.

.

Jan 31, 2021

රැඩිකල් දෙවාලේ




රැඩිකල් බුවාලා නිති සැරිසරනු.................. පෙනේ
විජේරාම හන්දිය ඇත එහා..................... කොනේ
එක එක එකා ගෙන ආ අඩු කුඩුම............. පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු....... දැනේ

ෆ්‍රයිඩේ සැටඩෙ සන්ඩේ යන දවස්..................වල 
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස්.................. කල
මල් මීදුමෙන් සිරි ගැන්වී පහන්.................... කළ
හැමදෙන විඳී සුවයක් උඩු ගුවන්................... තුල 

කේ ජී දැවෙන විට සුසිනිදු දෙතොල්.............. මත
ගණඳුර සමඟ රති හැඟුමන් වෙලේ............... ගත
සඳරැස් ගලන විට ඇල්ටෝ රථය.................. මත
එක දෙවියෙක් නෙවේ දෙදෙනෙක් එතන..... ඇත

වික්ටගෙ බෙල්ල මහ හයියෙන් හෙල.............වීම
බයටම චූ ගිහින් යලි කට හඬ........................ ඒම
චින්තා රෙදි නැතිව ජීසස් ඇද.........................හීම
මා නොකෙරුවත් හොඳ නෑ එය ගැර..............හීම

සාගත වසංගත ලෙඩ දුක් හැදුන සැ..............නින්
සිහිවෙයි කෝටි ගනනක් දෙවිවරුන් මු.........ලින්
පිහිටක් නොමැති කල ලයිසන් සතු වු තැ......නින්
වෙන කොහි යම්ද හොඳ නෑ ගැරහීම සැ........රින්

වැක්සින් නැති කලයි ආවේ කෑගලු......... පැණිය
බීපු එකෙක් තාමත් මැරිලත්.................... නැතිය
උස්සන් ගිහින් දැම්මේ උන් කළ............. ගෙඩිය
තොපි වෙනුවෙන්ම බව සැම දැන ගත...... යුතුය

බුදු ගුණ වයයි රැඩිකල් ජේමිස්............... බන්ඩා
කන්නා බණ කියයි නෑ දාගෙන............. සෝඩා
ඝණ දෙවි වඳින සන්නා ගත්තද............. ගෝඩා
ඒ පින් බලෙන් ඔක්කොම නිවනේ......... පෝඩා

ප්‍රශ්ණය තමන්ගේ වනතුරු ඔක්කොම..... මල්ලි
චන්ඩියෝ වගේ අල්ලයි කවුරුත්............ ජල්ලී
ජීසස් බුදුන් කාළිද ඝණ දෙවි................... වල්ලී
වෙත බැතියෙන් පුදයි අයියෝ රැඩිකල් ....සල්ලී

.oOo.

(* කාව්ය සිරෝමනී මාතලන්)

Jan 25, 2021

ක්‍රිකට් අවසන් කටයුතු සඳහා “ජයරත්නට”..!


ගාල්ල යනු ක්‍රිකට් පිස්සන් ජීවත් වන නඟරයකි. එහි පැවැත්වෙන රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් තරඟය එහි උච්ඡතම අවස්ථාවයි. ගාළු නඟරයේ මෙන්ම අනෙකුත් කුඩා ටවුන් වල පවා මහා ගස්වල, කණුවල පාසල් දෙකේ කොඩි ලෙලදෙන්නේ මේ කාළයේය.

ගාළු ක්‍රීඩංගනයද ලෝකයේ සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩංගන අතරේ පෙරමුණේම සිටී. ඒ ගාළු කොටුපවුර හේතුවෙනි. අනෙක් කාරනය නම් ලාංකීය සියළුම ක්‍රිකට් පිස්සන් ගාළු ක්‍රිකට් ක්‍රීඩාංගනය සලකනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව ගෙනෙනා ක්‍රීඩාංගනයක් ලෙසය.


එහෙත් වසර කීපයක් තිස්සේ සෑම තරඟයකින්ම කන පැලෙන්න කන.., කාළකන්නි ක්‍රිකට් තේරීම් කමිටුවක්.., නිළධාරීන් පිරිසක් සමඟ ක්‍රිකට් ගහන්න බැරි උනත් බූරූවා ගසන.., තරඟ අතරේ රති ක්‍රීඩාවේ යෙදෙන.. කන පැලෙන්න බීලා ගොස් මිනිසුන් මරා දමන.., කාළකන්නි ක්‍රීඩකයින් පිරිසක්…, පිට පිටම තරඟ දෙකක් පැරදි ඒ ගෞරවයද නැතිකර දමා අවසන්ය..

ලංකාවට ටෙස්ට් වරම් ලැබෙන්නේ හදවතින්ම බටහිරකරණයට ලක් වූ යැංකී ඩිකී හෙවත් ජේ ආර් ජයවර්ධන මුත්තාගේ කාලයේ ගාමිනී දිසානායකගේ සභාපතීත්වයෙනි. මුල්ම නායකයා වූයේ බන්දුල වර්ණපුරයි. ඒ කාළයේ සිටී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අර්ජුණ රණතුංගද ටෙස්ට් වරම් ලබාගන්නේ පළමු තරගයෙන්මය. අර්ජුණලා ටෙස්ට් ගහන්නට ආවේ රේන්ජ් රෝවර් ජීප්පූ වල නොවේ ක්‍රිකට් ආම්පන්න බෑග් එකත් කරේ දමාගෙන අර්ජුණ ටෙස්ට් ගහන්නට ආවේ කෝච්චියෙනි.


ඒ කාළේ ටෙස්ට් ගහපු උන්ටවත් බඩෙ බත් දමා ගැනීමට තරම්වත් ගතමනාවක් නොලැබුන නිසා සෙට් එකක් ද්කුණු අප්‍රිකානූ සංචාරයකට යන්නේ ලැබුන සල්ලි කුට්ට්ය නිසාමය.

එතෙක් ගහන ගහන මැච් පරදින ක්‍රිකට් කන්ඩායම ජයග්‍රාහී කණ්ඩායමක් කලේ අර්ජුණ රණතුංගය. ඔහු ඒ වෙනුවෙන් තමන් ගැන නොසිතා කණ්ඩායම් හැගීමෙන් ක්‍රියා කළේය. ඔහුගේ එම නායකත්වය වඩාත් කැපී පෙනුනේ.., ඔස්ට්‍රේලියාවේදි ඩැරල් හෙයාර් නම් ගොන් නාම්බෙක් මුරලිදරන් බෝලය චක් කරනවා කියා ලෙඩේ ඇද්ද වෙලාවේය. අර්ජුණ නියම නායකයකු ලෙස ඩැරල් හෙයාර්ගෙන් ගේම ඉල්ලු අතර වසානයේ ඩැරල් හෙයාර් බල්ලා මක්ම වෙලා ගියේය.


අර්ජුණගේද වැරදි නොතිබුනේ නොවේ… 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු අර්ජුණගේ ඔළුවේ ඉඳිමීම සනීප වූයේ.., ඊළඟ ලෝක කුසලානයේදීමය. එහිදි අපි පළමු වටයෙන්ම හැලී ගිය අතර අද මෙන්ම ගහන ගහන් තරඟය පරදින්නට පටන් ගත්තේය.


අර්ජුණ සාර්ථක කාලයේ අර්ජුණ මෙන්ම, අරවින්ද, මහානාම, අසංග ගුරුසිංහ, සනත් ජයසූරිය, කළුවිතාරණ මෙන්ම මුත්තයියා මුරලිදරන්ද කැපී පෙනෙන ක්‍රීඩකයින් විය…

නැවතත් ක්‍රිකට් වලට ආලෝකයක් ගෙන ආවේ මාවන් අතපත්තුගේ කාළයේය. ඔහු සමඟ එක් වූ මහේල, සංඝා හා ලසිත් මාලිංග මුලු ලෝකයේම ආදරය දිනාගත් වාර්ථා පිට වාර්ථා තැබූ ලෙජන්ඩ්ලාම විය..

එහෙත් මේ සියල්ලන්ම ක්‍රීඩා කලේ තම රට වෙනුවෙන් කණ්ඩායම් හැඟීමකින් නොව තම තමන්ගේ පෞද්ගලික වාර්ථා වෙනුවෙන්ය. මෙහිදි ලසිත් මාලිංග මෙවන් ක්‍රියා හේතුවෙන් සමාජ මාධ්‍යවල, ප්‍රධාන මාධ්‍යවල මෙන්ම, ක්‍රිකට් ක්‍රීඩකයින් හා විචාරකයින්ගේද විවේච්නයට බඳුන් වූයේ වරක් දෙවරක් නොවේ…

එමෙන්ම මහේල හා සංඝා යන දෙදෙනාම තම තමන්ගේ වාර්ථා වෙනුවෙන් ක්‍රිඩා කලා මිස තමන් ක්‍රීඩා කරන ස්ථානයන් නවක ක්‍රීඩයක්යින් වෙනුවෙන් කැප කිරීමට කටයුතු කලේ නැතිය. සාමාන්‍යයෙ ක්‍රිකට් ක්‍රීඩාවේ එතික්ස් යනු මෙවන් ක්‍රියාවන්ය. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින් පවා නවක ක්‍රීඩකයින් වෙනුවෙන් ඉහළ ස්ථානයක් ලබා දීමෙන් පහළ ස්ථානවල ක්‍රීඩා කරනුයේ පසුව පිතිකරණයට එකතුවන ජෙෂ්ඨ ක්‍රීඩකයා හා එක් වීමෙන් ඔවුනට ලැබෙනා වූ මානසික ශක්තිය වෙනුවෙනි.


අප කන්ඩායමේ පිරිහීම පටන් ගන්නේ මහේල හා සංඝා නික්ම යෑමෙන් පසුය. ඔවුන් නික්ම ගියද ලසිත් මාලිංග කණ්ඩායමේ සිටියේය. ඇන්ජෙලෝ මැතිව්ස් අසාර්ථක නායකයෙක් විය. ඔහු කිසිම කණ්ඩායම් හැඟීමක් නැති ක්‍රීඩකයෙකි.

ඒ වන විට මුළු ලෝකයම ජයගත් ලසිත් මාලිංගගේ චරිතය නවක ක්‍රීඩකයින් විසින් ආරුඩ කර ගැන්ම, ලංකාවේ ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමට, කණ්ඩායම් හැඟීම නැති වීමට මෙන්ම ක්‍රිකට් ක්‍රිඩාව නැත්තටම නැති වීමට ප්‍රධාන හේතුවය යන්න මගේ විශ්වාසයයි.

