.

.
Showing posts with label Mr Samson. Show all posts
Showing posts with label Mr Samson. Show all posts

Apr 15, 2025

බටර් කේක් විත් බනානා.....

 


බටර් කේක් විත් බනානා

Butter Cake with Banana

➖➖➖➖➖➖⭕➖➖


මේ අවුරුදු කාලයේ හිනා වෙයන් රාළේ කියලා කියන නිසා.... හිනාවෙවී බුකියේ උඩ පහළ යනකොට.... බටර් කේක් පෝස්ට් කීපයක්ම දැක්කේය.... ඒ දැක්කාම මාතලන්ගේ නොස්ටල්ජියා මතකය අතීතයට දිව ගියේය....


යමක් කමක් මතක පොඩි කාලයේ සිටම.... අවුරුදු කෑම මේසයේ.... කිරිබත්, කැවුම් කොකිස්, අතිරස, අග්ගලා, මුං කැවුම්,  කළු දොදොල්, කැවිලි පෙවිලි, කෙසෙල් ගෙඩි වලට අමතරව.... බටර් කේක් කෑලිත් විරාජමානව දීසියක තැන්පත් වෙලා තිබුණේය.....


1977 ට කලින් අවුරුදු කෑම හුවමාරු පිඟන්වල බටර් කේක් තිබුණේ නැතත්.... විවෘත ආර්ථිකයත් සමග බටර් කේක් එකක් හෝ බටර් කේක් කෑලි ඒ පිඟන්වල තිබුණේය.... දැන් නම් අවුරුදු කුමාරයා එන්නේ සංකුයික් බෝතලයකුත් අරගෙනය... ඒකත් එක්ක ඩ්‍රයි ජින් බෝතලයකුත් ගේනවා නම් බොහොම වටින්නේය... 


පින්තූරයේ තිබෙනවා වගේ කේක් එකක් ඒ කාලේ බොහෝ ජනප්‍රිය වෙලා තිබුණේය.... ඒක little lion ද, පෙරේරා and සංස්ද කියා මට හරියට මතකයක් ඇත්තේ නැතිය... එහෙත් මේක කියවන මෙමරි කැපෑසිටි එක වැඩි උන්ට නම්.... මේ කේක් එක හැදුවේ කවුද කියා මතකයක් අනිවාර්යයෙන් ඇත්තේය....


අපේ ගෙදර නම්.... සිරිමාගේ ආණ්ඩු කාලයේත්... අලුත් අවුරුද්දට අම්මා බටර් කේක් එකක් හදනවාමය....  ඊට අමතරව මිස්ටර් සැම්සන්ගේ (තාත්තා) ප්‍රියතම කේක් එක වූ පොල් කේක් හෙවත් බිබික්කමකුත් හදනවාමය.... ඒ දෙකම අනිවාර්යයෙන් කෑම මේසේ තිබුණේය... 


අදටත් එක එක වර්ගයේ කේක් ජාති තිබුණත්.... චීස් කේක් හා love cake වලට පස්සේ මගේ ප්‍රියතම කේක් එක බටර් කේක්ය.... 


දැන් එක එක ජාතියේ කේක් තිබුණාට.... ඒ කාලේ තිබුණේ බටර් කේක් සහ චොකලට් රෝල් විතරය... චොකලට් රෝල් නම් ගෙනාවේ කඩෙන්ය... ඒකට මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැතිය.... මගේ ප්‍රියතම කේක් එක වූයේ බටර් කේක් එකය....


ඒ එක එක ජාතියේ කේක් කන්නට ඉගෙන ගත්තේ.. කොටුවේ සැලින්කෝ එකේ වැඩට ආවායින් පස්සේය... බනානා කේක් කියා කේක් වර්ගයකුත් තිබෙනවා කියා දැනගත්තේ ඉන් පස්සේය... හැබැයි ඒක මට ඇල්ලුවෙ නැතිය.... 


අපි ඒකේ වැඩ කරන කාළයේ ලංකාවේ තිබුන උසම ගොඩනැගිල්ල ඒකය... කොච්චර උසද කියනවා නම්... උඩම තිබුණ රැස්ටරෝන්ට් එක නම් කරලා තිබුණේ "ආකාස කඩේ" කියලාය... ආකාස කඩේ තාමත් තිබෙනවාය... සැලින්කෝ බිල්ඩින් එකේ ground floor එකේ තිබුණ ඉස්නැක් බාර් එක රන් කලෙත් ආකාස කඩෙන්මය.... කේක් කෙසේ වෙතත් ඒකෙ තිබුණා snake වලට ගහන්න snacks නම්.... ගිහින් තිබෙන foreign country වල french restorant එකකින්වත් කන්නට හම්බ වුණේ නම් නැතිය... ඒවා ඒ තරම් රසය...


සැලින්කෝ ඉස්නැක් එකෙත් කේක් තිබුණාට..... බෝත්ඩේ වලටයි එක එක සැලබරේෂන් වලටයි  කේක් අරගෙන ආවේ catham street එකේ Pagoda එකෙන්‍ය...   Fab ආවේ පසු කලෙකය... කේක් ගෙනෙන්නට එක එකාට කඩේ ගිය office එකේ මාරිමුත්තු නම් කිව්වේ... Baf එකේ කේක් පට්ටම රහයි කියලාය... 


