිස් ස්කොඩ් බයික් දෙන්න වුනේ එදා සිටය. පොට්ට නවුෆර් ඒ කාළේ උන්න අගවිනිසුරුගේ පාටි වලට අත දිග හැර වියදම් කළ බව ලිව්වේ වික්ටර් අයිවන් උන්නැහේය. ඒවාට දියවන්නාවේ වාහන ඇතුලේ පෙම් කෙලිය අගවිනිසුරුට උත්තර නැති වුනේය.


ඉදින් එහෙම තැනකින් පොට්ට නව්ෆර්ට එගේන්ස්ට් තීන්දුවක් ආවාම... තීන්දුව දුන් එකාට ගේම දෙනේක සාධාරණයි කියා පොට්ට නවුෆර්ට හිතෙන්නට ඇතිය. 


පාතාලය හා ලෝයර්ලා අතර ප්‍රේමය ගැන කීර්තී රත්නායක.. චමුදිතගේ වැඩසටහන් තුල නම් ගම් සමඟ හෙලිදරව් කර අවසානය. ඇප පිට එලියට ගත් කංජිපානී ඉම්‍ රාන්.... එලියට ආවේ කින්ඩියට හිනාවෙමින්‍ ය. ඌ එහෙම හිනා වුනේ ලංකාවේ නීතියටය. ඊට පහුවදාම ඌ ආයෙත් රටෙන් පැන්නේය. ඒ අපේ ලෝයර්ලාගේ කෙලිය.


ටිරාන් අලස් මිනිස්සුන්ට වෙඩි තියන්නෙයි කියා කීවේ නැතිය. උන්නැහේ කිව්වේ අපරාධ කර පැන යන උන්ට සාධාරණයි කියා නිවැරදිවම තීරණය කලොත් පමණක්... අතේ ඇති ආයුධය පාවිච්චි කරන්නෙයි කියලාය. ඒ එහෙම ගේම් දීලා මාරුවෙන උන් ලුහුබැඳ ගොස් ෂොට් එක දෙන පොලිස් බයික් ඉස්කොඩ් එකක් පටන් ගත් දිනයේය. 


ඒක පටන් ගත්තේ අපරාධකරුවන්ට ෂොට් එක දෙන්නට මිස... උන් පසුපස්සේ එලවා අල්ලාගෙන බයික් එකේ දාගෙන ගොස්... නීතීඥ සංගමයට බාරදී හොඳ ලෝයර් කෙනෙක් අල්ලා දෙන්නට නෙමේය. එහෙම කරන උන්ද පොලීසියේ අදටත් සිටින බව ලෝකයම දැක්කේ...  අරක්කටා සීයයිඩීයෙන් පනින්නට හැදූ ඔපරේෂන් එකේදීය.


ඇත්තටම උන්ට ජනතාවගේ බදු මුදල් වලින්.... බයික්, වෙපන්, යුනිෆෝම් හා පඩි නඩි දීමනා දීලා තියෙන්නේ පාතලය මඩින්නට මිසක්... කලින් කියපු දේවලට හෝ පාතාලයේ ගේම් වලට කුලියට දී ගානක් කපාගන්න නෙමේය. 


අපේ නීතීඥ සංගමය ක්‍රියාකරන්නේ රටේ නීතීය අනුව නොව.... උන්ගේ නිතියට අනුව බව අරගල කාළයේදී ලෝකයටම පෙන්නුවේය. නුවන් බෝපගේ කියන එකා කිව්වේ... මින් පස්සේ රටේ නීතිය කියන්නේ උගේ නීතියය කියලාය. 


නලීන් හේවගේ කියන්නා වගේ... ඒ.. උන් පුරුදු වැඩේය. උන්ගේ ත්‍රස්තවාදී සමයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පු කාරයින් නිවන් ඇරියේ  නුවන් බෝපගේලා කියනා නීතිය අනුව කැන්ගරු උසාවියේ නඩු අහලාය.  තව ටිකෙන් උන් අරගලය හරහා  නීත්‍යානූකූලව පත් වූ රටේ ජනාධිපති නිවන් අරින්නේත් උන්ගේ නීතියට අනුවය.