මේ වන විට මාලිංග ක්‍රිකට් ගැහුවත් එකයි නැතත් එකයි යන තත්වයට පත් වී සිටීමෙන්, ඔහු කළමණාකරු හෝ කළමණාකරණය සත පහකට මායිම් කලේ නැතිය, ක්‍රීඩා මුහුණුවීම් කටයුතු මගහරිමින් විනය කඩ කලේය. එහෙත් ඔහුගේ දක්ෂතාවයන් හේතුවෙන්, ක්ණ්ඩායමට එක් වීමට ඔහුට වාසනාව ලැබිනි. ලස්ති මාලිංගගේ මේ අමන ක්‍රියා වලට විරුද්ධව හඬක් නැගුවේ දයාසිරි පමණි, එහෙත් සියල්ලෝම හිට ගත්තේ දයාසිරි සමඟ නොව ලසිත් සමඟය.

කන්ඩායම තව තවත් ආගාදයට ගියේ ක්‍රීඩා ඇමතියාවත් ගනන් ගන්නේ නැති නිළධාරීන් හා ක්‍රීඩකයින් එක්ව, මෙය මාෆියාවක් කර ගැනීමෙන් අනතුරුවය. ඒ අතරේ “බෝනගේන්” චෝදනාවක්ද ඇත. කළමණාකරණය ක්‍රීඩකයින්ගේ මුදලින් කොටසක් කප්පම් වශයෙන් ගනිමින් පවති.

මැච් දින්නත් පැරදුනත් ශ්‍රී ලංකට් ක්‍රිකට් සමඟ ගිසුම් ගත වීමෙන් අනතුරුව වසරක් යනතෙක් තරඟ දිණුවත් නැතත් මහා මුදල් කුට්ටියක් සෑම ක්‍රීඩයකුටම ලැබේ. ඒ මුදලින් කොටසක් කළමණාකරනයට පූජා කිරීමෙන්, ඊළඟ වසරේද කණ්ඩායමට තේරී පත්වීමේ වාසනාව මේ සියල්ලන්ටම හිමි වේ..

කෙතරම් ෆේල් උනත් කණ්ඩායම ඇතුලේ ඉන්නේ මේ හේතුවෙනි. ඒ ICC රෙගියුලේෂන් අනුවද ලැබෙනා වාසියකි. කාළයක් ICC වලින් ලැබෙන මුදලද ක්‍රීඩකයින් වෙත ලබා නොදෙමින් බලධාරින් විසින් එවා යටිමඩි ගසා ගත් බව අද බොහෝ දෙනෙකුට අමතකය. පසුව ICC මඟින් එල්ල කළ බලපෑම් හමුවේ ක්‍රීඩකයින්ගේ හිඟ මුදල් ගෙවා දමන ලදී..

අද ශ්‍රී ලංකන් ක්‍රිකට් යනු අමු හොර ගුහාවකි. තනිකර මාෆියාවකි. පළමු තරඟය කෑමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ වෝනීන් හමුවේ දෙවන තරඟයේ පළමු ඉනිමේ යම් සාර්ථකත්වයක් පෙන්නුවද ඒ කනා බල්ලන්ට ගැසීමක් බව අද වන විට ඔප්පු වී හමාරය.

මගේ මතය නම් ඇඹුල්දෙනිය හැර අනෙක් සියළුම ක්‍රීඩකයින්, කළමණාකරුවන්, නිළධාරින් සියල්ලම එලවා දමා සියල්ලෝ අළුතෙන් පත් කළ යුතුය යන්නය. එවන් නවක ක්‍රිකට් කණ්ඩායමක් අද හෙට තරඟ ජයග්‍රහණය නොකලද, අර්ජුණලා මෙන්, බංගලාදේශ ක්‍රිකට් කණඩායම මෙන්, අළු ගසා දමා නැගී සිටින ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් වසර තුන හතරක් තුලදී නැගී සිටිය හැකිය…

බෝනගේන් අශාන්තද මෙල් ඉවත් කර ඒ වෙනුවට පත් කර ඇත්තේ ජයරත්න කෙනෙකි. ජයරත්න නාමය ලංකාවේ ප්‍රසිද්ධ “ජයරත්න නම් මල්… මල් නම් ජයරත්න..” ලෙසද ප්‍රසිද්ධ.., “ජයරත්න අවමංගල අධ්‍යක්ෂවරුන්” නිසාය.. ඔවුන් VVIP පොරවල්ගෙ අවසන් කටයුතු ඉතා ගරු ගාම්බීර ලෙස කිරීමට ඉතා ප්‍රසිද්ධ වේ.

තම පවුලේම කෙනෙක් වන “ජයරත්න” පත් කර ඇත්තේ.., වඩාත් විශවාස කෙනෙක් ඒ සඳහා පත් කළ යුතු යැයි ගන්නා තීරණයක් නිසාද විය හැකිය.

ඒම නිසා අපට දැන් බලා සිටීමට සින්දුව ඇත්තේ.., ජයරත්න අවමංගල අධ්‍යක්ෂවරුන් අවමංගල කටයුතු ඉතා සාර්ථක අයුරින් නිමාකොට ඉවත් වෙයිද..? එසේ නොමැති නම් කෙතරම් වයසට ගියත් අදටත් ඉතා ජනප්‍රිය, ටී එම් ජයරත්න මෙන් ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ජනප්‍රිය තත්වයකට ගෙන ඒදැයි කියාය..

නව කළමණාකරුට අපගේ සුභ පැතුම්…!!!



Jan 21, 2021

ආන්ඩුවට උතුර දකුණ පැටලුන නැගෙනහිර ජැටිය

නැගෙනහිර ජැටිය ගැටලුව නිසා ආන්ඩුව දැන් ඉන්නේ උතුර දකුණ මාරු වෙලාය. එයට පක්ෂපාතිව සිටින්නේ ආන්ඩුවේ පාර්ෂවය පමණය.. ආන්ඩුවෙත් රියල් බයි ප්‍රජාව ඉන්නේ ඊට විරුද්ධවය… ඒ චන්ද ගන්න ඇද ඇරිය කෙප්ප නිසාය..

අපරාදේ කියන්නේ රනිල්ලා උන්නා නම් සද්ද නැතිව ගේම දීලා අහවරය.. උන් කරන්නේ යුනියන් කාරයන්ට හා ජෙප්පන් පොඩි ගානක් දෙන එකය… සංඝයෝ අදාලම නැතිය…

ඊට විරුද්ධ පිරස අතර මුලින්ම ඉන්නේ හූනියන් කාරයෝය.. ඊළඟට ජෙප්පෝය.. දැන් ආන්ඩුව බලයට ගෙනාවා යැයි කියනා මහා සංඝරත්නයද ඊට එක් වී ඇත…

මේ සියල්ලෝම ෂිපින් ඉන්ඩස්ට්‍රිය හෙවත් නාවුක වෙළඳ ක්ෂේස්ත්‍රය පිලිබඳ දැනුමක් ඇත්තෝ හෝ ඒ බිස්නස් එකේ පාර්ෂව කරුවන් නොවේ.. උන් දන්නවා නම් දන්නේ.., කොළඹ වරාය ගැන හූනියන් කාරයෝ දෙන දත්ත හා සංඛ්‍යා ලේඛන පමණමය… ඒ ළිං මැඩි මානසිකත්වයයි…

බිස්නස් කල යුත්තේ බිස්නස් කාරයෝ සමඟ මිස සේවකයෝ හා පින්ගුත්තරයෝ සමඟ නොවේ…

එය හරියට අවුරුදු දෙදාස් පන්සීයක අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන කියනවා වාගේ වැඩකි…

එසේ වසර 2500 ක ඉතිහාසයක් තිබෙනා ශ්‍රේෂ්ඨ ජාතියක ඒක පුද්ගල ආදායම වසරකට ඇමරිකාණු ඩොලර් 3,927 කි..

අවුරුදු 250 ක පමණ ඉතිහාසයක් ඇති ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකාණු ඩොලර් 65,281..

අපට නිදහස ලැබෙන විට අපට වඩා පහළින් උන් ජපානයේ එය ඇමරිකාණු ඩොලර් 40,733..

අපේ ගොබ්බ හූනියන් කාරයෝ නිසා 1950 ගනන් වලදී අපේ කොළඹ වරාය මගහැර සිංගප්පුරුව බලා ගිය නැව් නිසා ගොඩගිය රටේ එය $ 62,115 කි…

මේ රට ගොඩ ගැනීමට නම් මේ කාළකන්නින් පිරිසගේ ගොබ්බ තර්ක අමතක කොට රියැලටියට මුහුණ දිය යුතුය. මුන් හදන්නේ තවත් සිංගප්පූරුවක් බෙංගාල බොක්කේ අන්දමන් දූපත් වලට අයත් නිකොබාර් දූපතේ හදන්නටය…

ඒ හැරෙන්නට නැගෙනහිර ජැටියට ලෝකේ ලොකුම නැව ආවායැයි කියනා MSC නැව් සමාගම…, අබුඩාබී රජය හා එක්ව අලුත් වරායක් අබුඩාබියේ ගොඩ නගමින් සිටී…

නිකොබාර් දූපතේ වරාය ගොඩ නගන්නේ අදානි සමාගම සිංගප්පුරූ සමාගම් හා ඒකාබද්ධවය…

මුන් හිතන්නේ හම්බන්තොට පෙනි පෙනි මූදේ යන නැව් ලංකාවට එන්නම ඕනා කියලාය.. ලංකවේ හාබර් හැර ලෝකයේ වෙනින් හාබර් නැතෙයි කියලාය.. ඒ මුන්ගේ නොදැණුවත් කමය… ඒත් සිංගප්පූරුව.. මලයාසියාව. ඉන්දුනීසියාව… ඩුබායි.. වලත් හාබර් තියෙනවාය… ඒවායේ කාර්යක්ෂමතාව අපේ ඒවාට වඩා ඉතා ඉහළය…

ලංකාවේ නවුක වෙළඳ ක්ශේෂ්ත්‍රයේ ඇති වෙළඳාම් කටයුතු වලින් අප සිඳු කරන්නේ… කෙටියෙන් කියනවා නම්.., කන්ටේනර් ප්‍රතිඅපනයනය කිරීම පමණි… එයිනුත් 80% ඉන්දියාවේ කන්ටේනර්ය… සුද්දා හදා දුන් තෙල් ටැංකි තිරිකුණමලයේ දිර දිරා යනවාය… නැව් වලට තෙල් ගහන්න අපි තවම හිතලාවත් නැතිය…

සේද මාවතේ ගමන් ගන්නා චීනයට අයත් නැව් හම්බන්තොටට මිස කොළඹට එන්නේ නැතිය.. රනිල් ලොක්කා ඒක චීනාට 100% ක්ම ලියලා දුන්නේය… වරාය අධිකාරියේ උන් ඒ කාළේ උන්නේ කට පුක වහගෙනය… ජෙප්පෝ බොරු සද්දයක් දමා ගානක් කඩාගෙන… පස්සේ පරම්පරා බූදල් කාරයෝ බව කියා ෂෙප් උනේය… මහා සංඝ රත්නය උන්නේ රහත් බව ලබා වෙන්න ඇතිය… ඕනම නම් අපට 15% ක හිමිකමක් ඇති කොළඹ වරායේ CICT පර්යන්තයට එන්නට ඉඩ ඇත…

මීට අමතරව ඉන්දියාව ජපානය හා ඇමරිකාව අතර ෂිපින් ලයින් එකක් පිළිබඳව මේ වන විට සාක්ච්ඡා පැවත්වෙමින් ඇත… ඉන්දියාව සීග්‍රයෙන් ලොව ආර්ථික බලවතෙක් වෙමින් පවතින අතර… ඔවුනට ඉඩ දෙන්නේ නම් ලංකාවට එයින්ම දියුණු විය හැකිය… පුහු ඉන්දියන් විරෝධය නිසා අහිමි කර ගන්නට යන්නේ රටක අනාගතයයි..