මේ මතකයන් ගැන ලියන්නට ගියොතින් Ensyclopedia හෙවත් විස්සකොසේ වගේ එකක් ලියවෙන්නට ඉඩ තියෙනවාය... ඒ කෙසේ වෙතත්... බටර් කේක් කන්නට බනානා එකක් නම් ඕනම වුණේය... ඒ කාලේ නම් කෑවේ කෝලිකුට්ටු එක්කය... මිස්ටර් සැම්සන් නම් ඒවාට කිව්වෙ පුවාලු කියාය... හැබැයි පුවාලු කියා තවත් කෙසෙල් වර්ගයක් තිබෙනවාය...


tourism කරන කාලයේ අපට ඉගැන්නු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ lacture මහත්තයෙක් අපට කියලා දුන්නේ ලංකාවේ Banana වර්ග 29ක් තිබෙනවා කියලාය... වැඩි ප්‍රමාණයක් පළතුරක් ලෙසත්... කිහිපයක් cooking හෙවත් ඉවුම් පිවුම් සඳහාත්... අපටම ආවේනික වූ වර්ග කීපයකුත් තිබෙන බවත්.... අපට කියා දුන්නේ එතුමාය... 


කොහොමත් සුද්දියෝ Banana කන්න බොහොම කැමතිය... වැඩියෙන්ම කැමති ජපන් සුද්දියෝය... tourism කරන උන් නම් මේ ගැන හොඳින් දන්නවාය....


අදටත් මගේ ප්‍රියතම බනානා වර්ගය නම් සුවඳැල්මය... ඒ කාලේ අපේ වත්තේ ඒවා තිබුණේය... දැන් නම් හොයා ගන්නට අමාරුය.... එහෙත් මගේ බොක්කේ හිතවතෙක් වන Athula Thilak Ranasinghe  හෙවත් Chefaki ගේ සප්තපාදිය හෝටලය බලා කියාගෙන උන් කාලයේ.... රත්නපුරේ පොළ අසල කඩයකින්.... දිනපතාම වාගේ මට සුවඳැල් කෙසෙල් ඇවරියක් ලැබුණේය... මම ඒක කෑවේ.... අර සුනිල් එදිරිසිඥෝගේ සිංදුවක ඉන්නා මසුරු සිටානෝ වාගේ කිසිම එකෙකුට දෙන්නේ නැතිව තනියෙන්මය.... හේතුව... ඒවා ප්‍රමාණයෙන් බොහොම කුඩා කෙසෙල් වර්ගයක් වීමය....


මේ කොළඹ සුවඳැල් කෙසෙල් හොයන්නට නැති නිසා.... දැන් මගේ ප්‍රියතම බනානා වර්ගය නම් "Dole" බනානාය... ඩෝල් බනානා කන්නට නම් බටර් කේක් ඕනාත් නැතිය... ඒ තරම් රසය... රස නැති ඒවත් තියෙනවාය... එහෙත් ලෙල්ලේ පාටින් හොඳ එක අඳුනාගත හැකිය... 


ඒ කාලේ බටර් කේක් සහ කෝලිකුට්ටු මගේ ප්‍රියතම ආහාරයක් වූවා ලෙසම... කෝලිකුට්ටු හා රටකජු මුසුවද.... මගේ ඩේලී මැනූ එකේ ඩිනර් ඩෙසර්ට් එකේ අනිවාර්‍ය එකක්ම විය... අදත් ඒවා එසේම ඒ විදිහටම කන්න ආසා වුණත්.... අද රුපියල් සීයට හම්බ වෙන්නේ... එදා රුපියල් පහකට හම්බ වූ රටකජු වලටත් වඩා අඩු ප්‍රමාණයක්ය...


ඒ වගත් මෙසේය....

.

Oct 23, 2017

සුබ ගමන්, මිස්ටර් සැම්සන් - Good Bye Mr. Samson




මිස්ටර් සැම්සන් රතු, හීන්දෑරි, සාමාන්‍ය ශරීරයකින් හෙබි කෙනෙකු උනේය. කොන්ඩය ක්‍රීම් ගා පසු පසට පීරූ ඔහු ඇන්දේ, කළු කලිසම හා අත් දිග සුදු ෂර්ට් එකය. ෂර්ට් එකේ අත ඉතා මහතට වැලමිටෙන් උඩට නමා තිබුනේය. හන්දියට සෙරෙප්පු දෙකක් දමාගෙන ගියද, ඉන් එහා ගමනක් නම් සපත්තු දෙක අනිවාර්ය විය. මඟුල් ගෙවල් සඳහා යන විට, තද රතු පාට හෝ මෙරූන් පාට ටයි පට පමණක්ම ඇන්දේය. ඔහු උපන් උණවටුනේ අයට හා නෑදෑයින් අතරේ ඔහු නෝටන් අයියා විය. ගමේ යාළුවන්ට නෝටයා විය. බොහෝ කාළයක් ජීවත් වූ කැළණිය තොරණ හංදිය පැත්තේ අයට ඔහු මිස්ටර් සැම්සන් හෝ සැම්සන් මහත්තයා විය.