ගංගොඩවිල උසාවියේ විනිසුරුවන්ට බලපෑම් කොට උසාවියේ අත්පොලසන් දි විසිල් ගසා ආරම්බ කළ නීතීඥ සංගමයේ චන්ඩි පාට්... ඔවුන් දැන් එල්ල කරන්නේ රටේ නීතියටය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ... මානව හිමිකම් රැකීම නොව... පාතාලය රැකීමටය. ඒ උන්ගේ බඩේ බත් වැටෙන්නේ පාතාලේ රැකුනොත් නිසාය. 


ටිරාන් අලස් මෙන්ම, රනිල් වික්‍රමසිංහද මුන්ව පයිසෙකට මායිම් නොකරනා බවට, අපට ඉරහඳ මෙන් විශ්වාසය.


ඒ වගත් මෙසේය....


.

Jun 26, 2023

පොලීසිය පීචං කොට, අපරාධකරුවන් නැලවූ, ඝෝඨ, ආරක්ෂක ලේකමා හා පොලිස්පති. (ඝාතන රැල්ලේ උපත)


 

පොලීසිය පීචං කොට, අපරාධකරුවන් නැලවූ,

ඝෝඨ, ආරක්ෂක ලේකමා හා පොලිස්පති.

(ඝාතන රැල්ලේ උපත)

➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖➖


වෙඩි තබා මිනිසුන් දිනපතා ඝාතනය කිරීම, දැන් රැල්ලක් වී ඇත්තේය. ජනමාධ්‍ය තුල කිසියම් හෝ ප්‍රමිතියක් තිබූ ජාතික රූපවාහිනියද දැන් ඒවා ප්‍රවෘත්ති වල පෙන්වන්නේ, වෙඩි තැබීම් තව තවත් ප්‍රවර්ධනය හා සාමාන්‍යකරණය කිරීම සඳහා වෙන්නට ඇතිය. 


කොහොමත් දැන් හැම චැනල් එකේම පෙන්වන්නේ පිස්තෝල උස්සාගෙන දුවන පාතාලේ පඩත්තල ටෙලිපඩංගුය. පාතාලේ භාෂාව පොඩි උන්ට උගන්වන්නේ ඒවා එකක් නෑර බලනා දෙමව්පියෝය. ඊට පස්සේ ඔය චැනල් වලටම එන බක පණ්ඩිතයෝ, වත්මන් පරපුරට මොකක්ද වුනේ කියා අපෙන් අහනවාය.


ඒ එක පැත්තකි.. මෙලෙස පොලීසිය පයිසයකට ගණන් ගන්නේ නැති වෙලා ගියේ හිටපු ජනාධිපති හෙවත් වදකහ ගොබ්බයා නිසාය.


ඒ... හුජ්ජා කොල්ලන් හා කජුකිරි කෙල්ලන් පිරිසකට ගෝල්ෆෙස් එකේ කූඩාරම් ගසාගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ බජව් නටන්නට ඉඩ දී, පොලිස් කාරයෝ පීචංම කරලා දැමීම හේතුකොට ගෙනය. උන් කෙතරම් පීචං වූවාද යත් සමහර හාල්පාරුවෝ මේ අරගලියන්ස්ලා හා එක් වී ජොබටත් කෙලගෙන අද හිඟන්නෝ බවට පත් වී අවසානය.


ඒ කාළයේ මේ දේවල් වෙන කොටම අප කීවේ, අනාගතයේ මේවායේ දරුණු පල විපාක විඳින්නට වෙන බවය. වෙනදා පොලිස් ජීප්පෙකේ, ඩේලී රයිඩ් එකක් ගිය පාතාල සාමාජිකයින් වන, පිටකොටුවේ නඟර සෝභිනියෝ මෙන්ම අවට වතුවල කුඩ්ඩෝ, බැරියර් වල සිටි පොලීසියට ලෙච්චර් දුන්නේ ඉස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් ආපූ ආරක්ෂක විසේසග්නයෝ වගේය. මානව හිමිකම් ගැන පොලීසියට කියා දුන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් එකේ ලොක්කෝ වගේය.