මෙහේ උන් හැමදාම ඉස්ට්‍රයික් කරද්දි…, අවුට් හාබර් එකේ නැව් නවතාගෙන ගෝල්ෆේස් දිහා බලාගෙන සිටිමේ සිටිමේ පුකේ අමාරුවක් නැව් සමාගම් වලට ඇත්තේ නැතිය. කන්ටේනර් එකක් වරායෙන් එලියට ගන්නට යන කට්ට දන්නේ…, ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නා උන් පමණය… දැන් බිස්නස් කරන උන් ගාන වැඩි උනත් ගේන්න පුළුවන් බඩු ගෙන්වන්නේ එයාර් කාගෝවලය..

ඒ පාර නැගෙනහිර වරාය අධිකාරියටම දෙනවා නම් ඒ එන ආදායමෙන්ම ජැටිය අවුරුදු පහකින් නිම කරලා දෙන්න පුලුවන් කියා ඉන්ජිනේරු බලකායද ගේමට බැහැලාය.. මුන් ඉන්ජිනේරුවෝ වෙන්නට ඇතිය… හැබයි මොළේ කළඳක් නැති හාල්පාරුවෝය.. ජැටියෙන් ආදායමක් එන්න නැව් එන්නට ඕනාය.. ඔය කියන්නේ දැන් එන ආදායම් ගැන සලකා බලලාය..

ඉන්දියාවය කොක්ක ඇද්ද ගමන් ඉන්දියාවේ නැව් ටික එන්නේ නැතිය.. 66% ක ආදායමකට කෙලින්ම බඩු බනිස්ය… ඉතිරි එකට ගේම දෙන හැටි ඉන්දියාව දන්නවාය… ඊට පස්සේ ජැටිය හදන්න වෙන්නේ අපේ ගමේ පන්සල වගේය… අවුරුදු 2500 ක ඉතිහාසයේ සිට අද දක්වාම ඒ පන්සල හදලා ඉවරයක් නැතිය.. තාමත් හදනවාය..

යාපනේට පරිප්පු දාපු උන්ට… රට පලාත් නමයකට බෙදා පලා බබා සුදු අලියෙක් දී වානර හමුදාවක් බලෙන්ම එවු උන්ට ඕවා සුළු දේවල්ය… එවෙලෙට සිද්ද වෙන්නේ හැම එකාටම කට පුක වසාගෙන ඉන්නය.. එදා පලා බබා එපා කියා පිටකොටුවේ බෝ ගහ ලගින් පටන් ගෙන රට ගිනි තැබු…, ගොන් බයියෝ.., ජෙප්පෝ හා චීවර හමුදාව අද ඒවායේ බල්ටි ගසන්නේ නිර්වස්තරයෙන්ය…

මෙ මේ ආන්ඩුවට මේ රට දියුණු කිරීමට ලැබෙනා අනගිතම අවස්ථාවය… අපේ පුහු නම්බුව තිබුනාට අපට ඇති බම්බුවක් නැත්තේය… පේසාලේ තෙල් තාම උනනවාය… පත්තරවලින් රත්තරන් නිදි මතු වෙනවාය… කොරෝනාවලට පැනියෙන් ගේම දෙනවාය.. සුද්දාට විද්ද කොපර් ඊතල මතුවෙනවාය… රාවණාගෙ දඬු මොණරේ ටෙක්නීක් එක හොයනවාය…

එක්කෝ මේ බිස්නස් එකත් ආන්ඩුවම කරන්නට ගොස් තෙල් සංස්ථාව වගේ පාඩු ලබනා ආයතනයක් බවට පත් කොට මහා භාන්ඩාගාරයෙන් නඩත්තු කරන්න පුලුවන්ය.. පෝස්ටර් අලවපු උන්ට ගස් නැගපු උන්ට කඩේ ගිය උන්ට ජොබ් දීලාත් අහවරය… එතකොට ඔය වරායේ හූනියන් කාරයෝ ටික වගේ… දැනට වැඩක් කරනා අනික් උන්ටත්.., අරක්කු ටිකක් බී පරක්කු වී වැඩට ඇවිත් කැරම් ගේමක් හෝ බූරුවා අතක් ගසා සතුටින් විසිර යා හැකිය.

කොළඹ වරාය කටු ගෙයක් කොට උදයංග වීරතුංගගේ සුද්දන්ට පෙන්නා ආන්ඩුවට කීයක් හෝ සොයාගත හැකිය..


ඒ වගත් මෙසේය…


Jan 19, 2021

ෂුක්‍රා, කුසල් පෙරේරා හා මාකටින්

 


ෂුක්‍රා මුණවීර් නැමැති දුප්පත් එහෙත් කටකාර රුවැති ලක් මවගේ දියණියක් ලක්ෂපති වැඩසටහනට පැමිණෙයි..

එක රැයකින් ඇය ලංකාවේ ජනප්‍රියම තරුව බවට පත් වේ…

මෙසේ තරු බවට පත් වූයේ හෝ වන්නේ මේ දියණිය පමණක්ම නොවේ…

පහේ ශිෂ්‍යත්වය සමත් වන දූ දරුවන්.. සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් වන දරුවන්…

විශේෂ කුසලතා සහිත දරුවන්… අනන්තවත් මේ රටේ පහළ වී ඇත…

ඉදිරියටත් පහළ වනු ඇත…

ඔවුන්ගේ ඒ දක්ෂතාවයන් අගය කරනා අය මෙන්ම පහත් කොට සලකා ගැරහීමට ලක්කරන්නෝද ඒ අතර නැත්තේ නොවේ..

මේ දියණියගේ මුඛරි බව… අව්‍යාජ එකක් බව… තරඟයෙන් පසු පාලිත තෙවරප්පෙරුම ඉදිරියේ කරනා කතාවෙන් මනාව ඔප්පු වේ..

ඇය සමාජය දන්නා දියණියකි.. තෙවරප්පෙරුමගේ දේශපාලන ජීවිතය හා සමාජ ජීවිතය ගැන පවා ඇය දැණුම්වත්‍ය…

සමාජයට වෛර කරනා උන්ට මෙය ඇහේ කටු ඇනීමකි…

එවන් සමහරුන් ජාතිය ඉස්මතු කරමින් කතා කරති… ඇයගේ සිංහළ දැණීම පිළිබද කතා කරති…

මේ සමාජය නොදන්නා පිරිස් වෙති…

ලංකාවේ ඉස්ලාම් දරුවන් මෙන්ම දෙමළ දරුවෝද….,

සිංහළ දරුවන් මෙන්ම සිංහළ භාෂාවෙන් මෙන්ම ඉන්ගිරිස් භාෂාවෙන්ද අධ්‍යාපනයේ නිරත වෙති…

සමහර දරුවෝ තමන්ගේ නොවනා ආගම්ද විෂයයන් වශයෙන් හදාරති..

විභාගයටද ලියති…

එමෙන්ම මින් පෙර පරම්පරාවන් මෙන් නොව…

මේ දරුවෝ අධ්‍යාපනයේ වටිනා කම දනී…

ලෝකය ගැන දනී…

එහෙත් මේවා මැජික් වූ පසුගිය පරම්පරාවල උන්ට මේවා ඇලජික් වී ඇත..

ඔවුනට අනුව මේවා සෙට් ගේම් වේ…

ඇය මේ කරන්නේ සිරසෙන් ලබා දුන් තිර පිටපතකට අනුව කරන්නා වූ රංගනයකි…

තමා දන්නා කුප්ප දේශපාලනය හා මීඩීයා ඇජෙන්ඩාවලට අනුව පල්භෑලී විශ්ලේශන හා විග්‍රහ ලියන්නේ.. එවන් පැපොල් ඇට ලොන්තයෝය..

මොවුන් මේ පිටකරන්නේ තම නොදැනුවත් බාවයයි…

ඉරිසියාවයි… කුහකත්වයයි…

මුන්ට අනුව ඇය කළේ රංගනයක් නම්…

දුවේ….


මේ ළෝකයේ හොඳම නිළියද ඔබමයි….!!!


Jan 17, 2021

නැගෙනහිර ජැටිය හා මැණික් කුළුණ

 



නැගෙනහිර ජැටිය දෙනවාද, නානවාද?


මෙය ඉන්දියාව හා විසඳාගත යුතු ප්‍රශ්ණයකි…

ප්‍රශ්ණය ඇති කළේ යහපාලන ආන්ඩුවයි..

ඒ ඉන්දියාව ජපානය හා රාජතාන්ත්‍රික ගිවිසුමක් මඟිනි…

යහපාලන ආන්ඩුව දිගටම පැවතියේ නම් මේ වන විට හම්බන්තොටට සිඳු වූ දේ නැගෙනහිර ජැටියටද අත් වී අවසානය..

හූනියන් යුනියන් කාරයෝ ඒ කාළේ උන්නේ කාගේ පොකට් වලද කියා මා දන්නේ නැතිය…

මේ ආන්ඩුව ඇදගෙන නාන්නේ චන්ද පොරොන්දුවක් හා ආන්ඩුව පත්වීමෙන් පසු ගත් ගොන් තකතීරූ තීන්දු හේතුවෙනි..

ලෝකය එකම ගම්මානයකි.. කොමියුනිස්ට් චීනය පවා දියුණු වූයේ ජාත්‍යන්තරය හා එළඹි වෙළඳ ගිවිසුම් සමඟ ජාත්‍යන්තරයට යාමෙනි..

අප අමනාප කර නොගත යුත්තේ හූනියන් කාරයෝ ගොන් බයියෝ හා සංඝයා නොව ඉන්දියාව හා චීනයයි…

බිස්නස් එක තියෙන්නේ ඔවුන් සමඟයි…

ආන්ඩුවට විකල්ප දෙකක් ඇත…

පළමුවන විසඳුම ඉන්දියාවට මරිසියක් දමා වෙනත් ආයෝජනයකට ඉඩ සලසා දී ඉන්දියාව සමඟ මේ වන විටත් කෙරෙමින් පවතින 66% ක වෙළඳාම තව දුරටත් ආරක්ෂා කර ගනිමින් විදේශ ණයක් හෝ දේශීය ආයෝජකයකු සමඟ ඉදිරියට යාමයි…

දෙක හූනියන් කාරයන්ට බිය වී අනාගතයම කාළකන්නි කර ගන්නා මරි මෝඩ තීරණයකට යනවාද යන්නයි…

අප මහා කාළකන්නි රටකි…

සිංගප්පූරුව දියුණු වන්නේ මේ වැනිම වර්ජන හා හූනියන් කාරයෝ නිසා නැව් ටික සිංගප්පූරුව බලා යාමට පටන් ගත් හෙහිනි…

83 දෙමළුන් මරා යුද්ධයකට ගොස් රට කාබාසීනියා කරන ලදි…

2009 ලද යුධ ජයග්‍රහණයෙන් පිස්සු වැටුන පාලකයින් පිරිසක් හේතුවෙන් කළකිරීමට පත් ජනතාව පත් කරගත් කාළකන්නින් පිරිසක් ආර්ථික වර්ධන වේගය කා දමා එතෙක් ණය වී උන් මුදල දෙගුණයකින් වැඩි කර නන්න පෝල් කරන ලදි..

