මෑතකදී මා අදරය කළ ඩෙස්මන්ලා දෙදෙනෙක්ම දිවිය ලෝකේ ගියේය. එක්කෙනෙක් ඩෙස්මන් ටුටූය. අනෙකා අද දිවිය ලෝකේ ගිය ඩෙස්මන් ද සිල්වාය.
මෑත කාළයේ අතිශයින් ජනප්රිය වූ "හෙක්ටර් ඩයස්" ගායනා කළ "නිල්වන් මුහුදු තීරේ..." අපේ කාළයේ ගායනා කළේ ඩෙස්මන් ඩි සිල්වාය.
එමෙන්ම නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට අමරදේව ගායනා කරනා "නිම්හිම් සෙව්වා මා සසරේ...." ගීතයේ ඉන්ගිරිස් ගීතය වන "When will I see you again my Love ." ගීතය ගායනා කළේද ඩෙස්මන් අයියාය. මෑතක එම ගී දෙකම උමාරියා නම් ලංකාවේ බිහි වූ දක්ෂතම මල්ටි ටැලන්ටඩ් ගායිකාව අපූරුවට ගායනා කරනවාය.
අපි පොඩි කාළේ අහපු බයිලා වල අමුතු රසයක් තිබුනේය. ඇම් ඇස්, පෝල් ප්රනාන්දු හා ඩෙස්මන් අයියාගේ සින්දු බයිලා කියා අපට දැනුනේ නැතිය. ඒ ගී සියල්ලම පාහේ වරක් ඇසු පනණින් මතකයේ රැඳෙන සරළ එහෙත් අලංකාර පද රචනා උනේය.
කැසට් එන්නට පෙර කාළයේ තරු පහේ හෝටල් වල ප්ලේ කළ ඉන්ගිරිසි සංගීත කණ්ඩායම් බයිලා වලට ගැහුවේ ඩෙස්මන්ඩ් අයියාගේ ගීතය. එසේ ඒ ගී ජනප්රිය වූයේ ඒ සිංහල සින්දුවල ඉන්ගිරිසි කෑලිද තිබුන නිසාය.
අදටත් ඕනෑම උත්සවයකදී ගායනා කරන "සුමිහිරි පානයේ එන ...
Drink on Sunday - Eat on Monday
Dance on Saturday - Die on any day ...
ඊට උදාහරණයක්ය...
තවත් ජනප්රිය ගීතයක් වන පොල් කටු හැන්දෙ මිට වගේ.... ගීතයේ..
Galle Road Tar is putting bus is also going...
මෙන්ම
Oh she never come right again...
යන ඉන්ගිරිස් කෑලි අදටත් අතිශයින් ජනප්රියය.
අද ජනප්රිය නැතත් අපි කුඩා කාළයේ අතිශයින් ජනප්රිය...
🎸යමං බංඩො වෙසක් බලන්න...
🎸සුරාංගනී...
🎸චූඩා මානිකේ බලාලා යනවා මේ අපී..
🎸යන්න රට වටේ එන්න මා ප්රියේ...
🎸අර බලපන්කෝ... මේ බලපන්කෝ..
🎸ආයි හූයි බබි ආච්චිගෙ බයිසිකැල් එක...
🎸කුරුඳුවත්තේ මනෝරී...
🎸කිරිල්ලී රන් කිරිල්ලී...
🎸බෝතලිගරෙ සීතූ මනක්කා...
🎸දෙව්ලොව දෙවියනේ.. මගෙ දෙව් සාමිනේ..
🎸දොර ඇරපන් ආයා සුදා...
🎸කෝඩුකාර නංගිලාට...
🎸කොල්ලුපිටිය ජන්ක්ෂන්...
🎸රෑ දොලහට ලයිට් ගියා...
🎸බෑ බෑ මට එන්න බෑ...
🎸දැන් කාළේ කෙල්ලෝ වසයි..
🎸දොදොන් දොන්ත සමයමේ..
🎸කෙල්ල මාතලේ යු ආ මයි මල්ල කේතලේ...
🎸පාරේ නටපු බිග් මැච් එක දා...