කරුමය කියන්නේ කොන්ද කඩා දැමූ පොලීසියේ හිඟන්නෝත් උන්නේ උන්ගේ පැත්තේ වීමය. එපමණක් නොව මැයි 9 වනදා සිද්දීන්වලට පොලීසියේ සහායද උපරිමයෙන්ම ලබා දුන්නේය. 


මේවාට කෙලින්ම වගකිව යුත්තේ ආරක්ෂක ලේකමාය, ඉන් පසුව පොලිස්පතියා හා මාණ්ඩලික ප්‍රධානියාය. ජනාධිපති විතරක් නොව ඒවාට එදිරිව කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් මොවුන්ද අමු ගොබ්බයෝය. මුන් බැලුවේ රට අරාජික කර දමන්නටය.


කරුමය කියන්නේ... අදටත් උන් උන්ගේ පුටුවල ආතල් එකේ සිටීමය. ඒ මදිවාට මේ හාල්පාරු පොලිස්පතියා කියා ඇත්තේ උගේ ගෝලයෝ වැඩක් නැතෙයි කියාය. හරි නම් ඒකට වගකිව යුත්තේ උන්නැහේය. මෙහෙම උන් පොලීසියේ ලොක්කන් වීමට, උන්නැහේ මෙන්ම, උන් ඒ තනතුරුවල තව දුරටත් තබාගෙන සිටිනා පාලකයෝද හරි හරියට වගකිව යුතුය.


පාතාලය වහාම මැඩලිය යුතුමය. මරා ගන්නේ උන් උන්ම වුවද සමස්ත සමාජයට ඉන් ඇතිවන හානිය සුළුපටු නැත. මෙය නීතීයේ ආධිපත්‍යයක් නැති අරාජික වාතාවරණයකි. මේ ඊයේ පෙරේදා උන් මිලේච්ඡ ලෙස ඝාතනය කර දැම්මේ අහිංසකයෙකි.


මෙය වහාම මැඩ පැවැත්වූයේ නැති නම්, මුලු රටම තවත් චිකාගෝවක්, මැක්සිකෝවක්, රියෝ දි ජැනෙයිරෝවක් වන දින, වැඩි ඈතක නොවේය.


එහෙත් මුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු, මාකඳුරේ මදුෂ් මෙන්, කොස්ගොඩ තාරක මෙන්, මාංචු දමා ආයුධ පෙන්වන්නට ගොස් පීචං ලෙස ඝාතනය කර දැමීම, පොලීසියට නොව මිනිස්කමටත් නිගාවකි.


එගෙත් ඔසාමා බින් ලාඩන්ට දුන්නා මෙන්, ප්‍රභාට  දුන්නා මෙන්, අත් අඩංගුවට ගන්නට යාමේදී ගේම දුන්නාට කිසි අව්ලක් ඇති වන්නේ නැත්තේය. මන්ද මේ කුලී ඝාතකයෝ අධිකරණයෙන් ඇප පිට නැවතත් සමාජයට මුදා හරිනා නිසාය. අපේ නීතිය ඒ තරම් තදය.


මේවා ශිෂ්ඨ වැඩදැයි කියා ලංකාවේ කිසිවෙකුටත් දැන් ප්‍රශ්ණ කරන්නට බැරිය. මන්ද ආදරයේ අරගලයක් කළ මානව හිමිකම් ක්‍රියාකරුවෝද, නීතිය රකිනා කළු කෝට් කාරයෝද, අමරකීර්තී අතුකෝරාල හා 13 දෙනෙක් කුරීරු ලෙස ඝාතනය කොට, විරුද්ධ දේශපාලන මත දරනා උන්ගේ නිවාස වාහන දේපල සියල්ල ගිනි තැබූ මිලේච්ඡයින් නිසාය.