දැනට පවතින 66% ක ආදායමක් අහිමිව යාම සුළුපටු පාඩුවක් නොවේ..

ඒ ආදායමින් 49% වෙනකෙකුට ලබා දීමද අනුවන ක්‍රියාවකි….

මේ රටට දැන් ආයෝජකයෝ එන්නේ නැත…

එන එකාටත් අංචිය ඇද ආර්ථිකය කුඩු පට්ටම් කර දමනවාද… එසේ නැතිනම් ගිවිසුම ක්‍රියාත්මක කර රට සංවර්ධනය කරා ගෙන යනවාද යන තීරණය මත ආන්ඩුවේ ඉදිරි ගමන තීන්දු වනු ඇත…

ආයෝජකයෝ, විදෙස් නායකයෝ, බිස්නස් කාරයෝ මෙන්ම ජනතාවද කැමති හාල්පාරු නායකයන්ට නොවේ…

කොන්ද පණ ඇති බුලට් බඩුවලටය…

දැලි පිහියෙන් කිරි කන උන්ට මිස..

කුක්කු බොන චූටී බබාලාට නොවේ…


ඒ වගත් මෙසේය….



මැණික් කුළුණ.. කුළුණක් නොවේ


මම කාළයක් රත්නපුරේ ජීවත් උනා..

ඒ මිතුරකුගේ හෝටලයක..

(සප්තපාදිය)


ඒ වගේම කාළයක් සංචාරක මගපෙන්වන්නෙක් ලෙසත් වැඩකලා

(ඔව් නොකරපු රස්සාවක් නෑ)


ඒ කාළයේ රත්නපුරේ මැණික් පතල් පෙන්නන්න ගියේ දෙපාරයි…

ලංකාවේ සංචාරකයින්ට මැණික් පතල් පෙන්නන්නේ නුවර…

නුවර කොහෙද මැණික්…?

ඒවා ආටිෆිෂල් පතල්…

එහෙම නැත්නම් වීඩියෝ…

කොටින්ම මැණික් බිස්නස් එක තියෙන්නේ නුවර සහ කොළඹ…


ඒත් ජේ ආර් පප්පගෙ කාළේ…,

තායි බයර්ස්ලා රත්නපුරේ වැහි වැහලා උන්නා..

රත්නපුර ටවුමෙන් පස්සෙ බලංගොඩ පාරේ දිගටම උන්නේ එයාලා…

ඒත් මැඩගස්කර්වල මැණික් මතු වෙන්න පටන් ගත්ත ගමන් තායි බයර්ස්ලයි අපේ උනුයි ඔක්කොම එහේ ගියා…

ඉතිරි උන සෙට්ටෙක අඹ ගහ මුලට ආයේ සෙට් උනා…


දැන් පැල්මඩුල්ල, කහවත්ත හා අවට ටවුන්වලත් බයර්ස්ලා ඉන්නවා..

හොද ප්‍රදර්ශණාගාරයක් ඇත්තෙම නැති තරම්…

මැණික් කැපීම තියෙන්නේ බේරුවල…


ඔය නඟරය දියුණු නොවෙන්නේ එකාට එකා නැති නිසා… දේශපාලුවෝ උනත් එහෙමයි…

ඒ නිසා ලෝකෙම ප්‍රසිද්ධ රුවන්පුරේ අපායක්…


නව නඟරයක් හැදුවට සියල්ල තියෙන්නේ පරණ ටවුමේ…

පොඩ්ඩ වැස්සත් යට වෙනවා…

පාරවල් ගන්න දෙයක් නෑ…

ට්‍රැෆික් පැලෙන්න…


ඒත් ඉතින් දැන් රත්නපුරේට එක්ස්ප්‍රස් වේ එකක් එන්න යන්නේ…

මත්තලටත් කිට්ටුයි…

මේ එන්නේ රත්නපුරේ ලංකාවේ ජෙම් සිටි එක කරන්න හොඳම කාළේ…

එතකොට සුද්දන්ට ඔරිජිනල් පතලක්ම පෙන්නන්න පුලුවන්…

ඕන නම් පතල් ටුවර් එකක් දෙන්නත් පුලුවන්…

උන් ඒ වගේ ඇඩ්වෙන්චර් වලට කැමතියි…


ඒ අතින් මේ මැණික් ටවර් එක හොඳ ආයෝජනයක් වගේම..

රත්නපුරයට නව ජීවයක්…


ජෙම් ටවර් කියන්නේ ප්‍රේමෙගෙ ඔරලෝසු කණු වගේ කණුවක් නෙමේ…


මේකට ටවර් කියලා කිව්වාම ලංකාවේ මී හරක් හිතුවේ කුළුණක් කියලා..

ඒත් මහල් ගොඩනැගිලිවලටත් ටවර් කියනවා කියලා මේ මී හරක් දන්නේ නෑ..

දන්න උනුත් මනසිකව දරුණු විදියට වැටිලා ඉන්න නිසා මේ වගේ දේකින් හෝ ආතල් එකක් ගන්නවා…


සම හරක් කියන්නේ කෝවිඩ් නිසා රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම නවත්වලා දාන්න ඕන කියලා…


මෙතන හැදෙන්නේ මැණික් කර්මාන්තයට අවශ්‍ය සියළුම පහසුකම් හා සේවා අඩංගු පස් මහල් ගොඩනැගිල්ලක්…


මේ වගේ ජෙම් ටවර් ලෝකයේ රටවල් කීපයකම තියෙනවා….

ඔය පින්තූරේ තියෙන්නේ බැංකොක්වල තියෙන තට්ටු 40 ක ජෙම් ටවර් එක..

අපෙත් දෙවන පියවර ලෙස තට්ටු 20 ගනනක ටවර් එකක් ඉඳිවෙන්න නියමිතයි…


හැබයි බිස්නස් එකේ ඉන්න උන් ටික ආයෙත් පුරුදු තැන්වලම උන්නොත්…

සත පහක වැඩක් වෙන එකක් නෑ…

(උන් ඒ වගේ මහන්තත්ත සෙට් එකක්.. මැණික් නිසාම ඔළු ඉදිමුන. )

ඒ නිසා ට්‍රේඩ් එකේ ඔක්කොම මෙතනට ආකර්ෂණය කර ගැනීමත් මීට එකතු වෙන්න ඕන…


ඒවා ඉතින් ආන්ඩුවේ වගේම කිසිම එකමුතුකමක් නැති.. දේශපාලුවන්ගේ හා

රත්නපුර වෙළඳ ප්‍රජාවගෙත් වගකීමක්….




Jan 12, 2021

රන්ජා, වන් ෂොට් හා මී හරකා


විජය කුමාරතුංග මුලදී මා(තලන්) ප්‍රියකල නලුවකු නොව්ය. එහෙත් ඔහු මගේ ඒ කාළයේ බොක්කෙකුගේ ප්‍රියතම නළුවා විය. ඌ කොතරම් පිස්සෙක්දැයි කියනවා නම් දිනක් මාවත් රැගෙන බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිනමා උළෙලකට ගියේ.., උළෙල නැරඹීමට නොව විජය හා කතා කිරීමටය. උත්සවය අවසන් වී, විජේ එලියට එන තෙක් සිටි අප, විජය වටකරගත් පිරිස අතරට එකතු උනේය. ඔහු කොතරම් ආකර්ෂණීය පුදගලයෙක්ද යත් එවන් පුද්ගලයකු ලෙස මා ඉන් පසු දැක ඇත්තේ දැක ඇත්තේ රෙනෝ ද සිල්වා පමණය.

ඔහු කෙතරම් සුහදශීලී පුද්ගලයෙක්ද යත්.., එදා සිට මා(තලන්)ද විජය පිස්සෙක් විය. මේ ඔහු දේශපාලනයට පැමිණීමට පෙරයි.. ඉන්පසු විජය කුමාරණතුංග නම් දේශපාලකයාටද අප පෙම් කළේය.. ඔහුගේ හදිසි කුරීරූ මරණය අප කම්පා කලේය..

එමෙන්ම රන්ජන්ද මා ප්‍රිය කළ නලුවෙක් නොවේ.. ඊට හේතුව ඔහු පෞද්ගලික ජීවතයේ හැසිරීම කිහිප අවස්ථාවකම මා(තලන්) දැක තිබූ නිසාවෙනි. ඔහු මිනිසුන්ට ගරු කරන්නේ නැත. කාන්තාවන් සියල්ලම සලකන්නේ පහසුවෙන් පරිහරනය කළ හැකි ගණිකාවන් ලෙසය.. අද සිනමා ක්ෂේස්ත්‍රයේ එකෙක්වත් ඔහු වෙනුවෙන් පෙනි නොසිටින්නේ ඒ නිසාය.. මෙය කළා ලෝකයේ කවුරුත් දන්නා දෙයකි.. එහෙත් කිසිවකු මෙය එලිපිට කතා කරන්නේ නැත.. ඒ රන්ජන් ජනප්‍රියම නළුවා නිසාය.. මේ ගැන යම් පමණක් හෝ දැනුවත්කමක් ඇත්නම් ලියන්නට සිටින්නේ එකම එක පුද්ගලයකු පමණි.., ඒ සහන් කසීර වික්‍රමසිංහ පමණය.

එහෙත් වන් ෂොට් අපේ පොඩි මෑන්ගේ ප්‍රියතම නළුවා වන්නේය. ඔහු කුඩා කාළයේ ප්‍රියතම කළ චරිතය වූයේ.., සුපර්මෑන්, බැට්මෑන්, ආනෝල්ඩ් සුබසිංහ හෝ රැම්බෝ නොව අපේ වන් ෂොට්ය.. පොඩි එකාගේ වීරයා ඉබේම මාගේ ප්‍රියතම නළුවකු වන්නේ ඒ ආකාරයෙනි. ඉදින් ඒ නළුවා අද මෙසේ සිරගත වීම කනගාටුවකට කරුණකි. එහෙත් රන්ජන් රාමණායක නම් දේශපාලුවා කලේ ඉල්ලාගෙන කෑමකි.