🎸දොම්පෙ ආයා...
🎸චිකේ ඩොලි ලැජ්ජා නැද්ද...
🎸කොමලි පනේ එන්නකො මගෙ...
🎸මම්මා නෝ පප්පා නෝ...
🎸නොන්ඩි සිමයියා...
වැනි ගී ඒ ගී රස විඳි පරම්පරාව අතරේ අදටත් අතිශයින්ම ජනප්රියය...
ඩෙස්මන් අයියා වොලි බැස්ටියන්ගේ ගී මෙන්ම පැරණි නාඩගම් ගී ගනනාවක් සුපර් හිට් බවට ඒ කාළයේ පත් කළේය. එමෙන්ම ඉංග්රිසී ගීතද ඒ අතර තිබෙන්නේය.
1944 දී මාතරදි උපන් ඩෙස්මන්ඩ් ඩි සිල්වා ගී ලොව ජය ගත්තේ "King Of Baila" යන ආදරණීය ජනතා සම්මාණයෙන්ය.
මුලින්ම ඉංගිරිස් සංගිත කන්ඩායම් ගනනාවක ප්රධාන ගායකයා වූ ඩෙස්මන් අයියා පසුව සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් වුනේය.
එක්තරා යුගයක එක්තරා පන්තියක කෙල්ලන් අතරේ ඩෙස්මන් අයියා සිහිණ කුමරා උන බව අප අසා ඇති මුත් ඒ බව තහවුරු වූයේ ඔහුගේ ප්රසංග වලට පැමිණි අති සුන්දර ඇන්ටිලා දැකීමෙන් ය.
ඔවුන් සැමදා ඩෙස්මන් අයියාට පෙම් කළේය.
බොහෝ කාළයක් එංගලන්තයේ ඇමරිකාවේ හා අවසන් කාළයේ ඔස්ට්රේලියාවේ මෙල්බර්න් හි විසූ ඩෙස්මන් අයියාගේ ප්රසංගවල ටිකට් විකිණුනේ උණු කැවුම් මෙන් ය.
ප්රසාංගික කලාව සිංහල ගී වේදිකාවට ගෙන ආවේ ඩෙස්මන් අයියලාය. "කොලොම්පුරේ ශ්රියා ගීතය ගයමින් රඟමින් රූපවාහිනියටද ප්රසාංගික කලාව ගෙන ආවේ ඩෙස්මන් අයියලාය .
ඔහු වේදිකාවේ බැබලුනේ අපූරු කටහඬ නිසාම පමණක් නොවේ.. ඩෙස්මන් අයියා මියයන තෙක්ම පාංශු දේහදාරී බුදු හැන්ඩියෙක් උනේය. එම වාසනා ගුණය පිහිටන්නේ බොහෝ කළාතුරකින්මය.
ඩෙස්මන් අයියාගේ වැඩිමල් පුත්ර රත්නය වූ ස්ටීව් ඩි සිල්වාද අති දක්ෂ ගායකයෙන් මෙන්ම මයිකල් ජැක්සන්ගේ හැඩ රුවට සමාන බ්රේක් ඩාන්සර් කෙනෙක්ද වූ අතර පිලිකා රෝගයෙන් අකාලයේ සමුගත්තේය.
සුනිල් අයියාට කලින් අපි ආදරේ කලේ ඩෙස්මන් අයියාටය, සුනිල් අයියා කලින්ම යන්න ගියේය. ඩෙස්මන් අයියා අද සුනිල් අයියා බලන්නට ගොසින් ය.
මක්කා නැතත්, දෙන්නත් එක්ක එකතුවෙලා සුමිහිරි පානේ පදමට ගහලා බයිලා වැලකින් දිවිය ලෝකේ ඒන්ජල්ස්ලා හෙවත් සුරංගනාවියන් කොර කරනා බව නම් ඉරහඳ මෙන් විස්වාසය....
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා....
Drink on Sunday - Eat on Monday
Dance on Saturday - Die on any day ...
Take Care Desmond Aiya...!!!
R(eturn) I(f) P(ossible)
.