කරුමය කියන්නේ රාජපක්ෂ කඳවුරේ උන්, වත්මන් මැති ඇමතිවරුන් මෙන්ම සජිත් ප්‍රේමදාස නම් විපක්ෂ නායකයාත් පෙනී ඉන්නේ පාතාලය වෙනුවෙන් වීමය. ගුවන් තොටූපොලේ පාතාල ටැක්සි මාෆියාව වෙනුවෙන් උන්නැහේ පාර්ලිමේන්තුවේ කතා කරනා විට අපට පුපෙන්ම හිනා ගියේය. හැබයි පස්සේ එච්චර අවුලකුත් නැතිව ගියේ, පියානෝ සොත්ති උපාලිගේ ෆෑන් කෙනෙක් වූ නිසාය. අප්පා කළ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතෙක් කියා කොහේදෝ ලියා තිබුණේය.


පොලීසියේ උන්ට මෙන්ම අනෙකුත් වගකිව යුතු අංශවල උන්ට බැනාඬගසලා ඇති  වැඩකුත් නැතිය. ලංකාවේ,  නීතිය, අධිකරණය, පොලීසිය හා ආරක්ෂක අංශවලට අත් වී ඇති පිළිගැනීම හා ඉරණම පෙන්වන කදිම ඡායාරූපයක් මා විසින් තෝරාගත්තේ කංජිපානී ඉම්‍රාන්ගේ අවමන් සිනහවේ ඒ සියල්ල ගැබ්ව තිබෙනා නිසාමය. 


ඩුබායි සිට රැගෙන ආ කංජිපානී ඇප මත නිදහස ලැබ රටින් පලාගියේ සියල්ලන්ටම පුප පෙන්වමිනි.


කෙසේ හෝ වත්මන් පොලිස් ඇමති විසින් වහාම මේ අපරාධ මැඩ පැවැත්වීමට කටයුතු කරන මෙන් ආරක්ෂක අංශවලට හා පොලීසියට අණකර තිබීම සමාන්‍ය ජනයාට අස්වැසිල්ලක් වන්නේමය.


එහෙත් පාතාලය හා බැඳී සිටිනා පොලීසියට මෙන්ම අනෙකුත් ආයතන වලට මෙය මැඩ පැවැත්විය හැකියැයි මාතලන් නම් විශ්වාස කරන්නේ නැතිය. එබැවින් මෙය විශේෂ කාර්‍ය බලකාය, කොමාන්ඩෝ බලකාය මෙන්ම ගුවන් හමුදාව හා එක්ව කරනා පිලිපීන් මොඩල් එකේ මෙහෙයුමක් විය යුතුමය.


ඉවසුවා හොඳටෝම ඇතිය....

.

Jul 12, 2018

මරණ දඬුවමට එරෙහිව ගෙනෙනා, බඩ කොරවෙන ලොජික්




ලංකාවේ මරණ දඬුවම දෙන්නේ එල්ලලා මැරීමෙන්ය
ඒත් සමහර අය එල්ලලා මරන්නේ නැතිව,
මරලා එල්ලුවැයිය කියා කතාවකුත් තියෙන්නේය.
එහෙම මරලා එල්ලලා තියෙන්නේ,
මරුසිරා හෙවත්, සිරිපාල හෙවත්, මරුසිරාය.