රන්ජා ඊයේත් කෑ ගැසුවේ මම හොරකම් කරලා නෑ.. කුඩු විකුනලා නෑ… මේ ආන්ඩුව දූෂිත ආන්ඩුවක් කියලාය… එහෙත් රන්ජා මෙන්ම රන්ජන් වැනිම අනෙක් ගොන්ජලාද නොදන්නා කාරනය.., රන්ජන් ඇතුලට ගියේ ඒවාට නොවන බවය…

රන්ජන් හිරේ යන්නේ අධිකරණයට අපහාස කිරීමෙනි.. රන්ජන් සිඳුකල ප්‍රකාෂය ගැන අප මෙන්ම අති බහුතර පිරිසද.., ඔහු සමඟ එකඟ වූවද… එය ලංකාවේ නීතිය අනුව හිරේ විලංගුවේ යන ක්‍රියාවකි…

මේ පරිප්පුව මුලින්ම කෑවේ රන්ජන් නොව එස් බී දිසානායකය.. දෙදෙනාම මේ පරිප්පුව කෑවේ ඔළුව ඉඳිමුන නිසාය. බලය තියෙනා විට මොළය නෑ කියන්නේ නිකමට නෙවේය… මොවුන් දෙදෙනාම දේශපාලන බලය තුල හැසිරුනේ සර්ව බලධාරීන් ලෙසය.. ඒ ඔවුන්ගේ මෝඩ කම මිස වෙන කිසිවක් නොවේ… එස් බී අමාරුවේ වැටුන පසු ඔහු සමඟ උන් කිසිවකු ඔහු වෙනුවෙන් පෙනී නොසිටියේය.. දීප්තිමත් දේශපාලන අනාගතයක් තිබූ එස් බී අත පල්ලෙන් වැටුනු දේශපාලුවකු වන්නේ ඉන් පසුවය.. රන්ජන්ට අත් වන්නේද මේ ඉරණම මිස වෙන කිසිවක් නොවේ.. වසර හතක් දේශපාලනයෙන් ඉවත්ව සිට නැවත් චරිතයක් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේමය.

ඕනෑම රටක පුරවැසියකු කැමති හෝ අකමැති වේවා රටේ නීතියට ගරු කළ යුතුය. අපේ රටේ ජනතාව තබා නීතී සම්පාදනය සඳහා පාර්ලිමෙන්තු ගොස් සිටිනා උන්ද රටේ සාමාන්‍ය නීතියවත් නොදන්නා බව ඊයේ මනාව ඔප්පු උනේය. රටේ විපක්ෂ නායකයා ප්‍රකාෂ කර සිටියේ තම කළණ මිතුරා වෙනුවෙන් ගත හැකි සියළුම නීතී ක්‍රියා මාර්ගයන් තමන් විසින් ගන්නා බවය. එසේ නම් ඔහුට යන්නට වෙන්නේ ජාත්‍යන්තර අධිකරණයටය. මන්ද ලංකාවෙ මේ දඬුවමට එරෙහිව ගත හැකි වෙනත් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැති හෙයිනි.

රන්ජන්ට අත් වූ ඉරණම පිළිබඳ මාතලන් සිටිනා මතයේම සිට ඉතා පැහැදිලි කෙටි විශ්ලේෂණයක් කළේ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩය. අද පුබුදු ජයගොඩද එජාප හිතවාදී පිරිසගේ විවේචනයට බඳුන් වී අවසානය.

වන්ෂොට් රන්ජා වීම

රන්ජන් දේශපාලනයට එන්නේ වන්ෂොට් ලෙසය. වන්ෂොට් චිත්‍රපට මාලාවේදී ඔහු ඔවුන්ගේ හොර වංචා එලිකරයි… පාතාල සබඳතා එලි කරයි.. ඔවුන්ගේ බිස්නස් එලිකරයි.. අවසානයේ ඔහු ගූ හුලිජ්ජා පහවන තෙක් දේශපාලුවන්ට බැට දෙයි… පාර්ලිමේන්තුව ඔහුට එකම විහිළුවකි… මේ චිත්‍රපට වල රඟපානා සියල්ලන්ම රන්ජන් මෙන්ම ජෝකර්ලාය.. වැලේ වැල් නැතිව උන් එජාපය මේ සිනමා වීරයා දේශපාලනයට ගෙන එන්නේ රාජපක්ෂලාට ගැසීමටය…

2008 දී පමණ දේශපාලනයට එන රන්ජන් මුලින්ම තේරී පත් වන්නේ සබරගමුව පලාත් සභවටය ඉන් අනතුරුව 2010 දී පාර්ලිමේන්තුවට තේරී පත්වන රන්ජා…, රාජපක්ෂාලාට දිගට හරහට පහර දෙයි.. 2015 යහපාලන ආන්ඩුව පිහිටුවීමට වෙශේෂ දායකත්වයක් දක්වන රන්ජාට රනිල් විකෙමසිංහලා සලකන්නේ නැතිය.. අවසානයේ ඔහුට තනතුරක් ලබා දෙන්නේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන දිනයේ ඉල ඇට කූඩුවට ඇඟිලෙන්න ඇනගත් එකාය. (ඒ රන්ජන්ගේ හැටිය.. කලින් කීවක් මෙන්.., ඔහු කිසිම පුද්ගලයකුට ගරු කරන්නේ නැතිය.. කතානායක අමතන්නේ බජාර් භාෂාවෙනි… ලොක්කා කියාය..)

රන්ජා හීරෝ වීම

මේ යහපාලනයේ ප්‍රධානම කාර්ය බාරයක් වූයේ රාජපක්ෂලා විනාශ කිරීමය.. එයට රනිල්, රාජිත, චම්පික, මංගල මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකද පූර්ණ කාලින දායකත්වයක්, විශේෂ දීමනා හා වරප්‍රසාද සහිතව දැක්වූ බව අද වන විට ප්‍රසිද්ධ රහසකි.

සුමන්තිරන්ගේ හා ශානී අබේසේකරගේ තිර පිටපත් අනුව ඒ සඳහා ප්‍රධානම චරිතයක් ලබා දෙන්නේ ඒ වන විට වන් ෂොට් අතහැර “රන්ජා” ලෙස නමක් හදාගත් හිත හොඳ මෝඩයාය. දේශපාලනය බලයද සමඟ ගේමට බසිනා රන්ජා අමු ගොන්ජෙක් බව හෙලිවන්නේ ඔහු විසින්ම පටිගත කල හඬපට එලියට ආ දිනයේය.

අධිකරණයේ බලවන්තයින් වූ දිරුක්ෂි ඩයස් වික්‍රමසිංහලා, පදිමිනී රණවකලා දාසයයි මාසයේ කෑලී මෙන් ඇඹරෙන්නේ රන්ජාට තිබු බලය නිසාමය.. මෙහිදි එක් විනිසුරුවරයකු හමුවන්න යන්නේ, මහා වීරයකු හා ශුද්ධවන්ත චරිතයක් ලෙස පෙනී හුන් රන්ජන්ගේ මාමන්ඩිය වන කාලෝ ෆොන්සේකා සමඟ බව කිසිසේත් අමතක නොකල යුතු කරුණකි…

කේසේ හෝ මේ සියල්ලන්ගේම රෙදි ගලවා වැලේ වැනූ රන්ජා, ගොන්ජා වන්නේ අධිකරණය පවා තම අල්ලේ නැටවිය හැකි බව තේරුම් ගැනීමෙන් අනතුරුවය..

අධිකරනයේ ඉන්නා නීතීඥ්ඥයින් හා හා විනිසුරන් අන්ත දූෂිත හොරුන් කියා ප්‍රසිද්ධියේ කියන්නේ පුක චූන් වූ රන්ජාය… රන්ජන් ඉල්ලන් කෑ බව දන්නා සියල්ලෝම සෙමෙන් සෙමෙන් රන්ජන් මඟ අරින්නේ මෙතැන් සිටය… ඒ සිද්දියේ බරපතල කම් හොඳින් අවබෝධ කරගත් නිසාය..

රන්ජා ගොන්ජා වීම…

නීතීපති විසින් උපරිමාධිකරණයේ රන්ජන්ට එදිරිව අධිකරණයට අපහාස කිරීමට එදිරිව කේස් එක වැටෙන්නේ යහපාලන කාළයේමය ඒ 2017 දීය.. පරිප්පුව කෑ රන්ජන් වෙනුවෙන් කිසිවෙක් උසාවී ආවේ නැතිය.. ආවේ කාලෝ ෆොන්සේකා පමණය.. සියල්ලෝම රන්ජන් මග හැරියේය.. මුලින් උසාවියේදී “විනිසුරුවන්” ලෙස කීවේ වැරදීමකින් බව පිලිගත් ගොන්ජා.., උසාවියෙන් එලියට ඇවිත් නැවත නැවතත් කීවේ සියල්ලන්ම හොරුන් කියලාය.

කරුමය කියන්නේ වොයිස් කට් නොදී උසාවියෙන් රන්ජා එලියට ගෙනයාමටවත් සුමන්තිරන්ලා ආවේ නැති එකය… ඒ මෙහි බැරෑරුම් කම ඔවුන්ද දන්නා නිසාය..

ඒ නැතත් රන්ජා බුකියේ ලයිව් ඇවිත් ගොන්ජාගේ චරිතයට අපූරුවට පන පෙව්වේය.. හඬ පට හුට පටේ එන්නේ මේ අතරේය… රන්ජාගේ රෙදි ගැලවුනේ මේ කතාවෙන් පස්සේය.. රන්ජන් යනු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිසේත් සුදුසු නොවන අමු සල්ලාලයකු බව ඔප්පු උනේ මෙයින් අනතුරවය.. රන්ජන්ට නුගේගොඩ උසාවියේ නඩු වැටිනි… හිරේද ගියේය… නඩුව ඉදිරියට ඇදෙනා අතර එලියේ උන්නේ ඇප පිටය… සජිත් ප්‍රේමදාසද ඔහු මග හැරියේය.. එහෙත් හිරුනිකාට මෙන්ම රන්ජන්ටද නොමිනේෂන් ලැබිනි… හිරුනිකා පරිප්පුව කෑ අතර.. පිරිමියකු වීම හේතුවෙන් රන්ජන් ඇතුලට ආවේය…

මේ අවස්ථාවේ රන්ජන් වෙනුවෙන් සජිත් පවා කතා කරන්නේ විපක්ෂයට සාපයන් පිට සාපයන් පැමිණෙන නිසාවෙන් මිස, රන්ජන් කෑ පරිප්පුවේ තරම නොදන්නා නිසාවෙන් නොවේ.. අධිකරණය දුන් තීන්දුවක්.., දේශපාලන තීන්දුවක් ලෙස ඉස්මතු කරමින් රඟණා රංගනයට අප ඔවුන්ට අනුකම්පා කල යුතුය….

මක්කා කරත් පුබුදු ජයගොඩ සඳහන් කලාක් මෙන් මාතලන්ද රන්ජන්ට කියා සිටින්නේ… මේ වැටුන වලෙන් ගොඩ එන විට මනුස්සයකු වී එලියට පැමිනේවා කියලාය… මොකෝ ගොන්පාට් වලින් වීරයකු වෙන්නට ගොස් පුක බිම ඇනුන පසු එකෙක්වත් නැතිවන නිසාය..