Jun 23, 2018

පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්




By - Maathalan

මින් පසු පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්

  • කිසිසේත්ම බියට පත්ව කළබල කිරීමට හෝ ඇඳි වතේ රී ගැන්මට හෝ හුජ්ජා කර ගැන්මට යාමෙන් වලකින්න.
  • ඔවුන්ද මානව හිමිකම් සුරකින, උතුම් වූ මනුෂ්‍යයින් බව සලකන්න.
  • ආයතනේ සියලුම ගණුදෙනු කරුවන් පසුව පැමිනෙන ලෙස දන්වා පිටත් කර හරින්න.
  • සිකුරිටි කරුවන්ට හදිසි නිවාඩු ලබා දී ඔවුන්ට සැලකිය යුතු මුදලක් ලබා දී ළඟම ඇති තැබෑරුමක් වෙත පිටත් කර හරින්න. 
  • CCTV රැකොඩින් හා සිස්ටම් එක Off කර තබන්න (පසුව අධිකරණය , පොලීසිය හා රක්ෂණ ආයට්තන වලින් ඔබට හිරි හැර සිඳු විය හැක.)
  • ඔවුන්ගේ නායකයාට ආයතන්යේ මුල් පුටුවේ ඉඳ ගැනීමට සලස්වන්න (ප්‍රාදේශීයේ එකා පොලීසියේ පුටුවේ ඉඳ ගන්නවාක් මෙන්.)
  • ඔවුන් කෑමට ප්‍රිය දෑ කාරුණිකව විමසා, ළඟම ඇති ඉහළම රෙස්ටුරන්ට් එකෙන් වහා ගෙන්වා දෙන්න.
  • ඔවුන් පානයට කැමති බීම වර්ග ගැන විමසා, වහාම ඒවාද සමග ෂන්ඩි හා බයිට්ද ලබා දීමට කටයුතු කරන්න.
  • ඔවුන් කුඩු ගංජා වැනි දෑ භාවිතා කරයි නම් කෙසේ හෝ ඒවා සපයා දෙන්න.
  • ඔවුන් සමඟ ඔවුන් කැමති ගීතයක් ගායනය කරමින් ඔවුන් උද්ධාමයට හා විප්ශික්තභාවයට පත් කරන්න. (කොර කරන්න.)
  • කා බී සතුටු වූ පසු ඔබ ආයතනයේ සේවිකාවන් දූෂණය කිරිමේ පහසුකම් සලසා දෙන්න
  • එම ක්‍රියාවන් අගයන්න. එය ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් ලබා දීමක් බව සේවිකාවන්ට වටහා දෙන්න.
  • ආයතනයේ ඇති භාන්ඩ මුදල් හා අවශ්‍ය නම් සේවිකාවන් වුවද රැගෙන යන ලෙස දන්වන්න.
  • ඔවුන් එයින් සෑහීමකට පත් වන්නේ නැත්නම්, ඔබ නිවසේ හා බැංකුවල ඇති මුදල් සියල්ල ඔවුන් වෙත ලැබීමට කටයුතු කරන්න.
  • වහාම රථ වාහන කුලියට ලබා දෙන ආයත්නයකට කතා කොට, අධි සුඛෝපව්හෝගි බස් රථයක් ගෙන්වා දෙන්න. (ඔවුන් බීමත්ව සිටිනා බැවින් රථ වාහන පොලිසීයෙන් ඔවුන්ට කරදර හිරිහැර පැමිණිය හැක.)
  • ඔවුන් පැමිණි යතුරුපැදි රැගෙන යාම සඳහා වෙහිකල් කැරියර් පහසුකම් සලසා දෙන්න. 
  • බස් රථය පැමිනෙන කාළය අතර තුරදි, පන්සලේ හාමුදුරුවන්ට කතා කොට, උන්වහන්සේ වැඩමවා, පාතාල සාමාජිකයින්ගේ ආරක්ෂාව පතා, පිරිත් නූල් ගැට ගසා, පිරිත් පැන් ඉස, ඔවුන්ගේ රැකියාව තව තවත් වැඩි දියුණු වීමට ප්‍රාර්ථනා කරන්න.
  • ස්තූතී කතාවක් පවත්ව ඔවුන්ගේ ක්‍රියාව පසසන්න.
  • නැවතත් ආයතනයට පැමිණිය යුතු නොවන බවත්, දිනපතා, සති පතා , මාස් පතා හෝ ඔවුන් කැමති ආකාරයකට ඔවුන්ට අවශ්‍ය දෑ ලබා දෙන ලෙස ද්වීපාර්ශවීය ගිවිසුමකල එළඹ අත්සන් කර පිටපත් හුවමාරු කර ගන්න. 
  • වහාම තොග වෙළඳ ආයත්නයකට කතා කොට, හාල් පොල් සිල්ලර අඩංගු කන්ටේනරයක් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කරන්න.
  • මෙමගින් ඔබේ ජීවිතයද අනි සියළු අයගේ ජීවිතද වැනසී යාම වලකිනාතර..
  • උතුම් වූ බුද්ධ ධර්මයේ සඳහන් ආකාරයට තමන් උපයනා දෙයින් එක කොටසක් නොව, කොටස් සියල්ලම දන් දී ඇති බැවින්...,
  • ඒ උතුම් බෝධියකින් සසර කෙලවර පත්න්නා වූ උතුම් වූ නිවනින් සැනසීමට මේ කර ගත් මහා පුණ්‍යකර්මය හේතු වේවා... වාසනා වේවා කියා... පැන් වඩා නමස්කාරය කියා... දෙවියන්ට ඒ පින් අනුමෝදම් කොට, හන්දියේ ඇති බුදු හාන්දුරුවන්ට මල් පහන් සුවඳ දුම් පුදා ප්‍රාර්ථනා කරන්න..