ඉස්සර ලින්ටන් සේමගේ කියා නළුවෙකු උන්නේය… ඔහු සමාජයේ පහළම අඩියෙන් පැමිනි දක්ෂයකු විය… පොර ස්වර්ණා මල්ලවාඅරච්චි සම්ඟ “මී හරකා” නම් චිත්‍රපටයක මී හරකාගේ භූමිකාව නිරූපනය කලේය.. එහෙත්, ඉන් පසු ලද ජනප්‍රියත්වයෙන් ගොඩ ගිය ලින්ටන්.. අද ඉන්නේ බටහිර රටකය… මොළේ තියෙනා උන් රඟපාන්නේ එසේය..

චිත්‍රපට හා සැබෑ ජීවිතය කියන්නේ එකක් නොව දෙකකි.. සිනමාවේ දානා ගොන් පාට් සමාජයේ දාන්න යන්නේ අමු මෝඩයෝය.. වන්ෂොට් චරිතයෙන් රන්ජා චරිතයට ගිය රන්ජන් රාමනායක ගොන්ජා වී අමාරුවේ වැටුනේ ඒ නිසාය…

අනෙක් කරුන නම් තමන්ට බලය ලැබුන පසු රන්ජා බලයට ඒමට පෙර කියූ කෙරු කිසිවක් වෙනුවෙන් කල කිසි දෙයක් නැත… ඔහු බලය ඇති කාළයේ කම්බා හොරුන් වූ ඊ ඒ පී එදිරිසිංහ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ආරක්ෂා කළේය.. මහ බැංකු හොරුන් හා එක පතේ කෑවේය… මැද පෙරදිග කාන්තාවන් වෙනුවෙන් මෙලෝ අල බෝලයක් නොකලේය.. ඒ ගැන කතාවත් කලේ නැතිය.. හොරුන් කුඩු කාරයන් හා සමාගමය නොඅඩුවම කළේය.. තමන් රැවටුන බව නොදත් රන්ජා ගොන්ජා වී දඟ ගෙටම ගියේය…

I feel very sorry for you Ranjan…

Take Care..


ඒ වගත් මෙසේය…


Jan 10, 2021

හරීන් විනය තකා බිය වීම


මේ රටේ වඩාත් බලවත්ම මාධ්‍යය සමාජ මාධ්‍ය බවට පත් වීමට පෙර…, දේශපාලකයින් විවේචනයට බඳුන් වූයේ මුලින්ම වාමාංශික පක්ෂ විසින් පවත්වාගෙන යන පුවත් පත් මගිනි.. කලෙකින් ඒවා අභාවයට පත් වූ අතර.., ඒ මාධ්‍යවේදීන් විසින්ම විකල්ප පුවත් පත් සඟරා මෙන්ම ටැබ්ලොයිඩ් පුවත් පත් රැසක් එලිදක්වන ලදි.. මෙහිදි දේශපාලකයින් උසුළු විසුළු වලට වැඩියෙන්ම ලක් වූයේ කාටුන් ශිල්පීන් අතිනි..

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාළයේ තරම් එවන් පුවත් පත් බිහිවූ යුගයක් ඉන්පසු ආවේ නැතිය.. සමහර ටැබ්ලොයිඩ් පුවත් පත්.., ජනාධිපතිවරයා ඉතා සාහසික ලෙස විවේචනය කලේය.. පසු කාලීනව චන්ද්‍රිකා බලයට ගෙන ඒමට මුල් වූයේ මේ පිරිස්ය…

එහෙත් චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුණට යෑමට පටන් ගත් දිනයේ සිටම…, ඔවුන් නැවතත් චන්ද්‍රිකාගේ පෞද්ගලික ජීවිතය පවා අලලා අමු මඩ ගැසීමටද පටන් ගත්තේය. මොවුන් අතර ප්‍රවීන මාධ්‍යවේදීන්ද සිටීම ඉතාම කනගාටුවට කරුනකි..

එහෙත් මේ සියල්ල අභිබවා සමාජ මාධ්‍ය ඉදිරියට ඒමත් සමඟ…, සියළුම දේශපාලකයින් විහිළු බවට පත් විය.. වඩාත් හික්මීමක් ඇති පිරිස්.., උපහාසය මෙන්ම සෝපාහාසය රැගත් ඉතා සාර්ථක නිර්මාණ බිහිකල අතර. තවත් සම හරක් කිසිසේත් අනුමත කළ නොහැකි ඉතා සාහසික මඩ ගැසීම් වලට මෙන්ම ප්‍රොපගැන්ඩා වලටද ගියේය.

මෙසේ විවේචනයට ලක් වූවන් අතර මෛත්‍රිපාල සිරිසේන තරම් උසුළු විසිළු වලට අක් වූ අයෙක් නොමැති තරම් වේ.. මීට ප්‍රධානම හේතුව වූයේ ඔහු පොදු අපේක්ෂකයකු වීමයි.. ඒ හේතුවෙන් පක්ෂ විපක්ෂ දෙපිලේම විහිළුවලට ගැරහීම්වලට මෙන්ම මඩ ප්‍රහාරයන්ටද පාත්‍ර වීමට ඔහුට සිඳු උනේය..

මේ පුරුද්ද දිගටම පවත්වාගෙන යමින් වත්මන් ජනපති ඝෝඨාභයද…, එසේම උසුළු විසුළු වලට මෙන්ම සංවිධානාත්මක ප්‍රොපගැන්ඩා වලට ලක් වූ අතර.. ඒ සියල්ල ඔහු විඳ දරා ගන්නා බවක්ද පෙනෙන්නට තිබේ.

යහපාලන කාළයේ කීප විටක්ම විවිධ කරුණු ගෙන හැර දක්වමින් සමාජ මාධ්‍ය තහනම් කළද .., මේ ආන්ඩුව එවැනි පියවරයන්ට නොගිය අතර…, යහපාලන කාළයේ පැවති මාධ්‍ය නිදහස ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු පෙනේ… මාධ්‍ය වාරණය යනු ඕනෑම ආන්ඩුවක් විසින් ගන්නා ගොන් තකතීරූ තීරණයකි.. එම නිසා එහි ගෞරවය මෛත්‍රිපාල සිරිසේනට මෙන්ම ඝෝඨාභය රාජපක්ෂටද අප ලබා දිය යුතුය…

උහන ප්‍රදේශයේදී ජනාධිපතිවරයාගේ විවේච්නයට බඳුන් වන්නේ පාර්ලිමේන්තුවේ හැසිරීම මිස හරීන් ප්‍රනාන්දු මතු කල කාරනා නොවේ..

ජනාධිපතිවරයා විපක්ෂයේ කිසිවකු විවේච්නය නොකරනාවාක් මෙන්ම… (මෙය මහින්ද රාජපක්ෂගෙන් ලද පාඩමක් විය හැක..).. යහපාලනය කළ පලිගැනීමේ දේශපාලනයද නොකරනාතර…, ඒ හේතුවෙන්ම තමන් පත් කල පාක්ෂිකයාගේ විවේච්නයට බඳුන් වී අවසානය.. ඔවුන් ඉල්ලන්නේ ආරක්ෂක ලේඛම් ගෝඨාභයයි…

එමෙන්ම විපක්ෂයද බලාපොරොත්තු වූයේ එයයි.. එහෙත් ඒ සියල්ලන්ගේ බලාපොරොත්තු කුඩු වී යාම ජනාධිපතිවරයා විවේච්නයට මෙන්ම උසුළු විසුළු වලට ලක් වීමට ප්‍රධානම හේතුව වී තිබේ…

ඇත්තටම මෙය ඉච්ඡාභංගත්වයට පත් වී ඇති මානසික පීඩාවකි…

එහෙත් ලංකාවේ එතෙක් මෙතෙක් බලයට පත් වූ සියළුම නායකයින්ට වඩා… හික්මීමක් හා විනයක් සහිත ජනාධිපතිවරයා ලෙස ඝෝඨාභය රාජපක්ෂ නම් කිරීමට මාතලන් නම් දෙසරයක් සිතන්නේ නැත..

ඔහු විනයක් සහිත නායකයෙකි.. ඔහු විවේචනය කලේ හරීන්ගේ පාර්ලිමේන්තු කතාවේ ආමන්ත්‍රනයයි… පක්ෂ හෝ විපක්ෂ හෝ වේවා ඔහු රටේ ජනාධිපතිවරයා වෙයි… පාර්ලිමේන්තුවේ කතා කරද්දි නම් ගම් කියා කතා කරන්නේ නැත.. මන්ත්‍රිවරයකු ආමන්ත්‍රණය කරන්නේද “ගරු මන්ත්‍රිතුමා” යනුවෙනි..

තත්වය එසේ පවතිත්දී…, හරීන් ප්‍රනාන්දු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා ගැන සඳහන් කරද්දි කතා කරන්නේ නන්දසේන ලෙසය..

ඔහු රටම දන්නේ ඝෝඨාභය ලෙසය.. මෙසේ සඳහන් කරන්නේ සිරිසේන ජනාධිපතිවරයාට සමාන කිරීමයට.. මෙය සමාජ මාධ්‍ය තුලින් මතු වූ නිර්මාණයකි.. පාර්ලිමේන්තුව යනු ෆේස්බුක් එක නොවේ… එය ඉතා ගෞරවාන්විත තැනක් කියන්නේ එයට පත් වන පිරිසමය… එහි කෙතරම් අඩු පාඩු තිබුනද ජනතාව තුලද තවමත් ඇත්තේ ගෞරවයකි.. උදැසනම චන්ද පොලට ගොස් තම නියෝජිතයා විල මැද බංගලාවට යවන්නේ ඒ හේතුවෙනි…

ලොව කිස්ඳු රටක පාර්ලිමේන්තුවක මෙසේ අමතන්නේ නැත.. අම්බානක පිස්සු කෙල ගෙදර යාමට සිටිනා ඩොන්ලඩ් ට්‍රම්ප් විවේචනය කරන්නන් පවා.. අදටත් ඔහු විවේච්නය කරන්නේ “මිස්ටර් ප්‍රසිඩන්ට්” හෝ “ප්‍රසිඩන්ට් ට්‍රම්ප්” ලෙසය…

ජනාධිපතිවරයා මතු කලේ මේ කාරනයයි… අනෙක් පිළිතුර ලබා දුන්නේ තමාට ආරක්ෂක ලේඛම් චරිතයට පිවිසෙන්නැයි කියනා පක්ෂ විපක්ෂ දෙපිරසටමය.. මෙහිදි සංඝ සංස්ථාව විශේෂයෙන් ඉස්මතු කල බවද පැහැදීලිවම පෙනුනි…

හරීන්ලා පාර්ලිමේන්තුවේ කත කළේ වීරයෙකු පරිද්දෙනි… තමා කිසිවකුටත් බිය නැති බවත් ඔහු එහිදි කීප විටක්ම සඳහන් කළේය… එහෙත් පාර්ලිමේන්තුවේ විනීතව හැසිරෙන්නයි කියූ පමණින් ඔහු නතර වන්නේ ජිනීවා මානව හිමිකම් කමිටුවේය… ගානියා බැරිස්ටර් එක්ක ජීනීවා යන්න බැරි උන එකේ.., මේකෙන්වත් ජීනීවා වල රවුමක් ගසා ඒමට සියල්ලෝම එක පෙලට පෙල ගැසී සිටිනා බව පෙනේ…

මෙහිදි ඩලස් අලහප්පෙරුම කල කතාවද ඝෝඨාට එරෙහිව කළ කතාවක් බවට පත් කිරීමට ප්‍රොපගැන්ඩා මාෆියාව මහත් උත්සාහයක් දරමින් සිටුනු පෙනේ… ඔහු කීවේ “ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බවයි”…

ඩලස් මතු කරන්නේද ජනාධිපති ඝෝඨා කියූ කරුනම මිස වෙන කිසිවක් නොවේ…

හරීන්ගේ පඩත්තල විවේචන හා සාපයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (පණ නැති කතානායකයකු පත් වීම මීට ප්‍රධානම හේතුවයි.. ජනාධිපතිවරයාට නිසි ලෙස ආමන්ත්‍රණය කරනා ලෙස ඔහුට නියෝග කළ හැක..) .., ඊට පිළිතුරු දුන් පසු ඒ විවේච්නය දරා ගන්නට නොහැකිව ජිනීවා දුවන්නේ…, විනයක් නැති හරීන්ලා වාගේ බය ගුල්ලන් මිස වෙනින් කිසිවකු නොවේ…


ඒ වගත් මෙසේය….


Jan 6, 2021

දේශපාලකයින් නොමැතිව කල හැකි දේශපාලනයක් නැත..


ආන්ඩුවේ සම හරක් ක්‍රියාමාර්ගයන්ට එදිරිව ආන්ඩුවේම පිරිස් විරුද්ධව නැගී සිටීනා බවක් පෙනෙන්නේය…. ඊට හේතුවන කරුණු කාරනා රාශියක් තිබුනද.. ප්‍රධානම හේතුව වී ඇත්තේ, ඔවුන් පයිසයකටවත් මායිම් නොකර.., රාජ්‍ය නිළධාරීන් හා හමුදාව සමඟ ගමනක් යන බව පැහැදිලිවම පෙනෙන්නට තිබීමය..

ජනාධිපති තුමා රාජ්‍ය නිළධාරින් වෙනුවෙන් පෙනී සිටිනා බවත්, ඒ නිසා නිවැරදි තීන්දූ තීරණ ගැනීමට බිය විය යුතු නැති බවටත් කීප වරක්ම කීවද, රාජ්‍ය නිළධාරියා කට වච්නයට ක්‍රියා කරන්නේ නැතිය… ඒ ඔවුන් පුරුදු පුහුණු කර ඇති සාම්ප්‍රදායයි.. අනෙක ආන්ඩු වෙනස් වූ පසු කන්නට වෙන පරිප්පුවයි… වඩාත් සුදුසුම ක්‍රමය නම්.., තීන්දූ තීරණ විගසින් කියාත්මක කිරීම සඳහා තාක්ෂණික ක්‍රමයන් උපයෝග කර ගැනීම හා බලය විමධ්‍යගත කිරීමයි..

අලුතින් පත් කල හමුදා නිළධාරින්ට හෝ මේ බලතල ලබා දිය යුතුය.. මන්ද ප්‍රාදේශීය ලේඛම් වරුන් යනු සාම්ප්‍රදායික ගෝත්‍රික පිරිසක්ම වන නිසාය..

වසරක් ගතවීත් ලබාගත් ප්‍රගතිය ගැන සෑහීමකට පත් වන්නට නොහැකි බව කියන්නේ අප නොව ජනාධිපති තුමාමය…

එයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ නොසලකාහැරීම් (එසේ වී යැයි සිතනා) මත කළකිරුන දේශපාලන භූමිකාවන්.., සංවර්ධන ක්‍රියාවලියෙන් ඈත් වීමයි.. ඔවුන්ගෙන් තොර සංවර්ධන ක්‍රියාවලියක් කිසිසේත් කළ නොහැකිය…

ආන්ඩුවක් බලයට පත් කරන්නේ ප්‍රාදේශීය දේශපාලකයාගේ සිට දේශපාලනයේ නියුතු පිරිසය… ඇත්තටම මොවුන් ඕනෑම පක්ෂයක් දේශපාලන් හෙංචයියන් ලෙස හැඳින් වුවද අවුලක් නැත්තේය.. එහෙත් නාම යෝජනා දීමේදි සිඳුවන අසාධාරනයන් හේතුවෙන් (වෙනත් පක්ෂවලට කෝටා දීමට යෑමෙන්) මෙයින් පිරිසක් මුලින්ම කලකිරීමට පත්වේ..

ඉන්පසු අපේක්ෂකත්වයට ඉදිරිපත්වී සබ්බ සකලමනාවටම කෙලගන්නා උන් පිරිසකි…

ප්‍රාදෙශීය සභාවට, නගර සභාවට, පලාත් සභාවට, පාර්ලිමේන්තුවට පත් වුවත්.. සභාපතිකන්.., මහ ඇමතිකන්… කැබිනට් ඇමතිකන්… නියෝජ්ජ රාජ්ජ ඇමතිකන්…, නොලැබුනු තවත් පිරිසකි…. කැබිනට් ඇමතිකම් ලැබුනත් කිරීමට ලබ්බක් නැතිව කලකීරීමට පත් තවත් පිරිසකි….

නුමුත්මේ සියලු පිරිස් සක්‍රීයව දේශපලනයට සම්බන්ධ කර ගත් යුගයක්ද වූ බව අප මෙතනදී මතක් කර දිය යුතුව තියෙනවාය… කොතරම් බලතල දුන්නාද යත්… සම හරක් එකසිය ගානට පිස්සු කෙලිය අතර… සම හරක් මිනිමරා.. සුද්දියෝද රේප් කලේය….

අඩු පාඩු තිබුනත්… වංචා දූෂණ කොතෙක් සිඳු වුවත්… අදටත් දේශපාලනයේ මහා වෘක්ෂයක් සේ වැජඹෙන ඒ පුද්ගලයා වෙන කවුරුත් නොව මහින්ද රාජපක්ෂය… ඝෝඨාභය ඔය පුටුවේ තැබුවේ වෙනින් කවුරුත් නොව ඒ පිරිසය…. උන් මහින්ද කිසිදා හැර ගියේ නැත… හැර ගිය උන්ට මෙලෝ වශයෙන්ම පඩිසන් දුන්නේය….

ඒ.., ජේ ආර්ගේ ක්‍රමයයි… රණසිංහ ප්‍රේමදාසද මේ ක්‍රමයම අනුගමනය කලත්.., උන්නැහේට වැඩි කල් රජකම කොරන්න හම්බ උනේ නැතිය… උන්නැහේ බලයට එන විට පැවති ත්‍රස්තවාදය කුඩු පට්ටම් කර දැමුවේ මේ ඔවුන් ගොඩ නගා ගත් මේ යාන්ත්‍රනය හේතුවෙනි…

එහෙත් බලයට පත් වූ පසු මේ පිරිස් අමතක කල නායකයෝ දෙදෙනෙක්ද වූහ… ඒ චන්ද්‍රිකා හා රනිල් වික්‍රමසිංහයි…

චන්ද්‍රිකා තම ගජ මිතුරන් පිරිසක් හා විස්කි බිබි කාමසුඛල්ලිකානූ ජීවිතයක් ගත කලාතර… රනිල් සියල්ලන්ම පයිසයකට මායිම් නොකර.., කාමසුඛල්ලිකානූ ජීවිතයක් ගත කළේය…. දෙදෙනාටම මෙන්ම දෙදෙනාගේ පක්ෂ දෙකටද අත් වූ ඉරණම ඕන ගොනෙක් දන්නා කරුනකි…

දැන් දැන් මේ පිරිස් හා එක්විය යුතු බව ජනාධිපතිතුමාට වැටහී තිබීම සතුටට කාරනයක්ය… ජනවාරි පළමුවන්දා පැවති සුහඳ හමුවද.. නාමල් ප්‍රමුඛ නවක මන්ත්‍රීන් හා පැවති හමුවද ඉතා හොඳ මෙන්ම නිවැරදි තීරණයන්ය…

ඝෝඨා දෙශපාලකයෙක් නොවූවද.., දේශපලනය යනු ජනතාව හා කරනා ගණුදෙණුවක් හේතුවෙන්ම.., ජනතා නියෝජිතයන්ගෙන් තොර පැවත්මක් කිසිසේත් සාර්ථක වන්නේ නැත…

විය යුත්තේ දේශපාලකයන්, නිළධාරින් හා හමුදාව (ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක් තුල අනුමත කළ හැකි නොවූවත්) සමඟ.., සමගියෙන් හා සහයෝගයෙන් රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමය…

එහිදි වත්මනෙහි පවතින මූලිඛ ප්‍රශ්ණ දෙකක් වන.., අධික ජීවන වියදම හා විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට මුල් තැනක් හා කඩිනම් විසඳුමක් ලබා දිය යුතුමය…

තවත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් වනවාද ජේ ආර් හෝ මහින්ද කෙනෙක් වනවාද යන තීරණය ඇත්තේ… ජනාධිපති තුමා සතුවය…

මන්ද…, 20 වන සංශෝධනයට අනුව එතුමා සියල්ලන්ටම ඉහළින් ඉන්නා සර්ව බලධාරියා නිසාමය…


ඒ වගත් මෙසේය……..


Jan 4, 2021

පොල් උල හන්දිය

 


මේ කතන්දරේ මේ දවස්වලම ලිව්වේ නැත්නම් වැඩකුත් නෑ.... කතන්දරේ කිව්වේ හමුදාවේ එකෙක්... ඒ නිසා පැත්ත පලාතවත් කියනෙක හරි නෑ නේ....

අනික පොර තවත් ආන්දෝලනාත්මක කතාවක් කිව්වා... ඒක නම් බොහෝම කනගාටුවට කරුනක්.... මේක කියවන උන් සමහරක් නොදන්නවත් ඇති මේ රටේ අති දරුණු යුද්ධයක් තිබ්බය... මායිම් ගම්මාන කියලා ගම් ප්‍රදේශ තිබ්බය කියලවත්... ඒක ඉතින් හිංගලයගෙ ජානවල අවුලක්... අපේ උන්ට මතකේ තියෙන්නේ සති දෙකයි කියලා... ඒ යුද්ධයේ එක පැත්තක නායකයා වෙච්චි... සම හරක්ට ප්‍රභාකරන් මහත්තයා වෙච්චි නායකයත් සහතිකයක් දුන්නා නේ...