    ස්වස්ථි සිද්ධම්...!!!
      මේ බුදුන්ගේ දෙශයයි....!!!
        අපි මානව අයිතිවාසිකම් සුරකිමු...!!!
          පුක නෑ යකෝ...


          Mar 3, 2016

          චම්පික, කිරිඇල්ල හා දෙමටගොඩ චමින්ද - Champika, Kiriella & Dematagoda Chaminda


          අම්මට සිරි ලංකාවේ කතාබහ කරන්න යමක් කරන්නේ දේශපාලුවෝ ඉතරය, ඔය ඉඳ හිට පොඩි කොල්ලෙක් රොකට් එකක් යවන එකක් (ච්චී නොවේ) මිනිස්සු යට කොරන එකක් වගේ දේ ඇර, වෙන යම් දෙයක් වේද, ඒකත් දේශපාලනේට සම්බන්ධ දෙයක්ම වන්නේය. වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.

          Jul 27, 2013

          නූරී වත්ත, පලා බබා හා පොලිස් බලතල - Noori Estate, Provincial Council & Police Powers



          මා දන්නා තරමින්, "නූරී වත්තේ" ඛේදවාචකය පිළිබඳ බ්ලොග් ලියන කිසිම කෙනෙකු ලියුවේ නැත. මාතලන්, මේ දිනවල සිටින්නේ දකුණේ තේ වත්තක නිසා, එහි එක් රැස්වන අය, මේ කාලකණ්ණි සිඳුවීම පිළිබඳව බොහෝ සේ කතිකාවල යෙදේ. මේ පිළිබඳව හා දකුණේ පාතාලය පිළිබඳවත් නිර්භයව කරුණු හෙළිකරනා "රිවිර" පුවත් පතට අපගේ ගෞරවය හිමි විය යුතුය.

          Jan 31, 2013

          ජාති(ය)ක වීරයෝ....!!! - Kind of National Heroes


          පෙබරවාරි 4, අපේ ජාතික දිනයයි. එදිනට අප ජාතික වීරයන් සමරමු. එහෙත් ඇත්තටම අප ඒ සමරන්නේ වීරයන්ද යන්න දැනෙන්නේ, ඉන්දියාවේ ජාතික වීරයන්ගේ චරිත කතා මෙන්ම, පොත පත, චිත්‍රපට බැලූ විටයි. ඒනයින් බලනා කල, වීර පුරන් අප්පුගෙන් පසු, ගරු කල හැකි හා සැමරිය හැකී ජාතික වීරයෙක් නිදහස දක්වා නැති බව මගේ හැඟීමයි. මන්ද අපේ නිදහස, අපට දුන් නිදහසක් මිස අප ලද නිදහසක් නොවනා හෙයිනි. මිනිසුන් අතර නෝකුත් ආකාරයේ වීරයන් බිහි වූවද, ජාතික දින සමරනුයේ, රට වෙනුවෙන් තම ජීවීතය පරදුවට තබා සටන් කල විරුවන් හා දිවි පූජා කල විරුවන් පමණි.