බුවා කියන විදියට ඔය සමහරක් සිංහල ගම්මානවලට ගහලා තියෙන්නේ පිරිස් තෝරලා... ඒ කියන්නේ හින්ගල මුනියගෙම ගේම්... මේ දේ 88/89 ජේවීපී කාලෙත් උනා.. ගෝනි බිල්ලා ගේමෙදි වගේම හමුදාවට පොලීසියට ඔත්තු දීමෙදිත්.... තමන්ගේ තරහා කාරයෝ... වෙනත් කුල වල උන්ට හින්ගල මුනියම ගේම දුන්නා... ඒ අතිනුත් අපි මාර ශ්‍රේෂ්ඨ ජාතියක්....

ඕවා වැඩක් නෑ... දැන් කතාවට එමුකෝ... අපේ බුවා හිටපු පැත්තේ මායිම් ගම්මානෙක ග්‍රාමාරක්ෂක මහත්තුරු 40 ක ඉතර සෙට් එකක් පොරගේ යටතේ ඉඳලා තියෙනවා... සෙට්ටෙක හරියට ඩියුටි කරනවද නැද්ද කියලා හොයන්නේ ආමි එකෙන්.. 

ඒත් හැම දාම ඉන්ස්පැක්සොන් යනකොට එකෙක් මිසින්ලු.... පස්සෙ හොයලා බැලුවාම මූ ග්‍රාමරක්ෂක පාට් දාලා එක්තරා හන්දියක වැන්දපු බවලතෙක්ගේ ගෙදරට රිංගනවලු...

ඔය සැක්ස් කොරද්දි එක එක පොසිසොන් හැට කෝටියක් ඉතර තියෙනවා නේ ආයිබන්ඩ.... ඉතින් අර බවලත් උන්දැ කැමති අස්සයා ගෝං ටික් ටික් යන වැඩේ හෙවත් පොල් ලෙලි ගහන පොසිසොන් එකටලු...

අපේ බුවාට ඔත්තුව දීලා තියෙන්නේ පොරගේ බඩී... ඉතින් බුවත් කීප දවසක්ම මේක සජීවීව නරඹලා අහක්කවෙලා... අරූට පනිෂ්මන්ට් එකක් දීලා...

ඔය සබ්ජෙක්ට් එකේදී හමුදාවේ විනය අරවා මේවා අදාල නෑ නේ... අපේ උපන් ගති ඔය මේ දවස්වල බුකිය පුරා යනවා වගේම හොඳින් ඉස්මතු වෙනවා... අනේ අපිත් මෙව්වට මනාපයි නේද... ඔව්වා ඉතින් සාමාන්නිය දේ නේද කියලා හිතන්නේ නෑ... 

කොහොම හරි පනිෂ්මන්ට් දෙන්න කලින්... අර යකා අස්ස ගුඩුං පදින වෙලාවේ ඒ ස්ථානයට ගල් ප්‍රහාරයකුත් එල්ල කරලා... මුන් මී හරක් නේ ආයිබන්ඩ.... පෝලිමේ වන්දනාවේ යනවා මිසක්ක... ළිං වහලා දාලා ටැප්පෙකෙන් බොන්නේ පිස්සුවටෑ ආයිබන්ඩ.... එව්වා මතක් වෙන්නේ පස්සේ...

කොහොම හරි හමුදාවේ උන් ඊට පස්සේ අර ගේ තියෙන හංදියට කියන්නේ "පොල් උල හන්දිය" කියලලු...

ඒ උගේ ගතාව... මේ මගේ කතාව...

අපරාදේ කියන්නේ යුද්දේ නිසා වැන්දබු වෙච්චි කාන්තාවෝ අපේ හමුදාවේ මහත්තුරු ඉතා හොඳින් බලාගත්තා... මානුෂික හමුදාවක් නේ ආයිබන්ඩ.... ඒ ගැන ටෙලි නාට්ටි වගේම බයිස්කෝප් පවා හැදුනා...

මම ඉස්සර පොලොන්නරුවේ බ්‍රාන්ච් විසිට් යන කාලේ... අපේ මැනේජර් පොරක්ගේ ගෙවල් ගාවත් උන්නා මේ වගේම වැන්දබුවක්... බොහෝම ලස්සනයි... වැඩේ කියන්නේ එයැයිගෙ හමුදාවේ උන්න ස්වාමියා මලායින් පස්සෙත් ලස්සන බෝල ගෙඩි වගේ කොලු පැටව් දෙන්නේක් උන්නා...

ගමේ උන් අර බෝල දෙකට නම් දාලා තිබ්බේ... එකෙක් බ්‍රෙගේඩියර්... අනිකා කැප්ටන්....

Jan 1, 2021

නාමල් රාජපක්ෂගෙන් කරනා ඉල්ලීමක්…

 


කොරෝනා මළ හත්තිලව්ව ගැනම කියන නිසා රූප පෙට්ටිය බලන්නවත් හිතෙන්නේ නෑ… බැලුවොත් බලන්නේ ඉස්පෝට් චැනල් එකක්.. නැහ්නන් සුද්දන්නේ සත්තු වත්ත හෙවත් “ඇනිමල් ප්ලැනට්”…. එහෙම නැත්නම් සුද්දෝ සුද්දියෝ උයන ඉවුම් පිහුම්. නැහ්නන් සුද්දන්ගේ හරි ජපනුන්ගෙ නිව්ස් චැනල් එකක්…

ඒ අස්සේ එහෙන් මෙහෙන් කරකවාගෙන යද්දි… අපූරූ සංගීත වැඩසටහන්ක් දැක්කා “පවුලේ නාලිකාව” හෙවත් නයි ටී ඇන් එකේ… වැඩ සටහන යන අතරේම මේක ලියලා දාන්න හිතුනා… පුලුවන්නම් හොයාගෙන බලන්න උදේ 11 ට ගියපු “ශනිදා සාදය”… අපූරූ සින්දු ගොන්නක්…. ඉදිරිපත් කලේ “ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායම…

මේක දැක්ක ගම හිත දිවගියේ අතීතයට… රූපවාහිනී ආපු දවස්වල ජාතික එකෙයි… ස්වාධීනෙයි… මේ තරුණ සේවා සභාව යටතෙ රන් වෙච්චි බෙල්වුඩ් රූපවාහිණී ගම්මානය කියන එකේ තිබුන සංස්කෘතික අංශයෙන්… ඉදිරිපත් කල වැඩ සටහන් බොහෝමයක් තිබුනා… මට මතක විදියට ඔවුන්ටම වෙන්වූ වැඩ සටහනුත් පෙන්නුවා…

එතකොට රට පාලනය කලේ ජේ ආර් උන්නැහේ … එයැයි මේක බාර දුන්නා රනිල් වික්‍රමසිංහට… රනිල් මේක බාර දුන්නා චරිත රත්වත්තෙට…

ඒ නිසා මේ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන් යන්න ඕන චරිත රත්වත්තෙට…. මොකද රනිල් වික්‍රමසිංහගේ කාලයේම 2017 වගේ ඕය සුන්ද්‍ර ස්ථානය කඩලා කුඩු පට්ටම් කරලා දැම්මෙත් රනිල් වික්‍රමසිංහලගෙ පාලනයකින්….

ඔතනින් අති දක්ෂ ගායන… වාදන… නර්තන වගේම රූපවාහිනී ක්ෂේශ්ත්‍රයේ සෑම අංශයකම දක්ෂයින් රාශියක් බිහි වුනා…

ගායන තරු රාශියක් බිහි කිරීමේ ගෞරවය යන්න ශර්ලි වෛජයන්තටයි…නිහාල් ගම්හේවටයි…. නර්තන අංශයේ ගෞරවය යන්න ඕන කුලසිරි බුදවත්තට…

බිහි වූ ගායක ගායිකාවන් අතර… ඉදිරියෙන්ම ඉන්නේ චන්ද්‍රලේඛා හා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි… ඊට අමතරව සෝමසිරි මැදගෙදර…, විජේබන්ඩාර වැලිතුඩුව…, චන්දන ලියනාරච්චි… ප්‍රින්ස් උදය ප්‍රියන්ත වගේම නාමල් උඩුගමත් මේ ආයතයේ සාඩම්බර සොයාගැනීම්….

ඔය චන්ද්‍රලේඛලාගේ කාලේ උන්න සැට් එකම කියන “ගැල් පුරවාගෙන … හනි හනි හනිකට… කියන ගීයට මාතලන් පට්ට මනාපයි….





නමුත් මොකක් හෝ කරුමයකට ඔය වැඩේ නැවතිලාම ගියා… එවන් තත්වයක අද ස්වාධීන රූපවාහිනිය කල මේ වැඩේ දැක්කාම නාමල් රාජපක්ෂ ඇමති තුමාගෙන් මේ ඉල්ලීම කරන්නම හිතුනා….

තරුණ සේවා සභාවට එන්නේ රටේ අවම වරප්‍රසාද ලත් පන්තියක දරු දැරියෝ… යමක් කමක් තියෙන…. ක්ෂේශ්ත්‍රයේ සම්බන්දතා තියෙන දරුවෝ නෙමෙයි…

කලා මාෆියාව…

අද කලා ක්ෂේස්ත්‍රයම ගිලගෙන ඉන්නේ මාෆියාවක්… සාමාන්‍ය පන්තියේ ගායක ගායිකාවකට නෙමෙයි… ගීත රචකයකුටවත් ඉදිරියට එන්න බෑ… හැම දේම මුදලට හා මාෆියාවට යටයි… රූපවාහිනි චැනල් වගේම… රේඩියෝ චැනල් වල ඉන්න උන්… මේවට අරක්ගත් යක්කු වගේ… උන්ට දොළ පිදේනී මෙන්ම ස්ත්‍රී මාංශ නොදී කිසිම දෙයක් කර ගන්න බෑ….

එවන් තත්වයක මේ දරුවන්ට ස්වාධීන රූපවාහිනියේ හා රූපවාහිනි සංස්ථාවේ මෙන්ම ආන්ඩුවේ රේඩියෝ චනල් වලත් වැඩ සටහන් ලබා දෙන්න පුලුවන්… ආන්ඩුවේ උත්සව සඳහා මේ දරුවන්ට අවස්ථාව දෙන්න පුලුවන්….

මේ දරුවන් අතරෙත් චන්ද්‍රලේඛලා… චන්ද්‍රසේන හෙට්ටිආරච්චිලා අනන්තවත් ඇති….

මේක නාමල් රාජපක්ෂට සුළු දෙයක්… ඒ වගේම කාර්මික අංශය උනත් ජර්මන් ටෙක් සහතිකය මට්ටමට ගේන එකත් සුළු දෙයක්….

ඒත් කලා ක්ෂේශ්ත්‍රයේ විශාල පිම්මක්….

නාමල් ජනාධිපති කමට ඉල්ලන කොට මේකෙන් ආපු කොල්ලෝ කෙල්ලෝ ප්‍රොෆෙෂන්ල් පොරවල් වෙලා ඒ වේදිකාවේ ගීත ගායනා කරන කොට… මියුසික් දෙන කොට.... 

කාටද ආඩම්බර….!!!!